මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

50.5K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

පස්වන මේඝය

994 168 13
By Yazwi_03


"අනේ ඕයි මට තේරෙන්නෑ.. මේ කුණ්ඩවාලේ.. මොකක්ද බන් මට බෑහ්..."

"යකොව් බැහ් බැහ් නොගා ඕක දිහා බලන් හරියට කරහන් කෝ බන්... මොකක්ද දැන් බාගයක් ම ඉවරනේ..."

මායි ලපෙයි දැන් පැය ගාණක ඉදන් හෙයා ස්ටයිල් එකක් දාන්න නොසෑහෙන්න ට්‍රයි එකක් දෙන ගමන් හිටියේ... යූ ටියුබ් වීඩියෝ එකේ විදියට කොච්චර කරත් මේ මගුල ඒ විදියට එන්නෙත් නෑ.. මට මේ හෙයා ස්ටයිල් එක නැතුව අද ගෙදරින් එළියට බහින්නත් බෑ.. යකොව් හෙයා ස්ටයිල් එකකට පුළුවන්ද මේ අවින්දිව සෙකන්ඩ් කරන්න.. හ්හ්... හීනෙන් තමයි...

"තෝ නම්... මහ ම මහ... සාපයක්... යකොව් කසාද බැඳලා ගිහිල්ලත් මට නිවනක් නෑනේ...  ඔලුව කෙලින් තියාගනින් නටන් නැතුව...."

ලපේට අසූ හාරදාහට තද වෙලා ඉන්නේ.. පැය ගාණක් දැන්... කසාද බැන්දා කියලා මගේ ජාන වෙනස් වෙනවද නෑනේ.. ඌට වද නොදී කෝමද...

ලොකු වෙඩින් එකක් නැතුව ගෙදරදිම පොඩි ෆන්ශන් එකක් තියලා මගෙයි කළුකුමාරයගෙයි රෙජිස්ටේශන් එක තිබුණේ හරියටම දැන් දවස් තුනකට කලින්... කොහොමත් මගේ පැත්තෙන් කියලා ඕවට එන්න කෙනෙකුත් නැති එකේ මට නම් ගාණක් නෑ ඒක... කොහොම වුනත් එකයි...

යස්වි ව අපේ ගෙදරින් තියලා මන් ඉතින් ඉස්සරහා ගෙදරට මාරු වුණා.. හැබැයි ඉතින් අපේ ගෙදරම හිටිය නම් එකක්.. මන් එක කාමරේක අර භූතයා එක කාමරේක.. අනේ සත්තයි රෙජිස්ටේශන් එකෙන් පස්සෙ දවස් තුනේම උදේට ගෙදරින් යනකොටයි හවසට ගෙදර එනකොටයි ඇරෙන්න ඔය මේඝයව මන් දකින්නෙම නැති තරම්... ආන්ටියි අන්කලුයි ඉන්න හින්දා පොර මේ ටිකේ සයිලන්ට් එකේ ඉදියට මට සැකයි... ඉස්සරහට මොන තොවිලයක් නටයිද කියලා...

නැන්දම්මයි, අලබට්ටා මස්සිනයි, ලපයයි සෑහෙන සම්‍ය ප්‍රයෝග ටිකක් කරලා අපේ පැණි හද සවාරිය අදට දාගෙන.. මට පුදුමයි අර කටුස්සා කැමති වුනා කිව්වම... පැනි හඳ කෙසේ වෙතත්.. පන බේරගෙන ආවොත් ඇති ආයෙම යහතින්.. කෝක උනත් ට්‍රිප් එකක්නේ මන් පිස්සු ලිසී වගේ ගිහින් හරියන්නෑනේ ඒ හින්දා මේ උදේ ඉදන් අටමගල් හෙයා ස්ටයිල් එකක් දාන්න ට්‍රයි කරන්නේ.....

"ඒ මේ මේ මේ.. බන් .. එකොළහයි විසි පහයි හොඳේ... කේශර අයියා වෙලාව කිව්වේ එකොළහමාර.. ඕක නිකන් ක්ලිප් කරගෙන පලයන් බන් වද නොදී...."

"අනේ මෙන්ටලෝ... කවුද බන් කියන වෙලාවට වැඩ කරන්නෙ.. අනික ට්‍රිප් එකක් යනකොට... යකොව් එකොලහමාර අනිවා එකවත් වෙයි යනකොට.. ඔන්න ඕක හදහම් බය නැතුව හරියට..."

"හ්හ්.... තොගේ මිනිහා තෝ නැතුව හදේ ගියාම මෙතන හූල්ල හූල්ල හිටහන් මන් නම් ඇහැක් ඇරලා බලන්නෑ උබ දිහා....."

