❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴�...

By Madhu_96

82.1K 15.7K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍

🔞 Bite Special - 02 💙

1.3K 202 154
By Madhu_96

I Bite You In My Eyes ❤️💙💚
20 Years Later

ලස්සනම ලස්සන Cover එක මගෙ සඳු මැණිකගෙන්..  ඇත්තටම එයා මේක එව්වාම මට කතාව ලියන්නත් අමතක උනා...සෑහෙන්න වෙලාවක් බලන් හිටියා මන්.. කදුළු එනවා මට නම් ඒක දකිද්දී.. ගොඩාක් ස්තුතියි නංගා... ආදරෙයී ඔයාට...

💛💛💛💛💛💛💛💛💛💛💛💛

වන්ග් ජාන් සිටින්නේ තම කුස්සියේ රස කෑමක් හදන ගමන්.. එහාටයි මෙහාටයි යන ගමන් රසවත් කේක් එකට අවශ්‍ය සියලු දෑ එකතු කරමින් ජාන් හරි පරිස්සමෙන් තමන් මේ කේක් එක හදන්නේ...

වෙනදට නම් ජාන් කේක් හදනවා කිව්වොත් ජාන්ගෙ පණ ටික මෙතනට ඇවිත් සෑහෙන්න උදව් කරනවා...

පිටි ටික හලන්න කිව්වාම පිටි වලින් නාලා ජාන්ගේ මූණෙත් පිටි උලලා චූටී චූටී තරවටු වලටත් ජාන්ගෙ පණ ටික ලක් වෙනවා.. ඕවට සැලෙනවද එයා.. ඊටපස්සෙ කොල්ලා බහින්නේ බටර් එකට... බටර් කප් එක පුරාම ඇගිලී ගසමින් ගුල් හාරන්නේ මං බිංකුන්ඩා කිය කිය... ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ජාන්ගේ පණ ටික විතරයි නෙවෙයි පණ ගොඩ වෙද්දි යීබෝත් මෙතනට ඇවිත් කෝලම් දානවා.. ජාන්ට ඩැඩයි පුතයි දෙන්නම එකතු වෙලා කේක් හැදිල්ලත් එපා කරවලා තමයි අන්තිමට නවතින්නේ...

❤️ ආයීශ්.. කේක් එක බේක් වෙන්නත් දැම්මා.. කෝ අප්පා මේ කොලුවා.. මොනවා කරනවද අද...

තම ඒප්‍රන් එකත් ගලවලා දාලා ජාන් ගියේ මිදුලට... මිදුල හැමතැනම කොල්ලව හෙව්වත් කොල්ලා නෑ පේන්න... අද ඩැඩාත් නැති දවසක්... අද වතු වල තේ දළු කඩන නිසා යීබෝ , බින් , ශුවාන් තුන් දෙනාම ඒ පැත්තට පොඩ්ඩක් ගියේ කොච්චර උනත් ඒ වැඩ කරන දුප්පත් මිනිස්සුන්ට මොනවා හරි උදව්වක් ඕන වෙයි කියලා බලන්න...

අවුරුදු 20ක් ගෙවිලා යද්දි දැන් යීබෝට අවුරුදු 56ක්.. හැබැයි තාමත් ජාන් අරන් දුන්න බයික් එක එයා පදිනවා... පුතණ්ඩියවත් දාගෙන බයික් එකේ පන්ති එක්ක යද්දි පුතණ්ඩියා නම් පුදුම ගැම්මකින් තමයි යන්නේ...

යීබෝත් නැති නිසා ජාන් වැඩ අවසන් කරලා කොල්ලව හොය හොය ඇවිදිනවා..  ජාන්ට දැන් අවුරුදු 51ක්.. හැබැයි හුරතල් ජාන් කවදාවත් වෙනස් වෙලා නම් නෑ...

❤️ චූටී පුතා.. චූටී පුතා... yizhan  ඔයා කොහෙද මැණික...

ජාන් ගේ වටේම රවුමක් දාලා ආයේ ආවේ ගෙට.. නිකමට වගේ නමට තියෙන yizhan ගෙ කාමරේට ඔලුව දාලා බැලුවත් කොල්ලා නෑ.. ඊටපස්සෙ ජාන් ගියේ එයාලගෙ කාමරේට... ඔන්න කොල්ලා ඉන්නවා..

