මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

51K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

දහවන මේඝය

936 154 12
By Yazwi_03

එදා ගෙවුණු කුජීත දවසෙන් පස්සේ කළුකුමාරයා ඒ හැටි මාත් එක්ක කුළුපග උනේ නෑ.. කොහොමත් එහෙම නෑනේ... මට මොකද..

ඇත්තටම මගේ ජීවිතේ මොකක්ද.. පිස්සුවක් වගේ... ඉස්සර නම් හීන තිබුණා.. බලාපොරොත්තු තිබුණා.. අරමුණු තිබුණා.. ඒත් දැන් ඒවා ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමටම මන් කාර්‍යබහුල වෙලා.. කොටින්ම කියනවනම් මන් දුකෙන්ද සතුටෙන්ද ඉන්නේ කියලවත් මන් දන්නේ නෑ...

මේඝව මැරි කරන්න කලින්.. එයත් එක්ක මටම කියලා ගොඩනගාගත්තු හීන ලෝකයක්ම මට තිබුණා.. ඒ හිතළුවල හිටපු මේඝ හිටියේ මට ඕන විදියට.. මන් කැමතිම විදියට...

දැන් මන් නිදහසක් ලැබුණ වෙලාවට ඒ ලෝකේ ආයෙම හදාගන්න උත්සාහ කරත් මට ඒක කරන්න බෑ... මේඝ කියන්නේ මහා ගල් පතුරකින් දොරටුව වැහිලා තියෙන අඳුරු ගල් ගුහාවක් වගේ.. ඒ ගල් පතුරු කිසිම හේතුවක් මත පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නෑ... එක අංශුමාත්‍රයක්වත් එයාව මට තේරුම් ගන්නත් බෑ... ඒකෙත් පුදුමයක් නෑ මාව තේරුම්ගන්න බැරි මන් කොහොමද ඒ තරම් සංකීර්ණ මනුස්සයෙක්ව තේරුම් ගන්නේ...

ඇත්තටම මේවට අවසානයක් තියේවිද.. මේවගේ නැවතීම කොතනද... මේඝගේ සෙල්ලම ඉවර වුණාට පස්සේ අනිවාර්‍යෙන්ම මට මේ හැමදේම අතඅරින්න වෙනවා... ඒත් කාලය එන්න එන්නම ඔහේ ගෙවීගෙන යද්දි මන් මේ ජීවිතේට හුරුවුණාම කොහොමද මන් එහෙම හැමදේම අත් ඇරලා පැත්තකට වෙන්නේ...

මන් ආස දේවල් , මන් කරන්න කැමැත්තෙන් හීන දැකපු දේවල්, එන්න එන්නම මට අමතක වේගෙන යනවා.. ඒ කියන්නෙ මට මාවම අමතක වෙනවා.. නොලැබෙන ආදරයක් හොයන් ගිහින් මන් මටම කරගන්නේ වැරැද්දක්ද.. වෙලාවකට මගේ හිත මගෙන්ම අහනවා.. ඉතින් එතකොට මන් උත්තර නැතුව අසරණයි.. මේඝගේ නපුරු තදකළු පාට ඇස් හිතේ ඇඳගෙන ඒ වෙලාවට මන් ඇස් දෙක පියාගෙන ඒ ඇස් අස්සේ පුංචි හරි සැනසීමක් හොයනවා.. කවදාවත් හොයාගන්න නොලැබුනත් මන් හැමදාම ඒක හොයනවා නොනැවතීම හොයනවා....

රූෆ්ටොප් එකට වෙලා තැඹිලි රතු පාටට හැරුණු අහස දිහා බලාගෙන මන් හිටියේ බර කල්පනාවක.. ඒත් ඒ කල්පනාව බිඳුණේ එකපාරටම ෆෝන් එකෙන් ආපු නොටිෆිකේශන් සවුන්ඩ් එක හින්දා...

මොහොතකට..

කියාගන්න තේරෙන්නැති හැඟීමක් මගේ හිත ආක්‍රමණය කරා.. ඒක කුතුහලය ප්‍රධාන වෙච්ව හරි අමුතු ෆීලින් එකක්..

වෙන මොකුත් නෙමෙයි කළුකුමාරයගේ අප්ඩේට්ස් ඒ.. වෙනදා වගේ නිදහසේ ඒවා කියවන්නත් දැන් මට බෑ.. මොකද හැම වෙලාවෙම මගේ හිත අනවසරයෙන්ම ඒ කවි මට ම ආදේශ කරන්න උත්සාහ කරනවා.. මට විතරක් නෙමෙයි අපේ ජීවිතවලට.. එතකොට තේරුම් ගන්න බැරි හැඟීම්, බැඳීම් වලින් හෙම්බත් වෙලා ඉන්න මට ඒක තවත් ලොකු පීඩනයක්... නිදහසක් දැනෙන්නේ නෑ ඒ වචන වලින්...

