Little Rose || KTH || Complet...

By Cyra_00

39.6K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 11

661 137 31
By Cyra_00

Nadia pov

🐥 අයේශ් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන ??

කාර් එකේ යන ගමන් ජිමින් ඔප්පා ඇහුවේ හෙන සීරියස් මූඩ් එකකින්..සාමාන්‍යයෙන් ජිමින් ඔප්පා හැම වේලේම හිනා වෙලා ජොලියේ හිටියට එයා වැදගත් දෙයක් ගැන කතා කරද්දි ෆුල් සීරියස්.

මොකක්ද හ්‍යුන්ග් ??

මගේ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉන්න දෝනිගේ ඔලුව අත ගගා මන් අහනකොට ජිමින් ඔප්පා මන් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා කාර් එක වෙන පැත්තකට හැරෙව්වා..

🐥 මෙහෙම බෑ...අපි බීච් එකට යමු..ජන්ග්මිත් කැමති වෙයි..

ඔප්පා එහෙම කියලා දෝනිගේ ඔලුව අතගාලා මාත් එක්කත් හිනාවක් දාලා බීච් එකට ආවා..ලොකු හූඩියයි මාස්ක් එකයි දාලා වැඩිය සෙනග නැති පැත්තක් බලලා ඔප්පා කාර් එක නවත්තලා මාවත් එක්කගෙන බීච් එකට ආවා..

දෝනිව අමාරුවෙන් ඇහැරවලා බීච් එක පෙන්නුව ගමන් කෙල්ලට පිස්සු හැදිලා වගේ දගලන්න පටන් ගත්තේ..මාත් කෝකටත් මාස්ක් එකක් දාගෙනම බැස්සේ මේ වෙනකොට ටේ ඔප්පාගේ සෙකට්‍රි විදියට මොකෙක් හරි මගේ මූන සෝෂල් මීඩියා වල දාලා නිසා මට පාරට බහින්න බැරි තත්වයක් තියෙන නිසායි..

ජන්ග්මි දුවගෙන ගිහින් වැලි ගොඩේ සෙල්ලම් කර කර ඉන්නකොට ජිමින් ඔප්පා වැලි ගොඩේ මගේ එහා පැත්තෙන් වාඩි උනා.

🐥 අයෙශ්...ඔයා කාට හරි ආදරේ කරලා තියෙනවාද ??

කැහ් කැහ්...

මොනවාද මේකා මේ අහන්නේ..මට හිරත් උනා..

මෝ ??

🐥 ඇත්තටම බන් මන් ඇහුවේ...ඔයා කාට හරි ආදරේ කරලා තියෙනවාද ??

❤ හ්ම්...කෙනෙක්ට කරා..තාමත් කරනවා.. හැබැයි එයා ඉන්නේ මට ලබාගන්න බැරි තැනක..

🐥 ඒ මොකද ??

❤ එයයි මායි හුගක් වෙනස් හ්‍යුන්ග්...එයායි මායි මිනිස්සු කියනවා වගේ හොදම යාලුවෝ විතරයි.. එතනින් එහාට මට එයා ගැන හිතන්න බෑ..මන් හිතන්නේ එයාත් එහෙමයි..එයාට මාව යාලුවෙක්ට එහා පේන්නේ නෑ...මට පුලුවන් එයාගෙ යාලුවෙක් වෙලා එයාගේ හිත සතුටින් තියන එක විතරයි..

මන් එහෙම කිව්වා විතරයි මෙච්චර වෙලා සැහැල්ලුවෙන් මගේ දිහා බලන් හිටපු ජිමින් ඔප්පාගේ මූන එකපාරටම අදුරු වෙලා ගියා..

ඇයි ඒ ??

🐥 අපි යමු..

❤ වේ ?? අපි ආවා විතරයිනේ ??

මොකක්ද අප්පා මෙයාට එකපාරටම උනේ ?? මෙච්චර වෙලා හිනා වෙවී හිටපු මනුස්සයා මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවාද ඇහුවා විතරයි මල පැනලා යන්නත් නැගිට්ටා..මුට මොකක්ද මේ වෙලා තියෙන්නේ ??

🐥 ඔ...ඔයා ඔහොම ටිකක් වෙලා ඉදලා එන්න..
මන් කාර් එකේ ඉන්නම්..

ජිමින් ඔප්පා දෝනිව ඇස්වලින් පෙන්නලා එහෙම කියලා ඉක්මනට පස්සේ තියෙන වැලිත් ගස ගස කාර් එක තියෙන තැනට ගියා.ඔප්පා ගියා කියලා දැක්ක ගමන් දෝනි ඉක්මනට මන් ලගට ආයි දුවගෙන ආවේ හරියට මන් තනියම ඉන්නවට එයා කැමති නෑ වගේ..

