"මන් කිරිල්ලියක් තමයි..
මේ මගේ පිහාටූ...
ටරර ටරර රා..."
සින්දු කෑල්ලකුත් කිය කිය මන් ඉදියේ අපේ අලුත් ගෙදරට යන ගමන්.. මට ඉතින් යන්න කියලා තියෙන්නෙ මගේ රෝද දෙකේ සුරතලා ස්කූටර් රාජයා විතරනේ..අරගෙන යන්න මහ ලොකු දෙයකුත් නැති එකේ.. ඒ භාණ්ඩේ මරු සට ගාලා අස්සෙන් පස්සෙන් දාලා ගමන යන්න...
"මේ ඕයී.. මේ ඕයි... අහපන් පොඩ්ඩක්.."
"මොකක්ද.. කියපන්.. ඉක්මනට.."
වේගෙන් හුළං කපාගෙන ස්කූරේ යන හින්දා අපි දෙන්නම කතා කරන්නෙ මහ සද්දෙන්.. හරියට අන්දරේගේ මායියයි රජ බිසවයි වගේ... අපි දෙන්න කියන්නෙ ඉතින් වෙන කවුරුත් නෙමෙයි මායි මෙන්ටල් ලපයා යස්වියි.. මන් විතරක් ඔය ගෙදර තනියෙන් මොන අලයක් තම්බන්නද.. ඒක හින්දා ඉතින් මන් උන්දැවත් ඇන්න ආවා..
"මාර වැඩේ නේ බන්.."
"අනේ මේ.. ඕයි උඹ ආස මහ මඟ හැප්පිලා මැරිලා යන්නත.. ආහ්.. කියන ලපයක් කියහම්කෝ බන් ඉක්මනට මගේ ඔලුව අවුල් වෙනවා.."
"බන්ටිවයි සෙව්වන්දිවයි දාලා ඇවිල්ලනේ..."
"ඈහ් බොල ගොන් වාහේ තොගේ මොළේ ගං කබරද මැටි මෝලෝ... මන් අච්චර කිව්ව නේ.. ඔක්කොම හරියට දාගනිම්.. කියලා උබ ඒ දෙන්නව අරන් ඇවිල්ලත් නෑනේ බන්..."
"අනේ මේ.. නවත්තපන්කෝ.. පොඩ්ඩක්... ඕයි නවත්තහන්..."
මල වාතේ ඇහුවම කිව්වා හරි හරි ඔක්කොම හරි කියල ඔය හරි ගියේ අගේට.. සැක්.. මොනවා කරන්නද.. මන් අයිනට කරලා ස්කූටිය නැවැත්තුවේ ගොන් වහන්සෙට දෙකක් කියන්න...
"ඒහ් යමන්.. ආයේ හරවන් ගිහින් අරන් එමු.. යමන් යමන්..."
"බලහන් බන්.. අමාරුවෙන් තෙල් ටික ගහගත්තේ.. අනික මේ ලයිශන් ඇත්තෙත් නෑ.. පොලිස් නාම්බෙක්ට අහුවුනොත් දඩේ ගෙවන්න වෙන්නේ තොගේ කුණු වකුගඩු විකුණලා... කරන්න බෑනේ බන්.. සැක්.."
"හරි හරි බන්.. වකුගඩ්ඩ නෙමේ ඕන මගුලක් විකුණහන් මට මොකෝ යමන් ආයේ හරවගෙන.."
ආයෙම අපි ස්කූටරෙත් හරවන් ගියේ අනාථ නිවාසෙට.. එහෙට ගිහින් බන්ටිවයි සෙව්වන්දිවයි දාගෙන ආයේ අලුතෙන් කොනක ඉදන් හැමෝ එක්කම කතා කරලා අලුත් ගෙදරට එනකොට දහයත් පහුවෙලා.. උදේ අටට ආපු ගමන.. හරි ශෝක් ඉතිම්.. හරි ජොලි...
ෆ්ලවර් රෝඩ් එකේ දිගටම යනකොට ඒ පාරේ අන්තිම හරියේ තමා ඒ ගෙදර තිබ්බේ.. ලස්සනයි.. ගොඩක්.. හිත එතන නැවතුනේ බලෙන්ම වගෙයි.. ලොකු මිදුලක් නොතිබුණත් තිබුණ පුංචි ඉඩ ලස්සනට නඩත්තු කරලා තිබුණා.. මහා විසාල නැති හුරුබුහුටි පුංචි ගේට්ටුවකින් ඇතුළු වෙලා දෙපැත්ත මල් වවලා තිබුණ කෙටිම කෙටි පාර නවතින්නේ ගෙදර දොර ළඟින්.. දොර ළඟත් පුංචි පුංචි පතොක් පැළ පිරුණු රාක්කයක්ම තිබුණා..
"මේ ඕයි උඹ රැජින වගේ සිරි බලන්නයි මන් මුට්ට කරගහන්නයි ගිහින් අරන් වරෙම් උබේ අර මල ඉලව් ටික..."
මගේ රසවින්දනේට සම්පූර්ණෙන්ම බාධා කරන ගමන් යස්වි කෑ මොර තිබ්බා..
මාත් ස්කූටිය ළඟ ගිහින් මගේ බෑග් එකත් අරන් ඇවිත් මිස්ටර් වනිගරත්න මට දීපු යතුරෙන් ගෙදර දොර අරින්න හදනකොටම කාර් එකක් ඇවිත් ගේට්ටුව ඉස්සරහා නැවැත්තුවා.. යතුර දොරේ එහෙමම තියෙද්දි අපි දෙන්නම ගිහින් ගේට්ටුවෙන් එළියට ඔලුව දාලා බැලුවේ කවුද කියලා...
"දෙන්නම දැන්ද ආවේ.."
එහෙම අහන ගමන් කාර් එකෙන් බැස්සෙ ලෝයරයා.. නිකමට හිතුනා අම්මවත්දෝ කියලා.. හ්හ්..නෑ එයා කොහේ එන්නද.. මගෙත් මනස්ගාත...
"ඔව් සර් දැන් ආවා විතරයි..."
මන් වෙනුවට උත්තර දුන්නෙ යස්වි...
"ගෙදර කොහොමද හොඳයි නේද..."
ගේට්ටුවෙන් ඇතුළට එන ගමන් ලෝයරයා ඇහුවා...
"හොඳයි සර්.. යන් ඇතුළට..."
"නෑ නෑ මන් ඉක්මනට යන්න ඕන... උසාවියට යන්නත් තියෙනවා.. එහෙනම් ඔයාලා අස් පස් කරගන්නකෝ ඇතුළේ ඔක්කොම බඩු මුට්ටු තියෙනවා ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා..එහෙනම් හොඳින් ඉන්න මන් ගිහින් එන්නම්.."
ට්‍රැක්ටරේ වගේ ගොර ගොර ගගා කියාගෙන කියාගෙන ගිහින් එයත් කාර් එකේ නැගලා යන්න ගියා... ආයෙම ගේටුවෙන් ඇතුළට ඇවිත් මන් වටපිට බැලුවේ යස්වි පේන්න හිටියේ නැති හින්දා.. නාකියා එක්ක ගියාවත්ද දන්නැ ඒහෙව් එකා...
එතකොටම මන් දැක්කා දොර ඇරලා තියෙනවා...
මේකා මටත් කලින් ගිහින්නේ යකොව්...
මාත් ඉතින් මගේ බෑග් මල්ලත් උස්සන් ගේ ඇතුළට ගියේ වටපිට බල බලමයි...
ඇත්තටම අමුතුම ලස්සනක් ඒ ගේ ඇතුළේ තියෙන්නෙ.. ගෙදර හැම බඩුවක්ම සුදු රෙදිවලින් වහලා තිබුණත් ඒකත් මට පෙනුනේ ආර්ට් එකක් වගේ... බිත්ති හැම එකක්ම සම්පූර්ණයෙන්ම හිස්.. තනියම ඉන්න තනියම ජීවත් වෙන්න මට ලැබුනු පළවෙනි ගේ හින්දා වෙන්නැති.. මගේ හිත මේ තරම් මේ ගේ ගැන ආසාවෙන් මිරිකෙන්නේ...
සුදු පාට රෙද්දකින් වහලා තිබුණ සෝෆා එකේ රෙද්ද අයින් කරලා මන් ඒකෙන් වාඩි වුණා.. පුදුමයි ඒ සෝෆා එක කළු පාටයි.. ඒ ළඟම තිබුණ අනික් සෝෆා දෙක වහලා තිබුණ සුදු රෙදි ටික අයින් කළේ අනිත් ඒවත් මේ වගේද කියලා බලාගන්න..
ඔව් ඒවත් කළු පාටයි.. මැජික් එකක් වගේ.. ඇයි මන් කැමතිම විදියට හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ.. කවුද අම්මා කියන මනුස්සයද.. හ්හ් නෑ වෙන්න බෑ.. එයා කොහොමද ඒවා දන්නේ... මොනා වුනත් හිතුවට වඩා මගේ හිත අල්ලගන්න මේ ගෙදරට පුළුවන් වුණා..
"ආහ් ළමාතැනී... නැගිටපන් නැගිටපන්.. ගනිම් මේක.. අස්කරන්න පටන් අරගනිම්..."
යස්වි ඇවිත් මගේ අතට රෙදි කෑල්ලකුත් දීලා ගස්සගෙන උඩට ගියා.. හත්තික්කේ දැන් පටන් ගනිම්කෝ මේ මගුල අස් කරම්න.. මේ මගුල් ගෙනාපු එකා රෙදිවල ඔතලා පිස්සු කෙලින්නැතුව ගියානම් ඉවරනේ පාඩුවේ.. සැක්...
පැය ගාණක් එක දිගටම ගේ අස්කරලා ඉවර වෙලා අපි දෙන්නම සෝෆා එකට වැටුනා.. හත්තික්කේ... මහන්සියි...
"අඩෝ... මහන්සි බම්.. "
"සිරාවට යකොව්.. ෆට්ටම බඩගිනි... අයිස් පෙට්ටිය ඇරලා බලහම්.. කොටා බාන්න යමක් තියෙද කියලා..."
මන් ලපේස්ගෙන් ඇහුවේ කන්න මුකුත් නෑ කියලා දැනගෙනම තමයි...
"තියෙනවා.. උබේ... මන් කියන්නෑ තියෙන එක... "
"යාලුවේ අපි දැන් එම් කේ.. යකොව් මුන් මාව මරන්න හදනවා බම්.. අල්ලලා බලහම්.. සද්දෙත් එනවා..."
"මොනා හරි ගේම්මු..."
ලපේස් එහෙම කිව්වාම.. මායි ලපේයි මූණට මූණ බලාගත්තේ මට ආපු කුල්ල කුජීත අයිඩියාස් එකම ඌටත් ආවද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න...
"කොට්ටු මී කමුතෑ යාළුවේ..."
"මන් කියන්න ගියා විතරයි.. ගේම්මු ගේම්මු.."
මායි ලපේයි අමුතු පණක් ආවා වගේ සෝෆා එකෙන් නැගිටලා ගෙදරින් එළියට ආවේ කොත්තු මී ගේම්න... හම්නේ අපේ ජාතික ආහාරේ... දොරත් වහගෙන යතුරත් සාක්කුවේ දාන් කඩේට යන්න ආවේ පයින්මයි...
කලින් කෙළින්ම ගේ දිහා විතරක් බැලුවට මොකද අසල්වැසියෝ මොක්කුද කියලා බලාගන්නත් බැරි වුණ එකේ මායි යස්වියි පොඩ්ඩක් නැවතිලා අපේ ඉස්සරහා ගෙදර දිහා බලන් ඉදියේ ඒක පොඩ්ඩක් නිකන් මීටරේට අහුවෙනවා අහුවෙනවා වගේ ෆීලින් එකක් එද්දි..
