The Way To Your Heart (yizhan...

By __arouza__

22.6K 4K 900

🐰: ඔයා මම හිතපු කෙනා නෙවෙයි යීබො.... Start - 2022.06.10 Finish - 2022.07.17 More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21 (Bonus)
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Author's Note ✨️❤
Chapter 32 (End)

Chapter 20

586 117 35
By __arouza__

මං එහෙම කියන ගමන් එයාගේ ඔඩොක්කුවෙන් ඉඳ ගත්තා....එයාගේ ඔඩොක්කුවෙන් ඉඳ ගන්න එක දැන් මට පුරුද්දට ගිහින් වගේ.....

යීබො තරහා ගන්න එපා ඉතින්...මං මේ පොඩ්ඩක් ජොලියට ගියෙ....හුඟකාලෙකින් යන්න බැරි උනානෙ කොහෙවත්....

යීබො සද්ද නෑ.....

මොනා උනත් ලස්සනට ෆොටෝ ටික ගහලා නේද....

මං එහෙම කියද්දි එයා මාව උස්සලා ඇඳට දැම්මා...

නිදා ගමු..

හරි.....

අපි දෙන්නම නිදා ගන්න ගියා....

මහ රෑ යීබො මගේ ඉස්සරහට වෙලා හිටන් ඉන්නවා.. මං පටස් ගාලා නැගිටලා යීබොට කතා කරා...

පොර හෙල්ලෙන්නෙවත් නෑ....

මෙයා මේ හීනෙන් ඇවිදිනවා වගේ....ආයෙත් පොඩ්ඩක් කතා කරලා බලන්න ඕන..

මන් එහෙම හිතලා ආයෙමත් යීබොට හිමින්සීරුවෙ කතා කරා..ඒත් එයාගෙන් කිසි ප්‍රතිචාරයක් තිබ්බෙ නැහැ...

මට මතක් උනේ අර කතාවක තිබ්බ විදියට නින්දෙන් ඇවිදින කොට කියන දේ කරනවා කියලා...මාත් එහෙම උත්සහා කරලා බලන්න තීරණය කරා...

යීබො....ඔයා මට ආදරේ නම් මාව බදා ගන්න...

මං එහෙම කියද්දි එයා මාව තදින් බදා ගත්තා....

ඒකත් මරු වැඩේ...හැමදාම එයාගෙන් හග් ගොඩාක් ගන්නත් පුලුවන්....දැන් ඉතින් කිස් එකකුත් ට්‍රයි කරලා බලමු...

යීබො මාව කිස් කරන්නකො...

මං එහෙම කියද්දි එයා මගේ නලල කිස් කරලා මගේ ලිප්ස් ගාවට එන්න හදද්දිම...

මොනාද ශාන් මේ කරන්නෙ...එහෙම කරන්න එපා..ඔයාට ලැජ්ජා නැද්ද....

මං මටම එහෙම කියාගෙන එයාව ඇඳට තල්ලු කරලා දැම්මා..

උදේම එයා කම්පැණියට ගිහින් මාවත් දාලා.....වෙනදනම් මාව එක්කගෙනම යනවනෙ....එයා එන්න එන්න මගෙන් ඈත් වෙන්නද මංදා හදන්නෙ....බලමුකො..එයා කොහොමද මට එහෙම කරන්නෙ කියලා....මාත් එක්ක ඕවා කරන්න බෑ....

මං එහෙම හිතලා ඉක්මනින් යන්න ලැහැස්ති උනා.....

යුනි එකට ගිහින් ජීසු එක්ක පොඩි කයියක් දාන් හිටියා....

ඒත් එක්කම කෙල්ලෙක් ඇවිත් මට කොල කෑල්ලක් දීලා ගියා....

ඒකෙ ලියලා තිබ්බෙ ස්වීම්පූල් එක ළඟට පලවෙනි ලෙක්චර් එක ඉවර උනහම එන්න කියලා...

ඒත් මං කල්පනා කරා මං ඔතනට ගිහින් යීබො ඕක ගැන දැන ගෙන මොන ජල්ලියක් අල්ලයිද කියලා.....

ජීසු මං දැන් මොකද කරන්නෙ....මට එකපාරටම එහෙම යන්න බෑනෙ...හරියටම ඒ කෙල්ල මොනා කියන්නද එන්නෙ කියලා...ඔයා දන්නවනෙ යීබොගෙ හැටි..එයා දැන් ගොඩක් වෙනස්...තරහා යනවත් වැඩී...මං මොකද කරන්නෙ....

