අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)

بواسطة ParkAuchi3

607 109 130

වාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි... المزيد

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10

Chapter 4

34 12 3
بواسطة ParkAuchi3

ජිමින්ට ඉබේටම මෙන් කෑගැසිණ. ඒ පිදුරු ගොඩ යට යමෙක් සැඟව සිටිනු දුටු නිසාය...

පිළිස්සුණු කැළල් සහිත මුහුණින් යුතු එම තැනැත්තාගේ බැල්ම යොමුව තිබෙන්නේ තමා දෙසට බව ජිමින්ට වැටහිණ.

" ආ...හ්"

එම විරූපී මුහුණ දකිත්ම කෑ ගසමින් හිස ආපස්සට ගත් හදිස්සිය නිසාම ජිමින්ගෙ හිසෙහි පිටුපස දෙරෙහි ඉහළ කොටසේ තදින් වැදිණ. ජිමින් කෑ ගැසීම ඇසුණු ජන්කුක් සහ තේහියුන් ඉක්මනින් ජිමින් වෙත දුවගෙන ආහ.

" ඇයි... මොකද... මොකද...?"

දෙදෙනාම ප්‍රශ්න කළේ කලබලයෙන් මෙනි.

ජිමින් මඳ වේලවක් කිසිවක් නොකියා සිට අනතුරුව කතා කරන්නට වූවේය.

"ම්..මේ.. මේකෙ පිදුරු ගොඩ අ.. අස්සෙ ඉඳන් කවුදෝ එ.. එබිලා බැලුවා.''

ටේලරය තුළ ඇති පිදුරු ගොඩ පෙන්වමින් ඛියට පත් වූ ජිමින් පැවසුවේය.

"කෝ බලමු."

එසේ පවසමින් ජන්කුක් ටේලරය වෙත එබෙන්නට සැරසෙද්දී ජිමින්ට යමක් ගැන සිසියට නැඟුණු අයුරින් යලි ටේලරය තුළට හිස පොවා නැවත වරක් එහි මුහුණ දෙස බැලුවේය.

එය සැබෑ මුහුණක් නොව වෙස් මුහුණක් බව ඇයට ඒ හොහොතේ හොදාකාරවම පසක් විය. කලබල වී බියට පත්වීම ගැන ජිමින්ට ඇති වූයේ ලජ්ජාවකි. මඳ සිනහවක් නගා ගත් ජිමින් වෙස් මුහුණ අතට ගෙන එය නොදින් පරික්ෂා කර බැලුවේය. එම වෙස් මුහුණ සකස් කර තිබුණේ පිළිස්සී ගිය මුහුණකට සමාන අයුරිනි. එහි එක් ඇසක් ගැලවී එළියට වැටෙන ආකාරයට සහ තොළ දෙකඩ වී ඇති ආකාරයට සකස් කර තිබුණේ දකින ඕනම අයෙකු බියපත් වන ආකාරයෙනි.

    (ටිකක් ඔය වගේ කියලා හිතන්න🙂)

" මම බය වුණේ මෙන්න මෙකට "

වෙස් මුහුණ අතට ගෙන ටේලරයෙන් පිටතට ආ ජිමින් එය ජන්කුක්ට සහ තේහියුන්ට පෙන්නුවේය.

" මේ වගේම මුහුණක් එක පාරටම දකිනකොට කෙනෙක් බය නොවුණොත් ඒක පුදුමයක්.''

ජන්කුක් පැවසුවේ තේහියුන්ගේ මුහුණේ වූ ඉරියව් දෙස බලමිනි.


" අශ්ව හොරකමේ ආපු හොරාගෙ මුහුණ පිළිස්සුණ කෙනෙක් වගේ සොන්හී දකින්න ඇත්තේ හොරා මේ වෙස් මුහුණ දාගෙන ශාලාවට ඇතුළු වූ නිසා වෙන්න පුළුවන්" යැයි ජිමින් ජන්කුක් සමග කීවේය.

එම අදහස අනුමත කළ ජන්කුක් යෝජනා කළේ වෙස් මුහුණ තිබූ තැනම ආපසු තබා ගොස් ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් මහතා ටේලරය කරා කැඳවාගෙන විත් එය ඔහුට පෙන්විය යුතු බවය.

එසේ කිරීම වඩාත් සුදුසු බව ජිමින්ගේද කල්පනාව විය. අනතුරුව තිදෙනාම ඩෙන්සිල් මහතා සොයා ගියහ.

ඔවුන් යන විට ඩෙන්සිල් මහතා සිටියේ අශ්ව හිමියන් සමඟ සාකච්ඡාවක නිරත වෙමිනි. ඔවුන්ගේ සාකච්ඡාවේ මාතෘකාව වූයේ ගින්නක් ඇති කළ දුම සහ අශ්ව සොරෙකුගේ පැමිණීම වැනි කරුණුය. මෙවන් තත්ත්වයක් යටතේ කළ යුතු හොදම දෙය අශ්ව ගොවිපළෙහි ආරක්ෂාව තර කිරීම බව ඔවුහු කතිකා කළහ.

එම සාකච්ඡාව අවසානයේ ඩෙන්සිල් මහතා හමු වූ ජිමින් ඇතුළු කණ්ඩායම රථගාලේ තිබුණු පිළිස්සුණු මුහුණක ස්වරූපයේ වෙස් මුහුණ ගැන විස්තර පැවසූහ.

''හොරා ඒ වෙස් මුහුණ දා ගෙනයි හොරකමේ එන්න ඇත්තේ. ඒකයි සොන්හී කිව්වේ හොරාගේ මුහුණ පිළිස්සුණ කැළල් තියෙන එකක් කියලා."

ජිමින් කරුණු පැහැදිලි කරමින් වැඩිදුරටත් කීවේය.

ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් මහතා ජිමින් පැවසූ හෝඩුවාව ගැන පරීක්ෂා කර බැලීමට ඔවුන් සමග රථගාල කරා පැමිණියේය. එහෙත් ඒ වන විට ටේලරය එතැන නොවීය. ජිමින් තමාට විහිළුවක් කළා දැයි විමසන්නට මෙන් ඩෙන්සිල් ඔහුගේ මුහුණ දෙස බැලීය.

"බොරුවක් නෙවෙයි මම කිව්වේ... අපි මෙතැනින් යද්දිත් ඒක මෙතැනම තිබුණා. අපි ගිහින් ආපහු එන්න වැඩිම වුණොත් විනාඩි පහළොවක් යන්න ඇති. ඒ සුළු වෙලාව ඇතුළත කවුරු හරි ඒ ටේලරය කාර් එකක හරි වෑන් එකක හරි අමුණ ගෙන ගෙනියන්නට ඇති." ජිමින් පැවසුවේය.

තේහියුන් පමණක් නොව ජන්කුක් ද එක හඬින් කියා සිටියේ ජිමින් පවසන්නේ ඇත්තක් බව ය. ජිමින්ගෙ කතාව බොරුවක් නොවන බව ඩෙන්සිල්ට ද වැටහිණ. එ නිසාම ඔහු එතැන හොඳින් පරික්‍ෂා කළේය. ටික වෙලාවකට පෙර එතැනින් ටේලරයක් ඉවතට ඇදගෙන ගිය රෝද සලකුණු ඔහුට දක්නට ලැබිණ.

"මම මේ ගැන තව ටිකක් හොයලා බලන්නම්."

එසේ කියූ ඩෙන්සිල් මහතා තරුණ පිරිසගෙන් සමුගෙන නික්ම ගියේය.

ඔහු නික්ම ගොස් මද වේලාවකට පමණ පසු ජිමින් ඇතුළු පිරිස අංක සී දරණ ශාලාව කරා ගියහ. එහිදී ඔවුන්ට අශ්වයෙකුට උවටැන් කරමින් හුන් ජින්  හියුන් දක්නට ලැබිණ.

"ඔයාලා වෙස් මුහුණකට බය වුණාලු නේද..?"

ඔවුන් දකිත්ම එසේ ඇසු ජින් හියුන් හඬ නඟා සිනාසුණේය. එය ඇසුන ජිමින්ගේ දෙකන් සහ කම්මුල් ලැජ්ජාවට රතු පැහැයට හැරුණි. එය දුටු ජන්කුක් තම සිනහව පාලනය කරගෙන සිටියේ ජීමින්ගෙන් ගුටි කෑමට නොහැකි බැවිනි.

අනතුරුව ජින් හියුන් පැවසුවේ වෙස් මුහුණ පිළිබඳ කතාව තමා ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඩෙන්සිල් ගෙන් දැනගත් බවය.

"මුලදී හම්බවුනු ඒ වෙස් මුහුණ ආයෙමත් නැති වුණානේ." තේහියුන් පැවසුවේය.

එයට යළිත් සිනාසුණු ජින් හියුන් ඒ සිනහව අතරින්ම පැවසුවේ නැම්ජුන් ද වෙස් මුහුණු දමාගෙන විත් තමන් බිය ගන්වා විනෝද වන බවය. පසුගිය මාසයේ දිනක පිළිස්සුණු මිනිසෙකුගේ මුහුණකට සමාන මුහුණක් දමාගෙන ආ නැම්ජුන් දැක තමා පමණක් නොව හෝසොක් ද හොඳ හැටි බියටපත් වූ බව ජින් හියුන් වැඩි දුරටත් පැවසුවේය.

ඒ ඇසූ ජිමින්ගේ සිතට යම් අමුත්තක් දැනිණ. නැම්ජුන් පැළඳ ආ වෙස් මුහුණ කුමන ආකාරයේ එකක් දැයි ඔහු ජින් හියුන්ගෙන් විමසුවේය. උඩු තොල දෙකඩ වූ පිළිස්සුණු මුහුණක් වැනි එකක් යැයි ජින් හියුන් විස්තර කළේය .

"මොනවා...?"

තේහියුන් යමක් අසන්නට උත්සාහ කරත්ම හැමෝටම රහසේ ජිමින් කළ ඉගිය නිසා ඔහු නිහඩ වූවේය.

තවත් ස්වල්ප කතා බහකට පසු ඇවිදීම ඉවර වී හමුවන බවට ජින් හියුන්ට පොරොන්දු ඔවුහු එතැනින් නික්මුණහ. මඳක් දුර ඇවිද ගොස් ජින්  හියුන්ට නොඇසෙන මානයේදී ඔවුන් කතා කරන්නට වුයේ අශ්ව හොරකමට නැම්ජුන් හියුන් සම්බන්ධද යන්න ගැනය.

" ඒ ගැන හරියටම කියන්න බැහැ. හැබැයි එයා ගැන සැක කරන්න කෙනෙකුට හේතු හතරක් තියෙනවා. එක.. මේ අශ්වයින් රදවන ශාලා ගැන ඔහුගේ ඇති දැනුවත්කම. දෙක.... හොරකම් කරන්න හොඳ අශ්වයින් තෝරා ගන්න ඔහුට තියෙන හැකියාව. තුන.......ඔහුට ඇති මුදල් අවශ්‍යතාව. හතර ... අර වගේ වෙස් මුහුණක් මීට පෙර පාවිච්චි කිරීම. ''

ජිමින් තම අදහස් ඉදිරිපත් කළේ එම හේතු හතර දක්වමිනි.

අවසානයේදී ඔවුන්ගේ තීරණය වූයේ අශ්ව සොරකම සිදුවෙන වෙලාවේ නැම්ජුන් සිටියේ කොහේදැයි සොයා බැලිය යුතු බවය.

To be continued....


මොනාම හරි කමක් නෑ comment එකක් දාගෙන යන්න...🤗🤗

කතාව ඔයාලගේ හිතට දැනුන නං vote එකක් දාගෙන යන්න...😊

واصل القراءة

ستعجبك أيضاً

148K 5K 100
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
430K 26K 85
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
168K 5.8K 43
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
223K 4.7K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...