Call Me DADDY 💰💸 ✔️

By Sawani_Ch86

32.8K 7K 1.3K

COMPLETED ✅ මේ හිතේ ඉඩ තියෙන්නෙ ඔයාට විතරමයි... මේ ආත්මෙත් ඊලග ආත්මෙත් හැම ආත්මෙම....... ❤️💚 More

Chapter 1 💭
Chapter 2 💭
Chapter 3 💭
Chapter 4 💭
Chapter 5 💭
Chapter 6 💭
Chapter 7 💭
Chapter 8 💭
Chapter 9 💭
Chapter 10 💭
Chapter 11 💭
Chapter 12 💭
Chapter 13 💭
Chapter 14 💭
Chapter 15 💭
Special A/N 💭

Chapter 16 💭

2K 387 176
By Sawani_Ch86

Call Me Daddy 💰💸

Chapter 16 💭
~ Even heaven cannot separate us~




අවසන් කොටස

.
ඒ සරත් සමයයි.. හරියටම සැප්තැම්බරයේ 16 වෙනිදා... අපි Sichuan බලා පිටත් වුනා.. චීනයේ දක්ෂිණ පලාත.. නිවාඩුවක් විදින්න හොදම තැන් තියෙන නිසා මමයි යිබෝයි ප්ලෑන් කරන් හිටියේ Sichuan වල Zhangzhan නගරයේ Jiuzhaigou නිම්නය බලන්න යන්න...

ඒ වගේම ටිබෙට් කෑම වර්ග ගොඩක් කන්න අත් අල්ලගෙන වීදි පුරා ඇවිදින්න අපි දෙන්නා හීන මැව්වා... අද ඒ හීන වල තනියම මම විතරයි.. මගෙ නසරානි යාලුවෝ දෙන්නා එක්ක වාහනේ නවත්තලා නිවාඩු නිකේතනය ගාව හිටගෙන හිටියා... අපි එද්දි රෑ වෙලා නිසා හෙට උදේම ඇවිදින්න යන්න තමයි හිතන් ඉන්නේ....

අපි ටිකක් රෙස්ට් කරලා ඇවිත් බියර් ඕඩර් කලා.. මං ලොකුවට ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙවේ.. ඒත් මට බියර් එකක තද අවශ්‍යතාවයක් දැනුනා.. Exam වලට මැරිලා මැරිලා වගේ ඉදලා මට ඕන උනේ නැවුම් වෙන්න... ඒකට මං තෝරගත්තේ බියර් !

නිවාඩු නිකේතනයේ එලියෙ ගිනිමැලයක් වටේට ඉදගෙන අපි බියර් බොනවා බයිට් විදිහට චොක්ලට් කන ගමන්.. ඒකත් මගෙ යිබෝගේ හීනයක්... අපි යුනි එකේ ඉද්දි එයා කැමති උනේ නෑ මං බියර් එකක් වත් බොනවාට... ඒ නිසා මගෙ බල කිරීමට අපේ ට්‍රිප් එක දවසෙ එයා මට ඩ්‍රින්ක්ස් බොන්න අවසර දුන්නා...

ඉතින් එයාගෙ අවසරෙන් මං මේ වෙද්දි බෝතලේ කටේ තියන් ගහලා බාගෙකට වඩා හිස් කරලා... සැරින් සැරේ මගෙ අතිජාත මිත්‍රයෝ දෙන්නා මට චොක්ලට් කවනවා... චොක්ලට් කියන්නෙ තවත් මත්වෙන දෙයක්.. කොකෝවා සංයුතිය වැඩි උනහම තමයි චොක්ලට් ඩාර්ක් කියලා කියන්නෙ.. වෙන දවස් වලට මිල්ක් චොක්ලට් හොයන මම අද බියර් එක්ක ඩාර්ක් චොක්ලට් කනවා...

"ඇති ජාන්... ඔහොම එක දිගට බොන්න එපා... ඩෝප් වෙයි "

"ඔව් බන් මූට මොන යකා වැහිලද මන්දා... හෙට අපි Valley එක බලන්න යන්න ඕනෙ බූරුවෝ.. වෙරි ගතේ ගියහැකිද.."

"මූව බාත්ටබ් එකේ ඔබලා ගම්මූ නැත්තං මේ බොන විදිහට උදේට නැගිටගන්නවත් බැරි වෙයි..."

