"මල්ලි..."
"නූ..නා..."
සදලුතලයට වෙලා ඈත පේන නගරයෙ නත්තල් සැරසිලි හා සතුටින් සෙල්ලම් කරන ළමුන් දෙස බලන් ගැඹුරු කල්පනාවක හිටිය හෝසොක් ගැස්සිලා පියවි සිහියට ආවේ උරහිසට දැනුන නූනාගෙ ස්පර්ශයෙන්...
"දුකින් නේද..?"
"නෑ නූනා..."
නූනා ලාවට හිනාවෙලා හෝසොක්ගෙ එහාපැත්තෙ සදලුතල වැටට පිට දිලා දෑත් බැදන් හෝසොක් දිහා බලන් හිටියා...
"ඔයා හිතන් ඉන්නෙ පුංචි කාලෙ ඉදන් මගෙ තුරුලෙම හැදුන මගෙ පැටියාගෙ වෙනස මේ නූනාට නොතේරෙනවා කියලා ද...මැරේජ් එකෙන් පස්සෙ එක ගෙදර නොහිටියත් මට ඔයාව තාමත් දැනෙනවා මල්ලි..."
"මං ඒක දන්නවා නූනා.."
හෝසොක් දෑස්වල තිබ්බ කදුලු අතරින් ලාවට හිනාවෙන්න උත්සාහ කලා...
"ඇයි දැන් මේ අවුලෙන්....ඩැඩා ගෙනාව ප්‍රපෝසල් එක හින්දද..."
"හ්ම්ම්......එයා ගිහින් අවුරුද්දක්ම ඉවරවෙලාත් මට තාමත් එයාව අමතක කරගන්න බෑ නූනා..මට තේරෙන්නෙ නැ...😓"
"ඕක ඔච්චර දුක් වෙන්න දෙයක් නෙවෙයි දරුවො...ඩැඩා ගේන ප්‍රපෝසල් එකට කැමති වෙන්නම ඕනම කියලා එකක් නැනෙ...අද මනමාලයා ඇවිත් ගියාම ඔයා ඩැඩාට කියන්න ඔයා එයාට කැමති නැ කියලා...හදිසියේවත් ඩැඩා හේතුවක් ඇහුවොත් අර එදා ටේහියුන් මට කියන්න කිව්ව වගෙ ඔයා කියන්න ඔයාට අඩුම ඩිග්‍රිය ඉවරවෙලා ජොබ් එකක් කරනකන්වත් මැරි කරන්න බැ කියලා..."
"අනේ මන්දා...😓"
"ඔයා බය නොවී ඉන්නකො...ඩැඩා බල කරන එකක් නැ මට වගෙ...ඔයාට තාම 23යිනෙ...අනික මං ඉන්නකන් ඔයා අකැමැති දෙයක් කරන්න ඉඩ දෙන්නැ මමාටයි ඩැඩාටයි...හ්ම්ම්..."
නූනා හෝසොක්ගෙ ඇස් අගින් පහලට බර උන කදුලු බිදුවක් පිස දැම්මා...
"ඒත් නූනා ඔයා හිටියා වගෙ සිටුවේෂන් එකක නෙවෙයි මං ඉන්නෙ...එයා මැරි කරපු කෙනෙක්....සමහර විට දැන් බබෙක් එහෙමත් ලැබෙන්න ඉන්නවා ද දන්නැ...මාව මතකත් නැතුව ඇති දැන්...එදා ගියාට පස්සෙ අද වෙනකන් එයා කැලිෆෝනියා වලට ආවෙ නැ....අඩුම යාලුවෙක් අතෙ මට පනිවිඩයක්වත් එව්වෙ නැ....මට එයා විශේෂ උනාට එයාගෙ ජිවිතේට හිටිය මිනිස්සු අතරෙ මං තවත් එක මනුස්සයෙක් විතරයි...එයා කොහොමත් මට ආදරෙ සහොදරයෙක් විදියට...."
"එයාගෙ හිතෙ මොනවා තිබ්බද කියලා අපී දන්නැනෙ මල්ලි...."
