🍂 • FLOWER PETALS • 🍂 | Vm...

By Xyuwana_00

4.9K 1.3K 815

[ COMPLETED ] " නුඹ වෙනුවෙන් මගේ හදවතේ දළු ලා වැඩෙණ ආදරය...... දවසින් දවස මා මරණය කරා රැගෙන යන... More

🍃 . 01 . 🍃
🍂 . 02 . 🍂
🍃 . 03 . 🍃
🍂 . 04 . 🍂
🍃 . 05 . 🍃
🍂 . 06 . 🍂
🍃 . 07 . 🍃
🍂 . 08 . 🍂
🍃 . 09 . 🍃
🍂 . 10 . 🍂
🍃. 11 .🍃
🍂. 12 .🍂
🍃 . 13 . 🍃
🍂 . 14 . 🍂
🥀 • HANAHAKI • 🥀

🥀. Epilogue .🥀

237 46 41
By Xyuwana_00

අවුරුදු 5 කට පසු.....

: ටේ... බේබී.... පොඩ්ඩක් මෙහෙට එන්නකෝ......

ලීනාගේ හඬ කන වැකෙනවත් සමඟම සාලේ සෝෆා එකේ ඉදගෙන ලැප් එකත් අතේ තියාගෙන වැදගත් වැඩක යෙදිලා හිටපු ටේහියුන් නැගිටලා කාමරේ පැත්තට ආවා.....

: ඔහ්.... ලීනා.... ඔයා මොකද්ද මේ කරන්නේ......

: ඔයාට හොද නෑ ඔහොම උඩ නඟින්න....

කාමරේ තිබුණ කබඩ් එක ළග පුටුවක් තියාගෙන ඒක උඩ නැගලා ඉන්න ලීනා ළගට අඩියෙන් අඩිය ළං වෙන ගමන් ටේහියුන් කිව්වා....

: ඒත් .... ඔයා වැදගත් වැඩකනේ හිටියේ ටේහියුන්ගි.... ඔයාට ඩිස්ටර්බ් කරන්න හිතුනේ නෑ මට......

ලීනා පුටුව උඩ ඉදන්ම ටේහියුන් දිහා බලලා ආදරෙන් එහෙම කියද්දි... ලීනව තමන්ගේ අත් දෙකෙන්ම උස්සලා ගන්න ගමන්

: ඔයාට වැඩිය වැදගත් දෙයක් මට තවත් තියනවද....

කියලා ලීනගේ නළලට හාදුවක් දුන්නා.....

මේ වෙනකොටත් ලීනා මාස 5 ක ගැබිණියක් වෙලා හිටියේ... ස්කූල් අවුට් වෙනවත් එක්කම දෙන්නා තමන්ගේ උපාධි ය ගන්න මහන්සි උනා... දෙන්නම එකම යුනිවර්සිටි එකට ගියේ... ඒ යන අතරවාරයේම දෙන්නා විවහා ගිවිස අරන් පොඩි අපාට්මන්ට් එකක පදිංචියට ආවා..... ටේහියුන්ට තමන්ගේ කියලා කියන්න හරි හැටි පවුලක් නොතිබුණත් ලීනගේ පවුල ටේහියුන්ට තමන්ගේම පවුල වුණා...

ලීනා සාමාන්‍ය උපාධියක් ගද්දි , ටේහියුන්ට විශේෂවේදී උපාධියක් ගන්න ඕන වුණා... ඒ නිසාම ටේහියුන් තාමත් එයාගේ උපාධිය සම්පූර්ණ කරලා තිබුණේ නෑ.... ඉගෙනීම් වැඩ කටයුතුයි , ටේහියුන්ගේ පාර්ට් ටයිම් ජොබ්වල වැඩයි එක්ක ගොඩක් දුරට ටේහියුන් කියන්නේ පහුගිය කාලයේම කාර්‍යබහුල පුද්ගලයෙක් වුණා....

ඒත් කිසිම වෙලාවක ඒ කාර්‍යබහුලත්වයත් එක්ක ලීනා ටේහියුන්ට දොස් කිව්වෙ නෑ... ටේහියුන් මහන්සි වෙලා ගෙදර එන හැම මොහොතකම ලීනා උණුසුම් හාදුවකින් ටේහියුන්ව ආදරෙන් පිළිගත්තා.... ඒ නිසාම වෙන්න ඇති දෙන්නගේ ආදරේ දවසින් දවස තිබුණටත් වැඩිය වැඩි වුණා.....

: බේබී කබඩ් එක උඩ තියෙන අර පොත් ටික මට අරන් දෙනවද....

ටේ ලීනව ඇදෙන් තියනවත් එක්කම ලීනා කිව්වා......

: හ්ම්ම්.... හොඳයි මැඩම්.....

ලීනගේ කෙස් අතර ඇඟිලි යවන ගමන් හිනා වෙලා එහෙම කියපු ටේ පුටුව උඩට නැගලා ලීනා කියපු පෝත් ගන්න හැඳුවා....

: මොකද මේ හදිස්සියේ පරණ පොත් හොයන්නේ.....

එක උඩ , එක තිබුණ පොත් අටක් විතර අමාරුවෙන් අතට ගන්න ගමන් ටේ ඇහුවා.....

: මගෙ ස්කූල් එකේ යාළුවෙක් හිටියා.. ඔයාට මතකද දන්නෙ නෑ... Choi hyo jin එයා දැන් Australia වල Vog කෙනෙක්..

: ස්කූල් අවුට් උනත් හරි මට hyo jin ට කතා කරන්න බැරි උනා....

: එයාගේ ගෙදර නම්බර් එක ඔය පොතක ලියලා තිබුණා මට මතකයි... ගෙදරට කතා කරොත් මට hyo jin ගේ නම්බර් එක ගන්න පුළුවන්....

ලීනා යාන්තම් හිනාවක් මූණේ මවාගෙන යාන්තමට ඉස්සිලා තිබුණ තමන්ගේ උදරය හෙමින් අතගාන ගමන් කිව්වා....

කබඩ් එක උඩ තිබුණ පරණ පොත් කාලෙකින් පෙරළාවත් තිබුනේ නැති නිසා දූවිලි බැඳිලා තිබුණා.... ඒ නිසාද කොහෙද පොත් අතට ගන්නකොටත් ටේහියුන් ට යාන්තමට පොඩි කැස්සකුත් ආවා......

ටේහියුන් ලීනා පෙන්නපු පොත් ටික ඉක්මනට අරගෙන පුටුවෙන් බහින්න හදනවත් එක්කම කබ්ඩ් එක උඩ තිබුණ පොතක් නිකන්ම බිමට වැටුණා.....

ටේහියුන්ගේ අතේ පොත් තිබුණ නිසා ලීනා නැගිටලා වැටුණ පොත ගන්න හදනකොට....

: ඔහොම ඉන්න බේබී... මං ඒක ගන්නම්....

තමන්ගේ අතේ තිබුණ පොත් ටික මේසේ උඩින් තියපූ ටේ කිව්වා.....

: හ්ම්... හොදයි....

එහෙම කියපු ලීනා.... පොත ගන්න නැගිට්ට එක එහෙම්ම මේසේ ළගට ගියේ ටේහියුන් මේසේ උඩින් තිබ්බ පොත් අතර තමන්ට උවමනා ෆෝන් නම්බර් එක තියනවද බලන්න....

