මට කියා ගන්න වචනයක් හිතට ආවෙ නැතුව මං.......
ආහ්...ඒ මේ දොරේ මූණ වැදුනා වෙන කොහෙද බලාගෙන ඇවිත්....
මං එහෙම කියලා යීබොගෙ මූණ දිහා බලද්දි එයා මං දිහා කන්න වගේ බලන් හිටියා......
මං ලාවට චූටිත්තම් හිනාවක් දැම්මෙ එයාගේ මූණට හිනාවක් ගේන්න...එයාට එයාගේ හිනාව පෙන්නන්නෙ නැතුව ඉන්න බැරි උනා.......මට ඒක හොඳටම තේරුනා.....
ඔය දෙන්නා මූණට මූණ පස්සෙ බලා ගන්න බැරියෑ...දැන් මේවා නිවෙන්න කලින් කන්න...
හරි අම්මේ....
මට වැඩක් තියනවා..මං ටවුන් එකට යනවා.....
අම්මා එහෙම කියලා ගෙදරින් ගිහාම අපි දෙන්නම කාමරේට ගියා....
ශාන්....ඔයා එනවද අපේ ගෙදර යන්න....ඉතුරු දවස් ටික අපි එහෙ නතර වෙමුද....අපේ අම්මාත් කැමතී ඔයා එහෙ එනව නම්....
හා...
මං එකෙන්ම හා කිව්වා.....
කොහොම හරි අපි දෙන්නම ඊළඟ දවසෙ යීබොගෙ ගෙදර යන්න ලැහැස්ති වුනා....
අපිව එක්කන් යන්න යීබොගෙ ගෙදරින් වාහනයක් එවලා තිබ්බා....
මායි යීබොයි දෙන්නම පිටිපස්සෙ සීට් වලින් ඉඳ ගත්තා....
ටික දුරක් යද්දි යීබො මං දිහා බලලා එයාගේ කම්මුලට තට්ටු කරලා කිස් එක්ක ඉල්ලනවා....මං තේරුනෙ නෑ වගේ එයාගේ අනිත් කම්මුලටත් ඇනලා අනිත් පැත්ත හැරිලා වීදුරුවෙන් එලිය බලා ගත්තා.....
ඒත් එක්කම කෝප වූ යීබො ඉස්සර තිබ්බ කර්ටන් එකකින් ඉස්සරහ ඉන්න අයට අපිව පේන්නෙ නැති වෙන්න හැදුවා....
මං මගේ ඇස් දෙක ලොකු කරන් යීබො දිහා බැලුව එයාගේ ගිජුලිහිනි ඇස් දෙක මා දිහෑවට යොමු කරන් හිටිය නිසා.....
යීබො පිස්සු කරන්න එපා....පාඩුවෙ ඉඳගෙන ඉන්න....
මං එහෙම කියලා මගේ බය යටපත් කරගන්න හැදුවත් එයා මාව එයාගේ ස්ට්‍රෝන්ග් මසල්ස් තියන අත් දෙකෙන් එක පාරට උස්සලා එයාගේ ඔඩොක්කුවෙන් තියා ගත්තෙ හිතා ගන්න බැරි නිමේෂයකින්...ඒ කියන්නෙ ඇහි පිල්ලමක් ගහන පමාවෙන්.....මට කෑ ගහන්නත් බෑ ඩ්‍රයිවර් හිතුවොත් එහෙම කර්ටනුත් වහගෙන මොන ඉටිගෙඩියක් කරනවද කියලා....අපි දෙන්නගෙන කාඩ් කුඩුනේ....
මං යීබො දිහාවට අහිංසක හිනාවක් පහල කරා....
ඊටපස්සෙ මං ළඟ තිබ්බ හොඳම විසදුම විදිහට යීබො මොනා හරි කරන්න පටන් ගන්න කලින් යීබොගෙ ඇගේම නිදා ගන්න හිතුවා....
මට නිදි මතයි බෝ.....
මං එහෙම කියලා එයාගේ බෙල්ල වටේ අත් දෙක දාගෙන එයාගේ බෙල්ල ළඟින් මූණ් තියාගෙන නිදා ගන්න හැදුවා..
එයාගේ මූණ රතු වෙලා තිබ්බෙ මං ලාවට දැක්කා....එයා මගේ පිටට අත් දෙක තියලා එයාගේ ඇඟට ළං කරගෙන මාව තුරුල් කර ගත්තා.....එයා ළඟ මාරම සුවඳයි...කන්න හිතෙනවා... මං දිගටම එයාගේ බෙල්ල එයාට නොදැනිම පොඩ්ඩක් ඉම්ඹා ඉතින්....ඉම්ඹා කියලා පොඩ්ඩක් ගෙවෙනව යෑ... මට එහෙම්මම නින්ද ගිහින්.....
මං ඇහැරෙද්දි හිටියෙ යීබොගෙ ගෙදර එයාගේ ඇඳේ හොඳට නිදාගෙන.....
මං ඇස් ඇරලා බලද්දි එයා වොශ් එකකුත් දාගෙන බාත් රොබ් එකකුත් ඇදගෙන එනවා....
මං එයා දිහා බලද්දි...
ආ...නැගිට්ටද බේබිබෝයි...
හ්ම්ම්....
මං මගේ නිදි හිරි අරින ගමන් කිව්වා....
යන්න ගිහින් වොශ් එකක් දාන් එන්න....
හරි....
මං පටස් ගාලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දා ගත්තා...
මං එද්දි යීබො මගේ ෆෝන් එක ඔබ ඔබ හිටියා..
මං බය වෙලා ගැහෙන්න ගත්තෙ සිංහයෙක්ට අහුවුන හා පැටියෙක් වගේ...
ඔයාලා දන්නවනෙ මං පොඩ්ඩක් ඇහැම් කියලා.....ඔය ඉතින් කවුරු හරි එව්ව කෙල්ලන්ගෙ පොටෝ ඒම තියනවා මගේ ගැලරියෙ...කවුද හිතුවෙ එයා ඕක බලයි කියලා...පාස්වර්ඩ් එකත් දැනගෙන....මට වෙන ඒවා මතක හිටියට පාස්වර්ඩ් නම් අම්මාපා අමතක වෙනවා...ඒක හින්දා මගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක විදියට 1234 දැම්මා.....😂😂😂
ආහ්...යීබො...
මං එහෙම කියලා එයා දිහා බලද්දි...එයාගේ මූණ රතු වෙලා තිබ්බා....
අනේ බේරගනියෝ...එයා දත් මිටි කනෝ......මං එහෙම හිතෙන් හිතලා එයා ළඟට ගිහින් එයාගෙ උරහිස් දෙක මසාජ් කරන්න ගත්තා....
එයා මකරා වගේ දුම් පිට කර කර හිටියෙ.....
මං ඉතින් පොඩ්ඩක් බටර් ගගා හිටියා....
යීබෝ.....
එයා සද්දයක් නෑ......
බෝ....
ඒත් නෑ.....
හනී...
ඒත් බලන්නෙ නෑ
ඩාර්ලින්....
ඒත් නෑ...අනේ...තරහා වෙලා...
ඩැඩී.....
එයා එකපාරටම මං දිහා බලද්දි මං බය වෙලා පිටිපස්සට උනා එහෙම්මම කකුල පැටලිලා ඇදේ පතබෑවුනා...
ආහ්...මගේ කොන්ද....
වැටුන පාර මගේ කොන්දට මොකක්ද උනා....
මොකක්ද ඒ පාර කර ගත්තෙ....
යීබො මං ළඟට ඇවිත් මගේ කොන්ද අල්ලන්න පටන් ගත්තා...
ආව්...ආව්...රිද්දන්න එපා...පොඩ්ඩක් මනුස්ස කමින් බලන්නකො...ඔයා තමා සේරටම මුල...ඇයි යනේ....ඇයි මං දිහා එහෙම බැලුවෙ....
ඉන්න මං මොනාහරි ගාන්න අරන් එන්නම්....
එයා එහෙම කියලා බාම් එකක් අරන් ආවා....
කෝ දෙන්න මං ගා ගන්නම්....
මං එහෙම කියද්දි එයා මං දිහා තරහෙන් බලලා...
නැගිට ගන්නත් බෑ...ඒත් කට බලන්න එපැයි....ගහනවා ප්ලාස්ටරයක් ඔය කටට....කට වහන් ඉන්න....
මං හා කියලා එයා බාම් ගාන කම් හිටියා ඉතින්.....
✨️ඔන්න අදනම් බෝනස් එකක් දෙනවා...හේතුව මං 9 කියන ඉලක්කමට පෞද්ගලිකව කැමති නෑ...ඒක හින්දා chapter 9 එක්ක chapter 10ත් දෙන්න තීරණය කරා....අවුලක් නෑනේද....
✨️කතාව ගැන කියන් යන් එහෙනම්....මොන වගේද ඔයාලට හිතෙන්නෙ....කැත වීගෙන එනවද කියලා....
✨️ප්‍රයිවට් මාත් එක්ක මැසේජ් කරන්න කැමති අය වට්පෑඩ් එකෙන් මැසේජ් කරන්නලා හොදේ....මං රිප්ලයි නොකර ඉන්නෙ නෑනේ...මාත් කැමතී ඔයාලා ගැන දැන ගන්න....❤️💚
ඊළඟ කොටසින් හම්බවෙමු ❤️
Please vote & comment ❤️😘
arouza ✨️❤️
2022.06.20