කෙල්ල මගේ ඔඩොක්කුවෙන් වාඩි වෙලා අතනම තියෙන වැලි ටිකක් සෙල්ලම් කර කර ඉන්නකොට මන් කල්පනා කරේ මන් ඔප්පාට දුන්න උත්තරේ ගැන..මන් වැරදි නෑනේ..

එයාට මාව පේන්නේ එයාගේ සේවකයෙක් විදියට.. නැත්තන් යාලුවෙක් විදියට..එතනින් එහාට මන් ගැන හැගීමක් එයාට නෑ..ඉතින් මන් කරන්නේ මට අල්ලගන්න බැරි අත්‍තක් දිහා බලාගෙන හූල්ලන එක..

හුම්ම්....

මගේ අනාගතේ ගැන හිතිලා මටම ලොකු සුසුමක් පිටවෙනකොට දෝනි ඉක්මනට මගේ මූන බැලුවා.. බලලා ආයි මොනවද ලියලා මට පෙන්නුවා.

" ඇයි හයියෙන් හුස්ම ගන්නේ ?? "

එහෙම නෑ මැණික..මන් හයියෙන් හුස්ම ගත්තේ නෑ..

මගෙ මූන දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ආයි මොනවද ලියන්න පටන් ගත්තා..

" ඔයාට දුකයිද ?? "

❤ අනි.. වේ ??

" හයියෙන් හුස්ම ගන්නේ දුක හිතුනාමනේ.."

මට ආයි කොලේක ලියලා පෙන්නපු එක දැක්කාම මගේ පපුව පිච්චෙනවා වගේ දැනුනා..මන් ඉක්මනට කෙල්ලව මගේ ඔඩොක්කුවට ගත්තා..

මැණික කොහොමද දන්නේ හයියෙන් හුස්ම ගන්නේ දුක හිතුනාම කියලා ??

මන් එහෙම අහපු ගමන් කෙල්ලගේ ඇස්වල කදුලු පිරුනා..අනේ ඒ බෝල ඇස් දෙකේ කදුලු පිරෙනකොට මට බලාගෙන ඉන්න බෑ..

අනේ ඇයි මැණික අඩන්නේ 🥺🥺

මන් කෙල්ලගේ ඇස්වල කදුලු පිහිදනකොට එය ආයි මොනවා හරි දිගට දිගේ ලියන්න පටන් ගත්තා..එයාගේ චූටි අකුරු වල පිල්ලම් වැරදුනත්..අමාරුවෙන් වචන හදාගෙන ලිව්වාත් කියවන අපිට එයා මොකක්ද ලියන්නේ කියලා අමාරුවෙන් තේරුම් ගන්න පුලුවන්..ඒ වචන හැම එකකම හැගීම් මහ ගොන්නක් හිර වෙලා තියෙනකොට මට පුංචි කෙලිපැටික්කිව පේන්නෙම මගේ ජිවිතේ පින්තරු කරන්න ආපු චූටි පාට කූරක් වගේ..

" මාත් ඔම්මා මතක් උනාම හයියෙන් හුස්ම ගන්නවා.."

අමාරුවෙන් අකුරු ගලපලා ලියලා තියෙන දේට මගෙ පපුව පිච්චිලා ගියා වගේ දැනුනේ..අනේ මගේ චූට් කෙල්ල මෙච්චර වේදනාවක් හිතේ තියාගෙන ඉන්නවාද ??

අනේ මැණික 🥺🥺 ඔම්මා නැතුව මගේ දෝනිට පාලුයිද ??

කෙල්ල ඔව් කියලා ඔලුව වනනකොට මන් එයාව මගේ උනුහුමට තුරුල් කරගත්තා..

දොනි..මන් රහසක් කියන්න ද ?? හැබැයි කාටවත් කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න ඕන..හරිද ?? අප්පාටවත් බෑ ඔන්න...

මන් එහෙම කියනකොට කෙල්ල එක දිගට ඔලුව උඩට පහලට කරලා එයාගේ චූටි ඇගිල්ල මගේ ඇගිල්ලේ පටලෙව්වා..

ඔයා දන්නවාද අර ඈත් පේන මුහුද තියෙන්නේ ?? මන් ආවේ එහේ ඉදලා..එහෙදි මට ලස්සන සුරංගනාවියක් ඇවිල්ලා කිව්වා මෙහෙ චූටි දෝනියෙක් ඉන්නවා එයා ලගට ගිහින් එයාගේ ඔම්මා වෙන්න කියලා..පස්සේ මන් කිව්වා මන් කොල්ලෙක්නේ..මන් ඉතින් කොහොමද ඔම්මා වෙන්නේ කියලා..එයා කිව්වා මෙහෙ ඉන්න චූටි සුරංගනාවි කවදා හරි ඔයාට ඔම්මා කියලා කතා කරපු දවසට මැජික් එකකින් මන් ගෑනු කෙනෙක් වෙයි කියලා..මන් හිතන්නේ ඒ සුරංගනාවි මට බලාගන්න කිව්ව පුංචි සුරංගනාවි ඔයාද කොහෙද ??