: බේබී... ඔය පොත් වල දූවිලි බැඳීලා.... ඔයා මාස්ක් එකක්වත් දාගෙන ඉන්න....

ලීනා මේසේ ළගට යද්දි ලීනව පාස් කරගෙන කබඩ් එක ළගට යන ගමන් ටේහියුන් කිව්වා......





*******

: ටේහියුන්ගී.... මං ඔයාට කිව්වේ මට මතකයි මේ පොතක මං නම්බර් එක ලියලා තිබ්බා කියලා....

: මට hyo jin ගේ ගෙදර නම්බර් එක හම්බ වුණා....

විනාඩි 10 ට විතර පස්සේ.. ලීනා උද්‍යෝගිමත්ව ජයග්‍රහායි ලෙස එහෙම කිව්වත් ටේහියුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.......

ඒක නිසාම ටේ කාමරේ නැද්ද බලන්න ලීනා වටපිට බලද්දි දැක්කේ ජනේලේ ළගට වෙලා පොතක් පෙරලා පෙරලා ඒක දිහාබලාගෙන ඉන්න ටේ ව....

තමන් කියපු දේවත් ඇහෙන්නෙ නැති වෙන්න ඒ වෙලාවේ ටේ සම්පූර්ණයෙන්ම අවදානේ පොතට දීලා තිබුණ නිසා ලීනා හෙමින් හෙමින් ටේහියුන් ළගට ගියා....

: ටේහියුන්ගි.... මොකද්ද ඔයා බලන්නේ.....

ලීනා එකපාරටම පිටිපස්සෙන් ගිහින් ටේ ගේ පිටට තට්ටුවකුත් දාලා අහද්දි තමයි ටේ පියවි සිහියට ආවේ....

: ආ... ලීනා මේ.... මේ මං......

ටේ ගේ කටහඬේ තිබුණ වෙවුලන ස්භාවය නිසාම ලීනගේ මූණේ තිබුණ හිනාව එහෙම්මම මැකිලා ගියා.......

: ටේ ඔයා අඬනවද......

කෙළින්ම ටේ ගේ මූණට එබෙන ගමන් ලීනා ඇහුවා....

: නෑ.... ලීනා.. මේ.... දූවිලි ගිය නිසා මං හිතන්නේ.....

ලීනගෙන් තමන්ගේ ඇස් මඟ අරින ගමන් ටේහියුන් කිව්වා......

ටේහියුන් කියපු දේට කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු ලීනා එහෙම්මම ටේහියුන්ගේ අතේ තිබුණ පොත ගත්තා.....

: ජිමින්ගේ පොතක්...........

පොත අතට ගන්නවත් එක්කම ලීනා හිමිහිට කිව්වා......


*******


ඇවුරුදු 5 කට පෙර , ඒ දවස......


ඔව් හරියටම ඒ මීට අවුරුදු 5 ට කලින්.... අයේ හමුවෙන බලාපොරොත්තුවෙන් ජිමින්ගෙන් සමුඅරගෙන ආපු ටේහියුන්ට ඊළඟ මොහොතේ අහන්න ලැබුණ දේ කොහොමටවත් විශ්වාස කරන්න බැරි වුණා......

එදා ටේහියුන් ජිමින්ව අන්තිම වතාවට හමුවුණ වෙලාවේ කීයටවත් හිතන්න නැතුව ඇති එයා ඒ ජිමින් එක්ක කතා කරන , ජිමින් එක්ක හිනා වෙන , ජිමින්ව වැළද ගන්න අන්තිම වතාව ඒ කියලා.... අන්තිමට ජිමින්ගේ ගෙදරින් ටේහියුන් පිටවෙද්දි ගත්ත සමුගැනීම සදහටම සමුගැනීමක් වෙයි කියලා ටේහියුන් කවදාවත් හිතන්න නැතුව ඇති......

එදා.... ජිමින්ගේ ගෙදරින් ටේහියුන් පිටවෙලා ටික දුරක් එද්දි තදටම වහින්න ගත්තා..... වැහිවලාවක්වත් අහසේ තිබුණේ නැතුව , එකපාරට කොහෙන්ද පාවෙලා ආපු කළු වලාකුලක් මුළු අහසම වෙලා ගද්දී... අවට පැතිරිලාගිය අඳුරත් එක්ක ටේහියුන්ගේ හිතත් හරියටම තේරුම් ගන්න බැරි හැඟීමකින් පිරිලා ගියා..... ඔව් තද වැස්සේ ටේහියුන්ට මහ මූසල හැඟීමක් දැනුනා....

ඒත් ටේහියුන් ඒ වෙලාවේ හිතුවේ නොහිතපු මොහොතක වැස්ස නිසා අතේ කුඩයක්වත් නැතුව හොස්ටල් එකට තෙමි තෙමීම යන්න උන නිසාත් ඒ වගේ හැඟීමක් දැනුනා කියලා....

ටේහියුන් ජිමින්ගේ ගෙදරින් පිටවෙලා ආපු වෙලාවේ ඉදන් පටන් ගත්ත වැස්ස හවස් වෙනකන්ම එක දිගට වැස්සා... ඒ වැස්ස එක මොහොතකටවත් නැවතුනේ නෑ... වැහිවලාකුළුත් එක්ක පරිසරය එදා වෙනදට කලින් අඳුරු වෙලා තිබුණා....

හරියටම ඒ වෙලාවේ හවස හය පහු වෙලා විනාඩි කීපයක් ගතවෙලා තිබුණේ.... හදිස්සියේම ටේහියුන් ගේ රූම් එකේ දොරට කවුද හයියෙන් තට්ටු කරන්න පටන් ගත්තා.....

: ටේහියුන්.... ටේහියුන් දොර අරින්න.....

: ටේහියුන්... ටේ......

තට්ටුකරන ගමන්ම කතා කරපු කෙනා ටේහියුන් ගේ නම කියලා කතා කරපු නිසා කටහඬින්ම ටේ , ඒ කවුද කියලා අඳුනා ගත්තා....

" හේසොක්....! මේ වෙලාවේ....

එහෙම හිතන ගමන් ටේ ඉක්මනට ගිහින් දොර ඇරියා.....

: ටේහියුන්.....

ටේ දොර අරිනවත් එක්කම දොර ඉදිරියේ හිටපු හේසොක් බොඳ වුණ ස්වරයෙන් එහෙම කොව්වා....

හිසේ සිට දෙපතුළ දක්වාම වතුර බේරෙද්දි.. කඳුළින් බර වුණ ඇස් දෙකෙන් හේසොක් ටේහියුන් දිහා බලාගෙන හිටියා....

හේසොක් ඒ විදිහට දකිනකොට ටේහියුන්ට කිසිම දෙක හිතාගන්න බැරි වුණා.....

: හේසොක් මොකද මේ..... මොකක් හරි ප්‍රශ්නයක්ද.....

: ඇතුලට එන්න.....

ලොකු වුණ ඇස් දෙකෙන්ම හේසොක් දිහා බලාගෙන හිටපු ටේහියුන් , හිටපු තැනින් ටිකක් පැත්තකට වෙලා හේසොක්ට ඇතුලට එන්න ඉඩ දුන්නා.....

: ටේහියුන්.... අපි දැන්මම යන්න ඕන....

ටේහියුන් ඇතුළට එන්න කිව්වත් එක අඩියක්වත් හොළවපු නැති හේසොක් එහෙම කිද්දි ටේ තවත් පුදුමින් හේසොක් දිහා බැලුවා....

