Little Rose || KTH || Complet...

By Cyra_00

39.7K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 42

694 140 16
By Cyra_00

Taehyung pov

අපි LA ආවත් ආපු දවසේ ඉදන්ම මට දැනුනේ මහ මූසල හැගීමක්...හරියට මන් ආදරේ කරන කෙනෙක් මට නැති වෙනවා වගේ...ඒ නිසාම මන් මට ෆ්‍රී එකක් ලැබෙන හැමවෙලේකම වගේ රෝසමලටයි නාදියාටයි කෝල් කරන්නේ..හැබැයි ඒ දෙන්නා නම් මන් නෑ කියලා ගානක්වත් නෑ...දෙන්නා එහෙ මෙහෙ ඇවිද ඇවිද ෆුල් ජොලියේ ඉන්නවා..

ඒත් මගේ හිතට බයයි..මට අද උදේ ඉදන් කොන්සට් එකේ ප්‍රැක්ටිස් නිසා දෙන්නා එක්ක කතා කරන්න හම්බුනෙත් නෑ...ඇයි මට මහ මූසල හැගීම් එන්නේ ?? ඇයි මට හිතෙන්නේ මන් ආදරේ කරන කෙනෙක් මට නැති වෙයි කියලා...ආහ්..මගේ ඔලුවම විකාරයි වගේ...

🦄 ටේහ්‍යුන්....
ටේහ්‍යුන්..
ටේහ්‍යුන් කොයි ලෝකෙද ඉන්නේ ??

මෙච්චර වෙලා මන් ප්‍රැක්ටිස් නොකර වෙන ලෝකෙක හිටියේ කියලා හොබි හ්‍යුන්ගේ කටහඩිනුයි තෙරුනේ..ඇත්තටම මට ප්‍රැක්ටිස් කරන්න තියා කිසිම දේකට මගේ ඔලුව යන්නෙ නෑ..ඒත් ඇයි ?? ඇයි මට මෙහෙම හැගීම් දැනෙන්නේ ??

🐨 ටේයා..මොකක්ද ප්‍රශ්නේ ??

🐯 මු..මුකුත් නෑ හ්‍යුන්ග් 🥺🥺

ජින් හ්‍යුන්ග් මගේ ලගිට ඇවිල්ලා මාවත් වාඩි කරවලා එයත් එතනින් වාඩි උනාම හොබි හ්‍යුන්ග් හැමෝටම බ්‍රේක් එකක් ඉල්ලලා අපේ වටේට වාඩි උනා..

🐹 ඔයා මෙහෙට ආපු දවසේ ඉදන් අමුතුයි...අද ඊටත් වැඩියි...මොකක්ද ප්‍රශ්නේ ටේයා..අපිට කියන්න බැරි දෙයක් ද ??

🐯 හ්‍යුන්ග්ලාට කියන්න බැරි ප්‍රශ්න මට නෑ හ්‍යුන්ග්..

🦄 එහෙනම් ඇයි මේ ?? වෙනදට ප්‍රැක්ටිස් වලදි ඔයා මෙහෙම නෑ...අද මන් කී පාරක් කිව්වාද ස්ටෙප්ස් වැරදි කියලා..මේ අනිත් දෙන්නා..කුකී , ජිමින් ?? මොකක්ද ඔයාලා තුන්දෙනාටම තියෙන ප්‍රශ්නේ ??

හොබි හ්‍යුන්ග් ඒක කියනකොටත් කුකි ජිමින් දෙන්නා හිටියේ වෙන ලෝකෙක...බැරිම තැන යූන්ගි  හ්‍යුන්ග් දෙන්නාගෙම ඔලුවට පාරක් දුන්නාම තමා දෙන්නාම සිහියට ආවෙ..

🐰🐥 ආව්..

🐥 හ්‍යුන්ග් ඇයි  ගැහුවේ ??

🐱 කොයි ලෝකෙද ජිමින් ඔයාලා ඉන්නේ ?? අද අපිට කොන්සට් එකක් තියෙනවා..ඔයාලා තුන් දෙනා ඔහොම වෙන ලෝකවල් වල ඉදන් කොහොමද කොන්සට් එකක් කරන්නේ ?? එක්කෝ තුන් දෙනාට තියෙන ප්‍රශ්නේ කියන්න...අපිට පුලුවන් දෙයක් තියෙනවා නම් කරන්නම්..

🐰 එහෙම ප්‍රශ්නයක් නෑ හ්‍යුන්ග්...මගේ හිතට අමුතුයි අද..ඒකයි...

🐥 ම..මටත්...මගේ හිතට ලොකු බයක් දැනෙනවා..

🐨 සමහරවිට අපි හුග කාලෙකට පස්සේ ඉන්ටර්නැෂනල් ආර්මිලා එක්ක කොන්සට් එකක් කරන නිසා වෙන්න ඇති...ඒ ගැන ලොකුවට හිතන්න එපා..

🐯 එහෙම දෙයක් නෙමෙයි හ්‍යුන්ග්...අනේ මන්දා... ජින් හ්‍යුන්ග් මගේ ඔලුව අතගාන්නකෝ...

මන් එහෙම කියලා ජින් හ්‍යුන්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තාම එයත් මගේ ඔලුව අතගාන්න පටන් ගත්තා..

🐰 ම..මන් ශානුට කෝල් එකක් අරන් එන්නම්..

🐯 කුකී...නාදියා ගැනයි දෝනි ගැනයි අහන්න...ශානුට කියන්න දෝනිව එයාගේ ලගම තියාගන්න කියලා..

🐰 අරස්සෝ හ්‍යුන්ග්

කුකී එහෙම කියලා ෆෝන් එකත් අරගෙන ගියාම ජිමිනාත් හොබි හ්‍යුන්ගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා..

🌺 ලමයි...ඔයාලා වොශ් දාල එන්න..මේකප් කරන්න පටන් ගන්න ඕන..

සේහි නූනා ඇවිල්ලා අපිට කියලා ගියාම අපි හතරදෙනාට ටිකක් මෙහෙම ඉන්න දීලා යූන්ගි හ්‍යුන්ග්නුයි නම්ජුන් හ්‍යුන්ග්නුයි ලෑස්ති වෙන්න ගියා..පැය භාගයක් වගේ ඉදලා අපිත් ලෑස්ති වෙන්න ගියේ තවත් වෙලා හිටියොත් පරක්කු වෙන නිසායි..

කුකී ශානු එක්ක කෝල් කරාම රෝසමලයි නාදියායි හොදින් කිව්ව නිසා මාත් මගේ හිත හදාගෙන කොන්සට් එකට ලෑස්ති වෙන්න පටන් ගත්තා..ඒත් ජිමින්ගේ නම් ඇස් හැමවෙලේම තිබ්බේ ෆෝන් එකේ..එයාටත් මට වගේම මූසල ගතියක් දැනෙනවා ඇති...සමහරවිට නම්ජුන් හ්‍යුන්ග් කිව්වා වගේ හුග කාලෙකට පස්සේ ඉන්ටර්නැෂනල් ආර්මිලා ඉස්සරහ පර්ෆෝමන්ස් කරන නිසා වෙන්න ඇති...ඇත්තටම කැලඹිලා තියෙන මගේ හිත හදාගන්න ඒක හොද හේතුවක්..

🐳 ලමයි...ඔයාලගේ ෆෝන් බැක් ස්ටේජ් එකේ තියලා යන්න..මොන දේ උනත් හිත ශක්තිමත් කරගන්න...ෆයිටින්ග්..

වෙනදටත් පර්ෆෝමන්ස් එකක් කරන වෙලේට අපි ෆෝන් අරන් යන්නේ නැති උනත් ඒක දැන දැනම සේජින් හ්‍යුන්ග් ටිකක් ඒක ගැඹුරු විදියට කියනකොට අමුත්තක් දැනුනාත් මන් ඒක ගැන එච්චර හිතන්න ගියේ නෑ...ඉදලා හිටලා සේජින් හ්‍යුන්ග් අමුතු අමුතු දේවල් කියන එක සාමාන්‍ය දෙයක්..

ඒත් ටිකකින් සේහි නූනා ඇවිල්ලා යූන්ගි හ්‍යුන්ගේ කනට කරලා මොනවා හරි කිව්වාම හ්‍යුන්ගේ මූන වෙනස් වෙන විදියෙන් තේරුනා ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා..එයා ජූන් හ්‍යුන්ග්ව එක්කගෙන ගිහින් මොනවා හරි කියලා ආවා...අපි ප්‍රශ්නේ මොකක්ද ඇහුවාට එයාලා දෙන්නා උත්තරයක් නම් දුන්නේ නෑ..එයාලා කියපු එකම දේ ෆෝන් ඔබන්න එපා කියලා..

අන්තිමට හුග කාලෙකට පස්සේ අපි හැමෝම ස්ටේජ් එකට ආවා..ආර්මිලා ඔක්කොම අපේ නම් පිලිවෙලට කියාගෙන කෑ ගහනකොට මගේ හිතේ තිබ්බ හැම ප්‍රශ්නයක් ම ටිකකට අමතක වෙලා ගියා වගේ දැනුනේ...ඒත් මට ආර්මිලගේ අමුත්තක් දැනුනා..හරියට එයාලා මාව කෙයාර් කරන්නේ නෑ වගේ...ඉස්සර මගේ මූන නිකන් ස්ක්‍රීන් එකේ පෙන්නුවත් කෑ ගහන එයාලා අද මාව ගනන් ගත්තේ නෑ වගේ...මගේ පාර්ට් කියනකොට එයාලා නිශ්ශබ්දයි...ඇයි එයාලා එහෙම හැසිරෙන්නේ ??

🐯 ජිමිනා..මොකක් හරි වැරැද්දක් උනාද මගේ අතින්...ඇයි ආර්මිලා මට මෙහෙම සලකන්නේ ??

🐥 මටත් ඒක හිතාගන්න බැහැ ටේයා..වැඩිය හිතන්න එපා..සමහරවිට මොකක් හරි rumor එකක් නිසා වෙන්න ඇති...මතකනේ ජෙනිගේ ප්‍රශ්නේත් ඔහොම උනා..

ජිමිනා මගේ කනට කරලා හිත හැදෙන දේවල් කොච්චර කිව්වාත් මට හිතුනේම ආර්මිලා මාව අතෑරලා දාලා වගේ..ඒත් දෙන්නෙක් තුන් දෙනෙක් හරි මගේ නම කියලා කෑ ගහනකොට මන් මගේ හිත හදාගත්තා..කොහොමත් අපි ආර්මිලාට එක වගේ ආදරේ කරාට එයාලා සැරින් සැරේ වෙනස් වෙන නිසා...

ස්ටේජ් එකේ පර්ෆෝමන්ස් ඔක්කොම ඉවර වෙලා අන්තිමට අපිට කතා කරන වෙලේ තිබ්බේ..ඒත් මට ආර්මිලා ඉස්සරහ කතා කරන්න ජිවිතේ පලවෙනි වතාවට බය හිතුනා...ඒ සමහරවිට එයාලා අද මාව කෙයාර් කරන්නේ නෑ වගේ තියෙන නිසා වෙන්න ඇති...ඒ නිසාම හැමෝම කතා කරලා ඉවර වෙනකම් මන් වාඩි උනේ අන්තිමට කතා කරනවා කියලා හිතාගෙන...

මුලින්ම ජුන් හ්‍යුන්ග් , ජින් හ්‍යුන්ග් , කුකි, හොබි හ්‍යුන්ග් , යූන්ගි හ්‍යුන්ග් ඔක්කොම කතා කරලා ජිමිනා ලගට ආවම ජිමිනා කතා කරේ වෙනස්ම දෙයක්...ඒ ඇයි කියන්න මන් දන්නේ නෑ...එයා ඒ හැමදෙයක්ම කියන්න පටන් ගත්තේ මගේ මූන බලාගෙන..

🐥අන්‍යාසයෝ ආර්මි...හුග කාලෙකට පස්සේ නේද ?? මට හිතෙනවා ආර්මිලා අද ලොකු ප්‍රශ්නෙක ඉන්නේ කියලා..කොහොම උනත් ඔයාලා අපි ගැන කොයි විදියට බැලුවත් අපි ඔයාලාට එක විදියට ආදරෙයි ආර්මි...මට දෙයක් කියන්න හිතුනා අද...
දන්නවාද අපි ඔයාලට ආදරෙයි...ඔයාලත් අපිට ආදරෙයි...ඔයාලට පුලුවන් අපේ නම් පාවිච්චි කරන්න..මන් දන්නවා ඔයාලා අපිට හුගක් ආදරෙයි..හැබැයි මන් ඔයාලගෙන් දෙයක් ඉල්ලනවා..ඔයාලාට පුලුවන් අපිට ආදරේ කරන්න..හැබැයි ඒ අයිඩල් කෙනෙක් විදියට..මන් ඉල්ලීමක් කරනවා ෆෑන් කෙනෙක් අයිඩල් කෙනෙක්ට ආදරේ කරනවා වගේ අපිට ආදරේ කරන්න...ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට හස්බන්ඩ්ට ආදරේ කරනවා වගේ අපිට ආදරේ කරන්න එපා..මොකද කවදාම හරි දවසක මටත් වඩා හොද කෙනෙක් ඔයාලගේ ජිවිතේට හරියන කෙනෙක් හම්බුවෙයි..හැබැයි එයා මට පොරොන්දු වෙන්න ඕන..එයාට බෑ ඔයාලට රිද්දන්න..මොකද ඔයාලා අපේ ලෝකේ...ඔයාට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න ගන්න...මන් ඔයාලගෙන් ඉල්ලනවා අපිව ඔයාලගේ අයිඩල් විදියට විතරක් හිතන්න ගන්න..ඔයාලට දවසක ඔයාලගේ ආදරේ හම්බුවෙයි..අපිටත් අපෙ ආදරේ හම්බුවෙයි..මන් විශ්වාස කරනවා ඔයාලාගේ ආදරේ ගැන අපි සතුටු වෙනවා වගේ අපේ ආදරේ කවදාම හරි දවසක හම්බුනොත් ඔයාලත් සතුටුවෙයි කියලා..මන් හිතනවා අපේ තීරණ එක්ක ඔයාලා හැමදාම ඉදිවි කියලා...එහෙම නේද ආර්මි...ආර්මි සරන්හෙයෝ....

ජිමින් ඒ ටික කියලා ඉවර වෙනකොටම ආර්මිලා ඔක්කොම කෑ ගහලා චියර් කරන්න පටන් ගත්තා..මට හිතෙනවා මන් විතරක් නොදන්න ආර්මිලායි හ්‍යුන්ග්ලයි ඔක්කොම දන්න මොකක්ම හරි දෙයක් තියෙනවා කියලා..ඒ නිසාමද මන්දා ජිමින්ගේ කතාවෙදි ආර්මිලා ලොකු වැරැද්දක් කරපු අය වගේ බිම බලාගෙන හිටියේ...එයාලගේ ඇස්වල පසුතැවිල්ල තිබ්බා...ඒ ඇස් හුගක් මගේ දිහාවට තිබ්බේ..අන්තිමට මන් ලොකු හුස්මක් අරගෙන මයික් එක ගන්නකොට මුලු ඕර්ඩියන්ස් එකම නිශ්ශබ්ද උනා...

🐯 අ..ආර්මි...කොහොමද ඔයාලට ??

මට එච්චරයි කියන්න පුලුවන් උනේ ආර්මිලා ඔක්කොම එකපාරටම කලබල වෙන්න පටන් ගත්තා..හ්‍යුන්ග්ලා පවා...මායි කුකියි ජිමිනුයි ෆෝන් අරන් ආවේ නැතත් හ්‍යුන්ග්ලා ටික ෆෝන් අරන් ඇවිල්ලා තිබ්බා...එකපාරටම ආර්මිලා වගේම හ්‍යුන්ග්ලාත් ඇස්වල කදුලු පුරෝගන්නකොට මන් ඉක්මනට ගිහින් ජින් හ්‍යුන්ගේ ෆෝන් එක උදුරලා ගත්තා...ඒත් ඒකේ තිබ්බ නිවුස් එක දැක්කාම මගේ ඇගම හිරිවැටිලා යනවා වගේ මට දැනුනේ...මන් ආයි පාරක් මගේ ඇස්වලට දකින දේ ඇත්තද කියලා තේරුම් ගන්න ඒක ආයි ආයි කියෙව්වා...මගේ ඇස්වලින් කදුලු බේරෙනකොට මන් දිහා බලන් හිටපු ජිමිනායි කුකියිත් හ්‍යුන්ග්ලාගේ ෆෝන් අරන් මැසේජ් එක කියෙව්වා...

" මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් !!

ප්‍රසිද්ද bts කන්ඩායමේ නිත්‍ය ගායක කිම් ටේහ්‍යුන්ගේ දියණිය යැයි කටකතා ගිය කිම් ජන්ග්මි දැරිවිය ඇතුලු තවත් කාන්තාවන් තුන් දෙනෙකු පැමිණි මෝටර් රථය අද උදෑසන සිදු වූ මාධ්‍ය කැළඹීම නිසා ඉන් පලා යාමට ගොස් හදිසි අනතුරකට ලක් වී ඇත..ඉන් බරපතල තුවාල සහිතව දරුවාගේ මව යැයි පැවසූ කාන්තාව ඇතුලු තවත් කාන්තාවන් දෙදෙනෙකු දරුවා සමග රෝහල් ගත කර ඇත."

ෆෝන් එකට ඇවිල්ලා තිබ්බ නිවුස් එක එකින් එක මගේ ඔලුව අතරේ දෝංකාර දෙනකොට මන් එහෙම්ම ඔලුව අල්ලන් පහත් උනා..මුලු ස්ටේජ් එකම නිශ්ශබ්දයි...මට නිකන් දැනුනේ මගේ මුලූ ලෝකෙම නිශ්ශබ්ද වෙලා යනවා වගේ...මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ...

🐨🐹🦄🐱 ටේහ්‍යුන්...!!

මන් වැටෙනකොට ජුන් හ්‍යුන්ග් මාව අල්ලගත්තා වගේ දැනුනාත් මට හැමදේම කැරකෙනවා වගේ දැනුනේ...

🐨 ටේහ්‍යුන් කතා කරන්න...

🐹 ටේයා...අනේ කතා කරන්න මැණික..ටේයා...

ජින් හ්‍යුන්ග්නුයි ජුන් හ්‍යුන්ග්නුයි මාව වටකරගෙන ඉන්නකොට බොද උන ඡායාවන්වලින් මන් දැක්කා කුකීයි හොබි හ්‍යුන්ග්ව බදාගෙන අඩනවා..ජිමිනා එහෙම්ම බිම වාඩි වෙලා මන් දිහා බලාගෙන ඉන්නකොට යූන්ගි හ්‍යුන්ග් ඉක්මනට එයාව තුරුල් කරගත්තා..

ස්ටේජ් එක උඩට ස්ටාර්ෆ් එකේ අය හැමෝම වගේ ස්ටේජ් එකට දුවගෙන ආවේ ලෝකෙට රහසක් උනත් හයිබ් එකේ අපෙ ස්ටාර්ෆ් එක අයිශු ශානු දෙන්නාව කුකී ජිමින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියටත් මගේ රෝසමල ගැනත් දන්න නිසායි...ස්ටේජ් එකේ ලයිට් පවා ඕෆ් වෙනකොට මගේ ජිවිතෙත් ටිකෙන් ටික කලුවර වෙන්න පටන් ගත්තේ හරියට මේ ඔක්කොටම වගකියන්න ඕන මන් කියන්න වගේ...

🐨 ටේයා කතා කරන්නකෝ...ඔහොම ඉන්න එපා..
ටේයා...

🐹 නම්ජුන්..ඉක්මනට ටේයාව ගන්න...අනේ ටේයා කතා කරන්න..ඔහොම ඉන්න එපා...අඩුම අඩන්න මැණික...

මට මැරෙන්න ඕන හ්‍යුන්ග්..මන් නිසායි මේ හැමදෙයක්ම...මන් හින්දයි....මන් නිසායි නායොන්ග් නැති උනේ..මන් නිසායි කුකීගේ ශානු හොස්පිටල් ඉන්නේ...මන් නිසායි ජිමින්ගේ අයිශු හොස්පිටල් ඉන්නේ..මන් නිසායි මගේ රෝස මල දෙවෙනි පාරටත් හොස්පිටල් එහෙක ඉන්නේ..මන් නිසායි මගේ ආදරේ හොස්පිටල් ඉන්නේ...මට මැරෙන්න ඕන...මන් ඇයි ජීවත් වෙන්නේ...V කියන්නේ වාසනාව උනාට ටේහ්‍යුන් කියන්නේ අවාසනව...ඔව් මේ ලෝකෙටම ටේහ්‍යුන් කියන්නේ අවාසනාව ගේන කෙනෙක් විතරයි...

