මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

Від Yazwi_03

51K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... Більше

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

හත්වන මේඝය

906 152 18
Від Yazwi_03

මන් මගේ කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට වැටුණේ මල් බොකේ එක ගැන කල්පනා කරන ගමන්...

බර්ත්ඩේ එක නොවන දවසේ බර්ත්ඩේ එකට කියලා මල් බොකේ එකක් එවන එකේ තේරුම මොකක්ද.. කොව්චර වටෙන් ගොඩෙන් කල්පනා කර කර හිතුවත් මන් හිටියේ එක ම තැන.. ඒ හින්දා මන් ෆෝන් එක අතට ගත්තේ යස්විට කෝල් එකක් ගන්න හිතාගෙන.. ඒ උනාට ඊට කලින් මගේ රූම් එකේ දොරට මොකෙක් හරි තඩිබාන්න ගත්තා..

"ආහ් නෑනේ යන් කන්ට... "

"අර දියබරි සෙක්කා හදපු ජරාව උබම කාපන්.. මට කෑම තියෙනවා.. දුප් යන්න ඒක හින්දා..."

අලබට්ටව තල්ලු කරලා දාලා දොර වහපු මන් කෑම එක ගැන මතක් කරපු හින්දා ඒක කන්න කියලා හිතන් ටේබල් එක ළඟට ගියත් කෑම මල්ල මිසින්...

මන් මුළු කාමරේ පුරාම ඇස් යැව්වට පස්සෙයි මතක් වුණේ අර රෙද්දෙ මල් බොකේ එකක් හින්දා කෑම මල්ලත් පහළ හලලා ඇවිත් කියලා..

ලැජ්ජාව පැත්තකින් තියලා ආයේ දොර ඇරගෙන කාමරෙන් එළියට එන්න හදනකොටම අලබට්ටා මගේ ඉස්සරහට පැන්නේ මගේ මුළු සරුවාංගෙම සීතල කරලා දාලා... මහසෝනා ගැහුවා වගේ එකපාරට මතුවුණේ..

"මොකක්ද මනුස්සයෝ කරන්නේ... තව පොඩ්ඩෙන් පියුස් යනවා.."

මන් පපුවත් අල්ලන් හති දදා කියනකොට අලබට්ටා හිනා වෙවී අත පිටිපස්සට කරන් හිටපු මගේ කෑම මල්ල මූණ ඉස්සරහා ඒ පැත්තට මේ පැත්තට පද්දන්න ගත්තා...

"ඕක දීපිය වදේ... "

මන් උඩ පැනලා මල්ල අල්ලගන්න ට්‍රයි කරත් ම්හු.... වැඩේ සාර්ථක නෑ...

"පහළට ඇවිත් ම කමු නෑනේඒඒඒ...."

අලබට්ටා කෑගහගෙනම මගේ කෑම මල්ලත් උස්සන් පහළට බැස්සා... මුගේ අයියටයි මුටයි පුදුමාකාර අමාරුවක් තියෙන්නේ මේ අහිම්සක මාව විහිළුවකට ගන්න..

"ඕක දෙනවා මනුස්සයෝ...."

මාත් සෙකන්ඩ් වෙන්නැතුව කෑගහගෙනම පහළට ආවේ අලයව මරලා හරි අද කෑම මල්ල අරන් එනවා කියලා හිතාගෙන...

මන් පහළට එනකොටත් අලයා ගිහින් මේසෙන් වාඩි වෙලත් ඉවරයි.. ඊට එහයින් කළුකුමාරයත් වාඩි වෙලා හිටියේ ෆෝන් එකට කොට කොටමයි...

කාලභූතයා දිහා ඒ හැටි නොබලම මන් අලබට්ටා ළඟට ගිහින් ඒකගේ අතෙ තිබුණ මගේ කෑම මල්ලත් උදුරගෙන උඩට යන්න හැදුවා විතරයි මිස්ටර් කළු ගුගුරන්න ගත්තා...