මගෙ ඇස් නිවි නිවී පත්තු වෙන බල්බ් දාලා වගේ.. මට මගෙ පාප මිත්‍රයෝ දෙන්නාව සැරින්සැරේ පෙනී නොපෙනී යනවා.. උන් බැරිම තැන මගෙන් බෝතලේ උදුරගත්තා.. මට ඇහුනා යුආන් Shit කියලා කියනවා... මොකද බෝතලේ ඒ වෙද්දි ඉවරයි.. මට නැගිටගන්නවත් බෑ.... මට මතක් උනේ මගෙ Prince Charming ව... සුදු හැන්ඩ්සම් බෝල ගෙඩිය...

"ඇ..යි ඒම කලේ ඇයි මට... තවුසෙ ඇයි ඔයා හනිමූන් ගියේ.... මං එක්ක නෙහ් යන්න හිටියේ රත්තරන්..."

"එයා  එ..ක්..ක යන්න යන්න එ..පා යිබෝ ! ඔයා ම..ගෙ නෙහ්හ් ... අඩෝව් කෝ බෝතලේ දියන් !! දීපියකෝ..... "

මගෙ කම්මුල් දිගේ කදුලු ගලාගෙන යනවා... මගෙ තොල් වලටත් කදුලු වල ලුණු රස දැනෙනවා.. මං ඒවා උරා බිව්වා.. මගෙ කදුලු නෙහ්.. යිබෝ වෙනුවෙන් අඩන කදුලු බිමට වට්ටන්නවත් මට හිතුන් නෑ.. ඒවාත් මගෙ විතරමයි... ඒත් ඇත්තටම තාමත් එයා මගෙද?

"මූ බූටක් කාලාද? යිබෝ යිබෝ ගාන්නේ.. යිබෝ කියන්නෙ කොල්ලෙක් නෙහ්... මූට මොනවා වෙලාද බන් ? "

"දන්නෑ හොදට හිටපු එකාට වෙච්ච දෙයක්... යමන් මූව අරන් ගිහින් බාත්ටබ් එකේ ඔබමු මොලේ පෑදෙන්න..."

මං දන්නෑ එලියෙ හුලං වැදි වැදි හිටපු මං ඇතුලට ගියේ කොහොමද කියලා නම්.. මගෙ පාප මිත්‍රයෝ එක්කෝ මාව උස්සන් යන්න ඇති... මට සිහිය ආවේ මාව වතුරක ගිලෙද්දි....

"බ්ලෑහ්... බ්ලෑහ්හ් කහ්ම්....  මට පීනන්න බෑ.... අනෙහ්හ් යිබෝ මා..ව  බේර..ගන්න !! "

බාත්ටබ් එකකින් ගොඩ එන්න බැරි එකෙක්ව දැකලා තියනවද පීන පීන දගලන්න හදන... ඒ තමා මං.  ජීවිතේ පලවෙනි පාරට මං බියර් බීලා මේ.. මගෙ ගානට තිබ්බ බාත් ටබ් එක ඇතුලේ අත්කකුල් ගස ගස පීනන්න හැදුවා කියලා මට පස්සෙයි අරුන් කිව්වේ... එදා මාව හොදට නෝන්ඩි උනා... සවලක් තිබ්බා නම් වැලලෙන්න තරමට...

"මේ සමයං නොකර ඇදුම් මාරු කරගනින් දැන්... උබ ගිලිලා හිටියේ අපි දෙන්නාට හොදට පීනන්න පුළුවන් නිසා බේරගත්තා.. "

"ඔව් ආහ් මේ ඇදුම ඇදගනින්... උබ වගේ එකෙක්ට බියර් එක්ක චොක්ලට් කන්න කිව්ව එකාව හොයලා පුප ඉරන්න ඕනෙ.. නෙදකින් බලාම් උබේ හැටි !!"

"එ... එපා ! එපා !!! එයාට මුකුත් කරන්න එපා... එයා මගෙ විතරයි.. එයාට රිද්දන්න එපා"

එයාලා හදන්නේ යිබෝගේ ඉරන්න... මට බියර් එක්ක චොක්ලට් ගන්න කිව්ව නිසා.. ඒත් එයාට රිද්දන්න දෙන්න මට බෑ... එයා මගෙ සුදු බෝලේ.. මං අඩද්දි අරුන් දෙන්නා මගෙ ඔලුව අතගගා ලගට වෙලා හිටියා...

