ජය බංදා ලොවේ... මං එනවා මගෙ අම්මේ්්්්්්.
පට්ටම මහන්සියි.. ප්ලේන් වල යන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි.අර සීයලා උණ හෙම්බිරිස්සාවටත් ප්ලෙන් එකේ කෝම යනවද මංදා..
ඔව් මිත්‍රවරුනි මං දැං ඉන්නෙ කටුනායක එයාපෝට් එකේ... අපේ අම්මයි තාත්තයි ඉන්නෝ ඈත මං එනකම් බලාගෙන.. හනේව් ඉතිං දැක්ක කල්.. මං එනවෝ..
මං ඉතිං ඉස්කෝලෙ ඇරුනමඅම්මා ලගට දුවං එන පොඩි එකා වගේ අම්මගෙ ඇගට පැන්නා.
"ලොකූ.. මගෙ කොන්ද කඩන්නද හදන්නෙ?? බහිනවා පොඩි එකෙක් වෙන්නෙ නැතුව."
අම්මා මාව අහකට කොරන ගමන් කීවේ හැටට හැටේ රවන ගමන් එතකොට ඩඩා.. ඩඩානම් මේ නම් මගෙ කව්රුත් නෙමෙයි වගේ අපි දෙන්නා දිහා බලං හිටියේ... ඇයි යකෝ මේ ඩබලට මං නැතුව පාළු දැනිලා නැද්ද .. මොන දැනෙනවද මෙහෙ ඉන්න කාලෙත් මටයි මලයානන්දටයි වඩා වටින්නෙ අම්මගෙ නංගිගෙ දුව සදාවනේ.. කාට කියන්නත.. ආාාා ඒකිත් ඔය ඇවිත් ඉන්නෙ යකෝ කටුනායක එන්නම ඇදුමක් අරං වගේ.. මේකි තවත් සුදු වෙලාද කොහෙද??ගෝරි ගාලා නෙමෙයි කාලාද කොහෙද.! සප්තලම්ව ගේන්න කලින් මේකිවනම් ගෙදරින් පිටුවහල් කරන්න වෙනවා. නැත්තම් ඉතිං කොරියාවෙ එකියක්ට නෙමෙයි ලංකාවෙ එකියක්ටම පුදලා මට වෙන්නෙ ගල් කැට ගනන් කරකර ඉන්න.
සදා... සදා කිව්වට මේකිගෙ නම සදුනි.. මගෙ නැන්දගෙ නොහොත් අම්මගෙ නංගිගෙ එකම දූව රත්නෙ.. එලියෙන් උපාසිකාව උනාට ඕකි ඇතුලෙන් බලලියක්මයි.. මට වඩා අව්රුද්දක් බාලයි.. අපේ නැන්දා සදාට අව්රුදු පහේ වගේ ඉදම්ම රට.. රට රට .. ඉතිං මේ උපාසිකාව අපේ ගෙදරමයි පොඩි කාලෙ ඉදම්ම ඉන්නෙ. සදාගෙ ඩඩා ආමි එකට ගිහිං අකාලෙ මිය ගිහිම්.. යැස් යැස්... ඇත්තටම ගෑණි මට වඩා දෙගුනෙකින් විතර ලස්සනයි. ගෙදරට ඇහෙන්න වචනයක් කතා කරන්නෙ නෑ.. ඒ උනාට බලන්න එපැයි. මායි මලයයි මොකක් හරි කරන්න ගියොත් මේකි'නැන්දෙ අක්කයි මල්ලියි හොර වැඩක් කරනො' නැද්දෙ අක්කයි තිනෙත් මල්ලියි ගහගද්දි නැන්දගෙ මල් වාස්එක බිංදො' නැන්දෙ අක්කා හොරෙන් කිරි පිටි කෑවො.' නැන්දෙ මල්ලි අක්කයි බෝල ගහද්දි නැන්දගෙ මල් පෝච්චිය කෑවො..' තනිකර කේලම් පප්පියක්.. ඕකි... ඉස්සරනම් මලයා ඕකිගෙ පස්සෙන්මයි.. මලයටත් වල කැපුනට පස්සෙ ඕකත් මගෙ යුද්ධෙට විදේශ ආදාර දෙන්න ගත්තා. අන්තිමේ වදෙන් පොරෙන් පීඨ ගිහිං නැටුම් ටීචර් කෙනෙක් උනාට පස්සෙ තමා අපි වෙලාවට අපිට තව නංගි කෙනෙක් නොහිටියෙ කියලා මටයි මල්ලිටයි තේරුනෙ.