පස්සත් උඩ දාගෙන දෙපැත්තෙන් කොට්ට දෙකකුත් තියන්.. කොට්ටත් බදාගෙන දොයි වගේ... ජාන් හොර අඩි තියලා ගිහින් ඇද ගාවින් හිටගත්තා..

❤️ yizhan ඇයි වස්තු දොයි.. කෝ නැගිටින්නකෝ.. පපාට පාලුයිත් එක්ක...

💙 මටෝන්නෑ... බොරුමයි කියන්නේ... 😭😭😭

මූණවත් උස්සන්නෙ නැති කොල්ලා හැඩුම් මුසු හඩකින් කියද්දි ජාන් ඉක්මනින් කොල්ලගෙ ඉහ අද්දරින් වාඩි උනා... ජාන්ගෙ හිත දන්නවා ඇයි තමන්ගෙ පුතා අඩන්නේ කියලා.. ඒත් වචනෙන් නාහා ඉන්නේ පුතා තවත් අඩයි කියලා තියෙන බයට... ජාන් yizhan ගෙ උරහිසට නිකට තියන් ඒ හිස පිරිමැද්දා... කදුළු පිරිච්ච මූණක් හදන් yizhan ජාන් දිහා බැලුවෙ තොල් නොපිට පෙරලගන්න ගමන්...

💙 පපා...හ්...😭


Yizhan  ජාන්ගෙයි යීබෝගෙයි පණ ටික කිව්වොත් හරි... අවුරුදු 19ක් වයසැති මොහුට මුළු ජීවිතේම වෙන්නේ තමන්ගෙ තාත්තලා දෙන්නා... හරි අපූරූ දේව මැවුමක් මේ පුතාට තිබුනා... yizhan කියන්නේ ජාන් හා යීබෝගේ එකතුවක් උනා.. yizhan ට යීබෝගේ පෙණුම ගොඩාක් දුරට ලැබුනත් එයාට තිබ්බේ ජාන්ගේ ඇස් වගේම , කලු ළපයක් දෙතොල යටින් හිමි ලස්සන සරාගි දෙතොලක්.. ජාන්ගෙ හිනාව හරි අපූරුවට පොඩි කොල්ලටත් පිහිටලා තිබුනේ ජාන්ගෙ හා දත් දෙකත් එක්කමයී..... නාසය පවා ජාන්ගෙ වගේ වෙද්දි බැලු බැල්මට yizhan යීබෝ වගේ උනා...

❤️ අනේ රත්තරන් නාඩා ඉන්නකෝ දැන්... කෝ එන්න චුට්ටක් තුරුල් කරගන්න.. බලන්නකෝ කදුළු ගොඩ...

💙 ම්ම්..🥺🥺

❤️ ඔයා දන්නවා චූටී පුතා මන් ආස නෑ කියලා ඔයා අඩනවට.. ඩැඩා දැක්කොත් ඔයා අඩනවා ඒ මනුස්සත් දැන් මුල්ලක් අල්ලන් අඩනවා.. ඔයාලා දෙන්නා අඩද්දි මන් එපැයිනේ නලවන්න...

💙 ඉතින් ඔයා එයාව...නලෝ ගන්නකෝ.. ඔයාට මාව එපානී.. එයාව විතරනී ඕනා.. ඒකනෙ මාව යවන්න හදන්නේ...😭😭

පුංචි එකාගේ වචනත් එක්ක පපුවත් හීතල වෙද්දි ජාන් ඒ සුන්දර මුහුණ පුරාම හාදු තිබ්බා... ජාන් කවද්ද තමන්ගෙ රත්තරන්ට ආදරේ නොකරේ...

❤️ ඒම කියන්න එපා මැණික.. පපාගෙ පපුවත් රිදෙනවා...