ලපේ බැන බැන ආයෙම මගේ කොණ්ඩේ අල්ලගත්තා විතරයි මට ඇහුණා පල්ලෙහා කාර් එකක් ස්ටාට් කරගෙන යන සද්දෙ.. අපි දෙන්නම මූණට මූණ බලාගෙන ජනේලෙන් එබිලා පල්ලෙහා බැලුවේ මොකක්ද උනේ කියලා බලාගන්න...

"මන් කිව්වනේ තොට.. මන් කිව්වා.. හරිනේ අමාරුව.. පලයන් දැන් තනියම...."

පනාවත් පොළවේ ගහන ගමන් යස්වි කෑගහන්න ගත්තේ මන් හොල්මන් වෙලා ඉද්දි.. 

"මේ මිනිහා ගියාද ඒ කියන්නේ.. මාව දාලා... හෑහ්... යකොව් මුගේ ආච්චිට...."

හිතින් බැන බැනම වෙලාව බැලුවාමයි දැක්කේ හරියටම එකොළහමාරයි... ඒත් එක්කම වගේ ආන්ටි කාමරේට දුවගෙන ආවේ හති දාගෙන...

"දුව.. අන්න කේශර ගියා... ඔයා ලෑස්ති වෙලා ඉවර නැද්ද ආහ්..."

"මේ ඉවරයි... මේ ඉවරයි ... ඇත්තටම අරයා ගියාද අම්මා...."

"ඒකනේ ඔය කොල්ලා ඔහොම තමා මට වුනත් ඔය ටිකමයි... ඉන්න මන් යශේන්ට කියන්නම් ඔයාව එක්කන් යන්න කියලා..."

හෙයා ස්ටයිල් මගුල් පැත්තකින් තියලා අන්තිමට කොණ්ඩේ ඔක්කොම එකතු කරලා බන් එකක් වගේ ක්ලිප් කරන් බෑග් මලු ටිකත් උස්සන් මන් ඉක්මනට පහළට බැස්සා...

කොහොම හරි අල බට්ටගේ දඬු මොණරේ එල්ලිලා යන්තන් විනාඩි විස්සකට විතර පස්සෙ අර කාලභුතයගේ වාහනේ අතුරුගිරිය හරියෙදි අල්ලගන්න පුළුවන් වුණේ පෙර පිනකට... මේකා ගිහින් නෙමෙයි විදලා... ශික්.. ආරම්භෙ ම කචල් නේ ඉතින්.. මූඩ් ඔක්කොම කෑවා...

අලබට්ටටත් තෑන්ක් කරනගමන් මන් ඉක්මනට ගිහින් ආයේ වාහනේට නැග්ගේ මේ මිනිහා මාව මෙතනත් දාලා ගියොත් හත්තික්කේ.. ඒ තරම් අමාරුවක් නේ තියෙන්නෙ..

මන් නැග්ගට පස්සේ මෙලෝ දෙයක් කියන්නෙ නැතුව ඔහේ ඉස්සරහ බලන් පොර ඩ්‍රයිව් කරනවා.. මන් සැරෙන් සැරේට මූණ දිහා බැලුවත් කිසිම හැඟීමක් නෑ ඒ මූණේ..

ඒත් හැන්සම් ලුක් එකේ නම් පොඩ්ඩක්වත් අඩුවක් නෑ.. ගොඩක් වෙලාවට ෆුල් ශූට්වලින් ම දැකලා කැශුවල් ලුක් එකකින් දකිනකොට එයා ටිකක් වෙනස් වගේ.. කියුට්.. ද අනේ මන්දා.. මේ කටුස්සගේ මොන කියුට්ද... මටත් මොංගල්... බ්ලැක් ටී ශර්ට් එකක් උඩින් බ්ලැක් කලර් ලෙදර් ජැකට් එකක් දාලා බ්ලැක් කලර් ඩෙනිම් එක බ්ලැක් ඇන්ඩ් වයිට් ස්නීකර්ස්... වාහ්... පර්ෆෙක්ට්.. කළුකුමාරයා කියන්නේ නිකන් නෙමෙයිනේ...

ටිකක් වෙලා මේඝ දිහා බලාගෙන ඉදලා මන් ශීට් එක adjust කරගෙන ඇස් දෙක පියාගත්තේ ටිකක් නිදාගන්න.. බකන් නිලන් මෙහෙම යන එකෙත් තේරුමක් නෑනේ..

පැයක් විතර නිදාගෙන අන්තිමට ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා අපි නෝමල් රෝඩ් එකට දානකොට තුන වගේ වෙන්න ඇති.. මගේ කට නලියනවා හත්තික්කේ මෙහෙම යන්නේ කෝමද මන් අහන්නෙ...

"Excuse me.. මේ තව දුරද..."

බැරිම තැන මන් ඕන එකක් කියලා අහලා දැම්මා...