අඩ අඩ හිටපු මං කොට්ටෙත් කකුල් දෙක අස්සේ ගහන් නිදාගෙන... උදේ යුආන් ලගට ඇවිත් ඇහැරවද්දි මං ගැස්සිලා ඇහැරුනා... මං අමාරුවෙන් නැගිට්ටා... උන් මාව වොෂ් දම්මවලා බ්‍රෙක්ෆස්ට් ගන්න අරන් ගියා... අපි පොඩ්ඩයි කෑවේ... මොකද අපිට ටිබෙට් කෑම කන්න තියෙනවා...


කොහොමින් කොහොමහරි පැය දෙකකට විතර පස්සේ මං යථාතත්වයට පත් වුන නිසා අපි අපේ ට්‍රිප් එක එන්ජෝයි කරන්න පටන්ගත්තා... අපි මුලින්ම Zhangzhan නගරයේ ලස්සන තැන් වල ඇවිද්දේ එහෙ පරිසරය ගොඩක් ලස්සන නිසා.. උදේ 10ට විතර වෙද්දි අපි ටිබෙට් කෑම තියන කඩේකට ගිහින් ඇතිවෙනකන් කෑවා... ඊයේ බීපු නිසා කන්නත් බැරි උනා හොදට... කාලා කලා ටිකක් රෙස්ට් කරලා අපි කෙලින්ම ගියේ Jiuzhaigou නිම්නය බලන්න...

*
.
.
.
.
.
.
.
.
.

Jiuzhaigou Valley




.
නිම්නයක් කියන්නෙ සරලව කිව්වොත් කදු දෙකක් අතර තියන දිගටි පහත් බිම් ප්‍රදේශයකට.. ඒ වගේම ඒ අතරින් ගංගාවක් ගලාගෙන යනවා... අපි ගිය මේ සැප්තැම්බරය කියන්නෙ සරත් ඍතුව නිසා මෙහෙ පරිසරය මාර ලස්සනයි... පාට පෙට්ටියක තියන පාට කූරු වගේ.. හරිම විචිත්‍රයි... ගොඩක්ම තිබ්බේ කොල,කහ,රතු, තැඹිලි වගේ පාටවල්....

එහෙන් මෙහෙන් නිල් පාටක් තිබ්බා නම් ඒ අතරමැදින් ගලාගෙන ගිය දොල පාර නිසා... මං මෙච්චර වෙලා ට්‍රිප් එක ගැන කිව්වා මිසක් මාත් එක්ක ආපු උන් දෙන්නව ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න බැරි උනා නෙහ්...

යුආන් සහ සූෂාන්... පොඩි කාලේ ඉදන්ම මගෙ හොදම යාලුවො දෙන්නා.. සූෂාන් මමයි යුආන්ට වඩා සෙල්ලක්කාරයි.. ඒ නිසා ඌ යුනි සිලෙක්ට් වුනේ නෑ... යුආන් හිටියේ Beijing University එකේ Management Faculty එකේ.. සුෂාන්ගේ පපා බිස්නස්මන් කෙනෙක් නිසා එයා ඒවාට උදව් කරන් හිටියා... ඒත් අපි කොච්චර ෆිට් උනත් මේ වෙනකන් මං යිබෝ ගැන මුකුත් කියලා නෑ...

ඒත් මං හිතුවෙ නෑ ඊයේ මං බීලා ඉද්දි අඩ අඩා කියපුවා උන් මතක තියන් ඉදියි කියලා.. උදේම ඒවා ගැන ඇහුවෙ නැති නිසා මං හිතුවා අමතක වෙලා ඇති කියලා.. නෑ මටයි වැරදුනේ මුන් හිටියේ වෙලාව එනකන්.. අන්තිමට මට හංගන්න පුළුවන් වුනේ නෑ..

"යකෝ... උබ කියන්නෙ උබට ඒ කොල්ලා ගැන ආදරේ හිතුනා කියලාද? ඇයි බන් උබට මං ගැන හිතුන් නැත්තේ? "

"අනේ යුආ... උබ ඒ පාර වෙනම ආතල් එකක් ගන්නද යන්නේ? කවුද ඒ කොල්ලා යිබෝ නේද? "

"හ්ම්ම්..."

