ඔහෙන් මෙහෙන් කාලෙ ගත උනේ මාරම හිමින් අප්පා.. ඒත් රෑට එහා පැත්ත හැරිලා මෙහා පැත්ත හැරෙනවා විතරයි මතක උදේ වෙලා... මං අව්රුදු දෙකකට තමා මෙහෙ වැඩට ආවෙ. ඒ දෙක ඉවර වෙලා මගෙ මව් රටට චී ලංකාවට යනවා තව සති තුනකින්...
හම්මේ්්්්්්්් සූරපප්පව බලපු කාලයක් මතක නෑ. ජින් පප්පනම් හැමදාම දකිනෝ. එයා තමා මගෙ වෝල්පේපර් එකට ඉන්නෙ. ඊටත් වඩා මට මහ දොලදුකක් තියෙනෝ පොලොස් මාළුවක් කන්න. පොලොස් කිව්වොත් ආයෙ මලයව විකුනලා හරි ගන්න ඕනෙ.. අම්මට කෝල් කරලා කියන්න ඕනෙ මං එද්දි පොලොස් මාළුවක් හදලා තියන්න කියලා.
මලයනම් බනිනෝ ඒකා එනකම් හිටු කියලා. බෑනෙ පුතී... පුතී තා මාස හයක් ඉන්න ඕනෙ මට බෑනේ පුතේ එච්චර කල් ඉන්න..
ඒත් මෙතන තියෙන ලොකුම පස්නෙ යන්න කලින් මගෙ වැඩ ටික ඉවර කරන්න ඕනෙ. වෙන එකෙක්ගෙ භාග වැඩත් ඉවර කරන්න උනේ කොහෙවත් යන අසරණ මට.. කාට කියන්නද මේ අසාධාරණේ.. ලංකාවට ගිය ගමන් දාන්න ඕනෙ මානව හිමිකම් නඩුවක්.
සප්තලම් කොච්චර හොදද කියනවනම් කම්ප්ලීට් නැති ෆයිල් ගැන මට කිව්වෙ අන්තිමේ මොහොත. තත්පරේකට සප්තලම්ගෙ අව්රුද්දට වලකජු ගහන්න ගිහිං වලකජ්ජ ම ගහපු ආච්චිවත් ඒ මොහොතෙ යන්තම් මතක් උනා..
කොහොමහරි රෑ දවල් මැරීගෙන සතියක් ඇතුලත ෆයිල් ටිකේ අඩුපාඩු ඔක්කොම හදද්දි මට මතක් උනේ ඉස්කෝලෙ කාලෙ ඩික්ටේෂන් වැරදි දහය ගානෙ හදපු හැටි.. සතිය ඇතුලතනම් මං ඇදිල ගියෙ බලාගෙන ඉද්දි. අර චාලි ඇන්ඩ් ද චොකලට් පැක්ටරියෙ අර කොල්ලව අදින්නෙ ආං ඒ විදියට මාවත් ඇදිලම ගියා. මේ වැඩ ටික ඉවර කරපු ගමන් සප්තලම්ගෙ කාඩ් එකට වැඩේ දෙන්නම මොනා හරි ආමාශ ගත කරගන්න ඕනෙ.
අපේ උඩැක්කි නම්කිනම් මං යනවට පට්ට ආසාවෙන හිටියේ... පුදුමයි මේකි මාත් එක්ක හිනා වෙවී කතා කරනවා. පුහ් මං අහුවෙයි ඕවට. යන්න කලින් සප්තලම්ට වර්නින් දීලා යන්න ඕනෙ.. නැත්තම් මේකව ලංකාවට ගෙන්න ගන්න කලින් උඩැක්කි නම්කි මේකට මොනා හරි කරොත් යකුනේ අමාරුවෙන් සෙට් කරගත්ත මටනෙ පාඩුව.