"මෙහෙන් වාඩිවෙලා කනවා.... "

මන් මොකටද ඌ කියන ඒවා අහන්නේ කියලා හිත කිව්වත් මගේ ඇඟේ තියෙන මගේ නොවන මේඝ ලවර් පේශි සක්‍රිය වෙලා ඒ වෙනකොට මාව පුටුවෙනුත් වාඩි කරවලා ඉවරයි.. මහා භූත විපර්‍යාස මෙව්වා..

මාත් ඇවිත් වාඩි වුණාට පස්සෙ කළුකුමාරයා ප්ලේට් එකට කෑම බෙදාගත්තේ වැරදීමකින්වත් මන් දිහා බලන්නේ නැතුව..

ඇස් කැඩෙනවා ඇති බැලුනොත් මල සමයන්..

හිතින් බැන බැන ඉන්නකොට මන් දැක්කා භූතයා ළඟම අර එවපු කේක් එකේ පැකින් කඩලා මේසේ උඩින් තියලා තියනවා. කෝලම්.. මතක් වෙන්න තියන් ඉන්නවා ඇත්තේ ලඟින්.. අපරාදේ විසිකරලා දන්න තිබුණේ..

කේක් එකටත් රවලා මම කාලභූතයා දිහා බැලුවේ නිකමට වගේ.. මගේ ඇස් මට අවනත නෑ මේ වගේ වෙලාවට...

ඒත් එවෙලේ මන් බලන් ඉදිද්දිම උදේ විදියටම කටට ගත්තු පළවෙනි කෑම කට එහෙමම කළුකුමාරයා ප්ලේට් එකට හැලුවා.  ඊටපස්සේ.. කළු ම කළු පාට ඇස් මගේ පැත්තට හරවලා රවන්න ගත්තේ හරියට මන් වැරැද්දක් කරා වගේ...

"මේ කෑම ටික රත් කරන් එනවා ගිහින්..."

යකඩෝව්.. මුගේ ආච්චිට... මන් මොකෙක් කියලද දන්නෑ හිතන් ඉන්නේ.. කියන කියන එක කියන කියන වෙලාවට කරන්න.. කසාදේ බල්ලට දාලා මන් සද්දෙන් පුටුව පස්සට කරලා නැගිට්ටේ අර උලමට හොඳ දෙකක් කියන්න හිතාගෙන..

ඒත් එකපාරටම පුටුවෙන් පැනපු අලබට්ටා මගේ කට වැහුවේ මට මොකුත්ම කියන්න නොදී..

"හරි අයියා විනාඩි පහක් ඉන්නකෝ අපි දෙන්නා හදන් එන්නම්..."

අලයා එහෙම කියලා එක අතකට ප්ලේට් එකක් අරන් මාවත් ඇදගෙන කිවන් එකට ආවා...

"යකොව් පොඩ්ඩක් පැටලෙන්නැතුව හිටපියකෝ... "

"ආහ් දැන් මමද අර යස්සයා එක්ක පැටලුනේ.. හ්හ් කියන කියන එක මන් කරන්න ඕනද.. විකාර."

"හරි හරි..ඔය බෙලෙක්කේ වහගෙන ලිප ඔන් කරාම්.. මේ ටික රත් කරන් යන්න...ශික්.. "

බැන බැනම මන් ලිප ඔන් කරාට පස්සේ අලයට කෝල් එකක් ආවා කියලා එතනින් ගානට මාරු වෙලා ඒකා ගියා.. මන් ඉන්න තැනට පේනවා අර උලමා බෙල්ල පහත් කරන් ෆෝන් එකට ඇන ඇන ඉන්න හැටි.. මොන ජාතියේ මිනිහෙක්ද මන්දා...

කෑම ඔක්කොම රත් කරලා මන් බලන් ඉදියේ අලබට්ටා එනකන් ඒ ටික ටේබල් එකට අරන් යන්න.. කෑම ටික දිහා විනාඩි කීපයක් බලන් ඉන්නකොට මගේ ත්‍රිමාණ රූපි අසම සම බුද්ධි අවකාසෙට හෙන ශෝක් අයිඩියාස් එකක් ආවේ ඉබේටම වගේ.. දෙන්නම් උලමට අද බඩ පපුව හෝස් ගාලා යන්න.. හ්හ්

කබඩ් එක පීරලා මන් ලුණු බෝතලේ  හෙව්වට ඒ බම්බුව පේන්න ඇත්තෙත් නෑ.. අන්තිමට සුදු පාට කුඩු වගයක් පුරවපු බෝතලයක් යන්තන් මන් හොයාගත්තා.. ලුණු වෙන්නෝනේ ඒ.. ඔව් ලුණු තමයි..

මන් මදි නොකියන්න තිබ්බ කෑම ප්ලේට් සේරටම අර බෝතලේ තිබුණ ඒවා හැලුවේ හිතේ තියෙන තරහ නිවෙන්නත් එක්කමයි.. කාපන්කෝ ලුණු ලේවායම කළුකවුඩා.. හ්හ්..

මන් ඔක්කොම රෙඩි කරාට පස්සේ අලයා කොහේදෝ ඉදන් දුවගෙන ඇවිත් ටේබල් එකට කෑම අරගෙන ගියේ මාත් ඒකගේ පස්සෙන් යද්දි..

"අයියා.. මන් විනාඩි දහයෙන් එන්නම්.. අර්ජන්ට් වැඩක් තියෙනවා.."

අන්තිම ප්ලේට් එක උලමා ගාවින් තියලා අලබට්ටා යන්න ගියේ මාව මේ කාලභූතයා එක්ක තනිකරලා..

කළුකුමාරයා කෑම ටික බෙදාගනිද්දි මන් මගේ සත්තරම් කොත්තුව ප්ලේට් එකට දාගෙන අනුභවය ආරම්භ කළා.. මන් ඇස් කටේ දාන් බලන් හිටියේ අර උලමා පළවෙනි කට කාපු ගමන්ම බොකෑස් ගාලා ආයෙම එළියට දානකන්..

ඒ උනාට මේ මිනිහා අපූරුවට කනවනෙ හත්තික්කේ..

යකොව් මන් ලුණු බෝතලේම මේ කෑම ඔක්කොටම හැලුවා.. මූ කෝමද මෙහෙම කන්නේ.. කිසිම අවුලක් නැතුව පොර කනවා.. ඇත්තටම පිටසක්වලයෙක් වගේ.. මන් මගේ කෑම එක පැත්තකින් තියලා මේස උඩ තියෙන කෑම ටිකයි කළුකුමාරයගේ ප්ලේට් එක දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ ෆුල් ම අන්දොස් ලුක් එකෙන්.. කිසිම කේස් එකක් නැතුව උලමා බුදිනවා... විස්මිතයි....

"ආහ්..  මෙන්න.. තමුසේ ඔහොම කෙළ හලන් බලන් ඉද්දි කන්නත් බයයි.."

කෑම ඔක්කොම කිසිම ආබාධයක් නැතුව කාලා ඉවර වෙලා අර ඉලව් කේක් කෑල්ලක් මගේ ළඟට ළං කරනගමන් කළුකුමාරයා කිව්වේ මන් ඇස් උඩ තියන් ආයෙම ඒකා දිහා බලන් ඉද්දි...

නෑ මූ නම් මිනිහෙක් වෙන්න බෑ.. අච්චර ලුණු ගොඩක් කන්නේ කෝමද.. හත්තික්කේ...

"මොකද තමුසෙට වෙලා තියෙන්නේ.. මට ඔයිතරම්ම පිස්සු වැටෙන්න එපා..."