අපි නිම්නය බලන්න පුළුවන් සීමාව දිගේ ඇවිදගෙන ගියා.. යුආන් කැම් එක බෙල්ලේ එල්ලගෙන හැමතැනම ෆොටෝස් ගන්නවා.. වෙනදාට ඔහොම ඉන්නේ මම... ඒත් අද මට කිසි මූඩ් එකක් නෑ... එයාලා හිතන් ඉන්නේ යිබෝ මගෙ කොල්ලා අපි අතරේ පොඩි රණ්ඩුවක් වෙලා තරහාවෙලා ඉන්නේ කියලා.. මාත් කොහොම කියන්නද මගෙ පණ වෙන කෙනෙක්ගෙ වෙන්නයි යන්නේ කියලා.....

"ඒත් උබ කිව්වා හනිමුන් එකක් ගැන? උබ එක්කයි එයා හනිමූන් යන්න ඕනෙ කිව්වේ? මොන මගුලක්ද වෙලා තියෙන්නෙ ජාන්? ඔය උබ දැනුත් අඩනවා.. උන දේ කියපන්.. අපි විසදගන්න උදව් කරන්නම් "

සුෂාන් දිගටම මගෙ උරහිස් වලින් හොල්ල හොල්ල අහද්දි නම් මට දරාගෙන ඉන්න බැරි වුනා... මං ඌව බදාගෙන හොදටම අඩන්න පටන්ගත්තා... මං අඩනවා බලාගෙන ඉන්න බැරි උන යුආනුත් ඇවිත් අපි දෙන්නාවම බදාගත්තා..

අන්තිමට අඩලා අඩලා හෙම්බත් වෙලා හිටපු මාව ඒ දෙන්නා තුරුල් කරන් ඇවිත් වාහනේට නග්ගගත්තා.. ඒ වෙද්දි හවස් වෙලා... තව ටිකකින් මෙතනට එන්න තහනම්.. පාර්ක් එක වහනවා... අපි රෑ වෙනකන් වාහනේ පෙට්‍රල් පුච්චලා ආයෙත් නිවාඩු නිකේතනයට ආවා...

.
.

නින්දක් නෑ මට ෆෝන් එක අතේ තියන් දැන් මැසේජ් එකක් එයි කියලා මග බලන් ඉන්නවා... යිබෝගේ නම්බර් එක ඩයල් කරත් ඒකෙන් ප්‍රතිචාරයක් නෑ... අපි තුන්දෙනාම හිටියේ එකම රූම් එකක... උන් දෙන්නාට ඇහෙයි කියලා මං ඉකිගැහෙන සද්දේ නවත්තගන්න අතින් කට වහගත්තා..

"මගෙ යිබෝ අපි දෙන්නා යන්න හිතපු පලවෙනි ට්‍රිප් එක... අද ඔයා නැතුව මං තනියම එතනට ආවා... ඔයා හිටියා නම් අපි යන්නේ අද අත් පටලවන් තුරුල් වෙලා.... ඒත්.. මං තනිවුනා සුදු බෝලේ.... ඔයාට මාව මතක් වෙන්නේවත් නැද්ද? අපේ ආදරේ අමතක කලාද රත්තරන් ? "

මං කොට්ටේ හපාගෙන තනියම මිමිණුවේ ගැලරියේ තිබ්බ එයාගෙ ෆොටෝස් බලන ගමන්.. අපි යුනි එකේදි එකට ගත්ත ෆොටෝස් මං ටච් කරේ එයාගෙ හිනාවෙන මූණ විතරයි.. ගොඩක් වෙලාවට රවාගෙන තරහෙන් ඉන්න එයාගෙ මූණ මං ලග ඉද්දි තිබ්බේ ලස්සන හිනාවක් දෙන ගමන්...

"දන්නවද බබා... මට ඔයා ලගදි විතරයි නිදහසක් දැනෙන්නේ.. මං ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔයා ලගදි විතරයි.. මට හිනාවෙන්න පුළුවන් ඔයාගේ මේ ලස්සන ඇස් ගාවදි විතරයි... නැත්තං ලෝකෙටම මාව නපුරු මිනිහෙක් වගේ පේන්නේ... ඒත් ඔයාගෙ එක හිනාවක් ඇති මට සැනසීමෙන් ඉන්න... මගෙ අත කවදාවත් අතාරින්න එපා වස්තුව !! පොරොන්දු වෙනවද? "

යිබෝ කියපුවා කන්දේකේ දෝංකාර දෙනවා මට... බැරිම තැන කන්දෙක වහගත්තා දරාගන්න බැරුව.. එච්චර ආදරෙන් මට තුරුල් වෙලා ඉන්න එයා අද හොදින් ඉන්නවද කියලා වත් මට ඉගියක් වත් නෑ.. මං මොන තරම් පව්කාරයෙක්ද කියලා හිතුනා මට...