මොකක් හරි,
ඒ වැඩ ටික ඉවර කරලා අස්වීමේ සහතිකෙත් දුන්නෙනම් මං හිතකින් නෙමෙයි. සප්තලම් අදිමදි කරකරම දුන්නා. තව සති දෙකකින් ලංකාවට ගියෙ නැත්තම් අම්මා හොර පාරෙන් මෙහෙ ඇවිත් මාව බාබකිව් කරයි.. අම්බො මතක් වෙද්දිත් බයයි.
කම්පැනි එකෙනුත් අස් උනාට පස්සෙ මායි සප්තලනුයි ඉතුරු සති දෙකම කරේ රස්තියාදු ගහපු එක..
අපි ගේම් ගැහුවාාා... හැබැයි ඔට්ටුවට... මං තමා දින්නෙ අර අසරණයා බංකොලොත් උනා... සොරි සප්තලම් අපේ මලයට තියා මේවා කියලා දුන්න මා ඩඩාටවත් මා එක්ක හැප්පිලා දිනන්න බැහ්.. ඒක කරන්න බැරි වැඩක් නෙමෙයි... කරන්න අමාරු වැඩක්. ගැම්මක්
සූට්කේස් ටික අදිද්දි හම්බුනේ බූරු කුට්ටමක්... ගහන්න එකෙක් නැතිව වේලි වේලි ඉදලා බූරු කුට්ටමට උණ වගේ... සප්තලම්ටත් කියලා දීලා බූරු ගහලා ඒකෙනුත් කීයක් හරි හොයාගන්න පුලුවන් උනා.. මෙහෙම ගියොත් සප්තලම් හිගන්නෙක් වෙලා මං කෝටිපතියෙක් වෙයි.. කෝටිපතියෙක් උනාට පස්සෙ මං ඒ ඔක්කොටම කනවා. ඊට පස්සෙ ඩබල එක්කම මුරුසියට ගිහිං මාළු ලෑල්ලක් දාගන්නො කෝමද මොලේ.. මේවා ඉතිං අනුරපුරේ මොල ගෙඩි..
හරි හරි ඕනෙ කෙහෙම්මලක්.. ඒත් මට තියෙන ලොකුම වදේ අමාරුවෙන් කාලා කාලා හදාගත්ත ඇග මේකා බදාගෙනම නැති කරන්න හදන්නෙ... ඇදිලම ගිහිං ඉදලා යන්තම් පණ ගහලා ආව විතරයි.. මේකා කූඩැල්ලා වගේ ඇගේමයි.. කාට කියන්නද ඉතිං.. එලවන්නත් බෑ.. වෙන එවුන් කෙට්ටු වෙන්නෙ බැන්දට පස්සෙ මං කෙට්ටු වෙන්නෙ බදින්නත් කලින් මේකා මාව බදාගෙනම ඉදලා...
අපි බූරු ගැහුවා.... නම්සන් කුලුනෙ ඉදං ඈැැත කදු දිහා බලං හිටියා මං කෙසේ වෙතත් සප්තලම්නම් ශිවංගි වගේ වෙලිලා හිටියේ... හන් ගග ඉවුරෙ අත් අල්ලං ඇවිද්දා.... බීච් ගියා.. මාර ජොලි වැඩේ... ඒකත් ඉතිං...
නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නම්...
මත් වෙනෝ කියලා මෙහෙමත් මත් වෙලා නෑ ජීවිතේට... මොකද මං සුරාපානය කරලා නෑ අම්මපා.. උදේ දවල් පන්සිල් ගත්ත මාව මේකා නරක් කරේ බලං ඉද්දි.. කාට කියන්නද මේවා...
