මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

De Yazwi_03

50.5K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... Mais

පළමු මේඝය
දෙවන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Special Chapter
Meme Collection
කළුකුමාර අඩවිය

තුන්වන මේඝය

1.2K 183 38
De Yazwi_03

හරියටම සති දෙකක්.. අපි ගෙදරට වෙලා කල්පනා කළේ මොනවද අපි ඉස්සරහට කරන්නේ කියලා.. මොන පැත්තකින් බැලුවත් ජීවිතේ හරිම අමාරුයි.. පැටලුණු කටු අකුලක් වගේ... ඉස්සරහට යන්නත් බෑ... හැබැයි නොයා ඉන්නත් බෑ... කොයිතරම් අමාරු වුණත් එක තැනක ඉන්නත් බෑ... මොනවා කරන්නද.. ජීවිතේ යන අතට මාත් පිස්සුවෙන් වගේ යන්න එපැයි... ඒකනේ තියරිය...

ඒ හින්දම අපි දෙන්නගෙම ආසාවට ගැළපෙන ෆීල්ඩ් එකක් ගැන ඉගෙන ගෙන ඒ පැත්තෙන් ඉස්සරහට යන්න අපි තීරණය කළා.. ජීවත් වෙන ටික කාලේ සතුටෙන් ඉන්න ඕන.. මහ ලොකුවට බැඳීම් කියලා දේවල් නැති අපි දෙන්නටම ජීවිතේට තියෙන්නෙ පුංචි තාවකාලික හීන, බලාපොරොත්තු විතරයි.. නිවාසෙන් අයින් වෙනකොට අම්මා කියන කෙනා මගේ අනාගතය වෙනුවෙන් කියලා මගේ අකවුන්ට් එකට දාපු ගාණ නම් වැඩිත් එක්ක අපේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගන්න..

කැම්පස් එකෙයි බෑන්ක් එකෙයි කම්ප්ලීට් කරන්න වැඩ වගයක් තිබුණ හින්දා උදේම ඒ ටිකේ ඇවිදලා ගෙදර එනකොට දවල් දෙක විතර වෙන්නැති.. ශික්.. ඒ වගේ වෙලාවට ඇඳට වැටිලා සැප නින්දක් දානවා ඇරෙන්න කරන්න කියලා වෙන දෙයක් ඇත්තෙත් නෑ.. ලපේ නම් උදේ ඉදන් ටීවී එක දාගෙන මොකක්දෝ අටමගලක් බලනවා... ඒකට ඔලුව දාන්නත් රුචියක් නැති එකේ මන් කාමරේට ඇවිත් ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා..

මගේ කාමරේට යශ්ලගේ ගෙදර රූෆ්ටොප් එක හොඳට පේනවා.. හරි අහම්බෙන් වගේ මගේ ඇස් එකපාරටම ඒ රූෆ්ටොප් එක දිහාවට ගියේ මටත් නොදැනිමයි.. පුදුමයි.. මේ කට්ට අව්වේ කවුරු හරි මනුස්සයෙක් ඒක උඩ ඉන්නවා.. ඇඳෙන් නැගිටලා මගේ මේසේ ගාවට ඇවිත් ජනේලෙන් හොඳට එළියට එබිලා බැලුවේ ඒ කවුද කියලා.. යශ් ද දන්නෑනේ.. එතන ඉන්නේ ඌ නම් අනිවාර්‍යෙන් අර පහළ ඉන්න නාම්බිට ඒක දන්වන්න ඕන..

නෑ ඒ යශ් නෙමෙයි.. යශ් ඒ තරම් උස මහත නෑ.. සමහර විට කාලභූතයවත්ද.. ඔව් ඒ එයා...! ඒත් එක්කම මගේ ඔලුවට ආවේ ඉස්සෙල්ලම අපි මුණ ගැහුණ දවස කොච්චර අමතක කරන්න හැදුවත් ඒ සුවඳ, මතක් වෙන හැම වෙලාවකම මාව සෑහෙන අවුල් කරනවා.. කාලභූතයා ඇස් දෙකට දාගෙන ඉන්න සන්ග්ලාසස්වලට ඉර එළිය වැටිලා දිලිසෙනවා.. ඒ දිස්නේ මට හොඳටම පේනවා.. මේ මිනිහා නම් මොකෙක්ද මන්දා.. ටිකක් වෙලා බලන් ඉඳලා මන් ආයෙම ඇඳට ආවේ ෆෝන් එකේ නොටිෆි සවුන්ඩ් එකක් ඇහුණ හින්දා...

හම්මියෝ කලුකුමාරයාගේ අප්ඩේට් එකක් ඇවිත්... මගේ ෆේවරිට් ම ෆේස්බුක් කවියා ඒ..

නමක් ගමක් නැති කළුකුමාරයා..

"අමාවකට පවා

අහස අත් නොහැර

පුංචි තරු හිටියට

අහස හොයන්නෙම හඳක් තනියට"

~ කළුකුමාරයා ~

ආසම වචන.. ආසම විදියට ගළපලා හරිම ලස්සනට එයා ඒ කන්ටෙන්ට් හදනවා.. හැමදාකම මොකක් හරි අලුත් අදහසක් අලුත් විදියකින් එයා ලියනවා.. ඒ කවිවල නිසඳැස්වල එක වචනයක්වත් අතහරින්න ලෝබයි මොකද ඒවා කියාගන්න බැරි තරමටම ලස්සනයි...