දැනිලා ඇති ඕනම කෙනෙක්ට මෙහෙම අත්දැකීමක් තියේ නම්,, අපි මහ ගොඩක් ආදරේ කරපු අය අපෙන් වෙන්වෙලා යද්දි.... කවදාවත් ආයෙ අපේ ලගට එන්නේ නෑ කියලා මතක් වෙද්දි... ඉක්මනටම වෙන කෙනෙක්ට අයිති වෙනවා කියලා හිතට දැනෙද්දි... අපි මොන තරම් අසරණ වෙනවද? අපිට කරන්න පුළුවන් එකම දේ ඒ ආදරේ මතක් කර කර අඩන එක විතරයි...

සමහරු අපිව දාලා යද්දි අපි තනිවෙනවා... විදවන්නේ තනිවුන කෙනා මිසක් අතෑරලා ගිය කෙනා නෙවෙයි.. ඒත් මගෙ යිබෝට මාව මතක් වෙනවා ඇති නේද? අපේ ආදරේ බොරුවක් නෙවේ නම් එයා කවුරු ගාව හිටියත් මාව මතක් වෙනවා ඇති නේද? එදා පාර්ක් එකේ එයා අන්තිමට කිව්ව වචන දෝංකාර දුන්නා...

"...බා  ..රි..ස්සමින්  ..න්න මට  ..නෙ ..ච්චරයි ..පි මොන ලෝකේ හි..ටි..යත් ! "

මාව පරිස්සම් කලේ ඔයයි රත්තරන්.. හැමදේකින්ම මට කරදරයක් වෙන්න නොදී මගෙ ලග හිටියේ ඔයයි... මං පරිස්සමින් ඉන්නවා එදා ඔයා කිව්ව විදිහටම.. මං ඉන්නේ වෙන ලෝකෙක නෙවෙයි ඔයාගේ ලෝකේ විතරමයි !!!

*
.
.
.
.
.
.
.
.

පහුවෙනිදා ඒ කියන්නෙ සැප්තැම්බර් 18 වෙනිදා... එදා තමයි මගෙ ජීවිතේ මං වැඩිපුරම අඩපු දවස... නොහිතපු දෙයක් සිද්ධ වුනේ හරියට ඉරණමේ එහෙමම ලියවිලා තිබ්බා වගේ....

බෝයිෆ්‍රෙන්ඩ් බෙස්ට්ෆ්‍රෙන්ඩ් ??

තෝරගන්න අවස්ථාවක් ආවොත් කාවද තෝරගන්නෙ? කෙනෙක් කියයි අනිවාර්යයෙන්ම බෝයිෆ්‍රෙන්ඩ් කියලා.. මොකද යාලුවො නම් ඕනෙ තරම් හොයාගන්න පුළුවන් ඒත් ආදරේ එක්කෙනෙක්ට විතරයි කියලා... තව කෙනෙක් කියයි ආදරේ නම් චපලයි ඕන වෙලාවක නැති වෙන්න පුළුවන් ඒත් හොද යාලුවෙක් හොයාගන්න ගොඩක් අමාරුයි කියලා.. ඒ ඇත්තක් නොවෙන බොරුත් නොවෙන ඇත්ත !!

අපි උදේ ගියෙ ඩෑම් එකක් බලන්න... Zhangzhan වල තිබ්බ ලොකුම ඩෑම් එක... දැකලා ඇති නෙහ් වේල්ලෙන් වතුර කඩාගෙන එද්දි කොච්චර ලස්සනද කියලා.. අපිට පුළුවන් ඒ මැද තියන පාරෙන් ඇවිදගෙන යන්න... මෙතනත් ගොඩක් ලස්සන තැනක්.. සුදෝසුදුවට පෙණකැටි වගේ මහ ජලාස්කන්ධයක් ඩෑම් එකෙන් කඩාගෙන වැටෙනවා..

අපි එබිලා බැලුවත් අපිට ඒකේ අනන්තයක් නොපෙනුන තරම්.. නෑ ඇත්තටම වතුර පාර වැටිලා ගලාගෙන යන ජලාශයට එකතු වෙනවා.. ඒත් දියඇල්ල වගේ වැටෙද්දි අපි එබිලා බැලුවට මුකුත් පෙනුනේ නෑ...