හඳත් තනිවෙලා හූල්ලන
මැදියම් රෑ ජාමේ
ඇඟ හිරිවට්ටගෙන හමන් ගියපු හුළඟේ...
අමුණලා යවපු කඳුළුද මන්දා
වැස්සක් වෙලා මේ
පල්ලම් බහින්නේ...
උඹටත් එහෙනම්
මගේ කඳුළු බර වැඩි වුණාද...?

~ කළුකුමාරයා ~

බොහොම කෙටි පෝස්ට් එකක් ඒක..
හැමතිස්සෙම මන් දන්න මේඝත් එක්ක මන් මේවා සසඳලා බලන හින්දා මේ පොඩි වචන ටික මගේ හිතට අරන් ආවේ මහ බරක්..

ඒත් එක්කම මන් කමෙන්ට් සෙක්ශන් එක ඕපන් කරලා බැලුවේ පුරුද්දට වගේ.. ලේසියෙන් කමෙන්ට්වලට රිප්ලයි නොකරන මනුස්සයා අද එක කමෙන්ට් එකකට රිප්ලයි කරලා..

~|| ලෝකෙම දරාගෙන ඉන්න අහසටත් උහුලන්න බැරි තරමටම.. මුළු ලෝකෙම දුක් සුසුම් හංගන් ඉන්න හුළඟටත් දරාගන්න බැරි තරමටම ඔය කඳුළුහැටි බරවෙන්න ලොකු හේතුවක් ඔයාට ඇති නේද...

||~ මෙය හුදෙක් කල්පිත සිතුවිල්ලක් ම පමණි.. කල්පිතයන් චරිතවලට ආදේශ කිරීම අනුවණ ක්‍රියාවකි...

මූණටම දමලා ගැහුවා වගේ එයා රිප්ලයි කරලා තිබුණේ එහෙම..

ඒ වචන අස්සේ මේඝව හොයන මටත් ඒක ටිකක් තදට දැනුනා.. ඇත්තටම මගේ හිතේ හිටපු මේඝ කල්පිතයක් විතරමද.. මේ ඉන්න මේඝව අඳුනගන්න මේ වචන උදව් වෙයි කියලා හිතුවත් මට පේන්නේ ඒකෙනුත් වැඩක් නෑ වගේ...

ෆෝන් එක පපුව උඩින් තියාගෙන මන් බර හුස්මක් ගත්තේ හිත නිදහස් කරගන්න.. මොකද සීමාව ඉක්මවෙන තරමට ඒක පිරිලා ගිහින් ස්ටොරේජ් ෆුල් උනාම කඳුළු වෙලා ඉතුරු හරිය ඔහේ පිටවෙලා යනවට මන් කැමති නෑ...

ඒත් එක්කම ආයෙම ෆෝන් එක වයිබ්‍රේට් උනා...

මේඝගෙන් ටෙක්ස්ට් එකක්...

"ෆන්ශන් එක තියෙන්නෙ අද.. හයයි තිහ වෙනකොට රෙඩි වෙලා ඉන්න..."

එච්චරයි ඉතින්...

මන් ටිකක් වෙලා ස්ක්‍රීන් එක දිහා බලන් ඉදියා තව මොනාම හරි දෙයක් එයා එවයි කියලා හිතාගෙන.. නෑ ඒ වගේ දේවල් මේඝගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.. සමහර විට එයා ඇත්තටම කෙනෙක්ට ආදරය කරන දවසටවත් මේ හැසිරීම වෙනස් වෙන එකක් නෑ... ඒ තරම්ම එයා ගුප්තයි...

ආයෙම බර හුස්මක් අරගෙන මන් හිටපු තැනින් නැගිට්ටේ ඉක්මනට ලේස්ති වෙන්න ඕන හින්දා... නැත්තන් බස් වල බඩගාන්න වෙයිද කියන්නත් බෑ එහෙව් මිනිහනේ....

.
.
.
.
.
.
.
.
.
.
.

හයයි විස්ස වෙනකොට එදා ගත්ත ෆ්‍රොක් එකට ඒ හීල්ස් දෙක දාලා සිම්පල් මේක් අප් එකක් දාලා මන් රෙඩි වෙලා සාලෙට වෙලා හිටියේ මේඝ එනකන්...

"ඒ.. ඕයි.. උබ ඉන්නවද... පොඩ්ඩක් වරෙන්කෝ..."

එකපාරටම එළියෙන් ලපයා කෑගහනවා ඇහුනා.. ඔය සතා ඔහොමමයි.. පාරේ එහාපැත්තේ ඉදන් මුළු ලේන් එකටම ඇහෙන්න ලතෝනි තියනවා...

මන් ඉක්මනට දුවලා ගියේ තව ටිකක් වෙලා මේ ගෑනි කෑගැහුවොත් අල්ලපු ගෙදර මිසිස් සපරමාදුගේ ප්‍රෙශර් නගින හින්දා..

