සමහර වෙලාවට හිතිලා නැද්ද මුහුද දවල්ට එච්චර නිශ්ශබ්දව ඉන්නේ දරාගන්න බැරි තරම් දේවල් හංගගෙන කියලා ? එහෙමත් නැත්තන් දවල් කාලේදි අපි සද්ද කරන තරමට මුහුද වේදනාකාරි විලාපය ඇහෙන්නේ නැතුවම ගිහින්ද ? ඒකද රැට මුහුදේ විලාපයේ තියන වේදනාවට ආදරය කරන මිනිස්සු බිහිවෙන්නේ ? තේරවිල්ලක් වගේ පැටලෙනවා නේද ?
සතියක විතර ලොකු නිශ්ශබ්දතාවක් ඔහේ ගෙවුනා.. ඒක නුවර අහසට කියලාවත් ගාලු අහසට කියලාවත් වෙනසක් නැති තරම්.. නුවරට වහිනකොට , රොබරෝසියන් මල්පෙති හෝදගෙන වැටෙන හැම වැහිකදුළක්ම නුවර වැව ආදරෙන් පිළිගත්තා.. ඉතින් ගාල්ලට කියලා වෙනම ද ? නැහැ... සුළි සුලං එද්දි මුහුදු රළ පවා ආපස්සට යවන්න තරම් ලොකු හුස්ම තිබුණා...
අතට වොච් එකත් දානගමන් කාමරේ දොරත් වහලා එළියට බහින කෙයාන් දැකක්ම චූටි ආයේ යක්ෂාවේෂ උනේ නෑ කිව්වොත් බොරු... වෙනදා වගේම චූටිටයි සතීශ්ටයි අතත් වනාගෙන දත් සෙට් එකමත් දාලා හිනා වෙලා බයික් එකේ යතුරත් කරකව කව එළියට යන කෙයාන් මේ සතියට උදේට ඉර පායනවා වගේ ෂුවර් ෂොට් දසුනක් කිව්වොත් වැරදි නෑ..
'' ඒ පාර අර කොහේද යන්නේ ? '' චූටි බාගේට පුපුර පුපුර මිමිණුවා.. සතීශ් යන්තං ඔළුව උස්සලා කෙයාන් දිහා බලලා ආයේ ෆෝන් එකටම අවධානේ යොමු කළේ ඔය හාදායාට කියලා වැඩක් නැති විත්තිය හොදටම දන්න නිසා.. කෙයාන් ඔය ගියා ගියාමයි ගෙදර එන්නේ රෑට... දුක නං අඩපන් කියලා කිව්වත් කෙයාන් කරන්නේ පිස්සෙක් වගේ එයාටම හිනා වෙලා සතීශ්ගේ පිටට තට්ටුවක් දාලා ෂේප් වෙන එක.. නවය දහය වෙනකං කෙයාන් ඔෆිස් එකේ.. ඊට පස්සේ හැමදාම උට ක්ලබ් පාටි... ගෙදර එනකොට දොළහා එක පහුවෙනවා.. යනකොට දෙපයින් යන එකා එන්නේ හතර පයින්... චූටි දවසක් ගෙදර තනියම නිසා මොකක්ද මේකේ තේරුම කියලා සතීශයා අහපු දවසේ කෙයාන්ගේ නල්ල මලේ උත්තරේ තමයි '' මං මේ වගකීම්සහගත වෙනව මචං.. '' ... වුනේ මොකක්ද කියන්නවත් , වෙන්නේ මොකක්ද කියන්නවත් , සහන්ස අය්යා කොහේ අතුරුදහන් වෙලා ද කියන්නවත් මොන මගුලක්වත් දන්නැතුව ගෙදර නිකන් ඒලියන් පිටියක් වෙලා... කෙයාන්ගේ හිනාවේ තියන බොරුව කොච්චරක්ද කියනවා කවුරුහරි මැරුණා කිව්වමත් හිනාවෙන්න පුළුවන් ...