"මෙතනින් පැන්නොත් ස්වර්ගයට යන්න පුළුවන් වෙයිද? "

"පිස්සුද බූරුවෝ... මෝචරියට දාන්නවත් බොඩි එක හම්බෙන එකක් නෑ.. ඒ තරම් වතුරපාර සැරයි නෙහ්"

යුආන් සුෂාන් කියන්නෙ ඒ වගේ ඩබලක්... මම නම් එබිලා බැලුවෙත් හෙන බයෙන්... ඒ අස්සේ සුෂාන්ට ඕනෙලු බැම්මට නැගලා සෙල්ෆියක් ගන්න... යුආන් කුනුහර්පයක් කියලා බෙල්ලෙන් ඇදලා පාර දිහාට තල්ලු කරපු නිසා ඒක එතනින් ඉවර උනා...

ඇත්තටම කියනවා නම් ඉවර උනේ නෑ... පාරේ එතනින් ආපු කාර් එක හෝන් එකක් ගහගෙන බ්‍රේක් කලේ අපේ මීහරකා පාරට විදිවුන නිසා... ‍දිලිසි දිලිසි නැවැත්තුවේ රතු අවුඩියක්.ඒ වගේම ඒක වෙඩින් කාර් එකක්..ඉස්සරහා සුදු මල් වගයක් ගහලා තිබ්බා... මට නම් සුදු මල් ටික දකිද්දි ඇති වුනේ කාලකන්නි හැගීමක්.... ඇයි රතු රෝස ගැහුවෙ නැත්තේ? ඒවා නම් ගොඩක් ලස්සනට තියෙයි....

අපේ සුෂාන් සොරි කියාගෙන අපි හිටපු දිහාට දුවගෙන ආවා... ආපු ගමන් කලේ යුආන්ට ගහගෙන ගහගෙන ගිය එක... මං හිටියේ ටිකක් සැහැල්ලුවෙන්... උන් දෙන්නාගෙ විකාර නිකන් හරියට අලුත බැදපු ගෑණියි මිනිහායි වගේ... මං මූණට ආව හිනාවෙන්ම උන් දෙන්නාගෙ ෆොටෝ එකක් ගත්තේ පොරකුකුල්ලු දෙන්නෙක් වගේ රණ්ඩු වෙද්දි....

රතු අවුඩිය අපිව පාස් කලා.... ඒත් ටික දුරකට විතරයි.. මෙච්චර වෙලා සැහැල්ලුවෙන් තිබ්බ මගෙ හිනාව නැත්තටම නැති වෙලා මාව ගැස්සුනේ මං ජීවිතේ පුරාවටම අහන්න කැමැත්තෙන් ඉන්න කෙනාගෙ කටහඩ මට ඇහෙන්න පටන්ගත්දි......

" Zhanzhan Zhanzhan !!!!!!! "

මං වගේම යුආන් සුෂාන් දෙන්නත් පිටිපස්ස හැරිලා බැලුවා... ඔව්ව් මාව වෙව්ලනවා.. නවත්තපු කාර් එකේ පිටිපස්සේ දොර ඇරලා තියෙද්දි අපි හිටපු දිහාට දුවගෙන එන ගමන් හිටියේ මගෙ සදාතනික ආදරේ හිමිකාරයා!! මගෙ යිබෝ !

යුආන් සුෂාන් වගේම වටපිටේ හිටපු ටික දෙනත් යිබෝ දිහායි බලාගෙන හිටියේ... එයා කාර් එක ගාව ඉදන් දුවන් ආවේ පුදුම වේගෙකින්... මං අඩියක් ඉස්සරහාට තිබ්බේ එදා පාර්ක් එකේ උන දේවල් පවා සේරම අමතක කරලා දාලා....

"බබා... බබා "

යිබෝ මගෙ ලගට එද්දිම මං ඉස්සරහාට දුවගෙන ගියා... මං ඒ පපුව අස්සේ ගුලිවෙද්දි එයා එයාගෙ අත් වලින් මාව තුරුල් කරගෙන තද කරගත්තේ වටපිට හිටපු මිනිස්සු සේරම අපි දෙන්නා දිහා බලාගෙන ඉද්දි... මං ඇඩුවා කෑගහලා ඇඩුවා.. මුලු ඩෑම් එකම දෝංකාර දෙන්න තරම් කෑගහ ගහ ඇඩුවා... එයා කලේ එක දිගට මගෙ ඔලුව අතගාපු එක...