හරි හරි ආයෙ කතාවට... මොකක් හරි මාස්ටර් ප්ලෑනක් ගහන්න වෙනෝ.
සදාගෙන් සප්තලම්ව බේරා ගැනීම.
අම්මෝ මතක් වෙද්දිත් බය හිතනවා..
සදා මං දිහා බලලා සස්සන හිනාවක් දාද්දි මාත් දත් තිස් එකම පෙන්නලා ගොං හිනාවක් පුදලා වෑන් එකට නැංගා.
හෝ ගානා පොකුනේ්්්්් අපි එනවාාාාාා
අව්රුදු දෙකකින් නොදැක්ක මගෙ ඇස් දෙකට කොලඹ වටපිටාව හොදට පෙන්න පෙන්න මං චූන් එකේ ආවා.. සදානම් මං දිහා මොකාද එකා දිහා බලනවා වගේ බලං හිටියා... ඔහේට මේවා තේරෙන්නෙ නෑ ඕයි.. මේවා තේරෙන්නෙ ආතල් කන අපිටම විතරයි..
ගෙදර ගිහිල්ලා ඇද බදලා නිදා ගන්න තියෙනෝනම්... ඇත්තටම මං මේම දාසක් ගැන හීන මැව්වා. අර සිංදුවකුත් තියෙන්නෙ දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී..
අපි ඉතිං වෙල් යායවල් මැදින්කදු ශිඛර මැද්දෙන් ගැම්මට එනවා බකල් පාර දිගේ... ඒ උනාට අම්මා පල්ලා විශ්වාස කරනවනම් විස්වාස කරහන්.. මේ ගම මට පට්ටෙටම මතක් උනා... එහෙ තරන්නම් හැබෛ ලක්සිරි නෑ.. ඒත් ඉතිං වැවෙන් නාලා.. වෙලේ පැනලා... කාලා බීලා සෙල්ලම් කරලා ඉන්නවා තරම් සැපක් තව කොයිද??
ගෙදරට ආවට පස්සෙ මං ඉතිං කාලා බීලා ඇදට පෙරලිලා සප්තලම්ටත් ආවා කියලා කියලා සුපිරි නැප් එකක් දැම්මා.... එ්ක කොච්චර ආතල්ද කියන්නෙ නැගිටිටෙ පහුවදා උදේ දහයට අපේ අම්මගෙ සිරි නාදයට..
"ලොකූ.. දැං ඔය නිදා ගත්ත මදැයි."
මව් රැජිනනම් කියයි.. එහෙ නිදා ගන්නෙ පැය කීයද?? එහෙ බලද්දි මේවා ඉතිං පෙර පිං..
"අක්කෙ එලියට එන්නකො"
ඒ පාර උපබිසවත් මට පාට් දානෝ... යකෝ නිදහසේ ශරීර කරතව්වක් වත් කරගන්න දෙන්නෙ නෑනේ.. මොන මංගල්‍යක්ද මංදා...
උදේටත් ඉස්මුරුත්තාව හැදෙනකම්ම කෑවා.. ඉදියාප්පයි මාළු හොදියි.. ඤම් ඤම් කටට කෙලත් උනනවා. ඉදියාප්ප හැත්තෑවක් විතර කාලා අඩු පාඩුවට කෙහෙල් ගෙඩි දෙකකුත් කාලා සෝපා එකට පැන්නෙ
ප්පපරපප්පප්පප්පප්පාා
සූර පප්පා බලන්න... අද ඉරිදනේ.. ඉරිදා උදේට තමා දැං සූර පප්පා බලන්නෙ.. ඔයලට නොකිව්වට වෙද පප්පගෙ අරිශ්ඨෙ උස්සන්න ප්ලෑනක් තාම මං හදනවා.. මටත් ගහන්න දෙතුන් දෙනෙක් ඉන්නවා.
එහා ගෙදර සුදූ... සුදූ ඉන්නකම් ඒක කාලෙ මට කොල්ලෙක් සෙට් උනේ නෑ.
අපේ ගෙදර සදා.. ගෑණිව ඉස්පිරිතාලෙ දාන්නම නෙලන්න ඕනෙ සප්තලං එන්න කලින්...
කොරියාවෙ උඩැක්කි නම්කි.. ඕකි මගෙ මිනිහව හොරා කන්න හැදුවා..
සුමනා ආච්චි... ඔය ආච්චිගෙ වැඩේම අනුන්ගෙ ඕපෙ හොයන එක... සප්තලම් ආවම ඕකි ඉන්නකම් මට පෙම් සුවවත් විදින්න ලැබෙන්නෙ නෑ...
අපේ මලයානන්දයා.. ඕකා මට අව්රුදු පහකට කලින් ගත්ත රුපියල් විස්ස තාම දුන්නෙ නෑ.
"ලොකූ..... මටයි තාත්තටයි පොඩි කාරණාවක් තියෙනවා කතා කරන්න."
එනපොටනම් හොද නෑ සාරෝ්්් ඒ පාර මොන බාල්දියක්ද දන්ාන නෑ කඩං වැටෙන්න යන්නේ..
"මොකක්ද අම්මෙ."
"දුවටත් දැං ඉතිං කලවයස හරිනේ.. තාත්තයි මායි දඅවට මනමාලයෙක් බැලුවා.. හෙට ඒ ලමයගෙ පව්ලෙ අය මෙහෙ එනවලු"
මොකාාාා යකෝ.... මං රට ඉන්න කාලේ... මේ අය මට එරෙහිව ගිවිසුනුත් ගහලද?? අඩෝ.... නෝ..... බෑ බෑ බෑ... මං යනවා මානව හිමිකම් දානවා නඩුවක්.. කපුටට ඇයි යකෝ... මෙහෙම කැත වැඩ කරන එකේ සීමාවක් නැද්ද..
දැං ඉතිං මව් රැජිනගෙයි පිය රජුගෙයිවචනෙට එරෙහි වෙන්නත් අසරණ මට නෝ චාන්ස්නෙ.. ඕනෙ එකක්.. සප්තලම්ට කියලම මිෂන් එක පටන් ගන්නෝනෙ..
රෙඩි ටු ෆයිට් විත් සාරා අබ්බගාත ගොබ්බ මනාලස්.
හෙට දවසත් උදා උනා... තුන්වෙනි ලෝක යුද්ධෙට රෙඩි වෙන්න සුදුතාත්ති.....
"අම්මෙහ් මේ සරුවාලෙ පටල ගන්නෙ කෝමද??"
ඇත්තටම උපාදිය ගන්න සාරි ඇන්දට පස්සෙ මං ජීවිතේට සාරි ඇදලා ඤැ. එදත් මං ඇදගත්තෙ අම්මට කියලා. අදත් ඉතිං වෙනසක් ඤැහ්.
"මේ කෙල්ල කෝ හැරෙනවා.. පොඩි එකෙක් වගේ.. අව්රුදු තිහටත් කිට්ටුයි... සාරියක් ඇදගන්න දන්නෙ නෑ."
ඉහි ඉහි අම්මේ.. ඒකටනම් හිත රිදුනා ඔන්න.. ජීවිතේට කව්රුත් කියලා නෑ... මට 28 ක් උනාට 30ට ලගයි කියලා.. හුවෑ.......