🐯 ම..මට මැ..මැරෙන්න ඕන හ්‍යුන්ග්..

අමාරුවෙන් උනත් මන් මට කියන්න ඕන එක කියනකොටම මට දැනුනා හ්‍යුන්ග් මාව උස්සලා එයාගේ අත්වලට ගන්නවා..ඒත් හැමදෙම වගේ කලුවර වෙලා පේනකොට මන් ජූන් හ්‍යුන්ග්ව තුරුල් කරගෙනම ඇස් පියාගත්තේ අන්තිම වතාවටවත් මන් කියන දේ අහලා මන් ආදරේ කරන හැම කෙනාවම ඉතුරු කරලා මාව විතරක් මරලා දාන්න කියලා හිතාගෙන...මගේ ඇස් පියවෙනකොට මට ඇහුනා හ්‍යුන්ග්ලා අඩනවා...ඒත් මට මැරෙන්න ඕන හ්‍යුන්ග්..ඔයාලගේ ටේයාට තවත් මේවා දරාගන්න බැහැ...ඔයාලා හිතන තරම් හ්‍යුන්ග්ලාගේ ටේයා ශක්තිමත් නෑ හ්‍යුන්ග්...මියානේ....

..............................................................................................

ඇත්තටම මට හිතාගන්න බැහැ මේ වගේ ලොකු රහසක් ආර්මිලා දැන ගත්තොත් කොහොම හැසිරෙයිද කියලා...ඉන්ටර්නැෂනල් ආර්මිලා නම් ශොක් වෙයි..පස්සේ එයාලා සමහරවිට තේරුම් ගනිවි...ඒත් කොරියන් ආර්මිලා ?? බේබි ආර්මිලා ??

මට හිතාගන්න බැහැ එයාලා එහෙම දෙයක් දැන ගත්තොත් කොහොම හැසිරෙයිද කියලා...සමහරවිට ටේහ්‍යුන්ට බෑන්ඩ් එකෙන් අයින් වෙන්න කියයි...එයාගේ ජිවිතේම එයාටම එපා කරවයි...මට ඇත්තටම හිතාගන්න බැහැ එයාල කොහොම හැසිරෙයිද කියලා...

ඒත් මන් ගැන කිව්වොත් මාත් ශොක් වෙයි...බොරු කිව්වාට දුක හිතෙයි...ඒත් මන් මගේ හිත හදාගන්නවා..ඒ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්වත් හස්බන්ඩවත් නෙමෙයි...ඒ ඉන්නේ මගේ අයිඩල්..ෆෑන් කෙනෙක් විදියට මට බෑ ඒ ජිවිතේට ඇගිලි ගහන්න...මට පුලුවන් එයාලා සතුටු වෙන දිහා බලලා සතුටු වෙන්න...හෙට කිව්වොත් ටේහ්‍යුන් මැරීඩ් කියලා..මන් හෙට දවසෙම ශොක් වෙලා ඉදිවි...හැබැයි අනිද්දා ඉදන් මන් මගේ හදවතින්ම එයාට සුබ පතනවා...ඒක එයාගේ තිරණය..එයාගේ ආදරේ...අපිට හන්ගන්න එයාට සාධාරණ හේතු තියෙන්න ඇති...ඒ මොනවා උනත් මට පුලුවන් මගේ හිතට එකගව එයාට සුබ පතන්න..

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

23.1K 6.2K 25
_Before the marriage_ පාක් නිවසෙ එළිමහන් බංකුවට ආව ජන්ග්කුක් තාමත් බිම බලාගෙන ලැජ්ජාවට යටිතොල හපාගෙන ඉන්න ජිමින්ට තමන් ළගින් වාඩි වෙන්න කියලා සන් කලා...
4.7K 204 20
The year is 2020 and the McKinley High New Directions have taken a new direction. Glee club alum Sam Evans has taken charge of the glee club for the...
48.2K 2K 24
A model who chose love over limelight and a CEO who chose career over love. Where Omega Taehyung at his peak of modeling career gave everything up to...
359K 22.8K 86
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...