You are unique

Por U_MiShi

397 134 32

ඔයා විශේශයි.. Más

සංසන්දනය

397 134 32
Por U_MiShi

ඔබව   අන් අය සමඟ සංසන්දනය කරන්න එපා .ඉර හදටවත් හද ඉරටවත්  සමාන  කරන්න බැහැ.

ඔවුන් ඔවුන්ගේ නියමිත කාලයන්ට අහසේ වඩාත්  දීප්තිමත්ව  බබළයි.

1.
පාසල් අද්‍යාපනය අවසානයෙ වසර කිහිපයකට පසු පිරිමි ළමයෙකුට තම පංතියේ මිතුරෙකු මුණගැසෙනවා.. ඔහුගේ මිතුරාට නවතම මෝස්තර සහිත මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක් තියෙනවා දැකල ඔහුට ඔහුගේ ඇස් අදහා ගත නොහැකි වෙනවා ...

එදා ඔහු ආපසු නිවසට පැමිණියේ තමා ගැනම දැඩි කලකිරීමක් ඇති කරගනිමින්.
ඔහු සිතුවේ ඔහු අසාර්ථක බවයි.
නමුත් ඔහු නොදැන සිටි දෙය නම් ඔහුගේ මිතුරා රියදුරෙකු වන අතර එය ඔහුගේ කාර්යාල ලොක්කාගේ මෝටර් රථයයි

2.
එක කාන්තාවක් සැමවිටම ඇයගේ සැමියාට බැනවැදුනේ ඔහු ආදරනීය   නැහැ කියලා.

තම මිතුරියගේ ස්වාමිපුරුෂයා ඇය රැකියාව සදහා පිටත් වන විට කරනවාක් මෙන් ඇය වෙනුවෙන් තම ස්වාමිපුරුෂයා කාර් දොර ඇරීමට නොපැමිණෙන බවට ඇය ඔහුට චෝදනා කළා..

නමුත් ඇය නොදැන සිටි දෙය නම් මිතුරියගේ ස්වාමිපුරුෂයාගේ මෝටර් රථයට කැඩුණු දොරක් ඇති අතර එය පිටතින් පමණක් විවෘත කළ හැකි බවයි..


3.

එක බිරිඳක් ඇගේ දිගුකාලීන මිතුරෙකු බැලීමට ගිය අතර ඇගේ මිතුරියගේ ආදරණීය දරුවන් තිදෙනා විනෝද වෙමින් සිටිනු දැක ඇය මහත් සේ කම්පාවට පත්විය.

ඇගේ ගැටලුව වූයේ ඇයට ඇත්තේ එක් දරුවෙකු පමණක් වීම සහ පසුගිය වසර පහක කාලය තුළ පිළිසිඳ ගැනීමට ඇය  උත්සහ  කලත් එය නිශ්පල වීමයි..

ඇය නොදැන සිටි දෙය නම්, ඇගේ මිතුරියගේ  ජීව විද්‍යාත්මක දරුවා වූ එක් දරුවෙකුට පිලිකා රෝගය ඇති බවත් ජීවත් වීමට වසරක් පමණක් ඇති බවත්ය.අනෙක් දෙදෙනා දරුකමට හදා ගන්නා ලද දරැවන් බවත් ය..


සාරාංශය:

ජීවිතයට විශ්ව මිනුමක් නොමැත;

මිනිසුන් දෙස බලා ඔවුන් සමඟ ඔබව සංසන්දනය කිරීමෙන් ඔබට අත් විදින්න වෙන්නේ ඔබේ ජීවිතය තවත් කටුක වන්නක් බවට පත්වීම පමනයි..

එබැවින්, ඔබ සතුව ඇති දේ භුක්ති විඳින්න...

දිලිසෙන සියල්ල රන් නොවේ, ඔයා අගයන කෙනාට වඩා ඔයා විශේශ වෙන්න පුලුවන් ඒ කෙනාගෙ ඇසින් ඔයා දිහා බලද්දි..

ජීවත් වන්න සහ ඔබ සතුව ඇති දේ ගැන සතුටු වෙන්න.කිසිවෙකු සමග ඔබව compare කරන්න එපා...
ඔයා වගෙ ඉන්න එකම කෙනා ඔයා විතරයි..
හැමෝටම බැහැ ඔයා වෙන්න..
වෙන්නත් බැරි වේවි....

ඔයා විශේශයි UNIQUE ❤️

ඔබම වන්න !

ඔබ සෙරෙප්පු සොයන විට, පාද පවා නැති අය සිටින බව කිසි විටෙකත් අමතක කරන්න එපා..















♥️♥️

Seguir leyendo

También te gustarán

4.9K 1K 8
"ඇයි මටම මෙහෙම වෙන්නෙ??...." ඒ ප්‍රශ්නය මම මගෙන්ම ඇහුවා..ඒත් කවදාවත් උත්තරයක් ලැබුනේ නැති ප්‍රශ්න අතර ඒකත් අතරමං උනා...
7.8K 1K 7
" ලොකු මහත්තයා පුන්චි බේබි කවුද මන්දා කෙනෙක්ව ඉල්ලලා හොදටම අඩනවා " 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 🚫 This is a ship story book 🚫 Avoid reading people...
287K 8.2K 137
"𝑻𝒉𝒆𝒓𝒆'𝒔 𝒓𝒆𝒂𝒍𝒍𝒚 𝒏𝒐 𝒘𝒂𝒚 𝒐𝒇 𝒘𝒊𝒏𝒏𝒊𝒏𝒈 𝒊𝒇 𝒊𝒏 𝒕𝒉𝒆𝒊𝒓 𝒆𝒚𝒆𝒔 𝒚𝒐𝒖'𝒍𝒍 𝒂𝒍𝒘𝒂𝒚𝒔 𝒃𝒆 𝒂 𝒅𝒖𝒎𝒃 𝒃𝒍𝒐𝒏𝒅𝒆."
227K 11.5K 90
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...