එහෙම කියලා එකපාරටම කළුකුමාරයා නැගිටලා මගේ පැත්තට ආවේ මගේ හාට් බීට් එක කෙලින්ම හයි රේට් එකටම නග්ගන ගමන්...

"ඒක.... එච්චර හොඳ නෑ...."

කලින් කියපු එකේ ඉතුරු ටික කළුකුමාරයා සම්පූර්ණ කළේ මගේ පිටිපස්සෙන් ඇවිත් කන අස්සටම නැවිලා හරියට රහසක් කියන්න වගේ...  මාව පිච්චෙනවා වගේ.. සාම්තයියේ....

මන් බලන් ඉද්දිම කී හෝල්ඩර් එකෙන් බයික් එකේ කී එක ගත්තු කාලභූතයා මුකුත් නොකියම ගෙදරින් එළියට බැහැලා යන්න ගියා...

මේ කසාදේ ඉවර වෙන දවසට සත්තයි මන් ඉන්නේ අංගොඩ.. මේ කටුස්සා එක විදියට පාට මාරු කරන හැටි විතරක්... ශික්....

ඔලුවේ දුවන මනස්ගාත ඔක්කොම පැත්තකින් තියලා මන් ටේබල් එකත් අස් කරලා අර දහ ජරා කේක් එකත් විසි කරලා දාලා මගේ කාමරේට ආවේ උදේ ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් ටික නිදහසේ බලන්න හිතාගෙන...

කාමරේ ලයිට්ස් ඕෆ් කරලා හෙඩ් සෙට් දෙකත් දාගෙන මන් ටික වෙලාවක් ෆිල්ම් එක බල බල ඉන්නකොට නිකන් කන් අස්සෙන් හීනියට වගේ දොරට තඩිබාන සද්දයක් ඇහුන හින්දා ඉස්බනු දෙක අයින් කරලා මන් බැලුවේ ඒක සැබෑවක්ද සිහිනයක්ද කියලා...

අම්බෝ යකොව් සැබෑවක් සැබෑවක්.. අලබට්ටා ගිරිය යටින් ලතෝනි තියන් දොරට තඩිබාන්නේ..

මන් දඩස් ගාලා ඇඳෙන් පැනලා දොර ඇරලා බැලුවේ මගෙ මස්සිනාට මේ රෑ සිද්ද වුණු දරුණු ගනයේ අතවරය මොකක්ද කියලා..

අලබට්ටා විතරක් නම් මොකෝ ලපයත් ඉන්නවා.. මුන් දෙන්නා මොන මගුලක් කරනවද...

"මේ ඇඳුමක් දාගනින් ඉක්මනට..."

"යකොව් පිස්සුද.. කොහේ යන්නද.. අනෙ මට බෑ උබලා යන දේවාලෙ...."

"කිව්වම අහපන් යකො..කියවන්නැතුව ඇඳුමක් දාගනින් නැත්තන් ඔහොමම වරෙන්..."

මන් කියන්න ගියපු කියන්නත් නොදී අලබට්ටා කෑගැහුවා.. ඇයි මේ කවදාවත් යශේන් මේ තරම් සීරියස් වෙලා නෑ.. මොකක් හරි අවුලක් වෙලා තියෙනවා..

"යශේන් මොකක්ද වෙලා තියෙන්නේ ආහ්.. යස්වි මොකද.. මේ.. කියපන් මට..."

"යස්වි ඔයා මෙයාව එක්කන් එන්න මන් පල්ලෙහා ඉන්නම් විනාඩි පහෙන් එන්න නැත්තන් මන් යනවා..."

කලබලෙන් එහෙම කියපු යශ් පහළට ගියා.. ඒ වෙනස මගේ හිතට අරන් ආවේ ලොකු බයක්...

"යස්වි කියපන් මොකද වෙලා තියෙන්නේ අරයට..."

"යන්...වරෙන් යන්න..."

