මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

Galing kay Yazwi_03

51K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... Higit pa

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

හයවන මේඝය

979 161 52
Galing kay Yazwi_03

උදේ පාන්දර නිකන් හීනෙන් වගේ සැරෙන් සැරේ ෆෝන් එකක් රින්ග් වෙන සද්දෙ ඇහෙන්නෙ මොකද මන්දා..

මන් ඇඳේ අනික් පැත්තට හැරෙන ගමන් නිදි මරගාතේ කොට්ටෙ කන් දෙක අස්සට තද කරගත්තේ මේ කන් කරච්චලේ ඇහෙන්නැතුව සනීපෙට නිදාගන්න ඕන නිසා...

මොන සාපයක්ද මේක...

කොච්චර කරත් නවතින්නෙත් නෑ.. ඇස් දෙක තදකරගෙනම මේසේ අතපත ගාලා යන්තන් ෆෝන් එක අතට ගත්තේ හිතුණොත් පොළොවෙම ගහලා දාන්න.. ඇයි යකොව්.. නිදාගන්න එකේ නිදහසවත් නෑනේ මේ මංගල්ලෙ හින්දා...

හිටහම්කෝ කතා කරන එකාටත් දෙකක් කියලම පොළොවේ ගහනවා...

ඇඳේ ඉඳගෙනම මන් ෆෝන් එක ආන්සර් කරලා කන ගාවට ගත්තා විතරයි මතක , නිකන් බෝම්බයක් කන අස්සෙ පිපිරුවා වගේ ෆෝන් එක ඇතුළෙන් එකෙක් ලතෝනි තියන්න ගත්තේ ඉද්ද ගැහුවා වගේ මන් ඉබේම නැගිට්ටිලා ඇඳේ ඉන්දවෙද්දි...

"ඕයි මේ අහපන්.. තොගේ ඔය ඉලව් ෆෝන් එක මොන මගුලකටද තියන් ඉන්නෙ.. ගලක් අරන් තව ගලක් උඩින් තියලා තලලා දාපන්.. කීයේ ඉදන්ද ගන්නේ උබට..  තාම නිදිද නැගිටපන් හොඳ හිතින්..."

ලපයා කියවගෙන කියවගෙන යන්නෙ ඉන්ටර්සිටි ට්‍රේන් එක වගේ...

"උබට නින්ද.... යන්නැද්ද... බම්.... පිස්සුද මේ මල උදේ.. පවු නොදී රෙද්දක් පොරවම් බුදියපන්.... මන් තියනවා ගුඩ්නයිට්..."

මන් කෝල් එක කට් කරන්න හදනකොටම ආයෙම කෑ ගහනවා.. මොන කරුමයක්ද මන්දා..

"අහපන්.. මිනිහෝ කියන එක.. අර ප්‍රොජෙක්ට් එකක් භාරගත්තු කම්පනි එකේ කේස් අදිනවා.. අපි දුන්නු සාම්පල් උන් කියපු විදිය නෙමෙයි ලු.. රිජෙක්ට් කරන්න යන සීන් එකක් තියෙන්නෙ.. ඩිරෙක්ටර්කාරයා අද උදේ හයයි ගාණේ ෆ්ලයිට් එකකින් රට යනවා කියලා අපිට එන්න කිව්වා හතරයි තිහ වෙද්දි ඌව හම්බෙන්න..  තෝ නිදාගනින් තව..."

"මො... මොකක්... කීයටද උබ කිව්වේ.. වෙලාව..."

"හතරයි තිහ මිනිහෝ..."

"ඉතින් දැන් හතරයි කාලයිනේ මිනිහෝ.. මන් කෝමද එන්නේ.. "

"තොට ඒක තමා තුනේ ඉදන් කතා කරන්නේ.. දැන් කරන්න දෙයක් නෑ මන් යන්නම්.. උබ තනියම පලයන් ස්ටුඩියෝ එකට..."

මන් මොකුත් කියන්නත් කලින් යස්වි කෝල් එක කට් කළා... හත්තික්කේ.  මුන් නිකන් නිසාචරයෝ වගේ මහ රෑට මගුලක් කරනවනේ... ඌ තනියෙන් යනවනම් යන්ඩෝනේ මෙතන මාව නැගිට්ටවලා මොකටද...

දැන් නැගිටපු එකේ ආයේ නින්ද යන්නෙත් නැති එකේ මන් ෆෝන් එකත් පැත්තකින් තියලා පහළට බැස්සා..

හත්තික්කෙ උපන් තේකට මේ තරම් උදෙන් ලෝකේ දැක්කමද කොහෙද...

කළුකුමාරයගේ අම්මලා තාත්තලත් ඊයේ මෙහෙන් ගියපු හින්දා ගෙදරම පාලුයි වගේ.. මන් දැන් මොකත කරන්නේ...

සාලේ සෝෆා එකට වෙලා මන් ටිකක් වෙලා ගේ වටේ ඇස් යවලා හිතන්න ගත්තේ සාමාන්‍ය මනුස්සයෙක් උදේම අවදි වුනාම මොනාද කරන්නෙ කියලා...

ගේ අස් කරයි.. කෑම හදාවි.. තේ හදාවි.. මිදුල් අතුගාවි.. අනේ මගුල මට බෑ ඕවා කරන්න.. සැක්...

ඒත් දැන් අද උදේට කන්නේ කොහොමද.. අම්මත් නෑනේ... කවුද උයන්නෙ.. මුන් දෙන්නා කන්න හිතන් ඉන්නෙ කොහොමද දන්නෑ...

මන් උයලා දෙයි කියල හිතන් ඉන්නවද දන්නෑ.. මුන්ට කෑම හදන්න කලින් මන් උයන්න දැනගෙන ඉන්න එපැයි..

හුටා එතකොට අර කාලභූතයගේ අත්‍යවශ්‍ය කෝපි පානේ කවුද දෙන්නෙ...

අපි තේ බොන්නේ කෝමත...

උදේට කාලා ආයෙ දවල්ට කන්නෙ කොහොමද

හත්තික්කෙ එතකොට රෑට...

සෝෆා එකට වෙලා පිස්සුවෙන් වගේ මන් හිතුවේ ඊළඟට මොකක්ද කරන්නෙ කියලා...

හ්හ්.. මගේ තේක මන් හදන් බීලා අයියලා මල්ලිලට ඕන කුදයක් ගහගන්න කියනවා.. කොහොමත් අර උලමා ඉන්නේ ඒ තාලෙන්නේ..

අන්තිමට තීරණයක් අරන් මන් ලැප් එක උකුලට ගත්තේ නයිට් ඩේටා වලින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන... හට්ටි මුට්ටි රත් කරනවට වඩා මේක ජොලි..

ෆිල්ම්ස් ටිකකුත් ඩවුන්ලෝඩ් කරලා යූටියුබ් රවුමකුත් ගිහිල්ලා මන් වෙලාව බැලුවේ ස්ටුඩියෝ එකට යන්න ලේස්ති වෙන්න හිතාගෙන.. හයට පහක් වගේ.. තාම.. මගුල වෙලාව යන්නෙත් නෑ...

බඩට මොනා හරි දාගන්න හිතන් මන් අයිස් පෙට්ටිය ළඟට ගිහින් දොර අරින්න හදනකොටයි දැක්කේ ෆ්‍රිජ් එකේ දොරේ නෝට් එකක් තියලා තිබුණා...

"දුව.. හයයි තිහ වෙනකොට  කේශ්ට කෝපි එකක් ඕන හොඳද.. අදට පොඩ්ඩක් හදලා දෙන්න.. මතක ඇතුව.."

අම්මා වෙන්නැති ලියන්නැත්තේ.. ඒ කියන්නෙ දැන් මන් අර කළු යකාට කෝපි තම්බන්න ඕනද...

