Rescued

By park_heshani

5.1K 1.1K 841

A story about a boy who misunderstood his wife..... #1 srilanka (2022.06.16) More

Part 01
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25

Part 18

186 44 42
By park_heshani

කෙල්ලට නිදාගන්න දීලා මට කාමරෙන් යන්න හිත දුන්නෙම නෑ. ඕනි උනේ ළඟින් ඉන්නමයි. Minsun ට පෙරවලා තිබ්බ sheet එක යටට මාත් ගිහින් කෙල්ලව බදාගත්තා.

ඒක හරිම වෙනස් හැගීමක් උනා. වෙනදටත් ඕනි තරම් මන් Minsun ළඟ ඉඳලා ඇති. ඒත් ඒ තරහකින් වෛරයකින් මිසක් කෙල්ල ගැන හැඟීමකින් නෙමෙයි.

ඒත් අද?

මටම මාව පාලනය කරගන්න බෑ.

Jungkook දුර්වල වෙලාද?

නෑ මන් දුර්වල වෙලා නෑ. මන් දුර්වල වෙන්නෙත් නෑ.

හිතට දැනෙන හැම දේම අමතක කරලා මන් Minsun ට තවත් ලන් වෙලා නිදාගත්තා.

සැරින් සැරේ කෙල්ල දැඟලුවත් ටිකකින් ආයෙත් නින්දට වැටුනා.

උදේම Minsun නැගිටින්න කලින් මන් නැගිට්ටා. මට ඕනි උනේ නෑ මන් Minsun ළඟ හිටියා කියලා එයා දැනගන්නවට.

Minsun ගේ නළල ට අත තියලා තාමත් ඇඟ රස්නේද කියලා බැලුවා. ඇති යන්තම් දැන් නම් හොඳටම අඩු වෙලා උන.

තවත් Minsun ළඟ ඉන්න කිසිම උවමනාවක් නෑ මට. මන් ඉක්මනට මගේ room එකට ඇවිත් office යන්න ලෑස්ති උනා.

අද උදේට කන්න කෑම හදන්න Minsun නැගිටින්නේ නෑ කියලා දන්න නිසාම මන් අදත් Banana milk එකක් බොන්න තීරණය කලා. යන ගමන් කොහෙන් හරි කෑම ගන්න පුළුවන් නිසා.

Minsun pov

දවල් 12 ට විතර මාව ඇහැරුනා. Jungkook office ගිහින් ඇති කියලා හිතලා මන් තවත් ටිකක් වෙලා ඇඳට වෙලා හිටියේ ඇඟට දැනුන අමාරුවට.

මෙහෙම ඉඳලා බැහැ. වැඩ ඉවර වෙලා jungkook ගෙදර එද්දී මන් කෑම හදලා තියන්න ඕනි. එයාට දැන් උණ අඩු ද කියලවත් දන්නේ නෑ.

ගිය දවස් ටිකේ මට කෑම හදන්න බැරි නිසා කේන්ති ගිහිල්ලත් ඇති. ඕනි දේකට ලෑස්ති වෙලා ඉන්න ඕනි.

මන් ඇඳෙන් නැගිටිද්දි දැක්කේ ඒ ළඟ ම මෙසේ උඩ තිබ්බ වතුර bowl එකයි towel එකයි.

අහ්... මට මොකුත් මතක නෑනේ. මන්.. මන් අන්තිමට හිටියේ bathroom එකේ නේද? අර වහින වෙලාවේ.

මන්... මන් කොහොමද මෙතනට ආවේ. Ahhhhh සමහර විට jungkook වෙන්න ඇති. Aish දැන් ඒකටත් කේන්තියෙන් ඇත්තේ.

එහෙම්ම ම bathroom එකට ගිහින් wash එකක් දාලා මන් ගේ පොඩ්ඩක් සුද්ද කරලා කෙලින්ම රෑ කෑම හදන්න පටන් ගත්තා.

Jungkook ට හොඳ කෑම වේලක් දෙන්න මට ඕනි උනා. ඒ නිසාම මන් වෙනදට වඩා මහන්සි වෙලා කෑම ජාති ගොඩක් හදන්න හිතාගත්තා.

කෑම හදන්න පටන් ගන්න හම්බුනේ නෑ door bell එක වැදුනා.

අහ් කවුද මේ වෙලේ? Jungkook වෙන්න එපා please. මන් කෑම හදන්න හිතුවා විතරයි.

අඩියට දෙකට දොර ළඟට ගියේ ඒ ඇවිත් තියෙන්නේ Jungkook නම් පරක්කු උනොත් බැනුම් අහන්න වෙන නිසා.

ඒත්....

"අහ් දුව"

"අප්පා..."

"කෝ දුව jungkook"

"Jungkook office ගිහින් අප්පා. මන් call එකක් ගන්නම් ඉන්න"

"නෑ නෑ මන් ආවේ දුව හම්බවෙන්න"

"අහ් එන්න අප්පා. ඇවිත් ඉඳගන්න"

"දුව වැඩකද හිටියේ?"

"අහ් නෑ අප්පා. කෑම හදන්න හැදුවා විතරයි. අප්පා කෑම කාලා ම යමු"

"අනිවරෙන් ම. මගේ ලේලි ගෙ කෑම නොකා යන්න බෑ මට. අපි ටිකක් කතා කරමුද දුව ඊට කලින්"

"ම්ම්ම් හරි අප්පා"

Jungkook ගේ අප්පා ඉස්සරහ තියන පිටුවෙන් මාත් වාඩි උනා.

"Jungkook කරදර කලාද අයේ?"

"අහ් නෑ ... නෑ අප්පා. ඇයි එහෙම අහන්නේ?"

"බොරු කියන්න එපා දුව. මන් දන්නවා මගේ නාසරානියගේ හැටි"

"නෑ අප්පා. දැන් ඉස්සර තරම් එයාට කේන්ති යන්නේ නෑ"

"මට සමාවෙන්න දුව. මන් නිසයි ඔයා මේ අමාරුවේ වැටුනේ. මට jungkook ට ඇත්ත කියන්න ඕනි. ඔයාව මගේ කොල්ලගෙන් ඈත් කරලා ඔයාට ලස්සන ජීවිතයක් දෙන්න ඕනි. ඒත් මේ කොල්ලා මාත් එක්ක කතා නොකර මන් කොහොමද මේ දේවල් කරන්නේ"

"මන් ගැන හිතන්න ඕනි නෑ අප්පා. Jungkook දවසක මේ දේවල් තේරුම් ගනී. එයා කේන්තියෙන් නේ ඉන්නේ. ඒක ටික කාලෙකින් අඩු වෙලා යයි"

"ඒත් දුව මන් කොයි තරම් කාලයක් මේ ලෙඩ ගොඩත් එක්ක ජීවත් වෙයිද කියලා කියන්න බෑ. මන් මේක jungkook ට නොකිව්වොත් ඒ දේවල් මාත් එක්කම සදහට ම වැළලිලා යයි. ඔයා මුළු ජීවිත කාලේට ම මගේ කොල්ලා ළඟ හිර වෙයි. බෑ දුව තවත් ඉවසන්න. Jungkook අද හෙට ම ඇත්ත දැන ගන්න ඕනි"

"හරි අප්පා. අප්පා එනවද මන් කෑම හදනවා බලන්න?"

"අනිවරෙන් ම. යමු අපි"

අප්පා ත් එක්කම මන් කෑම හදන්න පටන් ගත්තා. Jungkook ඇත්ත ලඟදි ම දැන ගනී. ඒකට මන් සතුටු වෙන්න ඕනිද අඬන්න ඕනිද කියලා මට හිතාගන්න බෑ.

පැය දෙකක් වගේ යද්දී මට ඕනි කරපු විදිහට මන් කෑම ජාති ගොඩකුත් හදලා මෙසෙන් තිබ්බා.

දැන් jungkook එන වෙලාව. මන් living room එකේ අප්පා එක්ක jungkook එනකන් කතා කර කර හිටියේ අප්පා ව මෙහෙම දකින්නේ ගොඩ කාලෙකට පස්සේ නිසා.

Door bell එක වදිද්දි මන් දුවලා ගිහින් දොර ඇරියා.

Jungkook ඇවිත්. ඒත් ඉතින් වෙනදා වගේම රකුසු මූණත් හදාගෙන.

"අහ් තමුසේ නැගිටලා ඉන්නේ. මොකද පිස්සෙක් වගේ bathroom එකේ නිදාගන්න?"

Jungkook එහෙම අහගෙනම ගේ ඇතුලට ආවට පස්සේ තමයි එයාගේ අප්පා ව දැක්කේ.

"Minsun එක එකාව ගෙදරට ගෙනත් දාගන්න කියලා මන් තමුසෙට කියලා තියනවද? නෑ නේද? ගෙදර ට එන හැම එකාම ගේ අස්සේ දාගන්නේ නෑ ගෑනියේ. අයේ මෙහෙම දෙයක් උනොත් මන් නරක මිනිහා කියන්න එපා"

"සමාවෙන්න"

"මේ නාකියව එළියට ඇදලා දාපන් මන් උඹවත් එක්කම එළියට ඇදලා දාන්න කලින්"

"පුතා..."

"උඹට පුතෙක් නෑ මිනිහෝ. ගෑනියෙක් තනියම ගෙදර ඉද්දී එන්න උඹට කොයින්ද හයියක්. පලයන් මේ ගෙදරින්. අයේ මේ පැත්තේ එන්න හිතන්නවත් එපා"

එහෙම කියලා jungkook එයාගේ කාමරේට ගියා.

මන් දුවලා ගිහින් අප්පා ව බදාගත්තා.

"අප්පා එයා.. එයා... කියන ඒවා අප්පා අහන්න ඕනි නෑ. එන්න අපි කෑම කමු"

"අහ් මේ මොකද මේ මගේ කෙල්ල අඬන්නේ? මට ඕවා දරාගන්න පුළුවන් දරුවෝ. මන් යන්නම්. මන් තවත් හිටියොත් දුවට කරදර කරයි"

"අනී අප්පා. එන්නකෝ කෑම කාලා යමු"

"නෑ.. Minsun මන් යන්නම් දැන්. ඒක අපි දෙන්නට ම හොඳයි. පොරොන්දු වෙනවා දුවව මගේ කොල්ලා ගාවින් ඉක්මනට අයින් කරනවා කියලා"

එහෙම කියලා අප්පා ගෙදරින් එළියට බැස්සා. ඒ ඇස් දිලිසෙනවා කඳුළු නිසා. මොන අප්පටද තමන්ගේ පුතා එහෙම බනිද්දි අහන් ඉන්න පුළුවන්.

"අප්පා එක විනාඩියක් ඔහොම ඉන්න"

මන් අප්පා ට ඉන්න කියලා ඉක්මනට kitchen එකට ගිහින් පොඩි පොඩි භාජන ටිකක් අරන් මන් උයපු කෑම ඒවට දාලා ලොකු bag එකකට දාලා අරන් ආවා.

"මෙන්න අප්පා. ඉකමනට ගෙදර ගියොත් නිවෙන්න කලින් කන්න පුළුවන් වෙයි"

"මේ මොනාද කෙල්ල?"

"Aish වැඩි දෙයක් නෑ. මන් හදපු කෑම වාගයක්"

"Thank you දුව. මන් ඉකමනට ගෙදර ගිහින් කන්නම්"

එහෙම කියලා jungkook ගේ අප්පා මාව hug කලා.

"පරිස්සමින් යන්න අප්පා"

අප්පා යන්තම් හිනා වෙලා gate එකෙනුත් car එක එලියට දැම්ම වෙලාවේ තමා මන් දොර වහල ගෙ ඇතුලට ආවේ.

"නාකි මිනිස්සුන්ගේ ඇඟේ එල්ලෙන්නත් පටන් ගත්තද ඒ පාර? Husband ව මදි වෙලා?"

"අනි ... අනි... මාස්ටර් එහෙම දෙයක් නෙමෙයි"

"කොහොම දෙයක් උනත් ඉතින් උඹට punishment හම්බෙනවා මගෙන්"

මන් මොකුත් නොකියා ඔලුව බිමට හරවගෙනම හිටියා. මන් කියලා වෙන මොනවා කරන්න ද?

Jungkook විනාඩි විස්සක් විතර වෙද්දි කෑම කාලා ඉවර වෙනකන්
මන් kitchen එකට වෙලා හිටියා.

Jungkook කාමරේ ට ගියේ එයාට තේ එකක් හදාගෙන එන්න කියන ගමන් මයි.

මන් කෑම කන්න පටන් ගත්ත එක පැත්තක දාලා ඉක්මනට තේ එකක් හදාගෙන jungkook ගේ කාමරේ ඉස්සරහට ගිහින් දොරට තට්ටු කලා.

"ඇතුලට එනවා"

"ඔළුවත් බිමට හරවාගෙන මන් තේ එකත් අරන් ගිහින් මෙසේ උඩින් තේ එක තියලා ආයෙම එන්න හදද්දී jungkook මට කතා කලා.

"හෝව් හෝව් කොහෙද යන්නේ? මෙහෙ එනවා තමුසෙට ලොකු වැඩක් තියනව කරන්න අද"

එහෙම කියලා jungkook මෙසේ උඩ තිබ්බ තේ එක අරන් කලින් දවස් වල කරනවා වගේම මුළු කාමරේ පුරාම තේ එක හැලුවා. අන්තිම බිංදු ටික මගේ ඇඟේ වදින විදිහට විසික් කරලා කෝප්පේ බිම පොලේ ගැහුවා.

මෙසේ උඩ තියලා තිබ්බ වීදුරු මල් පෝච්චියත් ඒත් එක්කම පොලේ ගහද්දි මගේ ඇස් වලට කඳුළු පිරුණා. ඇඳන් ඉන්න ගවුමේ කෙළවරක් අතින් තදින් අල්ලගෙන පිටවෙන්න යන ඉකිය නවත්ත ගන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

අද උඹ කරපු වැරදි වල හැටියට මෙලහකට උඹ මගේ ඇඳේ මගේ ඇඟට යට වෙලා මගේ නම කියලා කෑ ගගහ ඉන්න ඕනි. ඒත් අද උඹට අසනීප නිසා මන් ඒක කරන්නේ නෑ. එහෙමයි කියලා කරපු වැරදි වලට දඬුවම් නොදී ඉන්න බෑනේ. දැන් අස් කරපන් මේ ඔක්කොම. එක වීදුරු කටුවක්, එක තේ බින්දුවක් තියෙන්න බෑ. මන් උඹට පැයක් දෙනවා"

"හ...රි.. master...."

එහෙම කියලා jungkook කාමරෙන් එලියට ගියා.
මාත් ඇඬිල්ල පැත්තක දාලා සුද්ද කරන්න ගත්තා.

ඒත් jungkook කිව්ව අසනීපෙ මොකද්ද? මට කිසි අසනීපයක් නෑ...... අනික මීට කලින් මන් අසනීප උනා කියල එයා නිකන් හිටියේ නෑනේ. ඇයි අද? බැරි වෙලාවත්....... මට periods කියලා එයා දන්නවද? ඔයාට පිස්සුද Minsun..... Jungkook වෙන දෙයක් ගැන කියන්න ඇත්තේ...."

මන් මගේ මුළු ශක්තියම දාලා ඊළඟට කාමරේ සුද්ද කරන්න පටන් ගත්තා. නැත්නම් පැයකට පස්සේ මට මොනවා කරයි ද කියලා දන්නේ jungkook ම තමා.

One month later.....

Hwani pov

Aish මේ මනුස්සයා අදත් මැසේජ් එකක් එවලා නේද. දැන් නේ දැක්කේ. Ahhhhh දැන් වෙලාව 4. එයා එනවා කියලා තියෙන්නේ 5ට. අවුලක් වෙන එකක් නෑ. වෙලාවට යාගන්න පුළුවන් වෙයි.

අදත් Bright මට date එකකට කතා කරලා. අම්මපා මේ මනුස්සයා මෙහෙම ඉන්නවද මන්දා. එයාගේ රට ට යන්න අදහසක් නැද්ද කොහෙද?

දැන් මන් මේ Bright එක්ක date එකකට යන 15 වතාව වගේ වෙන්න ඕනි. පුදුම වදයක් එයානම්. Date එකකට යන්න බැරියෑ. ඒත් යන යන තැනින් පොඩි පොඩි කෙල්ලෝ ඇඟේ එල්ලෙද්දි? අනේ ඔප්පා අනේ ඔප්පා ගගා photos ගන්න ඕනි කියද්දී? මන් එපැයි අර මොකාද එකා වගේ ඉන්න. මොන කරුමයක් ද මන්දා. ඒ මනුස්සයට නිදහසේ පාරේ බැහැලා යන්න බෑ.

එයාගේ වැඩ නිසා මට Angel පැටියා එක්ක ඉන්න තියන වේලාව අඩු වෙනවා. ඒ හින්දා පොඩි කේන්තියක් තිබ්බත් Jimin ගියාට පස්සේ මගේ ජිවිතේ ට ලන්වෙලා මාව සතුටින් තියන්න එයා try කරනවා කියලයි මට හිතුනේ. මොකද එයා මන් ගැන පුදුම හිතෙන විදිහට හොයලා බලනවා. Jimin ගෙන් මට ඕනිවෙලා තිබ්බ ඒ දේවල් මට Bright ගෙන් ලැබෙද්දී මට දෙලෝවක් අතර අතරමන් වෙලා වගේ කියලා හිතුනා.

Jimin කියන්නේ මිරිඟුවක් දෝ කියලත් හිතුනා. තව කවදා වෙනකම් නොලැබෙන මිරිඟුවක් පස්සේ යන්න ද මන්? ඒක එයාටත් වදයක් වෙන්න ඇති.

ඒ නිසාම Bright ට මන් මගේ ජිවිතේ පොඩි ඉඩක් දෙන්න තීරණය කලා. ඒත් Bright ට ඒක ලේසි වෙන්නෙ නෑ වගේම මටත් ඒක ලේසි වෙන එකක් නෑ කියලා මට හිතුනා.

අද Bright beach side එකේ තියන restaurant එකක location එකක් තමයි මට එවලා තිබ්බේ. කියපු වෙලාවට වඩා විනාඩි 15ක් මන් පරක්කු උනා.

"ඕහ් Bright ඔයා කලින් ම ඇවිත් නේ"

"නැහැ... මන් වෙලාවට ආවා. අපේ දොස්තර නෝනා තමයි ටිකක් පරක්කු"

"Ahh ඔව් මයි. සමාවෙන්න ඕනි"

"අහ් ඒකට කමක් නෑ. කියන්න මේ තැන හොඳයි නේද?"

"ඔව් හරිම නිදහස්"

"ඒකනේ. මන් දැක්කනෙ මගේ fans ල ආවහම එක්කෙනෙක් ගේ මූණ රතු වෙනවා. ඉතින් මන් කවුරුවත් වැඩිය එන්නේ නැති නිදහස් තැනක් තෝරගත්තා"

"අහ් ඔයා එහෙම කරන්න ඕනි නෑ Bright..."

"එහෙම නැතුව බැනේ. එන්න මන් කෑම order කලා. අපි කෑම කාලා ඉමු"

"ඕහ් ඉක්මනට කමු මට බඩගිනි හොඳට ම අද දවල් ටත් කන්න බැරි උනා"

"Aish අදත්? ඔයා අනිත් ලෙඩ්ඩු ගැන හිතන්න කලින් ඔයා ගැන හිතන්න Hwani. ඔහොම බෑ. අනිත් දවසේ ඉඳන් මන් දවල් ට call කරනවා කෑම කන්න මතක් කරන්න"

"Aish ඕනි එකක්"

"අපි ටිකක් ඇවිදීමු ද?"

"ඕහ් අනිවාරෙන් ම. එකම තැන ඉඳන් ඉන්න එකනෙ මාත් කරන්නේ. ඇවිදින්න මාත් ආසයි"

මන් Bright එක්ක beach එකේ ඇවිද්දා. එයාවත් මමවත් කිසි දෙයක් කතා කලේ නෑ අපි ඇවිද්දා.

"මේක දාගන්න. ඔයාට සීතල ඇති"

Bright එයාගේ coat එක මත ඇන්දුවා.

"Thank you"

"ඉතින් Hwani ඔයාගේ හිත තාමත් වෙනස් උනේ නැද්ද?"

"නෑ මන් හිතන්නේ. ඒක වෙනස් වෙන එකක් නෑ"

ඒ මාතෘකාව ගැන කතා කරන්න මන් අකමැති උනත් Bright ගේ හිත රිද්දන්න බැරි නිසා මන් කිසි වෙනසක් පෙනන්නනේ නැතුව කතා කලා.

"එහෙනම් මට plan B වලට යන්න වෙයි වගේ"

"Plan B? ඒ මොකද්ද ඒ? මට තේරෙන්නේ නෑ"

මන් එහෙම ඇහුවේ ඇවිදින එක නතර කරලා Bright ගේ මූණ දිහා බලාගෙනමයි.

"මෙන්න මේක"

එහෙම කියලා Bright මගේ නළලට kiss එකක් දුන්නා. ඊළඟට මගේ කම්මුල් වලට.

උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මන් ඇස් දෙකත් ලොකු කරගෙන Bright දිහා ම බලන් හිටියා.

"යා මන් ඔයාව කන්න හැදුවා වගේනේ ඔයා මන් දිහා බලන් ඉන්නේ"

"අහ් නෑ. මන් දැන් යන්නම්. මට හෙට ත් වැඩ"

"ම්ම්ම් හරි. මන් drop කරන්න ද?"

"අනී... මන් ආවේ මගේ car එකේ.. මන් යන්නම්. Thank you dinnee එකට"

"හරි Hwani. පරිස්සමින් යන්න බබා"

අහ් aish මේ මනුස්සයා මොනවද මේ කියන්නේ? බබා??? මට අවුරුදු 30ත් පැනලා. අලි බබෙක් මන් දැන්. පිස්සු හදනවා මට මේ මනුස්සයා.

අද ගෙදර ගිහින් Angel ව බලන්න යන්න වෙලාවක් නැති නිසා මන් කෙලින් ම ළමා නිවාසෙ ට ම ගියා.

????? Pov

"අලුත් විස්තර මොනවද?"

"අද මිස් beach එකට ගියා අර Bright කාරය එක්ක"

"එච්චර ද?"

"නෑ... Boss ඌ මිස් ව kiss කලා"

"Fk... මට ඔය නළු බට්ට ව sure නෑ. තමුන් කෙල්ලව follow කරන්න දිගට ම. අර මනුස්සයා ව follow කරන්න වෙන එකෙක් දානවා"

"හරි boss"

Aish මේ යකා මොකාටද මේ එන්න හදන්නේ?

මුලදී ම මට මේ යකා ගැන තීරණයක් ගන්න තිබ්බා.












කතාව කියවන හැමෝටම Thank you 💜

I purple you 💜







Continue Reading

You'll Also Like

615K 30.9K 23
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader β”• 𝐈𝐧 𝐰𝐑𝐒𝐜𝐑, a powerful d...
966K 40.6K 82
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
21.5K 3.4K 32
What is the answer ? Is it love or jail ? πŸ₯‚πŸ’₯ One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
950 56 15
Hey Bonobonoyas!! This My recommendation Books Collection on wattpad.. ( Only My Opinions Guyz ) Status:- Ongoing Category:- Random Language:- Sinh...