"ඔයා දැන් මොකක්ද කරන්නෙ හිතන් ඉන්නෙ..."
"මං මුලු රෑම කල්පනා කරලා තීරණයක් ගත්තා නූනා...එයා එන්නැති බව දැන දැනත් මං අවුරුද්දක්ම බලන් හිටියා...හැමදාම මට මෙහෙම ඉන්න තිබ්බා මමායි ඩැඩයි නැත්නම්...මට මගෙ සතුටට වඩා වැදගත් එයාලාගෙ සතුට..."
"ඉතින්....?"
"ඉතින්........අද රෑ එන මනමාලයාගෙ කියන්න තරම් නරකක් නොතිබ්බොත් මං කැමති වෙනවා ඒ ප්‍රපෝසල් එකට...😓 අනික ඩැඩා කියන විදියට එයා නරක කෙනෙක් නෙවෙයි වගෙ...ඩැඩාගෙ හොද යාලුවෙක්ගෙ සන් කෙනෙක්ලුනෙ..."
"ඒත් මල්ලි...😑"
"වෙන ඔප්ශන් එකක් නැ නූනා.."
"හරි අපි බලමුකො..."
"හ්ම්ම්..."
"දැන් ඕවා අමතක කරන්න...යන් කොෆි එකක් බොමු..."
නූනා හෝසොක්ගෙ එක අතකින් අල්ලන් අනිත් අතින් හෝසොක්ගෙ රෝසපාට කම්මුල පිරිමැද්දා..
"නූනා...මං හිතන් ඉන්නෙ හවසට අන්තිම වතාවට ජසෙරා පාක් එකට යන්න...😑"
"හ්ම්ම්...ඔයා කැමැත්ත...හැබැයි වෙලාවට එන්න...දන්නවානෙ ඩැඩාගෙ හැටි..."
හෝසොක් නූනා කිව්ව දේට එකග වෙමින් හිස සැලුවා...
"යන් යන් ඉක්මනට...මං එද්දි කප්කේක්ස් හදන් ආවා..."
නූනා හෝසොක්වත් අතින් ඇදන් නිවස තුලට ගියා...
-------------------------------------
හවස 4ට පමණ හෝසොක් නිවසෙන් පිටවෙලා හිමින් හිමින් ජසෙරා උද්‍යානය දෙසට වැටුන පාර දිගෙ ඇවිදන් ගියෙ සුපුරුදු බලාපොරොත්තු සුන් වූ ස්වරූපයෙන්මයි...
"අවුරුද්දකට පස්සෙත් තාමත් මෙතන ඒ විදියමයි..."
හෝසොක් ජෙසෙරා උද්‍යානයේ පිවිසුම අසල නැවතිලා මුලු උද්‍යානය පුරාවටම නෙත් යොමුකලා...
ටිකක් වෙලා බලන් හිදපු හෝසොක් දිගු කබා සාක්කුවට දෑත් රුවාගෙන උද්‍යානය තුලට ඇවිදන් ඇවිත් එයාලා හැමදාම වාඩිඋන බංකුවෙන්ම වාඩි උනා....නත්තල් දිනය නිසා ද මන්දා අද මුලු උද්‍යානයේම මිනිස්සු හතර පස්දෙනෙකුට වඩා හිටියෙ නැහැ....
"හියොන්..."
"මං දන්නවා අද මගෙ ළග නැති උනත් ඔයාට ඔයාගෙ සහෝදරයව තාම දැනෙනවා කියලා...."
"මට මේ දේවල් මෙහෙම කියන්න ඕන උනෙ නැ...දවසක ඔයාගෙ ඇස් ඉස්සරහ මේ දේවල් කියන්න ආස උනෙ මං...ඒත් මට ඒ තරම් වාසනාවක් නැ..."
"ඔයා මං එක්ක කියපු හැම වචනයකම ලොකු තේරුමක් තිබ්බ බව ඔයා හිටිය කාලෙටත් වඩා ඔයා නැතුව ඉන්න කාලෙ මට හොදටම තේරුම් ගත්තා හියොන්...මං දන්නවා මං වැරදි...මට තිබුනා ඔයා යන්න කලින් ඔයාට මගෙ හිතේ තිබ්බ හැගීම කියන්න...ඒත් නොහිතපු විදියට මේ හැමදේම උනෙ...මං අවුරුද්දක් තිස්සෙ ඔයා එයි කියලා බලන් හිටියා...ඒත් ඔයා තාමත් නැ...ඔයා දැන් මැරි කරලා සතුටින් ඉන්නවා ඇති...ඔයා සතුටින් නම් මට ඕන එච්චරයි...
ඔයාගෙ සතුට වගෙම මං මගෙ පවුලේ අයගෙ සතුට ගැනත් හිතන්න ඕන හියොන්..
මට ඔයාගෙ මතක එක්ක හැමදාම තනියෙන් ඉන්න පුලුවන් උනත් මගෙ දෙමාපියො මගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරන්නත් මං බැදිලා ඉන්නවා හියොන්...මං හැමදාම කරේ ඩැඩාගෙ හිත රිදෙන වැඩ...මේ දේකටත් මට ඒක කරන්න බෑ හියොන්....ඒ හින්දා මං තීරණයක් ගත්තා....ඔයාගෙ මල්ලිට සමාවදෙන්න හියොන් පුලුවන් නන්...මේ ආත්මෙදි එකතුවෙන්න තරම් අපිට වාසනාවක් නැතුව ඇති...."
"ඒත් ලබන කිසිම ආත්මේක මට මෙහෙම කරන්න එපා හියොන්...මං පව් නේ..." (😑💔)
හෝසොක් ඇස්වලින් ගිලිහෙන කදුලු දිගු කෝට් අතින් පිහිද ගත්තා...
හෝසොක්ට තවත් එතන රැදෙන්න වුවමනාවක් තිබ්බෙ නැ...එතන ඉන්න හැම මොහොතකම හෝසොක්ට අසීමිතව ටේහියුන් මතක් උනෙ සිත තව තවත් පාරමින්....
හෝසොක් නැගිටලා පිවිසුම දෙසට මද දුරක් ඇවිත් නැවත හැරුනා...
"අද ඔයාගෙ හැම මතකයක්ම මං මෙතන දාලා යනවා හියොන්...මං අලුතෙන් පටන්ගන්නවා...ඒක අමාරුයි ඒත් මං කරනවා...අපි වෙන් උනත් මේ උද්‍යානය හැමදාම අපේ මතක පරිස්සම් කරාවි...
මේ පුංචි ලෝකය ඇතුලෙ කොහෙදි හරි කවදා හරි අපිට අපි මුණ ගැහෙවි...එදාටත් මං ඔයාගෙ සහෝදරයා විදියටම ඉදි හියොන්..."
හෝසොක් අවසන් වරට ජෙසෙරා උද්‍යානය දෙස බලලා නැවතත් පසුපස නොබලාම පිවිසුමෙන් පිටවෙලා නිවස දෙසට පිය මැන්නා...අවට අඩ අදුර ගලා එමින් තිබුන නිසා හෝසොක් පය ඉක්මන් කරලා ගියෙ ඒ වන විටත් දේවස්ථානයෙ හවස 6 යෙ කනිසම නාද වෙද්දී....
- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎 ,
කෝමද ඉතින්....අලුත් ජනාධිපතිවරයෙක් යටතෙ දෙන පලවෙනි chapter එක...😅
ඒ වගෙම කියන්න ඕන මේක අවසාන එක නෙවෙයි තව එකක් තියෙනවා....අපි බලමුකො අන්තිමට මොකද වෙන්නෙ කියලා...😌
මං නන් කියන්නෙ දාලා ගිය අය වෙනුවෙන් බලන් ඉන්නවට වඩා අලුතෙන් පටන්ගන්න එක හොදයි කියලා...
කොහොම උනත් අවසානෙට හෝසොක් සතුටින් ඉදි...
ඉක්මනට හම්බෙමු...
පරිස්සමෙන් ඉන්න හැමෝම...
Bye...❤️
2022 / 07 / 21