හ්හ්.. පැණි හදක උස්සන් ගිහින් මග හලලා ඇවිල්ලා.. මාව අලබෝල කපල් එකට භාර දීලා ඊට පහුවෙනිද ම ගෙදර ඇවිත්.. මන් මේ ගෙදර මිනිහෙක් නෙමෙයි ගාණට මූණවත් බලන්නැතුව ඔහේ එහෙ මෙහෙ ඇවිදින ආසාවට වචනයක් කතා කරන්නැති.. අර ගල් ඔළුවට මගේ අතින් කෝපි හදලා පොවන්න.. හ්හ්.. වෙන නැත්තන් ශෝක්...

ඒත් අම්මා අරම කිව්වම නොකරත් බෑ... මන් කෝපි තියා ප්ලේන්ටියක් හදාගන්න දන්නෙත් නෑ... මාර අසරණයි ඉතින්...

කමක් නෑ... එක දවසයිනේ.. කියලා හිතලා මන් යූ ටියුබ් එකේ කෝපි හදන හැටි හොයාගෙන වීඩියෝ දෙක තුනක්ම බලලා හදන්න ට්‍රයියක් දෙන්න කිචන් එකට ආවා.. කුඩු දාලා දිය කරන්නනේ තියෙන්න පට්ට ලේසි... මහ වැඩක් නෑ...

වීඩියෝ එකේ තිබ්බ විදියටම කෝපි එකත් හදලා ට්‍රේ එකේ තියලා අරන් යන්න හදනකොටම මන් දැක්කා වොච් එකත් හද හද ම බ්ලැක් මෑන්ස් පල්ලම් බහින හැටි...

අම්මෝ.. සුවඳ.. ඒ පර්ෆියුම් එක නම් පිස්සුවක්...

ඒත් එක්කම මන් මගේ මංගල කෝපි එක දිහා බැලුවේ හෙන ආඩම්බරෙන්..

හ්හ්.. මිස්ටර් කළු.. ඔන්න බලම්න ඔයා මගේ මේ මැජික් කෝපි පානෙට පිස්සු වැටෙනවා සත්තයි...

මන් හිනාවෙවීම කෝපි එක ටේබල් එක උඩින් තියලා කළුකුමාරයා ගාවට ගියත් මිනිහා නම් නෝ හිනා...

"ගුඩ් මෝනින්.. ඔයාගේ කොෆී එක ලෑස්ති..."

මන් ළඟට ගිහින් කිව්වම කළුකුමාරයා වොච් එක හදන එක නවත්තලා මගෙ දිහා බැලුවේ සැකෙන් වගේ.. ඒ අස්සේ ඔරවනවත් එක්ක..

ඊටපස්සෙ මන් කිව්ව එක ඇහුනේ නෑ වගේ මාවත් පහු කරන් යන්න ගියා... යකොව් මුගෙ තියෙන උද්දච්චකම.. අද මේක පොවන්නැතුව මේ මනුස්සයව යැව්වොත් මන් අවින්දි රන්දුනු නෙමෙයි...

"මට.. අම්මා කිව්වේ.. ඔයාට කොෆී හදලා දෙන්න කියලා.. මට හොඳටම විශ්වාසයි ඔයා ඒකට කැමති වෙයි කියලා.. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.. ප්ලීස්.."

මන් ටේබල් එක උඩ තිබුණ කොෆී කප් එකත් අරන් ළඟට දුවගෙන ගිහින් කියාගෙන කියාගෙන ගියාම මිනිහා ආයෙම මන් දිහා බැලුවේ සැකෙන් ඇස් හීනි කරගෙන...

"ආ... බීලා බලන්න... ඔයා හැමදාම ඉල්ලාවි..."

මන් හෙන ම විශ්වාසෙන් කළු කුමාරයට කෝපි මග් එක දික් කළා... මගේ හිසේ සිට පාදාන්තය දක්වාම හෙන එවිල් ලුක් එකකින් බලපු කාලභූතයා අන්තිම ට ට්‍රේ එකෙන් කප් එක ගත්තේ කෝප්පේ නහයට ළං කරන් කෝපි සුවඳ විඳින ගමන්...

මේ වගේ වෙලාවට තමා ආත්මාභිමානය කියන එක ඕවර් යන්න එන්නෙ.. මාත් ඉතින් මෙහෙම ඉදියට ලේසි පාසු පොරක් නෙමෙයි නේ ඉතිම්..

මන් තනියම හිනාවෙවී බලන් ඉදියේ භූතයා මගේ කෝපි එකේ පළවෙනි උගුර බීපු හැටි...

ගත වුනේ තත්පර කීපයයි මිත්‍රවරුනි..

කටේ තිබුණ කෝපි උගුර මේ උලමා එහෙමම අනික් පැත්තට කෝප්පෙට දැම්මේ නැතෑ... මුගේ ආච්චිට.. මැනර්ස් කියලා නාමයක් නෑ...

කෝපි උගුර කෝප්පෙට හලලා මිස්ටර් කළු මගේ දිහා බැලුවේ නිකන් ඇස්වලින් පුච්චලා දාන්න වගේ..

වෙනදා වගේම කියාගන්න දාහක් ඒවා කට අස්සෙ තිබ්බත් එකක්වත් කියාගන්න බෑ... එක පාරක් කෝපි කෝප්පේ දිහා රවලා බලපු කළුකුමාරයා එක පාරටම මගේ ළඟට ඇවිදගෙන එන්න ආවේ මන් අඩියෙන් අඩිය පස්සට යද්දි...

අදත් බෙල්ල මිරිකයිද දන්නෑ.... මේක හරි කෙළියක් උනානේ යකොව්.. පොඩ්ඩ බැරි වෙන්න බෑනේ...

මන් හිතින් බැන බැනම වේගෙන් වේගෙන් පිටිපස්සට ගියේ කලබලෙන් වට පිට බලන ගමන්...

අර රොමෑන්ටික් ඩ්‍රාමා වල වගේම මාත් පස්සෙන් පස්සට ගිහින් හැප්පුනෙ බිත්තියකම තමයි.. හැබැයි මේ සිටුවේශන් එක නම් anti-romantic.. වෙන කෙල්ලො තමන්ගේ මනුස්සයා මේ වගේ ළං වෙනකොට ලැජ්ජාවෙන් රතුවෙනකොට මට වෙලා තියෙන්නෙ මරණ බයේ ගැහි ගැහි ඉන්න.. පූරූවේ කරපු සෑහෙන විසාල කරුමයක් මේක..

"තමුසේ.. දන්නවද..... මේකේ temperature එක කීයද කියලා..."

මගෙ මූණටම නැමිලා කෝපි කෝප්පෙ පෙන්නලා කළුකුමාරයා ඇහුවා.. මන් දන්නවද එහෙම මගුලක්.. මන් ඒක හින්දා අහක බලාගෙන ඔලුව දෙපැත්තට වැනුවේ දන්නෑ කියන්න..

"කොෆී එකක් හරියට බොනකොට ඒක බොන්න ඕන හරියටම අංශක හැටක temperature එකකින්.. එතකොට තමයි තිත්ත පැණි රස දෙකම හොඳට මික්ස් වෙලා නියම කෝපි රස දිවට දැනෙන්නේ.. තමුසෙගේ මේ කොෆී එක අංශක 70 තියෙන්නෙ.. ඒ කියන්නේ බල්ලෙක්ටවත් ඒක බොන්න බෑ.. "

ඇත්තටම....

මන් ෆුල් කන්ෆියුස්ඩ්.. හෑහ්..

මොකක්ද යකොව් ඒ කිව්ව හරුපේ.. මෙලෝ මගුලක් තේරුනේ නෑ... කෝපි එකට එහෙමත් එකක් ඕනද.. මන් අහක බලාගෙන එක එක විකාර හිතනකොට අර උලමා කන අස්සේ ඉදන් ආයේම කෑගැහුවා..

"තමුන් දන්නවද පෘථිවියේ එක degree එකක temperature change එකක් හින්දා මොන වගේ දේවල්ද වෙන්නේ කියලා.. ලොකු ග්ලැසියර් කඳු දිය වෙලා සී ලෙවල් එක උඩට ඒවි මිලියන පනහක් විතර මිනිස්සුන්ට බොන්න වතුර නැති වෙලා යාවි.. ලෑන්ඩ් ලිවින් සත්තුන්ගෙන් සීයට දහයකට විතර extinction problems වලට ෆේස් කරන්න වේවි...  හ්හ්හ්හ්..  මෙතන අංශක දහයක වෙනසක්...  තමුන් හිතන්නේ ඒක හරි සරලයි කියලද.. ආආආහ්... "

මූට ඒපාර මොන මල යකෙක් වැහිලද හත්දෙයියනේ..

සයන්ටිස්ට් අප්පච්චියෙක්වත් වැහිලත.. මොනාද මේ දොඩවන භූත විකාර..

කොෆි එක ඕන 60 ට නම් තියෙන්නෙ 70 ට නම් ඒ කියන්නෙ ඒ මගුල උණු වැඩි.. ඕක සරලව උණු වැඩි කියලා කියන්නැතුව මොනාද මේ උලමා කියවන්නේ.. උදේ පාන්දර ම බීලත මේ මිනිහා..

මන් ආයෙම අහක බලාගෙන එක එක ඒවා හිතනකොට මගේ එක කනක උණුම උණු හුළං රැල්ලක් ඇවිත් වැදුනේ මාව හොල්මන් කරන ගමන්..

"බැරි වැඩ නොකර ඉන්නවා හලො.."

මගේ කන අස්සටම ඇවිල්ලා හරියට ඒ වචන ටික අල්ලලා කන අස්සට ඔබන්න හදනවා වගේ කියලා දාපු කළු උලමා මගේ ඉස්සරහම අර කොෆී එක බිමට හැලුවේ මගේ මූණ දිහා බලන් අමූතුම කින්ඩි හිනාවක් දාන ගමන්.. කෝපි එක හලලා ඉවර වෙලා මග් එක ටේබල් එක උඩින් මහ සද්දෙන් තියලා කොටළුවා වගේ ටොකොස් ටොකොස් ගගා සපත්තු සද්දෙත් දාලා මිනිහා යන්න ගියා...

මන් තාමත් හිටපු විදියමයි.. මධ්‍යම රාත්‍රියට සප්‍රයිස් දෙන ස'වගේත යකොව් හිමිදිරි පාන්දර උණ්ඩුක පුච්චෙත් එක්කම රත් වෙලා යන්න සප්‍රයිස් දෙන මේ මනුස්සයා..

මන් එතනම තිබුණ පුටුව උඩ වාඩිවෙලා බිම පුරා ම හැලුනු කෝපි ටික දිහා බලන් කල්පනා කළේ මොකක්ද ඒ උනේ කියලා...

මනුස්සයෙක් ට පුළුවන්ද හත්තික්කේ..

දිවෙන් රස්නේ මනින්න.. මේ මන් උදේ දහයට විතර අර ලපයා හදපු නිවුනු ම නිවුනු තේක බීලා දානව නම් මේ මිනිහට මොකද බැරි අර කෝපි එක බොන්න.. දිවේ තර්මෝමීටර් එකක් හයි කරගෙන ඉන්නවත මන්දා..

කෑවා මගේ පිවිතුරු උදෑසන.. වරෙන්කෝ ආයේ බත් තම්බන්න කියාගෙන එකෙක් හරි.. හ්හ්.. දන්නෑ මේ මන් කවුද කියලා...

බිම වැටුනු කොෆී ටිකත් අස් කරලා මග් එකත් අරන් මන් කිචන් එකට එනකොට අලබට්ටත් ඈනුම් ඇර ඇර කිචන් එකට ආවා.. මූව දැක්කත් තරහයි දැන් නම්..

"ඒ මේ මගේ කිරි එක නැද්ද..."

අලබට්ටා ඔලුව කහ කහ ග්ලාස් එකකට වතුර පුරවන ගමන් මගෙන් ඇහුවේ මගේ තරහා තව වැඩි කරන ගමන්...

