|| I Miss You || KNJ|| (Compl...

By NamDinuJoon

9.6K 1.7K 1.3K

තමන්ගෙ ආදරය කෙනෙකුට දෙනකොට පරිස්සම් වෙන්න, මොකද අපි ආදරෙ දෙන්නෙ හරිම කෙනාට නොවෙන්න පුලුවන්..... තමන් කෙනෙකුගෙ... More

01)
02)
03)
04)
05)
06)
07)
08)
09)
පොඩ්ඩක් මෙහාට එන්ටකො...😁
10)
11)
12)
13)
15)
16)
17)
කියවලා බලන්නකො....🌝
18)
19)
(20)
21)
22)
23)
24)
25)
26)
27) END

14)

375 70 50
By NamDinuJoon

ජන්කුවා මම කිවානෙ එන්න එපා කියලා

📞මම එක පාරක් කිවානෙ මම එනවා කියලා

මට තනියම ඉන්න ඕන නිසයි මම යන්නෙ

📞තමුසෙ මගෙන් මැරුම් කන්න එපා චෝ.මේ මහ රෑ ගෙදරින් එලියට යනවා මදිවට තව එනවා කියවන්න.

කූ අහන්නකො මට ටිකක් නිදහසෙ ඉන්න ඕන.

📞ඉතින් ඉන්නවා මං ආවා කියලා තමුසෙගෙ කරෙ නැගන් ඉන්නෙ නෑ.

අනෙහ් කූ

📞අනෙහ් හුනෙ නෙවෙ මට එන්න එපා නම තමුසෙත් ගෙදර ඉන්නවා.. එලියට බැහැලා අහු උනොත් මං තමුසෙගෙ කනට ගහන්නෙ අර තමුසෙගෙ හස්බන්ඩ්ට උන ගැනෙන්න...එ මිනිහා හිටියට වැඩක්ද..තමුසෙ මලත් ඒ යකාට ගානක් නෑ...

ජන්කුවා එයාට බයින්න එපා..හරි ඔයා එන්න...

📞කොහෙටද එන්න ඕන....

පාක් එකට එන්න...

📞හරි මම විනාඩි දහයක් ඇතුලත එන්නම්..මං එනකක් ඉන්නවා මෝඩයෙක් වගෙ තනියම නොයා හරිද..

හරි හරි..

චොහී ජන්කූක් එක්ක කතා කරන ගමන් එයාගෙ කාර් එකෙ කී එක ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබිලා අතට ගත්තා...ජන්කූක් එක්ක කතා කරන ගමන්ම චොහි පල්ලෙ තට්ටුවට ආවෙ එලියට යන්න හිතාගෙන...චොහී එනකොට නම්ජුන් හීයූන් දෙන්නා සෝෆා එකෙ බර කතාවක හිටපු නිසා චොහී ඒ දෙන්නා දිහා බලන්නෙවත් නැතුව එලියට යන්න ගියෙ එයලාට බාදා කරන්න තියන අකමැත්තට වඩා නම්ජූන් හීයූන් දෙන්නා එකට ඉන්නකොට චෝහීට දැනෙන වේදනාවට එයා අකමැති වුන නිසා...එත් චොහීගෙ අවාසනාවට වගෙ තමන්ව ගනන් නොගෙන එලියට යන චෝහීව නම්ජුන්ගෙ ඇස් වලට අහුවුනා....

" චොහියා කොහෙද මේ යන්නෙ..."

"න්....."

" එයා කොහෙ ගිහාම ඔයාට මොකද ජුන්....එයාට ගිහින් එන්න කියන්න...එතකොට අපිට නිදහසෙ ඉන්නත් පුලුවන්...."

නම්ජුන් අහපු දේට චෝහී උත්තර දෙන්න යනකොට නම්ජුන් චොහී දෙම්නාගෙ කතාව මැදින් හීයූන් කතා කරපු නිසා චොහී එයා කියන්න ගිය දේ එහෙමම නැවැත්තුවා....

" ඇයි මැනික ඔයා මේ තරම් නපුරු වෙලා....ඔයා වගේම චොහීත් ගෑනු ලමයෙක්...අනික එයා ඉන්නෙ මාත් එක්ක..මේ වගෙ වෙලාවක එයා ගෙදරින් එලියට ගිහින් මොනාහරි උනොත් එකට වග කියන්න වෙන්නෙත් මට....."

නම්ජුන් නොදැනුවත්ව හරි කියපු දෙවල් චොහීගෙ හදවත තව තවත් පෑරුවා...නම්ජූන් කරදර උනෙ චොහී ගැන නෙවෙයි එයා කරදර උනෙ එයා ගැන...එයා හිතුවෙ චොහීට මොකක් හරි ප්‍රශ්නයක් වෙන එක ගැන නෙවෙ චොහීට මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් එයාට එකෙන් වෙනදෙ ගැන.....

" නම්ජුන් බය වෙන්න එපා....මං තනියම නෙවෙ යන්නෙ...ජන්කුක් එනවා කිවා...."

" මොකක් ජන්කූක්....ජියොන් කම්පැනි එකෙ ඕනර්...."

" ඔව් නම්ජුන් මගෙ යාලුවා ඔයාට එයාව අමතක උනාද......"

" ඕන මගුලක ගිහින් එනවා මට කමක් නෑ...එන්න ප්‍රින්සස් අපි උඩට යමු...ඔයාට අද ෆිල්ම් එකක් බලන්න ඕන කිවානෙ...."

චොහීගෙ කටින් ජන්කූක්ගෙ නම පිටවෙනකොට නම්ජුන්ට කේන්ති ගියෙ නම්ජුන් හොදාකාරවම දැනන් හිටියා ජන්කූක් චොහිට ආදරෙ කරන බව...ඒ වගේම ජන්කූක් කියන්නෙ චොහීගෙ හොදම යලුවා...චොහී කියන්නෙ නම්ජුන්ගෙත් හොදම යාලුවා.. ඉතින් නම්ජුන් කිසිම වෙලාවක කැමති වුනෙ නෑ එයාගෙ යාලුවාව කිසිම කෙනෙක් එක්ක බෙදාගන්න....

නම්ජූන් හීයූන්ගෙ ඉන වටේ තමන්ගෙ අත යවලා හීයූන්ව තමන්ගෙ තුරුලට අරන් සෝෆා එකෙන් නැගිටලා උඩ තට්ටුවට යන දිහා චොහී බලන් හිටියේ මුනේ හිනාවක් රදාගන්න ගමන්...චොහී දැන් පුරුදු වෙලා වේදනාවක් දැනෙන හැම මොහොතෙම එයාගෙ මූනෙ ලස්සන හිනාවක් මවා ගන්න...

චොහී තමන්ගෙ කාර් එකත් ස්ටාට් කරගෙන ඒ විශාල ගේට් එකෙන් එලියට ගියෙ ජන්කූක්ට තමන් ගෙදරින් පිට උන බවට මැසෙජ් එකකුත් දාන ගමන්...චොහී කාර් එක ඩ්‍රයිව් කරන වෙලාවෙත් එයාගෙ ඇස් ඉස්සරහා මැවිලා පෙව්නෙ නම්ජුන් හීයූන් දෙන්නා සොෆා එකෙ වාඩිවෙලා හිටපු විදිහ වගේම එයාගෙ ඇස් ඉස්සරහම නම්ජුන් හීයූන්ව එයාගෙ තුරුලට ගත්තු විදිහ...චොහී නම්ජූන්ගෙ සතුට නිසා නම්ජුන්ට හීයූන්ගෙ ලගට යන්න දුන්නත් චොහී විතරමයි දන්නෙ ඒ දේ නිසා එයාගෙ හදවතට මොන තරම් වෙදනාවක්ද කියන එක...කාටද පුලුවන් තමන් පන වගෙ ආදරෙ කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න....කොච්චර ශක්තිමත් කෙනෙක් උනත් ආදරය ඉස්සරහා දුර්වල වෙනවා...නම්ජුන්ගෙන් කොච්චර ඈත් වෙලා ඉන්න උත්සාහ කරත් චොහීගෙ හදවත ඉල්ලුවෙම නම්ජුන්ගෙ ආදරය නම්ජුන්ගෙ උනුසුම නම්ජුන්ගෙ ස්පර්ශය....එත් ඒ දේවල් චොහීට ගොඩාක් ඈතින් තියෙන්නෙ...චොහී ඒ දෙවල් වලට ලං වෙන්න හදන වාරයක් ගානෙ ඒ දෙවක් තව දුරටත් චොහීගෙන් ඈතට යන එක විතරයි සිද්ද වුනෙ...

නම්ජුන් හීයූන් ගැන කල්පනා කරමින් චොහී නොදැනුවත්වම එයයි ජන්කුකයි පොඩිකාලෙ ඉදන් සෙල්ලම් කරපු කාලෙ ගත කරපු ඒ පාක් එක ලගට ඇවිත් තිබුනා....ජන්කූක් කිව නිසාම චොහී ජන්කූක් එනකල් කාර් එකෙන් එලියට අඩියක්වත් නොතියා හිටියා...විනාඩි දහයක් විතර ගත වෙලා යනකොට ජන්කූක්ගෙ කාර් එක චොහීගෙ කාර් එක ඉස්සරහින් පාක් කරා...ජන්කූක්ගෙ කාර් එක දැකපු චොහි තමන්ගෙ කාර් එකෙන් එලියට බැස්සා...කලු පාටට හුරු ඇදුමක් ඇදන් හිටපු ජන්කූක් එයාගෙ කොන්ඩෙත් අත් වලින් එහා මෙහා කරන ගමන් චොහී ලගට ඇවිත් චොහීගෙ කරට අත දාගත්තා....පුංචි කාලෙ ඉදන් යන යන තැන චොහීගෙ කරට අත දාගෙන යන එක ජන්කූක්ගෙ පුරුද්දක් උන නිසා චොහීත් ජන්කූක්ට හිනා වෙලා නිකම් හිටියා....

" මොකද මෝඩියක් වගෙ හිනාවෙන්නෙ...."

" අනෙහ් යනවා මෝඩ හාවා....යමුද ඇතුලට...."

" යමු ඉතින්...."

අවුරුදු ගානකට පස්සෙ ජන්කූක් චොහී දෙන්නා තමන්ගෙ ලමා කාලය ගෙවුන ඒ පාක් එකට ආවෙ...ජන්කූක්ට වගේම චොහීටත් දැනුනෙ එයාලා එයාලගෙ ලමා කාලයට ආවා වගෙ....ජන්කූක්ට වගේම චොහීටත් ඒ දෙන්නා පාක් එකෙ තැනින් තැන දගල දගල සෙල්ලම් කරපු හැටි මැවි මැවි පෙනුනා....

" යාහ් චොහියා මේ ගල...ඒක තවත් තියනවා....."

පාක් එකෙ ටිකක් ලොකු ගහක් යට තිබුන විශාල ගලකට අත දික් කරන ගමන් ජන්කූක් කියනකොට චොහීත් ජන්කූක් පෙන්වන දිහාට තමන්ගෙ ඇස් යැව්වා....

" ඒක තවමත් තියනවා කූ..."

" ඔයාට මතකද චොහී ජිමින් එක්ක මට ඔයාව බෙදාගන්න බැරි නිසා දවසක් මං මේ ගලෙ ලිවා චොහී අයිති ජන්කූක්ට විතරයි කියලා...මට තාම මතකයි එදා ඒක දැකලා ජිමිනාගෙ මූන කජු ලෙල්ලක් උන විදිහ....."

" ඔව් ඔව් මට මතකයි තමුසෙ එදා ඉදන් යන යන තැන ලිවා චොහී අයිති ජන්කූක්ට විතරයි කියලා....පිස්සා...."

" තවමත් ඒ ගලෙ මං ලියපු එක තියද දන්නෑ....."

" එව්වා දැන් මැකිලා ඇති කූ...කොච්චර කල්ද එවා ලියලා..."

" හැමදේම වෙනස් වෙලා නේද චොහි...."

" මොනාද කූ...."

" ඉස්සර මුලු ලොකෙටම ඇහෙන්න චොහී මගෙ විතරයි කියපු මට අද මගෙ චොහීව වෙන කෙනෙක්ට දෙන්න වෙලා....."

" යාහ් යාහ් තමුසෙ කියන විදිහට හරි නම් මම තනිකඩව ඉන්න ඕනද....."

" ඔව් බලනවකො මේ මම ඉන්නෙ..."

" අනෙහ් මෙ...."

තමන්ගෙ කරට අතක් දාන ජන්කූක්ව තල්ලු කරලා දාලා චොහී පුංචි එකෙක් වාගෙ පාක් එකෙ පාර දිගෙ දිවෙ ජන්කුක් ඉස්සර වගේම තමන් පස්සෙන් දුවන් එන බව දන්න නිසා....මුලු පාක් එකම අදුරෙන් වැහිලා තිබ්බත් පාක් එකෙ තැනින් තැන තිබුන ලයිට් නිසා පාක් එක එලිය වැටිලා තිබුනා....

" හම්මො මහන්සි...."

හිනාවෙවි පිස්සු හැදිලා වගේ චොහී ජන්කූක් දෙන්නා පාක් එක වටෙ දුවලා පුංචි කාලෙ පුරුද්දට එයාලා වාඩිවෙන ගල් බංකුව උඩින් වාඩිවෙලා මහන්සි අරින්න පටන් ගත්තා....

" යාහ් චොහියා ඉස්සර වගේම තමුසෙට වේගෙන් දුවන්න පුලුවන....ආහ් මගෙ කකුල් දෙක...."

" ම්ම්ම් දැක්කානෙ කෙල්ලගෙ වැඩ ටික...ඔයාට මේ ආත්මෙ නම් චොහීව අල්ලගන්න බෑ ජන්කුවා...."

" ඇත්තක් ඇත්තක් හම්මො මට බෑ....."

ජන්කූක් කොන්දත් අල්ලන් හුස්ම ගන්න ගමන් කිවා..චොහීත් ටිකක් වෙලා හිනාවෙවී ඉදලා ඉස්සර පුරුද්දටම ජන්කුක් ලගින් වාඩිවෙලා පායලා තියන හදට ඇස් යැව්වා....

" මතකද ජන්කුවා..."

" මොකද්ද...."

" ඉස්සර අපි දෙන්නා අර හද දිහා බලන් අපෙ අනාගත සහකාරයට කතා කරා...."

" ඔව් සුරංගනා කතා වල ඉන්නවා වගෙ සුරදූතයෙක් ඇවිත් ඔයාව අරන් යනකල් ඔයා බලන් හිටියා....ඔයා ඔයාගෙ හිතෙ තියන හැම දේම අර පායලා තියන හදට කිවා...ඔයා විශ්වාස කරා ඔයා ගැන ඔයාගෙ සුරදූතයාට අර හද ගිහින් කියයි කියලා...ඔයා නම් මෝඩයි අප්පා...."

" ආහ් මටත් මතකයි ඔයත් ඔයාගෙ ඒන්ජල්ට ගිහින් කියන්න කියලා හදට ජාති ගොඩාක් දෙවල් කිවා....එත් හද අපි කියපු දෙවල් එයාලට කියලා නෑ නේද කූ...."

" ඇයි එහෙම කියන්නෙ...."

" එහෙම කිවා නම් නම්ජුන් මං එයා ලගට එනකල් බලන් ඉන්න තිබුනා...."

" චෝ ඇයි මේ....දැන් ඇති චෝ ඔය දේවල් මගෙන් හැංගුවා....මට හැමදේම කියන්න..ඔයා කියන දෙවල් අහන් ඉන්න එදා වගේම අදත් ඔයාගෙ කූ ඔයා එක්ක ඉන්නවා...."

" මං දන්නවා කූ...."

චොහී ජන්කූක් දිහා බලන් හිනාවෙලා එයාගෙ එක අතකින් ජන්කූක්ගෙ කොන්ඩෙ ඇවිස්සුවෙ ජන්කූක් මූන ඇබුල් කරගන්නකොට...චොහී දන්නවා ජන්කුක් එයාගෙ කොන්ඩෙ කවුරුත් අල්ලනවට කැමති නෑ කියලා...එත් ජන්කූක් හරි ආසයි චොහී එයාගෙ කොන්ඩෙ ඒ විදිහට අවුස්සනවට...චොහීත් ඒක දැනන් හිටියා....
.
.
.
.

" අඩන්න ඕන නේද ඔයාට....."

හද දිහා බලන් බර කල්පනාවක ඉන්න චොහීගෙ දිලිසෙන ඇස් දැකපු ජන්කූක් අහනකොට චොහී එයාගෙ ඇස් ජන්කූක්ගෙන් හංග ගන්න හිතාගෙන අහක බලාගත්තා....

" ඔයාගෙ හුස්මක වෙනස උනත් තවමත් මට අදුරගන්න පුලුවන්...අඩන්න ඕන නම් අඩලා ඔය දුක පිට කරගන්න චෝ....ඔයාටත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවා....."

චොහීගෙ ඔලුව හෙමිහිට අත ගාන ගමන් ජන්කූක් කියනකොට චොහීට එයාගෙ කදුලු පාලනය කරගන්න බැරි වුනා.....

" අනෙහ් කූ...."

" අඩන්න චෝ...මෙතන ඔයයි මමයි විතරයි ඉන්නෙ...ඔයාට පුලුවන් ඔයාගෙ දුක මාත් එක්ක බෙදාගන්න...."

ජන්කුක් කියන පරක්කුවට චොහී එහෙමම ජන්කූක්ගෙ පපුවට ඔලුව තියාගත්තේ එයාගෙ ඇස් වල කදුලු ඉකියකුත් එක්ක පිට කරන ගමන්...ජන්කූක් වචනයක්වත් කතා නොකර තමන්ගෙ පපුව උඩ අඩන තමන්ගෙ හොදම යාලුවාගෙ ඔලුව අත ගෑවෙ එයාට ඕන තරම් අඩන්න ඉඩ දෙන ගමන්...චොහීගෙ කදුලු එක දෙක ගලාගෙන ගිහින් ජන්කූක්ගෙ ඇදුම තෙත් කරනකොට ජන්කූක්ට දැනුනෙ ඒ කදුලු වලින් එයාව පිච්චෙනවා වගෙ...ජන්කූක් නොකිවත් මේ එයාගෙ පපුව උඩ අඩන්නෙ එයාට කවදාවත් අයිති කරගන්න බැරි එයාගෙ නොවුන එයාගෙ ආදරෙ...චොහීගෙ හැම කදුලකටම වගකියන්න ඕන නම්ජුන් බව දන්න ජන්කූක්ගෙ හිතෙ නම්ජුන් ගැන ලොකු තරහක් ඇති වුනා...එත් ජන්කූක් ඉවසුවා එයාගෙ චොහී වෙනුවෙන්....

පැයකටත් වැඩි කාලයක් චොහී ජන්කූක්ගෙ පපුව උඩ ඇඩුවා...අඩලා අඩලා හුස්ම ගන්න බැරි වෙනකල්ම චොහී ඇඩුවා...චෝහීට ඕන වුනා මේ විදිහට එයා අඩනකල් එයාගෙ ඔලුව අතගාන කෙනෙක්...එයාගෙ වේදනාව බෙදාගන්න පුලුවන් කෙනෙක්...එත් එයා හිතුවෙ එයාට එහෙම කෙනෙක් නෑ කියලා...එයාට අමතක උනා එයාගෙ හොදම යාලුවාව...එයාට අමතක උනා චොහීගෙ වේදනාවල් චොගීටත් වඩා දැනෙන කෙනෙක් මේ ලොකෙ ඉන්නවා කියලා...ඔව් ජන්කූක් ඉන්නකල් චොහී කවදාවත් තනිවෙන්නෙනෑ...චොහී නම්ජූන්ට හොදම යාලුවෙක් උනා වගේම ජන්කූක් චොහීට හොදම යාලුවෙක් උනා....චොහී ජන්කූක් දෙන්නටම දැනුනෙ එකම වගෙ වේදනාවක්....මොකද චොහී වගේම ජන්කූක්ත් තමන් පන වගේ ආදරෙ කරන කෙනා වෙන කෙනෙක් ලග ඉන්න එක දකිනවා....තමන් පන වගෙ ආදරෙ කරන කෙනා වෙන කෙනෙක්ට පන වගෙ ආදරෙ කරන දිහා චොහී වගේම ජන්කුක්ත් දැක්කා....ආදරවන්තයින් වෙන්න බැරි නිසා චොහී වගේම ජන්කුකත් තමන්ගෙ ආදරෙට ලං වෙන්න තොරගත්තෙ යාලුකම කියන මාතෘකාව....ඉතින් චොගීගෙ වේදනාව ජන්කූක් තරම් වෙන කවුරු තෙරුම් ගන්නද....

" අඩලා ඉවරද..."

තවමත් තමන්ගෙ පපුව උඩට වෙලා සද්දෙන් හුස්ම ගන්න ගමන් ඉන්න චොහීගෙන් ජන්කුක් අහනකොට චොහී ඔලුව වැනුවෙ ඔව් කියලා කියන්න...

" ආපහු අඩන්න බෑ තෙරුනාද..."

" නෑ කූ ආපහු අඩන්නෙ නෑ..."

" ඔයාට අඩන්න පුලුවන් මං ලගදි විතරයි තෙරුනද...නැත්නම් අනිත් අය හිතයි ඔයා දුර්වල කෙනෙක් කියලා....මං කැමති නෑ අනිත් අය ඔයා ගැන එහෙම හිතනවට...මගෙ චෝ තමා මෙ ලොකෙ ඉන්න ශක්තිමත්ම කෙල්ල.."

" මට දුකයි කූ....ඔයාගෙ චෝට ගොඩාක් දුකයි...දන්නාද මගෙ හදවත පුංචි පුංචි කෑලි ගොඩකට කැඩිලා ගිහින් වගේ...මට රිදෙනවා ගොඩාක් කූ...මං කොහොමද කූ මගෙ නම්ජූන්ව බෙදාගන්නෙ....කූ නම්ජුන් මගෙනෙ...මම කොහොමද මගෙ නම්ජුන්ව හීයූන්ට දෙන්නෙ...මට බෑ කූ මට බෑ එහෙම කරන්න...අනෙ කූ නම්ජුන් මගෙ විතරයිනෙ...මම කොහොමද එයා හීයූන් එක්ක ඉන්න දිහා බලන් ඉන්නෙ.. මට හරියට රිදෙනවා කූ...කූ නම්ජුන්ට බැරි ඇයි මට ආදරෙ කරන්න....මගෙ තියන අඩු පාඩුව මොකද්ද කූ..මම ලස්සන නැද්ද...නම්ජුන්ට මාව ගැලපෙන්නෙ නැද්ද කූ.. නම්ජුන් හිතන් ඉන්නෙ මම නරක කෙනෙක් කියලද.. ඔව් ගොඩාක් අය හිතන් ඉන්නෙ මින් චොහි කියන්නෙ නරක කෙනෙක් කියලනෙ...අනෙහ් කූ ඔයාට පුලුවන් නම් නම්ජුන්ට කියන්නකො චොහී ගොඩාක් හොද කෙනෙක් කියලා...මම එයාට ගොඩාක් ආදරෙ බව එයාට තෙරුම් කරලා දෙන්නකො....කූ මාව මැරෙයි කූ මේ දෙවල් දරාගන්න බැරුව...දන්නවද නම්ජුන් මගෙ ඉස්සරහම හීයූන් එක්ක ඉන්නකොට මගෙ හදවත මහ හයියෙන් කෑගහලා අඩනවා...එත් මම නම්ජුන්ට පෙන්නනවා මට ඒ දෙවල් ගානක් නෑ කියලා...මට හරි අමාරුයි කූ එහෙම කරන්න....මට බෑ රගපාන්න....ඇයි මටම මෙහෙම වෙන්නෙ....ඇයි මට විතරක් ආදරෙ විදින්න බැරි....ඇයි හැමදාමත් මම විතරක් තනියෙන් ආදරෙ කරලා තනියෙන් වේදනා විදින්නෙ...හෝසෝක්ට පන වගෙ ආදරෙ කරා එත් අන්තිමට මට හෝසෝක්ව දකින්නවත් බැරි විදිහට එයා අතුරුදන් වෙලා ගියා....නම්ජුන් මගෙ ජිවිතෙට ආවාම මං හිතුවෙ හැමදෙම හරි ගියා කියලා....එත් කූ එන්න එන්නම මේ වේදනාවල් වැඩි වෙනවා....වෙලාවකට හැම දේම අත ඇරලා දාන්න හිතෙනවා....මගෙ ජිවිතෙ පවා මට අතාරින්න හිතෙනවා කූ....එත් මං ඉවසනවා...මොකද චොහී කියන්නෙ ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් නෙවෙ කූ...ජන්කුවා අනෙහ් මට කියන්න කවමදාක හරි නම්ජුන් මට ආදරෙ කරයිද....මට ඒක කියන්න කූ ප්ලීස්...එතකොට මගෙ හිතෙ බලාපොරොත්තුවක් තියෙයි...මට පුලුවන් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් මේ වේදනාවල් ඉවසන් ඉන්න...ඒ බලාපොරොත්තුව මට ශක්තියක් වෙයි කූ....මට ජීවත් වෙන්න හේතුවක් වෙයි......."

ජන්කූක්ගෙ ශර්ට් එකෙ කෙලවරක් අතෙ ගුලි කරගෙන පොඩි එකෙක් වගේ ඇස් වලත් කදුලු පුරවන් ජන්කූක්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන චොහී එයාගෙ වේදනාව වචන වලට හරවනකොට ජන්කූක්ට දැනුන අසරණකම ගැන දන්නෙ ජන්කූක් විතරමයි....චොහීව තමන්ගෙ තුරුලට ඇදලා අරගත්තු ජන්කූක් තමන්ගෙ ඇස් වලින් වැටෙන්න දගලන කදුලු වලටත් ඔහෙ ගලා ගෙන යන්න ඉඩ දුන්න....

" මගෙ මැණිකට මේ වේදනාවල් බර වැඩි රත්තරනෙ.....ඇයි මැණික ඇයි මේ තරම් දේවල් කරන්නෙ තමන් ගැන ගානක්වත් නැති මිනිහෙක් වෙනුවෙන්....මං කිවා චෝ මං ඔයාට මුලින්ම කිවා හීයූන්ව ඔයාගෙ ගෙදර එක්කන් එනකොට ඔයාට මේ වේදනාවට මූන දෙන්න වෙයි කියලා....ඇයි දෙයියනෙ මං කියන දෙ අහන්න බැරි....නම්ජුන්ට ඔයාගෙ ආදරෙ තෙරුම් ගන්න බැරි ඇයි කියලා මම තවමත් මට හිතාගන්න බෑ....චෝ මැනික මං ඔයාව මේ දෙවල් වලින් ඈත් කරගන්නම්....මාව හැම වෙලාවෙම තෙරුම් ගන්න ඔයා දැනටමත් මගෙ හදවතෙ ඔයා වෙනුවෙන් තියන ආදරෙ තෙරුම් අරන් ඉවරයි කියලා මං දන්නවා මැනික....අහන්න රත්තරනෙ මං ඔයාව එක්කන් යන්නම්...මේ හැම වේදනාවකින්ම ඈතට...නම්ජුන්ගෙ රූපෙ ඔයාගෙ ඇස් වලට නොපෙනන දුරකට මං එක්කන් යන්නම්...අනෙහ් මට අවස්තාවක් දෙන්න මැනික...."

" අනෙක් කූ ඔයා තවත් මාව අසරණ කරනවා....කූ මට බෑ ඔයාට අවස්තාවක් දෙන්න....කූ මම කොහොමද නම්ජුන්ට වරදක් කරන්නෙ...කූ ඔයා නම්ජුන්ට කලින් මගෙ ජිවිතෙට ආවා නම් නම්ජුන් ගැන මගෙ හිතෙ ආදරයක් ඇති වෙන්න කලින් ඔයා ඔයාගෙ ආදරෙ මට දැනෙන්න දුන්නා නම් අද අපි දෙන්නම සතුටින් කූ....එත් ඔයා වගේම මමත් පරක්කුයි.....අපි දෙන්නම ආපහු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත් කූ...අනෙහ් කූ ප්ලිස් ආපහු මගෙන් ඒ වගෙ දෙයක් ඉල්ලන්න එපා...මට ඕන මගෙ යාලුවාව කූ...මට මගෙ යාලුවාව නැති කරන්න එපා....එහෙම උනොත් මට සිද්ද වෙන්නෙ මැරිලා යන්න කූ..මට තියන එකම හයිය ඔයා......"

" නෑ මැනික නෑ....ජන්කූක් හැමදාටම ඔයාගෙ හොදම යාලුවා....එක වෙනස් වෙන්නෙ නෑ....මේ හැම වේදනාවක්ම දරාගන්න ශක්තියක් වෙන්න ඔයාගෙ කූ හැමදාමත් ඔයා ලගින් ඉන්නවා......"

" තෑන්ක්ස් කූ..."

චොහී ඇස් දෙකත් පියාගෙන තවත් ජන්කූක්ගෙ උනුසුමට ලං වුනෙ ජන්කූක් නිසා එයාට එයාගෙ හැම වෙදනාවක්ම දරාගන්න ශක්තියක් ලැබෙන නිසා.. ජන්කුකත් ඇස් දෙක වහගෙන චොහීව තුරුලට කරන් හිටියෙ චොහීට දැන් ඕනම ඒ දේ කියලා දන්න නිසා....

චොහී ජන්කූක් හිතන් හිටියෙ පාක් එක ඇතුලෙ ඉන්නෙ ඒ දෙන්නා විතරයි කියලා....එත් එයාලාට වැරදුනා මේ වෙනකොටත් ඒ දෙන්නා දිහාවට තවත් කෙනෙක්ගෙ බැල්ම වැටිලා ඉවරයි...

________________________________________

හායි.....

අදහස් දක්වන් යන්න...

බායි...

Nam_Dinu_Joon 🥀

Continue Reading

You'll Also Like

12.1K 1.6K 40
"මන් ඔයාට පොඩි සීක්‍රට් එකක් කියන්නම් මගෙ බෙස්ටි.I 'm pregnant.ඒකත් ඔයාගෙ ෆියෝන්සෙ අතින්.😏😏😏." ඔයාගෙ හොදම යාලුවා ඔයාගෙ වෙඩින් එකට කලින් දවසෙ රෑ ඔය...
863K 53K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
47.6K 8.6K 30
පුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට...
768K 17.3K 46
In wich a one night stand turns out to be a lot more than that.