ෆෝන් එකේ එහෙ මෙහෙ කරක් ගහ ගහ ඉදිද්දිමද කොහෙද මට නින්ද ගිහින් තියෙන්නෙ.. හවස තුනට විතර නිදාගත්තු එක්ක නැගිටිනකොට රෑ හතයි.. හරි ශෝක් ඉතින්... ඒ නැගිට්ටෙත් මේ ලපයා කන අස්සට ඇවිත් ලතෝනි තියපු හින්දා...

"මේ ඕයි පලයන් හඬු ගඳේ බෑ.. හෝඳන් වරෙන් ගිහින් වද නොදී..."

යස්වි එක අතකින් නහය වහගෙන මගේ දිහා බලන්නේ හරියට මැරිච්ච මීයෙක් දිහා බලන ගානට..

"ඉතින් උබ මාව ඉඹින්නැතුව හිටහම්.. ගඳ එන්නෑනේ.. "

"අනේ මේ උබේ ඔය මල ජරා පුසුඹ අහල ගම් හතකට උනත් දැනෙනවා ඇති.. ආයේ අමුතුවෙන් ඉඹ ඉඹ ඉන්න දෙයක් නෑ.. "

කන්කරච්චලෙන් බේරෙන්නම බැරි තැන මන් වොශ් රූම් එකට වෙලා පැය එකහමාරක් විතර සුපිරියට නෑවා.. ඇයි යකූ අරූගෙන් කැත කතා අහන එකටත් සීමාවක් එපෑ.. මන් කැමති ම බ්ලැක් ඇන්ඩ් වයිට් පිජාමා එකත් දාගෙන පහළට ආවේ ලපේ කොටාබාන්න යමක් හදලා ඇති කියලා හිතලා..

මොන.. එක බත් ඇටයක් තම්බලා නෑ.. කැණහිලා තාම අටමගලේ බලනවා..

"මේ ඕයි කන්න දෙයක් නැද්ද..."

"පොඩ්ඩක් හිටාම් මේ අන්තිම එපිය යන්නේ... මේක ඉවර වුනාම කමු.. "

"අනේ බන් බඩගිනීනේ..."

"කරන්න දෙයක් නෑ.. කරන්න දෙයක් නෑ. උබ ඔය කොහේ හරි ඇවිද ඇවිද හිටහම්.. මේක ඉවර වෙලා තමයි කන්නේ..."

මටත් ඉතින් උයන්න කම්මැලි එකේ ෆ්‍රිජ් එක ඇරලා අයිස් කැට ටිකකුත් කටට හලාගෙන මන් ගෙදරින් එළියට බැස්සේ පාර දිගේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න..

ෆ්ලවර් රෝඩ් එකේ අන්තිම හරියේ අපේ ගෙදර තිබුණ හින්දා ඒ හරියේ වැඩිය ගෙවල් එහෙම නෑ.. පාරේ ඉස්සරහට දිගටම ඇවිදගෙන යන්න පුළුවන්.. කහ පාට ලාම්පුවලින් මුළු පාරම එළිය කරලා තියෙන හින්දා ඒ පරිසරය මාරම ලස්සනයි..

පිජාමා එකේ සාක්කු දෙක අස්සට අත් දෙකත් ඔබාගෙන මන් පාර දිගේ ඉස්සරහටම ඇවිදන් ගියා.. පුදුම ලස්සනක්.. මගේම හෙවනැල්ල විතරක් මාව ලුහුබඳින කිසිම සද්දයක් ඇහෙන්නැති ඒ පරිසරය හරිම නිස්කලංකයි.. කළු පාට වැහි වලාකුළුවලින් මුළු අහසම වැහිලා ගිහින් හින්දා අහසේ නම් ඒ හැටි ලස්සනක් නෑ.. රෑ නවයට විතර මෙහෙම ඇවිදනවා කියන්නේ ඒක වෙනමම ෆීලින් එකක්..

ෆ්ලවර් රෝඩ් එකේ කෙළවරම හරියේ අපේ ලේන් එකේ අයගේ එක එක ෆන්ශන්ස් අනම් මනම් වැඩ වලට හදලා තියෙන පොඩි පාක් එකක් වගේ එකක් තියෙනවා.. ඒකෙන් තමා පාර ඉවර වෙන්නේ.. පාක් එකට පොඩ්ඩක් මෙහයින් ඉදන් පාර දෙපැත්තේ ලස්සනට වාඩි වෙලා ඉන්න පුළුවන් පුටුත් හදලා තියෙනවා.. මාත් ඒ හරියටම ළං වෙලා හිටියේ... ඒත් එක්කම මට අඩි කීපයක් ඈතින් පාර අයිනේ හදලා තියෙන පුටුවක කවුරු හරි කෙනෙක් වාඩිවෙලා ඉන්නවා මන් දැක්කා.. ඒ මනුස්සයගේ ළඟම කහ පාට ලාම්පුවක් තිබුණ හින්දා ඒ කවුද කියලා අඳුන ගන්න එක මට ඒ හැටි අමාරුවක් වුණේ නෑ...

ඒ මේඝ.. කාලභූතයා...