මන් ඈත් පේන කවදාවත් එකතු නොවෙන අහසයි පොලොවයි මැද්දේ තියෙන ක්ෂිතිජය දිහා බලාගෙන පට්ටපල් බොරුවක් ගොතලා කියනකොට කෙල්ල කදුලු අස්සෙන් හිනා උනා..මට ඕන උනෙත් ඒක..

මන් දන්නවා කවදාවත් අහසයි පොලවයි එක් වෙන්නේ නෑ..හැබැයි ක්ෂිතිජය එයාලව එක් කරලා තියෙනවා කියලා අපේ හිත රවට්ට ගන්න එක වැරදි නෑ නේද ?? ඒක එක්තරා රැවටීමක් උනත් අපේ හිත ඒ රැවටීමෙන් සැහැල්ලු වෙනවා නම් මන් ආසයි ජිවිත කාලෙම ඒ රැවටීම එක්ක ජීවත් වෙන්න..

හරි අපි යමු...ඔයාගේ චිමි සමෝච්චන් කාර් එකට වෙලා බලාගෙන ඇති...

.

.

.

🌹 නාදියා ?? උබ ඇත්තටම කොල්ලො හතක් එක්ක නවතින්න යන්නද හදන්නේ ??

ජන්ග්මි එක්ක ජිමින් ඔප්පා අපේ ගෙදර සාලේ ඉන්නකොට අයිශු මගේ කාමරේ ඉදන් බඩු ලෑස්ති කරන මගෙත් එක්ක කතා කරේ ඇහෙන නොඇහෙන ගානට..ඇහුනත් අවුලක් නෑ..අපි සිංහලෙන් නේ කතා කරන්නෙ..

වෙලාවට මන් එන්න ඉස්සෙල්ලා අයිශුට කිව්වේ මගේ ලට්‍ට ලොට්ට හංගන්න කියලා...ජිමින් ඔප්පාට සිංහල බැරි නිසා එයාට මන් කෝල් එකෙන් මොනවා කිව්වාද කියලා තේරුනේ නෑ..

වෙන කරන්න දෙයක් නෑ බන්...ටේ ඔප්පාව මට අර විදියට දාලා යන්න බෑ...මාව බදාගෙන පොඩි එකෙක් වගේ අඩනකොට මගේ පපුව පිච්චෙනවා වගෙ දැනුනේ...

🌹 මට මේක කියපන්..උබ ටේ ඔප්පාට ආදරේ කරනවාද ??

අයිශු ඉදලා ඉදලා මගෙන් අහපු දේට මට කට උත්තර නැතුව ගියා..මන් ආදරෙයිද ?? ඇත්තටම මන් ටේ ඔප්පාට ආදරෙයි ද??

ම..මන් දන්නේ නෑ අයිශු...එයා ලග ඉන්නකොට මගේ පපුව හයියෙන් ගැහෙනවා..එයාගේ ඇස්වලින් මගේ ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ..මට තේරෙන්නේ නෑ..මට දැනෙන මේ හැගීම ආදරේ නම් මන් එයාට ආදරෙයි තමා...

මන් ඔලුව බිමට හරවගෙන මගේ කදුලු හංගගෙන කියනකොට හැමදාමත් මටත් කලින් මගේ හැගීම් තේරුම් ගන්න අයිශු මගේ ඔලුව උස්සලා මාව තුරුල් කරගත්තා.

🌹මට හිතුනා උබ ටේ ඔප්පාට ආදරේ ඇති කියලා.. ඉස්සර තිබ්බේ ආකර්ෂණයක් විතරයි කියලා මන් දන්නවා..හරියට අයිඩල් කෙනෙක්ගෙයි එයාගේ ෆෑන්ගෙයි වගේ...ඒත් උබ හයිබ් එකට ගියාට පස්සේ ටේ ඔප්පා ගැන කතා කරන විදියට ජන්ග්මි ගැන කතා කරන විදියට , ඒ වෙලාවට ඔයාගේ ඇස් දිලිසෙන විදියට ජිවිතේට කොල්ලෙක් වෙනුවෙන් උනු නොවුන මේ දඩබ්බර හිත එයා වෙනුවෙන් උනු වෙනකොට මට තේරුනා උබ ටේ ඔප්පාට ආදරෙයි කියලා..ඒත් මේක වැරදි නාදියා..