"දැකලා පුරුදුයි වගේ පොඩි ලයින් එකක් නැද්ද බන්..."
"මාත් මේ ඒක තමයි බන් බැලුවේ..."
අපේ ගෙදරට වඩා සෑහෙන්න ලොකු.. අපේ එකටත් වඩා ලස්සන ගෙයක් ඒක.. ඒත් මන් කල්පනා කරේ මේ මගුල ගැන ඇයි මට පුරුද්දක් දැනෙන්නේ කියලා...
බ්‍රාආආආආආආආආආආස්ස්....
කන එකපාරටම කීන් ගෑවිලා ගියේ කනට සෙන්ටිමීටර් ගානක් ඈතින් ඇහුනු බ්‍රේක් සද්දෙට...
මුන්ට අපිව පාර වගේ පේනවද දන්නෑ කර උඩින් යන්න හදන්නෙ.. හිටහම්කෝ...
අල්ලපු ගෙදෙට්ට ඇහැ දාන එක නවත්තලා මම ගිහින් කාර් එකේ බොනට් එකට අත ගුලි කරලා සයිස් පාරක් දුන්නේ මොකා උනත් මේකේ අයිතිකාරයට රිදෙයිනේ එතකොට...
"ඒ ඕයි මේ.. මට සරීර කෘත්‍ය කරම්න ඕන වගේ.. මන් යනවා හොදේහ්..."
උඩ පැන පැනම එහෙම කියපු ලපේ මගේ සාක්කුවට අත දාලා කී එකත් අරගෙන ගෙදරට දිව්වා.. හනේ අම්මපා මූටත් චූ බර වෙන්නේ මේ වගේ වෙලාවටමනේ...
ඒත් එක්කම වගේ කාර් එකේ ඩ්‍රයිවර්ගේ සයිඩ් එකේ දොර ඇරගෙන පොරක් බැස්සා.. මොනා වුනත් හැන්ශම් හයේ හතරේ ඩෑල් එක... හැන්ශම් උනාට වැරද්ද වැරැද්දමනේ...
"තමුසෙගේ ආච්චිට දෑවැද්දට මී මුත්තා දුන්නු පාරේ යනවා කියලද හිතන් ඉන්නේ ආහ්... "
අර බැහැපු මිනිහගෙන් මන් ඇහැව්වේ තරහෙන්...පාරේ මැද්දේ හිටගෙන හිටියා කියලා හප්පගෙන යන සිරිතක් නෑනේ...
හත්තික්කේ..මොකද මට වෙලා තියෙන්නෙ මේ පොරත් හෙන පුරුදුයි වගේ නේ.. රෑට හීන දකින මගුල්ද දන්නෑ මේ ඇත්ත වෙන්නේ.. කවුද මේ රට මනමාලයා...
"අවින්දි...!! ඔයා අවින්දි නේද...."
මේන් මේ සලබයා මගේ නමත් දන්නවා...
"කවුද තමුන්... මගේ නම දන්නේ කොහොමද කියනවා... ආහ්..."
"මේ මම.. බොල... යශේන්.. යශ්.. යශ්.. මතක නෑ කියන්න නම් එපා..."
"හෑහ්... උබ.. මෙච්චර ලොකු වුනේ කෝමත යාලුවේ... හත්තික්කේ... හත්තික්කේ හත්තික්කේ... බලහම්කෝ උබේ කටුශැකිලි බොඩිය අල එල්ලලා වගේ වෙලානේ... ඒහ් සිරාවට අඳුන ගන්න බැරි වුණා බන්..."
"හ්හ් උබ වෙනමද බන්... කට හින්දා... අඳුනගත්තේ නැත්තන් කොහෙද..."
"පල පල... එතකොට මේ උබලගේ ගෙදරද..."
අපේ ගෙදරට ඉස්සරහා ගෙදර පෙන්නන ගමන් මන් ඇහුවේ සැකේ හරියට කන්ෆර්ම් කරගන්න...
