Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 46

660 149 30
By Cyra_00

ටේහ්‍යුන් ජිමින් ජන්ග්කුක් ජන්ග්මි එක්ක හොස්පිටල් එකට ආවත් තනියම ඇවිදගෙන යන්න පුලුවන් තත්ත්වෙක ටේහ්‍යුන් හිටියේ නෑ...ඇග කොච්චර දුර්වල ද කියනවා නම් කාගෙවත් උදව් නැතුව ටේහ්‍යුන්ට හරියට ඇවිදගන්නවත් බෑ..දකින කෙනෙක්ගේ පපුව පිච්චිලා යන තරම් ටේහ්‍යුන් දුර්වල වෙලා..

ටේහ්‍යුන් මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි..ඒත් සමාජේ විසින්මයි ටේහ්‍යුන්ව මේ තත්ත්වෙට පත් කරේ...එකපාරක් ඉවසුවා කියමුකෝ..ඒත් දෙවෙනි පාරත් ඒ දේම උනොත් ?? ඉවසන්න කියන එක කටින් කියන්න ලේසි උනාට කරන්න ලේසි නෑ...ටේහ්‍යුන් ඉවසුවා...පුලුවන් තරම් ඉවසුවා...එයා ජීවත් වෙන්න උත්සාහ කරා..සතුටින් ඉන්න උත්සාහ කරා...ඒත් දෛවය ටේහ්‍යුන්ගේ සතුට එක්ක සෙල්ලම් කරනවා නම්...ඉස්සර ටේහ්‍යුන් දෛවය එක්ක සටන් කරත් දැන් ටේහ්‍යුන්ට ඒකට ශක්තියක් නෑ..ටේහ්‍යුන් දැන් දුර්වලයි..

සිරුරෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ටේහ්‍යුන් දුර්වලයි...තනියම නැගිටගන්න බැරි තරමට දුර්වලයි..ජීවිතේ තියෙන අන්තිම ආසාවත් ඇතෑරලා ඉන්න ටේහ්‍යුන්ව හැම වෙලේම ජීවත් කරවන්නේ එයාගේ පුංචි රෝස මල...ටේහ්‍යුන් මැරෙන්න හදන හැම වෙලේම එයාට එයාගේ රෝස මලව පේනවා..ඔම්මාත් නැතුව අප්පාත් නැතුව කොහොමද කෙල්ලෙක් ඉස්සරහට ජීවත් වෙන්නේ..අප්පෙක් විදියට ටේහ්‍යුන්ට නිදහසේ මැරෙන්නවත් බෑ...

🐰 ජන්ග්මියා අපි දෙන්නා අප්පාට ඔම්මාව බලලා එන්න කියලා කන්න මොනවා හරි අරන් එන්න යමු..

ජන්ග්කුක් කතා කරාම ජිමින්ට වාරු වෙලා හොස්පිටල් එක ඇතුලට ආව ටේහ්‍යුන්ගේ අතේ එල්ලිලා හිටිය කෙල්ලා හා කියලා ඔලුව වනලා ජන්ග්කුක්ට එයාව වඩාගන්න කියලා අත් දික් කරා..

🐰 කෝ එන්න...

ජන්ග්කුක් කෙල්ලව වඩා ගත්තාම ටේහ්‍යුන්ගේ මාස්ක් එකට උඩින්ම තොල්වලට පෙක් එකක් දුන්න කෙල්ල ජිමින්ට එයාගේ අප්පාව බලාගන්න කියලා අනකුත් දීලා තමයි ජිමින් එක්ක ගියේ..ජන්ග්මි ගියාම ජිමින්ගේ වාරුවෙන් ටේහ්‍යුන් නාදියාගේ රූම් එක ලගටම ආවත් ඇතුලට යන්න අදිමදි කරා..

🐥ටේයා වේ ??

ටේහ්‍යුන් ඉස්සරහට අඩිය තියන්නේ නැති නිසා ජිමින් ඇහුවාම ටේහ්‍යුන් එකපාරටම ජිමින්ව බදාගෙන පොඩි එකෙක් වගේ අඩන්න පටන් ගත්තා..ටේහ්‍යුන් අඩන නිසා ජිමින් බොහොම අමාරුවෙන් ටේහ්‍යුන්ව පුටුවකින් වාඩි කෙරෙව්වා...

🐥 අනේ ටේයා ඇයි මේ ?? ඇතුලට යන්න බැරිද ??