"මන් තොට කී සැරයක් කියලා තියෙද යකෝ.. ගල් යුගේ වගේ කෑගහන්නැතුව උබට බැරිද මැසේජ් එකක් දාන්න.. ආහ්...."

මාත් ගේ ඉස්සරහට ගිහින් කෑ ගැහුවා....

"හරි හරි මට ක්‍රෙඩිට් නෑ බන් ඔය මගුල් කරන්න... උබලා කීයටද යන්නේ..."

"හයයි තිහ කියලා අරයා කිව්වෙ නම්.. උඹ දන්නවනේ එක තත්පර දශම භාගයක්වත් ඒක එහෙ මෙහෙ වෙන්නේ නෑනේ... "

"අපෝ ඔව් ඔව්.. ඒ මේ මාත් එනවා හලෝ ඕකට..."

"උඹ කොහොමද එන්නෙ..."

"ඇයි අමතක උනාත මයේ සුදුතාත්ති ගැම්න.... හුම්... එයැයිත් යනෝලු... සුදාම්මිවත් එක්කන් යම්නම් කිව්වා.."

"නෙදකින් තූහ් විතරක් ඒක කිව්ව කැත... ඔය සුදාම්මිලා සුදු තාත්තිලා එන වෙලාවක එන්ටකෝ.. මන් යනවා කළුකුමාරයා එක්ක... "

"නෑ මන් බැලුවේ උඹලා එක්ක යන්න.. බෑනේ ඒ වැඩේ හරියන්නෑ... මන් වෙනම එන්නම් උබලා පලයල්ලා..."

"හරි හරි එහෙනම් ලේස්ති වෙලා වරෙන් මන් යනවා ඇතුළට..."

මන් ඇතුළට යනකොටම වගේ පණුපැටියා කළුකුමාරයව වීල් චෙයා එකේ තියාගෙන එක්කගෙන ආවා...
වීල්චෙයා එකේ හිටියට මොකද.. මේ මනුස්සයා ඒකෙත් ඉන්නේ මාර ස්ට්‍රේට් විදියට... ඕනම කෙල්ලෙක් දෙපාරක් නෙමෙයි විසි තිස් වතාවක් හැරිලා බලන තරමටම එයාට තිබ්බේ මාරම බ්‍රයිට් පර්සනැලිටි එකක්..

මන් දිහා උඩ ඉදන් යටට එකම එක පාරක් විතරක් බලපු කළුකුමාරයා මාව පාස් කරගෙනම එළියට ගියේ පන්සිළු එක්කමයි...

යකෝ.. මුගේ ගෑනි මමද.. මේ සෙප්පඩ සෙක්කද...

මන් බැන බැනම ඇවිත් කාර් එකට නැග්ගේ නැත්තන් අනිවාර්‍යෙන්ම දාලා යනවා කියලා දන්න හින්දා..

.
.
.
.
.
.
.
.
.
.
.

හොටෙල් එක ළඟට එන්න පැය භාගයක් විතර ගියා අපිට.. එන අතරේ කළුකුමාරය නම් ශීට් එකට ඔලුව තියන් ඇස් පියන් හිටපු එක විතරයි කළේ.. පර්ෆියුම් එකේ සුවඳ ඕනවටත් වඩා ළඟින් දැනෙන හින්දා නිකන් හිරි වැටිලා යනවා වගේ.. මොන මගුල් fragrance එකක්ද මන් දන්නෑ මේක නම්.. ඒක සුවඳක් උනාට ඒක මහ අමුතු සුවඳක්.. මට තේරෙන්නෑ මේ යකා මේක මොකට යූස් කරනවද කියලා...

හොටෙල් එන්ට්‍රන්ස් එක ගාව කාර් එක නවත්තලා කළුකුමාරයව වීල් චෙයා එකේ තියාගෙන ඇවිත් පන්සිළු මන් ගාවින් නැවතුණා...

"මැඩම්.. මට හදිසි වැඩ වගයක් බලන්න තියෙනවා.. සර් ව පොඩ්ඩක් බලනවද.. ෆන්ශන් එක ඉවර වෙන්න කලින් මන් එනවා..."

හ්හ්.. යකෝ මූ... මගේ මනුස්සයව බලාගන්න හැටි මේ පණු පැටියා මට කියන්න ඕනද.. කෝලම් නේ..

"ඕකේ.. ඔයාගේ වැඩ කරගන්න..."

බොරුවට හිනාවෙලා මන් ගිහින් මේඝගේ වීල්චෙයා එකත් තල්ලු කරගෙන ඇතුළට ගියා.. flower arrangements එහෙම පුදුම ලස්සනක් තිබුණේ.. මන් ඒ හැමදේම දිහා බල බලම කළුකුමාරයගේ වීල්චෙයා එක තල්ලු කරගෙන grand ballroom එකට ගියා..

එතනින් එහාට... සිද්ද වුණ ගොඩක් දේවල් මට තේරුනේ නෑ.. මොනා හරි බිස්නස් සම්බන්ධ ෆන්ශන් එකක් කියලා විතරමයි තේරුණේ... මේඝගේ වීල්චෙයා එක තල්ලු කරන් එහෙට මෙහෙට ගිහින් ඉවර වෙලා මන් ඔහේ පුටුවකට වෙලා වාඩි වෙලා බලන් ඉදියා.. මෙලෝ වැඩක් නෑ... ලපයා එනවා කිව්වට ඒ හෝන්තුවත් න.. යශ් මට ටෙක්ස්ට් එකක් දාලා තිබුණා ඒ හොල්මනට බඩේ අමාරුවක් කියලා.. මොකාක් හරි මලකුණක් කන්නැති ශුවර් එකටම... කට පාලනේ නෑනේ...

කම්මැලි හින්දා ෆෝන් එකේ උඩ පහළ ඔහේ බඩගගා ඉන්නකොට පන්සිළු මගේ ළඟට ආවා..

"මැඩම්.. සර්ට යන්න ඕනලු.. අපි යමු නේද..."

මට නම් මේ ගොබ්බසේනව පේන්න බෑ.. ඇයි වදේ මූ හැමවෙලාවෙම නිකන් මැද්දෙන් පනින්නේ... ශික්...

"හා යන් යන්..."

මන් ආයෙම බොරුවට හිනාවෙලා ඉක්මනට නැගිටලා එළියට ආවේ පැය ගාණක් මේ මගුලේ ඉඳලම එපා වෙලා හිටපු හින්දා...

රෑ දොළහටත් ළඟ ඇති.. පැය කීයක්ද.. කිසි වැඩකට ඇති වැඩක් නෙමෙයි... කාර් එකට වෙලා ගෙදර එන ගමන් මන් හිතින් බැන බැන ආවේ මගේ වටිනා කාලේ මේ මල සමයමකට නිකන් නාස්ති කරන්න උන හින්දා.. යකෝ.. කතාවක්වත් බලන්න තිබුණා ගෙදර හිටියනම්...

ටිකක් දුර ආවට පස්සේ එකපාරටම පණු පැටියා කාර් එක නැවැත්තුවා.. මූටත් ඒ පාර ලොක්කගේ මොළේ අමාරුව ගහලද කොහෙද...

ඩ්‍රයිවින් ශීට් එකෙන් බැහැලා ආපු පණු පැටියා මේඝවත් බස්සගෙන වීල්චෙයා එකේ ඉන්දවගෙන.. කොහෙටද එක්කන් ගියා...

යකෝ මන් මේ කාර් එක ඇතුළේ.. මුන් දෙන්නා ජෝඩු දාලා යන්න යනවා.. මල පනින එක සර්ව සාදාරණ නැත්ද මන් අහන්නේ....

විනාඩියක් දෙකක් ගියාම පන්සිළු ආයෙම කාර් එක ළඟට ආවේ තනියම...

"මැඩම් යන්... "

පණුපැටියට උරුම අහිංසක හිනාව දාලා මට කිව්වාම ඉතින් ඇත්තටම අර තරහා නිවෙනවා...

මන් කාර් එකෙන් බැස්සමයි දැක්කේ ඒ බීච් එකක්...

මේ මහ රෑ දොළහට විතර බීච් එකට එන්න මේකට පිස්සු තදවෙලාද...

මන් පන්සිළුගේ පස්සෙන් ගිහින් අන්තිමට නැවතුණේ බීච් එකේ.. මේඝ වීල් චෙයා එක වැල්ලේ තියාගෙන අහස දිහා බලන් හිටියා... හැමදාම එහෙම දකින්න තියෙනවනම් කොච්චර හොඳද.. භාවනාවක් වගේ හරියට...

මාත් හෙමින් හෙමින් වැල්ල දිගේ ඇවිදගෙන ඇවිත් බිමින් වාඩි වුණේ අහස දිහා බලාගෙනමයි...

හඳ අද හරිම සතුටින් වගේ තරු ගොඩාක් වට කරගෙන සෑහෙන එළියක් විහිඳුවන ගමන් එයා දිලිසෙනවා.... පිරුණු හඳක් ඒක.. අඩුපාඩු තිබුණත් ලස්සන හින්දා ඒවා කැපිලා ගිහින්.. හඳ තරු අහස අරක් අරගෙන ඉන්න හින්දමද කොහෙද වලාකුළු නම් ඉරිසියාවට වේගෙන් වේගෙන් වෙන කොහේදෝ ගමනක් යනවා..

ඒ අස්සේ හීතලම හීතල මූදූ හුළං ඇඟේ දැවටෙන්න ගත්තේ එයාව අමතක කරන්න එපා කියලා මතක් කරලා දෙන ගමන්.. කාර්‍යබහුල වෙරළේ එක මනුස්සයෙක්වත් නැති.. පාර පුරාම එක වාහනයක්වත් නැති මේ වගේ වෙලාවක.. මුළු පරිසරයෙම තියෙන්නෙ මුහුදයි හුළඟයි තරඟෙට විලාප දෙන හඬවල් විතරයි...

රළගෙඩි ඇවිත් ගල්පරවල හැපිලා බිඳෙද්දි.. වගේම හුළඟ එක එක විදියට හූ තියද්දි.. දැනෙන්නේ අමුතුම හැඟීමක්.. රැය නිස්කලංකයි කිව්වට මෙතන නම් ඇති නිස්කලංක බවක් නෑ ඒත්.. මේ ඝෝශාව හිතට සහනයක්...

මන් දිගින් දිගටම අහස දිහා බලාගෙන ඉද්දි මගේ ඇහැ කොනට දැකපු දෙයින් මන් හීතල වෙලා ගියා...

මේඝගේ හෙවණැල්ල.. ඒක දික් වෙලා ඒ කොහොමද... මන් එහෙමම බෙල්ල හරවලා බැලුවේ මේඝ දිහා..

දෙයියනේ...!!!

මේ මනුස්සයා නැගිටලා...

ඒ කොහොමද...

මන් ඇස් දෙක පුදුමෙන් ලොකු කරන් එක දිගටම මේඝ දිහා බලන් ඉදිද්දි.. එයා අඩියෙන් අඩිය වීල් චෙයා එකෙන් ඈතට ගියා... කිසිම අමාරුවක් නැතුව.. සාමාන්‍ය විදියටම...

ඒ කියන්නේ මෙච්චර දවස් කරේ බොරුවක්ද...

මගේ හිතට එක එක විදියේ අදහස් ගොඩ වෙද්දි මන් කළේ මේඝ දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටපු එක විතරයි...

"ඇයි බය වෙලා... "

මේඝ මගේ ළඟට එන ගමන් ඇහුවාම.. මට මතක් වුණේ එදා රෑ..... මිට අවුරුදු පහකට විතර කලින් ෆ්ලවර් රෝඩ් එකේ කෙළවරේ හුස්ම ගන්න බැරුව මන් දඟලපු හැටි මට මැවි මැවී පේන්න ගත්තා...

එන්න එන්නම කට කොනේ හිනාවක් රඳවගෙන කළුකුමාරයා මගේ ළඟට එද්දි.. මන් වැල්ලේ වාඩිවෙලා ඉද්දිම පස්සෙන් පස්සට ගියේ හිතට අහේතුකව ගොඩවුණ බය හින්දා...

මන් ළඟටම ඇවිත් එක දණහිසක් වැල්ල උඩ තියලා කළුකුමාරයා මගේ මූණ ළඟටම ළං වුණා.. හීතල මූදූ හුළං ඇඟ පුරාම හැපි හැපි පැටළෙද්දි.. මේඝගේ උණුහුම් හුස්ම රැළිත් මගේ මූණේ වදින්නේ වෙනස්ම හැඟීමක් ඇති කරන ගමන්.. බය කුතුහලය එක්ක තව මොකක්දෝ අමුතු හැඟීමක් හිත අස්සේ දඟළන කොට මන් ඇස් ලොකු කරන් බලන් හිටියේ මේඝ දිහා...

"ඔච්වර ම බය වෙන්න ඕන නෑ..."

කට කොනෙන් හිනාවෙවී මගේ මූණටම එබිලා අමුතුම විදියට කළුකුමාරයා කිව්වේ මගේ හාට් රේට් එක එකසිය ගානටම නග්ගන ගමන්...

"එක සරල ප්‍රශ්නයක් අහන්නම්.. ඒකට උත්තර දෙනවනම්.. මේක මෙතනින්ම ඉවරයි..."

මන් ගල් ගැහිලා බලාගෙන ඉද්දි කළුකුමාරයා කියවගෙන ගියා..

"දේවප්‍රිය කියන එකාටයි තමුසෙටයි තියෙන සම්බන්දේ මොකක්ද..."

එකපාරටම මූණ යකෙක් තරම් නපුරු කරගෙන මේඝ මගෙන් ඇහුවා.. ඒ ඇස්වල ඇහිපිය ගැහෙන්නේ නැති තරම්.. ඇස් දිලිසෙනවා... ඒත් මේ ප්‍රශ්නෙට මන් කොහොමද උත්තරයක් දෙන්නේ... මන් ඒ මනුස්සයව දන්නෙත් මේඝ හින්දමයි.. එහෙව් එකේ මොනවද මේ අහන්නේ...

මන් කියන්න දෙයක් හිතාගන්න බැරුව වටපිට බල බල ඉඳිද්දි පවා මේඝ මගේ දිහා බලාගෙන...

"මන්... එහෙම... වි... විශේෂයෙන්.. එ.. එයාව අඳුනන්නේ නෑ.. ඉස්සෙල්ලම දැ.. දැක්කෙත් එදා බදුල්ලෙදී..."

"සීරියස්ලි... තමුසෙට පේන්නේ මන් මොකෙක් වගේද ආහ්..."

එකපාරටම කළුකුමාරයා මහ සද්දෙන් කෑගැහුවා.. ඒකට නම් ඇඟේ හිරිගඬුත් පිපුණද මන්දා... ඇයි මේ හිටි හැටියේ මේ මනුස්සයා වෙනස් වෙලා... වචනවලට පෙරළන්න බැරි තරමේ වෛරයක් ඒ ඇස් දෙකේ පැතිරිලා ගිහිල්ලා ඒත් ඒ ඇයි.. අර මනුස්සයා නිසාද...

"මන්.. ඇත්තමයි කියන්නේ..."

මන් පපුවට අත තියාගෙන වේගෙන් වේගෙන් ඇහිපිය ගහන ගමන් කිව්වා.. මට ඕන මෙතනින් දුවලා යන්න.. මේඝව තල්ලු කරලා ඒ දුශ්ට ඇස් පේන්නෙවත් නැති තැනකට පැනලා යන්න... ඒත් මට හයියක් නෑ ඒකට..

"එහෙමද.. එහෙනම් බලාගන්නවා තමුසෙට මොකද වෙන්නේ කියලා.."

එහෙම කියපු මේඝ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා.. අමුතුම සමච්වල් හිනාවක් මූණේ ඇඳගෙන බිම වැටිලා හිටපු මන් දිහා දිගටම බලන් ඉදියා...

බය හිතෙනවා යකෝ...

මාත් එයා දිහාම බලන් ඉදියේ ඊළඟට මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව.. මන් දිහා විනාඩියක් දෙකක්.. හිනාවෙවි බලන් හිටපු මේඝ අත් දෙක සාක්කු අස්සේ ඔබාගෙන මුහුද පැත්තට ඇවිදගෙන යන්න ගියා....

ඒත්....

එකපාරටම....

මොනාද මට මේ ඇහෙන්නේ...

මුහුදේ සද්දේ හුළඟේ සද්දේ ඒ කිසි දෙයක් මට ඇහෙන්නේ නෑ... ඒ වෙනුවට මොකක්දෝ මන්දා කන් අස්සේ දෝංකාර දෙනවා..

විනාඩි ගාණකට පස්සේ ඒකත් නෑ...

ඒත් ඇයි මට මේ ඇහෙන්නැත්තේ..

මන් කන් අත්වලින් තද කරගෙන නැගිට්ටේ මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව...

දෙයියනේ.. ඇයි... ඇයි මට ඇහෙන්නැත්තේ....

මට තේරෙනවා පරිසරයේ මොනවා හරි සද්ද ටිකක් තියෙනවා කියලා ඒත් ඒ සද්ද එකින් එක වෙන් කරලා මට අඳුනගන්න බෑ.. කොටින්ම කියනවනම් ඇහෙන්නේ නෑ....

මන්, මන් හිටපු තැනම ඉදන් එහෙ මෙහේ වුණේ කිසිම දෙයක් හිතාගන්න බැරුව...

"යාහ්.... යාහ්.... ආහ්....."

මන් කන් දෙක බදාගෙන බිම වාඩිවුණේ කෑගහන ගමන්... මට අහන්න ඕන ඒත් ඇහෙන්නෑ... මට මේ ඇහෙන සද්දේ නෙමෙයි මට අහන්න ඕන.. මට ඕන මුහුදේ සද්දේ අහන්න... මට ඕන හුළඟේ සද්දේ අහන්න.. මට ඕන සත්තුන්ගේ සද්දේ අහන්න මට ඕන මිනිස්සු කතා කරන සද්දේ අහන්න.. අනේ ඇයි.... අනේ ඇයි... මට මේ ඇහෙන්නේ නැත්තේ...

මුහුද ගාවට ගියපු මේඝ ආයෙම හැරිලා මන් ගාවට ආවේ සාක්කු අස්සට අත් ඔබාගෙනමයි..

ඒ මූණේ තිබුණ හිනාව..

මාව හරියට පණ පිටින් පුච්වලා දානවා වගෙයි.. හෙමින් හෙමින් මන් ගාවට ආපු මේඝ ආයෙම මගේ මූණ ළඟට නැවුණා... ෆෝන් එක බ්ලෙසර් එක ඇතුළෙන් අර ගෙන එයා මොනවදෝ ඒකේ ටයිප් කරලා ෆෝන් එක මගේ දිහාවට දික් කළා...

~ දැන් කියනවා මොකක්ද තමුසෙලගේ ඩීල් එක... ~

මන් ඒක කියවලා ඉවර කරාට පස්සේ මට ආවේ පුදුම කේන්තියක්.. මගේ ලෝකෙම හිස් වෙලා තියෙද්දි... මේ මනුස්සයා මොනවද මේ අහන්නේ...

මොහොතකට හිතලා බලන්න මේ ලෝකේ තියන ලක්ශ ගාණක් සද්දවලින් එකක්වත් හදිස්සියෙම ඔයාට ඇහෙන්නැතුව ගියොත් අඩුම තමන් කතා කරන එකවත් ඇහෙන්නැතුව ගියොත්.. මුළු ලෝකෙම හිස් වගේ දැනුනොත් හිතාගන්නවත් පුළුවන්ද.. ඒක නිකන් පණ පිටින් ඉදිද්දි මනුස්සයෙක්ව මරනවා තරම් වේදනාවක්... සෑහෙන ලොකු වේදනාවක්...

මගෙන් උත්තරයක් නැති තැන මේඝ ආයෙම මගේ මූණට ෆෝන් එක දික් කළා...

මගේ ඇස්වලට කඳුළු පිරුණේ දුකට වඩා දරාගන්න බැරි තරහ හින්දා වෙන්න ඇති...

"තමුන්ට පිස්සුද මනුස්සයෝ.. මන් දන්න දේවප්‍රියෙක් නෑ.. එදා බදුල්ලෙදී තමුන් එක්ක ඉදිද්දි ඒ මිනිහව හම්බුන වෙලාවේ තමා ඉස්සෙල්ලම ඒ මනුස්සයව දැක්කේ.. ඊටපස්සේ එදා ශොපින් ගියපු දවසේ.. ආයෙම අද... ඉතින් මොනවද අහන්නේ.. මොන සම්බන්ධයක්ද... ආහ්.. මොකක්ද මේකේ තේරුම.. ජීවිතේ දෙපාරක් තුන්පාරක් විතරක් දැකපු මිනිහෙක් එක්ක මගේ තියෙන සම්බන්ධේ මොකක්ද... ආ... ඇයි මට මෙහෙම කරන්නේ.. මන් මොකක්ද තමුන්ට කරපු වරද.. ඇයි මගෙන් පළිගන්නේ... පිස්සුද... ඔහේට ආආඅ..."

මන් කෑගැහුවද.. දන්නෑ මන් දන්නෑ...මට ඇහෙන්නැති හින්ද මන් දන්නෑ මන් කොච්චර හයියෙන් කෑගැහුවද කියලා.. හැබැයි මගේ උගුර රිදෙන්න ගත්ත විදියෙන් නම් මට තේරුණා හිතාගන්නවත් බැරි තරම් හයියෙන් මන් කෑගහන්නැති කියලා...

මේඝ මගේ දිහා බලාගෙන ඉදලා හැරිලා යන්න ගියා.. මන් එහෙමම වැල්ල උඩට වැටුණේ කඳුළු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන යද්දී...

"අනේ ඇයි මේ තරම් මගේ ලෝකේ හිස්... මේක වෙන්න බෑ... අනේ... මේක වෙන්න බෑ... මට අහන්න ඕන ආයෙම හැමදේම..."

මන් පිස්සුවෙන් වගේ කොන්ඩේ ඇදගන්න ගමන් කෑගැහුවා... අඩුම තරමේ ඒකවත් මට ඇහෙන්නේ නෑ... .මොකක්ද දෙයියනේ මට වුණේ....

_____________________________________

උදේම මේඝගේ ඔෆිස් රූම් එකට වෙලා පන්සිළු හිටියේ ඊයේ සිද්ද වුණු දේවල් ගැන විස්තර දැනගන්න..

"සර් මැඩම්ට හොඳ වෙන්න කොච්චර කල් යයිද.."

පුටුවේ වාඩිවෙලා හිටපු මේඝ ඇහිබැමක් උස්සලා පන්සිළු දිහා බැලුවේ හීන් හිනාවකුත් මූණේ තියාගෙනමයි..

"පැය විසිහතරක්... ඇතුළත හොඳ වෙයි..."

"ඕහ්...දැන් සර් මොකක්ද ගත්තු තීරණේ..ඇත්තටම මිසිස් අවින්දි දේවප්‍රියගේ කෙනෙක්ද..."

"නෑ.. නෑ.. මට පේන්නේ මෙතන තියෙන්නේ වෙන ම එකක්.. අවින්දි දන්නේ නැ දේවප්‍රිය එක්ක එයාට ෆැමලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් කනෙක්ශන් එකක් තියෙන බව... සමහර විට දේවප්‍රිය දන්නවා වෙන්නත් පුළුවන්... එක්කෝ දෙන්නම නොදන්නවා වෙන්නත් පුළුවන්.. මොනා වුනත් දේවප්‍රියට ඕන දෙයක් කරන්න ආපු කෙනෙක් නෙමෙයි අවින්දි කියන්නේ.."

"සර්ට කන්ෆර්ම්ද.. හරියටම.. සර් කොහොමද එහෙම විශ්වාසෙන්ම ඒක කියන්නේ...."

"පන්සිළු.. පන්සිළු... ඊයේ රෑ බීච් එකේදි මන් අවින්දිට temporal hear loss එකක් ඇති කළා.. ඒක එයාට ලොකු ශොක් එකක්..

සාමාන්‍යෙන් මනුස්සයෙක් බොරුවක් කියනකොට එයාගේ බොඩි ලැන්ග්වේජ් එකේ සෑහෙන්න පොයින්ට්ස් අපිට අහුවෙනවා වෙනස් වෙන.. සමහර මෝමන්ට්ස් එක එක්කෙනාට ආවේණික ඒවා.. එතකොට එකපාරටම ඔය වගේ ශොක් එකක් ආපු වෙලාවක එයා බොරුවක් කියන්න ට්‍රයි කරනවනම්.. ඔය කියපු ලක්ෂණ ටික එයා යටපත් කරගන්න ඕන.. මොකද නැත්තන් අහන කෙනාට ඩිරෙක්ට් තේරෙනවනේ ඒ කියන්නෙ බොරු කියලා... අවින්දි කිව්වෙ බොරුවක් නෙමේ.. මොකද.. එයාගේ එහෙම කිසිම දෙයක් පේන්න තිබුණෙ නෑ බොරු කියන කෙනෙක්ගේ ලක්ෂණ... එයා ඒවා යටපත් කරා කියලා හිතන්නත් බෑ.. එතකොට එයා කියපු දේවල් ඇත්ත කියලා මට කන්ෆර්ම්..."

" එතකොට සර් දැන් අවින්දි මැඩම්ව මැරි කරපු එක වැඩක් නැති වෙනවා නේද.."

"ඒ මොකද ඒ..."

"සර් අවින්දි මැඩම්ව මැරි කළේ දේවප්‍රියගේ උගුලට සර් අහුවුණා කියලා පෙන්නන ඕන උන හින්දා නේද.. දැන් අවින්දි මැඩම් දේවප්‍රියගේ කෙනෙක් නෙමෙයි නම් ඒකෙන් වැඩක් වෙන්නේ නෑනේ..."

"නෑ.... පන්සිළු මැරේජ් එකට හේතුව ඒක නෙමෙයි...මට අම්මටයි අප්පච්චියි නිදහසක් දෙන්න ඕන වුණා.. මන් දන්නවා ඔය අවින්දි මගේ පස්සේ කැරකෙන්නේ දැන් අවුරුදු ගාණක ඉදන් කියලා... අම්මලව නිදහස් කරන්න කියලා කොහෙන්දෝ ආපු මාව නොදන්න ගෑනියෙක්ව කසාද බැඳලා මට බෑ මගේ නිදහස නැති කරගන්න පන්සිළු... ඒකයි මන් අවින්දිව තෝරගත්තේ..."

"මන් හිතනවා සර් ගත්තු ඩිසිශන් එක ගොඩක් හොඳයි කියලා... "

පන්සිළු හිනා වෙවී ම කිව්වේ මේඝ දිහා බලාගෙන..
.
.
.
.
.
.
.
.
.

"කේශර වට් ඉස් ද නෙක්ස්ට් ස්ටෙප්...."

හිනාව නවත්තපු පන්සිළු එකපාරටම මේඝගේ නමින් කතා කරේ අවධාරණාත්මක බැල්මක් එක්කමයි...

පන්සිළු දිහා විනාඩියක් දෙකක් බලාගෙන හිටපු මේඝ පුටුවෙන් නැගිටලා ජනේලය ගාවට ගියා...

"ලෙට්ස් වොච්.. මොකාටද ඌ එන්න හදන්නේ කියලා.. එකපාරක් විනාස කරපු මගේ ජීවිතේ ආයෙම විනාස කරන්න මන් ඌට ආයෙම ඉඩ දෙන්නේ නෑ....."

අත් මිට මොළවගන්න ගමන් මේඝ කතා කළේ ගොඩක් තදින්.. ඒ ඇස්වල තිබුණේ අමුතුම ස්ථිර බවක්... වචන කරන්න අමාරු තරමේ වෛරයක්...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

ඉදිරියේදී තවත් දේවල් සිදුවේවී...

තවත් සහන බලාපොරොත්තු වන්න... බුහාහාආආආආඅ....!!!

මිළඟ මේඝයෙන් හමුවෙමු....

Continue Reading

You'll Also Like

3M 263K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
27.3K 3.2K 15
මේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජී...
88.8K 8.8K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
114K 12.5K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...