"නෑ නෑ අපේ අප්පච්චිගේ... ඇයි වදේ මතක නැද්ද ආවා නේ මෙහේ..."
"ඕව මතක තියෙයිද බම්.. උඹ පහ වසරේ ඇඹිත්තන් කොලු ගැටයා කාලෙනේ මන් ආවේ.."
යශේන්.. යශේන් සංඛ ප්‍රභාශ්වර අපේ ප්‍රයිමරි ස්කූල් යාළුවෙක් අපි තුන්දෙනා එකටමයි ඉදියේ.. ඒත් සෙකන්ඩරි එකේදි අපි වෙන්වුනා.. දැන් ආයෙම නේබරයෝ වෙලා මරු මරූ ....
"යශ්..."
අපි දෙන්න මලක් කඩාගෙන ඉන්නකොට කාර් එක ඇතුළෙන් හෙන ගැඹුරු වොයිස් එකක් ආවේ.. මගේ ඔලුවේ කැරකී කැරකී තිබුණ කොත්තු මී පැකට් එකත් සට පට ගාලා නැතිවෙලා යද්දී...
"ඒහ් මොකෙක්ද බන්.. ඒ"
යශ්ගේ කනට කරලා මන් ඇහුවේ ඇත්තටම මේ බහුභූතයා කවුද කියලා හිතාගන්න බැරුව...
"අර එහා පැත්තේ දොර ගාවට ගිහින් බලහම්කෝ උබට පෙනෙයි එතකොට..."
පුහ්...
මන් කිව්ව විදියටම හෙමින් හෙමින් කාර් එකේ අනික් පැත්තට ගියේ ඇතුළේ ඉන්න බහුභූතයා කවුද කියලා බලාගන්න... මන් දොර ළඟටම ගිහින් ග්ලාස් එකෙන් ඇතුළට එබුනේ ඇතුළේ මෙලෝ මලදානයක් එළියට පෙනුනේ නැති හින්දා...
ඒත් එක්කම ඇතුළේ හිටපු එකා දොර ඇරියේ මගේ නහය චොප්පන් වෙලා යන්න... යකොව්...නහයයි නළලයි ෆ්ලැට් වුනාද කොහෙද.. මූට පේන්නැද්ද මන් මෙතන ඉදියා කියලා.. දඩස් ගාලා දොර ඇරියේ...
මන් නහයත් අල්ලගෙනම ඈත් වුනේ ඇතුළේ හිටපු භූතයා එළියට එද්දි...
කියන්න කියලා දාහක් වචන කට අස්සේ බල්ටි ගැහුවත් මොකක්දෝ පුදුමෙකට එක වචනයක්වත් තොල් අස්සෙන් පිටවෙන්නේ නෑ...
කළුම කළු ෆුල් ශූට් එකක් ඇදලා හිටපු බහුභූතයගේ ඇස් තදම තද කළු පාටයි.. ඝනට වැඩුණු ඇහි බැම එකට එකතු කරගෙන මන් දිහා බලන් හිටපු විදියට නිකන් ඇඟම හිරි වැටිලා ගියා වගේ... නපුරුකමෙන් ඒ ඇස් දිලිසෙනවා.. ගානට වැක්ස් කරලා හදලා තිබ්බ කොණ්ඩේ එයාගේ තිබ්බ ලුක් එකට නියමෙට මැච් වෙනවා.. පළල් උරහිස්... නහර ඉලිප්පුනු අත්.. පුදුම ගැළපීමක් ඒක...
ඒ විතරක් නෙමේ හදවත හාරගෙන යනවා වගේ දැනෙන අමුතුම පර්ෆියුම් සුවඳ.. කලින් කවදාවත්ම දැනිලා නෑ.. මොකද මේ මගේ හාට් එක මීටර් සීය දුවන්නේ.. ඇඟ පුරාම කරන්ට් එකක් දුවනවා වගේ.. තත්පර ගානකින් ඇත්තටම මන් පිස්සෙක් වුනාද කොහෙද...
මූණ පේන තරමට පොලිශ් කරපු සපත්තු දෙක දිහා ටිකක් වෙලා මන් බලාගෙන හිටියේ ඒ දිලිසෙන ඇස් දිහා මට කෙලින් බලන්න බැරි නිසා...
"යශ්.. ගෙදර යන් ඉක්මනට..."
කටහඬ කලින්ටත් වඩා ගොඩක් ළඟින් ඇහුන හින්දම ආයෙම මොළෙත් එක්ක හිරිවැටිලා ගියාද කොහෙද... පෙනුමටම ගැළපෙන ගැඹුරු නපුරු කටහඬක් ඒක.. මුකුත් නොකියම මන් දොර ළඟින් අයින් වුණේ බහුභූතයා මට රැව්වා කියලා ඇස් කොනෙන් පෙනෙද්දී... මුකුත් කියන්නත් දිව නැවෙන්නෑනේ දෙයියනේ... ජෙයියනේ මොකත මට මේ වුනේ...
"මේහ් අපි ගියා.. උබ කොහෙද දැන් ඉන්නේ..."
යශ්ගේ කටහඬින් මන් පියවි සිහියට ආවා..
"ආහ් අර ඉස්සරහා ගෙදර ඉන්නෙ අපි... "
"වට් ද.. යකොව් සිරාවටම.. එහෙනම් මොකක්ද.. හවසට හම්බෙමු.. දැන් යනවා ඈහ්... මේකට තද වෙලා ඉන්නේ..."
"ඒහ් ඒහ් කවුද කියහම් ඒ.."
"අයියා බම් අයියා.. මතක නැද්ද... "
"නෑනේ උබට අයියෙක් ඉදියද..."
"හරි හරි ඒක පස්සෙ බේරගමු බන්.. මන් ගියා දැන්.."
එහෙම කියපු යශ් කාර් එකට නැගලා එයාලගේ ගෙදර ඇතුළට ගියේ මන් බලාගෙන ඉදිද්දිමයි..
අරූ ටොයිලට් වලක් හාරනවද දන්නෑ මෙච්චර වෙලා..
කඩේ යන එක පැත්තකින් තියලා මන් ආයේ ගෙදර ගියේ යස්වි එක්කන් එන්න..
ආයේ ඉතින් එක්කන් එන්න දෙයක් නෑ මන් දන්නැද්ද මුගේ හැටි මාව යම කටේ දාලා ඇවිත් ගේට්ටුව අස්සේ ඉදන් ඔත්තු බලනවා...
"උබ නම්.. බන්... හැදෙන්නෑ..."
"මොන හැදිල්ලක්ද යකොව්.. බොට පෛත්තියන්ද.. මොකක්ද ඒ කළේ..."
"ඔව්වොව්.. පෛත්තියන්... උඹ අඳුනගත්තා නේ යශ්ව... උබේ කුරුස් එකනේ.."
"ඔව් ඉතින්.. ඇයි උබ දැක්කේ නැද්ද.. ඇතුළේ කේශ් අයියා ඉන්නවා දොර අස්සේ මගුලක් කරේ..."
"මොන අයියා.."
"කේශ් යකෝ කේශ්... "
"මොන කේස කල්‍යානියක්ද බන් ඒ..."
"ගෑම්නියේ යශ්ගේ අයියා.. කේශර... කේශර ප්‍රභූ මේඝාදිත්‍ය..."
පෙනුමටම ගැළපෙන නම... වෝහ්.. බහුභූතයා මගේ මොළේ අරක් ගෙනද කොහෙද...
ඔක්කොම ඒවා අමතක කරලා මන් ආයෙම ලපේස්වත් ඇදන් කඩේට යන්න ගියේ ඔය මොකා වුනත් අපිට කන්න බොන්න දෙම්නැති හින්දා..
________________________________
මීළඟ මේඝය..
හ්හ් දවස් මොකටත.. කෙටෙන දවශකට ඩෙන්නම්.. ඉතිම්... හී හි
පරිස්සමෙන් සතුටින් ඉන්ඩෝ හැමෝම...
@BINIE