: කොහෙද අපි යන්න ඕන....

: හේසොක් මොකද්ද උනේ කියපන්....

හේසොක් කියන කිසිම දෙයක් හිතාගන්න බැරිව ටේහියුන් තරහින් කිව්වා....

: ටේ..... ජිමින්..... ජිමි.....න්

හේසොක් ගේ කටින් ඒ වචන ටික විතරයි පිට වුණේ.... එහෙම්ම හේසොක් ටේහියුන්ව බදාගෙන අඬන්න පටන් ගත්තා...

: ජිමින්.... ඇයි ජිමින්ට මොකද......

: කියපන් හේසොක් අඬන්නෙ නැතුව කියන දෙයක් කෙළින්....

හිතට දැනුන බය , වේදනාව , කුතුහලය තරහවක් විදිහට පිටකරපු ටේහියුන් හේසොක්ව තමන්ගේ ඉවතට තල්ලු කරා.....

ටේහියුන් තමන්ව ඈත් කරලා දානවත් එක්කම කඳුළු වැටෙන ඇස් දෙක බිමට හරව ගත්ත හේසොක්

: ජිමින්.... ජිමින් අපිවදාලා සඳහටම යන්න ගිහින් ටේහියුන්....

කියලා ආයෙම ඉකි ගහන ගමන් අඬන්න ගත්තා.....

තමන්ගේ ඇඟ ඇතුලේ හෙණයක් පුපුරණවා වගේ හැඟීමක් දැනෙනවත් එක්කම ටේහියුන් හිටගෙන හිටපු තැනින් අඩිදෙකක් විතර පස්සට යැවුණා......

: නෑ...... නෑ..... ඒක... ඒක වෙන්න බෑ.......

: හේසොක් උඹලා කරන විහිලු හොඳටම වැඩි.... ඇත්ත කියපන්... ඇයි උඹලා මෙහෙම විහිලු කරන්නේ....

: මේක විහිලුවක් නේද.....

තත්පර දහයකින් වගේ පියවිසිහියට ආපු ටේ හේසොක් ළඟට ගිහින් හේසොක් ගේ ශර්ට් එකේ කොළර් දෙකෙන් අල්ලාගන්න ගමන් තරහින් කෑ ගැහුවා.....

: ටේහියුන්.......

ආයෙම ටේ ව බදාගත්ත හේසොක් අඬන්න පටන් ගද්දි එහෙම්ම හේසොක් ගේ කොළර් එකේ තිබුණ ටේහියුන්ගේ අත් දෙක පළට වැටුණේ කිසිම ප්‍රාණයක් නැති ගානට...

.

.

.

.

.

.

.

.

.

: ටේහියුන් ........

විනාඩි කීපයකට පස්සෙ හේසොක්ගේත් ටේගෙත් කණ වැකුනේ යුන්ගිගේ හඬ......

යුන්ගිගේ හඬ ඇහෙනවත් එක්කම එකිනෙකාගේ ග්‍රහණයෙන් මිදුන හේසොක් , ටේ දෙන්නා යුන්ගි දිහා බැලුවා......

ටේහියුන් ගේ ඇස් වලින් කඳුළු ගලාගෙන යනවා.... හැබැයි ටේහියුන් කිසිම් හැඟීමක් දැනීමක් නැති මනුස්සයෙක් විදිහට බලාගත්ත විදිහටම ඔහේ බලාගෙන හිටියා......

ඔව් ඒ වේදනාවේ උපරිමේ..... කෑ ගහලා අඬන්න ඕන උනත් අඬන්නවත් ශක්තියක් හිතට දැනෙන්නෙ නැති මොහොත , හරියට පතුළක් නොපෙනෙන ආගාධයකට අපිව ඇදගෙන වැටෙනවා වගේ දැනෙන මොහොත, ටේහියුන් ඒ වෙලාවේ හිටියේ ඒ වගේ ඉමක්කොණක් නොපෙනන, වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරි විශාල ආගාධයකට වැටෙන ගමන්....

: ටේහියුන්.....

: ටේ..... ටේ.......

: කතා කරපන් බං.... ටේහියුන්

යුන්ගි ටේහියුන්ගේ මූණට හෙමින් ගහන ගමන් කතා කරා.....

: යුන්ගි.....

: ජිමින්...... ජිමින්.........

විනාඩි කීපයක් ඇතුලත ආයෙමත් යාතාතත්වයට පත් වුණ ටේ කලබලෙන් එහෙම කියන්න පටන් ගත්තා....

: ටේහියුන්... කලබල වෙන්න එපා..... සන්සුන් වෙන්න.... අපි උඹත් එක්ක ඉන්නවා.....

: අපි දැන් ජිමින්ගේ ගෙදර යන්න ඕන....

යුන්ගි පුළුවන් තරම් සන්සුන් ව එහෙම කිව්වෙ ටේහියුන් ව සන්සුන් කරන්න ඕන නිසයි... මේ වෙලාවේ ටේ ව යම්තාක් දුරට හරි හසුරවන්න පුළුවන් යුන්ගිට විතරයි.. මොකද ටේහියුන් වගේම හේසොක්කුත් හොදටම කඩාගෙන වැටිල හිටපු නිසා හේසොක් ට ටේහියුන්ව සනසන්න තරම් ශක්තියක් තිබුණේ නෑ....

: හරි... යන්... අපි යන් දැන්ම යන්........

ටේහියුන් කලබලෙන් කියලා එහෙම්ම කොරිඩෝ එක දිගේ ඉස්සරහට දුවගෙන ගියා..... මේ තත්වේ හැටියට ටේහියුන් හොදටම දුර්වල වෙලා ඉන්නෙ කියලා ටේ කතා කරන විදිහෙන්ම යුන්ගිට තේරුනා... ඒ නිසා ටේහියුන් දුවනවත් එක්ක්ම යුන්ගි ඒ පස්සෙන් දුවගෙන ගියා.....


******

: ජිමිනා.......

: ජිමින්..... ජිමින්........

ජිමින්ගේ ගෙදරට ඇතුල් වෙනවත් එක්කම ටේ හයියෙන් කතා කරන ගමන් දුවගෙන ගියේ ජිමින්ගේ කාමරයට......

ඒ වෙනකොට ජිමින්ගේ ගෙදර අසල්වාසි කීපදෙනෙක් වගේම , පොළිසියෙනුත් හිටියා.....

ජිමින්ගේ කාමරයට ඇතුල් වෙනවත් එක්කම ටේහියුන් දැක්කේ පැත්තකින් වාඩි වෙලා ජිමින්ගේ පපාගේ උරහිසින් ඔලුව තියාගෙන අඬන ජිමින්ගේ මමාව , ඒ දිහා තත්පර ගානක් බලාගෙන හිටපු ටේහියුන්ගේ ඇස් ඊළග තත්පරේ නැවතුනේ

සුදු පාට ඇඳ ඇතිරිලිමත නිසලව වැතිරිලා ඉන්න ජිමින් ළඟ..... ඒ වෙනකොටත් ජිමින්ගේ ශරීරයෙන් භාගයක් තවත් සුදු රෙද්දකින් ආවරණය කරලා තිබුණා.....

: ජිමිනා.......

තමන්ගේ කටින් හැඬුම් පිට වෙද්දිම ටේහියුන් ජිමින් ළඟට දුවගෙන ගියා.....

: නෑ නෑ.... මේක වෙන්න බෑ.... ජිමිනී ඇස් අරින්......

: ප්ලීස් ජිමිනා... මේ විහිලුව දැන්වත් නවත්තන්න....

: උඹලවත් කියපන්කෝ බං....

ජිමින්ගේ ඇඳ ළග බිම ඉදගෙන , ජිමින්ගේ අතකුත් අල්ලගෙන ඒ විදිහට කෑ ගහ ගහ අඬපු ටේහියුන් අන්තිම වචන ටික කිව්වේ තමන්ගේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්න හේසොක් , යුන්ගි දිහා බලන ගමන්....

: ටේහියුන්.... ප්ලීස් තේරුම් ගනින් බං.... සාමාන්‍ය මට්ටමින් බොඳ වුණ ස්වරයෙන් යුන්ගි එහෙම කියද්දි හේසොක් ආයෙමත් අඬන්න පටන්ගත්තා.....

ටේහියුන් අල්ලගෙන හිටපු ජිමින්ගේ අතේ උණුසුම ඒ මොහොත වෙනකොටත් වියැකීගොස් තිබුණා..... අයිස් මෙන් සීතල වෙලා තියන අත තමන්ගේ නළලට තියාගත්ත ටේහියුන් තමන්ගේ වේදනාව පිටකරගන්න පුළුවන් තරම් හයියෙන් ඇඬුවා..... ජිමින්ගේ අත අල්ලගෙන ඉන්න ගානෙට ටේහියුන්ගේ හිත පරණ දවස් වල ලස්සන මතක අතර සැරි සැරුවා... ඒ හැම මතකයක්ම දරාගන්න බැරි වේදනාවක් වෙලා ටේහියුන්ගේ හදවත ඒ මොහොතේ දෙකඩ කරන්න උනා..... ඒ චූටි අතට, චූටි ඇඟිලි වලට හේසොක් යුන්ගි එකතු වෙලා විහිළු කරද්දි සමහර වෙලාවල ටේ ත් ජිමින්ට විහිලු කරා... ඒ හැම විහිලුවකටම හිනාවකින් පිළිතුරු ජිමින් තමන්ට විහිලු කරනවා කියලා කාටවත් දොස් නැගුවේ නෑ.... ඔව් ජිමින් තමන්ගේ යාලුවන්ව කාටත් වැඩිය හොඳට තේරුම් අරන් තිබුණා......

: මට සමාවෙන්න ජිමිනා........

ඒ හැමදෙයක්ම වේදනාවත් සමඟ හිතටගලාගෙන එද්දී ටේහියුන්ගේ කටින් නිකන්ම එහෙම පිටවුණා... සමහරවිට ටේහියුන්ටෙ ඒ වෙලාවේ තමන් කරපු විහිලු වලට වරදකාරි හැඟීමක් දැනෙන්න ඇති....

ටික වෙලාවක් එකම විදිහට ජිමිනා ළග ඉදගෙන අඬපු ටේහියුන් එකපාරටම කලබල උනේ

ශරීරයෙන් භාගයක් ආවරණය කරලා තිබුණ සුදුපාට රෙද්ද පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා ජිමින්ගේ මූණ වැහෙන්නම උඩට කරද්දී.......

: එපා එහෙම කරන්න එපා.......

ටේහියුන් කඳුළු අතරින් උනත් තරහින් කෑ  ගහන ගමන් උඩට කරපු රෙද්ද ආයෙම පහතට කරා...

: අපිට දැන් ඔයාගේ යාළුවාව ගෙනයන්න වෙනවා දරුවෝ...

ටේහියුන් තරහින් කෑ ගැහුවත් පොලිස් ඔෆිසර් කාරුණිකව එහෙම කිව්වා......

: ටේහියුන්..... අපි එයාලට එයාලගේ රාජකාරිය කරන්න දෙන්න ඕන.... ප්ලීස් බං....

යුන්ගි ටේහියුන්ගේ උරහිස් දෙකෙන් අල්ලාගන්න ගමන් කිව්වා......

යුන්ගි එහෙම කියද්දි ටේහියුන්ගේ ඇස් ආයෙමත් නැවතුනේ ජිමින් ළඟ... ඒ ඇස් වල කියාගන්න බැරි වේදනාවක් ගැබ් වෙලා තිබුණා....

ඒත් එක්කම ටේහියුන් දැක්කා ජිමින් ඔලුව තියාගෙන ඉන්න කොට්ටෙ ළඟ සුදු පාට මල් පෙති කීපයක්.... එයින් සමහරක් ඒවා රතු පාටට හුරු වෙලා තිබුණා..... මල් පෙති ටේහියුන්ගේ අවධානේ ගන්නවත් එක්කම කලබලෙන් වටපිට බලපු ටේහියුන්ට දකින්න පුළුවන් උනේ... ඇඳේ තැන් තැන් වල තියෙන සුදු පාට මල් පෙති.... සුදු පාට අතර රතුපාට රටාමවමින් බොහොමයක් මල් පෙති වල රතු පැල්ලම් තිබුණා.......

ඔව්.... මල් පෙති දකිනවත් එක්කම මෙච්චර වෙලාවක් ජිමින්ගේ මරණෙට හේතුව හිතුවෙවත් නැති.. කාගෙන්වත් මරණෙට හේතුව ඇහුවේවත් නැති ටේහියුන්ට වෙලා තියෙන්නෙ මොකද්ද කියලා යාන්තමට තේරුම් යන්න ගත්තා.....

එහෙම්මම බිම බලපු ටේහියුන් ඇද ළඟ වැටිලා තියන මල් පෙති අතරින් එක පෙත්තක් අතට ගත්තා.... ඒ " සුදු රෝස "මල් පෙත්තක්

මල් පෙත්ත අතට ගන්නවත් එක්කම ඕනවටත් වැඩිය ටේහියුන්ට ජිමින්ට උනේ මොකද්ද කියලා තේරුම් ගියා...... මොකද ටේහියුන්නුත් මේ දේ අත් විඳලා තියන නිසා.... ඕනවටත් වැඩිය මේ දේ නිසා විඳවලා තියෙන නිසා....  ආයෙත් ඇස් වලට කඳුළු උනද්දි ජිමින් දිහා බලපු ටේහියුන්ට ජිමින්ව පෙනුනේ සුදු රෝස මල් පෙති වලින් පිරිච්ච යහනවක් මත සැතපිලා ඉන්න දේවදූතයෙක් වගේ.... ඒ වෙනකොටත් ප්‍රාණය නිරුද්දව තිබුණ ජිමින්ගේ ශරීරය තවත් සුදුපාටින් බැබැළුනා....

: ජිමිනා.... කවුද ඒ.... කාටද ඔයා මේ තරම් ආදරෙ කරේ......

: ඔයාගේ ජීවිතේ ගැනවත් නොහිතා ඔයා මේ තරම් ආදරේ කරේ කාටද......

ඉකියක් පිටවෙනවත් එක්කම ටේහියුන් ආයෙම ජිමින්ගේ අතල්ලගෙන එහෙම ඇහුවා......

: ටේහියුන් ඒ........

හේසොක්ගේ කටින් එහෙම පිටවෙනවත් එක්කම යුන්ගි හේසොක්ගේ අත අල්ලලා එයා කියන්න ගිය එක නැවැත්තුවා.... ඒ වෙනකොටත් හේසොක් ගෙන් ජිමින් ආදරේ කරේ කාටද කියලා යුන්ගි දැනගෙන හිටියේ...