ඩ්‍රයිව් කරන ගමන්ම ඇස් කොනෙන් මන් දිහා බලලා ආයෙම ඉස්සරහා බලාගත්තා... උද්දච්චකම නම් ඇත්තමයි ශික්...  ආයේ මෙලෝ දෙයක් අහන්නෑ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"තව පැය භාගයයි..."

පැයක් විතරම එක දිගට ශටර් එකෙන් එහා පැත්තේ පරිසරය ටික ටික වෙනස් වෙන දිහා බලාගෙන ම හිටපු මන් පියවි සිහියට ආවේ කළුකුමාරයගේ කටහඬින්.. ශීට් එකේ මන් හරි බරි ගැහිලා වාඩි වුණේ තව යන්න තියෙන්නෙ ටික දුරක් හින්දා...

ඇත්තටම මේ පරිසරය හරිම වෙනස්.. ගස් කොලන, පාරවල්, අහස හැමදේම කියාගන්න බැරි අමුතුම ලස්සනක් ඒක... මූණ ටිකක් පිහදාගන්න හිතාගෙන බෑග් එකට අත දාලා වෙට් පේපර්ස් පැකට් එක හෙව්වත් ම්හු... නෑ.. ශුවර් එකටම ගෙනත් නෑ... ඔව් ඉතින් අර තිබ්බ හදිසියට තව මොන මොනවා හලලා ඇවිත්ද දන්නැහ්...

මේ භූතයා ගාව තියෙද දන්නෑ... අහන්නත් බෑ...

මන් විනාඩියක් දෙකක් හිතලා කෝකටත් කියලා glove box එක ඇරලා බැලුවා.. තියෙනවනම් තියෙන්නෙ ඕන ඒක ඇතුළේ නේ... ඒ ඇතුළේ අත එහෙ මෙහේ යවනකොට ටිශූස් කෙසේ වෙතත් මගේ අතේ පුංචි portable mp3 player එකක් අහුවුනේ අහම්බෙන් වගේ...


ඒක පුංචි වගේම හරිම කියුට් ආස හිතෙනවා.. තාම වැඩද දන්නෑ....

මන් ප්ලේයර් එක ඒ පැත්තට මේ පැත්තට කරකව කරකව බැලුවේ ගොඩක් ආසාවෙන්..

ඒත් එකපාරටම කළුකුමරයා බ්‍රේක් එක ගැහුවේ මගේ මූණ කෙලිම්ම ඤොක්කන් වෙලා යන්නම වින්ඩ්ස්ක්‍රීන් එකේ වදිද්දි... ශීට් බෙල්ට් එක ගලවගත්තු එකට හොඳ වැඩේ..

නාහෙත් අත ගාගන්න ගමන් බිම වැටුනු ප්ලේයර් එක ගන්න මන් නැවෙන්න හදනකොට ම කළුකුමාරයා සට ගාලා නැවිලා ඒක අරගෙන සාක්කුවට ඔබා ගත්තා.. නිකන් මන් ඒ මගුල හොරකන් කරන්න හැදුවා වගේ මේ යකා හැසිරෙන්නේ...

"බහිනවා..... දැන් ම..."

ලොකු හුස්මක් අරන් ඇස් දෙකත් පියාගෙන කළුකුමාරයා කිව්ව විදියට නම් ඇත්තටම බය හිතුනා...

"මො.. මොකක්... ආහ්ම්.. ඇයි.. ඒ..."

ගොත ගහන ගමන් මන් ඇහුවේ බයෙන් බයෙන්.. යක්ෂ මොඩ් එක ඔටෝ ඔන් වෙලාද කොහෙද...

"කිව්ව ම අහලා දැන් ම බහිනවා එළියට..."

ස්ටියරින් වීල් එකටත් අතින් තඩිබාන ගමන් කාලභූතයා ගිගිරුවේ මගේ සර්වාංගෙම සීතල කරලා දාලා.. මේක ඇතුළේ ඉඳලා මැරුම් කන්නත් බැරි එකේ මන් එහෙමම දොර ඇරගෙන එළියට බැස්සේ ඊළඟට මොනා වෙයිද කියලා හිතා ගන්න බැරුව...

මන් වාහනෙන් බැස්සා විතරයි කළුකුමාරයා කාර් එක ස්ටාට් කරගෙන යන්න ගියා... මන් තනියම...

වෙලාව හතරට විතර ඇති.. පාරේ බල්ලෙක්වත් නෑ.. කඳුකර පාරක්.. බදුල්ලේ යන්න ආවේ කියලා දන්නවා මිසක් වෙන මෙලෝ මගුලක් මන් දන්නෙත් නෑ අඩුම...යන හොටෙල් එක පවා.. කිසිම දෙයක් දන්නෑ.. මේ මිනිහට මොන යකා වැහුනද දෙයියනේ.. මාව මෙහෙම අසරණ කරන්නේ...

මන් එතනම පාරේ තිබුණ ගලක් උඩට වෙලා ටිකක් වෙලා බලන් හිටියේ පොරගේ හිත උණු වෙලා ආයේ එයි කියලා හිතලා.. හ්හ්.. ගලක් කොහෙද උණුවෙන්නේ බෝර ගහලා කැඩුවොත් මිසක්.. පැය බාගයක් ගියත් තාම නෑ.. ඇත්තටම මට මොකක්ද කරන්න ඕන කියලා තේරෙන්නෙත් නෑ.. දැන් නම් ඇඬෙන්න වගේ... ළඟපාත ගෙයක්වත් නැති හැටි පාරේ උඩ පැත්තෙයි යටි පැත්තෙයි දෙකේම තියෙන්නේ කැලෑවල්... රෑ වේගෙනත් එනවා.. යාහ්... මන් දැන් කොහොමද යන්නේ..

ඕන එකකට ෆෝන් එකේ සරණයි කියලා හිතන් ෆෝන් එක අතට අරගෙන ගූගල් මැප් එකට ගියත් යන තැන නොදැන කොහේ සර්ච් කරන්නද.. ශික් මගුල...

ගූගල් මැප් පැත්තකින් තියලා මන් එවෙලෙම යස්විට කෝල් එකක් ගත්තේ උගෙන් වත් පිහිටක් පතාගෙන...

"අනේ බන්.. අර යකා මාව මග දාලා ගියා බන්... මන් දැන් මොකද කරන්නේ.. අනේ බයයි මට.... "

"මොකක්.... හරි හරි මේ අහපන්.... උබ ඔය කොහෙද ඉන්නේ.."

"මේ ඕයි..  ඉන්න තැනක් දන්නවද මිනිහෝ මම... මගුලක් කියන්න එපා... දන්නවනම් උබට කතා කරන්නෑනේ...

"අපිත් මේ ඔය හරියේ ඉන්නේ.. උබ ඉන්නවනම් ඔතන හිටහම්.. අපි එන පාරෙ නේ උබ ඇත්තේ... හැබැයි පුතේ පැය තුනක්වත් යයි එන්න හොඳේ..."

"අනේ බෑ බන්... එතකොට වෙලාව කීයද හිතහන් හතහමාර වෙයි.. මෙතන එහෙම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි බන්... තේරුම්ගනින්..."

"හරි හරි එහෙනම්.. උබේ ලොකේශන් ඔන් කරන් මට ශෙයා පාරක් දාපන් කෝ මන් උබට පාර කියන්නම් යන හැටි... "

යස්වි ලයින් එකේ ඉද්දිම මන් ලොකේශන් ශෙයා කරලා පයින්ම ඉස්සරහට යන්න ගියේ වෙන කරන්න දෙයක් නැති හින්දා.. සයිඩ් බෑග් එක විතරමයි සන්තකේටම තියෙන්නෙ.. අර හිකනලාට හොඳක් වෙන්නෑ අම්මපා.. මේ කරපු ජරා අමන වැඩේට...

පයින් ඉස්සරහට ගාටන ගමන් බිම තියෙන ගල් මුල් වලට පයින් ගහ ගහ මන් ඉල්ලුවේ අර යස්සයට වැහි නැති හෙන ගහපන් දෙයියනේ කියලා.. මිනිහද ක්‍රශ් එකද කියන එක අදාළ ම නෑ...

කඳු පාරවල් දිගේ බඩ ගාලා අන්තිමට වීල් එකකින් පැයකට විතර පස්සෙ හොටෙල් එකට එන්න දෙයියනේ කියලා මට පුළුවන් වුණා.. ඇත්තටම ඒක මාර සහනයක්.. හති දාගෙන රිසෙප්ශන් එක ළඟට යන්න හදනකොටම.. කාර් පාක් එකේ ඉඳන් පඩි පෙළ නැගගෙන අර කළු උලමත් උඩට ආවා..

කලින් මෙතෙන්ට ඇවිත් කොහේ හරි රෝන්දේ යන්නැති ශික්... විතරක් මට එන තරහා අම්මපා.. කොහොමත් මාව හලපු තැන ඉදන් කාර් එකේ මෙතෙන්ට එන්න යන්නේ විනාඩි දහයලු.. වීල් එකේ අන්කල් කිව්වේ.. මූ මැරෙනවද ඒ විනාඩි දහය එක්කන් ඇවිත් කරන රණ්ඩුවක් කරගත්තනම්...

මාව දැක්කේ නෑ වගේ මාවත් පහු කරගෙන පොර ඇතුළට ගියා.. මාත් ආදරේ කරනවනෙ... මෙහෙම නාම්බෙක්ට...

මාත් කළුකුමාරයගේ පස්සෙන්ම ගියේ මගේ කාමරේ මොකක්ද කියලා දන්නේ නැති හින්දා...