💙 අනී අනී.. සොරි පපා.. මට යන්න බෑ...මට යන්න බෑ.. මන් කොහොමද කියන්න ඔයාලා දෙන්නා නැතුව යන්නේ... මට දෝ යන එකකුත් නෑ.. ඔයා දන්නවනේ මට ඔයාලා දෙන්නා මැදට ආවේ නැත්තම් එදා රෑට නින්ද යන්නෑ කියලා.. අනික ඔයා ඔලුව අතගාන්නත් ඕනේ.. අනේ පපා... එක්කෝ මාව නවත්තගන්න... නැත්තම් මන් එක්ක ඔයාලත් එන්නකො...චූටී පුතා පව් නේද පපා.. අනේ මට ඔයාලා නැතුව ඉන්න බෑ.. ඔයාලා දෙන්නම දන්නවා මට ඔයාලා දෙන්නා මගෙ ඇස් දෙක වගේ කියලා.. ඇස් දෙක නැතුව කොහොමද මන් ඉන්නෙ කියන්නකෝ...😭😭😭😭

❤️ අනේ අනේ.. හරි හරි නාඩා ඉන්න දැන්... මන් ඩැඩාට කෝල් කරලා එන්න කියන්නම්...අපි කතා කරමු මැණික..

යීබෝ පොඩ්ඩගෙ හිත හදන්න සෑහෙන්න දේවල් කියන්නට උනා... yizhan හොදටම ඉගන ගන්න දක්ෂ දරුවෙක්.. ඉතින් එයාට අනිද්දා ඉදලා ශැංහයි විශ්වවිද්‍යාලයෙ ඉගන ගන්න වරම් හිමි වෙනවා.. ඉතින් යීබෝගේ මතය උනේ කොල්ලව යවන්න... ඒත් ජාන් ඒකට කැමති උනේම නෑ.. මොකද පොඩි කාලේ ඉදන් yizhan ට ජාන් හා යීබෝගෙන් තොර ලොවක් නෑ.. ඉතින් කොල්ලා තනියම ඉන්නේ නෑ කියලා ජාන් දන්නවා.. ඒත් ඉතින් යීබෝ කිව්වේ කොල්ලා හොස්ටල් ඉදී කියලා.. ඕකට නම් yizhan ලග ලස්සන උත්තරයක් තිබ්බා...

💙 හූම්.. පපාට පාලු මකන්න ඩැඩී සර් කෙනෙක් හොස්ටල් එකට ආවට මට එන්නෑ හරිද... තරායී...

ඔන්න ඔතන ඉදන් තමයි පොඩ්ඩා තරහා වෙලා ඉන්නේ මේ... yizhan ට පොඩ්ඩ මිස් වෙන්නත් බෑ.. එයා ජාන් වගේ නසරානි පොඩි කොල්ලෙක්... පාසල් කාලෙත් දෙතුන් දෙනෙක්ටම සලකලා යීබෝවයි ජාන්වයි ඉස්කෝලෙට ගෙන්නලත් තියෙනවා.. හැබැයි ඉතින් යීබෝ ජාන් දෙන්නගෙන් කවුරුත් කොල්ලට පාරක් වත් ගහන්නෙ නෑ...

❤️ හරිද කුස්සියට යමුද දැන් කේක් එකත් හරියයි...

💙 යමු ඉතින්.. චූටි පුතාට තේ තිබහකුයි කේක් බඩගින්නකුයිත් එනෝ එනෝ වගේ ..

❤️ අනා ඉතින්.. එහෙනම් කේක් කවන්නම එපැයිනේ නේද වස්තු.. ඩැඩා එනකල් උණුවෙන් කේක් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බොමුද...

💙 ම්ම්ම්.. හා පපා... මට මගෙ සුදු පපා නැතුව ඉන්න බෑ.. ආදරෙයී පපා.. ඔයා තමයි මගේ මමා...🥺

ජාන්ව පිටිපස්සෙන් බදාගෙන ඒ උරහිසට හිසත් තියන් yizhan  කියන්නේ දුකින්...කොල්ලට බයයි යන්න වෙයි කියලා තනියම... එයා කොහොමද යන්නේ.. කවදාවත් මේ වෙනකල් කොච්චර කෙල්ලො කොල්ලො පස්සෙන් ආවත් කොල්ලා නෙවෙයි ගනන් ගන්නේ..  එයාට ඕනේ හැමදාම පපා ඩැඩා එක්ක ඉන්න.. ඒ ලස්සන ආදරේ දිහා බලන් ඉන්න...

❤️ අනේ අඩන්නෙ නෑ නේද පණ.. පපාගේ චූටී පුතු අඩන්නේ නෑ නේද කියන්න..

💙 නෑ...ඒත් ඩැඩා...මාව යවන්න හදන්නේ.. මාව වදයක් වෙලාද පපා...🥺.

ජාන් කේක් කපන්න ගත්ත පිහියත් බිමට දාලා yizhan ගෙ පැත්තට හැරුනේ ඇසිල්ලකින්.. ඉක්මනින් තමන්ගෙ පුතාව පපුවට තුරුල් කර ගත්තා..  තමන්ගෙ පුතාට තනියම ඉන්න බැරි බව හැබෑව.. ඒත් යීබෝ ගැන එහෙම හිතන්න දෙන්න පුලුවන්ද...

❤️ අහන් ඉන්න රත්තරන් මේ කතාව... ඔයාගේ ඩැඩා ඉන්නවා නේද.. එයා තමයි මේ ලෝකේ වැඩියෙන්ම ලස්සනට ආදරේ කරන්න දන්න එකම මනුස්සයා.. අපි ආදරේ කරද්දි කොච්චර දේවල් උනාද කියලා දන්නවා නේද.. ඒත් එයාට මාව වදයක් උනේ නෑ පුතේ... ඉතින් එයාගෙ ලෙයින් ඉපදුන ඔයාව කොහොමද පුතේ වදයක් වෙන්නේ... එයා ඉගනීමේ අගේ ගැන හොදටම දන්නවා ඒකයි ඔයාව යවන්නේ.. නැතුව වදයක් නිසා නෙවෙයි.. අපිටත් බෑ රත්තරන් ඔයා නැතුව ඉන්න... ඔයාගේ කතාව එයාට ඇහුනොත් එ පපුව රිදේවි මැණික.. අනේ මට කිව්වත් කමක් නෑ එයාට එහෙම කියන්න එපා රත්තරන්... ම්ම්ම්.. පොරොන්දු වෙනවද මගෙ පුතා... අනේ වස්තුව කතා කරන්නකෝ....😭😭😭

💙 අනේ පපා අඩන්න එපා.. එපා එපා.. සමාවෙන්න පපා... ඔයා අඩන්න එපා...පොරොන්දු වෙන්නම් පපා.. ආයේ කවදාවත් හීනෙකින් වත් මන් එහෙම හිතන්නෙ නෑ... අනෙ මන් ඩැඩාට ගොඩාක් ආදරෙයී පපා... එයානේ මගේ hero..  දුක නිසයි කිව්වේ...කමක් නෑ පපා එයා හැමදේම කරන්නේ හොදට නිසා මන් යන්නම් පපා.. ම්ම්..

❤️ පුතූ....🥺🥺 ඔයා ගියාම මට පාලුයි පුතේ.. කවුද දැන් මට වද දෙන්නේ පස්සෙන්ම ඇවිත්...

💙 ඩැඩා දෙයි අනේ...😊😊 කේක් කවන්නකො.. මට ඔයා අතින් කන්නෝනේ...

කදුළු හංගන් yizhan  කියද්දි ජාන් කේක් කෑල්ලක් අරන් කැව්වේ චූටී පුතාට...

💙 ඉක්....ඉක්....ඉක්..... ප...පාහ්...🥺

❤️ අනෙ අනේ වස්තු... ආ වතුර බොන්න මගෙ පුතූ...

Yizhan ගෙ පිටටත් තට්ටු කරමින් ඒ හිස් මුදුනට පිඹිමින් ජාන් කොල්ලට වතුර දෙද්දී ,

💚 මගෙ රත්තරන් පැටියා... හිර උනාද වස්තුවට...

කලබලෙන් ආව යීබෝ yizhan එදා ජාන්ව වගේම වඩාගෙන පිට අත ගාද්දි ජාන් කොල්ලගෙ අතකින් අල්ලන් යීබෝ එක්කම ඇවිද්දා... කොච්චර වයස ගියත් යීබෝ තාමත් හොද ශක්තිවන්තයි.. පොඩි කොල්ලා යීබෝගේ බෙල්ලත් ඉඹිනවා...

💚 ඔයා එහේ ගිහින් තනියම කන්නෙ කොහොමද රත්තරන්.. හිර උනොත් වතුර පොඩ්ඩක් දෙන්න කවුරුත් නෑ නේද... මෙහෙම උස්සන් ඉන්න කවුරුත් නෑ නේද පුතේ..  අනේ ඔයාව මට වදයක් නෙවෙයි රත්තරන්.. මගෙ පැටව් දෙන්නයි මගෙ සුදු මැණිකයි කියන්නේ මගෙ මුළු ලෝකෙමනෙ.. අපි දෙන්නත් මගෙ පුතු එක්ක ආවොත් අපේ චූටී පුතුට සතුටුයි ද කියන්නකෝ... ම්ම්.. එන්නද වස්තුව අපිත්...

යීබෝ ඒ පිට අත ගගා අහද්දි  yizhan ඔලුව වනාගෙන වනාගෙන ගියේ ජාන්ට හිනාත් යන විදියට..

💙 පපා හිනා වෙන්නෙපා.. පුතා සතුටින් ඉන්නේ.. හූම්...

❤️ ඉතින් මාත් සතුටින් තමයි...ඒකනෙ හිනා වෙන්නෙ.. නේද ඩැඩා.. කෝ බහින්න.. මගෙ වයසක කොල්ලට ඔයාව බරයි... හූම් කොන්ද සිදෙයි අප්පා... මගෙ ඩැඩීගෙ...

💙 හෑ.. පුතුගෙ පස්ස සිදෙනෝ....අයියෝ... ඉන්න බැරියෝ...

💚 මේකගෙ නම් කෝලම් වැඩී හොදටම... පිස්සෝ..දැන් වත් බෑග් ලෑස්ති කර ගන්නවද ආ... නැත්තම් මේ හා දත් තියෙන හා පැටව් දෙන්නව විසික් කරලා දානෝ මන්...

❤️ දායී දායී.. මතක තියාගන්න ඩැඩී බෝලේ.. මෙතන ඉන්නේ එක සිංහයයි.. හැබැයි හාවෝ දෙන්නෙක්ම ඉන්නවා හරිද.. නේද පුතූ...

ජාන් පොඩ්ඩගෙන් අහද්දි කොල්ලා ශේප් එකේ මාරු වෙලා යන්න ගියා...මොකද එයා දන්නවා මේ බොරු වලි තමයි යන්නේ කියලා... නිකන් මොකටද ඕවට පැටලෙන්නේ... කොල්ලා ගියා යන්න..

💚 ඇඩුවද අප්පා...

❤️ සුට්ටයි...

💚 සුට්ටක් වත් ඕන්නෑනේ...ආස නැති දේමයි කරන්නෙ... සුදූ මැණික බඩගිනී මට..

❤️ කේක් තියෙනවා.. කාලා තේ බොමුද..

💚 බෑ.. මේවා ඕනේ...

යීබෝ ජාන්ගේ පපුවට තට්ටු දාද්දි ජාන් බැලුවෙ yizhan කොහෙද කියලා... ජාන් පොඩි ටොක්කක් යීබෝට දෙද්දි යීබෝ ජාන්වත් ලගට ඇදලා අරන් ඒ පපුවට හිස තබාගද්දී ජාන් ඒ හිස අතගෑවා...

💚 පුතු මට එයාව වදයක් කියද්දි පපුවත් එක්ක මොකක්දෝ උනා රත්තරන්... එයා ආයේ එහෙම හිතන්නේ නැති වෙන්නම මන් ආදරේ දෙනවා බබා.. අනේ මට උබලා දෙන්නා නැතුව ඉන්න බෑනේ.. පොඩ්ඩිත් අපිව දාලා ගියා..🥺🥺

❤️ ඉතින් රත්තරන් එයා එයාගෙ මහත්තයා ලගටනෙ ගියෙ...

💚 අපේ පුතුත් දවසක යයි නේද මැණික.. වයසක අපි දෙන්නා තනිවෙයිද සුදූ... උබට කලින් මන් ගියොත් උබ තනිවෙයිද සුදූ මැණික. අනේ උබව දාලා යන්න බෑ මට... මගෙ පණ...

❤️ අනේ ඩැඩී.. මොනවද කියවන්නේ ඩැඩී.. මගෙ ආයූෂත් අරන් මගෙ රත්තරන් ජීවත් වෙනවා.. අපි තනි වෙන්නෙ නෑ.. අපේ රත්තරන් පුතු කවදාවත් අපිව තනි කරන්නෙත් නෑ...

ජාන් යීබෝගෙ හිස අතගාමින් පවසද්දි යීබෝ ජාන්ගේ පපුවට දෙතොල් තබාගත්තේ ඒ කමිසෙත් උස්සලා... ඒත් එයලා දන්නෙ නෑ මේ කතාව චූටී පුතුට ඇහෙනවා කියලා නම්...

❤️ දන්නවද ඩැඩී...මන් මුලින්ම ගියොත් ඔය පුතු දිහා බලන්නකො.. ඔයාට මාව එයාගෙන් පෙනේවී...ඔයා ගියොත් මන් එයා දිහා බලන්නම් පණ... එතකොට හරිනේ.. අපි දුක් නොවී ඉමුද... මට බයයි ඔයා දුකින් ඉද්දී.. අපෙ පුතු ගොඩාක් ආදරෙයී අපිට...

ජාන් ලස්සනට වචන කරද්දි  yizhan  දුවගෙන ඇවිත් දෙන්නම තුරුල් කර ගත්තා.. එක පාරට ජාන් යීබෝ ගැස්සිලත් ගියා...

💙 මම මගෙ ඇස් දෙකව හොදටම බලාගන්නවා.. ඉන්නෝ සුත්තක් ලොකු වෙනකල් මන්.. තාම සූටීනේ..  🙈🙈

අවුරුදු 19ක කොල්ලෙක් මෙහෙම කියවද්දි ජාන් නොරිදෙන්න පොඩි ටොක්කක් අනිද්දී  කොල්ලා  දෙන්නාම ඇදන් ගිහින් කාමරේ ඇදෙන් තිබ්බා...

💙 ඩැඩා.. ඔයා පපාගෙ සස කුක්කු බොන්නකෝ.. මන් ඔයාලගෙ බෑග් ලෑස්ති කරන්නම් හරිද.. ගොඩාක් ඕනේ නෑනේ.. අපේ ඇදුම් එපාට්මන්ට් එකේ තියෙනවා නෙහ්...

💚 ඕන්නෑ...මෙන්න මෙහාට එනවා තුන් දෙනාම තුරුල් වෙලා චුට්ටක් දොයියන්න... මගෙ හා පැටව් දෙන්නා... එන්න රත්තරන් කෝ එන්න මැදට...අපේ පුංචි කොලු පැටියා...

Yizhan ව මැදි කරන් ජාන් යීබෝ කොල්ලගේ හිස අත ගාමින් සිපගනිමින් ඉද්දී  yizhan ට ඉතින් තව මොනවද ඔනේ...කොල්ලා ප්‍රාර්ථනා කරන්නෙම ගොඩාක් කල් තමන්ගේ දෙමව්පියන් ගෙ ජීවත් වීම... මොකද ඔවුන් නැතුව yizhan ට ජීවිතයක් නෑ...

❤️ දෝ ගන්න ඉතින්...ඇස් ටීක් බෝල කරන් ඉන්නේ...

💚 ඒකනේ...ෆෝන් එක කෝ පුතේ...

💙 දල්ලෑ...කොහේහරි ඇතී.. ගෙනත් ඕනද...

💚 එපා.. වෙන ලමයි ෆෝන් වලනේ ඉන්නේ ඉතින්...ඒත් ඔයා...

💙 මන් ඉන්නේ මගේ ඇස් දෙක අස්සේ.. මන් ආසම මෙහෙම ඉන්න ඩැඩා.. පපා.. අහන්නකෝ ඔයාලා...

කොල්ලා ලොකූ කතාවට වගේ මුලපුරන්නයී ජාන් යීබෝ දෙන්නම කොල්ලගෙ ඇග උඩින් අතක් දාගෙන තුරුල් උනා...

💙 ගොඩාක් කල් ජීවත් වෙන්න රත්තරන් ඔයාලා.. මේ ලෝකේ තියෙන ලස්සනම ආදරේ තමයි ඔයාලා ලග තියෙන්නේ.. ඔයාලා ඔයාලට ආදරෙයී ඔයාලා මට ආදරෙයී.. ඔයාලා හැමෝටම ආදරෙයී.. ආදරෙයී කියන්නේ ආදරෙයී.. ඔයාලගෙ ආදරේට සම කරන්න ආදරයක් මන් දැකලා නෑ...පොරොන්දුවක් වෙනවද මට...ම්ම්..🥺🥺

💚❤️ මොකක්ද චූටී පුතේ.... 🥺🥺

💙 උපදින හැම ආත්මෙකම මාව ඔයාලගෙම පුතා කරගන්න පුළුවන්ද.. හැම ආත්මෙකම මට ගොඩාරියක් ආදරේ දෙනවද.. කියන්න ඩැඩා...පපා කියන්නකෝ.. 😭😭 ආදරෙයී අනේ මගේ වීරයෝ දෙන්නටම මන් ගොඩාක්...

කොල්ලගෙ කතාවට ජාන් පොඩි එකාගෙ බෙල්ල අස්සේ රිංගන් කදුළු සලද්දි යීබෝ වාඩි වෙලා දෙන්නගෙම හිස පිරිමැදලා ඒ නලල ඉබගෙනම උන්නා...

❤️ මම පොරොන්දු වෙන්නම්...මගෙ පුතාටයි මගෙ මහත්තයටයි.. හැම ආත්මෙකම ඔයාල මගේ...

ජාන් කොදුරද්දී යීබෝ දෙන්නවම ඇදලා අරන් තමන්ගෙ දෙපැත්තෙන් තියන් තද කරලා තුරුල් කරගත්තේ ඒ මුහුණු දෙකම සිපගන්න ගමන්... මේ තමයි යීබෝගේ ජීවිතේ...

💚 ඉපදෙන හැම ආත්මෙම මේ ලොකු හා පැටියත් මගේ.. මේ පොඩි හා පැටියත් මගේ..  මේ සිංහයා ඉන්නේ හා පැටව් දෙන්නෙක්ගෙ මැද... හැබැයි ඉතින් අක්කී පැටික්කිටත් අපි ආදරෙයී නේද සුදූ මැණික..

❤️ අම්මෝ ඔව් නැතුව නැතුව.. අපේ බෝනික්කී...

💙 හරි නරකයී.. තරායී...

කොල්ලා ගස්සගෙන පස්සත් උඩ දාන් නිදාගද්දි යීබෝ ජාන් දෙන්නම එක පාර හිනා වෙලා කොල්ලගෙ දෙපැත්තෙන් හාන්සි උනේ පස්සට තට්ටු දානගමන්....

💚❤️
කන්දක් ගිණි ඇවිලෙන්       නේ....
හැන්දක් කිරි බී පන්             නේ....
පපාලා පුතු නලවන්             නේ....
තරහක් නෑ අපේ පුතු           ගේ....

..

..

..

..

නිමි...................................💚💙❤️

..

..

..

..

I Bite You In My Eyes - හරිම අවසානය මෙසේ සටහන් වූ වගායී...

එයාලා පුතා එක්ක සතූටින් ඉදිවී... අපි ප්‍රාර්ථනා කරමු හැමදාම එයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා...

මන් අද මේකෙන් සමු ගන්නවා... ළගින් උන්න හැමෝටම ස්තුතියි.. වචනෙන් හරි ආදරේ කරන අයට ගොඩාක් ආදරෙයී..

අදින් පස්සෙ මේකෙන් Notification  එන්නේ නෑ ඉතින්..

One face , my Little Rabbit  ඉක්මනින් දෙනවා...අවසන් කරනවා.. ඊටපස්සෙ අලුත් ඒවට යමු...

20K Views දුන්න ඔයාලට ගොඩාක් ස්තුතියි ආදරෙයී...

ඕතරී එහෙනම් ගියා...

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

36.2K 7.1K 36
ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14
13.3K 2.9K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
ZOMBIE ✔️ By Jini Hwang

Mystery / Thriller

6.9K 1.6K 16
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් ! මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍ය යේ සත්ත්ව ගොවිපලකින් වාර්තා වූ P - 024 නමැති සොම්බි වෛරසය ආසදිත වූ කාන්තාවක් මීට සුළු...
58.6K 7.9K 32
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...