සාරියත් පටලං මං ඉතිං අර පිත්තල හෙප්පුවත් අරගෙන අර කොරියන් කතාවල රජා ළඟ ඉන්න අංගනාව වගේ නලව නලව ගියා..
ඈව්ස් හිනාව දෙන්න හිතෙයි හෙප්පුවෙන්ම පාරක්.. නොදෝකින් මුගෙ හැටි.. රැව්ලත් අද උදේ කප්පලා තියෙන්නෙ..
හෙප්පුව අත ඇරියනම් මගුලම ෂක බුම්..
මොකක් හරි කොරන්න ඕනෙ..
ඕම ඕම දැං පට්ටම විනීත ලමයා වගේ මං බිම බලාගෙන යනෝ.. සාරියෙ කට්ටනම් නැඩෙන්න එපා දෙයියෝ... එහෙම උනොත් කාටත් කලින් මට නූල් බදින්න වෙයි.. ඔය වෙලේට තමා අපේ මලයගෙ නුවන ඕනෙ වෙන්නෙ.. හිතලම මං පාගගත්තා සාරියෙ පොට...
ඔබ මගෙමයි.. මා ඔබෙමයි... අපි අපෙමයි සප්තලනේ... නෑ කාටවත් දෙන්නේ ඔබවනම්... නෑ කව්රුත් ගන්නෙ මාවනම්.
හිතලම පෑගුවා.. හෙප්පුව ගිහිං මනාලස්ගෙ ඔලුවෙමයි.. පෙර ඔලුවත් අරං ඔපෙරා කියන්න ගද්දි... මව් රැජිනනම් මාව ඩෙවල් දාලා රෑට කන්න හොදයි වගේ බැලුවේ.. සොරි අම්මේ...
ආරංචි විදියටනම් මනාලස්ට මැහුම් තුනක් දාන්න වෙලා... ඒ යෝජනාව එතනම චකබ්ලාස් වෙලාම ගියා.. තොහොමද මේවා ඉතිං තේ එක්ක පොගවලා කාපු ටිකිරි මාරි මොල තමා..
"දුව... දුව ලංකාවට ආවට පස්සෙ දුව වෙනස් වෙලා.. දුවගෙ හිත ගිය කෙනෙක් ඉන්නවද?? කියන්න පුතේ."
මං ඉතිං පෝන් එක දිහා බලබල එිනා වෙද්දි අම්මා ඇවිල්ලා ඇහුවේ මං ගැන සාතිශ්‍ය සංවේගය පහල වෙලා වගේ..
"දූ ඉස්සර ඉදලම මට මොකවත් හංගන් නෑනේ.. ඉතිං කියන් දුව කැමති කෙනෙක් ඉන්නවද??"
අනේ... මව් රැජියනි... ඒකටම් ඇඩෙනවා තනි ඇහැට.... දැං ඉතිං අහපු එකේ නොකියත් බෑනේ.. මං ඉතිං ෆුල් විස්තරේම කිව්වට පස්සෙ වැඩේ අබිලික් උනාද මංදා.. මව් තුමී මං දිහා බැලුවේ මේ මොන ජාතියෙදි වගේ
"ආදරේ කරකර ඉද්දිත් අර මනමාලයා බලන්න එනවට කැමැත්ත දුන්නෙ.ලොකූ... අනේ ඇත්තමයි මේ ළමයි විභගෙ පාස් කරාට මොලේ තියෙන්නෙම මැටි ගොඩක්...මංම හදාගත්තෙ මෙහෙම ළමයි."
මව්බිසෝ කාලි වරමඅතට අරං කෑ ගහද්දි මට දැනුනේ අර කාලි අම්මයෙ අතේ ඉන්න ඔලුවට දැනෙනවා වගේ හැගීමක්.
______________________________________
🙂💗
#jesmine