ජිමින් අඩන ටේහ්‍යුන් මූන උඩට උස්සලා ඇහුවාම එයා ඔලුව දෙපැත්තට හොල්ලලා බෑ කියලා ඔලුව වැනුවා..

🐥 එහෙනම් අපි ආයි යමුද ??

ඒකටත් ටේහ්‍යුන් කරේ බැහැ කියලා ඔලුව වනපු එක විතරයි...ටේහ්‍යුන්ගේ හිත වරදකාරී හැගීම් වලින් පිරිලා...නාදියා මෙහෙම ඇදක් උඩ ඉන්න එකට හේතුව ටේහ්‍යුන් කියලාමයි එයාගේ හිත කියන්නේ..හිත වැරදිත් නෑ...ටේහ්‍යුන් නාදියාට ආදරේ නොකරා නම් මෙහෙම වෙන්නේ නෑනේ..ඒත් ඉතින් මේක දෛවය නම්..වෙන්න තියෙන දේවල් නවත්තන්න බැහැනේ..

🐥 ටේයා ඔයා හිතන්නේ නාදියා මෙහෙම ඉන්න හේතුව ඔයා කියලාද  🥺🥺

හැමදාමත් වගේ ටේහ්‍යුන්ගේ හැගීම් ටේහ්‍යුන්ගේ සෝල්මේට්ට තේරුම් ගන්න පුලුවන් උන එක ගැන ටේහ්‍යුන්ගේ හිතේ පුංචි සතුටක් ආවා..එයා එක දිගට ඔව් කියලා ඔලුව වනන ගමන් පුංචි එකෙක් වගෙ ජිමින්ට තුරුල් වෙලා අඩනකොට ජිමින් ටේහ්‍යුන්ව තුරුල් කරන් පරිස්සමින් ඔලුව අතගෑවා..ඇති තරම් ටේහ්‍යුන්ට අඩන්න දුන්න ජිමින් ටේහ්‍යුන්ගේ ඇඩිල්ල ඉකියක් බවට පත් වෙනකොට කතා කරන්න පටන් ගත්තා..

🐥 ටේයා..දන්නවාද ?? අයිශු කෝමා එකේ ඉන්නකොටත් මටත් ඔයාට වගේම හිතුනා..ඇයි මන් අයිඩල් කෙනෙක් උනේ , ඇයි මන් ෆේමස් උනේ කියලා හිතුනා...ඇයි මට නිදහසක් නැත්තේ ?? ඇයි මන් ආදරේ කරන කෙනෙක්ට මට ආදරේ කරන්න බැරි ?? ඇයි මගේ ජිවිතේ කාටවත් ඕන විදියට තියාගන්නේ ?? වගේ ප්‍රශ්න ගොඩක් මගේ ඔලුව ඇතුලෙ කැරකුනා..හැමවෙලේම මන් මටම වැරැද්ද දාගත්තා..ෆේමස් නොවි මන් සාමාන්‍ය කෙනෙක් උනා නම් මට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතුනා..අයිශුට සිහිය ආපු ගමන් මන් එයාගෙන් සමාව ඉල්ලලා මේවා කියලා අඩනකොට එයා දන්නවාද මට කිව්ව දේ ??

ටේහ්‍යුන්ගේ මාස්ක් එක චුට්ටකට ගලවලා ඇස්වල කදුලු පිහිදලා ජිමින් හිනා වෙලා අහනකොට ටේහ්‍යුන් පොඩි එකෙක් වගෙ තොල් පෙරලන් නහයෙන් හුරුස් හුරුස් ගගා උඩට ඇද ඇද නෑ කියලා ඔලුව වැනුවා..