හේසොක් ගේ කටින් පිටවුණ වචනේ, යුන්ගි ඒත් එක්කම කියන්න ගිය දේ නවත්තපු එකත් ටේහියුන් ට තේරුණා...

: මොකද්ද හේසොක්....

: උඹ මොකද්ද කියන්න ගියේ.....

: උඹලා දන්නවද ජිමින් ආදරේ කරේ කාටද කියලා.......

ටේහියුන් හේසොක් යුන්ගි දිහා මාරුවෙන් මාරුවට ඇස් යවන ගමන් ඇහුවා....

: දැන් ඒ දේවල් වැඩක් නෑ ටේහියුන්නා...අපි දැන් මෙතනින් පැත්තකට වෙමූ......

: දැන් ජිමින්ව ගෙනියන්නයි හදන්නේ......

යුන්ගි අවදානේ වෙන පැත්තකට ගන්න හැදුවත් , ටේහියුන් ඒ කිසි දේකට ඇහුම්කන් දෙන්නෙ නැතුව හේසොක් දිහා බැලුවා...

: හේසොක් මට ඇත්ත කියපන්.... උඹ මගෙ හොද යාළුවෙක්නම් මට ඇත්ත කියපන්...

: උඹලා දන්නවා නේද ජිමින් ආදරේ කරේ කාටද කියලා.....

ටේහියුන් කළකිරීමෙන් යුන්ගි දිහාත් හේසොක් දිහාත් බලලා කිව්වා...

: උඹලා හැමදෙයක්ම මගෙන් හැඟුවා....

: ජිමින් ඔයත්...... ඔයා කිව්වෙ මම ඔයාගේ හොදම යාලුවා කියලා.... එහෙම කියලත් ඇයි ඔයා මේ දේ මඟෙන් හැංඟුවේ....

ටේහියුන් අන්තිම වචන ටික ආයෙත් ජිමින් දිහාට හැරිලා හැඬුම් ස්වරයෙන් මිමුණුවා....

ඒත් එක්කම කම්මුල් දිගේ ගලාගෙන යන කඳුලු තමන්ගේ අත් දෙකෙන්ම පිහගත්ත ටේහියුන් එකපාරටම ඉන්න තැනින් නැගිට්ටේ හේසොක් ගේ අතත් අල්ලගෙන.....

එහෙම්ම හේසොක්ගේ අත තදින් අල්ලාගත්ත ටේ කිසිම දෙයක් නොකියා කාමරෙන් එළියට ආවා....

ඒ පස්සෙන්ම යුන්ගිත් කාමරෙන් එළියට ගියා....

: ටේ... මොකද්ද බං

: ඇයි උඹ මෙහෙම හැසිරෙන්නෙ......

කාමරේට ටිකක් ඈතින් කොරිඩෝ එකේ හෙසොක් එක්ක ඉන්නවා දැකපූ ටේහියුන් ළගට ගිහින් යුන්ගි ටිකක් කනස්සල්ලෙන් වගේ කිව්වා....

: උඹ වචනයක් කතා කරන්න එපා...

යුන්ගි දිහා බලලා තරහින් කියපු ටේ තමන්ගේ ඇස් දෙක එක එල්ලේම හේසොක් පැත්තට යොමු කරා....

: හේසොක්.....

( බැගෑපත් ස්වරයෙන් )

: මට දැන්වත් ඇත්ත කියපන් බං.... මං දන්නවා මම නොදන්නවා උනාට උඹලා දෙන්නා හැමදේම දන්නවා කියලා....

එහෙම කියලා ටේහියුන් හේසොක්ගේ අත් දෙක තද කරලා අල්ලාගත්තා...

තවත් හංගන්න දෙයක් ඉතුරු වෙලා නෑ... හැංගුවත් ඒකේ කිසිම තේරුමක් නෑ.. මොකද මේ වෙනකොට ජිමින් එයාගේ ජීවිතෙන් සඳහටම යන්න ගිහින් ඒ වගේම ටේහියුන් දැන ගත්තා ජිමින්ට මේ ඉරණම අත් වෙන්න හේතුව උනේ මොකද්ද කියලා... ටේහියුන් නොදන්න දේකට කියලා තියෙන්නෙ ජිමින් මේ තරම් තදින් ආදරේ කරේ කාටද කියලා විතරයි....

ඒ වගේම ටේහියුන් මේ හැමදෙයක්ම දැනගන්න ඕන....

ටිකවෙලාවක් නිහඬව ඔලුව බිමට හරවගෙන හිටපු හේසොක්... ටිකෙන් ටික ඔලුව උස්සලා ටේහියුන්ගේ ඇස් දිහා බැලුවා...

ඒ ඇස් දෙකේ ආයාචනාත්ම , අසරණ හැඟීමක් හේසොක් දැක්කා...

ඒත් එක්කම හේසොක් යුන්ගි දිහා බලලා ආපහු ටේහියුන් දිහා බැලුවා.... බලලා ලොකු හුස්මක් අරගෙන පහතට දාලා

: ටේ

: මං දන්නෙ නෑ..... මං මේ වෙලාවේ මේ දේ කියන එක හරිද වැරදිද කියලා...

: ඒත්..... මං හිතනවා තව දුරටත් මේ හැමදෙයක්ම ඔයාට රහසක් නොවෙනවනම් හොදයි කියලා....

: හැබැයි ජිමින්ට ඕන උනා හැමදාමත් මේ දේ ඔයාගෙන් රහසක් හැටියට තියාගන්න....

හේසොක්ගේ කටින් අන්තිමට පිට වුණ වචනත් එක්ක ටේහියුන්ගේ ඇස් පුදුමයෙන් ලොකු වුණා....

: ඇයි ඒ මං...??

: මම විතරක්... ඇයි ජිමින් මට......

ටේහියුන්ට හේසොක් කියපු දේ අදහාගන්න බැරුව වචන ගොත ගහන්න ගත්තා...

: ජිමින් ආදරේ කරේ ලීනට ද.....

අවසානයේ ටේහියුන් තමන්ගේ හිතට ආපු දේ ඇස් දෙකේ කඳුළුත් පුරවගෙන එකපාරටම කියලා දැම්මා....

ටේහියුන්ට ඒ වගේ දෙයක් හිතට එන්න ඕන තරම් හේතු තිබුණා... අඳුනගෙන ටික කාලයක් උනත් ලීනයි ජිමිනුයි අතරේ ගොඩක් හොඳ සම්බන්ධ කමක් ගොඩනැගිලා තිබුණා කියලා ටේහියුන් හොදටම දැනගෙන හිටියා....

ටේහියුන්ගේ කටින් යුන්ගි වත් , හේසොක් වත් නොහිතපු දෙයක් පිටවුණ නිසා ඒ දෙන්නම ටේහියුන් දිහා ඇස් ලොකු කරලා පුදුමෙන් බැලුවා....

: උඹට පිස්සුද බං

යුන්ගි එකපාරටම කිව්වා....

: එහෙනම් කවුද ඒ කවුද කියපන්... ජිමින්ට මේ වගේ දෙයක් වෙන්න හේතු වුණේ කවුද කියපන්.....

හේසොක් ගේ උරහිස් දෙකෙන්ම අල්ලලා හොලවන ගමන් ටේහියුන් හයියෙන් කෑ ගහද්දි

: ජිමින් ආදරේ කරේ උඹට

: ටේහියුන් උඹට.......!