මගේ ඔලුව අතගාන ගමන් මගේ හැගීම් මටම තේරුම් කරනකොට මන් අයිශුව බදාගෙන මගේ කදුලු හැංගුවේ බොහොම අමාරුවෙන්..ඒත් අයිශු අන්තිමට මන් වැරදි කියලා කියනකොට මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරන් හිටිය ඉකිය ඇහීමක් බවට පත් උනා..

🌹 එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා

❤ එ..ඒක මන් දන්නවා..
ඒත් මට එයාව දැනෙනවා..
එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට..
ඒ නපුරු ඇස් මට කිව්වේ..
ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු..
අනික මන් ඒ දරුපැටියට ආදරෙයි..

🌹 මේක අහන්න නාදියා..
ඔයා අපිට නාදියා උනාට එයාට නදීශ්...
නදීශ් සූරිබන්ඩාර..නැතුව,
නාදියා සූරියබන්ඩාර නෙමෙයි...
මට බයයි ඔයා මෙහෙම තව ඉස්සරහට ගියොත් දුක් විදින්න වෙයි කියලා..

අයිශු අම්මා කෙනෙක් වගේ මට හැමදෙම පැහැදිලි කරනකොට මන් එයාගේ පපුවේ ඔලුව තියාගෙන අඩන්න පටන් ගත්තා..මට දුක හිතෙන හැමවෙලේකම අයිශු කියන්නේ මගේ බෙහෙත..මගේ හිත හදන්න පුලුවන්..මටත් කලින් මාව තේරුම් ගන්න පුලුවන් බෙහෙත එයා..

🌹 අඩන්න එපා නාදියා...මන් ඔයත් එක්ක ඕනම දේකට ඉන්නවා..අපි බලමු...අනාගතේ දේවල් ගැන දැන් හිත හිත දුක් නොවි වර්තමානේ ගැන විතරක් හිතලා සතුටු වෙමු..ඔයා ගන්න ඕනම තීරනේකට මන් ඔයත් එක්ක ඉස්සර වගේම ඉන්නවා...

❤ සරන්හේ 🥺🥺🥺

🌹 නාතු..

දඩාස් 💥💥💥

එකපාරටම දොර ලගින් සද්දයක් ඇහෙනකොට මන් දැක්කේ ජිමින් ඔප්පා ජන්ග්මි එක්ක දොර ලග ඉන්නවා..ජිමින් ඔප්පාගේ අතේ තිබ්බ දෝනිගේ සෙල්ලම් බඩුව දැක්කාම තමයි මට හිතුනේ මෙච්චර සද්දෙන් බිමට වැටුනේ එයාගේ අතේ තිබ්බ සෙල්ලම් බඩුව කියලා..ඒත් ජිමින් ඔප්පාගේ ඇස්වල කදුලු...ඇයි ඒ ??

🐥 ම..මට ස..සමාවෙන්න...ජන්ග්මි ඔයාව ඕන කියලා ඇඩුවා..ම..මන් කාර් එකේ ඉන්නම්..ඉක්මනට බඩු ටික අරන් එන්න..

ජිමින් ඔප්පා ඇස්වල කදුලු පුරෝගෙන එක දිගට කියාගෙන ගිහින් දොනිව කාමරේ දාලා ඉක්මනට පහලට ගියා..

එයාට අපි කතා කරපුවා ඇහුනත් එයාට ඒවා තේරුනේ නෑ කියලා නම් විශ්වාසයි..එයාට තේරුනා නම් තේරෙන්න ඇත්තේ සරන්හේ කියපු එක විතරයි..

ඒත් ඇයි එයා අඩන්නේ ??

මෝ ?? පොඩ්ඩක් ඉන්න...අනි ඒක නම් වෙන්න බෑ..

.............................................................................................

ජිමින්ට උනේ මක්කයි කියලද හිතන්නේ 🤭

එතකොට අපේ නාදියා ජිමින්ශි ගැන මොනවද හිතන්න ඇත්තේ...

කතාවේ උනත් මට ජන්ග්ම් ගැන දුකයි 🥺🥺

.

.

සරන්හේ ❤️❤️❤️❤️
පරිස්සමින් ඉන්න

Continue Reading

You'll Also Like

576 99 7
"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම කියන්නෙත් දෙන්නෙක් අතර ඇතිවෙන ආදරයක් වග...
47.8K 2K 24
A model who chose love over limelight and a CEO who chose career over love. Where Omega Taehyung at his peak of modeling career gave everything up to...
4.3K 1.1K 13
[ 2 ] YOONMIN SINHALA SHORT STORY Started -17.9.21 at 22:00 Ended -21.9.21 at 10:52 Published - 21.9.21at 12:07 Word Count ; 1065
926K 39.2K 81
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC