Little Rose || KTH || Complet...

By Cyra_00

39.8K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 36

673 151 57
By Cyra_00

After 60 years

Nadia pov

අවුරුදු පනහකට පස්සේ මන් හිමීට හිමීට අමාරුවෙන් ඇවිදගෙන ආවේ අපේ ආදරණිය මතක තිබ්බ ලස්සන තැනකට...අපේ bts ඩෝර්ම් එකට... ඒක දැන් නම් මියුසියම් එකක්...ලේසි නෑ...එයාලගේ මතක පිරුනු ලොකු මියුසියම් එකක්...

අවුරුදු අසුවත් පැන්න මට මේක ඇතුලේ ඇවිදින එක නම් ලේසි නෑ...මන් ඇතුලට යන්න හදනකොටම යූනා ඇවිල්ලා මට ආචාර කරා..එයා මාව අදුරගත්තා මන් හිතන්නේ..අදුර නොගත්තොත් තමා පුදුමේ...එයා මගේ ලව් ස්ටෝරි එකේ හොද රසිකාවියක්...මගේ ෆෑන් කෙනෙක්....යූනා කියන්නේ අවුරුදු 25ක පොඩි කෙල්ලෙක්..එයා තමයි මේ මියුසියම් එකේ සිකියුරිටි එක බාරව ඉන්නේ..අපේ කාලේ තමයි කෙල්ලන්ට මුකුත් බෑ කියන්නේ..දැන් කාලේ කොල්ලන්ටත් වඩා කෙල්ලො ශක්තිමත්..

🐞 මැඩම්...

❤ කොහොමද යූනා...

🐞 මන් හොදින් මැඩම්...මැඩම් අද මෙහෙ ??

❤ මට ජින් ඔප්පාව මතක් උනා...අදට එයා අපිව දාලා ගිහින් මාසයක් යූනා..

මන් ඇස්වල කදුලු පුරෝගෙන එහෙම කියාගෙනම ලග තිබ්බ පුටුවකින් වාඩි වෙනකොට කෙල්ල මගේ මූන බැලුවේ දුකෙන්..ජිවිතේ මට හම්බුන හොදම ඔප්පා එයා...වෙලාවකට මගේම අයියාටත් වඩා ජින් ඔප්පා මාව තේරුම් ගන්නවා..මන් බෑ කියලා වැටෙන හැම වෙලේකම එයා තමයි මාව පුලුවන් කියලා නැගිට්ටෙව්වේ..

🐞 මැඩම්ට දුක ඇති නේද හුගක්..

❤ දුකයි තමයි...ඒත් මේක ජිවිතේ යූනා..අපි ඉපදුනොත් කවදාම හරි දවසක මැරෙන්න වෙනවා..මාත් අද හෙට මැරෙයිද කියලා කියන්න බෑ...මොනවා උනත් ජින් ඔප්පා හුග කාලයක් දරුවෝ , මුනුපුරෝ එක්ක සතුටින් ජීවත් උනා යූනා..මට ඒකට සතුටුයි..ටේත් ජින් ඔප්පාගේ මරනෙන් පස්සේ අසනීප උනා...යූන්ගි ඔප්පා උනත් දැන් ඉන්නේ ලෙඩ ඇදේ....පව්..එයාලට දරාගන්න බැරුව ඇති...මොනවා උනත් එයාලා අවුරුදු ගානක් එකට ජීවත් උනානේ..ඩිස්බෑන්ඩ් උනත් එයාලගේ බැදීම් අඩු උනේ නෑ...

මන් එහෙම්ම වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටේ..ටිකක් ජින් ඔප්පාගේ රූම් එක තියෙන තැනට ගිහින් ඉන්න...මන්, ටේ ඔප්පා ඒකේ ඇතුලේ ඕන තරම් එයාව බදාගෙන අඩලා ඇති...

❤ මන් යන්නම් යූනා...ඔයාටත් වැඩ තියෙනවානෙ..

🐞 එහෙම ලොකු වැඩක් නෑ මැඩම්..කාලයක් මෙතන මිනිස්සු පිරුන තැනක් උනාට දැන් මෙතනට වැඩිය මිනිස්සු එන්නේ නෑ...මිස්ටර් සියොක්ජින්ගේ මරනේ දවස් වල නම් මීඩියා කාරයන්ගෙන් මේක වැහිලා තිබ්බා..ඒකත් ටික කාලයයි...මිනිස්සුන්ට හැමදේම හරි ඉක්මනට අමතක වෙනවා....දැන් ආවත් එන්නේ හුගක් වයස අය...

❤ ඒ තමයි යූනා ආර්මිලා...එයාලා තමා අද මෙතනට එන්නේ...මිනිස්සුන්ට හැමදේම ඉක්මනට අමතක උනාට ආර්මිලාට නම් bts කියන්නේ තාමත් ජීවමාන වස්තුවක් යූනා..

🐞 මට වෙලාවකට පුදුමයි මැඩම්...එයාලා ඩිස්බෑන්ඩ් වෙලා අවුරුදු 45ක් වෙනවා..එයාලගේ වැඩිමලාත් නැති වෙලා දැන් මාසයක්...ඒත් තාමත් මේ ලෝකේ එයාලාගේ ෆැන්ඩම් එක තියෙනවා..බලන කෙනෙක්ට පෙනෙයි මේක නාකි ගෑනුන්ගේ විකාරයක් වගේ...ඒ උනාට මෙතනට එන හැමෝගෙම ඇස්වල තියෙන්නේ පුදුමාකාර සතුටක්..මන් මගේ ඇස්වලට දැකලා තියෙනවා මේ දොරෙන් ඇතුල් වෙන්නේ 50 පැනපු අය උනාට ඇතුලේ හැසිරෙන්නේ අවුරුදු 18 19 කෙල්ලෝ වගේ..

❤ අපි වයසට ගියාට ආර්මි කියන්නේ වයසට යන දෙයක් නෙමෙයි යූනා...මේ ලෝකේ අන්තිම ආර්මි මැරෙනකම්ම bts කියන්නේ ජීවයක්...අන්තිම ආර්මි මැරුන දවසට bts කියන්නේ ලෝකෙම වෙනස් කරපු ලෝක පුරාවෘතයක්..

🐞 මාත් ආර්මි කෙනෙක් තමයි මැඩම්...හැබැයි මන් ඒ කාලේ හිටියා නම් මැඩම්ගේ හස්බන්ඩ්ව උස්සනවා..

❤ ඒක කරන්න වෙන්නේ නෑ කෙල්ලේ...මාත් මගේ හස්බන්ඩ්ව උස්සන්න ට්‍රයි කරලා බැරිම තැන තමා කොල්ලෙක් වගේ හරි ලගට ගියේ..

🐞 චින්චා..මැඩම් එදා කතාව බාගෙටනේ නැවැත්තුවේ...ඊට පස්සේ මොකද ඉතින් උනේ ?? මැඩම් ඩෝර්ම් එක දාලා ගියාට පස්සේ ආවේ කොහොමද ??

යූනා එහෙම කියලා පුටුවකුත් අරන් හරි බරි ගැහිලා වාඩි වෙලා මාවත් පුටුවකින් වාඩි කෙරෙව්වේ කතාවේ ඉතුරු ටික අහගන්න ඉවසිල්ලක් නැතුව..

මන් ආවේ නෑ...මාව ඩෝර්ම් එකට උස්සගෙන ගියා..

මන් එහෙම කිව්වාම නම් කෙල්ලගේ කට කනේ..කන නහයේ...නහය ඇස් දෙකේ..ඇස් කටේ..

🐞 මෝ ?? කවුද ??

❤ වෙන කවුද ඉතින්...වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් ජින් තමයි...

Flashback

ටේ ඔප්පායි ජින් ඔප්පායි අතරේ උන රන්ඩුව නිසා මන් හොස්පිටල් එකෙ ඉදන් කෙලින්ම ආවේ හැල්මොනිගේ ගෙදරට...මන් නිසා එයාලා රන්ඩුවෙනවා බලන් ඉන්න මට පුලුවන්කමක් තිබ්බේ නෑ..මට ඕනේ එයාලගේ සතුට..ඒ වෙනුවෙන් මන් මගේ ජීවිතේ උනත් දෙන්න ලෑස්තියි..

මන් එතනින් දුවගෙන එනකොට දෝනි මට ඔම්මා කියලා කත කරාම මගේ පපුව පිච්චෙන්න වගේ ආවා...මගේ මැණික කියලා පැනලා බදාගන්න හිතුනා..ඒත් මට එහෙම කරන්න අයිතියක් නැ..සෝයොන්ග් ඔන්නි කියපු එක ඇත්‍ත..මට පිස්සු..හොල්මන් !! මේ ලෝකේ හොල්මන් කියලා දේවල් නෑ...ඔන්නි කිව්ව එක ඇත්ත..ඇරත් මොන අක්කාද කැමති තමන්ගේ නංගි හොද ආත්මයක් ලබන්නේ නැතුව හොල්මනක් වෙලා ඉන්නවා කියලා හිතන්න..

🌹 නාදියා..

❤ ම්ම්ම්...

🌹 උබට යන්න හිතෙන්නෙ නැද්ද බන්..එයාලා උබව හොයනවා ඇති..අර දරුවා උබට ඔම්මා කියලා කතා කරාම මගේ පපුව හෝස් ගාලා ගියා යකෝ..

❤ උබ හිතන්නේ මට දුකක් නෑ කියලාද අයිශු..මට දැනෙන්නේ මගේ ජිවිතේම එහෙ දාලා ආව වගේ..ඒත් මට බෑ ආත්මාර්තකාමී වෙලා එයාලා ලගට යන්න..ම..මන්...

🌹 ශ්ශ්..හරි මැණික...දැන් අඩන්න එපා..

මගේ ඇස්වලින් කදුලු එක පිට ගලාගෙන යනකොට මන් එහෙම්ම අයිශුව බදාගෙන ඇඩුවා..මන් මේ දවස් දෙකට කරපු එකම දේ අඩපු එක විතරයි.. හැල්මොනි උනත් මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැති නිසා මන් නිදහසේ කාමරේට වෙලා ඇති තරම් ඇඩුවා..කොච්චර ඇඩුවත් මගේ දුක නම් පොඩ්ඩක්වත් නැති උනේ නෑ..

ඩිං ඩෝන්ග්🔔🔔

👵 චූටි...කවුද ආවේ බලන්න...

ගෙදර බෙල් එක වැදුන ගමන් මට ඇහුනා හැල්මොනි චූටිට කතා කරනවා..ඇත්තටම ඒකිට චූටි කිව්වාට එයා ඇත්‍තු හත් දෙනෙක්ගේ සයිස්..මගේ හෙනහුරා එයා තමයි..අපේ බාප්පාගේ පොඩි දුව...මලම වාතයක්...මන් මොනවද කරන්නේ එයාටත් ඒකම කරන්න ඕන..මන් දන්නවා දැනටමත් මන් අඩනවා කියන එක අයේශ්ගේ කනේ තියල ඇත්තේ...ඔය චූට් අතාරින ගිනි බෝම්බ අයේශ් ගනන් ගන්නේ නැති නිසා හොදයි..ඇත්තම කිව්වොත් චූටිව මටයි අයේශ්ටයි පේන්න බෑ...තඩි බතල මලහෝන්තුව..

💥 අ...අක්කේ...ජි..ජි..ජි.....

එකපාරටම මගේ කාමරේට කඩන් ආපු චූටි හති දාගෙන ජිජි ගගා ගොත ගහලා කිව්වාම මට හිනාත් ගියා..බතලි අඩි දෙකක් තියන්න බැහැ හති...එයා ඇත්තටම ආර්මි කෙනෙක්..මගේ කරුමෙට එයාගෙත් බයස් ටේ ඔප්පා..බයස් ව්‍රැකර් ජින් ඔප්පා...හැබැයි ඉතින් ඒ බතලි දන්නේ නෑ මන් ඉන්නේ එයාලා එක්ක කියලා..මන් ඕක කිව්වා නම් ඒකිටත් එන්න ඕන කියලා කෑ ගහයි..එයාව අරන් ගිහින් ලස්සනට තියන් ඉන්න මගේ නම්බුව කයි..

ජිජි ??

💥 අක්කේ...දොර අරිනවකෝ....ජින් ඔප්පා ඇවිල්ලා..

❤ මොකක් ??

