අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)

ParkAuchi3

607 109 130

වාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි... Еще

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10

Chapter 1

306 18 19
ParkAuchi3

තුරඟ තරගවල උණුසුම්ම කාල පරිච්ඡේදය ආරම්භ විය. අශ්ව හිමියෝ තරග සඳහා ඉදිරිපත් කරන තම අශ්වයින් ගැන විශේෂ උනන්දුවක් දක්වන්නට වූහ. මේ උනන්දුව අශ්වයින් බලා ගන්නන් අතර මෙන්ම අශ්වාරෝහකයින් අතර ද පැතිර ගියේ සුපුරුදු ඉක්මනින්මය.

මෙම කාල පරිච්ඡේදය තුළ තුරඟ තරග පිටි කරා විවිධ ජන කොටස් රැගත් රථ වාහන ඇදෙනු දැක්ම සුලබ දසුනකි. ඉනුත් ලොව සුප්‍රකටම තුරඟ තරගාවලිය වන 'මිඩ්ල් වෙස්ට් ග්‍රෑන්ඩ්ෆික්ස්' තරගාවලිය පැවැත්වෙන 'මිඩ්ල් වෙස්ට් තුරඟ තරග පිටිය ' පිහිටි 'මිඩ්ල් වෙස්ට්' අශ්ව ගොවිපළ කරා ඇදෙන රථ පෙරහැර ඉතා අධිකය.

මෙම මිඩ්ල් වෙස්ට් අශ්ව ගොවිපළ කරා විහිදී ඇති වැලි පාර දිගේ පෙරට ඇදෙන රථ අතරට මැදිව පෙරට යන මර්සිඩ්ස් බෙන්ස් වර්ගයේ නවීන පන්නයේ කාරයකි. එය පදවාගෙන යනුයේ ජිමින් ය. ඔහු අසලම ඉදිරිපස අනෙක් අසුනෙහි සිටිනුයේ ඔහුගේ හොඳම යහළුවා වන තේහියුන් ය.

උසස් අධ්‍යාපනය ලබන අතරම පුද්ගලික රහස් පරික්ෂවරයෙකු සේ කටයුතු කරන ජිමින් තම හොදම යහළුවා සමග මේ ගමන් කරනුයේ මිඩ්ල් වෙස්ට්' අශ්ව ගොවිපළේ ඇති තුරඟ තරග පිටිය කරාය.

එම ගොවිපළේ සේවය කරන ජින් එම තරගාවලිය නැරඹීමට පැමිණෙන ලෙස තම පාසල් මිතුරන් වන ජිමින්ට මෙන්ම තේහියුන්ටද ආරාධනා කර තිබිණ. ජිමින් සහ තේහියුන් එම ආරාධනය සතුටින් පිළිගත්තේ තුරඟ තරග බැලීමට මෙන්ම කලකට පසු තම යහළුවා සමග නිදහසේ කාලය ගත කිරීමට අවස්ථාවක් උදාවන බැවිනි.

" හැම පැත්තකින්ම පෙනෙන්නට තියෙන්නේ සරුසාරව තණකොළ වැවූ බිම් .... ලස්සන කඳුවැටී.....ඒ වගේම බලන්නකෝ ඉන්න අශ්වයෝ... බැලූ බැල්මට හරිම ශක්තිමත් පෙනුමක් උන්ට තියෙන්නේ. ''

පාර දෙපස ඇති තණ බිම් වටා දෙනෙත් විහිදු ජිමින් පැවසුවේ තම කාරයට සමාන්තරව තණ පිටිය වටා තරගයට මෙන් දුවන අශ්වයින් දෙදෙනෙකු දෙස බලමිනි.

" ඔව්.. මේ පැත්ත මේ තරම් ලස්සනයි කියලා මමත් හිතුවේ නැහැ. ජින් හියුන් විස්තර කරද්දී මම හිතුවේ අපිව ගෙන්න ගන්න හිතාගෙන එයා බොරු කියනවා කියලයි."

තේහියුන් සිනාසෙමින් කීවේ අවට ලස්සන බලන ගමන් ය.

" දැන්නම් මට මෙහෙ සතියක් නෙවෙයි මාසයක් වුණත් ඉන්න පුළුවන්"

ජිමින් පැවසුවේ මෙම පරිසරයෙහි තමන් ගත කිරීමට වෙන් කර ඇති කාලය මතක් කරමිනි. ජිමින්ට මෙන්ම තේහියුන්ටද මෙහි ගත කිරීමට නිවාඩු තිබුණේ හරියටම සතියක් පමණකි. ඒ ඔවුන් දෙදෙනාගේම ද්විතීය පරීක්ෂණ ඉන් අනතුරුව යෙදී තිබෙන නිසාය. ඒනිසා ඔවුන් ජින් හියුන් සමග නිවාඩුව ගත කරන්නට පොරොන්දු වූයේද එක් සතියකට පමණකි.

එම සතිය ඔවුන්ට නැවතීමට ජින් සූදානම් කර තිබුණේ තමාට ගොවිපළෙන් වෙන් කර ඇති හෝටල් කාමරයමය. එය සුවිසල් මෙන්ම සැප පහසුකම්ද නොඅඩු කාමරයකි. ජින් 'මිඩ්ල් වෙස්ට් අශ්ව ගොවිපළෙහි රැකියාවට පැමිණ දැනට වසරකටත් වැඩිය. එදා සිටම ඔහු නතරව සිටිනුයේ එම හෝටලයෙහිය.

ජින්, 'මිඩ්ල් වෙස්ට්' අශ්ව ගොවිපළෙහි සේවය කරනුයේ අසුන් පුහුණු කරන්නෙක් ලෙසිනි. ඒ සුප්‍රකට තුරග ධාවකයෙකු වන මාක් ලුඩ්වික් යටතෙහි ය. ලුඩ්වික් වාසය කළේ මෙම ගොවිපළ ආසන්නයේ පිහිටි 'ගුඩ් ෂෙඩ්' නැමති ඔහුටම අයත් සත්ව ගොවිපළෙහි ය.

ඔහුගේ අපූර්වතම මෙන්ම ජවාධික අශ්වයින් ද මෙම ' මීඩ්ල් වෙස්ට් ග්‍රෑන්ඩ් ෆික්ස්' ශූරතාව සඳහා තරග වදින බව සඳහන් කළ ජින් එම තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණුවීම් තරග බැලීමටත් සමඟම දින කීපයක් කල් ඇතිවම පැමිණෙන ලෙස ජිමින්ට සහ තේහියුන්ටද ආරාධනා කරද්දීම කියා සිටියේය.

ඒ අවස්ථාවේ ජිමින් පමණක් නොව තේහියුන්ද එම ආරාධනය පිළිගත්තේ උපරිම වශයෙන් සතියක කාලයක් ඒ සඳහා වෙන් කරන බව පවසමිනි. ඒ විතරක් නෙවේ ඔවුන් ගමන පිටත් වුයේද සතියකට පමණ සෑහෙන ඇඳුම් පැලඳුම් පමණක් රැගෙනය. ඒත් මේ පරිසරය දකිද්දි මෙහි ගත කරන්නට යොදාගත් කාලය මදි යැයි ජිමින්ට මෙන්ම තේහියුන්ටද සිතිණ.

' මිඩ්ල් වෙස්ට් ග්‍රෑන්ඩ් ෆික්ස්' තුරග තරග ශූරතාවලිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන්නක් යැයි ජින් හියුන් විසින් හඳුන්වා දී තිබිණ. ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් රැස්වෙන මෙම උත්සවයට විවිධ තරග බිම්වල විශිෂ්ට නම් දරා ඇති අශ්වයෝ මෙන්ම අශ්වාරෝහකයෝ ද තරග වදිති.

ඒ අතරින් ජින් විශේෂයෙන් මතක් කරමින් පැවසූ කිම් නැම්ජුන් අසරුවාගේ නම ජිමින්ට සහ තේහියුන්ටද හොදකාරව මතක තිබිණ. (ඒ ඇයි කියලා පස්සේ කියන්නම්... පුළුවන්නම් කියාගෙන යන්න...)

ඔහු පසුගිය තරග සියල්ල ම ජයග්‍රහණය කර තිබුණේ 'රෙඩ් ඇරෝ නමැති අශ්වයා කැටුව තරග කරමිනි. එහෙත් මෙවර එම අශ්වයාගේ අයිතිකරු වෙනත් තරගාවලියක් සඳහා රෙඩ් ඇරෝ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නිසා මෙම තරගාවලියට නැම්ජුන්ට  ඉදිරිපත් වෙන්නට සිද්ධ වෙන්නේ අලුත් අශ්වයෙකු වන නාගන් සමගිනි. තරගාවලියට පෙර 'නාගන්' අශ්වයා සමග නැම්ජුන් කරන පුහුණු වීම්ද ජිමින්ට සහ තේහියුන්ට බලාගත හැකි යැයි ජින් හියුන් ඔවුන්ට කල් කියාම කියා තිබිණ.