🐥 එයා මට කිව්වා මන් ෆේමස් නොවුනා නම්, මන් අයිඩල් කෙනෙක් නොවුනා නම් කවදාවත් අපි ආදරේ කරන්න තියා හම්බුවෙන එකක්වත් නෑ කිව්වා..එයා ලංකාවේ ඉදන් මෙහෙ ආවේ මන් අයිඩල් කෙනෙක් නිසා කිව්වා..මන් ෆේමස් නිසා කිව්වා..මන් සාමාන්‍ය කෙනෙක් උනා නම් මේ වෙනකොට මන් වෙන කෙනෙක් බැදලා එයත් සමහරවිට ලංකාවේ කෙනෙක්ව බැදලා ඉදිවි කියලා කිව්වා...ඒ නිසා මගේ ජිවිතේට වැරදි පටවගන්න එපා කියලා එයා මට බැන්නා..දන්නවාද එවෙලේ මන් මගේ ජිවිතේට තවත් ආස කරා..එයා කියපු එක ඇත්ත මන් ෆේමස් උනේ නැත්තන් මට ආදරේ කරන ලොකු ෆෑන් බේස් එකක් නැත්තන් මට ලස්සන හීනයක් තිබ්බේ නැත්තන් සමහරවිට මන් බුසාන් වල ඉන්න සාමාන්‍ය කොල්ලෙක් වෙයි...අයිශු ලංකාවේ ඉන්න මන් අහලාවත් නැති කෙනෙක් වෙයි..එතකොට ඔයා ඩේගු වල ඉන්න ගොවියෙක් වෙයි ටේහ්‍යුන්...ඔයාට මේ හීනේ තිබ්බේ නැත්තන් ඔයා සෝල් එන්නේ නෑ...ඒ ආවේ නැත්තන් ලස්සන හදවතක් තියෙන නායොන්ග්වවත් ලංකාවේ ඉදන් අපිව හොයාගෙන ආව පිස්සු කෙල්ල නාදියාවවත් ඔයාට හම්බුවෙන්නෙ නෑ ටේහ්‍යුන්...ඔයා එහෙනම් නිකන්ම නිකන් ගොවියෙක්ගේ පුතෙක් උන ටේහ්‍යුන් විතරයි...ඒ නිසා ඔයාගෙ ජිවිතේට වෛර කරන්න එපා ටේයා...මේ උන දෙ සමහරවිට දෛවය වෙන්න ඇති...වෙන්න තියෙන දෙවල් අපිට නවත්තන්න බැහැ ටේයා...දෙයියෝ ඔයාට චාන්ස් දෙකක් දුන්නා..එච්චර දීපු දෙවියෝ ඔයාට තව චාන්ස් එකක් නොදි ඉන්න එකක් නෑ...හැබැයි දැන් ඔයා මෙතනට වෙලා මෙහෙම දුර්වලයෙක් වගෙ අඩ අඩ ඉදලා ඔයාට ලැබෙන අන්තිම චාන්ස් එකත් මිස් කරගන්න තමයි හදන්නේ...

ජිමින් එහෙම කිව්වාම ටේහ්‍යුන් එක දිගට නැහැ කියලා ඔලුව වනන් ගියේ එයාට නාදියාව නැති කරගන්න බැහැ කියන්න වගේ..

🐥 අපි යමුද ඇතුලට ??

ටේහ්‍යුන් හා කියලා ඔලුව වැනුවාම අමාරුවෙන් ටේහ්‍යුන්වත් ඇගට බර කරන් නාදියාගේ කාමරේට එක්කගෙන ගියා..මැශින් ගොඩක් මැද්දේ තාමත් නිසොල්මන්ව ඉන්න නාදියාව දැක්කාම ටේහ්‍යුන්ගේ දුර්වල හදවත ගින්නකින් දැවෙනවා වගේ දැනුනේ..අමාරුවෙන් හිමින් අඩිය තිය තිය නාදියා ලගට ගිය ටේහ්‍යුන් නාදියාගේ අතකින් අල්ලගත්තේ කදුලු පුරෝගෙන..ජිමින් ලග තිබ්බ පුටුවකින් ටේහ්‍යුන්ව වාඩි කරවලා එලියට ගියේ ටේහ්‍යුන්ට පොඩ්ඩක් නාදියා එක්ක ඉන්න දෙන්න ඕන නිසායි..

ජිමින්ට එලියට ඇහුනා ටේහ්‍යුන් නාදියා ලග කෑ ගහලා අඩනවා...ඒත් ටේහ්‍යුන් වචනයක්වත් කිව්වේ නෑ..එයා කරපු එකම දේ නාදියාගේ අත අල්ලගෙන කෑ ගහලා අඩපු එක විතරයි..එලියට ටේහ්‍යුන්ගේ අදෝනාව ඇහෙනකොට ජිමින්ගේ ඇස්වලින් වැටෙන කදුලු එකදිගට ගලන්න පටන් ගත්තේ එයාට උනත් එයාගේ සහෝදරයාගේ වේදනාව අහන් ඉන්න බැරි නිසායි..

🌱 ජිමින් හ්‍යුන්ග් 🥺🥺

🐥 අයේශ් !!

ජිමින් ඉක්මනට ඇස්වලින් වැටෙන කදුලු පිහිදන ගමන් අයේශ් එක්ක කතා කරාම අයේශුත් ජිමින්ගේ එහාපැත්තෙන් වාඩි උනේ ටේහ්‍යුන් අඩන සද්දේ එලියට ඇහුන නිසා..

🌱 එයා ආවද හ්‍යුන්ග්

🐥 මට හිතෙනවා එක්කන් ආවේ නැත්තන් හරි කියලා...එයාට ඒ වේදනාව දරාගන්න බැහැ අයේශ්..

🌱 හ්ම්..

එතනින් එහාට දෙන්නාගෙම තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවක්..ටේහ්‍යුන් අඩලා අඩලා නිශ්ශබ්ද උනාම ජිමින් නැගිට්ටේ ටේහ්‍යුන්ව බලන්න ඇතුලට යන්න කියලා..මොකද එක්කන් ආවට ටේහ්‍යුන්ගේ තත්ත්වේ එක්ක ජිමින්ගේ හිත බයයි...ඇතුලට යනකොට ජිමින් දැක්කේ අඩලා අඩලාම නාදියාගෙ අතකුත් අල්ලන් නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ව..

🌱 ටේ හ්‍යුන්ග් තාමත් කතා කරන්නේ නැද්ද හ්‍යුන්ග්..

🐥 හ්ම්..ජන්ග්මි එක්ක නම් එක වචනයක් දෙකක් කියනවා..ඒකත් කලාතුරකින්...එයා කරන්නේ ඔහේ බලාගත්ත අත බලාගෙන අඩන එක විතරයි..හැබැයි එයාගේ අද ප්‍රතිචාර හොදයි..ඩොක්ටර් තමයි කිව්වේ නාදියාව බලන්න එක්කන් යන්න කියලා..ඒත් මන් හිතුවේ නෑ මාසයක්ම යන්න බැහැ කිව්ව කෙනා අද යාවි කියලා..

🌱 සමහරවිට හිත හදාගන්න ඇති..

🐥 අනි..මන් හිතන්නේ නෑ ටේහ්‍යුන් ලේසියෙන් එයාගේ හිතට සමාව දෙයි කියලා...එයා ඇත්තටම අද ආවේ ජන්ග්මි එයා එක්ක තරහ වෙයි කියන බයට...නැත්තන් ටේහ්‍යුන්ව ලේසියෙන් එලියට ගන්න වෙන එකක් නෑ..

ටික වෙලාවක් යනකම්ම දෙන්න අතර තිබ්බේ ලොකු නිශ්ශබ්දතාවක්..අයේශ්ට ටේහ්‍යුන් එක්ක කේන්ති..එයා නිසායි එයාගේ නංගි මෙහෙම ඉන්නේ..ඒත් ටේහ්‍යුන් ඉන්න තත්ත්වේ දැක්කාම ඕනම කෙනෙක්ට තේරෙනවා ටේහ්‍යුන් නාදියාට කොච්චර ආදරෙයිද කියලා..ඉතින් කොහොමද ටේහ්‍යුන්ගේ පිටට වැරැද්ද දාලා බනින්නේ..

🐥 ඔයාලා හෙට මෙහෙන් යනවාද ??

නිදාගෙන ඉන්න ටේහ්‍යුන් දිහා බලාගෙන ම ජිමින් අයේශ්ගෙන් අහනකොට අයේශ් නිහඩව ටිකක් වෙලා හිටියා..

🌱 හ්ම්..ඇමරිකා යන්න කියලා බැලුවේ..ඩොක්ටර්ස්ලා නම් කියන්නේ කොහේ අරන් ගියත් නාදියාගේ තත්ත්වේ වෙනසක් වෙන එකක් නෑ කියලා..එයා තනියම උත්සාහ කරන්න ඕනලු නැගිටින්න..ඩොක්ටර් කියනවා නාදියා ටික ටික එයාගේ උත්සාහය අතාරිනවා කියලා..

අයෙශ් කදුලු අතරින් කියනකොට ජිමින් අයේශ්ගේ පිටට තට්ටුවක් දැම්මේ හැමදේම හරි යයි කියන්න වගේ..එහෙම්ම නාදියා ලගට ගිය ජිමින් නාදියාගේ ඔලුව අතගාන්න පටන් ගත්තේ හරිම ආදරෙන්..

🐥 නාදියා...ඔයා කොහොමද ඔහොම ඉන්නේ පැට්ටෝ...ඔයාගේ ඔප්පලා අඩනකොට ඔහොම ඉන්න පුලුවන් ද..හ්ම්...ඔයාට බැහැ අතාරින්න නාදියා..ඔයාගේ ජිවිතේ ඔයාගේ විතරක් නෙමෙයි..ඔයා ඔයාගේ ජිවිතේ ඔහොම ලේසියෙන් අතෑරියොත් ටේහ්‍යුන්ට මොකද වෙන්නේ ?? ඔයාගේ දෝනිට මොකද වෙන්නේ ?? ඔයාට ඇහුනා නේද නාදියා ටේහ්‍යුන් අඩන සද්දේ..ඔයාගේ ටේ ඔප්පාව ඔයාට බලන්න ඕන නැද්ද නාදියා..එයා ඇත්තටම දැන් කැත වෙලා..ඔයා ඇස් ඇරියාම මේ ඔයාගේ කොටි පැටියාද කියලා හිතාගන්න බැරි වෙයි..ඒ තරම් ඇදිලා ගිහින්..ඉක්මනට ඇස් ඇරලා බලන්න නාදියා...ඔයා ඔහොම දිගටම හිටියොත් අපිට ඔයා වගේම ටේහ්‍යුන් කියලා කෙනෙකුත් නැති වෙයි...

ජිමින් ඒ ටික කියලා යන්න හදනකොටම ජිමින් දැක දෙයින් එයාට හිතාගන්න බැරි උනා..සතුට වැඩිකමට ජිමින් කෑ ගැහුවේ නිදාගෙන හිටිය ටේහ්‍යුන්වත් ගැස්සිලා ඇහැරෙන විදියට..

🐥 අයෙශ් එයා අඩනවා....අයෙශ් මේ බලන්න...නාදියා අඩනවා...අයේශ් එයාගෙ අත හෙල්ලුනා...අයේශ් නාදියාගේ ඇගිලි හෙල්ලෙනවා..

🌱 හ්‍යුන්ග්..ම..මන් ඩොක්ටර්ව එක්කගෙන එන්නම්..

අයේශ් දොරෙත් හැප්පි හැප්පි ගිහින් ඩොක්ටර්ව එක්කන් ආවේ මාස ගානකට පස්සේ නාදියාගේ රියැක්ශන් එකක් තිබ්බ සතුට දාරාගන්න බැරුව..ඩොක්ටර් ඇවිල්ලා නාදියාව චෙක් කරනකම් කට්ටියම එලියට වෙලා හිටියා..ටේහ්‍යුන් නම් හිටියේ ජිමින්ටගේ උරහිසට ඔලුව තියාගෙන..මොකද ඔලුව උස්සන් ඉන්න බැරි තරම් එයා අමාරුවෙන් හිටියේ..මේ වෙනකොට ජන්ග්මි ජන්ග්කුක් වගේම නාදියාගේ අම්මායි තාත්තායිත් ඇවිල්ලා හිටියේ..නාදියාගේ අම්මා නම් ටේහ්‍යුන් එක්ක තාමත් තරහින් හිටියත් ටේහ්‍යුන් ඉන්න විදිය දැක්කා එයාට මුකුත් කියන්න හිතුනේ නෑ..පැයකට විතර පස්සේ ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවේ මූනේ හිනාවක් රදවගෙනමයි...

Nadia's Dad : ඩොක්ටර් මගේ දුව !!

💊 congratulations මිස්ටර් සූරිබන්ඩාර...මිස් නාදියාට සිහිය ආවා..මේක නම් හාස්කමක් වගේ..ඊයේ වෙනකනුත් මිස් නාදියා හිටියේ එයාගේ ජිවිතේ ඇතැරලා..මන් හිතන්නේ එයාට ආයි ජීවත් වෙන්න හේතුවක් හම්බුවෙලා වගේ..

Nadia's Mom : ඩොක්ටර් මට දුවව බලන්න පුලුවන්ද ??

💊 හ්ම් පුලුවන්...ආහ් එයා ඇස් ඇරපු ගමන් මිස්ටර් ටේහ්‍යුන්වයි ජන්ග්මිවයි ඇහුවේ...මන් හිතන්නේ එයාලට මුලින්ම යන්න දුන්නොත් හොදයි...

ඩොක්ටර් එහෙම කියනකොට හැමෝම ටේහ්‍යුන් දිහ බැලුවත් ටේහ්‍යුන් එතනින් නැගිටලා නාදියා ඉන්න රූම් එක පැත්තට යන්නේ නැතුව අනිත් පැත්තට යන්න හැදුවේ හිස් බැල්මකින්..

🐥 ටේහ්‍යුන් කොහෙද යන්නේ ?? නාදියා ඔයාව බලන්න ඕන කිව්වා..

ජිමින් කොච්චර කෑ ගැහුවත් ටේහ්‍යුන් දිගටම ඇවිදගෙන ගියා..ඒත් එයාට තනියම ඇවිදින්න පුලුවන් උනේ ටික දුරයි..ඇග දුර්වල නිසාම ටේහ්‍යුන් එකපාරටම බිමට ඇදගෙන වැටුනේ හැමෝමව කෑ ගස්සලා..

🐥🌱🐰 ටේහ්‍යුන් !!

👶 අප්පා...😭

ජිමින් අයේශ් දෙන්නා ඉක්මනට ගිහින් ටේහ්‍යුන්ව නැගිට්ටෙව්වා...අඩලා අඩලාම කෙලින් හිටගන්නවත් බැරි තරම් ටේහ්‍යුන් දැන් දුර්වලයි..

🌱 අම්ම ඔයාලා නාදියා ලගට යන්න...මන් ටේහ්‍යුන් හ්‍යුන්ග්ව බලලා එන්නම්...නාදියාට කියන්න එපා මේ ගැන...ජන්ග්මිව එක්කගෙන යන්න..

Nadia's Mom : හරි පුතා...කො එන්න පැටියෝ..

ටේහ්‍යුන් දිහා බලාගෙන අඩන ජන්ග්මිව ජන්ග්කුක්ගේ අතින් අරගෙන යන්න හැදුවත් කෙල්ල බැහැලා ගිහින් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලුනා..
කෙල්ලටත් ටේහ්‍යුන් මෙහෙම අමාරුවෙන් ඉන්නවා දැක දැක කොච්චර ඕන උනත් නාදියා ලගට යන්න පුලුවන්කමක් තිබ්බේ නෑ..

👶 අ..අප්පා...

🐯 ය...ය..යන්න...

කෙල්ලව ජන්ග්කුක්ගේ අතට දීලා නාදියාගේ රූම් එක පෙන්නුව ටේහ්‍යුන් අමාරුවෙන් ආයි නැගිටලා කාර් එක පැත්තට ගියා..වැටෙන්න ගියත් තියෙන මුරන්ඩුකම හින්දාම කාටවත් අල්ලන්න දුන්නෙත් නෑ..

🐰 ජන්ග්මියා කෝ අඩන්න එපා මැණික...අප්පා කාර් එකේ ඉදිවි...අපි ගිහින් ඔම්මාව බලලා එමු...

👶 අප්පා ඕනේ...

🐰 මේ අහන්නකෝ මැණික...අප්පා රැවුලත් වැවිලා කැතටනේ ඉන්නේ..ඔහොම හිටියොත් එයාට ඔම්මාගෙන් ගුටි කන්න වෙනවානේ...ඒ නිසා අපි දැන් ගිහින් ඔම්මාව බලලා පස්සේ අප්පා එක්ක එමු...අරස්සෝ...

👶 හ්ම්..

..............................................................................................

අම්මෝ ඇති යාන්තම් නැගිට්ටා...මේ හොර නාදියා ටේහ්‍යුන් එනකම්ම චැපි කීයක නිදාගෙන හිටියාද 🙂🙂

ඒක නෙමෙයි ලමයි,

තව චැපි දෙකකින් වගේ ඉවර කරන්නද ටේහ්‍යුන්ව ලංකාවේ පැත්තේ එහෙම යවලා ලංකාවේ විදියට මගුලක් එහෙම ගන්නද ?? මොකද කියන්නේ 😌😌 ඔයාලා කියාන දෙයක් තමා ඉතින්...

හැබැයි මට comment වරුසාවක් ඕනේ...ඔක්කොම ඒවාට මන් reply කරනවා..ප්‍රොමිස්...

වචන 1731...කොටයි කිව්වොත් කොටනවා සෙනිකව....🙂🙂

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

48.2K 2K 24
A model who chose love over limelight and a CEO who chose career over love. Where Omega Taehyung at his peak of modeling career gave everything up to...
590 99 7
"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම කියන්නෙත් දෙන්නෙක් අතර ඇතිවෙන ආදරයක් වග...
264K 6.3K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
41.8K 4K 18
Love grows. It flows. Yibo's love is unique and perfect on its own way. His first love is all but beautiful, except for one thing... Can you guess it...