චූටි හති දාදා ඇසුත් ලොකු කරන් ඒක කියනකොට මන් එයාවත් තල්ලු කරන් ඉක්මනට දොර ලගට ගියේ එයා කිව්ව දේ ඇත්‍තද කියලා දැනගන්න..මගේ පස්සෙන් අයිශුත් දුවගෙන ආවා..මන් ගියපු ගමන් දොර අරිනකොට ජින් ඔප්පා නහයත් අත ගගා ඉන්නවා..

🐹 ඔයාලා මෙහෙමද අප්පා මනුස්සයෙක් ගෙදරට ආවම සලකන්නේ..ලංකාවේ මනුස්සයෙක් ගෙදරට ආවම මෙහෙම දොරෙන් මූනට දමලා ගහනවාද ?? හරි අමුතු චාරිත්‍ර මේවා..මගේ නහයත් දොරේ වැදුනා..

❤ ඔ..ඔප්පා ඇයි මෙහෙ ??

🐹 මන් ආවේ ඔයාව එක්කගෙන යන්න..

❤ ම..මට බැහැ..

🐹 බැහැ කිව්වාට කරන්න දෙයක් නෑ..එන්න දෙන්නම යමු...

❤ මට සමාවෙන්න ඔප්පා..මන් දන්නේ නෑ ඔයා කොහොමද මෙහෙ හොයාගත්තේ කියලා..ඒත් මට එන්න බැහැ...ආපු විදියටම යන්න...

මන් එහෙම කියලා යන්න හැදුවාම ජින් ඔප්පා එකපාරටම මගේ අතින් ඇදලා අරන් මාව උස්සලා කරට දාගත්තා..

යා..යා...ඔප්පා මාව බිමින් තියන්න...ඔප්පා...
වැටෙයි මාව...

🐹 කට වහගෙන ඉන්න..අයිශු නගිනවා වාහනේට..
ඒයි චූටි කෙල්ල..කෝ ඔයාගේ හැල්මොනි..

💥 ඇ...ඇතුලේ...

ඔප්පා මාව එක කරකට උස්සලා අරගෙන අයිශුවත් එක අතකින් අල්ලගෙන චූටිගෙන් ටිකක් සැරෙන් ඇහුවාම කෙල්ල ගොත ගහ ගහ කියලා ආයි දුවලා යන සද්දේ ඇහුනා..සැක් මට මූන බලාගන්න විදියක් නෑනේ..මේකා මාව උස්සන් ඉන්න විදියට මෙලෝ මගුලක් පේන්නේ නෑ..ඔප්පාගේ පිට විතරයි පේන්නේ...මොනවා නැතත් ඔප්පා රස්නෙයි හුගක්..එයාට උනවත් දෙ ??

👵 ආහ්..ජින් පුතා..ඔයා එනවා කිව්වාට ඔච්චර ඉක්මනට එයි කියලා හිතුවේ නෑ..

මෝ..ජින් පුතා..ආච්චිට හාල් ගරන්න..එයා කොහොමද මෙයාව දන්නේ...එනවා කිව්වා..මොනවද මේ කියවන්නේ..ඔලුවත් එක්ක පැටලෙනවා..

🐹 මන් එනගමන් නම්ජුන් හැල්මොනිට කතා කරන්න ඇත්තේ...මන් යනවා එහෙනම්..වැඩි වෙලා ඉන්න බැහැ...

👵 හරි පුතා..පරිස්සමින් මගෙ කෙල්ලො දෙන්නාව අරන් යන්න..

හැල්මොනි එහෙම කිව්ව ගමන් ජින් ඔප්පා අයිශුව ඇදගෙන ගිහින් කාර් එකේ ඉස්සරහ ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි කරවලා මාව පිටිපස්සේ ශීට් එකට ඇතෑරලා ඔප්පා ඉස්සරහ පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා ශීට් එකට ඔලුව තියාගත්තා..

🐹 අයිශු..ඔයාට ඩ්‍රයිවින් පුලුවන් නේ..ඉක්මනට ඩෝර්ම් එකට යන්න..මේ බතලිව කරගහන් ඉදලා මට කැරකිල්ලක් වගේ ආවා..

❤ යාහ් ඔප්පා...

ජින් ඔප්පා එහෙම කියනකොට අයිශු බය වෙලා වගේ ඇසුත් ලොකු කරන් ඔප්පා දිහා බලන් ඉදලා එයාගෙ නලලට අත තිබ්බා..

🌹 දෙයියනේ ඔප්පා..ඔයාගේ ඇග හොදටම රස්නෙයි..කොහොමද ඔහොම ඩ්‍රයිව් කරන් ආවේ..

🐹 මගෙ උනට වඩා මට මගේ මල්ලිලාව වටිනවා අයිශු...මගේ අතින් ඔයාලාට ලොකු වැරැද්දක් උනේ..මට සමාවෙන්න..

❤ ඔප්පා..ඔයා වැරැද්දක් කරේ නෑ...ඔයාගේ තැන මන් හිටියත් ඒ දේම තමා කරන්නේ..

🐹 වෙන්න ඇති...ඒත් මගේ වැරැද්ද මට හදාගන්න ඕන..ඒ නිසා චේබල් දෙන්නාම මාත් එක්ක යමු.. ජන්ග්මිට හොදටම උන නාදියා..එයා ඔම්මා ගගා මතුරනවා...ටේ දවස් දෙකක ඉදන් කාලා නෑ...

❤ ඔප්පා 🥺🥺

මෙච්චර වෙලා මන් පාලනය කරන් හිටිය කදුලු එකදිගට ගලන්න පටන් ගත්තාම මන් දැක්කා ජින් ඔප්පාගත් ඇස්වහන් හිටියට ඒ ඇස්වල කදුලු බේරෙනවා..අයිශු කාර් එක ස්ටාර්ට් කරලා යන්න පටන් ගත්තාම ඔප්පා කතා කරන්න පටන් ගත්තා.

🐹 මට සමාවෙන්න නාදියා...අපි ඉක්මනට යමු අයිශු...ජිමින් ඊයේ ඉදන් මුකුත් කාලා නෑ..එයා කාමරෙන් එලියට එන්නේ නෑ..හැමෝම මැරිච්ච ගානට ඉන්නේ..එයාලා ඔයාලා දෙන්නාට ඒ තරම් ආදරෙයි නාදියා...මට ඕන උනේ නෑ ඔයාව එයාලගෙන් ඈත් කරන්න...ඒත් සෝයොන්ග් මගේ ෆියොන්සේ..මන් කොහොමද මගේ මල්ලි එයාට එහෙම කෑ ගහනවා බලන් ඉන්නේ..නායොන්ග් නැති උනාට පස්සේ සෝයොන්ග් හුගක් වැටුනා..එයාලා දෙන්නා හැමවෙලේම එකට හිටියේ...සෝයොන්ගේ ගෙදර අය නායොන්ග් නැති උන එකට ටේට බැන්නත් සෝයොන්ග් ඒ කිසිම දෙයක් ටේට දැනෙන්නවත් දුන්නේ නෑ...එයා එයාගෙම මල්ලි කෙනෙක්ට වගේ ටේට ආදරෙයි නාදියා..එහෙම එකේ ටේත් එයාට ඒ විදියට කතා කරාම එයාට දරාගන්න බැරි වෙයි කියලා මට බය හිතුනා..එයා නායොන්ග් නැති අඩුව ටිකක් හරි පිරිමහගත්තේ ටේගෙන්...

❤ ම..මට සමාවෙන්න ඔප්පා..මන් ඒ දේවල් හදලා කිව්වේ නෑ...ම..මන් ඒවා නොකියා ඉන්න තිබ්බේ... ම..මට සමාවෙන්න..

🐹 ඔයා සමාව ගන්න එපා නාදියා...මට ඔයාව විශ්වාසයි..එවෙලේ මට ටිකක් කේන්ති ගියා..මායි වැරදි..ඔයා යනකොටවත් මන් ඔයාව නැවැත්තුවේ නැති එකට මන් අදටත් පසුතැවිලි වෙනවා..

🌹 උන හැමදෙයක්ම දෙන්නාම අමතක කරලා දාන්න...කිසිම හේතුවක් නැතුව ඔයාලා හැමෝම දෙපැත්තකට වෙලා දුක් වින්දේ...

❤ මාත් හිතනවා ඒක හොදයි කියලා..මට සමාවෙන්න අයිශු...මන් නිසා ඔයාට ජිමින් ඔප්පාගෙනුත් ඈත් වෙන්න උනා..

🌹 උබ කටවහපන්..මන් ගිහින් එයාව ශෙප් කරගන්නම්...

අයිශු සැරෙන් කිව්වාම ඔප්පාත් ගැස්සිලා ගියා..මේකිගේ කටේ සද්දේ එයාලා අහලා නෑනේ ඉතින්..දැන් දැනගනිවි අහින්සක අයිශුගේ තරම..

ඒත් ඔප්පා කොහොමද ඔයා කොහොමද අපිව හොයාගත්තේ...

🐹 ආහ්..ඒක මේ අයේශ් කිව්වේ...

කිරීස්.......💥💥💥

🌹❤ මොකක්...

අයිශු මහ පාර මැද්දේ එකපාරටම බ්‍රේක් කරා..මාව කෙලින්ම ගිහින් ඉස්සරහ ශීට් එකේ වැදුනා..වෙලාවට පාරේ වාහන නෑ..නැත්‍තන් තුන් දෙනාම ස්වර්ගස්ත වෙනවා..

🐹 ආව්..මාව අඩු වයසින් මරන්නද හදන්නේ..තාම බැන්දෙත් නෑ..

❤ ඔ..ඔයා කියන්නේ අයියා හැමදේම දන්නවා කියලාද ??

🐹 ඔව් ඉතින්..ඔයාලා දෙන්නාව කොච්චර හෙව්වාත් හොයාගන්න බැරි උනානේ..ඉතින් නම්ජුන් අයේශ් එක්ක කතා කරා..අයේශ් ඊයේ රෑ කොරියාවට ආවේ..එයාව හම්බුවෙන්න ගියා මායි නම්ජුනායි..එනකොට තෙමුනා..එකයි මේ උන ගත්තේ..

❤ මොකක් අයියා කොරියා වල ?? එ..එයා කිව්වේ එයාට එන්න පරක්කු වෙනවා කියලනේ...

🐹 ඒක නම් ඔයාට ඔයාගේ අයියා එක්ක බේරගන්න වෙයි...කොහොමත් නම්ජුන් අයෙශ්ව අද ඩෝර්ම් එකට එක්කන් එන්නම් කිව්වා..එයාට ඔයා එක්ක ප්‍රශ්න වගයක් විසදගන්නත් තියෙනවා කිව්වා..

❤ මෝ ?? අයිශු...වාහනේ හරවන්න..ඉක්මනට හැල්මොනිගේ ගෙදර යන්...අයේශ්ට අහු වෙනවට වඩා හොදයි ගෙදර ඉදන් අඩ අඩ ඉන්න එක..යමු...යමු...

🐹 කොහේ යන්නද ?? ඩෝර්ම් එකට යමු...අයිශු ඔයාට ජිමින්ව බලන්න ඕනෙ නැද්ද...එයාට සනීප නෑ...දවස් දෙකක ඉදන් එයා කාලා නෑ..

ජින් ඔප්පා අයිශුගේ වීක් පොයින්ට් එකටම ගැහුවාම අයිශු මන් දිහා සමාවෙන්න ලුක් එකක් දාලා කාර් එක ආයි ස්ටාර්ට් කරලා යන්න පටන් ගත්තා..

..............................................................................................

අප්ඩේට් පරක්කු උනාට සමාවෙන්න ලමයි..මට මේ දවස් ටිකේම වැඩ පිරිලා තිබ්බේ...හවස් වෙලා තව එපියක් දෙන්නම් 🙂🙂

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

367K 23.3K 87
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
15K 2.9K 32
ගසක් කැපුවම දුක අහන්නෙ කවුද මුල්වල? මලක් වැටුනම දුක අහන්නෙ කවුද පැළවල? හිතක් බිඳුනම දුක අහන්නෙ කවුද සිත්වල? ඇත්තටම...
24.1K 4.4K 31
𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚜𝚝𝚘𝚛𝚢.....🎀 Sweet memories of teenage LOVE 💘 [Sinhala]
1.9K 269 7
Helai bik ah hi chuan taekook ONESHOT bik kan post thin dawn nia.... support our precious taekook🐯💜🐰