"ඕයි මේ අලයෝ කිරි බොන්න උබ තාම හිම්මිත්තන් සූප්පු බබෙක්ද.. උබට බොන්න ඕන්නම් හදාගෙන බීපන් කිරි නෙමේ ඕන බම්බුවක්..  මට කියන්න එන්නෙපා..."

එහෙමම අර කළුකුමාරයගේ මග් එක සින්ක් එකට විසි කරපු මන් අලබට්ටටත් කෑගහගෙනම ගිහින් පුටුවක් ඇදන් වාඩි වුණා.. යකොව් මට දැන් තරහයි... මරාගෙන මැරෙන්න තරම්...

"ඒහ්.. මොකද බන් මේ.. හරි හරි.. අපි තව ටිකකින් බොමු අවුලක් නෑ..."

"නෑ.. නෑ නෑ නෑ.. අපි නෙමෙයි.. උබ.. උබ විතරයි.. උබ කන බොන එකක් උබේ මහ ලොකු අයියා එක්ක තනියම කාපන්.. මන් නෑ.. "

"නෑනේ..... නෑනේ මොකද මේ පාන්දරම ආවේස වෙලා වගේ ආහ්.. මන් දන්නවනේ මගේ නෑම්නා පොඩ්ඩ එයාගේ පරම පිවිතුරු තුන්කුළුඳුල් ලව් එකෙන් දාව ලැබුනු ආදරණීය මස්සිනාට හාමතේ මැරෙන්න දෙන්නැ කියලා.. "

"හාමතේ මැරෙන්න කලින්.. උබලා දෙන්නටම වහ දීලා මරවනවා මන් බලන් හිටහන්කෝ.. දවසක තොපි දෙන්නම නිදි ඇඳේ මැරිලා යන්නම දෙනවා හයි ඩෝස් එකකින් සුපිරි වසක්..  එක්කො ටික ටික මරවනවා.. හිටහම්කෝ.. අයියලා මල්ලිලා දෙන්නටම දෙන්න මන්.. හ්හ්.. මේ අවින්දිව සෙල්ලමකට ගන්න ආස ඇති..."

"යකොව්.. මොන මල යකා වැහිලද උබට අනේ අම්මේ..  මේ.. උබේ ඔය දහ ජරාව කෝමත් මට එපා.. මගේ තුදු නෝම්නගෙන් මන් ඉල්ලගන්නම්.. උබ අපේ මල යකා එක්කම හිටහම්.."

ඒ පිස්සත් මගේ ඔලුවට ගහලා හිනාවෙවි කිචන් එකට ගියේ ෆෝන් එකට කොට කොටමයි.. හ්හ්හ් උගේ තුදු නෝනාගේ කෙරුවාව දන්නේ මමනේ..

පිච්චි පිච්චිම මන් ආයෙම උඩ ට ගියේ උදේම ස්ටුඩියෝ එකට යන්න හිතාගෙන.. මේ මගුල් සක්වලේ ඉදලා මගේ නහරයක් පුපුරලා මැරෙනවා තව ටිකකින්...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ස්ටුඩියෝ එකේ වැඩ ටික ඔක්කොම සෙට්ල් කරලා අපි දෙන්නා හතරට විතර ගෙදර ආවේ රෑට කන්න කෑමත් අරගෙන.. හ්හ්..  අයියා මලෝ කන්නැතෑ කන විදියට..

මන් ගේ ඇතුළට එනකොටත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇවිත් හිටියේ නෑ.. ඒ උනාට කිචන් එක පැත්තෙන් එක එක සද්ද ඇහෙනවා..

යකොව්.. හොරෙක්වත් පැනලද..

මන් සද්දෙ ඇහෙන්නේ නැති වෙන්න බිත්ති බදාගෙන සාලේ දිගේ කිචන් එක පැත්තට ආවේ හොරා කිචන් එකේ මොන අලගෙඩියක් තම්බනවද බලන්න...