මන් ඈතින් ඉදන්ම ටිකක් එබිලා බැලුවේ මේ මිනිහා මොකක්ද මෙතන මහ රෑ කරන්නෙ කියලා.. මොනා හරි බොනවද කොහෙද... එයාගේ අතේ තියෙන බියර් කෑන් එකේ දිස්නේ කහ පාට ලාම්පු එළියෙන් මට හොඳට පේනවා.. කළු පාට ටී ශර්ට් එකකට කළු පාට ශෝර්ට් එකක්ද කොහෙද භූතයා ඇඳන් ඉන්නේ.. ඒත් එක්කම වගේ ඇඟ හිරිවට්ටගෙන හමාගෙන ගියපු හුළඟ මගේ ළඟට අරගෙන ආපු පර්ෆියුම් සුවඳෙන් මට කියන්න පුළුවන් ඒ ඉන්නේ මේඝ ම තමයි... මොකද.. ඒ තරම් ඒ සුවඳ මට හුරුයි.. මුළු ඇඟම පිච්චිලා යනවා වගේ එක තත්පරේකින්..

මන් හෙමින් හෙමින් මේඝගේ ළඟට අඩි තියන්න ගත්තේ පොඩ්ඩක් හිතේ සැකෙන්..ඒත් මන් දන්නෑ ඇයි මන් ආයේ හැරිලා ගෙදර යන්නැතුව මේ මනුස්සයා ළඟට යන්නේ කියලා.. කාලභූතයා ඔලුව බිමට හරවන් බියර් කෑන් එකේ පියනේ ඇඟිල්ලෙන් එක එක එක රටා අඳිනවා.. ළඟට ගියාම තමා ඒ සුවඳ පපුව හාරගෙන යනවා වගේ තදටම දැනෙන්නෙ..

"මේඝ..."

මන් එයාගේ ළඟටම ගිහින් හෙමින් කතා කළා.. ඇත්තටම ඇයි දෙයියනේ මන් මෙහෙම හැසිරෙන්නේ..මට අදාළ දෙයක් නෙමෙයි මන් මේ කරන්නේ..

මගේ කටහඬ ඇහුණ ගමන් මේඝ මන් දිහා ඔලුව උස්සලා බැලුවා..ඒ නපුරු ඝන ඇහිබැම් නළල ළඟටම යාවෙලා කහ පාට ලයිට් එළියට හොඳටම පේනවා තදම තද කළු පාට ඇස් දිලිසෙන විදිය..

මන් හිතන්නේ නිශ්ශබ්දව ගෙවුනේ තත්පර කීපයක් වෙන්නැති... මන් ඉස්සරහම අතේ තිබුණ බියර් කෑන් එක පොළවේ ගහලා මේඝ පුටුවෙන් නැගිට්ටේ වියරුවෙන් වගේ.. හාට් එක හිතාගන්න බැරි තරම් වේගෙන් ගැහෙන්නේ ඒ බැල්ම මගේ මුළු ඇඟම හිරි වට්ටලා දාන නිසා...

විනාඩි කීපයක් යන්න කලින් මගේ බෙල්ලෙන් තදින්ම අල්ලගත්තු මේඝ මාව ලයිට් කණුවට හිර කළේ වුනේ මොකක්ද කියලා මොහොතකට මටත් හිතාගන්න බැරි වෙද්දි.. ඒ ග්‍රහණය ඇත්තටම හරිම තදයි.. ඒ යකඩ ඇඟිලිවලින් මගේ බෙල්ලම ඔතාගෙන හින්දා මුළු බෙල්ලම ඇදුම් දෙනවා...

"මේඝ...."

මන් ආයෙම හෙමින් මිමිණුවේ ඒ ග්‍රහණේ පොඩ්ඩක් හරි ලිහිල් වෙයි කියලා හිතාගෙන.. ඒත් නෑ එයා එන්න එන්නම මගේ බෙල්ල තද කළේ ඒ ඇස් පුදුම තරම් තරහකින් දිලිසෙද්දී.. මගේ ඇස් අගින් පිටවුණ කඳුලු බිඳුවක් මේඝගේ අත දිගේ පල්ලම් බැස්සත් ඒ හිත පොඩ්ඩක්වත් උණු උනේ නෑ...

හුස්ම ගන්න එකත් පුදුම අමාරුයි.. එක හුස්ම පොදක් පහළට ගන්න මාරම වෙහෙසක් ගන්න වෙලා මට.. ඒ විතරක් නෙමෙයි.. උගුර යන්තමට ලේ රහ වෙලා වගේ.. මට දැනෙන විදියට මගේ කකුල් පවා පොළොව මට්ටමට වඩා උඩින් තියෙන්නේ... ඇත්තටම මන් මැරෙයිද..

"මේඝ.. හ්හ්... මේඝ..."

මගේ බෙල්ල අල්ලගෙනම මේඝ කිව්වේ වියරුවෙන් හිනාවෙවී...

"තමුසෙට කොහෙන්ද අයිතියක් මේඝට කතා කරන්න ආහ්..."

එහෙම අහන ගමන් එයා මගේ බෙල්ල තවත් හයියෙන් තද කරා.. මූණට ගොඩාක් ළං වෙලා ඉන්න හින්දා මේඝගේ හුස්ම රැළි පවා මගේ මූණේ වදිනවා.. ඒවා හරිම උණුසුම් වගේම ආවේගශීලි...