මං එහෙම කියද්දි ජීසු...

වැදගත් දෙයක් වෙන්න ඇති සමහර විට...මොකද මෙතනදිම එයා ඕක කියන්න නැතුව ඇත්තෙ අර ඔයාගේ බොඩිගාර්ඩ් කෙනෙක් අතන ඉන්නවා දැක්ක නිසා වෙන්න ඇති.....බලන්න එපා දැන්ම හිමින් සීරුවෙ බලහන්....

ජීසු මට එහෙම කියද්දි මං හිමීට ඌ දිහා බැලුවා...

ඌ යීබො එව්ව කෙනෙක්ද...

නැහැ...යීබො ළඟ ඔය වගේ එකෙක් ඉන්නවා මං දැකලා නැහැ...මට ඌව දැකලා පුරුදුයි හැබැයි....බලමුකෝ...

මෙහෙම කරමු...ඔයා වෙනුවට මං යන්නම් ඒ කෙල්ලව හම්බවෙන්න....පස්සෙ ඒක වැදගත් දෙයක් උනොත් මොකක් හරි කරලා යීබොට දැන ගන්න බැරි වෙන්න හම්බවෙමු...

ඔව්...නේද...ඒක හොඳයි....

ඊටපස්සෙ මං ලෙක්චර් එක ඉවර උනහම ජීසුව පූල් එක ළඟට යැව්වා... 

ජීසු මාත් එක්ක කෝල් එකේ ඉන්න ගමන් තමයි එතනට ගියෙ....

හායි..මම ජීසු...ශාන් කිව්ව නිසා තමයි මම ආවෙ....

එහෙමද...වැඩි වෙලා කතා කරන්න බැහැ...මම සෝහියුන්...

සෝහියෝන්...

සූගෙ පොඩිකාලෙ ඉඳන් යාලුවා...

හරිම හොඳ කරුණාවන්ත කෙනෙක්

ඇයි ඔයා ශාන්ට මෙතනට එන්න කිව්වෙ...

මට එයාට සූ ගැන වැදගත් දෙයක් කියන්න තියනවා....

ජීසු..ෆෝන් එක එයාට දෙන්න...

මං එහෙම ජීසුට කිව්වා..

මෙන්න ශාන් ලයින් එකේ ඉන්නවා කතා කරන්න....

එයා මගේ අතින් ෆෝන් එක අරන් ශාන් එක්ක කතා කරන්න පටන් ගත්තා....

ශාන්...මම සූගේ හොඳම යාලුවෙක්....ඔයාට මාව මතක නැතුව ඇති...මං එයාගේ පොඩිකාලෙ ඉඳන් යාලුවා....එදා එයා ඔයාව හම්බවෙන්න ආවෙ යැන්ග් සී ගැන කියන්න....ඔයාව හම්බවෙන්න එන්න කලින් එයා  මාව හම්බවෙන්න ආවා...එයා කිව්වා යැන්ග් සී කියලා කෙනෙක් ශාන්ව මරන්න යනවා කියලා....මං දැන් යන්න ඕන...යැන්ග් සී එයාගේ මිනිස්සුන්ව යුනි එකේ වටේටම දාලා තියෙන්නෙ...එයාලා මාව තාම දන්නෙ නෑ...පස්සෙ මං වෙලාවක් කියන්නම්...අපි හම්බවෙමු....

හරි....

මං එහෙම කියලා ෆෝන් එක තිබ්බා...

යැන්ග් සී එතකොට සූට වෙච්ච දේට සම්බන්ධයි...ඒක ශුවර් දැන් නම්....

මායි ජීසුයි ඒ ගැන කල්පනා කරා....

ලෙක්චර් ඉවර වෙලා ගෙදර යද්දි යීබො යැන්ග් සී එක්ක ගෙදර ඇවිත්....

මං කර බාගෙන පඩිපෙළ දිගේ උඩට ගියා....

දෙන්නා ඔය ඉන්නෙ පල්ලෙහාට වෙලා සව්දිය පුර පුර....හැටි විතරක් අර ගෑනිගෙ.....

මං එහෙම කිය කිය වොශ් එකක් දාන්න ගියා.....

වොශ් එකක් දාගෙන බඩිගිනි නිසා පල්ලෙහාට ගියෙ හිතකින් නෙවේ....බඩිගින්න ඉවසන්න බැරි නිසා....

