The Rejected Creation

Bởi Jeon_KiAa

438 87 4

- තමුන් කව්ද ඇයි මාව පැහැරගත්තෙ කියනවා උබට පණ දුන්නෙ මං මමයි උබේ අයිතිකාරයා - නෑ නෑ වෙන්න බෑ මට යන්න දෙනවා N... Xem Thêm

Introduction
Say my name
Welcome to Lufora
Met a Soulmate
Welcome Ceremony
Houses of Lufora
Drunk Dazed
Decide to Marry

Awake

81 11 0
Bởi Jeon_KiAa

Breath in breath out sounds.....

අහ්හ්හ්....මට හෙල්ලෙන්නවත් බෑ මාව ගල් වෙලාද

නෑ...මාව කූඩු කරලා මොකක් ඇයි මං කූඩුවක ඉන්නෙ අනිත් එක මං කව්ද?

ඔව් මං කව්ද?

___________________________________

@Jeon Mansion 🏰

⚡⚡⚡

ජියොන් මන්දිරයේ ජනෙල් කවුලු දෙදරලා යන තරම් සැරට වැදුනු අකුණු හඩ ඉවර වෙනවත් එක්කම මන්දිරයේ පළවෙනි මට්ටමේ සේවය කරන එක්තරා සේවකයෙක් අකුණු හඩට සාප කරන ගමන් බර අඩි තියමින් පහලම මාලයට හරිම වේගෙන් ඇවිදගෙන ගියා

Knock knock knock

සර් ජන්ග්කුක් මං ඇතුලට එන්නද සමාවෙන්න මේ වෙලාවේ බාදා කරන්න වුනාට

"Eternal flame" කියන අදුරු මායාවන් ගැන ලියවිලා තියන පොතේ අන්තිම පිටුව පෙරලපු ජන්ග්කුක්ට ඇහුනා ඔහුගේ පෞද්ගලික පුස්තකාලයේ දොර ලග ඉදන් කතා කරපු සේවකයාගේ කටහඩ

සේවක හන් මේ මං අවසාන පිටුවට ආවා විතරයි ඔබ පසුව එන්න

සර් ජන්ග්කුක් සමාවෙන්න ඒත් මේක හදිස්සියක්

ජන්ග්කුක්ගේ වචන වලට කවුරුත් පිටින් ගිහින් නෑ සේවකයාගේ උත්තරේට ජන්ග්කුක්ට කේන්තිගියා වම් පැත්තෙන් දැල්වෙන ගිනි උදුනට පොත විසි කරලා දාපු ජන්ග්කුක් පුටුව වේගෙන් පිටිපස්සට තල්ලු කරන ගමන් නැගිට්ටා

ජන්ග්කුක්ගෙ හැසිරීමට වෙව්ලන්න පටන් ගත්තු සේවකයා ජන්ග්කුක් පුටුවෙන් නැගිටිනවත් එක්කම දොර ගාවම දණින් වැටුනා

අධිරාජ්‍යයාණනී සමාව ලබ්.....

නවත්තනවා!!! මං ඔය විකාර අධිරාජ්‍යයෙක් නෙවෙයි

බිත්තියේ කොක්කක එල්ලෙන තමන්ගේ ලෝගුව අතට ගත්තු ජන්ග්කුක් ඒක ඇදගන්න ගමන් කේන්තියෙන් සේවකයා ගාවට යන්න පටන් ගත්තා


ම...මට ඔබ කැමති දඩුවමක් ලබාදෙන්න සර් ජන්ග්කුක් නමුත් ඊට පෙර මාගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න දෙවනි මහලේ ඔබගේ මායා උපාංග තියෙන කාමරයෙ කවුරුන් හෝ සිටිනවා අමුතු සද්ද ඇහෙනවා

ජන්ග්කුක්ගේ ඇස් ලොකු වෙලා ගමන වේගවත් වුනා එයාට විතරක් ඇතුල්වෙන්න පුළුවන් කාමරයේ කව්ද ඉන්නෙ ලෝගුවේ ඇතුල් සාක්කුවක රදවලා තිබ්බ යෂ්ටිය අතට ගත්තු ජන්ග්කුක් දෙවනි මහලට ගියේ විනාඩියකටත් අඩු කාලෙකින් එයාගෙ පස්සෙන්ම සේවක හන් සහ තව ආරක්ශකයින් කිහිපදෙනෙක් ගියා

සේවක හන් කිව්වා වගේම කාමරයේ දොර ගාවට ගියාම අමුතු සද්ද ඇහෙන්න ගත්තා

කෙදිරි ගානවා

හයියෙන් හුස්ම ගන්නවා

වීදුරුවකට තට්ටු කරනවා

ආයෙමත් කෙදිරි ගානවා

සර් ජන්ග්කුක් කරුණාකර මා හට පෙරමුණ ලබා දෙන්න ඇතුලත භයානක විය හැකියි

ඒ ජන්ග්කුක්ගේ ප්‍රධාන ආරක්ෂකයා

ආරක්ෂකයාට උත්තර වෙනුවට ලැබුනේ අතින් සංඥාවක් විතරයි හැමෝටම දොර ගාව ඉන්න කියලා අතින් සංඥා කරන ගමන් ජන්ග්කුක් කාමරය ඇතුලට ගියා

ම...මට හුම්ම ගල්ල බ්ලෑ මාව එලියට ගන්නවලා ඇයි මේ කූඩුවේ පොඩියට හිලක් වත් හදලා නැත්තේ ඔක්සිජන් දෙන්න අයියෝ

ජන්ග්කුක් කාමරයට ඇතුල් වුන ගමන් එයාට ඇහුනෙ ඒ විදියේ කෙදිරිලි ඒක ගැහැණු ළමයෙක්ගෙ කටහඩක් ජන්ග්කුක් මීට කලින් කවදාවත් අහලා නැති

කටහඩ ඇහෙන්න වීදුරු කූඩුව ඇතුලින්ද නෑ Never කවදාවත් ඒක වෙන්න බෑ

ජන්ග්කුක් කලබලෙන් කාමරයේ ලී වලින් හදලා තියෙන බිත්තිය දිහාවට යෂ්ටිය දිග් කරලා unlocking spell එක පාවිච්ච් කරා

(unlocking spell - යමක් විවෘත කිරීමට යොදාගන්නා මන්තරය)

එතකොට ලී බිත්තියේ එක කොටසක් දොරක් වගේ ඇතුලට ඇරිලා ඇතුලේ තිබුන වීදුරු කූඩුව පේන්න ගත්තා

නෑ මේක වෙන්න බෑ

ජන්ග්කුක් දැක්කා එයාගේ ජීවිතේ එයා දකින්න අකමැතිම රූපෙට පණ ඇවිත් තියෙනවා එයා වයිර කලා එයාගෙ ඇස් වලින් ඒක දකින එකට පවා

ඒයි දොර ගාව ඉන්න මනුස්සයා මාව මේකෙන් එලියට ගන්නවා මට මේකෙ හැරෙන්නවත් බෑ

ජන්ග්කුක්ට කවුරුත් මේ වගේ අගෞරවයෙන් කතා කරලා නෑ එයාගේ කේන්තිය වැඩි වුනා ජන්ග්කුක් කූඩුව දිහාට අඩිය තිබ්බා ලෝගුව ගලවන ගමන් සම්පූර්ණයෙන් නොවුනත් ඔහුගේ මූන පේන විදියට ලෝගුවේ හිස් ආවරණය විතරක් ගලවලා අයින් කලා

තමුසේ..තමුසෙට කොහොමද පණ ආවේ කියනවා 💥

මෙච්චර වෙලා කූඩුව ඇතුලේ දගල දගල හිටපු කෙල්ල ගැස්සුනා නෑ ජන්ග්කුක් කෑ ගහපු එකට නෙවෙයි ජන්ග්කුක්ගේ කෑ ගැහිල්ලට කූඩුවේ වීදුරුව ඉරි තලලා ගියා ඊටත් වඩා ජන්ග්කුක් දිහා බලන්න බෑ ඒ ඇස් වලින් කෙනෙක්ව මරන්න පුළුවන් ඒ තරම් ඒ බැල්ම දරාගන්න අමාරුයි
.
.
.
.
.
විනාඩියක් දෙකක් නෑ හරියටම විනාඩි හතලිස් නවයක් ගත වුනා ජන්ග්කුක් අර බැල්මෙන් එක එල්ලේම කෙල්ල දිහා බලන් හිටියා ඒත් ජන්ග්කුක්ගේ බැල්ම වෙනස් වුනේ එක පාරටම කෙල්ලගෙ ඇස් පියවිලා බෙල්ල පැත්තකට කඩන් වැටෙනවා දැකලා ඒ වීදුරු කූඩුව ඇතුලේ හැරෙන්නවත් බෑ ඉතින් සිහිසුන් වුනත් කෙල්ල හිටියේ හිටගෙනමයි.

**********************************

PARK_AMYy Thank you for this cover ❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

33.7K 4.7K 36
Hi!!! මේ මගෙ දෙවෙනි කතාව.... මේ පාර නම් ඔන්න complete bl එකක් දුන්නා... bl කියවන්න කැමති නැති කවුරු හරි ඉන්නවා නම් මේ කතාව කියවන්න එපා... මේ කතාව තන...
19.9K 3.1K 29
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්න චන්ද්‍ර කුමරුනේ කාටද නුඹගෙ ආදරේ අසාවී මෙසේ තුන්යම ...
26.3K 2.4K 13
❝ᴛᴀᴋᴇ ᴀ ꜱɪᴘ ᴏꜰ ᴍʏ ꜱᴇᴄʀᴇᴛ ᴘᴏᴛɪᴏɴ ɪ'ʟʟ ᴍᴀᴋᴇ ʏᴏᴜ ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ꜰᴏʀ ᴀ ꜱᴘᴇʟʟ ᴛʜᴀᴛ ᴄᴀɴ'ᴛ ʙᴇ ʙʀᴏᴋᴇɴ ᴏɴᴇ ᴅʀᴏᴘ ꜱʜᴏᴜʟᴅ ʙᴇ ᴇɴᴏᴜɢʜ ʙᴏʏ, ʏᴏᴜ ʙᴇʟᴏɴɢ ᴛᴏ ᴍᴇ ɪ ɢᴏᴛ ᴛʜᴇ...
8.9K 1.6K 19
ආදරයත් එක්ක පැටලුනු අභිරහසක්....... PJM fanfiction
Ứng dụng Wattpad - Mở khóa các tính năng độc quyền