"සුදු පාට මීදුම් ගලාලා.................. අර පේනෙ කන්දෙ හැපීලා............. සිරියමේ සාරා ඒවි හද මෝරා..... හන්තානට පායන හද........ලස්සනයිද කියන්න..... මා නොදකින ඒ පුරහද නුබට හැකිය දකින්න... කන්ද මුදුනට මුදුනට මුදුනට... ඒවි හද පායලා.......... සීත මෝසම් ගීත නාදම් චංචලයි ලොව දැන්නම් හද සංසුන් හිත සුන්බුන් ඕ..."
සොරි සොරි.... ටිකක් වැඩි උනා.... ස...සප්තලම් මට කිව්වෙ නෑ..... ඒ තියෙන්නෙ සුරාමේරය කියලා බලන්නකො.... නරක.... සමනලයා...අහිංසක මලක් වගේ මං හිතුවෙම ඒ තියෙන්නෙ වතුර කියලා.. බොද්දි අමුතු රහක්නම් ආවා...... හැබෛ මං හිතුවෙ එහෙ වගේ මෙහෙ වතුරත් කිව්ලයි කියලා.... ඒත් ඒවා පට්ට රහ නිසා බෝතල් හතරක්ම බිව්වා.. සප්තලම් නම් වීදුරු දෙකට වඩා බිව්වෙ නෑ..
මගෙ අලංකෘත ගීත නාදය වටේ පිටේ උන්න මොංගොලයිඩ් ප්‍රජාව අහං හිටියෙ කුල්මත් වෙලා... වල්මත්...ආා නෑනෑ සොරි... කුල්මත් වෙලා විතරයි... ඒ දිහා බලං උන්නෙ වදවීගෙන යන පිරිමි සත්ත්වයෙක් නැති සුදු හිපපොටේමස් කෙනෙක් දිහා බලං ඉන්නවා වගේ..
"බබා අපි යං..."
මොකාද ඩෝ බබා කියන්නෙ.. මට වයස විසි අටක් ඈ.. එන්න එපා නිකං බබා හුබා කියාගෙන. ගහප් ඔලුකට්ට කුඩු වෙන්නම..
මං බෑම කියද්දි සප්තලම් මාවත් උස්සන්ම කාර් එකට නැග්ගා..
"ඉර බැස යන සැන්දෑවේ........... හද.. මුකුලු වෙලා මල් පූදින උදෑසනේ..... ලා... කිරණ වැටී.. හිත චංචල වෙන යාමේ.. ඕඕ."
"ඔය කට වහගන්නකො"
"ම..මගෙ කට වහන්න.. තව බැදලත් නෑ.. එනවා මයෙ කට වහන්න. ෂට් අප් යුවර් පූස් කට..ඇන්ඩ් ඩ්‍රයිව් දිස් රෝද හතර."
මං ෆුල් ස්ත්‍රී ශක්තිය අරං කියද්දි මේකා හිනාවුනා... අර කට කොනෙන් හිනා වෙන අසික්කිත හිනාව. ඕක අපේ මලයා මට මොකක් හරි මරාලයක් දාද්දිත් දානෝ වගේ මට මතකයි.. මොකක්ද දන්නෙ මුගෙ ඔලුව අස්සෙ කැරකෙන කැත හිතුවිල්ල.
"චේතනාවන් භික්කවේ කම්මන් වදාමි."
"මොකක්??"
"කර්මය සදහා චේතනාව මූලික වේ."
මට මතක අට වසරෙ ඔහොම පාඩමක් තිබ්බා මට නම මතක නෑ හැබෛ.. ඒත් ඔය වාක්‍ය ඒකෙත් තිබ්බා.. මොනා උනත් සප්තලම්ගෙ හිතේ තියෙන්නෙ අකුසල චේතනාවක් හිංද මං සිංහලෙන්ම කිව්වා.. මං දන්නෙ නෑ ඒක කොරියන් වලින් කොහොමද කියන්නෙ කියලා.
වේ කලිමූ වනාතචේ හාදස යමර්ක කියලද දන්නෙ නෑ කොරියන් වලින් ඒක කියන්නෙ.
"වේ කලිමූ වනාතචේ හාදස යමර්ක "
ඒ පාරනම් පොර මං දිහා දැම්ම බැල්මට් එකනම් හෙන අමුතුයි.. නිකං වදවුන යන මෙගොලඩන් කෙනෙක් දිහා බලනවා වගේ එකක්.
"ඇයි???"
"නෑ මුකුත් නෑ.."
ඒපාර මුකුත් නෑලූ.. මට මතක එච්චරයි... උදේ නැගිටිද්දි ඔලුවට දහදෙනෙක් දොලොස්දෙනෙක් ගැහඅවා වගේ අප්පා.. මෙහෙ සිද්දාලේප වෙද මහතාවත් නෑනේ.
ඔලුවනම් කමක් නෑ.. බුල්ඩෝසරේකට අහුවෙලා වගේ මාව චප්ප වෙලා.... පූසා මාවත් චප්ප කරං කුනු කෙල පෙර පෙර බුදි.. අහෝ මගෙ ජීවිතේ අවසන පූසෙක්ට කොට්ටයක් වීමට සිදු වීය...
නිමි.
පොරගෙ කකුල් දෙකම මගෙ ඇග උඩ.. ඒ මදිවට අත් දෙකෙන් මාව වෙලාගෙන පිඹුරෙක් වගේ.. පිඹුරෙක්ට අහුවුනානම් හොදයි තව..
"මේ... නැගිටින්නකො."
"ඔහෙන් තියන්න ඔම්මා... මං පස්සෙ බොන්නම්."
මේකා අපබ්බරන්ස කියවනවා.. මොන කෙහෙමමලක්ද?? මූ දෙයියන්ගෙ හාල් කාලාද.? නැත්තම් දෙයියන්ගෙ හාල් මූ කාලාද.?
"මේ.. මං අනේ නැගිටිනවකෝ... මාව මරන්නද හදන්නෙ??"
ඒ පාරනම් පොර නැගිට්ටා... හරියටපඊයෙ රෑම නිදි මරලා වගේ සප්තලම්ට ඇස් දෙක ඇරගන්න බැහැ.. යකෝ හරිනම් මමනෙ ඔහොම ඉන්න ඕනෙ.
"මොකද අනේ උදේපාන්දර කෑ ගහන්නෙ.. ඊයෙ රෑත් නිදාගන්න දුන්නෙ නෑ."
ඒ මොකක්ද ඊයෙ රෑ කතාව... ඉතිං අහවල් එකකටද මාත් එක්ක නිදා ගත්තෙ.. මේමේ මගෙ සුකුමල චරිතෙට කැත කතා හදන්න එපා මහත්තයො ඈ.. දෙනවා කැරපොත්තව මතක් වෙන්නම.
"මොකක්ද ඒ ඊයෙ කතාව."
"මතක් කරලා බලන්න.. මං වොෂ් එකක් දාගන්න යනවා."
මතක විදියටනම් මං මොකවත් කරේ නෑ.. ඒත් මූ මොනා ගැනද කියවන්නෙ.. ඕම ඉද්දි තමා මට මතක් වෙන්න ගත්තෙ.. කාර් එකේන් බැහැලා කාමරේට ඇවිල්ලා මාවත ඇදෙන් තියලා පොර යන්න හදද්දිම මං පොරගෙ කකුලෙන් ඇදලා ඇදට අරගෙන. ඊට පස්සෙ පාන්දර වෙනකම්ම මං සප්තලම්ගෙ ඔලුව කකා ඉදලා තියෙන්නෙ.. වැඩිය ආබාධයක් නැතුව ඇති. උපරිම ඔලුවෙ දත් පාර හිටලා ඇති..
__________________________________
🙂🤲💗
තව චැප්ටර්ස් හතරයි
🙂💔
මේක ඉවර කරලම අනිත් කතා අප්ඩේට් දෙන්නම්. හාද 😗💗
#jesmine