කඳුලු වලින් බොඳ වුණ ඇස් අස්සෙන් වුනත් මට පේනවා ඒ කළු පාට ඇස් ගිනිගන්න හැටි...

"මේඝ මැරිලා.. මැරිලා.. ආයේ වැරදිලාවත් නම කිව්වොත් තමුසේ කතා කරන අන්තිම වචන ටික වෙයි..."

මගේ ඇස්වලට එබීගෙනම කියාගෙන ගියපු කාලභූතයා මගේ බෙල්ල අතෑරියේ මන් එහෙමම එතන ලයිට් කණුව යට බිම වැටෙද්දි..

උගුරු දණ්ඩ ඇදුම් දෙනවා හරියට ඩැහි අඬුවකට අහුවුනා වගේ.. උගුරෙන් ලේ රහක් එනවා වගේ.. බෙල්ල දෙපැත්තෙන් දැනෙන වේදනාව වචන කරන්නවත් තේරෙන්නේ නෑ.. මොකද මන් කවදාවත් ඒ වගේ වේදනාවක් විඳලා නෑ... හුස්ම ඉහළ පහළ ගන්න එක යුද්ධයක් කරනවා වගෙයි..

කොච්චර අමාරු වුණත් මන් ලයිට් කණුව අල්ලගෙනම නැගිට්ටේ ආයේ මොන දෙයක් වෙයිද කියලා හිතාගන්න බැරි හින්දා.. අමාරුවෙන් බෙල්ල අල්ලගෙන නැගිටපු මන් මට පිටුපාලා හිටගෙන හිටපු මේඝ දිහා බලන්නෙවත් නැතුව ඇඟේ තිබුණ සම්පූර්ණ ශක්තිය දාලා ගේ පැත්තට දුවගෙන ආවා...

ගෙට යනකොට යස්වි මොන මොනවද කිව්වත් මට ඒ එකක්වත් ඇහුණේ නැති තරම් මොකද මන් ඒ තරම් බය වෙලා ඉදියේ එහෙමම උඩ තට්ටුවට දුවගෙන ගිහින් මන් ඇඳට වැටුනේ කැළඹිලා තිබුණ හිත සන්සුන් කරගන්න අසාර්ථක උත්සාහයක් ගන්න...

"මේඝ මැරිලා..."

කාලභූතයා ඒක කියපු හැටි මගේ කන් අස්සේ දෝංකාර දෙනවා වගේ... සෙන්ටිමීටර් ගානක පරතරයක ඉඳන් ඒ වෙලාවේ කතා කරපු හැටි.. වේදනාකාරි උනත් මගේ යටිහිත ඒ මුණ ගැහීමට ආසද කොහෙද..

මේඝ.. ඉතින් ඒක එයාගෙ නමනේ.. ඔයිතරම්ම කේන්ති ගන්න ඕනද මනුස්සයෙක්ට නමෙන් කතා කරාම.. මොකක්ද ඒ පිස්සුව...

ඇඳේ එහෙට මෙහෙට පෙරළි පෙරළි එක එක බහුභූත හිත හිත ඉඳලා එහෙමම ආයෙම මට නින්ද යන්නැති..

"ඕයි නැගිටපම් මිනිහෝ.. පරක්කු වෙනවා නැගිටපන්..."

ඇඳට වැටුනා විතරයි මතක මේ ටකරම ඇවිත් ලතෝනි දෙනවා.. මොන මල වාතයක්ද මන්දා...

"මේ.. ඝ මැ.. රිලා..."

ඔලුව ඇතුළේ දිගටම ප්ලේ වෙවී තිබුණ වචන පේළිය නිදිමරගාතේ මගේ කටෙනුත් පිටවුනාද කොහෙද....

"තොට පෛත්තියංද බන්.. ඒ මිනිහා අන්න බුම්මගෙන උදේ පාන්දර වැඩටත් ගියා.. ඌ කොහේ මැරෙන්නද.. දැන් මන් උබව මරන්න කලින් නැගිටලා ලේස්ති වෙයම්..."

ආයෙත් ලප එලාම් එක වදිනවා.. මේවා මහ දේව සාප... බ්ලැන්කට් එකත් කකුල් දෙකෙන් එහෙට මෙහෙට ඔතන ගමන් මන් ඇඳේ වාඩි වුණේ ඇස් දෙකත් පියාගෙනමයි...

"කොහෙද... යන්නේ....."

ඇස් පියාගෙනම මන් යස්විගෙන් ඇහුවේ මේ තරම් අරුමැක්කෙන් මූ මාව මොන ලෝකෙකට අරන් යන්න හදනවද දන්නැති හින්දා...

"යකෝ තෝම නේද කිව්වේ අද කැම්පස් එකේ ෆස්ට් ලෙක්චර් එක අනිවාර්‍යෙන්ම උදෙන් යන්න ඕන කියලා..ලෑස්ති වෙයම් මගුලක් නොකර.. මන් යනවා.. තේක බීපන් ඇවිත්..."

ටෞඩු ඔව් මයි.. ඒක ඇහුණා විතරයි මගේ ඇස් ඉබේටම ඇරුණා.. ඒත් එක්කම ඊයේ රෑ වුණ හැම දෙයක්ම ෆිල්ම් එකක් වගේ මගේ ඇස් ඉස්සරහම මැවිලා පෙනුනේ ආයෙම හාට් එක අසූ හාරදාහට ගැහෙද්දි...

ඒත් එක්කම මගේ අත් ගියේ බෙල්ලට ඒ බෙල්ල මිරිකපු හැටියට අනිවාර්‍යෙන් මාක් එකක් තියෙන්න ඕනමයි.. ඇඳ දිගේ බඩගාගෙන ගිහින් මිරර් එකට එබිලා මන් බැලුවේ හිතපු විදියටම මාක් එකක් තියෙයිද කියලා...හම්මේ මොකෝ නැත්තේ ඇඟිලි පහම බෙල්ලේ හිටලද කොහෙද.. ඒ යකඩයගෙ අත් වලට මගේ චූටි බෙල්ල අහුවුනා කියන්නේ ඉතින් සෙල්ලම්ද.. දැන් ඉතින් බෙල්ල වටේ රෙද්දක්වත් ඔතන් යන්න වෙන්නේ...

බ්ලැක් ඇන්ඩ් වයිට් ෆ්‍රොක් එකකට කොන්ඩේ ෆ්‍රෙන්ඩ් ගොතලා ඒ ෆ්‍රොක් එකේම ඩිසයින් එකක් වෙලා තිබුණ ශෝල් එකත් බෙල්ල වටේ ඔතාගෙන මන් ඉක්මනටම පහළට ආවේ අද වේලාසනින් යන්න ඕන හින්දා..

"හෑහ් බොල පොල්කිච්චෝ.. උබට ඇත්තටම වෙරිද මචන්.. රෙදි කෑලි බෙල්ලේ ඔතන් ඇවිදින්න මේ පායන කාලේ.. තෝ මැරෙන්නේ විජලනේ වෙලා.. වතුර ගෙනියන්නෙත් නෑනේ.. "

කිචන් එකේ ඉදන්ම යස්වි කියද්දි මන් හිනාවෙවි ගිහින් කෑම මේසෙන් වාඩි වුණා.. ටෝස්ට් ටිකත් අරන් ඇවිත් යස්විත් වාඩි වුණාට පස්සේ මන් ඊයේ වුණ දේවල් ටික ඔක්කොම කිව්වේ ඇත්තටම මටත් මේ පිස්සුවෙ අගක් මුලක් තේරෙන්නැති හින්දා...

"උඹ ඔයින් බේරුනා ඇති බන්.. කවදාවත් බන් වැරදිලාවත් කේශර අයියට මේඝ කියන්න එපා.. ඊයේ උබ ඔහොම බේරුනාට.. සමහර විට උඹව මරලා දායි බන්.. එයා ඒ නමට ඒතරම් වෛර කරනවා.. "

"ඒත් බන් ඒක ඒ මිනිහගේ නමනේ.. මොකටද ඔච්චර නහින්න හදන්නේ..."

"මන් දන්නෙත් නෑ බන්.. මට යශ් කිව්වේ.. කවදාවත් ඒ නමෙන් කතා කරන්න එපා කියලා.. අපි නොදන්න ලොකු කතාවක් ඇති බන්.. "

"උබ දන්නැද්ද සිරාවටම..."

"අනේ මේ උදේ පාන්දර මගෙන් වඳුරු කුනුහර්ප නාහා ඕක කාපන්.. තොටත් අනුන්ගේ පඩික්කමක් හෝදන්න තිබ්බොත් ඒ ඇති ශික්..."

"යැයි යැයි අනේ පලයන් බන් යන්න..."

අපි කාලා බීලා දොරවලුත් වහලා යන්තන් බස් එකක එල්ලිලා කැම්පස් එකට ආවේ හිතේ අලුත් බලාපොරොත්තු ගොඩක් තියාගෙන උනත්.. බස් එකේ කොන්දා ඒ ඔක්කොම ෆ්‍රෙශ් ගතිය විනාස කරලා දැම්මා.. තව ටිකක් වෙලා ඒ මගුලේ ආවනම් කොන්දා මගේ ශෝල් එක ඔතාගෙන බෙල්ල වැලදාගන්නවා.. බිත්තර පටවලා වගේ සෙනඟ පිරිලා බස් එකේ.. ඉතින් මොන අලුත් බලාපොරොත්තුද හෝප්ස් ඔක්කොම සුන්...

උදේම introductory lectures වගේම අනිත් වැදගත් දේවල් ගැන ලෙක්චර්ස් කීපයක්ම තිබුණට පස්සෙ ඊළඟට තියෙන්නෙ තිබුණේ අපේ පළවෙනි ලෙක්චර් එක...

මුළු හෝල් එකේම ළමයි බලන් ඉන්නේ ඒ special lecture එක කරනවා කිව්ව මනුස්සයා එනකන්.. විනාඩි කීපයක් ගියාම එක පාරටම මුළු හෝල් එකම අඳුරු වෙලා ගියා..

අඳුරු හෝල් එක පුරාම තිබුණ නිහඬ බව බිඳගෙන හෝල් එක පුරාවට සපත්තු අඩි සද්දයක් දෝංකාර දෙන්න ගත්තේ හැමෝගෙම හදවත් කුතුහලෙන් පුරවන ගමන්... එන්න එන්න අඩි සද්දෙ ළඟින් ඇහෙනවත් එක්කම ආයෙම මගේ හාට් එක වේගෙන් ගැහෙන්න ගත්තා.. ඔව් ඒ සුවඳ.. ඒ පර්ෆියුම් එක එයාමයි... නහය කඩාගෙන පපුව ඇතුළට ම කිඳා බහින ඒ පර්ෆියුම් සුවඳ කාටත් වඩා ළඟින් දැනිලා තියෙන මට ඒ සුවඳ අඳුනගන්න මහ වෙලාවක් ගියේ නෑ.. ඔව් ඒ කාලභූතයා.. ඒසී එකේ හීතලත් එක්කම මගේ පිට කොන්ද දිගේ හීන් හිරිවැටීමක් ගලාගෙන ගියේ ඊයේ වුණ දේවල් එකින් එක මතක් වෙද්දි... සපත්තු අඩි සද්දේ නැවතුණ ගමන් ස්ටේජ් එක ආයෙම එළිය වුනේ ළමයි හැමෝගෙම අතරේ කසු කුසු සද්ද පැතිරගෙන යද්දි...

ඔව් මගේ නිගමනේ හරි... ඒ මේඝ.. න් නෑ කේශර... කාලභූතයා... කලුම කලු ෆුල් ශූට් එකක් එදා විදියමයි...

ඒතරම් ලස්සන ගැළපීමක් තියෙන පිරිමියෙක් මන් හිතන්නෙ මන් දැකලා නැතුව ඇති... තුන් වෙනි පේළියේ හිටපු හින්දම මට ඒ ආඩම්බර ඇස් හොඳටම පේනවා.. ඒ විතරක් නෙමෙයි සුවඳ.. මේ මිනිහා ගොමවතුර පල් කරලා ස්ප්‍රේ කරගන්නවද මන්දා.. මට වෙන කිසිම මනුස්සයෙක් ළඟින් මේ පර්ෆියුම් සුවඳ දැනිලා නෑ.. සමහර විට කස්ටමයිස් කරපු එකක් වෙන්නැති.. හත්තික්කෙ මන් මොනාද මේ හිතන්නේ... මේ කොහෙද යන කාලභූතයෙක් මාව පිස්සෙක් කරනවා...

"Hello everyone.."

මයික් එක කට ඇතුළට ඔබාගන්න ඔන්න මෙන්න සයිස් එකේ තියාගෙන කාලභූතයා කතා කරා.. ඒ ගැඹුරු කටහඬ අනේ මන්දා..පර්ෆෙක්ට් කියන වචනෙට ජීවමාන උදාහරණයක් ඉල්ලුවොත් දෙන්න තියෙන්නෙ මේ භූතයව තමා.. මොකද හිසේ සිට දෙපතුල දක්වා ඒ හැමදේම එයාට ඕනවටත් වඩා හොඳට ගැලපෙනවා... කටහඬේ ඉදන්... ළමයි හැමෝම මෝහනය වෙලා වගේ එයා දිහා බලන් ඉන්නේ.. මන් කියලා වෙනසක් නෑ..වැඩේ කියන්නෙ මගේ කුඩා මොලේ ඊයේ දර්ශන පෙල ඔලුවේ ප්ලේ කරන්න පටන් අරගෙන.. යාහ්... මේක කරන්න බෑ හත්තික්කේ...

"I'm your special guest lecturer Keshara Prabhu Meghadithya.... Nice to meet u all..."

කාලභූතයටම ලයිට්ස් ටික සෙන්ටර් වෙලා තියෙන හින්දා එයා තවත් දිලිසෙනවා... කට කොනෙන් හිනාවක් දාලා ළමයි දිහා බලපු භූතයා එතනම තිබුණ පුටුවෙන් කකුළක් පිට කකුළක් දාලා වාඩි වුණා.. මුළු හෝල් එකම පුදුම තරම් නිශ්ශබ්දයි...

"ඔයාලට මාව දැක්ක ගමන් ආපු පළවෙනි ප්‍රශ්නයට මන් ම උත්තරයක් දෙන්නම්...

මම කවුද...

මම කවුද කියලා මමවත් හරියට කියවගෙන නැති එකේ ඒ ගැන ඔයාලට නිර්වචනයක් දෙන එක මන් හිතන්නේ ඒ තරම් සාර්ථක නැහැ.. ඒත් මනුස්සයෙක්ගේ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් මිනුම් ටිකක් භාවිතා කරගෙන මන් ඔයාලට මාව අඳුන්වලා දෙන්නම්..."

හරිම පැහැදිලිව කාලභූතයා කියවගෙන ගියේ හැමෝම එයා දිහා කට ඇරන් බලන් ඉදිද්දි...

"නම දන්නවනේ... වයස අවුරුදු විසි හතරයි.. රැකියාව මන් හිතන්නෙ අවශ්‍ය වෙන එකක් නෑ.. මේ මොහොතේ මන් කරන දේ තමයි මේ වෙලාවේ මගේ රැකියාව.. තව පැය කීපෙකින් ඒක වෙනස් වෙයි... තවත් මොනා හරි වැඩි විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවනම් අත උස්සලා අහන්න පුළුවන්.. "

එහෙම කියලා ඇස් යටින් කාලභූතයා ළමයි දිහා බලන් හිටියත් කිසි කෙනෙක් අත උස්සලා ප්‍රශ්නයක් අහන්න තරම් නිර්භීත උනේ නෑ...

"හොඳයි එහෙනම් අපි අපේ වැඩේට යමු...

මන් දන්නවා මෙතන ඉන්නේ Bachelor of science degree එකක photography major එක කරගෙන ඉගෙන ගෙන ඉස්සරහට යන්න ඉන්න පිරිසක් කියලා...

Photography..ම්ම්ම්ම්... ආස හිතෙන industry එකක්.. හරියට කරනවනම් ගොඩ යන්න පුළුවන් හොඳ path එකක්...

ඇත්තටම අපි හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්නවනම් ලොකු මෙගාපික්සල් ගාණක ලෙන්සස් තියෙන වටින කැමරාවක් තියෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ.. අපිට හොඳ ඇහැක් තියෙන්නෙ ඕන.. මෙගාපික්සල් සීයක දෙසීයක කැමරාවක පින්තූරයක් සටහන් කරගන්න කලින් අපිට ස්වභාවධර්මයෙන්ම ලැබුනු මෙගා පික්සල් පන්සීයකට වැඩි කැමරා කාචයේ හරියට රූපයක් සටහන් කරගන්න අපි පුරුදු වෙන්න ඕන..

ඒකයි ඡායාරූප ශිල්පියෙකුට තියෙන්නෙ ඕන ප්‍රධානම සාධකය... ඇහැ දියුණු නොකර කොච්චර උත්සාහ කරත් ඔයාලට creative විදියට කවදාවත් photos capture කරගන්න බෑ...

ග්‍රාහකයා අඩි සීයක් දුරින් ඉඳන් අපි කැප්චර් කරගත්තු ෆොටෝ එකක් දැක්කත් එයාලගෙ first impression එක වෙන්න ඕන

"ශාහ් මරුනේ..වාව්... සුපර්බ්..."

ඔන්න ඕක.. එහෙම නැත්තන් ඒ පින්තුරේ ගිනිතියලා දාන එක හොඳයි මොකද.. වැඩකට නැති දේවල්වල පැවැත්මෙනුත් කිසි ප්‍රයෝජනයක් නෑ..."

වශීවෙලා වගේ ඒ කතාව අහන් හිටපු මගේ ඇස් ඒ එක්කම වගේ කාලභූතයගේ ඇස් එක්ක පැටලුනා ඒක.. අහම්බයක්ද අනේ මන්දා.. ඒක එයා මටද කිව්වේ... ආයෙම ඇඟ හීතල වෙලා ගියා...

"ඊළඟ වැදගත්ම දේ ඔයාලා capture කරන moment එක... සමහර විට ලෝකේ එකම එක පාරක් විතරක් සිද්ද වෙන දෙයක සාක්ශිකරුවා වෙන්න ඡායාරූප ශිල්පියාට පුළුවන්...

සාර්ථක ඡායාරූපයකට පුළුවන් කාලය නවත්තන්න.. ඒ ඡයාරූපේ තියෙන්නෙ නැවත නැවත continue වෙන දෙයක් නෙමෙයි.. ඒ ෆොටෝ එක කලින් පැවතුනු moment එකකුත් නෙමෙයි ඉස්සරහට වෙන්න තියෙන බලන්න තියෙන moment එකකුත් නෙමෙයි... ඒ සාර්ථක ෆොටෝ එකේ තියෙන්නෙ වර්තමානය... වැදගත්ම වර්තමානය අලුත් ඇහැකින් දකින එක තමා successful photographer කෙනෙක්ට වැදගත් වෙන්නේ...

අනික තමා කලර්ස්.. ඉතාම ඉතාම වැදගත්... දැන් ඔයාලා කල්පනා කරාවි මේ කාලේ young generation එක අතරේ trend එක වෙලා තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ ශොට්ස් ගැන...

එතකොට ඒ ෆොටෝස්වල කලර් කම්බිනේශන් එක දුර්වලයි නේද කියලා... නෑ එහෙම නෑ... ඒ දෙන්නා එක ළඟ ඉන්න කොට වෙන පාටවල් එතෙන්ට අවශ්‍ය වෙන්නේ නෑ.. බ්ලැක් ඇන්ඩ් වයිට් බොන්ඩ් එක ගොඩාක් පර්ෆෙක්ට් ඉතින් පර්ෆෙක්ට් දේක ආයේ අස්සෙන් මුල්ලෙන් මුකුත් ඔබන්න අවශ්‍යතාවයක් නෑනේ.. Eye catching colours එක්ක ෆොටෝස් කැප්චර් කරන එක ඔයාලගේ ෆොටෝස්වල කොලිටි එක වැඩි කරන්න එක හේතුවක්..

තවත් වැදගත්ම කාරණය හැම පින්තූරෙකටම මොකක් හරි කතාවක් තියෙන්නෙ ඕන.. කැමරාවක් තිබ්බ පලියට ඔහේ ෆොටෝ ගහන එක professional photographer කෙනෙක්ට ගැළපෙන්නේ නෑ... හැම දේකටම අර්ථයක් තියෙන්නෙ ඕන... සිම්පල් ෆොටෝ එකක් තුළින් ගැඹුරු අර්ථයක් කියන්න පුළුවන්නම් අන්න එතන තමයි සාර්ථකම ෆොටෝ එකක් තියෙන්නෙ...

අනිත් එක ෆිනිශ් එක... නීට් සහ ක්ලීන් ෆිනිශ් එකක් ඔයාලා ගන්න හැම පික්චර් එකකටම තියෙන්නෙ ඕන... නැත්තන් ඉතින් ඇත්තටම වැඩක් නෑ ඒ ෆොටෝ එකෙන්... පුළුවන් තරම් පින්තූරෙක ජීවය රැකගන්න බලන්න... post production වලදී editing වලදි පරිස්සම් වෙන්න ඕන photo එකේ live ගතිය රැක ගන්න...

Photograpy කියන්නේ ඉතාම පුළුල් කේෂේත්‍රයක් ඒ හැම ෆීල්ඩ් එකක් ගැනම ඉගෙන ගන්න එක ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ පැවැත්මට ඉතාම වැදගත්...."

කාලභූතයා කියවගෙන කියවගෙන යනවා.. අහන් ඉන්න ඇත්තටම ආසයි... මගේ ඇස් එයා පස්සෙන් වැටිලා ස්ටේජ් එකේ ඒ කොනේ ඉදන් මේ කොනට මේ කොනෙ ඉදන් ඒ කොනට ඔහේ රෝන්දේ ගහනවා...

කාලභූතයා මත්තෙම මගේ ඇස් ඕනවටත් වඩා නැහෙනවා...

තවත් ගොඩක් දේවල් කියලා එයා ස්ටේජ් එකෙන් බැහැලා ගියේ හැම ළමයෙක්ගේ අතරෙම මේ තරුණ හැන්සම් අමුතු මනුස්සයා ගැන හෝ ගාලා කසු කුසු පැතිරෙන්න ගනිද්දි.. ඒත් එක්කම ආයෙම මගේ ෆෝන් එකට නොටිෆියක් ආවා...

කලුකුමාරයා අප්ඩේට්ස්....

"විල් ඉවුරේ විලෝ ගස්

මැදියමේ හුළඟ එක්කලා

අඳෝනා තියනකොට

අහන් ඉදලා බලන්න

කවි හිතක් උනත්

සසල වෙනවා ඒ තනුවට පද ගොතන්න ගිහින්..."

~කළුකුමාරයා~

"නමක් නැති කළුකුමාරයට

අද ඉදන් නමක් දෙන්න හිතුවා

කවියෙක් කියලා හිතන් ඉන්න

මේ කළුකුමාරයා නමින්,

කේශර ප්‍රභූ මේඝාදිත්‍ය..."

•°•°•°•°•°•°•°•°•°•°••

මොහොතකට හුස්ම නැවතුනාද මන්දා...

මොකක්...!!! කළුකුමාරයා එතකොට ඒ මේඝද..

මොකාක් මොකක් මොකක්... හත්තික්කේ එහෙම වෙන්නේ කොහොමද හත්දෙයියනේ...

ඇත්තටම මේ කාලභූතයා මොකෙක්ද

වෙලාවකට වියරු වැටුණ යකෙක් වගේ

තව වෙලාවකට හිතාගන්නවත් බැරි තරමේ ලස්සන අදහස්වලින් පිරුණු කවියෙක්

තවත් වෙලාවකට වශී වෙලා වගේ අහන් ඉන්න පුළුවන් විදියට ලස්සනට කතා කරන්න පුළුවන් පුදුමාකාර මනුස්සයෙක්

ඒවගෙම මහ උද්දච්ච නපුරෙක්...

මේඝ, ඔයාව තේරුම් ගන්න ඕන කියලා මොහොතකට ආස හිතුණත් ඇයි මේ තරම්ම ඔයා සංකීර්ණ වුනේ.. තවත් හැංගිච්ච දේවල් කොයිතරම් නම් ඇතිද...

පුටුවට බරවෙලා කල්පනා ලෝකෙක ගිලිලා හිටපු මගේ ඔලුවේ කැරකැවුනේ මේ අරුම පුදුම කලුකුමාරයම විතරයි...

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

ප්‍රමාදයට ශොරි වෙන්ඩෝනේ...


එහෙනම් ඊලඟ මේඝයෙන් හමුවෙම්මූ...

photography  විස්තරේ විසාලයි නේත.. හේ වට් ටු ඩූ ගායිස්..


ඔක්කොමලා සතුටෙන් පරිස්සමෙන් ඉන්ඩෝව්..


Continue lendo

Você também vai gostar

86.8K 8.7K 36
အိပ်မက်ရှည်ကြီးတစ်ခုမက်တယ် ။ ကျောခိုင်းထားတဲ့နောက်ကျောပြင်တစ်ခုကို ငါက တစ်ဖက်သတ် ဖက်တွယ်ဖို့ကြိုးစားနေခဲ့တာတဲ့ ။ ဟင့်အင်း.. မင်းငါ့ကိုမချစ်ဘူး ။ ...
3.7K 866 44
" If my fate is to disappear like this, then this is my last letter Penned words, written then erased" - Park Jimin, 'Let Go', 2018.
109K 12.1K 107
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
4K 1K 23
කියවලම බලන්න *සමහර දේවල් ඉදිරියේ මිනිස්සු ගොඩක් අසරණයි . *ජීවිතය ආදරය ගැන කියන්න වෙන්වෙච්ච තැනක් #උපුටාගැනීම්