ඒත් මම මනස්ව ගෙනිහින් දාලා කරේ වැරදි වැඩක් ද? මනස් මගෙන් ඈතටම ගියොත්? හිත කෑ ගහනවා.. ආයෙත් හිත හිරකරන් ඉන්න මට බෑ. මම කැමති නෑ මේ ලෝකෙට ව්‍යාජ හිනාවක් පෙන්නන් ඇතුලින් වේදනා විදින්න. මට ඕනි ජීවිත කාලෙම උබත් එක්ක ඉන්න. මම ලෝභ වෙලා, ඒක ඇත්ත....
මනස්ගෙ වෙඩින් එකට දින තීන්දු කරලා කියලා කියද්දිත් හිත රිදෙන්නේ නැද් ද?මම මගෙන්ම අහනවා! මනස් හැමදාම බොන්නත් පටන් අරන්. මමත් මේ දේවල් සිහියක් නැතුව වගේ අහන් ඉදියොත් ඇත්තටම අපිට මොක ද වෙන්නේ?
කල්පනා කර කර ඉන්න අතරේ තාත්තාගෙන් මට අවුරුදු ගානකට පස්සේ කෝල් එකක්! මම හිතුවා හරි ඒක බිස්නස් වැඩක් මිස ආදරෙන් පුතේ කියලාවත් කතා කරන කතාවක් නෙමෙයි. ඒත් මාස තුනක්?ඇමරිකා ටුවර් එකක්.
මුකුත්ම නොකියා ෆෝන් එක කට් කරේ හිතේ තියෙන දුකයි කේන්තියයි එකතු උනාම හොදක් වෙන්නේ නෑ කියලා දන්න නිසා..
මේ කාලේ වෙද්දි කසාදෙට දිනත් ලං වෙද්දී මනස් හැමදාම කරේ රෑ වෙනකං බීලා බීලා රෑට හැමදාම මේ දේවල් ගැන කියවන එක.
"උබට තේරෙන්න නැද් ද මනස් මේක සෙල්ලමක් නෙමෙයි කියලා! උබ කවද ද මේක සීරියස් ගන්නේ?"
මම මොනවා කිව්වත් නෑ උබෙන් ඒ ගැන කිසිම වචනයක්.
"ඇකඩමි එක අත් අරින කතාව ඇත්ත ද මනස්?"
"හ්ම්ම්."
" එච්චරමද කියන්න තියෙන්නේ?"
"හ්ම්ම්.. අන්ශ් ,උබට ඇමරිකා යන්න තියෙන්නේ මගේ කසාදේ දවසට කලින් දවසෙනේ? අපරාදෙ නේ ඉඳලම යන්න බැරි ද?"
"හැමදේම විහිලුවකට ගන්න එපා මනස්"
"හ්ම්ම්ම්"
.
.
.
.
.
.
.
.
ලොකු දෙයක් නෑ හෙට මනස් ගෙ වෙඩින් එක! මම කොහොමද හිත හදන් ඉන්නේ? මම මොකක් ද කරන්නේ? මම මේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න ද මේක මෙහෙම නෙමෙයි, අපි ආදරේ කරනවා! ඔව්,අපිට වෙනස් වෙන්න බෑ කියලා..
කදුලු අලුත් වෙනවා මිසක් උබේ හිතත් ගලක් වෙලා ද මන්දා! උබත් මං ගාවට වෙලා කල්පනාවක. උබේ උරහිසට හේත්තු උනත් අද මට හිත නිවාගන්න බෑ වගේ බං. රෑට ෆ්ලයිට් එකට යන්න සේරම ලෑස්ති කරලා තියන්න කියලා තාත්තා බල කරලා තියෙද්දිත් මමත් සිහියක් නැතුව අහස දිහා බලන් ඉන්නවා..
අපිට ඇත්තටම අනිත් අය වගේ ආදරේ කරන්න බැරි ද? අපි ගොඩක්ම වෙනස් ද? අපි වෙනස් ඇති නේ ද? අපි හිත හදාගන්න තරම් ශක්තිමත් ද? අපි වෙන් වෙනවා කියන්නේ අපිට ඉස්සර වගේ ආදරේ කරන්න බැරි ද? සමහරවිට....
.
.
.
.
.
.
"අන්ශ්! මාත් එන්න ද ඇමරිකා යන්න?"
"සේරම අතඇරලා ද?"