" මැණික අඩන්න එපා බබා... මං ඉන්නවා නෙහ්"

යිබෝ කියද්දි මං තවත් හයියෙන් අඩන්න පටන්ගත්තා.. එයා එහෙමම මාව තුරුල් කරන් ආවේ ඩෑම් එකේ බැම්ම ගාවටම... මගෙ පස්ස බැම්මේ වැදිලා අපි දෙන්නම නැවතුනා....

මට ඒත් එක්ක්ම මතක් උනේ යිබෝ ආපු කාර් එක වෙඩින් කාර් එකක් කියලා... එයා ඇදන් හිටියේ කලු ෆුල් සූට් එකක්... ඒකේ දකුණු පැත්තේ සුදු පාට මලක් ගහලා තිබ්බා..එයා අද ගොඩක් හැන්ඩ්සම්.. මට තරහක් දැනුනේ නෑ අද වගේ එයාගෙ ජීවිතේ විශේෂ දවසක මං බැලුවෙ එයාගෙ ලස්සන විතරයි

"ඔ... ඔ..යා හනිමූන් යනවද? ම්ම් ඔ..යා සතුටින් ද Senior Wang? "

"බබා... මාව විශ්වාස කරන්න... මේ කිසි දෙයක් මට ඕන දේවල් නෙවේ"

යිබෝ කදුලු පෙර පෙර කියද්දි එයා මාව බදාගෙන හිටපු අතේ මුද්ද මං දැක්කා.. මට ඒක දැකලා දැනුනේ අසරණකමක් එක්ක දුක්බර හිනාවක්....

"ඔයා එයාගෙ වෙලා..."

" කවදාවත් නෑ බබා.. ඔයාගෙ ඩැඩී ඔයාගෙ විතරයි"

යිබෝ මගෙ නලල උඩ එයාගෙ දෙතොල් තද කලේ වටපිට ගැන වත් නොහිතා... ෆිල්ම් එකක වගේ හනිමූන් එකට යන්නෙ නැතුව මාත් එක්ක පැනලා යන්න කවුරුත් මල් පාවඩ දාන්න හිටියේ නෑ... වෙන්න තිබ්බ දේ ඒ විදිහටම සිද්ධ වෙන්න පටන්ගත්තා.. පාර්ක් එකේදි කිව්ව සීමාව අපි බිදලා දාද්දි ජීවිතෙන් වන්දි ඉල්ලන්න පටන්ගත්තා.....

රතු අවුඩියෙ බොනට් එක හරවලා තිබ්බ පැත්තෙන් ආපු සද්දෙත් එක්ක අපි හැරිලා බැලුවෙ ගැස්සිලා.. කලු මොන්ටෙරෝ එකකින් බැහැපු සෙට් එකක් අපි හිටපු පැත්තට වේගෙන් එනවා.. මං යිබෝව තල්ලු කරා... යුආන් සුෂාන් කෑගහන්න පටන්ගත්තා... වටපිට හිටපු මිනිස්සු යටිගිරියෙන් ලතෝනි දුන්නත් උන් නැවතුන් නෑ... උන් ඈත තියාම ඒම් කලේ මට.... මාවයි මරන්න එන්නෙ.. යිබෝ හිටියේ මාව කවර් කරන්න හදන ගමන්.. එයා දෙපැත්තට පැන පැන මාව කවර් කලා.

"බබා !! ඔයාලගෙ වෙහිකල් එකට යන්න.. ඉක්මනට ‍යන්න බබා !!!! "

"පලයන් යකෝව්ව් !!!! "

යිබෝ නපුරු විදිහට  මගෙ දිහාට හැරිලා කියද්දි ඒත් මං හෙල්ලුන් නෑ.. මං දන්නෑ සුදු පාට දිග ගවුමක් ඇදන් දුවගෙන ආපු කෙල්ලෙක් අපි අතරට පැන්නේ කොහොමද කියලාවත්... මට තියපු වෙඩිල්ල මට නොවැදී එයාට වැදුනේ එයා පපුව අල්ලන් බිමට පාත් වෙද්දි.....

"ඒ.... ඒ මො...ක තොපි මොකක්ද යකෝ කරේ මගෙ නංගිට !!!! "

" ඒන්ජල්...................... "

මට කෑහැහුනේ ඒ සුදු මූණ මගෙ දිහාට හරවගෙන ලාවට තොල් වල හිනාවක් යද්දි... මගෙ නසරානියා!! මගෙ බෙස්ට්ෆ්‍රෙන්ඩ්.... මං ඉස්සරහා පපුව අල්ලන් මගෙ මූණ දිහා බලාගෙන බිම වැටුනා..... අපි හැමෝම ඒන්ජල්ගෙ සිහියෙන් ඉද්දි ආයෙ පාරක් මගෙ පැත්තට බුලට් එක එනවා මං දැක්කෙ නෑ... ඒක දැක්කේ යිබෝ විතරයි....

ඒත් එක්කම පොලිස් කාර් වල සයිරන් එක ඇහෙද්දි මොන්ටෙරෝ එකේ ආපු සෙට් එක කලබල වෙද්දි බුලට් එක මගෙ දිහාට ඇවිත් ඉවරයි.... මං ඇස් පියාගත්තා සතුටින්... මගෙ හොදම යාලුවා මං වෙනුවෙන් ජීවිතේ දුන්නා නම් ඇයි මට බැරි ?

ඒත් ඒක එහෙම උන් නෑ... මාව ශක්තිමත් අත් දෙකකින් බදාගෙන වට දෙකක් කැරකිලා මාව බැම්මට හේත්තු වෙද්දි යිබෝගේ පිටට වැදුන බුලට් එකෙන් ලේ විසික් වෙනවා මං බලාගෙන හිටියේ මගෙ ඇගම පණ නැති වෙලා යද්දි....

"නෑ... නෑ යිබෝ නෑ..  එපා !!!!!! "

කෑගහපු මාව එතනම ගොලුවෙලා ගිය ඒ නිමේෂයේ පොලීසියෙන් මොන්ටෙරෝ එක වටකරගනිද්දි මාව තල්ලු කරපු යිබෝ බැම්මෙන් පල්ලෙහාට පැන්නා.... මට උන දේ හිතාගන්න බැරුව එහෙමම ශොක් වෙලා බලාගෙන ඉද්දි යුආන්, සුෂාන් කෑගහනවා විතරයි මට ඇහුනේ.....මගෙ යිබෝ !! එයාට මොකද උනේ??

මමත් පනින්න දගලද්දි එයාලා මාව තදකරන් අල්ලගත්තේ ඒ එක්කම අපි ඩෑම් එකෙන් පල්ලෙහා බලද්දි සුදෝසුදු පෙණ එක දිගට කඩාගෙන වැටුනේ මගෙ කෑගැහිල්ලෙන් මුළු ප්‍රාන්තයේම දෝංකාර දෙන ගමන්......



මා ප් යි 💚❤️

*
.
.
.
.

Zhan & Yibo මැරුනා කිව්වේ නැති නිසා සෑඩ් එන්ඩින් නොවෙන බව කරුණාවෙන් සලකන්න !!
🙌🙂👋

Vote, Comment කරපු කතාව ආසාවෙන් කියවපු හැමෝටම ස්තූතියි !! 💚❤️

Continue Reading

You'll Also Like

5.3K 638 5
රුද්‍ර , දන්නවද ? .. ලෝකෙටම හොරෙන් පිපිල පරවෙලා යන කඩුපුල් මල් අයිති උනේම හදට විතරයි .. හරියට මාව අයිති උඹටම විතරක් වගේ ... ..ඉර මුලු ලෝකෙටම එලිය...
72.2K 14K 19
ආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔
14.4K 2.7K 20
..මං සදහටම වහලා දාපු යකඩ දොරට හේත්තු වෙලා හිස් බැල්මෙන් මිනී ගඳ ගහන කාමරේ අන්දකාරේ දිහා බලන් හිටියා.. ..ඔව්..හරියටම දවස් දහ අටකට පස්සේ අනිත් අය වගේම...
30.7K 8.6K 29
ඇලපාත මුදලි මං, මදහාස නගන් ගජමන් නෝනා...! . . . 🤎 'ඔහු' නූතන ඇලපාතයන්ගේ ගජමන් නෝනා නම් විය.. කෝපි පාට ඇස් දෙකක අයිතිකරු වුනු ඔහු නමින් 'ඔමල් කේෂ්වර...