'' තමුසෙත් ඉන්නවා ඕක ඔබ ඔබ.. '' චූටි කිව්වේ අතට අහුවුන හැන්දෙන් සතීශ්ගේ ඔළුව දෙසට වේගවත් පහරක් එල්ල කරන ගමන්...සතීශ් ඒකටත් මුකුත් නොකිය ඔඩොක්කුවට වැටුන හැන්ද සද්ද නැතුව පැත්තකින් තිබ්බේ චූටි ගස්සෙගෙනම උඩ තට්ටුවට යනවා ටයිල් එකෙන් පරාවර්තනය වෙනවා බලාගෙන.. කෙලින් බලන්න බැරි එකට ටයිල් එකත් හොද විසදුමක්... දැන් චූටි ගියොත් ආයේ පහළට එන්නෑ හවස් වෙනකං.. එක්කො මානෙල් ආන්ටි එක්ක කය්යක්. නැත්තන් චූටිගේ යාලුවො එක්ක ගමනක්...
'' අහ්ම්.. අද කොහේ හරි යන්න තියේද ? '' සතීශ් කිසි උනන්දුවක් නැති ගානට ෆෝන් එකෙන් ඔළුවවත් උස්සන්නැතුව ඇහුවේ පඩිපෙලේ බාගයක්ම නැගලා නැවතුන චූටිගෙන්..
'' නැ.. '' චූටි රතිඤ්ඥා දැම්මා වගේ..
'' හ්ම්ම්.. හොදටම ෂුවර්ද ? '' සතීශ් ඒ පාර ෆෝන් එකත් සාක්කුවට දාගෙන නැගිට්ටා. මෙහෙමත් ගැස් ඉවසන්ට පුළුවනැ..
'' තමුසෙට මොකටද ඒක ? '' චූටි කිව්වේ පඩිපෙළේ ඉතිරි ටිකත් නගින ගමන්.. එක අතකින් ලොකු අය්යා ගෙදර නෑ, අනිත් අතින් පොඩි අය්යා පිස්සු නටනවා... ඉන්න අනිත් එකත් විකාර කියවනවා...
'' ඒත් ... '' සතීශ් ඔළුව කස කස කියන්න මොනා හරි අහුළනො.. එක අතකින් පව් කියලාත් නොහිතෙනවා නෙවේ...
'' ඒත් මොකද ? '' චූටි ආයේ ඇහුවේ පඩිපෙළේ අත්වැට ගාවින් පහළට එබිලා... සතීශ් ඔළුව කසනවා කැසිල්ලක්... මැක්කො ඉන්නවාද ෂුවර් නෑ ඔළූවේ.. ඇයි ඒ තරං සුපිරිසිදුව ඉන්නවානේ..
'' සහන්ස අය්යා ගාල්ලේ ගෙදර.. කෙයානුත් දන්නවා ඒක.. ඒ දෙන්නට ටිකක් කල් දෙන්නකෝ.. ඔය පොඩි පොඩි ප්‍රශ්න වෙනවානේ ඉතින්...'' සතීශ් රැප් කරනවා වගේ කියාගෙන ගියේ ඔළුවත් කස කස...
'' හා.. ඇත්තට ?? මරු කියනකං ඉදියේ මං... '' චූටි නෝන්ඩියට කිව්වේ සතිශ් කියපු දේ සත පහකට ගණන් ගන්නේ නැතුව කාමරේට ගිහින්... සහන්ස ගාලු නොයා වෙන කොහේ යන්නද ? ඒක තේරෙන්නැති වෙන්න මොලේ නැතුවයැ.. චූටි එයාටම කියාගත්තා.. ඇදට එහා පැත්තේ රැක් එකේ එල්ලලා තිබ්බ මෙරුන් රෙඩ් මික්ස් වුන ඩාක් සිල්වර් ඔසරිය දිහා චූටි බැලුවේ බාගේට රවලා.. ස්කොලේ පළවෙනි සෝශල් එක.. පළවෙනි පාරට සාරියක් අදින්න ඇගිලි ගැන ගැන ඉදියේ සිනෙලි..
'' මං ඇතුළට එන්නද ? '' සතීශ් තට්ටු කරන සද්දේට තමා චූටි පියවි සිහියට ආවේත්.. මේ ගොන් ආදාගෙන් තියෙන්නෙත් පුදුම කරදරයක්.. මොනවා කිව්වත් මාළු ටැංකිය බිදුන දවසේ ඉදන් චූටි ටිකක් කේන්ති ගන්නවා අඩුයි... එයා ගිහින් සතීශ්ට දොර ඇරියේ මිනිහා ඔළුවත් බාගේට කස කස උළුවස්සට හේත්තු වෙද්දි... සතීශ්ගේ වැඩ කෙසේ වෙතත් උට තිබ්බේ හෙන අහිංසක ඇස් දෙකක්.. හිනා වෙනකොට නං ඉරි දෙකක් වගේ රැලි වැටෙනවා... ඔළුව කසද්දි නං තනිකර මෙසී ලුක් එකක්... ඇන්දොත් අදින්නේම එයා වගේ තව දෙතුන් දෙනෙක්ට බහින්න පුළුවන් තරම් බැගී ටීෂර්ට් වගේම පොකට් පිරිච්ච ට්‍රවුසර්ස්... පෝර උරේකට හාලැමැස්සෙක් බස්සලා වගේ සතීශ්ව පෙනුනත් ඒකෙන් එයාගේ කෙට්ටු උස අමුතු පෙනුම ටක් ගාලා කැපිලා පේනවා...
'' මොකද ? '' සතීශ්කාරයා ආපු එක අදාළම නැති එකක් ගානට චූටි ඇහුවේ ඇද උඩ දිගඇරලා තිබ්බ ඔසරිය කබඩ් එකටම ඔබන්න හිතාගෙන ගුලි කරලා අතට ගන්න ගමන්... මෙන්න මෙව්වට තමා සතීශ් , මායං කියන්නේ.. සාරිය ඔතලා අතට ගත්ත විදියට කාටද දුක හිතෙන්නැත්තේ ? සතීශ් කටත් ඇද කලේ සිනෙලි දිහා බලලා...
එක අතකින් චූටි ඇත්තටම පව්... අය්යලා දෙන්නාගේම රණ්ඩුවක් පැටළුන වෙලාවට තැලෙන්නේ එයානේ.. ඒත් කලින් පාර වගේ නෙවේ මේ පාර ඒක ගොඩක් දුරදිග ගිහින් කියලා නං සතීශ්ට පේනවා.. සහන්ස ගාල්ලේ ගෙදර කියලා දැනදැනත් කෙයාන් එහේ යමු කිව්වේවත් නෑ... අඩුම සහන්ස මේ සතියටම කෙයාන් ගැන වචනයක් ඇහුවෙත් නෑ.. කෙයාන් පලවෙනි දවස් හතරම වගේ කාමරේට වෙලා දොරත් ලොක් කරගෙන ඉදියේ.. ඒ දවස් ටිකට මිනිහා පුදුම නිශ්ශබ්ද වෙලා කියලා සතීශ්ට නොහිතුනා නෙවේ... කෙයාන්ට නිතර එන පැනික් ඇටැක් එක නිසාම චූටියි එයයි මාරුවෙන් මාරුවට කාමරේට ඇහැ ගහන් ඉන්නේ...
අනිත් අතින් සහන්ස අය්යාට කේන්ති යන්නේ කොච්චර කලාතුරකින්ද කියන්න සතිශ් දන්නවා.. ඒ නැට්ට පාගගත්ත වෙලාවට ලේසියෙන් කුල් වතුර බිලාවත් නිවන්න බැරි තරං ඇවිලෙනවාත් එක්ක.. නැත්තන් පළවෙනි දවසේම ඉස්කොලේ ඉස්සරහම කෙයාන්ගේ කකුල් දෙක පතුරු යනකං ලේ එන්න නෙළයිද ? වෙන මුකුත්ම නැතත් සතීශ්ගේ අය්යා සදේශ් ඩෙරාම්ව පඩි පෙළින් තල්ලු කළෙත් සහන්සට යක්ෂාවේෂ වුන වෙලාවක.. ඒ වෙලාවට මිනිමරන්න තරම් කේන්තියක් එන සහන්ස මේ වගේ වලියක් දාගන්න එක අතිශය සරලයි කියලා තමා සතීශ්ට හිතුනේ...
'' යන්නේ නැද්ද ? '' සතීශ් කටත් ඇදකරගෙන උළුවස්සට හේත්තු වෙලා ඇහුවේ අතේ තිබ්බ වොච් එකින් වෙලාවත් බලලා..
'' නෑ. '' සිනෙලි කිව්වේ පුලුවන් තරං දිවත් ඇදලා...
'' අර ජිප් එකේ පෙට්රල් තියෙනවා.. '' සතීශ් ආයේමත් ඔළුව කසන ගමන් කියනවා චූටි බලාගෙන ඉදියා.. මුගේ හැටිමයි මේ.. කියන මගුලක් කෙලින් කියන්න දන්නේම නෑ.. නයා නෙවේ තෙල් කරවලා වගේ පුදුම ඇදගැහිල්ලක් මේක...
'' යනවද නැද්ද කියන්න මට වැඩ තියෙනවා.. ''
'' ඉතින් ගිහින් කරගන්නවා.. ''
'' එනවද නැද්ද ? '' සතීශ් ඒ පාර ටිකක් තදින් ඇහුවත් චූටි නෙවේ සතපහකට සැලුනේ...
'' නෑ .. ''
'' අන්තිම පාරට හොදේ අහන්නේ.. එනවාද නැද්ද ? ''
'' නෑ කියලා මං සැරයක් කිව්වනේ. '' චූටි කේන්තියෙන් කිව්වේ සාරිය ඇද උඩටම විසි කරලා... මේක පුදුම වැඩක්නේ.. හිතන් ඉන්නේ අාසාවෙන් නොයා ඉන්නවා කියලාද දන්නෑ,.. පලවෙනිම සෝශල් එක.. යාළුවො ටිකම ආයේ කවදා හම්බුවෙයිද දන්නෙත් නැ. යන්නැතුව ඉන්න හිත හදාගත්තම ආයේ ඇවිත් වදදෙනවා.... චූටි හිතුවේ නහයෙනුත් පිඹින ගමන්...
'' හොදට ෂුවර්ද ? ''
'' ඔව් යන්නෑ තමයි.. ''
'' යනවා.. '' ඒ පාර සතීශ් තව සෙද්දක් කියවනො....
'' ඔයා කවුද එහෙම කියන්නේ ?? මං යන්නෑ,. ''
'' මං යනවා කිව්වොත් උබ යනවා තමයි.. ''
'' ඔය සාරියද මොකක්ද එකත් අරගෙන පහළට එනවා... ඔය යන්න තියන අටමගලෙකට මං ගිහින් දාන්නම්.. '' චූටි ආයේ කටක් අරින්න කලින් සතීශ් නඩුවේ අන්තිම තිරණේත් දිලා දොරත් දඩාස් ගාලා වහගෙන කාමරේන් ගිහිල්ලත් ඉවරයි...
ටක් ටික් ටුක්.. ගැම්මට අර ටික කියලා පහළට ආවාට මොකද සතීශ්ගේ හාට් එක ගැහෙන්නේ එකසිය විස්සට... පුදුමයි චූටිට සද්දේ දාලා ඌ තාම යහතින් ඉන්න එකත්.. නොකිව්වට මොකද මිනිහා හොදම එකින් චූටිට බයයි.. කතා කරලා දිනන්නත් බෑ ගුටිකාලා දිනන්නත් බෑ.. අද මෙච්චර සද්දේ දානකං චුටි ඉදපු එකත් පුදුමයි එක අතකින්... කියන දෙයක් අහන කෙනෙක් නං බැරිය.. සහන්ස අය්යායි කෙයානුයි එකතු වෙලා හොදට තෙදොල් කරලා හොස්ස අගින් මැස්සා යන්න බැරි වෙන්නම හදලා නංගි බබාව ඉතින්..
චූටි සාරියත් බෑග් එකට ඔබාගෙන ඔන්න ඔහේ යනවා කියලා හිතාගෙන පඩිපෙළින් පහළට බැහිනවා සතීශ් බලාගෙන ඉදියා.. කෲර සතුටක් හිත පුරා දෝරේ ගලන්නේ නෑ කිව්වොත් ඒක සිගිරිය දෙබැ වෙන බොරුවක් හිතමිත්‍රවරුනි.. හරි ඉතින් චූටි පළවෙනි පාරට එයා කියන දේකට කිකරු උනාම අහිංසක සතීශ් උනත් සිවිලිමේ වැදෙන එක අහන්නත් දෙයක්ද ? මිනිහා ඒ ගැම්මට ඇවිත් තව ටිකෙන් නගින්නෙත් වැරදි පැත්තෙන්... නෝන්ඩි වෙන්නත් බැරි තැන පොර සිනෙලිට ඒ පැතත්තෙන් නගින්න කියලා ඉගි කළා... ඔය කතාවල තනිකර වෙන්නේ ඔහොම වෙන්ට බැරිද ?
'' පොඩි අය්යා බනිද ? '' චූටි සද්දේ අඩු කරලා ඇහුවේ සතිශ් ජිප් එක ස්ටාට් කරනකොටම වගේ...