බිත්තිය අස්සෙන් ඔලුව දාලා බලනකොටයි දැක්කේ.. හයේ හතරේ ඩෑල් එකක් ඒප්‍රන් එකක් ඇඳන් හෙන යමරෙට වැඩ..

කවුද යකූ මේ...

මට පිටුපාලා ඉන්න හින්දා පිටිපස්ස විතරයි පේන්නේ.. හරියට අඹලා වගේ රූපේ...  මා මේ දකින්නෙ ස්වප්නයක්ද.. දෙවියනි.. එහෙට මෙහෙට වෙවී පොර කෑම හදනවා... වාව්... මටත් ඉවසන්න බැරි උනානේ මෙහෙම මනුස්සයෙක් දර්සන පථේට දාගෙන කසාද බැඳගන්නකන්.. සැක්...

"ආහ් මැඩම් ආවද.."

කුස්සියේ හිටපු පොර එකපාරටම ලේන්සුවෙන් අත් දෙක පිහදානගමන් මන් ගාවට ආවමයි මතක් වුණේ දර්ශනෙන් කුල්මත් වුණු පාරට මන් හැංගිච්ව බිත්තියෙනුත් එළියට ඇවිත්...

මන් වචනයක්වත් කියන්නැතුව ඔලුවේ ඉදන් කකුල් දෙකට යනකන් ෆුල් බොඩි ස්කැන් ලුක් එකක් දුන්නෙ ඩෑල් එක මිටරේ ඉන්නවද කියලා මතක් කරගන්න ට්‍රයි එකක් දෙන ගමන්..

මේඝට වඩා නම් උස අඩුයි.. හැබැයි ඇඟේ ගානට උස.. මන් ආසම නළලට කොන්ඩෙ වැටිලා තියෙන විදියට.. ඇඟ වුනත් හොඳ හයේ හතරෙ බොඩිය.. බෙල්ල හරියේ නිකන් පොඩි ටැටූ කෑල්ලකුත් තියෙද කොහෙද.. හත්තික්කේ.. මොකත මේ වෙන්නෙ. ඒ උනාට අර කළුකුමාරයාගේ ලුක් එකට නම් ගහන්න බෑ මේ කුමාරයට... කොච්වර දුස්ට දුර්ජන වුනත් මිස්‍ටර් කළු කියන්නේ වෙනමම ආර්ට් එකක්..

"ම්හ්... ම්හ්.. excuse me madam.. මන් හිතන්නේ මැඩම් මාව දන්නේ නෑ.. nice to meet you madam. මම පන්සිළු රාජසිංහ..  මිස්ටර් මේඝාදිත්‍යගේ ප්‍රයිවට් සෙකට්‍රි... "

ඉස්සරහට අත දික් කරගෙන කියාගෙන ගියපු උයන කොල්ලට මන් හිනාවෙලා අත දුන්නා... මිස්‍ටර් කළුගේ සෙක්කා නේ... හත්තික්කේ.. සෙක්කා උයන්නත් දන්නවද...

"ඕහ්.. හරි හරි.. එකපාරට මේ මම පොඩ්ඩක් කන්ෆියුස් උනා.. බට් ඉට්ස් ඕකේ.. ඒත් ඔයා මොකද මේ අපේ කිචන් එකේ කරන්නෙ.. "

"ආහ් සොරි මැඩම් මිස්ටර් මේඝාදිත්‍ය මට කිව්වා අද ගෙදර ගිහින් ඩිනර් එක හදන්න කියලා.. ඒකයි.. තව ටිකකින් ඉවරයි මැඩම්.. "

"හෑහ්.. ඩිනර්.. ඒ මොකටද... අනික මෙච්චර වේලාසන..."

"සර් කිව්ව දේ මැඩම් මන් කරන්නේ මැඩම් ඉන්නකෝ.. මන් වැඩේ ඉවර කරන්නම්..."