යීබොයි යැන්ග් සීයි එක ළඟ ඉඳගෙන මොනවද කම්පැණියෙ වැඩ වගයක් කරනවා....

මං කෙලින්ම කන්න ගියෙ යීබොට කතා කරන්නෙවත් නැතුව....

මං මේසෙ උඩට වෙලා කකා ඉද්දි....

යැන්ග්...එහෙනම් ඔයා වැඩ ටික කරගෙන යන්න....මං වොශ් එකක් දාන් එන්නම්...අපි දෙන්නා එලියට ගිහින් ඩිනර් ගමු....

හරි බෝ...

මොනවා...මේ මනුස්සයා ඇත්තටමටද මේ කියන්නෙ...මං මෙතන ඉන්නවා පේන්නෙ නැද්ද....ඇයි මෙයා එකපාරටම මෙච්චර වෙනස් උනේ....අනික යැන්ග් ලු....අරකි බෝ ලු....අනේ අම්මාපා මාත් මෙව්වා බලන්න වාසනාවන්ත උනානේ...තූ නොදකින්....

මං කෑම කන ගමන් දත් මිටිත් කෑවා....කෑම වල රහා වැඩි කමට......

මං කාලා උඩට යන්න හදද්දි.....

ආහ්....ආතක් පාතක් නැති එකා...මොනවා උනත් හිඟන වගේ එකෙක් බැඳ ගන්න කලින් යීබොට හිතන්න තිබ්බා මීට වඩා...පව් දැන් ඉතින් ක්ලබ් වලට ගිහින් තමයි සතුටින් ඉන්න වෙන්නෙ බෝට.....හැටි බලහන්කො උබේ....

යැන්ග් සී එහෙම කියද්දි අපේ අම්මාත් ගෑනු කෙනෙක් මෙයත් ගෑනු කෙනෙක් නේ කියලා ටික වෙලාවක් ඉවසුවත්....

බලනවකෝ ඇදන් ඉන්න ඇදුම්...හරිම ගොඩේ....

අනේ මේ ගෑනියෙ...තොගෙ හැටි බලපන්කො...කටුස්සියෙක් වගේ...මූණ ගෙම්බෙක්ගේ වගේ...මූණට වතුර බාල්දියක් ගහලා බ්‍රශ් එකකින් හොඳට ඇතිල්ලුවා නම් බලා ගන්න තිබ්බා මූණෙ සිරියාව.....ඇඳුම් ගැන කියන්නෙ උඹ හරියට ඇදන් ඉන්න හින්දද...බලපන්කො හැටි...

මං එහෙම බනිද්දි යීබොගෙ දඩාර අතින් මාව විසි වෙන්න තරම් කම්මුල පුරෝලා කම්මුල් පාරක් වැදුනා....

ආව්.....
මගේ ඇස් නිලංකාර වෙලා ගියා....ඔලුව ගිහින් මේසෙ කොනේ වැදුනා....

මං ඉක්මනින් නැගිටලා හරි සිහියට ආවා....

ඔහොමද ගෙදරට ආපු මනුස්සයෙක්ට කතා කරන්නෙ....

එයා මොනාද කියන්නෙ...දැන් මට ඇඬෙන්න වගේ...අපේ අම්මාවත් මට ගහලා නෑ කම්මුලට....ඒක පුපුරු ගහනවා වගේ දනවා.....මගේ කන කීන් ගානවා...කියන දෙයක් හරියට ඇහෙන්නෙත් නෑ....

මං ඒත් එක්කම පඩිපෙළ දිගේ උඩට දුවලා ගිහින් කාමරේ දොර වහගත්තා.....


✨️ඔයාලට මේ කතාව නිකම් තේරෙන්නෙ නෑ පිස්සුවක් වගේද...මට නවත්තන්න හිතෙනෝ...🥺🥺😅

✨️ඒකයි අප්ඩේට් නොදුන්නෙ මේ දවස් වල....

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

Please vote & comment

arouza ✨️❤️

2022.07.04


Continue Reading

You'll Also Like

3.4K 847 7
My black crystal ... omega . . . . . . 🖤🖤🖤🖤
102K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
3.4K 753 17
වසර සිය ගණනක් එකම ප්‍රේමයක් වෙනුවෙන් මග බලාගෙන, ප්‍රේම පාරමිතා පුරන ජීවත් වන්නේද නැති මියගිහින්ද නැති සොදුරු ආත්මයක අමරණීය ආදර වෘතාන්තය ...... Nosfer...
30K 6.6K 38
tk sinhala