'' කෙයාන් ද? ඒ මොකට ද ? ''
'' එයා ඇත්තටම හොදින් වගේ පේනෝද ඔයාට ? '' සිනෙලි ඇහුවේ කටත් ඇද කරලා..
'' කෙයාන් ?? හොදින් ??? ඇස් පේන්නැද්ද බං ? මෙහේ ඉදන් අවුරුදු තුනක් රට පුරා සහන්සව පිස්සුවෙන් වගේ හොයද්දිවත් උගේ ඇස් දෙක ඔච්චර රතු පාටට තිබ්බා ද ? '' සතීශ් කිව්වේ ලේසිම උදාහරණෙන්.. ඇස් දෙක විතරක් නෙවේ කෙයාන් මළමිනියක් වගේ මේ සතියට සුදුමැලි වෙලා ගිහින්.. අර බොන බීමට කෙයාන් පාට පිච්චුන ඩෙනිමක් වගේ... අඩනකොට සද්දේ ඇහෙන්නැති වෙන්න විකාගෙන ඉදලාද මන්දා තොල් දෙක හොදටම තුවාල වෙලා... ඒ මිනිහාගේ හැංගිලා තියන දුක විතරයි... ඒත් මිනිහා පිස්සෙක් වගේ හිනා වෙනවා.. පිස්සෙක් වගේ පාටිවලට යනවා... ආයේම බිලා ගෙදර එනවා.. සහන්ස ඉදිද්දි අතුරුදහන් වෙන ඇට්ටර ප්ලේ බෝයි ගතිය හොදට මතු වෙලා....රෑට කෝපි හදාගෙන අමතක වෙලා සහන්සගේ කොප්පේටයි එයාගේ කොප්පේටයි දෙකටම දාගෙන ඒක දිහා බල බල හිනා වෙනවාත් සතීශ් දැකලා තියනෙවා... සහන්ස ගාල්ලේ කියලා සතීශ්ට කිව්වෙත් කෙයාන්.. ඒ වෙලාත් ඔහේ ඇවිදින මළමිණිය වගේ.. ඒ පේන චුට්ට අස්සේ කොච්චර දුකක් හැංගිලා තියෙනවාද කියලා හිතන්නවත් ඕන නැති තරම්.. කෙයාන් හැමදාමත් එයාම විදියට හැසිරුනේ එක තැනකදි විතරක් නම් , ඒ තැන නැති උනාම එයාගේ මේ වෙනස් හැසිරිම එක අතකින් සතීශ්ට නං පුදුමයක් නෙවේ..
'' ලොකු අය්යාට කේන්ති යන්න තරං මොනවද දන්නේ නැ නේද උනේ ? '' චූටි ආයේත් ඇහුවේ බැග් එක උඩින් නිකටත් තියාගෙන...
'' ඒක එයාලාගේ ප්‍රශ්නයක් .. ''
'' දෙන්නම මගේ අය්යලානේ ඉතින්.. මට ඒ දෙන්නා විතරයිනේ.. '' චූටි ආයේ කිව්වේ ජනේලට රවන ගමන්..
'' සිනෙලි... ''
'' ඇහ් ? '' චූටි බැලුවේ මේ ටිකකට කලින් මේ ඔලමොට්ටල වඩේ කරත්තකාරයා ඒක කියපු හැටිද ඇහුන හැටිද කියලා බලාගන්න.. බං බොලං උබ නැතුව මූ නමින් කතා කළාමද කොහේ හරි නං.. ඉතින් කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙන්නැද්ද....
'' බැහැපං බං... සැලෝන් එක... '' සතීශ් ආයේ කිව්වේ එයාගේ මොංගල් ටෝන් එකට මාරු වෙලා.. ගහන්න පුළුවන් තැනක ඉදියා නං අනාගතේ අදුරු වෙන තැනට චූටිගෙන් කාලා මේකා...
'' මං නවත්තගෙන ඉන්නම්.. ඉක්මනට වරෙන් හොදේ..! '' සතීශ් කිව්වේ ජිප් එකින් බැහැපු චූටිට..
'' ඇ ? පිස්සුද ඒයි ? පැය හතරක්වත් යයි... ''
'' මොකා ???? පැය හ-හ-තරක් ? යකො උබේ මූණේ ලෙලි ගලවනවා ද එච්චර වෙලා ? ''
'' ඇයි ආවාට ටික පුරවලා ගන්න තියෙනවානේ.. ''
'' හද නං ලස්සන අාවාට තියනකොට හැබැයි.. '' සතීශ් ඇගට පතට නොදැනි කිව්වේ චූටිට ඇහැක් කඩලා ..
'' ආහ්හ්.. ඇත්තට ? උබෙන් ඔය කතාව අහන කිවෙනි කෙල්ලද මං ? '' චූටි ඇහුවේ සතීශ්ව ලප් තැනම ලොප් කරලා... ඔහොමත් මූණටම අහනවාද ඉතින්...
'' හරි හරි ඉතින්... ඉක්මනට එනවා .. මට බෑ බලන් ඉන්න.. ''
'' ආවාම කියයි ආයේ පල කියලා... උබේ හැටිනේ ඒ.. '' චූටි ඒ කියාගෙන ගියේ එසේ මෙසේ වදනක් දෙකක් නෙවේ කෙලින්ම සතීශ්ගේ හිසේ හිස පාදාන්තය උණුවතුර ජෝගුවකට දැම්මා වගේ සැර හින්ට් එකක්.. මේකිට මේවා කොහෙන් එනවද මන්දා කටට... සතීශ් මුකුත් නොකිය චූටිට හෝන් එකක් ගහලා වාහනේ අනිත් පැත්තේ පැත්ත පාරට හරවලා පාක් කලේ ඒ හරියේ වාහන අඩු නිසයි සැලොන් එක තිබ්බ බිල්ඩින් එකේ පාක් එකට වඩා හෙවන නිසයි කිව්වොත් වැරදි නෑ...
'' ආවාම කියයි ආයේ පල කියලා... උබේ හැටිනේ ඒ '' චූටි කිව්වේ පහුගිය සති දෙක තුන පුරාවට වුන හැම සිද්ධියකින්ම ආයේමත් සතීශ්ගේ ඔළුව පුරවලා දාලා... මිනිහා එහෙමම ස්ටිරින් වීල් එක උඩින් ඔළුව තියාගත්තේ ඇස් දෙකත් හිමින් පියාගෙන... අත් දෙක වෙව්ලන එක නවත්තගන්න මිනිහා තදින්ම ස්ටියරින් වීල් එක අල්ලගෙන ඉදියත් , කම්මුල දිගේ බේරිලා ඇවිත් හිතුවක්කාර විදියට ඩෙනිම් කලිසමේ උකුළ උඩට වැටුන තෙත බිංදු නම් නවත්තගන්න විදියක් ඌම දැනගෙන ඉදියේ නැති තරම්... ඩෙනිම උඩ තෙත් කරන හැම අමුත්තෙක්ම ඒ වැට්ටුවේ හැගීමක්... ඒවාල තව දිය වෙන්න බැරිතමටම හැගිම් දිය වෙලා තිබුණා කිව්වොත් ... මං වැරදි නැතුව ඇති ...
.
.
.
.
.
.
~ මතු සම්බන්ධයි '
* එකපාරට අර ඩබලව ඇදලා ගත්තේ කතාවේ වැදගත් හැරවුමක් එන්ට තියන නිසා.. මොකා නැතත් මේ වඩේ කරත්තකාරයා චූටිට ගොඩක් ආදරෙයි... ඒ ලව් එකට දැෂ පලා කදුලැලි නගින නිසයි මේ ඩබලගේ සින් දාන්නේ හුම්ම්..
සාමාන්‍යයෙන් වෙනදට නං කතාවක් කියවන අය ඉස්සරහාට වෙන දේවල් , එයාලා සැක කරන දේවල් එහෙම කමෙන්ට් එකක් දානෝ.. මේක එහෙම නෑනේ අප්පා. මං ඔහේ ලියනො.. ඔයාලා ඔහේ කියවනො වොට් කරනො යනො. එහෙම ගියාම තමයි මට උනත් ලියන එක එපාම වෙන්නේ.. වෙලාවක් නැති එකට වඩා.. 🧐😒
* වචන 1770ක් මේ වැඩ ගොඩ එක්ක.. දවසට නිදාගන්නේ පැය තුනයි.. සතියන් සතිය ලෙඩ වෙනවා එහෙන්... හුම් . කතාව කැතයි වගේ නං කැතයි කියලාවත් කියාගෙන යන්න අප්පා..