My Human 🐺❤️ || Taekook (Com...

By Fantasy_girl_TK

117K 20.2K 7.5K

මේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COP... More

Prologue
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
New story
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
Epilogue

14

1.9K 376 103
By Fantasy_girl_TK

Taehyung's POV

මට සිහිය එනගමන් තිබුනෙ. මට අන්තිමට මතක ජන්ග්කුක්ගේ තත්ත්වෙ ගැන ඩොක්ටර් කිව්ව්ම එතනම බිම මාව වැටුනා කියලා විතරයි.

මං ඇස් දෙක අරින්න ට්‍රයි කරා. මට දැනුනා මොකක් හරි සිනිඳු දෙයක් මගේ තුවාල වෙලා තිබුනු අතේ ගෑවෙන විදිහ. තව මට ඇහුනා හීනියට කවුරුහරි ඉකිගහන සද්දෙකුත්. අන්තිමේදි හිමින් ඇස් ඇරිය මං දැක්කේ මෙඩිකල් සෙන්ටර් එකේ සුදු පාට සිවිලිම.

මං මගෙ තුවාල අත දිහා බැලුවා. මගෙ තුවාලෙට බෙහෙත් දාලා බැන්ඩේජ් කරලා තිබුනා. ඒත් ඒකෙ නෙමෙයි වැදගත්ම දේ.

ජන්ග්කුක්,

ජන්ග්කුක් හිටියෙ මං හිටපු ඇඳ ගාව බිම වාඩි වෙලා, මගෙ උරිස්ස ගාව අත උඩ මූන තියාගෙන එහා පැත්ත හැරිලා, මගෙ තුවාලෙට මූන දාලා. මට එයාගෙ මූන පෙනුනෙ නෑ. ඇත්තම කිව්වොත් එයා හිටියෙ මගෙ අත බදාගෙන. එයාගෙ සුදු පාට දිග කොණ්ඩේ මගෙ මූනෙ යාන්තම් වැදුනා. එයාගෙ කොණ්ඩෙ සුවඳ පවා මට දැනුනා. එයාගෙන් එන්නෙ බබෙක්ගෙන් එන සුවඳ. මං හිනා වුනා.

මට තේරුනා එයා මගෙ තුවාලෙ තියෙන හරියෙ අත ගානවා. ගොඩක් සිනිඳුයි, ඒ ස්පර්ශය මට ලොකු සනීපයක් ගෙනාවා. ඒ වගේම ඉකි ගහන සද්දෙන් මට තේරුනා එයා අඬනවා කියලා. අනේ දෙයියනේ මේ කොල්ල නම්~ පිස්සු කෝළම. ඇයි මෙයා මට මෙච්චර කැමති?

ඒත් ඊළඟට තමා මට මතක් වුනේ කලින් ජන්ග්කුක්ට වෙච්ච දේ. කලබලෙන් මං එකපාරට නැගිට්ටම එයා ගැස්සිලා නැගිට්ටා. මං ඉක්මනින් එයාගෙ මූන අත් දෙකෙන්ම අල්ලලා එයාව චෙක් කලා.

"ඔ-ඔයාට කරදරයක් නෑ නේද? දැන් කොහොමද?" මං ඇහුවම තාමත් සිද්ද වෙච්ච දේ නිසා ශොක් වෙලා හිටපු ජන්ග්කුක් යන්තම් හිස වැනුවා.

"ද්-දැන් හොඳයි." ජන්ග්කුක් කිව්වම හුස්මක් හෙළපු මං හෙඩ් බොඩ් එකට හේත්තු වුනා. ඒත් හදිස්සියෙ අත හෙල්ලුන නිසා දැනිච්ච රිදිල්ලට මට කෑගැස්සුනා.

"ආආඅහ්!!"

"හ්-හියුන්!" ජන්ග්කුක් ඉක්මනට මගෙ අත පරිස්සමින් අල්ල ගෙන මාව හෙඩ් බෝඩ් එකට හේත්තු කලා.

"අහකට යනවා. එන්නෙපා ළඟට." මං සැරෙන් කිව්වම මූන හකුල ගත්ත එයා එහාට වුනා. මං දැක්කා ඒ ඇස් වල කඳුලු පිරෙනවා. දැන් නම් මං පසුතැවුනා ඒ කරපු දේට. ඒත් මෙච්චර දවස් මාව මගඇරපු එකට එයාටත් දඬුවමක් ඕනෙ.

අඬලා නිසා රතු වෙලා තිබ්බ චූටි නහයයි, රෝස පාට වෙලා තිබුනු කම්මුලුයි, උල් වෙලා තිබ්බ ඒ තොලුයි දැක්කම මට ඕන වුනෙ එයාව අල්ලලා මිරිකන්න, ඒ තොල් කිස් කරලා මූනට හිනාවක් ගේන්න. හහ්! ඒත් මං හිතුවක්කාරයි. මින්ජුන් එක්ක හිටියට තව ටිකක් ඔහොම මූන එල්ලන් හිටපුවාවෙ.

ඒත් දෙයියනේ ඒකෙනුත් දුක් විඳින්නෙ මං නේද? හොඳ වෙලාවට මට හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා (කියලා හිතනවා.) ඉස්සරහට මෙයිට වඩා මට කන්ට්‍රෝල් වෙන්න වෙයි.

Third person's POV

"අහකට යනවා. එන්නෙපා ළඟට." ටේහ්‍යුන්ගේ කිව්වම ජන්ග්කුක් මූන හකුළ ගත්තා.

"හ්-හියුන්ගී~ අත රිදෙනවද?" ජන්ග්කුක් ඇහුවා.

"හහ්? මොකටද අහන්නෙ? අර මින්ජුන්වනෙ ලොකු වෙලා හිටියේ. යනවා, ගිහින් ඌ ගැන බලනවා." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ කඳුලු ආයිත් අලුත් වුනා.

"ස්-සොරි මේට්."

"ආ දැන්ද මතක් උනේ මං තමුන්ගෙ මේට් කියලා?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ කම්මුල් දිගේ කඳුලු වැලක් ගලාගෙන ගියා.

"කෝ හියුන් මට ඔයාගෙ අත දෙන්න." ජන්ග්කුක් කිව්වේ ටේහ්‍යුන්ට ළං වෙමින්.

"එ-ඒ මොකටද?"

"මං ඔයාගෙ තුවාලෙ ලෙව කන්නම්, එතකොට ඉක්මනට සනීප වෙයි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් එයා දිහා බැලුවේ අප්පිරියාවෙන්.

"ඈක්කා මොකක්? ආයිශ්, තාම තමුසෙගෙ පිස්සුව හොඳ නැද්ද ආ?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හුරතල් විදිහට එයාට රැව්වා. ඒත් ආයිත් එයාගෙ මූන දුකින් බර වුනා. ටේහ්‍යුන් නම් මේ වෙලාවෙ හිටියේ ජන්ග්කුක්ගේ මූනෙ ඉරියව් වෙනස් වෙන විදිහ බලලා විනෝද වෙමින්.

"I'm sorry මේට්. ම-මං නිසයි ඔයාට මෙහෙම දෙයක් උනේ. ප්ලීස් මට සමාව දෙන්න." ජන්ග්කුක් කිව්වා.

"බෑ සමාව දෙන්නෑ." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් අඬන්න ආසන්න වුනා.

"අ-අනේ මේට් ප්ලීස්~ මට සමාව දෙන්නකෝ~" එයා ටේහ්‍යුන්ගේ අනිත් අත අරගෙන වේගෙන් හොල්ලන්න පටන් ගත්තා.

"අත අරිනවා මාව. කිව්වනෙ බෑ කියලා." ටේහ්‍යුන් කිව්වත් ඊළඟ මොහොතේ එයාව හොඳටම බය කරමින් ජන්ග්කුක් මහ හයියෙන් අඬන්න පටන් ගත්තා.

"එ-ඒයි! ඔ-ඔය අඬන එක නවත්තනවා!" ඒත් ජන්ග්කුක් නැවැත්තුවෙ නෑ. එයා කලින්ටත් වඩා හයියෙන් අඬන්න පටන් ගත්තා.

"අනේ අඬන එක නවත්තන්නකෝ~" ටේහ්‍යුන් කිව්වෙත් අඬන්න ආසන්නව. ජන්ග්කුක්ගේ සද්දෙ එයාගෙ කන් දෙකට දරාගන්න බැරි වුනා.

"ඔ-ඔයා නපුරුයි හියුන්ගි, මට ස-සමාව දෙන්නකෝ~ මං ආයිත් මින්ජුන් ගාවට යන්නෙ නෑ~" ජන්ග්කුක් කිව්වා.

"හරි සමාව දුන්නා!! දැන්වත් ඕක නවත්තන්න!" ටේහ්‍යුන් කිව්වම ඒ ක්ෂණිකයෙන් කාමරේ නිශ්ශබ්ද වුනේ ජන්ග්කුක්ගේ ඇඬිල්ල නැවතුන නිසා. ජන්ග්කුක්ගෙන් සිහින් ඉකි සද්දෙ විතරක් ඇහුනා. ලොකු හුස්මක් හෙළපු ටේහ්‍යුන් ආයිත් හෙඩ් බෝඩ් එකට හේත්තු වුනා.

"ටේ!! ඔයාට සිහිය ඇවිත්!" කාමරේ දොර ඇරගෙන ඇතුළට ආවෙ ජිමින් වගේම හෝසොක්.

"ඔයාට දැන් කොහොමද?" ජිමින් ඇහුවා.

"හොඳයි, මින්ජුන්ට මොකද උනේ?" ටේහ්‍යුන් ඇහුවේ ජන්ග්කුක් දිහාටත් බැලමක් දාලා.

"මොකක් වෙයිද දන්නෑ ප්‍රින්සිපල් ගාවට යන්න උනා එයාට." හෝසොක් කිව්වා.

"ශුවර් එකටම පංති තහනම් කරයි කාලෙකට." හෝසොක් කිව්වම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවේ ආඩම්බර පෙනුමකින්.

"ඔහ් කුක්, ඔයාට දැන් කොහොමද?" ජිමින් ඇහුවේ ඇඳ අයිනෙ වාඩි වෙලා බිම බලන් ඉන්න ජන්ග්කුක්ගෙන්.

"ඩොක්ටර් කිව්වා ඔයා ගොඩක් දුර්වල වෙලා කියලා. එයා කිව්ව විදිහට නම් ඔයා දවස් ගානකින් හරියට කාලා නෑ. ඔයාට මොකද්ද උනේ කුක්? ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?" ජිමින් ළඟට ගිහින් ඇහුවම සුපුරුදු පරිදි ජන්ග්කුක්ගේ ඇස් වලින් කඳුලු ගලාගෙන ගියා.

ජිමින් කිව්ව දේ ඇහුව ටේහ්‍යුන්ගේ පපුවෙන් වේදනවාවක් දැනුනා. ජන්ග්කුක් හිටියටත් වඩා ගොඩක් කෙට්ටුවෙලා සුදුමැලි වෙලා නේද කියලා එයාට තේරුනා. පේන විදිහට ජන්ග්කුක් ගොඩක් දුක්විඳලා කියලා එයාට තේරුනා. ටේහ්‍යුන්ට දැනුනේ ලොකු වරදකාරි හැඟීමක්. එයාට ඒ වැරැද්ද හරිගස්සන්න ඕන වුනා.

"චිම්, මට පොඩ්ඩක් ජන්ග්කුක් එක්ක තනියම කතා කරන්න ඕනෙ." ටේහ්‍යුන් කිව්වම හිස වනපු ජිමින් හෝසොක් එක්ක එළියට ගියා.

"ඒයි හා කොල්ලා! මෙහෙ එනවා." ටේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක්ට ළඟට එන්න කියලා හිසින් සන් කරමින්. ජන්ග්කුක් ටිකක් ටේහ්‍යුන්ට ළං වුනා. ටේහ්‍යුන් ටිකක් ඇඳෙන් එහාට වුනා.

"මෙතනට හේත්තු වෙන්න." ටේහ්‍යුන් කිව්වේ හෙඩ් බෝඩ් එකට තට්ටු කරමින්.

"ආ?" ජන්ග්කුක් පුදුමෙන් ටේහ්‍යුන් දිහා බැලුවා.

"මෙතනට ඇවිල්ලා වාඩි වෙන්න කිව්වෙ."

"ක්-කමක් නැද්ද? හියුන් තරහා ගන්නැද්ද?"

"කමක් නෑ එනවා~ ආයි මගෙ හිත වෙනස් වෙන්න කලින්." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් ලැජ්ජාවෙන් රතු වෙලා ඇඳට නැගලා ටේහ්‍යුන්ගේ එහාපැත්තෙන් වාඩි වෙලා හෙඩ් බෝඩ් එකට හේත්තු වුනා.

එයා දිහා සැරින් සැරේ හොරෙන් බලලා බිම බලාගන්න ජන්ග්කුක් දිහා ටේහ්‍යුන් බලාගෙන හිටියා. හුස්මක් හෙළපු ටේහ්‍යුන් ටිකක් ජන්ග්කුක්ගේ පැත්ත හැරිලා ජන්ග්කුක්ගේ නිකට අල්ලලා එයාගෙ පැත්තට මූන හරව ගත්තා.

ජන්ග්කුක්ගේ රෝස පාට සිනිඳු කම්මුල් වලට අත තිබ්බ ටේහ්‍යුන් ඒ කම්මුල් මහපට ඇඟිල්ලෙන් හිමින් පිරිමැද්දම මේට්ගෙ ස්පර්ශයට ජන්ග්කුක් නතු වෙලා ඇස් දෙක පියා ගත්තා.

"ගොඩක් අඬලා, කම්මුල් වල කඳුලු පාරවල් ගොඩක් තියෙනවා. ඇස් ඉදිමෙනකන් ඇස් රතු වෙනකන් අඬලා." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් කොනට එයාගෙ මාපට ඇඟිල්ල ගෙන ගියා.

"දවස් ගානක් හරියට කාලවත් නෑ." කිව්ව ටේහ්‍යුන් ටිකකට නැවතුනා.

"කලින් තිබ්බ හුරතල් හිනාවවත්, ටකරන් කටත් නැ." කිව්ව ටේහ්‍යුන් හිනා වුනා. ඒත් ආයිත් එයාගෙ හිනාව නැති වුනා.

"ඔයා ඔයාටම දඬුවම් දීගන්න තරම් සිද්ද උනේ මොකද්ද හා පැටියෝ~" ටේහ්‍යුන් කිව්වම එයාගෙ ආදරණීය වදන් හමුවේ ජන්ග්කුක්ගේ කම්මුල දිගේ බේරෙමින් තිබුනු තවත් කඳුලක් එයා පිස දැම්මා.

"ඒකට හේතුව මගෙන් අකමැත්තෙන් ඈත් වෙන්න හදන නිසාද හ්ම්ම්? ඇයි ඔයා අකමැති දේවල් කරලා මෙහෙම දුක් විඳින්නෙ? ඔයාට මගෙන් ඈත් වෙන්න කියලා කවුරුහරි බල කලාද? ඒ මින්ජුන්ද?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් වේගෙන් හිස දෙපැත්තට වැනුවා.

"එහෙනම්?"

"ම-මං ක්-කැමැත්තෙන් ඔ-ඔයාගෙන් ඈත් වෙන්න හ්-හිතුවෙ මේට්." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන්ට ගොඩක් දුක හිතුනා.

"ඇ-ඇයි? කලින් ඔයා එහෙම නෑ? හැමවෙලේම මේට් ගගා මගෙ පස්සෙන්මයි. හදිස්සියෙ හිත වෙනස් උනේ ඇයි?" ටේහ්‍යුන් ඇහුවා.

"ම්-මුකුත් නෑ." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් සමච්චලයට හිනා වුනා.

"බොරු කියන්නෙපා මට ඇත්ත කියන්න." ටේහ්‍යුන් මේ වතාව ටිකක් සැරෙන් කිව්වම ජන්ග්කුක් ගැස්සුනා.

"එ-ඒක මට ඔයාට කියන්න බෑ හ්-හියුන්."

"ඇයි?" ටේහ්‍යුන් ඇහුවත් ජන්ග්කුක් නිහඬයි.

"මං ඇහුවෙ ඇයි කියලා." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ගේ ඇස් වල කඳුලු ආයිත් අලුත් වුනා.

"ඔ-ඔයා මට ව්-වෛර කරයි." කිව්ව ජන්ග්කුක්ගේ කටින් ඉකියක් පිට වුනාම ටේහ්‍යුන් කේන්තියෙන් හුස්මක් පිට කලා. ඒත් එයා එයාගෙ හෝමෝන පාලනය කරගන්න උත්සාහ කලා. එයා ලොකු හුස්මක් ගත්තා.

"ඇයි මං ඔයාට වෛර කරන්නෙ හහ්? කව්ද කිව්වෙ මං ඔයාට වෛර කරනවා කියලා?" ටේහ්‍යුන් ඇහුවා.

"ක්-කවුරුත් නෑ. එ-ඒත් ඇත්ත දැනගත්ත දවසට ඔයා මට වෛර කරයි හියුන්ගී~ එ-ඒකයි මට ඔයාගෙන් දැන්ම ඉඳන් ඈත් වෙන්න ඕනෙ." ජන්ග්කුක් කිව්වා.

"ඒ ඇත්ත මට කියන්න බැරිද?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් හිස දෙපැත්තට වැනුවා.

"හරි, එහෙනම් මේ බලන්න." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූන ටිකක් ඉස්සුවම එයා ටේහ්‍යුන්ගේ ඇස් දිහා බැලුවා.

"ඔයාට හොඳටම ශුවර්ද මං ඔයාගෙ රහස දැනගත්ත දවසට මං ඔයාට වෛර කරනවා කියලා?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් හිමින් ඔලුව වැනුවා. ඒත් ඊළඟට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූනට ළං වුනාම ජන්ග්කුක්ගේ හුස්ම නතර වුනා. එයාට ටේහ්‍යුන්ගේ හුස්ම පවා හොඳට දැනුනා. ඒ දෙන්නගෙ තොල් අතර තිබුනෙ අඟලක පරතරයක් විතරයි.

"එහෙනම් මං ඔයාට වෛර කරපු වාවේ. ඒත් ඔයාට බෑ මගෙන් ඈත් වෙන්න." ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් දිහා බලාගෙන ඒ තොල් වලට මිමිණුවා. ඒත් ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන් කියන දේ තේරුම් ගන්න බැරුව ව්‍යාකූලව. ජන්ග්කුකගෙන් ප්‍රතිචාරයක් නෑ කියලා තේරුනාම ටේහ්‍යුන් ආයිත් කතා කරන්න පටන් ගත්තා.

"මං ඔයාට කවදාහරි වෛර කලොත් ඒ වෛරෙ නැති කරන්න ඔයා ට්‍රයි කරන්න, ෆයිට් කරන්න හ්ම්ම්? මං ඔයාව ඈත් කරන්න හැදුවත් ඔයා කොහොම හරි මගෙ හදවත දිනාගන්න. ඔයාගෙ ඔය කියුට් මායම් ටික දාලා මාව ආයිත් අල්ලගන්න. ඔයාගෙ අකමැත්තෙන් මගෙන් ඈත් වෙන්න එපා." ටේහ්‍යුන් කිව්වා.

"ඇ-ඇයි?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන්ගේ මූනෙ හිනාවක් ඇදුනා.

"මොකද මං ඔයාට වෛර කලත් මට ඕනෙ ඔයා මං ගාව ඉන්නවා දකින්න." ටේහ්‍යුන් මිමිනුවම ජන්ග්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වුනා.

"එ-එතකොට ඔයා මාව දාලා යන්නැද්ද මේට්?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන් හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවා.

"ඔයා මට වෛර කලත්?" ජන්ග්කුක් ඇහුවේ හදවතෙන් පැන නැගෙන උද්‍යෝගය අමාරුවෙන් පාලනය කරගනිමින්.

ජන්ග්කුක්ගේ නළලට නළල තියාගත්ත ටේහ්‍යුන් ආයිත් ඔලුව දෙපැත්තට වැනුවා.

"පළවෙනි වතාවට අල්ල ගත්ත මේ තොල්, මං ආයිත් අත අරී කියලා හිතුවද ජියොන් ජන්ග්කුක්? මේ කිම් ටේහ්‍යුන්ගෙන් ඔයාට දැන් ගැළවිලා යන්න බෑ, අනාගතේ මොන දේ සිද්ද උනත්, ඔයාගෙ රහස මොකක් උනත්, මං ඔයාට අනාගතේදි වෛර කලත්." ටේහ්‍යුන්ගේ වචන එක්ක ජන්ග්කුක්ගේ ඇස් වලින් සතුටු කඳුලු ගලාගෙන ගියා. එයාගෙ වෘකයා ඇතුළාන්තයෙන් සතුටින් උඩුබුරලමින් හිටියෙ එදා එයාගෙ මේට්ව දැක්ක මුල්ම දවසෙ වගේ. අන්තිමේදි සති ගානකට පස්සෙ එයාගෙ බනී හිනාව ඒ තොල් වලින් මතු වුනා. ඒ හිනාව දැක්ක ටේහ්‍යුනුත් සතුටින් හිනාවුනා.

"ප්-ප්‍රොමිස්?" ජන්ග්කුක් ඇහුවා.

"හ්ම්ම්.. ප්‍රොමිස්."

"එතකොට මට ආයිත් මේට්ව මග අරින්න ඕනෙ නැද්ද? මට හැමදාම මේට් ගාවින් ඉන්න පුලුවන්ද?" ජන්ග්කුක් සතුටින් ඇහුවම ටේහ්‍යුන්ට හිනා ගියා.

"ඔව් හාවො, ඒක තමා මං මෙච්චර වෙලා කිව්වෙ." ටේහ්‍යුන් කිව්වා.

තාමත් නළලට නළල තියන් හිටපු දෙන්නගෙම ඇස් එකිනෙකාගෙ තොල් මත රැඳිලා තිබුනා.

"එ-ඒ කියන්නෙ හියුන් ම-මට කැමතිද?" ජන්ග්කුක් රතු වෙමින් ඇහුවා.

"අපෝ නෑ." ටේහ්‍යුන් කිව්වම ක්ෂණිකයෙන් මූන හකුළ ගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න හැදුවත් ජන්ග්කුක්ගේ බෙල්ලෙ පිටුපස තිබුනු අත තද කරලා එයාට ළං කරගත්ත ටේහ්‍යුන් ඊළඟ මොහොතේ ඒ තොල් එයාගෙ තොල් වලින් අල්ලගත්තා.

එකපාරට වුනු දෙයින් ජන්ග්කුක් කම්පනය වුනත් ටිකකින් ටේහ්‍යුන් එයාගෙ තොල් තාලෙකට හිමින් චලනය කරද්දී ජන්ග්කුක් ඒකට නතුවුනා. එයත් ටේහ්‍යුන්ව ආපස්සට සිප ගන්න උත්සාහ කරමින් තොල් චලනය කලා. දෙන්නටම දැනුනේ හරියට පාවෙනවා වගේ. මෙච්චර සැහැල්ලු ප්‍රීතිමත් හැඟීමක් කවදාවත් ටේහ්‍යුන්ට දැනිලා තිබුනෙ නෑ. ජන්ග්කුක්ගේ සිනිඳු තොල් පෙති දැනටමත් එයාව වෙනම ලෝකෙකට අරන් ගිහින්. මේක ඒ දෙන්නගෙ පළවෙනි සිප ගැනීම නොවුනත් ඒක ඒ දෙන්නටම දැනුනේ එයාලගෙ පලවෙනි සිපගැනීම වගේ.

ටිකකින් දෙන්නම ඈත් වුනේ හුස්ම අල්ලගන්න.

"ම-මට ක්-කැමති නැත්තන්... ඇ-ඇයි?" ජන්ග්කුක් ඇහුවා.

"ම්ම්ම්... කැමතියි. හැබැයි ටිකම ටිකක්." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගත්තා.

"ඇත්තටම?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන් හිස වැනුවා. ජන්ග්කුක් ඇතුලාන්තයෙන් සතුටින් කෑගැහුවා.

"JK, අපේ මේට් අපිට දැන් ටිකම ටිකක් කැමතියි!!!!!" ජන්ග්කුක් කිව්වේ එයාගෙ වෘකයට.

"මටත් ඒක ඇහුනා කුක්!!" JK සතුටින් උඩු බිරුලුවා.

"Thank you මේට්!" කිව්ව ජන්ග්කුක් ක්ෂණිකයෙන් ටේහ්‍යුන්ගේ ඇඟට පැනලා බෙල්ල බදාගත්තා.

"ආආආහ්!! අත අත!!  අහකට යනවා මගෙ අත!! ආඅහ්! ආයිශ්!!"

"අ-අනේ සොරි මේට්." ආයිත් ඉක්මනින් එයා ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා කිව්වත් උද්‍යෝගය නිසා මූනෙ තිබුනු බනී හිනාව නැති වුනේ නෑ. ටේහ්‍යුන් හුස්මක් හෙලුවා.

"හැබැයි මට එක පොරොන්දුවක් වෙන්නෝනෙ." ටේහ්‍යුන් කිව්වා.

"මොකද්ද හියුන්?" ජන්ග්කුක් කුතුහලෙන් ඇහුවා.

"ආයිත් අඬන්නෙපා හ්ම්ම්? හොඳට කන්න, පේන්නැද්ද හැටි හාල්මැස්සෙක් වගේ." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හුරතල් විදිහට තොල් උල් කරගත්තා.

"ආ අනික, ඔච්චර කියුට් වෙන්නෙපා ඔයාට පසුතැවෙන්න වෙයි." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් නළල රැලි කරගත්තා.

"හරිද?"

"හරි හියුන්ගී~" ජන්ග්කුක් කිව්වා.

"හියුන් මටත් දෙයක් පොරොන්දු වෙනවද?" ජන්ග්කුක් ඇහුවේ බිම බලාගෙන.

"මොකද්ද?"

"ආයිත් ඔයා ඔයාගෙම අත කපාගන්නෙ නෑ කියලා." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන්ට එයාගෙම කෙළ හිර වුනා.

"කැහ්*! කැහ්*! ම්-මොකද්ද කිව්වෙ?"

"මං සේරම එළියෙ ඉඳන් අහගෙන හිටියෙ. හියුන්ගිමනෙ අත කපාගත්තෙ." ජන්ග්කුක් මූන හකුළන් කිව්වා.

"ආ! තමුන් සේරම දන්නවා නම් මොන එහෙකටද අර ගෝරිල්ලට ගහලා චණ්ඩියා උනේ ආ? පුලුවන් වැඩක් නම් කමක් නෑ. අනික බයේ ගැහි ගැහි."

"ම්-මින්ජුන් නිසානෙ ඉතින් හියුන් අත කපාගත්තෙ. ඒකයි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන්ගෙ මූනෙ හිනාවක් ඇදුනා.

"මොලේ තියෙනවා එහෙනම්." ටේහ්‍යුන් කිව්වා. ඊටපස්සෙ තිබුනෙ නිහැඬියාවක්.

"ම්ම්..... මේ," ජන්ග්කුක් දිහා සැරින් සැරේ හොරෙන් බලමින් ටේහ්‍යුන් කිව්වම එයා ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා.

"අ-ආයිත් මින්ජුන් එක්ක ඉන්නෙ නෑ නේද?" ටේහ්‍යුන් බයෙන් වගේ ඇහුවම ජන්ග්කුක් හිනා වුනා.

"නෑ!!!!" කෑගහලා කිව්ව ජන්ග්කුක් ආයිත් ටේහ්‍යුන්ගේ ඇඟට පැන්නලා බදාගත්තම එයා කෑගැහුවා.

"ආආ!! අහකට යනවා!! තමුසෙට එක පාරක් කිව්වම තේරෙන්නැද්ද ආ!!" ටේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක්ගෙ දැඩි ග්‍රහනයෙන් බේරෙන්න දඟලමින්. ඒත් ජන්ග්කුක් නෙමෙයි ටේහ්‍යුන් කිව්ව දේ ඇහුවෙ.

"බෑ!! බෑ!! බෑ!!! හියුන්නෙ කිව්වෙ ඔයාගෙන් ඈත් වෙන්න එපා කියලා!! අනික හියුන් කුකීට ටිකම ටිකක් කැමතියි!!!! ආයිත් හියුන්ම මාව එලවන්න හැදුවත් කුකී හියුන්ගිගෙන් ඈත් වෙන්නෙ නෑ!! නෑ!!! නෑමයි~!!!!" ජන්ග්කුක් සතුටින් කෑගහමින් කිව්වම ටේහ්‍යුන් ට්‍රයි කරේ එයාගෙ කන්දෙක වහගන්න.

"ආආ!! කට වහනවා!!"

"හනේ දෙයියනේ කාලය ආපස්සට හරවන්න ප්ලීස්~ මං කරගත්ත කරුමයක්." ටේහ්‍යුන් කිව්වේ තවමත් දඟලමින්.

අන්තිමේදි තමන්ගෙ මේට් එයාට ටිකම ටිකක් කැමති වුනු එකට උද්‍යෝගයෙන් කෑගහන ජන්ග්කුක්ගේ හිනා හඬෙනුත්, තමන්ගෙම වචන ගැන පසුතැවෙමින් කෑගැහන ටේහ්‍යුන්ගේ හඬිනුත් කාමරය පිරිලා ගියා.

•°•°•°•°•°•°•°•°•°•°•°•°•

හායි 😁

ඔන්න මං පොරොන්දු උනු විදිහටම ඉක්මනින් ආවෝ. 😘

විශේෂෙන් කියන්න දෙයක් නෑ ඉතින්. ආයිත් ඊළඟ එක අරන් ඉක්මනට එන්න බලන්නම්. 😘❤️

ඔයාලා මට ආදරේ තරමටම ඊටත් වඩා ඔයාලට ආදරෙයි 😘😘❤️

බායි පරිස්සමින් ඉන්න ❤️

Thank u for reads, votes & comments
Sorry for the mistakes

🤧❤️

Continue Reading

You'll Also Like

79.5K 10.6K 39
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
97.4K 5.6K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
108K 24.4K 66
"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට...
57.7K 7.8K 31
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...