BREATH OF LIFE (Complete)

By DEESHAPONNAMPERUMAGE

598K 112K 50.6K

කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!! More

01වන කොටස........
03 වෙනි කොටස.......
04වන කොටස.....
05වන කොටස.....(bonus )
06වන කොටස....
07වෙනි කොටස...
08වන කොටස....
09වන කොටස...
10වන කොටස.....
11වන කොටස.....
12 වන කොටස....
13වන කොටස....
14වන කොටස...
15වන කොටස...
16වන කොටස...
17වන කොටස....
18වන කොටස....
19 වන කොටස....
20වන කොටස.....
thank you note😘😘
21වන කොටස.....
AUTHOR NOTE...
23 වන කොටස..
24වන කොටස....(bonus )
25වන කොටස...
26වන කොටස.....
27වන කොටස...
28වන කොටස.....
29වන කොටස....
30 වන කොටස....
31 වන කොටස....
32වන කොටස....
33වන කොටස...
34වන කොටස...
35වන කොටස....
36වන කොටස.....
37වන කොටස...
38 වන කොටස...
39වන කොටස.....
40වන කොටස...
41වන කොටස..
42වන කොටස...
43වන කොටස...
44වන කොටස...
45වන කොටස....
46වන කොටස...
47 වන කොටස...
48වන කොටස....
49 වන කොටස......
50වන කොටස...
51වන කොටස...
52වන කොටස...
53 වන කොටස..
54 වන කොටස....
55වන කොටස...
56වන කොටස...
57වන කොටස...
58වන කොටස..
59 වන කොටස...
60වන කොටස..
61 වන කොටස...
62 වන කොටස...
63වන කොටස.....
64වන කොටස...
65වන කොටස...
66 වන කොටස....
67වන කොටස....
68වන කොටස.....
69වෙනි කොටස...
70වන කොටස....
71වන කොටස....
72වන කොටස...
73වන කොටස..
74 වන කොටස.....
75වන කොටස.....
76වන කොටස....
77වන කොටස....
78වන කොටස....
79වන කොටස...
80 වන කොටස....
81වන කොටස...
82 වනකොටස
83වන කොටස...
84වන කොටස....
85වන කොටස....
86වන කොටස....
87වන කොටස..
88 වන කොටස..
89වන කොටස...
90 වන කොටස...
91වන කොටස...
92 වන කොටස..
93 වන කොටස...
94 වන කොටස....
95වන කොටස..
96වන කොටස....
97වන කොටස...
98වන කොටස...
99වන කොටස.....
100 වන කොටස.
101 වන කොටස...
102වන කොටස...
103 වන කොටස....
104වන කොටස...
105වන කොටස...
106 වන කොටස..
107වන කොටස...
108 වන කොටස...
109වන කොටස .....
110 වන කොටස..
111 වන කොටස....
112වන කොටස....
113 වන කොටස..
114වන කොටස...
115 වන කොටස....
116 වන කොටස..
117.............!!!
Thank you note❤️😘

02වන කොටස...

7.5K 1.2K 432
By DEESHAPONNAMPERUMAGE

සද සේ දවසක නුඹ බැස යාවී..

කළුවරට අහසට දුක කියලා ..

හමුවුනු තැන්වල මල් සුපේවී..

හමුවන වෙන අය ගැන හිතලා .

වලාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා...

බලා හිදිමි දුක කාට කියන්නද

ඔබ අන්සතූ වුන දා.....ඔබ අන්සතු වුන දා.....

ඇස්වලින් පහලට වැටුන කදුලු බිංදුව ඇතුලෙ තිබුනෙ මගෙ වේදනාව විතරක්ම වෙනකොට වයර් දිගේ ආව චාමර වීරසිංහගෙ කටහඩ මාව තව ඇඩෙව්වා....

දැකල තියනවද හිත හයිය පිරිමි උනත් අඩා වැටෙනවා....හැමදාම මිනිස්සු දැක්කෙ ගෑනියෙක්ගෙ ප්‍රේමයක මලගමක් මිසක් පිරිමියෙක්ගෙ නොවෙනකොට බූට් කාපු  නංගිලාට දුක අහන අයියලා වැඩි උනත්....බූට් කාපු අයියලාව දැක්කෙ වෙන විදිහකට.....

මේක බූට් එකක් නෙවෙ....ඒත් තනිකරම අහිමි වීමක්....මට සතුටු වෙන්න තිබ්බා මං ඒකිට බොරු කෙරුවා නම්...මට සතුටු වෙන්න තිබ්බා මං මේ ගැහුවෙ ඩිග්‍රි එකක් නම්....ඒ උනත්....මට සතුට වෙනුවට ඉතිරි උනෙ දුකම විතරයි මොකද සනුහරේම එකතුවෙලා මගෙ ආදරෙ මරාගත්තා ......

ඉතින් ගෑනු පපුවකට විතරක් නෙවෙ පිරිමි පපුවට උනත් දැනෙනවා විරහා වේදනාව අහස උසට.....




නොනගතෙ ගෙවිලා ගිහින් රටටම අවුරුදු ලැබුවා ....ගමටම ....වලව්වට....රතිඤ්ඤා සද්දෙ මැද නහර පෑදුන අත්වලින් වයසක උන්දලා රබාන තලන්නෙ වී කුරුනියකට.....රුපියල් පන්සීයකට.....අවසානෙදි කෙසෙල් කොලේක එතුන කැවිලි මල්ලකට කියලා දන්නවා නම් ගමේ මිනිස්සු මොල්ලිගොඩ මැනිකෙට කෙල ගහයි     .....ඒ උනත්.....වලව්වෙ වහලට ඉහලින් කාක්කෙක් පවා පියාඹන්නෙ නැති කොට කව්ද මේවට මොකුත් කියන්නෙ.....

පහන් පැල පත්තු කරපු මං එතනින් කෙලින්ම ආවෙ පිලට වෙනකොට අවුරුදු ලබන කොටත් මම  උන්නෙ චාමර වීරසිංහ එක්ක....වෙනදට හැමදාම එන අලුත් අවුරුදු මැසේජ් එක අද නෑ.......

සුභම සුභ අලුත් අවුරුද්දක් මගෙ සුදු අයියේ....

මගෙ සුදු අයියෙ කියන වචනෙ ඇතුලෙ තිබුන ආදරේ ගැන උඩ ඉන්න දෙවියො පවා සාක්කි දේවි.......

මගෙ මැනිකටත් සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා මම ආයම රිප්ලයි කෙරුවෙ කවදා හරි එක ගෙදර ඉදන් කිරිමුට්ටිය උතුරන්න බලන් වෙනකොට මොල්ලිගොඩ පරම්පරාවම ලිප් ගල් බදින්නත් කලින් කිරිමුට්ටිය පොලවෙ ගැහුවා.....ඉතින් අද ඒ මැසේජ් එක නෑ.....

ඉන්න තැනක සතුටින් ඉදපන් මැනික....මට කියන්න තව මහ දේවල් නෑ...

මං නුවර අහස දිහා බලන් හීල්ලුවා ...ඇස්වලින් වැටුන කදුලු බිංදුව කාටත් හොරාවට වහගත්තු මං අමාරුවෙන් ගවුම් ඇදන් ඉන්න අක්කලා නංගිලා දිහා බැලුවා ....අවුරුද්දට නෑගම් එන....ඇසලෙට නුවරට එන අත්තම්මගෙ සනුහරේම හුස්ම ඇල්ලුවෙ ගෙන්දගම් පොලවෙ වෙනකොට මහ උන්ට අරුනම අපි කාටත් අත්තමගෙ නීති රීති ඔලුවට බරක් උනා....තුන්සිය හැට පස් දවසෙම ඔසරිය පටලන් අගස්ති මාලෙ දාන් කොන්ඩ ගෙඩිය බදින අත්තම්මගෙ ගාම්භීරෙ ඉස්සරහ අපේ උන් කොහොමද කට් කරපු..වොශ් කරපු ස්ලිම් කරපු ඩෙනිම ගහන්නෙ.....

සුදුමහත්තයා .....

අත්තම්මා ...

හිනාව සදහටම මරපු මම අත්තම්මගෙ මූන දිහා බලන් හැගීම් මැරුන හිනාවක් දුන්නා....හරියටම බැලුවොත් ඒ හිනාවෙ මකුනුදැල් පවා බැදලා තිබ්බා....

සුදුපුතා ආ බුලත් අත ගිහින් අත්තම්මටයි සීයටයි වදින්න...

අම්මා මගෙ අතට තිබ්බ බුලත් හුරුල්ල අරන් මම අත්තම්මා ගාවට ගෑටුවා....මේ ඉන්නෙ මගෙ අම්මගෙ අම්මා...අම්මගෙ අප්පච්චි .....තාත්තගෙ අම්මා තාත්තගෙ අප්පච්චි දෙන්නම නැති උනා.....

සුභ අලුත් අවුරුද්දක් වේවා .....අත්තම්මා...

ඇහෙන නෑහෙන කටහඩින් මුමුනපු මම ඒ කකුල් අල්ලලා වදිනකොට ගුනාදරීගෙ තාත්තා පැලවුන පොල් ගෙඩියෙ අලුත් අංකුරේ දිහා බැලුවා හා සමාන ආදරේකින් එයා මා දිහා බැලුවා....

තුරුනුවන්ගෙම සරනයි මගෙ සුදුමහත්තයට     ...

මං එහෙම්ම සීයා ගාව දන එබුවා     ...අත්තමටත් යටවෙන විශ්‍රාමික විදුහල් පති...ඉතින් මැනිකෙ කෙනෙක් එක්ක පෑහෙන විදුහල්පති කෙනෙක් ඉන්න වලව්වක් කියනකොට හුස්ම හිරකරනව නේද ....???

රත්නන්තරේ පිහිටයි ...

මොනර පිල් තුනහතරක් බුලත් හුරුල්ලට  හිර වෙනකොට අවුරුදු සල්ලි අරන් මං අනිත් පැත්තට හැරුනා....

ඉතින් අම්මා අප්පච්චිගෙන් වදින්න පටන් ගත්තම ඔය බුලත් හුරුල්ල අස්සෙ මොනරු පියෑඹුවා .....

සුදු මල්ලි....

අනිත් අය වදිනකොට මන් ඈතින් පේන දළදාව දිහා බලන් උන්නා වගේම ලොකු අම්මගෙ ලොකු දුව මගෙ ඇලපතට ඇගිල්ලෙන් ඇන්නා...

තමුසෙට තිබුනෙ පැනලා යන්න...

පැනලා ගිහින් එතනින් එහා මේ වලව්වෙ මැනිකෙට මොකක් හරි උනෝතින් ඒකත් පලි මගෙ අසරනීම නේද...

එක අතකට අපි හරි පව් මල්ලි.....මිනිස්සු වලව් වලව් ගාද්දි අපි සැප විදිනවා හිතුවත්...පොල් අතුපැලෙ ලුනුයි බතුයි කන මනුස්සයගෙ සතුටවත් අපි ගාව නෑ....

ඔයාට ගැහුවද ලොකූ....

ම්ම්ම්ම්ම්....

මං අහක බැලුවා ....දොස්තර කෙනෙක් එක්ක පලහිලව්ව පටන් ගත්තා උනත් දොස්තර බෙරවායන්ගෙ කුලේ වෙන කොට ලොකූට උනෙත් ලොකු අම්මගෙන් ඉදල් පාර කන්න....

අපි අසරනයි කොන්ද පන නැති කම නෙවෙ....අපි කාට උනත් පැනලා යන්න තිබ්බා ඒ උනත්....පහුවදාට නන්නාදුනන මලමිනියක් නුවර වැවෙන් ගොඩ ගත්ත කියලා අහන්න බැරි කමට අපි පස්ස ගැහුවා ......



උඩපල ගත්තත් වට්ටක්කා...බිමපල ගත්තත් වට්‍ටක්කා...

ඉස්සරහා උගුරැස්ස ගහ යට ඉදන් වයසක උන්දැලා රබාන තලනකොට මං බලන් උන්නා.....

ඇතුලෙන් ඇහෙන පිගන් කෝප්ප සද්දෙ වගේම අත්තම්මගෙ රැවුම් වලට බයෙ මුලු ගැහුන නංගිල හොරෙන් හොරෙන් ඵෝන් ඔබනව මං බලන් උන්නා.....

එයා මොනවා කරනව ඇතිද ...

සරමට යටින් ඇදන් උන්න ඩෙනිමෙ සාක්කුවෙන් අතට ගත්තු ඇගිලි පුරුකක් සයිස් සිගරට් එක කාටත් හොරාවට පත්තු වෙනකොට මං බලන්නෙ කොහෙද පේන්නෙ මොනවද නොහිත කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා  බලන් උන්නා...


මට තිබුනා එක්කො එයාව මගෙ කරගන්න...අඩුම ගානෙ.....ළමයෙක් වත් හැදුවා නම්....මට බදින්නම වෙනවනෙ...ඒ උනත්.....මට මේ වලව්වෙ මිනිස්සු විස්වාස නෑ...මට සිද්ද උනේ මැනික් කපන එකෙක්ට උනා වගෙ දෙයක් ...පතලෙන් හම්බෙන මැනික් කැටෙත් මුලින් බලනකොට  නිකම්ම නිකන් ගලක් උනත් කපලා කොටලා ඔප දාල ගන්නකොට කොයි තරම් ලස්සන උනත්....අවසානෙදි අයිති වෙන්නෙ වෙන එකෙක්ට ......මටත් උනේ එකමයි......ඇස් දෙක වගේ රැකපු එයාව අවසානෙදි අයිති උනේ වෙන කාටත්. ......

උකුල ලැම හස
මලවි කරලිය
මුවා කල ඇගෙ
දුහුල්  සලුතිර
විවර කෙරුවා මනස්සලෙලුන්.....

ඇත්තටම එයා වෙන්න ඇති මගෙ ජීවිතේට ආව පලවෙනිම ගැහැනිය...වෙන්න ඇති නෙවෙ එහෙම තමා ....වටකුරු තට්ටමක්....සිහින් ඉගක් පිරුන පයෝදර මේ හැමදෙයක්ම මගෙ බමුනු ගති බිදලා දැම්මා.....පිරුන පපුව මැද වරුගානක් මූන ගහන් ඉන්නකොට ඒ  දිගැටි ඇගිලි මගෙ හිස කෙස් පුරාවටම යනකොට මං ආදරේ කියන දේ විදින්න ඉගන ගත්තා .....හැගීම් දැනීම් තිබුනා....නැතුව නෙවෙ ...ඒ උනත්...මගෙ වංශෙ ගැන දන්න හින්දම මං කෙල්ලව රැක්කා.....

කමක් නෑ මැනික .....ආදරෙ කියන්නෙ අයිති කර ගන්න එකම නෙවෙ ..උඹ හරි....ඒ උනත් අහිමි කරගන්න බලන් කව්ද මැනික ආදරෙ කරන්නෙ.....උඹ සතුටින් නම්...එච්චරයි ...උඹ ගියා...ආය මට ඕන් නෑ......උඹත් මමත් වැරදි නෑ.....ඒ උනත් කවදා හරි.....



සුදුපුතා .....

ඉහලට ඇදපු දුම් පාර උගුරෙන් පහලට යනකොට උරහිසට වැදුන පාරත් එක්ක අතේ තිබුන සිගරට් එක සුදුපාට වැලි පොලවට වැටුනා ..

අර මිනිස්සු බලන් ඉන්නවා...උඹ මෙතන මගුල් උරව උරව නහිනවා...තවමත් අර සක්කරවට්ටම ගැන හිතනවද උඹ....ආ නිතේශ්....

අම්මා අද අවුරුදු ....

අද අවුරුදු ...අද අවුරුදු නම් ඔය මනස් ගාත නවත්තපන් අත්තම්මා දැක්කොතින්

දැක්කොතින් මොනවා වෙන්නද ...මට මේ ජීවිතේම නීරසයි......මට මේ කෙරුවාව නීරසයි...මේක මගෙ ජීවිතේ නෙවෙද අම්මා.....

නිතේශ්....නවත්තපන් ...උඹ කොහෙවත් යන සක්කරවට්ටමක් හින්දා උඹගෙ අම්මා අප්පච්චිටත් වඩා ඉහලින් යනවද....

පින්සිද්ද වෙයි අම්මා.....ඒ කෙල්ලට තව බනින්නෙ ඇයි.....කරපු ලැජ්ජාව මදිද....ගෙවල් වලට ගිහිනුත් කෑ ගහලා බැනලා මොන තරම් ඒ අහිසංකී විදෙව්වද......අම්මලා හැදුවෙ ඒ කෙල්ලව නැති කරන්න උනත් අද නැතිවෙලා ඉන්නෙ මම..මෙ මමයි.......

ඔකොටම වඩා වංශයක් ලොකු කරන්...මගෙන් පටන් ගන්නෙ දිසානායක පරම්පරාවක් මිසක් මොල්ලිගොඩ මගුලක් නෙවෙ ...

නිතේශ් නවත්තපන්.....කොහෙවත් යන එකියක් හින්දා උඹ කාටද ඔය ගරහන්නෙ...

තවත් මගෙ කෙල්ලට නොසරුප් වදන් කිය කිය බනිනකොට මට ඉවසුම් නැති උනා...ආදරෙ කෙරුවා...නැති උනා....ඒ උනත්...කරපු ආදරේට නිග්‍රහ කරනකොට මොකාද ඉවසන්නෙ....මගෙත් කට වචන  උස්වෙනකොට වලව්වෙ කුමාරි හාමි කෙනෙක් උන අම්මගෙන් හම්බුන කම්මුල් පාරට කම්මුල රත්වෙනකොට මං  බිම බලන් උන්නා...

නාස් පොල්ල දිගේ පහලට උනුසුම් කදුලු බිමට වැටෙනකොට මං ආයම ඔලුව ඉස්සුවා....

හිත පාරවන වේදනාව පීඩනෙ තරහව මේ ඔක්කොම එකට එනකොට මං පොඩි  කුමාරි හාමිගෙ මූන දිහා බැලුවා .....

මට මෙහෙම කරලා රෑට සැනසීමෙන් නිදා ගන්නෙ කොහොමද අම්මා.....????

අත්තමලාට ඔයාලට ලොකු අම්මලාට හැමෝටම ඕන උනේ සෙනාරිව රිදවන්න උනත් හොදට බැලුවොතින් රිදෙන්නෙ මේ මට...විදවන්නෙ මම.....නාස්ති වෙන්නෙ මම...මං විදින ගින්දර දිහා බල බල උගුරෙන් පහලට වතුර උගුරක් වත් යනවද අම්මා ...ආ.....

නිතේශ් නවත්තපන් ...

නවත්තන්න...ඇයි මං නවත්තන්නෙ.....කව්ද අම්මා ඔයකුල මල හෙව්වෙ...ආ...මිනිස්සුම නේද.....ආ....ගෑනු කාටවත් උඩ මලුවට යන්න බෑ...කිලි කියනවා.....එතකොට ධන්ත දාතුව ගෙනාවෙ ඔය කිලිවලට අහුවෙන ගෑනියෙක්ගෙ හිස කෙස් අස්සෙ නෙවෙද.....වරු ගානක් වැදගන ඉන්න ජය ශ්‍රී මහ බෝදිය ගෙනාවෙ ඔය කිලිවලට අහුවෙන ගැහැනියක් නෙවෙද.. 

අම්මා...කවදද අම්මා ඔයාල මේ වංශෙ කබල් ගාන වැඩේ නවත්තන්නෙ.....බුදු හාමුදුරුවො දේශානා කරනකොට දේශනා කෙරුවෙ මිනිස්සු   හැමෝටම...නැතිව  රදාවෙ උන්ට වෙනමයි...රොඩි උන්ට වෙනමයි කරාවෙ උන්ට වෙනමයි මැනිකෙලාට වෙනමයි නෙවෙ. ..අපි හැමෝටම තියෙන්නෙ එක ලේ. ..මිසක් වෙන මොකුත් නෙවෙ අම්මා....වැදගත් වෙන්නෙ මනුස්ස ධර්මෙ මිසක් වෙන මගුල් නෙවෙ ....

නිතේශ් ආදරෙයි ආදරෙයි ආදරෙයි කියලා උඹ කියන්නෙ රොඩි උන් වද්දගන්නද ....අඩු කුලේ උන් වද්දගන්නද....උඹව අපි හැදුවෙ අඩු කුලේ උන් බෝකරන්නද නිතේශ් ආ නිතේශ් උත්තර දීපන්....

අම්මෙ...මගෙ හදවතයි...අම්මා ඔය කියන රොඩියෙගෙ හදවතයි ගලවලා එම තැන තිබ්බොත් අම්මට හොයන්න පුලුවන්ද කෝකද මගෙ කෝකද රොඩියගෙ කියලා ...

නිතේශ් උඹ මොන දේ කොහොම කිව්වත්....උඹට අපිට පිටින් යන්න බෑ නිතේශ් ....අත්තම්ම සීයා උඹ ගැන ඉහට උඩින් බලාපොරොත්තු තියන් ඉන්නෙ..මේ වලව්ව උඹගෙ නමට ලියන්න ඉන්නෙ උඹ  හදන්නෙ ඒ ඔක්කොම නැති කරගන්නද නිතේශ් ආ??

එතකොට මාව වැදුවෙ කාගෙවත් බලාපොරොත්තු ඉශ්ට කරවගන්නද අම්මා ආ...

නිතේශ් ...

මං හිතන්නෙ මං දෙවනි කම්මුල් පාරත් කෑව...මට කියන්න...ඇයි අපි අපිට හැබෑ කරගන්න බැරි හීන අපෙ දරුවො ලව්වා කරවගන්නෙ...ඒක හරිද.....????එතකොට දරුවන්ගෙ හීන....ඒවට මොකද වෙන්නෙ....ඒවා...ඒවා මැරිලා ගියදෙන් ද...අනේ පින්සිද්ද වෙයි උන්ට උන්ගෙ හීන උන්ට හැබෑ කරගන්න දීලා පැත්තකට වෙයල්ලා......හීන තියෙන්නෙ මරන්න නෙවෙ.....

කදුලු පිරුන ඇස් රතු වෙලා සට සට ගාලා කදුලු කැට වැටෙනකොට මම අම්මා දිහා බැලුවා......

මාව මරලා දාන්න...පින්සිද්ද වෙයි...අර නුවර වැවට තල්ලු කරලා මරලා දාන්න...මොකද මං ජීවත් උනත් දැන් ඇතුලෙන් මැරිලා ඉවරයි......වලව්වක් හින්දා මගෙ හීන මරපු ඔයා කොහොමද සැනසීමෙන් හුස්ම ගන්නෙ.....?? අම්මෙ...ඔයාලා එකතුවෙලා මාව මරලා ඉවරයි ...මන් මනුස්සයෙක් ගලක් නෙවෙ ...

නිතේශ් අපි උඹට නරකක් කරන් නෑ නිතේශ් ...

නරකක් කරන්න දෙයක් නෑ...අදින් පස්සෙ මගෙන් පරන නිතේශ් ව හොයන්න එපා....මොකද ඔයාලා මාව අසරන කරපු තරම මගෙ කොට්ටෙ කියයි...මගෙ ඇස්වලින් වැටුන කදුලු ගැන කොට්ටෙ කියයි..දන්නවද පහන් පැලේ පහන තියලා මං ප්‍රාර්තනා කෙරුවෙ එක දෙයයි අම්මෙ...මගෙ සංසාරෙ ඉක්මනටම කොට කරලා දාන්න කියන එක..ආයන කිසිම සංසාරෙක මට ඉපදීමක් එපා කියන එක විතරමයි අම්මෙ.....

උඹ කොහෙවත් යන එකියෙක් හින්දා මෙච්චර නහින්නෙ...උඹට අපි මොනව අඩු කෙරුවටද නිතේශ්???උඹ ඉල්ලන්නෙ මොනවද දුන්නා   ...

ඉල්ලන්නෙ මොනවද දුන්නා....මං කවදද ඔයාලගෙන් දෙයක් ඉල්ලුවෙ ආ අම්මෙ...ඉල්ලුවෙ එකම දෙයයි....මං කාගෙ කකුල් ගාවද වැද වැටුන් නැත්තෙ....අත්තම්මා මගෙ කෙල්ලගෙ කම්මුල ඉදිමෙන්න ගහලා තිබ්බත් අනේ ඒකි කතා කෙරුවෙ වලව්වෙ මැනිකෙ කියලා...අනේ දෙයි හාමුදුරුවනේ....වලව්ව නෙවෙ මොන ඉලව්ව උනත් ඔය ඇස් පිය උනදාට වලව් පට්ටම පෙට්ටියේ දාන් යන්නෙ නෑ අම්මෙ....

හිතේ තිබුන වේදනාව...සෙනාරිගෙ රතූන ඇස් අත්තම්මගෙ කම්මුල් පාරෙන් ඉදිමුන කම්මුල් මේ ඔක්කොම එකට එකතු වෙනකොට මම අත මිටිමොලවලා කඑ එකේ බොනට්නට්නට් එකට ගහලා කෑ ගහනකොට මං බලාගන අත්තම්ම ගෙයි ඉදන් එලියට ආවා ....රවුම් වටකුරු මූන වගේම ඇත් දලපාට හමක් තිබ්බත් අත්තම්මා කියන්නෙ තනිකරම කටුක චරිතයක් ...වංශෙ නම්බුව වෙනුවෙන් ඕන දෙයක් කරන කෙනෙක් වෙනකොට මං අත්තම්මා මෙහෙට එන්න එනව දැක දැක අදන් ඉන්න සරම ගලවලා අම්මගෙ කරට දාලා ඇදන් උන්න ඩෙනිමෙ සාක්කුවෙන් යතුර අතට ගත්තා

නිතේශ් ...උඹ කොහෙද යන්නෙ නිතේශ් අද අවුරුදු ....නිතේශ් ....

සුදු මහත්තයා සීයා බලන් ඉන්නවා කන්න එන්න...

අත්තම්මා මේ මොකුත් නොදැන පොලවට රිදෙයි කියලා අඩිය තියනකොට මං අම්මගෙ තරහවෙන්කලු උන මූන බැලුවා ....

හොදට මතක තියා ගන්න අම්මා හර්දසාක්ශිය කියන උසාවිය නඩු අහන්න ගත්ත දාට මෙ රටේ ඉන්න මොනම නඩු කාර හාමුදුරුවෙක්ටවත්  බැරිවේවි මේ වලව්වෙ මැනිකෙලව බෙරගන්න......ඔයාලා මට නැතිකෙරුවෙ හුස්මකින් වත් වරදක් නොකරපු කෙල්ලෙක් ..හැබැයි...මේක අන්තීම පාර අම්මා.....මින් පස්සෙ මේ නිතේශ් ආය කවදාවත් මැනිකෙගෙ පදේට නටලා මං ආදරේ කරන කිසිම එකෙක් නැති කරගන්නෙත් නෑ....ඔය එක එකාගෙ හිත් සනසවන්න ගින්දර උහුලන්නෙත් නෑ...මාව මැරුවත්...මං ආය වැදන් වැටෙන් නෑ....මොකද..මට උන්නත් එකයි..මැරුනත් එකයි..මං දැනටම මැරිලත් ඉවරයි......


නිතේශ් ...නිතේශ් ....නැවතියන් නිතේශ් .....



සුදුමහත්තයා ....කොහෙද යන්නෙ...

දලදාවට....


අම්මගෙ ඇස් බලන්  වචන දමලා ගහනකොට ඒ ඇස් ගැස්සුනා වගේම අත්තම්මගෙ හිනා මූන දැක දැක අම්මගෙ කෑ ගැහිම ඇහි ඇහි මම කාර් එකට නැගලා ස්ටාර්ට් කරගද්දි මන් අත්තම්මට බොරුවක් නොවෙන බොරුවක් කිව්වා....

යන්න තැනක් හිතා ගන්න බැරි ඔලුවම යකාගෙ කම්මලක් වෙනකොට මං එහෙම්ම නුවර වැව රවුමට ආවා......

අනේ අද අවුරුදු කියලා නෑ....එදා වෙල හොයාගන්න බැරි මිනුස්සු ගෙදරට අවුරුදු ගෙනියන්න රුපියලක් දෙකක් හොයා ගන්න තවමත් රතිඤ්ඤා වැලක් අතේ තියන් උන්නා......

පව්.........ඒ මින්ස්සු නම්...සැප කියන දේ කවදාවත් නොදැනම පොලවට පස්වෙයි........

කාර් එක පාර්ක් කරපු මම එහෙම්ම ඇවිත් නුවර වැවෙ වට රවුම ගාව නැවතුනා.....

අම්මගෙ කම්මුල් පාරව වලට කම්මුල් පුලුරු ගහනකොට මම ඈතින් පේන දළදාව දිහා බලන් උන්නා....කම්මුලට වඩා පුපුරු ගහන්නෙ හදවතයි.......

තවමත් වංසේ කබල් ගන මිනිස්සු කොහොමද අපේ හාමුදුරුවනේ සංසාරෙන් එතර වෙන්නෙ......

මට අත්තමගෙ මූන මතක් උනා.......මොන.තරන් ලස්සන මූනක් තිබුනා උනත් අත්තම්මා හරියටම අඹ යාලුවො එකෙ සුදු අප්පුගෙ අත්තම්මා වගේ.....වෙලාවට කන්දෙ ගෙදර බාලමහත්තයගෙ අඹුව වගේ.........උන්දල හදන්නෙ දරුවන්ට හොදක් කරනවා කියලා වලව්කාර නම්බුවලට පෑහෙන උන්ව ඉහ ගස්සවන එක..........

මං ඔහේ බලන් උන්නා......එයාට කොච්චර නම් දේවල් කෙරුවද.......අනේ ඒකි නෙවෙ කටක් ඇරියෙ.....අවසානෙදි ඒකිගෙ කදුලු දෙවියො බැලුවා...මං තවම නහිනවා.........


අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා...
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා...

අවසානෙදි වලව්වෙදි හිරකරන් උන්න හැම කදුලක්ම මම වලාකුලු බැම්මට ඔලුව ගහන් එලියට දැම්මා.....මං එයාට යන්න දෙන්න ඕනා......මං එයාව මගෙන් ඈත් කරන්න ඕනා....

මං උඹට යන්න දෙනවා මැනික.......ඉතින්....සතුටින් ඉදපන්......මෙච්චර කාලයක් ආදරේ දුන්නට පින් උඹට.......

ඇස්වලින් වැටෙන කදුලු වලාකුල්බැම්ම හෝදනකොට මම හිතේ දුක හේදෙන්න ඇඩුවා වගේම මගෙ  සාක්කුවෙ තිබුන මගෙ ඵෝන් එක රින්ග් උනා....

Unknown number .......

කදුලු වලට ඩිස්ප්ලේ එක බොද වෙලා පේනකොට මම ආන්ස්වර් නොකර උන්නා.....ආයමත් රින්ග් වෙනවා......ආයමත් රින්ග්වෙනවා.....

Unknown number ......

ඇස්වල කදුලු පිහදපු මම බර උන නහයෙ හොටු හූරලා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා....

හෙලෝ මිස්ටර් නිතේශ් .......

එහාපැත්තෙන් ඇහුනෙ පිරිමි කටහඩක්........

ඔව්..කව්ද මේ....

මම විතේන් ...විතේන් ඩි සිල්වා....

මම කනේ තියන් උන්න ඵෝන් එක අහකට ගත්තා විතේන්ලු....අරුන් දෙන්නට තේරෙන සිංහලෙන් කිව්වනෙ.....අහන් නෑනෙ.........අඩපු මම මගෙ උගුර පාදගන ආයම කනේ තියා ගත්තා .....

කියන්න මිස්ටර් විතේන් ....

අනේ..සොරි මිස්ටර් නිතේශ් ....මට මිස්ටර් ශෙනෝන් කිව්වා ඔයා දවස් දෙකක් විතර ටිකක් බිසී මොකද ඔයා කැන්ඩි ඉන්නෙ කියලා....

ඔව්...ඒක නම් එහම තමයි....කමක් නෑ දැන් ගත්ත එකේ කතා කරමුකො.........

මම එහෙම්ම වැව රවුමෙ බෙංච් එකකින් ඉදගත්තා ......අඩපු නිසාම මගෙ කටහඩ හෙම්බිරිස්සාව හැදුනා හා සමාන වෙනකොට මම ඉහලට ඇද්ද.....

කියන්න මිස්ටර් විතේන් ....

ඔයාට අසනීප තියනකොට කතා කරන්න අමාරුයිනෙ...කමක් නෑ මිස්ටර් නිතේශ් ඔයා ටිකක් නිදාගන්න....රෙස්ට් කරන්න...මං පස්සෙ ගන්නම්.....

ජීව්තේ පලවෙනි පාරට කතා කරපු එයා දන්න අදුනන කෙනෙක් හා සමානවම මට රෙස්ට් කරන්න කියනකොට මම අහන් උන්නා...

නැ..නෑ...මට අසනීප නෑ....අනික මම දැන් එලියෙ ඉන්නෙ.......

එලියෙ කියන්නෙ...එලියෙ කොහෙද ....

ම්ම්ම්..හරියටම නුවර වැව රවුම ගාව.....

ඇත්තටම ද....

ම්න්...ඔව්....ඇත්තටම ඔව්.....

නුවර ලස්සනම

හවසට....

එයා කියන්න ගියපු දේ මම සම්පූරන කරනකොට එහා පැත්තෙ උන්නෙ විතේන් හිනා උනා.....ඒ හිනාව ගැන මම දන්නෙ නෑ...නමුත්....එක්කො ඕන් නෑ....

ඔයා නුවර වැව ගාව නම් ඉන්නෙ වම් අත පැත්තෙ කඩල කරත්තයක් තියන් මනුස්සයෙක් ඇති....කඩදාසි බෑග් වලට තම්බපු කඩල දෙන්නෙ......මං කියනවට එකක් අරන් කාලා බලන්න...

හා....

මතක් කරලා අර කූනිස්සො දා ගන්න....

හා.....

මං ලයින් එකේ ඉන්නම් යන්න ..

හා.....

පාරබලලා පනින්න.....

හා.....

එයා මට මොනවා කියවනවද කියන්න මම දන්නෙ නෑ......මම ඔලුව හරවලා බලනකොට ඇත්තටම කඩල කරත්තයක් තියා ගත්ත කෙනෙක් උන්නා වගේම මෙච්චර වෙලාම නහයට නොදැනුන කඩල සුවද එයාගෙ වචනත් එක්ක නහයට දැනෙනකොට මම සාක්කුවෙන් මොනරපිලක් ඇදලා.....මනුස්සය්ගෙ මූන දිහා බලනකොට අනේ ඒ මනුස්සයගෙ මූනෙ හිනාවක් ඇදුනා....අද කවුරුත් අරන් නෑ වගේ....ඇත්තනෙ...අද අවුරුදුනෙ......ඒ.උනත්...හැමෝටම කොහෙද අවුරුදු .....

ගත්තද....

ඕ...ඔ...ව්...ගත්තා

එයගෙන් සද්දයක් නැති උනත් මම ඵෝන් එක කනේ ගහන් උන්නා...මං හිතුවෙ එයා ඵෝන් එක කට් කරන්න ඇති කියලා උනත් ඵෝන් එක සාක්කුවට නොදාම කනේ ගහන් උන්නා වගේම එයාවෙ කටහඩ ආය ඇහෙනකොට මං ඉතුරු නොගෙනම එන්න හැරුනා

රසද....

ම්ම්ම්.......

එය මගෙන් අහනවා රසද කියලා ...මට උත්තර දෙන්න කට ඇරගන්න විදිහක් නෑ.....මගෙ කටේ කඩල ඇට අහුරක් තිබ්බා......ඇත්තටම එයා කිව්වා වගෙම ඒකඩල රසයි...මගෙ ජීවිතේට මෙතනින් මං කඩල ගොට්ටක් කාලා නෑ.......

වලව්වෙ මැනිකෙලා අපිට ජීවිතේ විදින්න දීලා නෑ කියලා පපුවට දැනෙනකොට මම එයට උත්තර නොදි පිට උගුරෙ යවාගන කඩල කන්න ගත්තා .....

මං හිතන්නෙ මිස්ටර් නිතේශ්ට වැව රවුමෙ කඩල සැර ඇති....හෙමින් කන්න......මම දවස් දෙකකින් ගන්නම්....

ම්න්......

ගත්තු උවමනාව වත් නොකියම කඩල කන්න කියපු එයා අවසානෙදි දවස් දෙකකින් ගන්නම් කියන ගමන් වලව්වෙන් තහනම් කරපු වීදි කෑමක් ජීවිතේ පලවෙනි පාරට මගෙ දිවෙ රස අංකූර පන ගැස්සුවා..........


















🙂ආයම කොටසක් හෙට ඕනෙතෝ......

ඔන්න දෙවනි කොටසත් දැම්මා.....

කතාව කියවන හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘 ...

Continue Reading

You'll Also Like

119K 17.9K 54
💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්.. ❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්...
78.2K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
29.9K 4.8K 33
"ඒ නූනා...මං කැමතී වන්ග් යීබොට...මට එයා ළඟ ඉන්න තිබුණනම්..."❤️😃 "පිස්සු නැතුව ඉන්නවා ශානයෝ..ජොබ් එකක් හොයාගන්න බලනවා...ඉගෙන ගනත් ජොබ් එකක් කරන්නෙ නෑ...
87.4K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]