යස්වි මට මොකුත් නොකියම මගේ අතින් ඇදන් පහළට ආවත් මගේ හිතට මේක ලොකු ප්‍රෙහේලිකාවක්.. ඒක හින්දම මන් යස්විගේ අත ගසලා දැම්මේ හේතුව අහගන්න ඕන නිසා...

"හේතුවක් කියපන්.. මට..."

"කේශර අයියා ඇක්සිඩන්ට් වෙලා මනුස්සයෝ..  හොස්පිට්ල් එකෙන් කතා කරලා ඉන්ෆෝම් කරලා තියෙන්නෙ යශේන්ට.. වරෙන් යන්න ඉක්මනට.."

යස්වි කියපු දේවල් වලින් මුල් ටික ඇරෙන්න අනික් හැම වචනයක්ම මට ඇහුනේ හරියට හීනෙන් වගේ..

මටත් නොදැනිම මාව ඇදගෙන යස්වි කාර් එකට ගියාද කොහෙද... මට මොකුත් ඇහෙන්නෙවත් දැනෙන්නෙවත් ඇහෙන දේවල් ඔලුවට ගන්නවත් සිහියක් නෑ.. මොකද මගේ හිත ඒ තරම්ම කලබලයි...

මේඝ...

මේඝ......

මේඝ.....

මගේ ජීවිතේ යස්විට පස්සෙ මගේ කෙනෙක් කියලා කියන්න බැඳීමක් හදාගත්තු එකම පිටස්තර මනුස්සයා... ඒ මගේ ආදරේ.. අවුරුදු පහක් පිස්සුවෙන් වගේ හොයපු ආදරේ... වචන නැති තරම් විස්තර කරන්න මේ වෙලාවේ මගේ හැඟීම්..

මේ ලෝකේ ගොඩක් අයට තමන්ගේ කියලා මහා ගොඩක් දෙනෙක් ඉන්නවා.. හැබැයි අපි වගේ අනාථයොන්ට මේ ලෝකේ බිලියන ගාණක් දෙනා අතරේ අපේ කියලා කියන්න ඉන්නේ එක්කෙනයි නැත්තන් දෙන්නයි.. එහෙම ඉන්න දෙතුන් දෙනාගෙන් කාටහරි මොනාම හරි දෙයක් වුනොත් ඒක දරාගන්න එක ලේසි නෑ.. හිතාගන්නවත් බෑ..

නමක් දෙන්න බැරි හැඟීම් ගොඩාක් එකපාරටම හිත ආක්‍රමණය කරලා වගේ.. මගේ මුළු ඔලුවම පිස්සුවක්... මොකක්ද වුනේ, එයාට කොහොමද, මොකද වෙලා තියෙන්නෙ ඒ කිසිම දෙයක් අහන්න ඕන කියලා මට හිතෙන්නේ නෑ..  මගේ ඇතුළ හිස් ඒත් මහා කැළඹීමකුත් තියෙනවා...

මේඝ... ඔයා හොඳින් නේද...

ඔහේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන යද්දි මන් අත් දෙකෙන්ම මූණ වහගත්තේ හිත සන්සුන් කරගන්න හිතාගෙන.. ඒත් ඒක කරන්න ආමාරුයි....

හොස්පිට්ල් එකට එන්න ගතවුනු මිනිත්තු ගාණ තමයි මගේ ජීවිතේ මන් ගෙවපු අමාරුම නොඉවසිලිමත් ම මිනිත්තු කීපය... හොස්පිට්ල් එකට ගියාට පස්සෙ යස්විව වගේම යශේන්වත් පහු කරන් මන් කොරිඩෝ එක දිගේ ඔහේ දුවගෙන ගියේ මේඝ ඉන්නේ මොන කාමරේද කියලවත් නොදැන...

"මෙහෙන් යන්..."

මාව ඇඳගෙන යස්වි වෙන කොරිඩෝ එකකට හැරුණා.. හැමදාම වගේ මන් ගියපු පාර වැරදි...  කොරිඩෝ එකක් දිගේ දුවගෙන ගිහින් අන්තිමට අපි නැවතුනේ තියටර් එකක් ගාව..