මෙම ගමනේදී ඔවුන්ට තවත් සුවිශේෂි පුද්ගලයෙකු හඳුන්වා දීමට ද ජින් කටයුතු සලස්වා තිබිණ. ඒ තම පුහුණුකරු වූ මාක් ලුඩ්වික් ය. කිම් නැම්ජුන් වැනි අති දක්ෂ අශ්වාරෝහකයන් හිටියත් මාක් ලුඩ්වික් වැනි අශ්වාරෝහකයන් සිටිනුයේ අතළොස්සකි. ඒ මාක් ලුඩ්වික් අශ්වයින් අයිතිකරුවෙකුද වන හෙයිනි.

නැම්ජුන් වැනි අය කෙතරම් අති දක්ෂ අශ්වාරෝහකයින් වුවද ඔවුන් සතුව තරග සඳහා පුරුදු පුහුණු කළ අශ්වයින් නොමැත. සාමාන්‍ය අසුන් අයිතිකරුවන්ට මෙවන් ඉහළ පෙළේ තරග සඳහා පුරුදු පුහුණු කළ අශ්වයෙකු තම අයිතියේ තබා ගැනීමට හැකියාවක් නොතිබිණ. ඒ එය බෙහෙවින් වියදම් අධික වන නිසාය.

මෙවන් තරග සඳහා අශ්වයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ අශ්වයා සුවිශේෂී අශ්වයෙකු විය යුතුය. එවන් අශ්වයෙකුඋත්පත්තියේ සිටම හොඳින් රැක බලාගෙන පුරුදු පුහුණු කළ යුත ය. එවන් එක් එක් අශ්වයාට වෙන වෙනම පුහුණු කරුවෙකු සිටිය යුතු අතර නඩත්තුව සඳහාද වෙනම ම සේවකයෙකුද සිටිය යුතුය. එවන් අශ්වයෙකුට තුඩා කළ සිටම ක්‍රමානුකූල පුහුණුව ලබා දීම මෙන්ම නිසි වේලාවට නිසි ආවතේවන්ද කළ යුතු වීම නිසාය. අධික කාලයක් මෙන්ම අති මහත් මුදලක් ද වැය කරමින් මෙවන් අශ්වයෙකු නඩත්තු කිරීම නැම්ජුන් වැනි සාමාන්‍ය තත්ත්වයේ අශ්වාරෝහකයින්ට අසීරුය. එනිසාම ඔවුන් වැනි අය කරනුයේ කවුරුන් හෝ ධනවතෙකුට අයත් එවන් තරග සඳහා සූදානම් කළ අශ්වයෙකු සමඟ පුහුණු වීම් කටයුතු කර එම අශ්වයා කැටුව තරගයට ඉදිරිපත් වීමය.

මෙවර මිඩ්ල් වෙස්ට් ග්‍රෑෆික්ස් තරගාවලිය සඳහා නැම්ජුන් තරග වදින්නේ නාගන් අශ්වයාගේ අයිතිකරුවන මාක් ලුඩ්ඩ්වික් වෙනුවෙන් ය. එම අශ්වයාගේ ආවතේවකයා ජින් හියුන් ය. නැම්ජුන්ට සහ ජින් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගෙන්නට එයද එක් හේතුවක් විය.

මාක් ලුඩ්ඩ්වික් මුල දී නිතර නිතර තරග සඳහා ඔහුද අශ්වාරෝහකයෙකු ලෙස ඉදිරිපත් වුණිද මෑතක සිට ඔහු උනන්දුවක් දක්වනුයේ තම අශ්වයින් වෙනත් අති දක්ෂ අශ්වාරෝහකයින් යටතේ තරග වලට ඉදිරිපත් කර ජයග්‍රහණ ලබාගැනීමටය.

" අර ලොකු ශාලාවක් පෙන්නේ. ඒක වෙන්න ඇති නේද තරග සඳහා ගේන අශ්වයෝ නතර කරන තැන...?"

ජිමින් ඇසුවේ මිඩ්ල් වෙස්ට් අශ්ව ගොවිපළෙහි රථ ගාලේ කාර් එක නතර කරන අතර තරමක් නුදුරින් පිහිටි පළල මෙන් හතර පස් ගුණයක් දිගින් යුතු විශාල ශාලාව පෙන්වමිනි.

"ඔය එක් අශ්ව ගාලක්. මම හිතන විදිහට ඔතැන අශ්වයෝ පනණහකට විතර කාමර ඇති. ඔය වාගේ ශාලා තුනහතරක්ම මේ ගොවිපළේ තියෙනවා. තරග පුහුණුවීම් කරන එක් පිට්ටනියක් මෙය ශාලාවෙන් එහා පැත්තෙන් තියෙනවා කියලා ජින් හියුන් මාත් එක්ක කියලා තියෙනවා."

කාරයෙන් බසින අතර තේහියුන් පිළිතුරු දුන්නේය.

ඒ සමගම මෙන් ජින් හියුන් කොහෙදෝ සිට ඔවුන් කරා පැමිණියේය. ඉතා සතුටින් තම මිතුරන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් දෙදෙනා සමගම පැමිණෙන ලෙසට තමා ආරාධනා කළ ජිමින්ගෙ පෙම්වතා වන ජන්කුක් ගැන විමසුවාය.

" කුකීට නිවාඩු ගන්න බැරි වුණා. අද හරි හෙට හරි නිවාඩු ගත්තු ගමන් කෙළින්ම මෙහාට එන්නම් කියලා එයා කිව්වා. "

ජිමින් සිනහමුසු මුහුණින් පිළිතුරු දුන්නාය.

නවාතැන් ගන්නා හෝටලයට යෑමට පෙර සුවිසල් අශ්වමඩු, අලංකාර පුහුණුවීම් පිටි මෙන්ම චමත්කාර ජනක තරග පථයද තම මිතුරන්ට පෙන්වීමට ඇති අදහස් කළේය.

" මේ සැරේ 'මිඩ්ල් වෙස්ට් ග්‍රෑන්ඩ් ෆික්ස් තරගයට මම වැඩ කරන ගුඩ් ෂෙඩ් සත්ව ගොවිපළෙන් ගෙනැත් තියෙන්නේ අශ්වයෝ පනස් ගණනයි. ඒ සේරම ඉන්නේ මේ 'සී' මඩුවේ.

ජින් හියුන් පැවසුවේ ජිමින් කාර් එකෙන් බහිද්දීම දැක්ක ලොකු ශාලාවට ඔවුන් කැටුව ඇතුළු වෙමිනි.

ඔහු මඩුවක් ලෙසින් හැඳින් වුවද එය සත්වයින් සඳහා වෙන් කළ ඉහළම පෙළේ හෝටලයක් වැනි පහසුකම් අනූන තැනක් යැයි ජිමින්ට සිතුණේ දිගු කොරිඩෝවේ දෙපස ඇති කාමර වලට එබී බලද්දි ය. එම කාමර වල තේජස් අයුරින් හිස සොලවන. වලිගය වනන, කකුල් ඒ මේ අත දිගු කරන අශ්වයින් දෙස ජිමින් සහ තේහියුන්ද බැලුවේ බලවත් උනන්දුවකින් මෙන්ම ආශාවකිනි.මෙසේ වටපිට බලමින් ගමන් කරන ඔවුන්ට තමන් ඉදිරියට සිනාමුසු මුහුණින් යුතුව පැමිණෙන කඩවසම් තරුණයෙකු දක්නට ලැබිණ. ඔහු සැරසී සිටියේ අශ්වාරෝහක ඇඳුමෙනි. ජින් හියුන් සමග සුහදව සිනාසුණු එම තරුණයා කිම් නැම්ජුන් බව, ජින් තම යහලුවන්ට හඳුන්වා දුන්නේය. ඔහු අතිදක්ෂ අශ්වාරෝහකයෙකු මෙන්ම ජින් හියුන්ගේ මිතුරාද වන බව මෙම ගමන පිටත් වීමට පෙර සිටම ජිමින් සහ තේහියුන් දැන සිටියහ.

"අද මගේ පුහුණු වීමේ පරීක්ෂණය... මම දැන් මේ ඒකේ මූලික වැඩ වලට යන ගමන් "

සුළු පිළිසඳරකට පසු හදිස්සියක් පෙන්වා එසේ පැවසූ නැම්ජුන් සමුගෙන නික්ම ගියේය. " පුරුදු අශ්වයා වෙනුවට මේ වතාවේ එයා තරග වදින්නේ අලුත් අශ්වයෙක් එක්කනේ.. ඒකයි ඔය හදිස්සි

නැම්ජුන් හා කඩිමුඩියට හේතු දක්වමින් ජින් හියුන් පැවසුවේය.

ඊළගට ඔවුන්ව කැටුව ගියේ මෙවර තරගාවලියට ඉදිරිපත් කරන සුවිශේෂතම අශ්වයා වන 'කාශ්මීර්' පෙන්වීමටය. පසුගිය වසරේ තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ එම 'කාශ්මීර්' අශ්වයා ය.

කාමරයක් තුළට වී සිටි එම අශ්වයා තමන් දෙස බලා සිටිනුයේ දැඩි අහංකාරයෙන් යැයි ඌ දෙස බලද්දී ජිමින්ට සිතිණ. අශ්වයාගේ පෙනුමේ පමණක් නොව එම කාමරයේද අසාමාන්‍ය බවක් තිබිණ. ඉතාමත්ම පිරිසිදු එම කාමරයේ එක් කෙළවරක අශ්වයින්ට වැතිර නිදාගැනීමට පිදුරු මිටියක් අතුරා තිබු අතර කාමරයේ අනෙක් කෙළවරෙහි කුඩා මෙට්ටයක් අතුරා ඒ මත කොට්ටයක් සහ ඇතිරිලි දෙකක් තබා තිබිණ.

" මෙය හෝසොක් නිදාගන්නා තැන හෝසොක් තමා කාශ්මීර්ට සාත්තු සප්පායම් කරලා බලා ගන්නේ. ගිය අවුරුද්දේ මෙහෙ තරග ශූරතාවට අමතරව තරග ගොඩක්ම කාශ්මීර් දිනලා තියෙනවා. අශ්වයාගේ අයිතිකාරයා වගේම උගේ අශ්වාරෝහකයාත් මාක් ලුඩ්විත්. ඔහු මේ අශ්වයාට දක්වන්නේ විශේෂ සැලකිල්ලක් ඒ වගේමයි මේ අශ්වයා බලාගන්නේ හෝසොක්. එයා මේ කාශ්මීට කොයිතරම් ආදරේද කියලා හිතා ගන්න පුළුවන් නේද අශ්වයා ළඟම නිදා ගන්නට කොට්ට මෙට්ටත් දාගෙන ඉන්න විදිත දැක්කාම."

විස්තරය අවසන් කරමින් ජින් හියුන් පැවසුවේ සිනහවක්ද නගා ගනිමිනි.

හෝසොක් හඳුනා ගන්නට ජිමින් මෙන්ම තේහියුන්ටද උනන්දුවක් දැක්වූවද ඒ අවස්ථාවේ හෝසොක් මාක් ලුඩ්වික් හමුවීම සඳහා ගුඩ් ෂෙඩ් ගොවිපළ කරා ගොස් ඇති බව ඇති පැවසුවේය.

එම අශ්වයා අසලින් නික්මුණු ඔවුන්ට තව දුරටත් එම ශාලාව නැරඹීමට කාලයක් නොමැති බව ජින් කීවේ නැම්ජුන් හා අශ්වයා පුහුණු වීම්වලට සූදානම් කිරීමට තමා වහාම යා යුතු බව හේතු වශයෙන් දක්වමිනි.

ඒ අනුව ඔවුහු ආපසු එන්නට පිටත් වූහ. ඒ එන අතරතුර ශාලාවෙන් බැහැරවීමට ආසන්නයේ ජිමින් එක්වරම නතර වූයේ දුමක් වැනි දෙයක ගඳක් තමාට දැනෙන බව පවසමිනි.

මොහොතකින් තම සැකය නිවැරදි බව ඔහුට වැටහිණ, ආපිට හැරුණු ජිමින් කොරිඩෝව දිගේ ආපසු දිව ගොස් එක් තැනකදී තවත් කොරිඩෝවකට හැරිණ. ඈත ශාලා කෙළවරින් දුමක් නැගෙනු ඡ
ජිමින්ට පෙනිණ.

"ගින්නක්...! ගින්නක්...!"

ජිමින් උස් හඬින් කෑ ගසන්නට වූවේය.

To be continue...

Продолжить чтение

Вам также понравится

221K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.1M 38.2K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
146K 4.9K 100
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
196K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...