මාස පහකට පසු
Minsun pov
ඔම්මා මන් ඇයි ඔම්මා මෙහෙම දුක් විඳින්නේ? ඇයි මට මෙතනින් පැනලා යන්න හිතන්නෙවත් නැත්තේ?
ඇයි... ඇයි මන් jungkook ට මේ තරම් ආදරේ කරන්නේ? මට පිස්සුද? මේ තරම් වධ දෙද්දී ත් මට jungkook ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ?
හිතුවේ marry කරලා ටික දවසක් යද්දි හරියයි කියලා. මන් හිතුවේ jungkook මට ආදරේ නොකළත් wife විදිහට මාව පිළිගනී කියලා. ඒත්.... අඩුම තරමේ jungkook මාව සතෙක් තරමටවත් ගනන් ගන්නේ නෑ...
අම්මගේ photo එක දිහා බලාගෙන මන් අදත් අඬනවා. වෙන මොනවා කරන්න ද මන්?
ඒත් එක්කම තමයි ගෙදර land line එකට call එකක් ආවේ.
වේලාව පාන්දර 2ටත් කිට්ටුයි. මේ වෙලේ කවුද ගෙදර ට call කරන්නේ?
ඉක්මනට කඳුළු ටිකත් අතින් පිහදාගෙන මන් living room එකට ගිහින් නොනවත් වා ring වෙන call එක answer කලා.
"ඔව් මේ Munsun තමයි"
"..................."
"අහ් හරි.. මන් දැන් ම එන්නම්"
Jungko... Jungkook ට කියන්න ඕනි ඉක්මනට......
එහෙම හිතලා jungkook ගේ room එකට යන්න හදනවත් එක්කම මාව කාගෙදෝ ඇඟේ හැප්පුනා.
කාගෙදෝ ඇඟක් කියන්නේ??
මේ ගෙදර ඉන්නේ මමයි jungkook විතරයි. ඒ කියන්නේ මේ jungkook. එකපාර ට ම හිතට පොඩි බයක් දැනුන නිසා මන් බිම බලාගෙනම කිසි දෙයක් නොකියා හිටියා.
"Huh කාව බලන්න ද තමුන් මේ මහ පාන්දර යන්නේ? හැමදාම මෙහෙම ද දන්නෙත් නෑ. මගෙන් කාලා බීලා ඇඳලා පැළඳලා ඉන්න ගමන් රෑට රෑට වෙන වෙන උන් එක්ක රවුම් ගහනවද උඹ? කියපන් ගොළුවා වගේ ඉන්නේ නැතුව"
තවත් කටපියන් ඉන්න එකේ තේරුමක් නැති නිසා මන් jungkook ට call එක ගැන කියන්න හිතුවා.
"Jungkook ඒ... ඒ... අප්පා..."
"අප්පා.... අප්පා..... ලැජ්ජ නැද්ද ගැනියේ???? තමන් ගේ husband ගේ අප්පා එක්ක... Aish fk..."
"නෑ.. නෑ... Jungkook.... අප්පට හොඳට ම අමාරුයි ලු. Hospital admit කරලා. අපිට පුළුවන්තරම් ඉක්මනට එන්න කිව්වා"
"මොකක්... ඒ පාර උඹ බෝරුත් කියන්න පටන් ගත්තද? බොරු කියද්දී පොඩ්ඩක් හිතලා කියනවා"
"Jeon jungkook... තමුන් ගේ තාත්තා hospital එකේ පන අදිනවා. මන් යනවා හොස්පිටල් එකට"
හිතට ආපු කේන්තියට මන් පුළුවන් තරම් හයියෙන් එහෙම කියලා කෑගැහුවා. තවත් jungkook ළඟ ඉඳලා තේරුමක් නැති නිසා මන් කාමරේ ට ගියේ ඉක්මනට ඇඳුමක් දාගෙන එන්න.
මන් එළියට බහින්න හදද්දී jungkook එළියේ car එකත් start කරගෙන ඉන්නවා.
"බලන් ඉන්නේ නැතුව නගිනවා"
කියපු දේ තේරුන වෙලාවේ මන් ඉක්මනට jungkook ගේ car එකට නැග්ගා.
"මාස්ටර් මට සමාවෙන්න කලින් කතා කර...."
"කට වහපන්. කට වහගෙන හිටපන්. මන් ඒ ගැන තමුන් එක්ක පස්සේ බලාගන්නම්"
Car එකේ තිබ්බ නිහඬ තාව දරාගන්න බැරි නිසා මන් කලින් jungkook ට කෑගහපු එකට සමාව ගන්න හදද්දී ලැබුන ප්‍රතිචාරය තමයි ඒ.
මේ අවුරුදු කිහිපය පුරාවට ම මන් මේ තරම් උස් හඬින් jungkook ට කතා කරලා නෑ කවදාවත්. ඒ වෙලේ එහෙම නොකලනම් මට hospital එන්න වෙන්නේ නෑ. Jungkook ගේ punishment නිසා.
එන්න එන්නම jungkook car එක වේගෙන් drive කරනවා. පාන්දර නිසා වාහනත් අඩුයි. ඒත් හිතට දැනෙන්නේ අමුතු බයක්. සැරින් සැරේ steering wheel එකට තද වෙන jungkook ගේ අත් මන් ඇස් කොනින් දැක්කා.
ඇඳන් ඉන්න ඇඳුම අතින් තද කරලා අල්ලගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
පැයක ගමනට jungook ට ගියේ පැය භාගේ කටත් වඩා අඩුවෙන්. ඒ තරම් ම තිබ්බ තරහ ලොකු උනා.
අප්පා ගේ ගෙදර වැඩ කරන කෙනා කිව්ව room එකට මන් දිව්වා. Jungkook මගේ පස්සෙන් එනවා කියලා දැනුන නිසාම එයාට කතා නොකර මන් දිව්වා.
Room එකට යද්දී අප්පා ට නින්ද ගිහින්. මැෂින් ගොඩක් ඇඟට සම්බන්ධ කරලා. ඔක්සිජන් මාස්ක් එකකුත් දාලා.
අප්පා දිහා බලද්දි ම මගේ ඇස් වලට කඳුළු ආවා. ඇයි මෙහෙම වෙන්නෙ හොඳ මිනිසුන් ට ම.
ඉක්මනට සනීප වෙන්න අප්පා. ඔයාගේ ලේලි.. නෑ ඔයාගේ දුව බලන් ඉන්නවා.
කෝ jungkook???
මට සද්දෙ ඇහුනා එයා මගේ පස්සෙන් එනවා. ඒත් එයා room එකට ඇවිත් නෑ.
මන් Room එකෙන් එලියට ඇවිත් බැලුවේ jungkook කොහෙද කියලා. බැරිවෙලාවත් මාව මඟහැරුණා වත් ද?
Hospital එකේ කොරිඩෝව දිගේ ටික දුරක් යනකොට මන් දැක්කා jungkook ඉන්නවා.
එක තැන හිටගෙන.බිම බලාගෙන... ඇසුත් වහගෙන...
"Jungkook......"
ඇහෙන නෑහෙන ගානට මන් jungkook ට කතා කලා.
ඒත් jungkook නෙමෙයි ඔලුව උස්සලවත් බැලුවේ.
ඒත් එකපාරටම ම ලොකු හුස්මක් පිට කරලා එයා අප්පා ගේ room එක ඉස්සරහ දොර ගාව නතර උනා.
දොරේ ලොක් එක අතින් අල්ලගෙන හෙලවෙන්නවත් නැතුව ආයෙත් එයා බිම බලාගෙන ඉන්නවා.
මට තේරුණා එයාට තාත්තා ට මූණ දෙන්න බැරුවයි ඉන්නේ කියලා.
"Jungkook අප්පා නිදි"
Jungkook ළඟට ගිහින් මන් එහෙම කිව්වා.
තවත් ලොකු හුස්මක් පිට කරලා එයා room එක ඇතුලට ගියා.
Jungkook ට ටිකක් තනියම ඉන්න දෙන්න ඕනි කියලා හිතුන නිසා මන් ඇතුලට නොයා එළියේ තිබ්බ පුටුවකින් ඉඳගත්තා.
පාන්දර 4 වගේ වෙනකන් මන් පුටුවෙ ම හිටියා. නිකමට වගේ දොර පොඩ්ඩක් ඇරලා බැලුවේ මන් jungkook හොඳින් ද කියලා.
Jungkook අප්පා ඉන්න ඇඳෙන් ඔලුව තියාගෙන ඉන්න විදිහෙන් කියන්න පුළුවන් එයාට නින්ද ගිහින් කියලා.
ඒ නිසා මාත් room එක ඇතුලට ගිහින් පුටුවක් අප්පා ගේ ඇඳ ළඟට කරගෙන ඉඳගත්තා.
අප්පයි පුතයි දිහා බලන් හිටපු මට ත් නින්ද යාගෙන එනවා වගේ තේරුන නිසා මන් ඇස් දෙකත් පියාගෙන ම අප්පා ගේ ඇඳේ කෙලවරකින් ඔලුව තියාගත්තා.
Jungkook pov
අප්පා.... ඇයි අප්පා එහෙම දෙයක් කලේ? මන්...
මන් කොහොමද Minsun ට මුණ දෙන්නේ? මන්.... කොහොමද?.....
Flashback........
Minsun රූම් එකෙන් එලියෙ හිටපු වෙලේ අප්පා ඇහැරුනා.
ඒ වෙලේ මට කර ගන්න දෙයක් නැති උනා. මොකද මන් අප්පා ට මූණ දෙන්න අකමැති නිසා. හැදුවේ එතනින් නැගිටලා යන්න. ඒත් අප්පා කතා කලාම කවදාවත් නැතුව අද මන් එ වචන වලට අවනත උනා.
"මන් කියන දේ හොඳට අහගන්න පුතා. මන් දන්නවා ඔයාට බෑ කියලා මාත් එක්ක කතා කරන්න. ඒත්.... අඩුම තරමේ... මන් කියන දේ වත් අහන් ඉන්න"
තාත්තා ට කියාගෙන යන්න ඉඩ දීලා මන් ඉඳගෙන හිටපු තැනින් ම ආයෙත් ඉඳගෙන ඔලුව බිමට හරවන් හිටියා.
"පුතා Minsun ගැන හිතන් ඉන්නේ වැරදියට. ඒ කෙල්ල කිසි වැරද්දක් කරලා නෑ පුතේ. මන් ගත්තු මෝඩ තීරණ නිසයි ඒ කෙල්ල අද මෙහෙම දුක් විඳින්නේ. පුතාටත් කිසි සතුටක් නැත්තේ ඒකයි. ඒත්.... ඒත් පුතා plan කරන් හිටපු විදිහට yura ව marry කලානම් අද මීට වඩා පුතා පසුතැවිලි වෙනවා. ඒක මට එදා දැනුන නිසයි මන් පුතාට Minsun ව ලං කලේ. නැතුව ඒ කෙල්ල ඇවිත් පුතාගේ ඇඟේ එල්ලුනා නෙමෙයි පුතේ..."
කතාව කියවන හැමෝටම Thank you 💜
I Purple You 💜