අපි එතනට ළං වෙනකොටම තියටර් එකේ ඉදන් ඩොක්ටර් කෙනෙක් එළියට ආවේ කෝට් එකත් ගලවනගමන්...

"ඩොක්‍ටර්.. කොහොමද පේශන්ට් ට...."

යශේන් දුවගෙන ගිහින් ඩොක්ටර්ගෙන් ඇහුවේ මන් ඇහි පිය නොගහා ඩොක්ටර් දිහා බලන් ඉදිද්දී..

"ඔයාලා කවුද...."

"ආහ් ඩොක්ටර් මන් ඒ පේශන්ට් ගේ මල්ලි..  අර ඉන්නේ එයාගේ වයිෆ්.. ප්ලීස් අපිට කියන්න පුළුවන්ද එයාගේ කන්ඩිශන් එක ගැන..."

"ඕහ්... හරි.. දැන් බය වෙන්න දෙයක් නෑ.. පේශන්‍ට් හොඳින් ඉන්නවා.. ඇක්සිඩන්ට් එකෙන් එයාගේ කකුළට ටිකක් ඩැමේජ් වෙලා තියෙන්නෙ මන් හිතන්නේ බයික් එකට කකුළ යට වෙලා වගේ දෙයක් වෙන්න ඇති.. කොහොම උනත් සතියක් දෙකක් යනකන් එයාට වීල් චෙයා එක පාවිච්චි කරලා මාසයක් විතර ක්ලචර්ස් පාවිච්චි කරන්න වෙයි... අපි තව ටිකකින් එයාව රූම් එකකට දානවා එතකොට බලන්න පුළුවන්..."

ඩොක්ටර් එහෙම කියලා යන්න ගිහින් ආයෙම අපි ළඟට ආවේ තව දෙයක් කියන්න..

"ඔයාලා එයාගේ ෆැමලි මෙම්බර්ස්ලා කිව්වා නේද.. මේකයි ඇත්තටම මට දැනගන්න පුළුවන්ද මේ පේශන්ට්  ඩ්‍රග්ස් මොනා හරි යූස් කරනවද කියලා.. අයි මීන් ඔයාලට එහෙම සැකයක් හරි තියෙනවද... "

"ඇයි.... ඩොක්ටර් එහෙම ඇහුවේ..."

"නෑ... ඒක පොඩි සැකයක් විතරයි බ්ලඩ් රිපෝට්ස් ආවම අපි බලමු... මට හිතෙනවා ඇක්සිඩන්‍ට් එක සිද්දවෙන වෙලාවේ පේශන්ට් මොනා හරි ඩ්‍රග් එකක් අරන් ඉදලා තියෙන්නෙ කියලා... අපි බලමු... පේශන්ට්ව බලලා මාව හම්බෙන්න එන්නකෝ..."

ඩොක්‍ටර් එහෙම කියලා එතනින් ගියේ අපේ හිත්වලට ප්‍රශ්න කෝටියක් ඔබලා දාලා..

මේඝට ප්‍රශ්න තියෙන බව නම් ඇත්ත.. ඒවා තනියම හිතේ තියන් දුක් විදින එකත් ඇත්ත.. ඒත් ඩ්‍රග්ස් අරන් පිස්සු නටන්න තරම් එයාට මොකද වෙලා තියෙන්නෙ...

මගේ ඔලුව පිස්සුවෙන් වගේ එක එක දේවල් කියද්දි මන් එහෙමම එතන තිබුණ පුටුවට වැටුනෙ ඔක්කොටම කලින් මගේ මගේ හිත සන්සුන් කරගන්න ඕන හින්දා...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

මීළඟ මේඝයෙන් හමුවෙමු....

Продовжити читання

Вам також сподобається

5.3M 715K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
606K 46.7K 49
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
7.4K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
95.1K 10.6K 93
transition novel