එහෙම කියපු සෙක්කා ආයෙම කිචන් එකට වැදුනා.. අනේ මන්දා.. මේවා මහ විපරීත ලෝක.. උන් හදාගත්තුවා උන්ම කන්නැතෑ.. මන් කනවා මගේ කොම්තුව... හුම්.. යකොව් සල්ලි සල්ලි කියලා බලන්නැතුව අරන් ආපු එක.. මේ සෙක්කෙක්ගේ වැඩකට නැති ඩිනර් එකක් හින්දා අත අරින්නේ කෝමද.. පිස්සුනේ..

මන් මල්ල මේස උඩින් තියලා වොශ් එකක් දාගන්න උඩට යන්න හැදුවා විතරයි ඩෝ බෙල් එක රින්ග් වුනා..

ඇත්තටම කරුම කියන්නෙ සෙල්ලමක් නෙමෙයි...

මන් ආයෙම බැන බැන ගිහින් දොර ඇරියේ ඒ පාර මොන මල යකෙක් කඩන් පාත් වුනාද දන්නැති හින්දා...

"මිස්ටර් කේශර ප්‍රභූ මේඝාදිත්‍ය...?"

දොර ගාව මල් බොකේ එකකුයි තව පැකේජ් එකකුයි තියාගෙන හිටගෙන හිටපු කැප් එකක් දාගත්තු මිනිහෙන් මගෙන් ඇහුවා...

"ආහ්.. මන් එයාගේ වයිෆ්..."

"මෙතන සයින් කරලා මේ ටික භාරගන්න පුළුවන්ද මැඩම්..."

මන් ඒ මනුස්සයා දීපු කොලෙත් අත්සන් කරලා මල් බොකේ එකයි අනික් පැකේජ් එකයි අරගෙන දොර වහලා ඇතුළට ආවා..

ඒක ලොකූ ම ලොකු රෙඩ් රෝසස් බොකේ එකක්...  යකොව් මේ කළුකුමාරයට රෝසස් එවන්න තරම් අමාරුවක් තියෙන ඩෑල් එක කවුද... මල් බොකේ එක එහෙට මෙහෙට හරවන කොටයි මන් දැක්කේ ඒකේ එල්ලලා තිබුණ ටැග් එක..

Happy Birthday Moi Love and Congratulations for your marriage life....

With love
VA

හෑහ්... බොල අද මේ කළුකවුඩගේ උපන්දිනේද මන් දන්නෙත් නෑනේ..

නෑ වෙන්න බෑ... ආන්ටි හැමදාම ළමා නිවාසෙට දානේ දෙනවා කිව්වේ මේ මිනිහගේ බර්ත්ඩේ එක දවසටනේ.. ඔව් මට හොඳට මතකයි.. දෙසැම්බර් පළවෙනිදා.. ඒ දවස..  මේ මොන මගුලක්ද මේ..

අනික යකොව් රෝසස් එවලා හැපි බර්ත්ඩේ මයි ලවෞ ලු.. ආච්චිගේ රෙද්දේ ලව් එකක් තමයි.. මගේ දත්ත ගබඩාවට අනුව මූට කලින් ගෑනු කේස් තිබිලත් නෑ.. මේ කවුද එතකොට.. මන් නොදැන මුකුත් තිබිලවත්ද...

මේ විකාරයක් හින්දා ආයෙම මාව අවුල් වෙනවා.. මන් එහෙමම එතන තිබුණ පැකේජ් එක නහයට ළං කරලා බැලුවේ ඒ මොකක්ද කියලා.. සුවඳක් එනවා.. කේක් එකක්ද කොහෙද.. හ්හ්.. මගේ මිනිහට කේක් කවන්න.. හිටහම්කෝ.. මන් අල්ලගන්න.. මේ මල සමයම මොකක්ද කියලා..

එහෙමම සෝෆා එක උඩට අර ජරා ගොඩවල් ටික විසි කරපු මන් හති දාගෙන උඩට ගියේ මේක දැනගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න විදියක් හොයන ගමන්...

°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

මීළඟ මේඝයෙන් හමුවෙමු...

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

4.2K 574 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
3M 263K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
27.3K 3.2K 15
මේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජී...
606K 46.7K 49
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}