"අනේ ටේ හියොන්...ඔයා කොහෙද ඉන්නෙ අප්පා...ඔයාට ලෙඩක් කරදරයක්වත් ද...මට බය හිතෙනවා...යන තැනක ඇයි නොකියා ගියෙ... "
ජසෙරා උද්‍යානයේ කොනේ තිබුන සුපුරුදු බංකුවේ වාඩිවෙලා හිටිය හෝසොක් කදුලු අතරින් බොද වුන දෑස්වලින් ඈත පේන කදුලු පන්තිය දෙස බලන් තමන්ටම මුමුණගත්තා...
වෙනදට හෝසොක් ටේහියුන් දෙදෙනාගෙ කතාබහ අසා ඉන්නාක් මෙන් සිටින කදු පන්තිය අද වෙනදට වඩා අදුරු බවකින් යුක්ත උනෙ ටේහියුන් නැති අඩුව තව තවත් මතක් කරවමින්....
එදා අවසන් හමුවීමෙන් පසු මාසයක් ගතවෙලාත් ටේහියුන් නැවත උද්‍යානයේදිවත් පාරෙදිවත් මුණ ගැසිම හෝසොක්ගෙ හිතට ගෙනාවේ ලොකු තනිකමක් හා බියකරු හැගීමක්...
"ඔයාගෙ ෆෝන් නම්බරයක්වත් තිබ්බා නම්...😑"
මෙතරම් දිනක් මිතුරකු ලෙස ඉදලත් ටේහියුන්ගෙ නවාතැන්පල හැර ටේහියුන්ගෙ වෙනත් කිසිම විස්තරයක් නොදැන සිටිම ගැන හෝසොක්ට දැනුනෙ තමන් ගැනම ලැජ්ජාවක්...
"කොහොම උනත් දැන් තියෙන්නෙ එකම විසදුමයි..."
හෝසොක් දැඩි බලාපොරොත්තුවකුත් හිතේ දරන් බංකුවෙන් නැගිට්ටෙ අද කොහොම හරි ටේහියුන් ගැන තොරතුරක් හොයන් මිස ගෙදර යන්නැ කියලා හිතන්...
හෝසොක් ජෙසෙරා උද්‍යානය අසලින් වැටුන අතුරුපාර දිගෙ වටපිට බලමින් ඉදිරියට ගමන් කලේ එදා ටේහියුන් නිවසට යන විදිය ගැන කිව්ව විස්තරය ගැන ආවර්ජනය කරමින්...
"ම්ම්ම්...කියපු විස්තර අනුව මෙතන තමා තැන...කොකටත් ගිහින් බලමු...."
හෝසොක් අතුරුපාර අවසන් හරියෙ තිබුන සරල චාම් පෙනුමක් ඇති නිවස අසලින් නැවතිලා වටපිට බැලුවෙ තමන් පැමිනි තැන හරියටම නිවැරැදි දැයි දැනගන්න...
එතරම් විස්තරයක් දැකගන්න නොහැකි නිසා නිවසට ගිහින්ම බලන්න හිතමින් හෝසොක් නිවස ඉදිරිපස ගේට්ටුව විවෘත කරන් ඇතුලට ගියා...
හිතේ පොඩි චකිතයක් තිබ්බත් ටේහියුන් ගැන තොරතුරක් දැනගන්න ඕන නිසාම හෝසොක් හිත ශක්තිමත් කරන් ගිහින් නිවසෙ සීනුව නාද කලා...
තත්පර කීපයකින් දොර විවෘත කරන් මතු උනේ අවුරුදු 25ක පමණ පෙනුමක් ඇති තරුණයෙක්...
"ඇයි..කාව මුණගැහෙන්නද..? 😊"
නිවසෙ තරුණයා හිතුවට වඩා හරිම සුහදව කතා කලාමයි හෝසොක්ගෙ හිතෙ වූ බියත් චකිතයත් ටිකක් පහව ගියෙ...
"අනේ කරදර කරා නම් සමාවෙන්න...මේක ද ටේහියුන් හියොන්ගෙ ගෙදර..."
"ම්ම්ම්ම්...ඔව්...ඔයා කවුද..."
හෝසොක් ඇවිත් තියෙන්නෙ හරිම තැනට කියලා තරුණයා කිව්වම හෝසොක්ගෙ පුංචි හිතට අහිංසක සතුටක් දැනුනා....
"මං එයා යාලුවෙක්...දැන් මාසයක විතර ඉදන් මං ටේහියුන් හියොන්ව දැක්කෙ නැ...වෙනදට එයා සති අන්තයට අනිවාර්යයෙන්ම උද්‍යානයට එනවානෙ...එහෙම ආවෙත් නැ...ඒ නිසායි මං මේ ආවෙ...එයාට කරදරයක්වත් ද කියලා දැනගන්න..."
"අහ්හ්...😁 ඔයාද හෝසොක් කියන්නෙ..."
"ඒ කියන්නෙ ටේහියුන් හියොන් මෙයාලා එක්ක මං ගැන කියලා තියෙනවා..."
තරුනයා හෝසොක්ව දන්නා මෙන් හැසිරෙද්දි හොසොක්ට පොඩි ආඩම්බරයක් දැනුනා...හෝසොක් හිනාවෙවී හිස වැනුවා...
"ටේ හියොන් නැද්ද හියොන්...😁"
"මේකයි හෝසොක්...🙂 ටේහියුන්ට මැරේජ් එකක් ලෑස්ති කරලා එයාගෙ පවුලෙන්...එයා එයාගෙ මමායි හියොන්ගෙ පවුලෙ අයයි එක්ක සැන්ටක්ලාරා ගියා...ලබන මාසෙ වෙඩින් එකනෙ...ආයෙ කවදා එයි ද දන්නැ...."
"කවද්ද...එයා මට යනවා කියලාවත් කිව්වෙ නැනෙ..."
"දැන් මාසයකටත් කිට්ටුයි...
හැමදේම උනෙ හදිසියේ මං හිතන්නෙ..ඒකයි ඔයාට කියන්න බැරි වෙන්න ඇත්තෙ...එයා මට කියලා ගියෙ ඔයා ආවොත් අනිවාර්යයෙන්ම ඔය ටික කියන්න කියලා..."
"අහ් එහෙම ද....බොහොම ස්තූති හියොන් පනිවිඩයට...😑😊 මං ගිහින් එන්නම්...."
"අනේ ඕක සුලු දෙයක්...😊 පරිස්සමෙන් යන්න හෝසොක් දැනටමත් අදුර වැටෙන්න ඇවිත්.."
තරුනයා එහෙම කියලා දොර වසාගෙන නැවත නිවස තුලට යද්දී හෝසොක් ගේට්ටුව වහන් ඉක්මනට පාරට ආවා...
"😭😭😭😭😭😭😭😭😭"
තරුනයා කිව්ව වචනයක් වචනයක් ගානෙ හෝසොක්ගෙ දෙසවන් තුල රැව්දෙන්න පටන්ගත්තෙ හෝසොක් වෙන්න මොකක්ද කියලාවත් හිතාගන්න බැරුව ඉද්දි..
"අනේ දෙවියනෙ කොහොමද එහෙම වෙන්නෙ..."
"ඇයි මට ම මෙහෙම වෙන්නෙ..."
හෝසොක් බිම වාඩිවෙලා දනිස් අතරෙ හිස හොවන් විනාඩි කීපයක් ඇඩුවේ හිතට සැහැල්ලුවක් දැනෙන්න ඕන නිසා...
"මොන දේ උනත් කමක් නැ හෝසොක් ඔයා ශක්තිමත් වෙන්න...ඔයා ස්ට්‍රොන්ග් බෝයි කෙනෙක්..."
හෝසොක් තමාටම මුමුණගෙන කම්මුල් දිගෙ ගලාගෙන යන කදුලු වලට එහෙමම ඉන්න දිලා නැගිටලා ආව පාර දිගේම නැවත ඇවිදන් ගියා...
"ඇයි හියොන් මට මෙහෙම කලේ..."
"මගෙ හිතෙ ඔයා වෙනුවෙන් තිබ්බ ආදරෙ ඔයාට පොඩ්ඩක්වත් දැනුනෙ නැද්ද..."
"ඔයා වැරදි නැ හියොන්...මායි වැරදි...මගෙ හිතෙ තියෙන හැගිම දැනෙන්නෙ ඔයාට අමුතු මායා බලයක් නැනෙ...මට ඔයාට කියන්න තිබ්බා...මායි මෝඩ උනේ..."
"කමක් නැ හියොන් මං තරහා නැ පොඩ්ඩක්වත්...ඔයා ගියෙ ඔයාගෙ සතුට දැනෙන තැනටනෙ...ඔයා සතුටින් නම් මටත් ඕන එච්චරයි..."
"කොයි ලෝකෙ හිටියත් සතුටින් ඉන්න හියොන්...ඒක තමා මගෙ සතුට..."
හෝසොක් තමන්ගෙ ඇස් අගින් වැටුන කදුලු කැට පිහිදන්න උත්සාහ කලෙ නැ...අවට අදුර නිසාත් රාත්‍රීය නිසාත් නගරවැසියන් කඩිසර ගමනින් නිවෙස් කරා ඇදෙද්දි හෝසොක් හීමින් හිමින් ඇවිත් නැවතුනෙ ජසෙරා උද්‍යානයේ කෙටි තාප්පය ගාව...
හෝසොක් එහෙම දෑස් පියන් ගියෙ එයා ටේහියුන්ව මුණ ගැහුව අන්තිම දවසට...
"හෝසොක්...."
"ඇයි හියොන්..."
"ඔයාගෙ ලගම කෙනෙක් ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නෙ..."
"ම්ම්ම්ම්....මෙහෙමයි ඉතින්...මුලින් මට ගොඩාක් දුක හිතෙයි...ඒත් පස්සෙ මං ඒකට හුරුවෙයි...කවුරු හිටියත් නැත්තත් මගෙ හුස්ම වැටෙන එක නවතිනකන් මං ජිවත්වෙන්න එපැයි...මං මං වෙනුවෙන් ජිවත්වෙනවා..."
"ගුඩ් එහෙම තමා ඉන්න ඕන හෝසොක්...කවුරුත් වෙනුවෙන් ජීවත් වෙන්න හුරුවෙන්න එපා..අඩුම දෙමාපියො මතවත්...මොකද දවසක එයාලත් අපිව දාලා යනවා...
මිනිස්සු කියන්නෙ ජිවිතේට ඇවිත් යන කට්ටියක්...කවුරුත් සදාකාලිකව අපි එක්ක ඉන්නැ...කවුරු එක්ක හිටියත් ජිවිතේ කොතනකදි හරි අපි තනිවෙනවා..අන්න එදාට කවුරුත් හිටියත් නැතත් ඔයාට ජිවත් වෙන්න පුලුවන් කියන්නෙ ඔයා ඇත්තටම ශක්තිමත්..."
"ජිවත් වෙන්න අනිවාර්යයෙන්ම මනුස්සයෙක්ට හොද ඉවසීමක් , දරාගැනිමක් ඕනමයි හෝසොක්...නැත්තත් ජීවත් වෙන එක ලේසි නැ...
ඔයා දැකලා තියෙනවා ද ප්‍රශ්න දරාගන්න බැරුව ජීවිතෙ නැති කරගත්ත මිනිස්සු...ඒ ඉවසීම දරාගැනිමෙ සිමාවක් අඩුවෙන් තියෙන අය..ඒක එයාලාගෙ වැරැද්දක්මත් නෙවෙයි...හැමෝටම එක වගෙ දරාගන්න , ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ...ඒත් ඔය අතරෙ ඉන්න ඕන ප්‍රශ්නයකට බය නැතුව මුහුණ දෙන , හැමදේම සමසිතින් දරාගන්න මිනිස්සු ඉන්නවා නේද...එයාලා තමයි මේ ජිවිතේ වීරයො...එයාලා කවදාම හරි ජිවිතේ දිනලා තමන්ගෙ අරමුණට යනවා...මං නන් හිතන්නෙ එයාලාට තමා ජිවිතේ සැබැ ජයග්‍රහණය ලැබෙන්න ඕන..."
"ඔව්...හියොන් නිසා මාත් දැන් ශක්තිමත් කෙනෙක්..."
"නැ හෝසොක් ඒ මං නිසා නෙවෙයි...ඔයා හිතන විදිය මං වෙනස් කරපු නිසා...ඔයාගෙ ආකල්ප වෙනස් කරගත්ත නිසයි ඔයා ශක්තිමත් උනෙ...මං නිසා නෙවෙයි...මං පොඩි තල්ලුවක් දුන්නා විතරයි..."
.
.
"දරුවො...දැන් පින්න වැටෙනවා..ඔතනට වෙලා ඉන්නෙ නැතුව ගෙදර යන්න..."
හෝසොක් එකපාරම මනෝලොකයෙන් මිදී දැස් විවර කලෙ පාරෙ යමින් සිටිය මගියෙක්ගෙ හඩට...
හෝසොක් මගියාට හිස සලලා සුහදව ආචාර කරලා කෝට් සාක්කුවට දෑත් රුවාගෙන අවසන් වරට ජසෙරා උද්‍යානය දෙස බලලා නිවසට යන පාර දෙසට ගමන් කලා...
"මට දැනුයි තේරෙන්නෙ හියොන්...මෙච්චර දවස් ඔයා මට ජිවත් වෙන්නයි උගන්නලා තියෙන්නෙ..."
- YO -
💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
Hi Diamonds 💎,
කොහොමද ඉතින්...හොදින් ඉන්නවා නෙ කස්ටිය...
කාලෙකින් ඔන්න අප්ඩේට් කලා..😅
නැත්නම් ඔයාලා මාව කන්න හදනවානෙ.....
අනිත් කතා නන් අප්ඩේට් කරන්නෙ දෙසැම්බර් වල තමා ඉතින්...තරහා වෙන්න එපා ඉතින්...
අනිවාර්යයෙන්ම කතාව ගැන කමෙන්ට් කරන් යන්න...අවසන් කොටසින් හම්බෙමු...
පරිස්සමෙන් ඉන්න...
Bye...❤️