"තමුසේ මොකද මගේ පස්සෙන් එන්නේ.. යනවා කාමරේට.. "

මගේ අතට කී එකක් විසි කරනගමන් එහෙම කියලා මේඝයා රිංගුවා එයාගේ කාමරේට... මේ අවින්දිව මිනීමරුවෙක් කරගන්න හදන්නේ මේ මිනිහා.. නම්...

කොහොමින් කොහොම හරි ඔක්කොම අමතක වෙලා ධූරිම්භූත වෙලා යන්නත් එක්කම සුපිරියට වොශ් එකක් දාන් ෆ්‍රෙශ් වෙලා මන්  ඇඳට වෙලා ඉන්න කොට එකපාරටම රූම් එකේ බෙල් එක රින්ග් වුනේ මන් ගැස්සිලා යද්දි...

කෑමවත්ද දන්නෑ..  බඩගිනී හොඳටම...

දුවලා ගිහින් දොර ඇරියට එතන හිටියේ අර අලුගුත්තේරුවා.. ආයේ මොකටද දන්නෑ... පිස්සා..

"එනවා යන්න කන්න..."

හිටපු විදියටම එළියට එන්න හැදුවත් භූතයා මට රවාගෙන මාව නැවැත්තුවා..

"ඔහොමද එන්නේ.."


මන් මගේ ඇඳුමේ උඩ ඉඳන් යටට බැලුවේ මොකක් හරි අවුලක් තියෙද කියලා.. හැබැයි නැත්තෙමත් නෑ.. මන් ඇඳගෙන හිටියේ ඕෆ් ශෝල්ඩර් ටොප් එකකට බට්න් ෆ්‍රන්ට් මිනි ස්කර්ට් එකක්.. මේ හීතලේ ඕක ඇඳන් එළියට ගිහින් සන්නිය හැදිලා මැරෙන්නෙ..

මන් ඒක හින්දා ටක් ගාලා ඇතුළට ඇවිත් ඕවර් සයිස්ඩ් ටී ශර්ට් එකකට ඩෙනිම් එකක් දාගෙන එළිය ආවා..

මේඝගේ පස්සෙන් ම හොටෙල් ඩයිනින් ඒරියා එකට ආවට පස්සෙයි දැක්කේ සුරලෝකේ වගේ.. සිරාවට ම නිකන් කෑම ටිකක් කන්න මෙච්චර ආටෝප මොන මගුලකටද මන්දන්නෑ.. මන් වටපිට බල බලම ඇවිත් භූතයා වාඩි වුණ ටේබල් එකෙන්ම වාඩි වුණා...


"Excuse me madam... මේ මිසිස් අවින්දි රන්දුනු සේනාධීර ද...."

එක පාරටම ලේඩි කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවාම මන් ඩිම් වෙලා ගියා.. මේ කෝලමී කොහොමද යකොව් මගේ නම දන්නේ...

"ඔව්.. මොකක් හරි ප්‍රශ්නයක්ද..."

"මැඩම්ගේ පර්ස් එක නැති වුණාද මැඩම්..."

හත්තික්කේ.. කිව්වමයි මතක් වුණේ.. සිරාවටම මගේ පර්ස් එක දැක්කේ නෑනේ තියෙනවා.. මගේ සිහිය හොඳයි ඇත්තට...

"ආහ් මේ.. ඔව්.. නැති වුනානම් තමයි..."

"මැඩම්ගේ පර්ස් එක කෙනෙක් අරන් ඇවිත් තියෙනවා මැඩම්ට පුළුවන් දැන් ඇවිත් ඒක භාරගන්න..."

මන් නැගිටලා ඒ ලේඩි එක්ක යන හදනකොට අර උලමත් නැගිටලා මගේ පස්සෙන් එන්න ආවා.. අර හවස මාව මහ පාරේ දාල ඇවිත් දැන් බොරුවට පස්සෙ එනවා.. ප්‍රෝඩාවනේ තනිකර....

මන් ආපු වීල් එකේ අන්කල්ට තමයි පර්ස් එක අහුවෙලා තියෙන්නෙ... වාසනාවට... මන් ඉතින් ළඟට ගිහින් අන්කල්ට පර්ස් එකෙන්ම කොළ දෙක තුනක් අරන් සාක්කුවට දැම්මේ ඒ අන්කල්ගේ අවංක කම වෙනුවෙන්..

"අනේ ඕන නෑ මැඩම්... මේවා මොකටද.. හොඳ වෙලාවට හන්දියේ ඉඳලා මේ සර් මාව එව්වේ එතනට නැත්තන් ඉතින් මැඩම්ට  එන්න වෙන්නෑ තාමත්...  එහෙනම් මැඩම් මන් යන්නම්.... "

ඒ මනුස්සයා ගියාට පස්සේ ආයෙම කෑම මේසෙට ඇවිත් මන් කල්පනා කළේ ඒ කියපු එක ගැන.. ඒ කියන්නේ මාව හලලා ගියාට මේ මනුස්සයට මාව අමතක වෙලා නෑනේ.. එතකොට හොටෙල් එකට ඇවිල්ලා ආයේ ම මගේ පස්සෙනුත් ඇවිත්ද.. ඒකනෙ  මන් එනකොටම වගේ හොටෙල් එකට ආවේ.. මට පිස්සු හදවනවා මේ මනුස්සයා නම් දවසක.. ආහ්... ඇයි එහෙම කරේ.. මාව වහ කදුරු වගේ වෙලා තියෙද්දි මොකටද මගේ පස්සෙන් එන්නේ...

මගේ මොළේ එක එක විදියට එක එක දේවල් හිත හිත මට වද දුන්නත් භූතයා නම් කිසි ගාණක් නැතුව ෆෝන් එකට ඇන ඇන ඉන්නවා... බෙල්ල මිරිකන්න හිතෙන්නෙ මේ වගේ වෙලාවට...

"හෙලොව්... මිස්ටර් මේඝාදිත්‍ය... නයිස් ටු මීට් යූ..."

අපි දෙන්නා හිටපු තැනට ආපු මැදි වයසේ මනුස්සයෙක් මේඝගේ උරහිසට ගහන ගමන් එකපාරට මහ සද්දෙන් හිනා වුණේ.. මන් ෆුල් කන්ෆියුස් වෙද්දි..  මන් නිකමට ඒ වෙලාවේ බැලුවේ මේඝ දිහා..

ආයෙම ඒ ඇස් නපුරු වෙලා.. මෙච්චර වෙලා සැහැල්ලුවෙන් කිසිම බරක් නැතුව තිබුණු ඇස් තදම තද කළු පාටින් දිලිසෙනවා... ටිකක් වෙලා ඒ මනුස්සයා දිහා බලාගෙන හිටපු මේඝ පුටුවෙන් නැගිට්ටේ කට කොනට නගාගත්තු වචනෙන් විස්තර කරන්න බැරි අමුතු හිනාවක් එක්ක...

"මිස්ටර් දේවප්‍රිය... නයිස් ටු මීට් යූ ටූ.. "

ශේක් හෑන්ඩ් කරගන්න ගමන් ඒ දෙන්නා දෙන්නා දිහාම බලාගෙන හිටපු විදිය නම් එච්චර මට ඇල්ලුවේ නෑ... අර අන්කල්කාරයගේ අතේ තිබ්බ ශැම්පේන් වීදුරුව අපේ ටේබල් එක උඩින් තියලා පොර ඊළඟට හැරුණේ මගේ පැත්තට...

"ඔහෝ.. මේඝාදිත්‍ය.. ඇත්තටම ඔයා දියුණු වෙලා නේ... කවුද මේ ලස්සන ගෑනු ළමයා... ම්ම්ම්..."

අන්කල් කාරයා හිනාවෙවී එහෙම කියද්දි මාත් නැගිටලා ශේක් හෑන්ඩ් කරලා මාව අඳුන්නලා දෙන්න හදනකොටම කළුකුමාරයා අඩියට දෙකට මගේ ළඟට ආවා...

ඒත් එක පාරටම මේ භූතයා මගේ ඉන වටේ අත යවලා මාව එයා ළඟට ළං කරගත්තේ අර මනුස්සයට හොඳට පේන්නත් එක්ක..  මාව ඇඟට අලවගන්න හදනවා වගේ ඒතරම් ළඟයි.. අල්ලන් ඉන්න විදියට රිදෙනවත් එක්ක.. සෑහෙන තදින් මගේ ඉනෙන් අල්ලන් ඉන්නෙ හරියට මන් පැනලා යයි වගේ...

"ආහ් අඳුනගන්න මේ ඉන්නේ මගේ වයිෆ් අවින්දි රන්දුනු.. මිස්ටර් දේවප්‍රියට හායි කියන්න බබා.. "

"හෙලෝ මිස්ට...."

මොකාහ්....

මොකක්ද යකොව් ඒ කිව්ව හරුපේ.. ඉස්සරහට දික් කරගත්තු අත එහෙමම තියාගෙන මන් අර කටුස්සගේ මූණ දිහා බැලුවේ මොකක්ද ඒ විපර්‍යාසේ කියලා බලන්න.. මන් දිහා බලන් හිනාවෙවී ඉන්නවා මිසක් වෙන කිසිම වෙනසක් නෑ මූණේ...

බබා.. යකොව්... බබාලු... ඔස්කාර් සම්මාන වලට නොමිනේට් වෙන්න ඕන හාදයෙක් මේ.. වෙනස්වෙනවා කියලා මෙහෙමත් වෙනස් වෙනවද...

මන් දිගටම මූණ දිහා බලන් ඉද්දි මේ භූතයා ඇස් වලින් මට අන්කල්කාරයව පෙන්නනවා...

මාත් ඒ අන්කලේට හායි කියලා පොඩි හිනාවක් දැම්මා..

"මිස්ටර් දේවප්‍රිය අපිට ජොයින් වෙනවද..."

මේඝ ඇහුවේ මාව තව තවත් තදින් අල්ලගෙන...

"ඕහ් අයිම් රියලි සොරි මිස්ටර් මේඝාදිත්‍ය.. අපි වෙන දවසක එන්ජෝයි කරමු.. අනික ඔයාගේ වයිෆ්නුත් ඉන්නවනේ.. එහෙනම්.. මන් යන්නම් එන්ජෝයි යුවර්සෙල්ෆ්..."

මේස උඩ තිබුණ ශැම්පේන් වීදුරුව අතට ගත්තු අන්කල්කාරයා මේඝගේ ළඟට ඇවිත් කන ළඟට නැවුනේ මොනා හරි කියන්න...වගේ..

"Congratulations.... මිස්ටර් මේඝ... "

කනට ම ළං වෙලා දේවප්‍රිය අන්තිම වචන ටික කියද්දි මේඝ මාව තවත් හයියෙන් අල්ලගත්තා.. දැන් නම් රිදෙනවා.. කඳුළු පනින්න ඔන්න මෙන්න වගේ.. මොන මගුලක්ද මන්ද.. මේ විකාර වලට මාව ඇදලා ගන්නෙ..

ආයෙම කින්ඩි හිනාවක් දාපු දේවප්‍රිය මේඝගේ අතෙන් ශැම්පේන් වීදුරුව තියලා එතනින් යන්න ගියා.. ඒත් එක්කම වගේ මාවත් අතෑරලා දාපු භුතයා ශැම්පේන් විදුරුව මේස උඩින් තියලා ඔරවගෙන යන්න ගියා...

මේ නම් එසේ මෙසේ කටුස්සෙක් නෙමෙයි.. යකොව්.. මේ ඉන්නවා මේ මාරු වෙනවා මොකෙක්ද.. මන්දා...

මන් තනියම බැන බැනම මේසෙට වෙලා ඉදිද්දි කඩාගෙන බිඳගෙන ලපේ එතෙන්ට දුවගෙන ආවේ අලබට්ටා එක්කමයි....

දුවගෙන ආපු වේගෙන් එකපාරටම මේසේ උඩ තිබ්බ ශැම්පේන් වීදුරුව ලපයා කටට හලාගත්තේ ශුවර් එකටම මොනවද කියලා නොදැන... හොඳ වෙලාවට පොඩ්ඩයි තිබුණේ ග්ලාස් එකේ...

"අම්බෝ හති බන් තිබහයි... මන් හිතුවා උබව අඟහරුවලවත් හොයාගන්න බැරි  වෙයි කියලා..."

"පල පල... උබ මොකක්ද මේ අල බට්ටා එක්ක මෙහේ කරන්නේ.. "

"අපි ආවේ උබලව අධීක්සනේ කරම්න..."

අලබට්ටා පැනලා උත්තර දුන්නේ හිනාවෙවීමයි...

"අනේ මේ උබේ මගෙයි අධීක්සනේ..  අන්න උබලගේ අයියා උලමා ගියා ගස්සලා පද්දලා මෙතන අන්කලෙක් එක්ක සීතල යුද්දෙකින් පස්සෙ..."

"අන්කලෙක් එක්ක.. ඒ මොකක්ද සීන් එක..."

"කවුද මන්දා බන් දේවප්‍රිය කියලා ඩෑල් එක මැදිවයසේ අන්කලෙක්.. හෙන නුහුරට කතා කළේ උබලගේ අයියා එක්ක.. ඒපාර ඒ අන්කලයා ගියාම මෙයා බුම්මගෙන යන්න ගියා..."

"මොකක්ද උබ කිව්ව නම දේවප්‍රියද..."

"ඔව්.. ඔව් දේවප්‍රිය තමයි උබත් දන්නවද..."

ඒ නම ඇහුවම යශ්ගේ මූණේ තිබුණ හිනාව මැකිලා ගියේ තත්පරේකින්.. මෙතන මොකක් හරි ජල්තර සීන් එකක් තියෙනවා මන් නොදන්න...

යශ් මේසෙටත් ගහලා අනික් පැත්ත හැරිලා නළලට වැටුනු කොන්ඩ ටිකත් අතින් උස්සගෙන සපත්තුවෙන් පොළවටත් ගහ ගහ මොනවද කියවනවා.. මට ඇහෙන්නේ නම් නෑ...

"ඒ මේ කැරකෙනවා වගේ.. නේ බන්..."

මන් යශ් දිහා බලන් ඉදිද්දි ලපයා ඔලුව අල්ලගෙන කිව්වේ දෙපැත්තට වැනෙන ගමන්...

"යස්වි මොකද වුණේ ආහ්.. මොකද.. "

යශ් ලපේගෙ උරහිස්වලින් අල්ලන් ඇහුවත් ඩයල් එක තාම වැනෙනවා.. අර පොඩි ඩ්‍රින්ක් එක හින්දා නම් වෙන්න බෑ.. ඒකේ මේතරම් වැනෙන්න පවර් එකක් නෑ...

ඒත් එකපාරටම වැනි වැනි හිටපු යස්වි යශේන්ගේ ඇඟට කඩාගෙන වැටුනේ සිහිය නැතුව....

"ඒ..  ඒ.. මොකද බන්.. මේ නැගිටපන්... ඒ මිනිහෝ... "

යශ්ගේ අත් අතරේ ඉන්න යස්විගේ මුණට තට්ටු කර කර මන් කතා කරත් උගෙන් උත්තරයක් ලැබුනේ නෑ...

කොච්චර කතා කරත් ඇහැරෙන්නේ නැති තැන අලබට්ටා යස්විවත් උස්සගෙන මගේ රූම් එකට ආවේ මන් රිසෙප්ශන් එකට කතා කරලා උදව් ඉල්ලද්දි..

ටිකක් වෙලා ගියාම හොටෙල් එකේ හෙල්ත් ඔෆිසර් කෙනෙක් ඇවිත් ලපයව චෙක් කරලා බලද්දි අපි දෙන්නා ම ඉදියේ බයෙන්.. එකපාරටම සිද්ද වුණ දේ අපි දෙන්නටම හිතාගන්නවත් බෑ..

"මෙයා සාමාන්‍යෙන් ස්ලීපින් ටැබ්ලට්ස් ගන්නවද..."

"නෑ.. නෑ සර්.. එයා ඒවා ගන්නෙ නෑ.."

මටත් කලින් උත්තර දුන්නේ යශ්....

"එහෙමද කොහොම හරි මට පේන්නේ මෙයා ස්ලීපින් ටැබ්ලට්ස් වැඩි ඩෝස් එකකින් අරගෙන... ප්‍රශ්නයක් වෙන එකක් නම් නෑ දැන්.. හෙට උදේට නැගිටීවි... ඒත් එයා ඒවා යූස් කරන්නේ නැත්තන් කොහොමද එහෙම ප්‍රමාණයක් එයාගේ ඇඟට ආවේ... "

"යශ්... එන ගමන් මොනා හරි කෑවද.. නැත්තන් කොහේ හරි නැවතුනාද..."

"නෑ පිස්සුද අවී... අයියා උබව දාලා ගියා කිව්ව හින්දා අපි පිඹගෙන මෙතෙනට මයි ආවේ... "

"එහෙමද.. එතකොට... ම්ම්... ආහ් හරි... හරි ශැම්පේන් වීදුරුව.... ඒත් ඉතින් ඒකේ තිබුණේ පොඩ්ඩම පොඩ්ඩයිනේ.. ටැබ්ලට්ස් මොනා හරි කවලම් කරලා තිබ්බ නම් අනිවාර්‍යෙන් පේනවත් එක්ක..."

"ලික්විඩ් එකක් වෙන්නත් පුළුවන් මිස්... ඒක මික්ස් කරාට එච්චර ක්ලියර් පේන්නෑනේ.. කොහොම හරි මෙයා හොඳින් බය වෙන්න දෙයක් නෑ.. මන් දැන් යන්නම්..."

යශ් ඔෆිසර් එක්ක එළියට ගියාම මන් කල්පනා කළේ.. ඒ ශැම්පේන් ග්ලාස් එක ගැන..

ඇත්තටම අර මනුස්සයා ඒ වීදුරුව දුන්නේ මේඝට.. ඒ කියන්නේ ඒවා දැම්මේ මේඝට දෙන්න.. ඇත්තටම කවුද ඒ දේවප්‍රිය කියන්නෙ.. කාලභූතයා ඇයි අර වගේ හැසිරුණේ.. යාහ්.. මේක නම් පිස්සුවක්....

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

හැමෝටම ගොඩක් ස්තූතියි...

මීළඟ මේඝයෙන් හමුවෙමු....

Continue Reading

You'll Also Like

2.5K 794 16
" ඔයා මගේ හදවතේ ඉන්නකොට ඒ වගේ තමයි මට " මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇව...
14.5K 3.8K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...
7.3K 1.8K 12
පාසල් ප්‍රේමේ සුන්දරයිලු!! සුන්දරවෙන්න තිබුනා ප්‍රේමවන්තයා ඉස්සරහා කව්පියි සම්බෝලයි වමනෙ නොදැම්මනම්! එකොලහ වසර ඉවරවෙන්න කලින් අවංකට තමන්ගේ හිතේ තියෙ...
1.3M 13.6K 16
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...