හේසොක් එකපාරටම කියලා දැම්මා.....

: මොකද්ද............

හේසොක්ගෙන් පිටවුණ වචන හැමාතින්ම දෝංකාර දීගෙන ඇහෙනකොට , ඔලුව සිට දෙපතුල දක්වාම එකම විදිහට හිරිවැටිගෙන යද්දි ටේහියුන්ට කියාගන්න පුළුවන් උනේ එච්චරයි...

: ටේහියුන්... නැගිටපන් බං

ඒත් එක්කම බිමට පාත් වෙන ටේහියුන්ගෙ එක අතකින් අල්ලාගත්ත යුන්ගි කිව්වා....

: අපි මෙච්චර දවස් උබෙන් මේ හැමදෙයක්ම හංගන්න හේතුව උඹට දැන් තේරෙනවා ඇතිනේ

: ජිමින් කවදාවත් උඹ මේ දේ දැනගන්නවට කැමති උනේ නෑ

හේසොක් ටේහියුන් දිහා බලලා අනුකම්පවෙන් කිව්වා

ඒත් තවමවත් ටේහියුන්ගේ කටින් එක වචනයක් පිටවුණේ නෑ.... ඒත් දිගටම ටේහියුන්ගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටෙනවා.....

වචනයක්වත් කියාගන්න බැරුව එතනම බිම ඉදෙගෙන ටේහියුන් අඬද්දි.. ඊළග තත්පරේ තුන් දෙනාටම දකින්න පුළුවන් උනේ ට්‍රොලියක දාලා කාමරෙන් එළියට ගන්න ජිමින්ගේ නිසල සිරුරයි....

සුදු රෙද්දකින් මුළු සිරුරම ආවරණය කරලා තිබුණත්, ජිමින්ගේ එක අතක් පහතට වැටිලා තිබුණා......

ඒ වගේම රෙදි අතර රැඳිලා තිබුණ සුදු රෝස පෙති ජිමින්ගේ ප්‍රාණයගිලිහුණු සිරුර රැගෙන යාන මාවත සරසමින් එහෙ මෙහෙ පාවෙලා යනවා දකින්න පුළුවන් උනා.....

: ජිමිනා..................

ආයෙම පාරක් ඉකියකුත් එක්ක ටේහියුන් ගේ කටින් එහෙම පිටවෙද්දි ටේහියුන් තමන්ගේ අත් දෙක හයියෙන් මිටමොලවගෙන කෑ ගහලා අඬන්න පටන් ගත්තා.....

ඒ වෙලාවෙනම් එතන හිටපු අනිත් අය ටේහියුන් දිහා උවම්නාවෙන් බැලුවා....

ජිමින්ගේ සිරුර ගෙදරින් අරගෙන ගියට පස්සෙ ටික වෙලාවකින් ජිමින්ගේ කාමරෙට ඇතුල් උන ටේහියුන් පැයකට විතර පස්සේ ඉන් එළියට ආවේ පොතකුත් අතේ තියාගෙන....

තිබුණ තත්වේහැටියට හේසොක් වත් යුන්ගිවත් ටේහියුන්ට කිසිම දෙයක් කියන්න ගියේ නෑ.... මොකද ටේහියුන් හොද සිහියෙන් නෙමෙයි ඉන්නෙ කියලා ඒ දෙන්නට තේරිලයි තිබුණේ... ඒ වගේම ජිමින්ගේ මරණයට හේතුව එයා කියලා ටේහියුන් මාස ගානක් යනකන් සැරින් සැරේ මතක් කරා... ඒ අතර ටේහියුන් හේසොක්ට තදින්ම දොස් නැගුවේ ජිමින් හනහකි රෝගයෙන් පෙළෙන බව දැන දැනත් ඒ බව තමන්ට කිව්වෙ නැති නිසා.... ඒත් හේසොක් ඒ දේ කිව්වනම් මේ හැමදෙයක්ම වෙනස් වෙන්න තිබුණද....? ජිමින් තමන්ගේ ආදරේ ටේහියුන්ට පාපොච්චාරණය කරානම් ලීනා ගැන ටේහියුන්ගේ හිතේ තිබුණ හැඟීම් වෙනස් වෙන්න තිබුණද....? මේ රෝගයෙන්ම ටේහියුන් තමන්ගේ ආදරේ වෙනුවෙන් , ලීනා වෙනුවෙන් ජීවිතේ කැප කරන්න හිත හදාගත්තා.... ඒ දේමයි ජිමිනුත් අනිත් අතට කරේ... ඒක නිසා ටේහියුන්ට ජිමින්ට දොස් නඟන්න පුළුවන්ද....? ජිමින් තමන්ගේ ආදරේ ගැන ටේහියුන්ට කිව්වනම් , එහෙම කියලත් ටේහියුන්ගේ හිතේ ජිමින් ගැන යාළුකමට එහා ගිය හැඟීමක් කවදාවත් ඇති වුණේ නැත්තම් එතනදී ටේහියුන්නුත් අසරණ වෙන්න තිබුණා නේද.....? එහෙම වුණානම් සමහරවිට ජිමින් වගේම ටේහියුනුත් මේ විදිහට ජීවිතෙන් සමුඟන්න ඉඩ තිබුණා.....

ඒ විදිහට වෙන්න තිබුණ හැමදෙයක්ම වලක්වලා... හැමදේම හොද විදිහට විසදලා ජිමින් එයාගේ ජිවීතෙන් සමුගත්තා... ඒ තමන්ගේ ආදරේට , එයා බලාපොරොත්තු වුණ ආදරේ ලබා දීලා...

" ඔව් ජිමින්ගේ ආදරේත් හරියට සුදු රෝසමලක් වගේ.... හරිම පිවිතුරුයි.. හරිම ආදරණීයයි....








********




ජිමින්ගේ පොත දකිනවත් එක්කම , ජිමින්ගේ මතක ආවර්ජනයක යෙදුන ලීනත් ටේහියුන්නුත් ඉන් මිදුණේ හරියටම පැයකට විතර පස්සේ.... ජිමින්ගේ මරණයට හේතුව ලීනා ඒ කාලෙම දැනගත්තා... ඒ දවස් වලනම් ලීනා තමන්ටම දොස් කියාගත්තා මේ හැමදේම වුණේ තමන් නිසා කියලා.. මොකද ජිමින් ලීනටත් හොද යාළුවෙක් වෙලා හිටපු නිසා.. පස්සෙ කල් යන්න යන්න ලීනගේ හිතින් වරදකාරි හැඟීම මැකිලා යද්දි , ජිමින් සදහටම හොද යාළුවෙක් විදිහට ලීනා එයාගේ හදවතේ මතක තියාගත්තා...

ජිමින් එයාලා අතරින් සමු අරගෙන අවුරුදු පහක් ගියා කියලා දැනුනෙවත් නෑ කියලයි ලීනනම් හැම වෙලාවෙම කිව්වේ...... ඒත් ටේහියුන්ට නම් එහෙම දැනුනේ නෑ... එදා ඉදන් අද වෙනකන් ජිමින් තරම් ළං වුණ කිසිම යාළුවෙක් ටේහියුන්ගේ හිතේ හිටියේ නෑ... හේසොක් , යුන්ගි දෙන්නත් මේ වෙද්දි තමන්ගේ පෞද්ගලික වැඩත් එක්ක ගොඩක් ටේහියුන්ගෙන් ඈත් වෙලයි හිටියේ....