මගේ හිත රිදෙද්දිත් ඇයි මම මනස්ව ලගට ගන්නේ නැත්තේ? ඒත්,මනස්ගෙ අම්මා තාත්තා!
"අපි වෙනස් වෙයි ද අන්ශ්?"
"සමහරවිට.... මනස්"
" ඒ කියන්නේ මේක දුක්බර සමුගැනීමක් ද? ආදරෙන් වෙන්වීමක් ද?"
"මම උබට ආදරෙයි මනස්.."
" මමත් .."
" මම අඩන්න ද අන්ශ්?"
"එපා,මටත් ඇඩෙයි! ඊලගට අපි මුරණ්ඩු වෙලා අනිත් අයටත් ලොකු දුකක් දෙන්න වෙයි!"
"ඒ කියන්නේ අපි මේ සමාජෙට වයිර කරනවා.. එහෙමනේ? ඒක මහා අමුතු උනත් අපි අපිට ආදරෙයි හැමදාමත්.."
"මම උබට ආදරෙයි හැමදාම මනස්!"
"මම කෑ ගහන්න ද මේ ගාලු කොටුවටම ඇහෙන්න මට මාවම මරාගන්න ඕනි කියලා!, මම උබට පැලෙන්න ආදරෙයි ඒත් මේ සමාජෙ වගේම සංස්කෘතිය නිසා අපි වෙන් උනා කියලා! ඒත් කසාදේ කියන ලියකිවිල්ලකට සීමා වෙච්ච බැදීමක මම හිරවෙනවා වගේම උබ හිත පලාගන්න තරම් දුකින් ඉන්නවා කියලා...
මිනිස්සුන්ට ඒක ඇහෙනවද කියලවත් මට හිතෙන්නේ නෑ බං..."
"දැන් පාන්දර 3යි බං.! තාම මිනිස්සු නිදි ඇතිනේ.."
.
.
.
.
.
.
.
.
.
කදුලු , ආයෙත් වැටෙන්න පටන් ගත්තා.. මම හංගගන්න හදන්නේ ඇයි ?මම ඇඩුවා උබගේ ශර්ට් එක පෙගෙනකන්ම.. ඇයි උබ කදුලු හංගන්න ට්‍රයි කරාට මේ ඒකට වෙලාව නෙමෙයි.. මම හිතන්නේ මේක සම්පූර්ණ නැති කතාවක්, ඒත් කදුලු වලින් බොද වෙච්ච..
අන්තිම වතාවට අපි ආයෙත් හිනාවෙමු ද?ඉස්සර වගේම උබ ඇහුවා! ඒත් අපි ආපහු හම්බවෙන්නේ නෑ,අපි වෙන් වෙනව ද? හදවතත් ගල් වෙන්න කිට්ටුයි වගේ බං. මාව ගැහෙනවා.. මට ආයෙත් ඇඩෙනවා බං. අපි ආයෙත් අඩනවා...
ඒත්, උබටයි මටයි හදවත් ගලවලා මුහුදට විසි කරන්න කාලෙ හරි ..මේ සේරම අමතක කරන එක නම් බොරුවක් විතරයි තමයි.. ඒත් අද ඉදන්, මේ මොහොතේ ඉදන් අපිත් ආගන්තුකයෝ වෙමු...
අන්තිම වතාවට උබ මාව බදාගෙන ඉන්නද කියලා ඇහුවාම මම පණපිටින් මැරෙනවා බං. ඒක ලස්සන උණුසුම් හාදුවක්! මගේ ප්‍රථම සහ අවසන් හාදුව....
මේ ගාලු කොටුව, හවසට බැහැගෙන යන ඉර, ඇකඩමිය, උබේ බයිසිකල් එක,දවුල,උබේ හිනාව වගේම අපේ හදවතුත් මේ කොටුවෙදිම ඈතට පා වෙලා යන්න දුන්නා නේ ද?
ඔව්, අපි එහෙමයි , අපි බයයි සමාජෙට, තාමත් අපිව පිළිකුල් කරන සංස්කෘතියට...!
ප්‍රථම සහ අවසාන හමුවීම සතුටුදායක උනත් ඒක දුක්බර තනුවකට කවදම හරි පෙරලෙනවා! ඒක තමයි ඇත්ත...
කවුද ඉස්සෙල්ලම මෙතනින් එහාට යන්නේ! හිත තල්ලු කරන්න නෙමෙයි මාව කීරි ගැහෙන්න තරම් පපුව රිදෙනවා..
"අන්ශ්, උබව මම දාලා යන්න බැරි තරමට මම කරුමෙකට හරි උබටත් ගොඩක් බැදිලා!මට සමාවෙයං.. හිත හදාගන්නවා කියන්නේ අපි අපිවම රවට්ටගෙන තාවකාලිකව ජීවත් වීමක්..."
ආයෙත් අපි හැගීම්බර වෙනවා!ඒත් එහෙනම් අපේ පටහැනි ආදරේට අපිට ගෞරවයෙන් සමුදෙන්න කාලෙ ඇවිත්! එහෙනම්,සමුදෙන්න සූදානමක් නැතුව ඉන්න අපි දෙන්නා එදා ආදරේ විදපු ආදරවන්තයෝ දෙන්නෙක්... අදත්, මේ මොහොතෙත් වෙනසක් නෑ..
මගේ හිත වෙනස් වෙන්නෙත් නෑ! ඌ දෙයක් අල්ලගත්තොත් මට වත් ඌව පාලනය නෑ...
ගොඩක් මිනිස්සුන්ට වගේ නේද? මම අදහස් කරේ අපේ හදවත්!අපිටම අයිති උනු,
අයිතිවාසිකමක් දෙන්න බැරි උනු ,
අසරණ හදවත්....
.
.
.
.
.
.
.
.
.
.
.
එහෙනම්, මගේ පෙම්බර ආදරවන්තයෝ!මනස්... මම උබට ආදරේ කරන්නේ අද ඊයෙක නෙමෙයි... වෙනස් වෙමු අපි.. නෑ උඹ!
මම ඊටත් වඩා උබට ආදරෙයි!,
අන්ශ්....
මේක ලංකාව! අපි දන්නවා ඒක පටහැනි , සංස්කෘතික විරෝධී, සාම්ප්‍රදායික නොවන මගුලක්ලු.. එහෙනම්, ඉතින් තවත් හැංගෙන්න! බයෙන් ආදරේ කරන්න! මගෙයි මනස් ගෙයි හැංගුනු,පටහැනි ආදරේ වගේ ....!
උබ මම යන්න කලින් ගුලි කරා පුංචි කොල කෑල්ලක් මගේ අතේ! මම ඒත් උබ දිහා බලාගෙන....
අපි ගියා ඈතටම, හැබැයි හදවත් සින්නක්කර වෙලා වගේ... අපි වෙන් වෙලා ද?...
ඒ කොලේ මගේ අතින් පොඩිත් වෙලා.
ඊටත් වඩා කදුලු පොරකන්නේ ඇයි මගේ ඇස් වල...! සමහරවිට මම මාවම තාමත් රවට්ටන් හිත ශේප් කරන්...
කදුලුනේ පොරකන්නේ.... මම හිමීට ඕපන් කරා ඒ පුංචි කොලේ.. කොලේ තෙමිලා වගේ! ඔව් ඒ උබෙ කදුලු.. පපුව රිදෙන්නේ නැතුව ගල් ගෙඩියක් උස්සලා දාල වගේ බරක් හිත අස්සේ එහෙන්....මම ශක්තිමත් කියලා මම හිතුවා. නෑ ,ආයෙත් මම රැවටුනා! අත් අකුරු වලට. ඒක මගේ හිතට බර වැඩී මනස්...
_______________________________________
වැළදගනු නොහැකි තැන ,
ටොන් ගානක් බරයි සුසුම..
රිදෙන බව දැන දැන,
බැඳෙන එකනේ පුදුම!
-ධරmදාස්-
______________________________________
(මේක හීන හංගගෙන හැගීම් යදම් නොදා රැකගන්න සියවසක්!!)
සමාප්තයි...
___________________________________
~ ARCABALENO කියන්නේ ඉතාලි බාශාවෙන් දේදුන්නට!
ඉදින්,
කියන්නට දෙයක් නොමැති තරමට මා අසරණ වන එක් අවස්ථාවක් නම් මෙවැනි අවසානයක් නොවන ආදර කතාය.
මා ආදරය නම් නොදනිමි..
එනමුත් ආදරය කරන්නවුන් දැක,
හදවතින්ම සතුටු වන්නෙමි!
අවී 🖤
මතු සම්බන්ධයි!
_______________________________________
Isn't it heart touching ? ❤️