දෙන්නා අතර ජිමින් ගැන කතාකරපු කතා බහ ඕනවට වැඩිය දුරගියා කියලා ලීනට දැනුනේ ටේහියුන්ගේ ඇස් වලට උනපු කඳුළු තාමත් ඒ විදිහටම තියනවා දකිද්දි...

: බේබී... ඔයාට වෙලාව තියනවනම් අපි ටිකක් ඇවිදින්න යමුද.......

ලීනා එහෙම කියද්දි ටේහියුන් කඳුළු අතරින් උනත් ඔරලෝසුව දිහා බැලුවේ වටපිටාව ඇඳුරු වෙලා තිබුණ නිසයි....

: රෑ වෙලා වැඩි ලීනා.... අනික එළියේ සීතලයි... ඔයාට හොඳ නෑ......

ලීනා දිහා ආදරෙන් බලපු ටේහියුන් කිව්වා...

: අනේ.... මොකද්ද ටේහියුන් 7.45 කියන්නෙ රෑ වෙලාද..... අනික අද ලස්සනට හඳත් පායලා තියනවා...

: අනේ අපි යමුකෝ.........

ටේහියුන් ළගටම ඇවිත් ඉදගත්ත ලීනා ජනේලෙන් එළිය බලාගෙන ටේහියුන්ට බලකරලා කිව්වා....

: හා හොදයි එහෙනම්.... හැබැයි ඉක්මනට එන්න ඕන....

ලීනගේ නළලට හාදුවක් දෙන ගමන් ටේහියුන් හිනා වෙලා කිව්වා....

: I love u.....

එහෙම කියපු ලීනා ටේහියුන්ගේ කම්මුලට හාදුවක් දෙන ගමන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා...

: love you too....

ලීනා දිහා බලලා හිනා වෙලා ටේහියුන් කිව්වා

: මං ඉක්මනට වොශ් රූම් එකට ගිහින් එන්නම් බේබී.....

එහෙම කියපු ලීනා එතනින් යන්න ගියා....

ලීනා යනවත් එක්කම ඇඳේ පැත්තකට වෙන්න තියලා තිබුණ ජිමින්ගේ පොත අතටගත්ත ටේහියුන් ආයෙම පොතත් අරගෙන ජනේලේ ළඟට ගියා....

ගිහින් පොතේ අන්තිම පිටුව පෙරළුවා... සමහරවිට මේ පොත වෙන්න ඇති ජිමින් එයාගේ ආදරේ ගැන සඳහන් කරලා තිබ්බ එකම පොත , සමහරවිට මේ පොතවත් නොතිබුණානම් ටේහියුන්ට හේසොක්ගේ කටවචනේ විතරක් සඳහටම විශ්වාස කරන්න වෙනවා.....

පොතේ අන්තිම පිටුවේ ලස්සන තනි රෝස මලක් ඇඳලා තිබුණා.... ඒ මලේ එකට වුණ රෝස පෙති වගේම , විහිදුන පෙති දෙක තුනකුත් තිබුණා... ඒ වගේම මලෙන් පෙති ගැලවිලා වැටෙනවත් දකින්න තිබුණා....

සමහරවිට ජිමින් මේ මල අඳින්න ඇත්තේ එයාට හනහකි රෝගය හැඳුන මුල්ම කාලේ..... නෑ නෑ.... සමහරවිට ටිකෙන් ටික ලෙඩේ උත්සන්න වෙලා රෝස පෙති එයාගෙන් පිටවෙන්න ගත්තට පස්සේ වෙන්න පුළුවන්......

ඒත් දැන් මොනවා හිතුවත් ඇත්ත දන්නෙ ජිමින්ම විතරයි.......

විශේෂම දේනම් මල යටින්

" This is for you My love... "

කියලා ලියලා තිබුණා..... ඒත් කිසිම තැනක ටේහියුන්ගේ නමවත් ලියලා තිබුණේ නෑ....

අවුරුදු පහකට කලින් එදා ජිමින්ගේ කාමරේ ඉන්න ගමන් ඔය පොත නිකමට ටේහියුන් පෙරළලා බැලුවේ, ජිමින්ගේ කොට්ටෙ යට තිබිලා ටේ ගේ අතට අහු වුණ නිසයි... ඔය පොත විතරක් නෙමෙයි , ටේහියුන් ජිමින්ට දුන්න ලේන්සුවත් ඒ වෙලාවේ කොට්ටෙ යට තිබිලා ටේහියුන්ට හම්බුණා.......

හරියටම එදා ඉදන් අවුරුදු දෙකක් යනකන් ටේහියුන් නිතර නිතර මේ පොත පෙරළලා බලන්න පුරුදු වෙලා හිටියා... හරියටම අවුරුදු දෙකකට පස්සෙ දවසක් ටේ උවමනාවෙන් මල දිහා බලාගෙන ඉද්දි ටේහියුන්ගේ ඇස් ගියේ මලේ නටුවට.....

වැඩිය මහතත් නැති , ගොඩක්ම හීනිත් නැති නටුවේ රෝස කටු වගේ පෙන්නලා තිබුණ තිත් අතර ටේහියුන්ගේ ඇස් නැවතුනේ අහම්බෙන්නෙ වගේ Tae යන අකුරු තුන දකිනවත් එක්කමයි.... ඊට ටික වෙලාවකට පස්සෙ ටේ ගේ නමේ ඉතුරු අකුරු ටික ටේහියුන්ට හොයාගන්න පුළුවන් වුණා....

ඔව් ජිමින් කාටවත් නොපෙනෙන්න ටේහියුන් ගේ නම මලේ නටුවේ සඳහන් කරලා තිබුණා.... එදා ටේහියුන්ගේ හිතට ජිමින්ගේ අවසන් මොහොතේ දැනුනටත් වැඩිය වේදනාවක් දැනුනා...

: ටේ... එහෙනම් අපි යමුද......

ආයෙමත් ටේහියුන්ගේ දැහැන බිද දමමින් ඇහුණ ලීනගේ හඬත් එක්ක ටේ පිටිපස්ස හැරිලා ලීනා දිහා බැලුවා....


*****

ලීනා කිව්වා වගේම ලස්සනට හඳ පායලා තිබුණා.... ටේහියුන්නුත් ලීනත් හෙමින් හෙමින් පාර දිගේ ඇවිදගෙන ආවේ අපාට්මන්ට් එක ළඟටම වෙන්න තියන පාර්ක් එකට යන්න හිතාගෙන....

දෙන්නම පාර්ක් එකට ඇතුල් වෙද්දිම දැක්කා තවත් කීපදෙනෙක් එහි ඉන්නවා....

නිස්කලංක තැනක තිබුණ බෙන්ච් එකකට ගිය ටේහියුන්නුත් , ලීනත් ඒකෙන් වාඩි වුණා...... ලීනා ටේහියුන්ගේ උරහිසින් ඔලුව තියාගෙන ඈත අහසේ ලස්සනට පායලා තියන හඳ දිහා බලාගෙන තමන්ගේ උදරය හෙමින් පිරිමදින්න වුණා......

: ටේ මටනම් හිතාගන්න බෑ... තව මාස කීපයකින් චූටි පැටියෙක් අපි ළගට එනවා.....

ලීනා ආදරෙන් එහෙම කියද්දි ලීනගේ කර වටේට අතදාගත්තා ටේ ලීනගේ උරහිස ආදරෙන් පිරිමැද්දා.....

: ඔහ්... ලීනා

: How are you.....

ටේහියුන්ටයි ලීනටයි බාධාකරමින් පිටිපස්සෙන් ඇහුන කටහඬත් එක්ක ටේහියුන්ගේ උරහිසෙන් ඔලුව ගත්ත ලීනා ඒ පැත්ත බැලුවා....

: ඔහ් රෝනා ඔයා....

: ගොඩක් කාලෙකින්....

එහෙම කියලා ලීනා නැගිටලා ලීනට එහා පැත්තේ හිටගෙන හිටපු ගෑනු කෙනාව හග් කරා....

ඒ ගෑනු කෙනා කියපු විදිහට මේ ළග අපාට්මන්ට් එකක තමයි එයලා ජීවත් වෙන්න.... ලීනගේ ස්කූල් කාලේ යාළුවෙක් රෝනා... එයත් එක්ක තව චූටි බබාලා දෙන්නෙකුත් හිටියා..... ලීනා ටේහියුන් ව අඳුන්වලා දීලා රෝනත් එක්ක දිගටම කතා කරන්න ගත්තා.... දෙන්නගේ කතාවට බාධාවක් නොවෙන්න ටේහියුන් ඉදගෙන හිටපු තැනි නැගිලා ටිකක් ඉස්සරහ ඇවිදගෙන ගියා.....

ඒ යද්දි ටේහියුන් අහම්බෙන් වගේ දැක්කා හඳ එළියෙන් ආලෝකමත් වෙලා තියන රෝස පඳුරක්.... මේ සීතලේ හුළගට වැනෙමින් තනියම ලස්සන රෝස මලක් හඳ එළිය සිපගනිමින් ලස්සනට බැබැළුනා.....

ටේහියුන්ටත් නොදැනිම ටේහියුන් හෙමින් හෙමින් රෝසපඳුර ළගට ඇඳුනා...

ලස්සන සුදු රෝස මලක්..... හෙමින් බිමට පාත් වුණ ටේහියුන් මලේ පෙති අතර එයාගේ ඇඟිලි හෙමින් සීරුවට අරගෙන ගියා......

: ඔයා තනියම

: පාළු නැද්ද..?

ටේහියුන් එහෙම අහද්දි

: මගේ තනියට හඳ ඉන්නවා.....

කියනවා වගේ රෝස මල හෙමින් දෙපැත්තට වැනුණා......

ඒත් එක්කම ටේහියුන්ගේ අඟිලි අතරට අහුවුණ එක රෝස මල් පෙත්තක් මලෙන් ගිලිහිලා ටේහියුන් ගේ අතට ආවා.....

ඒ මල් පෙත්ත එහෙම්මම නහය ළගට කරපු ටේහියුන් ඇස් දෙක පියාගෙනම මල් පෙත්තේ සුවඳ බැලුවා...

: ඔව් ඒ සුවඳමයි....

: අවසාන වතාවට ජිමින් ළඟින් දැනුන ඒ සුවඳ........

: ජිමිනි........

: මේ ඔයා නේද......

මල් පෙත්ත එහෙම්මම පපුවට තුරුල් කරගෙන කියන ගමන් ටේහියුන් හඳ දිහා බැලුවා....

ගලපාගත නොහැකි වේදනාවක්ද , තනිකමක්ද යන්න හරි හැටි නොදැනෙන හැඟීමක් ටේගේ මුළු හදවතම වෙලාගද්දි......

එකපාරටම ඇහුණ ලීනගේ හඬත් එක්ක ටේහියුන් පිටිපස්ස හැරිලා බැලුවා......

: ටේහියුන්නා....

: ඔයාට කියන්න හැපි නිව්ස් එකක් තියනවා....

එහෙම කියන ගමන් ලීන ඉක්මනට ටේහියුන් ළගට ඇවිත් ටේහියුන් ව බදාගත්තා........

රෝස මල් පෙත්ත අතේ මිටමොලවා ගන්න ගමන් ටේහියුන්නුත් ලීනගේ පිටෙන් තමන්ගේ අත් තිබ්බා.....

: ටේහියුන්.... ඩොක්ටර් මට දැන් කතා කරා.....

: එයා අපේ බබා අපේ ළගට එන දිනේ කිව්වා ටේහියුන්.... මට හරිම සතුටුයි..........

: තව මාස හතරකින්... හරියටම ඔක්තෝබර් 13 වෙනිදා අපිට අපෙ බබාව බලන්න පුළුවන් ටේහියුන්....

ලීනා එකදිගටම ගොඩක් සතුටින් එහෙම කියලා ටේහියුන් තවත් හයියෙන් බදාගත්තා.... ඇත්තටම ඒ දේ ඇහුවට පස්සේ ටේහියුන්ටත් කියාගන්න බැරි සතුටක් දැනුනා.....

කෙස් අතරින් උනත් ලීනගේ ඔලුවට හාදුවක් දුන්න ටේහියුන් ලීනව තව තවත් තමන්ට ළගට ළං කරගත්තා.......

එහෙම කරගෙන මෙච්චර වෙලාවක් අතේ මිටමොලවගේ තියාගෙන හිටපු මල් පෙත්ත අල්ලමත තියාගෙන

: එහෙනම් ජිමිනි.... ඔයාට සුබ ගමන් My Angel...

: ආයෙත් දවසක අපි හමුවෙමු......

කියලා හිතින් හිතලා අල්ල උඩ තිබුණ රෝස පෙත්තට හෙමිහිට පීගුවා..... ටේහියුන්ගේ කටින් පිටවුණ උණුසුම් වාතයත් , අවටින් හමාගෙන ආ සීතල හුළගත් එක්ක හඳ එළියේම රෝස මල් පෙත්ත ඈතට පාවෙලා යන්න ගියා........

" You're a Angel Jimin, Who came into My life like a Flower petal..... "

- Kim Taehyung -

_ 🥀 _

මළහිරු බසින හැන්දෑවක
මම ඇයගේ අත අල්ලන්
ආවා උයනට....
දැනුනා සුවඳක්
හුරුයි මහ හුඟාක්
සඳ එළිය එකම එක
සුදු රෝස මල් ගහකට විතරක්
හරි පරිස්සමට සිපගන්න වග
මම දැක්කා....
ඇය එක්ක එතනට පිය මැන්න මම
මල් පෙත්තක් හදටත් වඩා හරි
පරිස්සමට අත් අතරට ගත්ත හේතුව
මමවත් දන්නෙ නැතුව ඇති....
හමා ආ ඒ සුවඳ
මට මතක් කලේ ඔයාව
මම දෙයක් අහන්නම්
එදා මට සුබ පැතුව
නිදියහන මත සදහටම සැතපුන
උඹ නේද මේ රෝස මල් ගහ
මගේ උයනේ මගේ ළඟින්ම පිපිලා
මගෙ ළගින් ඉදගෙන
ඔයාගේ ආදරේ අයිතිය මට විතරක්
දුන්න , ඔයා නේද මේ
මගේ ආත්මසහකාරයා
ජිමින්...........




         

_🥀 THE END 🥀_

( නිසදැස death99___7777___non නංගි කලින් කමෙන්ට් කරලා තිබුණ එකක්..... )

Continue Reading

You'll Also Like

20.8K 2.9K 22
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
457K 88.3K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
74.1K 18.8K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation