Fly To Air ✈️

By HashiHiru

223K 30.5K 5.2K

If clouds hearing me ? More

Handsome Pilot ✈
His ' patiee ☘️' ✈
Flying 03✈
Flying 04✈
Flying 05✈
Flying 06✈
Flying 07✈
Flying 08✈
Flying 09✈
Flying 10✈
Flying 11✈
Flying 12✈
Flying 13✈
Flying 14✈
Flying 15✈
Flying 16✈
Flying 17✈
Flying 18
Flying 19✈
Flying 20✈
Flying 21
Flying 22✈
Flying 23✈
Flying 24✈
Flying 25✈
Flying 26✈
Flying 27✈
Flying 28✈
Flying 29✈
Flying 30✈
Flying 31✈
Flying 32✈
Flying 33✈
Flying 34✈
Flying 35✈
Flying 36✈
Flying 37✈
Flying 38✈
Flying 39✈
Flying 40✈
Flying 41✈
Flying 42✈
Flying 43✈
Flying 44✈
Flying 45✈
Flying 47✈
Flying 48✈
Flying 49✈
Flying 50✈
Flying 51✈
Flying 52✈
Flying 53✈
Flying 54✈
Flying 55✈
Flying 56✈
Flying 57✈
Flying 58✈
Flying Windy Willows ☘️
Our Life " Windy Willows ☘️✈"
Our holiday ✈🥀
✈ stars 🌟

Flying 46✈

2.5K 420 122
By HashiHiru

" ක.......කවුද..... ඔයාලා....??"

" කොහොමද මිස්ටර් ..... වැ......න්.....ග්.....යී....බෝ.....බෝයිෆ්‍රෙන් හොදින් ද....??"

කළු පාට හූඩියකට කළු පාටම මාස්ක් එකක් දාගත්ත එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්.....

එයාලා කොහොමද කාමරේට ආවෙ කියල මට හිතන්න ඕනේ උනේ නෑ..... එහා පැත්තෙර් house එකේ බැල්කනි එකට නැග්ගම ඉබේම මේ බැල්කනි එකට පනින්න පොඩි එකෙක්ට උනත් පුලුවන් .....

" කවුද තමුසෙලා......කරුණාකරලා මගේ ගෙදරින් එළියට බහිනවා....!!!"

After 2 hours ago......

( ඉවසන්න.... 😌🖐️ඉවසන දනා රුපු යුධයට සුදු කොඩිය😊 තව දෙයක්.... .තද කළු අකුරෙන් ලියන වාක්‍ය ගැන සැලකිලිමත් වෙන්න 😌)

Ringing ↘️

" හෙලෝ.....සුදු මහත්තයා....

- සුදු මැණික....මොකද කරන්නේ... අයියා moscow වල ඉන්නේ......??

මුකුත් නෑ අයියේ.... රෑට උයන්න කියල බැලුවේ...අර මිනිහට බත්ම එපැයි....

- මල්ලි කෝ බබා දැන් .....??

අන්න සාලෙ ටිවි බලනව....

- හ්ම්ම්......

අයියේ ඔයාට කෑම තියන්නද....??

- එපා සුදු මැණික ....මම එද්දි පාන්දර වෙයි.....එතකොට කන්න බෑ.... උදේටම කන්නම්.....

හ්ම්ම්.... පරිස්සමෙන් අයියේ....ඔයා රූම් එකට ගියාද.....

- ඔව් මැණික ..... ආවා විතරයි දැන් ....

හ්ම්ම්...... දොරවල් ලොක් කරගන්න අයියේ....දැන් හැමතැනම හොරුත් ඉන්නවනේ....පරිස්සමෙන් ....

- ඇයි......සුදු මැණික බයද අයියව හොරෙන් උස්සන් යයි කියල ....

අම්මෝ ඉතිං .....උස්සන් යන්නම මෙන්නම මිනිහ නේ....

- ආ...... ඒ මොකෝ....උස්සන් යන්න බැරිද මාව....

බැරි කමක් නම් නෑ...ඒත් අයියේ....හේතුවක් නැහැ නේද.....නෑ මන් අහන්නේ හොරු උනත් වටිනා දේවල් හොරාගන්නව මිසක් ඔය වල් ඌරු පැටව් එහෙම උස්සන් යන්නෑ නේ නේහ්......

- අම්මො බන්....උඹෙත් කට තමයි ....ඉදහන්කො එනකන්....

හරි හරි ....ඔයා දැන් කාලද ඉන්නේ අයියේ......??

- කෑම ඕඩර් කළා.....දැන් එයි....

කීයටද ෆ්ලයි කරන්න තීන්නේ ආයෙ ....?

- තව පැය හතරකින්.....

ම්ම්ම්....."

අපි දෙන්නගෙ කෝල් එක පැයක් විතර ඇදිලා යද්දි එයාගෙ අකමැත්තෙන්ම මම පෝන් එක තිබ්බෙ එයාට නිදාගන්න ඕනේ නිසා.... නැත්තන් එයාට මහන්සීනේ....

පෝන් එක තියපු මම ලොකු හුස්මක් පිට කරල බැල්කනි එකේ දොර තදට වහලා කාමරෙන් එළියට ආවා....

" අයියේ තවුසෙ අරයට මුකුත් කිව්වෙ නෑ කියල නම් කියන්නෙපා..."

" දෙවෙනි.......!!!උඹටත් මම කියන්නෑ හොදේ.... ඉන්නව නම් කට පියාගෙන ඉදින්... එයා දැනගන්න ඕනෙ නෑ කියලනේ මන් කිව්වේ.... "

" මන් දන්නෑ තවුසෙ ඕනි මගුලක් කරගන්නෝ....."

" මොනාද රෑට උයල ඕනේ....??"

" අනේ ලොකූ මේ ඔයාගෙ ඉලව් සැන්ඩ්විච් ඇර ඕනි මගුලක්....කන්න පුලුවන් දෙයක් හදනවකෝ....."

" මල්ලි..... ඔයා ගමේ හැදුණ වැඩුණ එක ඇත්ත...ඒත් මේ ෂැංහයි ..මෙහෙ තීන්නේ තරගකාරී සංකීර්ණ ජීවන රටාවක්.... තුන් වේලටම බත් තම්බ තම්බ කන්න අපිට වෙලාවක් නෑ මල්ලි....මෙහෙ කවුරුත් එහෙමයි...උදේ පාන්දර රස්සාවට ගියාම හවස මිනිස්සු ගෙවල් වලට එන්නෙ මැරිලා.. එහෙම ඇවිත් උන් හොයන්නේ බඩ පුරවන්න පුලුවන් දෙයක් මිසක් දිව පිනවන්න දෙයක් නෙමෙයි... ගමේ ඉන්න උඹට කියන්න හරි ලේසි මල්ලි... ඒත් නගරෙ ඉන්න අයයි ඒ කට්ට දන්නේ..... පාන් පෙත්තක් කාලා ටුවර් ගිය දවස් මගේ ඉහේ කෙස් ගානට ඇති මල්ලි...අපි ඒවට හුරු වෙලා.... "

" අනෙ අයියෝ අයියේ ටවුසෙගෙ ඔය වැදි බණ පස්සෙ කියාගන්නවකො රෙද්ද......"

" ඔව් උඹලට මේව කියද්දි අමාරුයි... උඹ මතල තියාගනින් මල්ලි පාන් පෙත්තකට බටර් හැන්දක් කාලා මම රටින් රටට යන්නේ.... ඒ ගියත් කන්න කියල බත් හම්බෙන්නෑ මල්ලි.... එහෙව් කරලයි මම උඹලට සල්ලි එව්වෙ ජීවත් වෙන්න....එහෙම වෙලත් උඹ මට මොකද්ද කළේ...ඉගෙන ගන්න ඕනේ කාලෙ උඹ නාස්ති උනා...මම උඹ වෙනුවෙන් කොච්චර හීන දැක්කද බන්... උඹ ඒව දන්නෑ... ඇයි හැමදෙකින්ම මාවම තැලෙන්නේ...."

"අනේ ලොකූ ප්ලීස් දෙයියනේ .....ඔය කතාව නවත්තපන්....මම හිතල කරගත්ත දෙයක් නෙමෙයි අයියේ ඒක..ඔයා ඔහොම කියද්දි මගේ පපුවත් පිච්චෙනව අයියේ......."

වැරැද්දක් කරන්නට
හිතුවේම නෑ ලොකූ....
නොදැනීම නොමග ගියෙ
දඩබ්බර මගෙ හිතයි...
ටිකෙන් ටික අහිමි වී
ගියත් මගෙ හොදගතී....
දහදිය කඳුළු නුඹ
වගුරවා රෑ දවල්...
හම්බකළ හැම සතේ
කළත් මං විනාශය...
උඹෙ කඳුළු හැර කිසිත්
නොකීවම මට ඉතින්...
හිත බරයි තව
නොබැන්නට නුබ ඉතින්..
සොහොයුරෙක් නොවේ නුඹ.,
තාත්තයි හැමදිනෙක..
රිදෙව්වට ඔය හිතම
සමා වී මගෙ පවට...
අයියෙ මට ඉඩ දියන්
හැදෙන්නට මුල සිටම.... ආදරෙයි මං උඹට.....

දෙවෙනිගෙන් බෝ අයියට..🥺🥺🥺❤️

BHMI90 හරිම ලස්සනයි අක්කෝ ❤❤

" මාව පිච්චෙන්නැද්ද මල්ලි...අහ්...?? ඔයා ඒවට addict වෙලා කියල දැනගත්ත වෙලේ මාව කකුල් පණ නැතුව කඩන් වැටුනා....නිකමට හිතන්න මල්ලි....මාත් එක්ක ජාන් අයියා නොහිටිය නම් අද මම වත් තමුසෙ වත් මෙතන නෑ.... එහෙනම් එදාම මම මැරිලා ඕයි......"

මල්ලිගෙ ඇස් පවා රතු වෙලා තියෙද්දි ඌ කඩාගෙන බිදගෙන කාමරේට ගිහින් දඩාස් ගාලා සද්දෙන් දොර වහගත්තා... මම කේන්තියටම කප කප ඉදපු වම්බටු ටික වේගෙන් ලියාගෙන ලියාගෙන ගියා....

කවුරුත් හිතන්නෑ මගේ පැත්තෙන්....එයාලා වෙනුවෙන් නැහුන තරමක් දන්නෙ මමයි....

තලපත් මාළු කෑලි තුන හතරක් මිරිසට වියලා කිරි දාලා පැහුණු වම්බටු එකට සුදු ළූණු බැදෙන්න දාලා තෙලට දාපු මම රෑ අට විතර වෙද්දි කෑම හදල ඉවර කරළා මල්ලිට කන්න දුන්නා...ඌ අහක බලාගෙන බත් පතත් කද්දි බත් කන්න තරම් මානසිකත්වයක නොහිටපු මම ඇදට ඇවිත් දොර වහගත්තා....

කල්පනා කර කර ඉදපු මට , මටත් නොදැනිම දොළහ කිට්ටු වෙලා තියෙද්දි පෝන් එකට මැසේජ් එකක් ආව නිසා මම ගැස්සුනා.....බයෙන් පෝන් එක අතට ගත්තත් ඒ එයා.....

" Good night bae....🥀❤ sweet dreams....."

මම නිදි කියල හිතලද කොහෙද එයා යන්න හදන්නේ......මම ක්ෂණිකව එය්ාට කෝල් එකක් ගත්තා...

" - සුදු මැණික ....තාම ඇහැරගෙනද පැටියෝ.....

අහ්...ආ....නෑ අයියේ...මේ බාතෲම් යන්න නැගිට්ටේ.....එතකොට .....ටාං ගාලා පෝන් එකට මැසේජ් එක ආවේ....

- හ්ම්ම්....අයියා යන්න හදන්නේ....බබා දෝගන්න....

හ්ම්ම්..... Good luck මගෙ අයියේ.... පරිස්සමෙන් පණ.....

- හ්ම්ම්.....මගේ පණත් පරිස්සමෙන් ....

අනිවාරෙන් කෝල් එකක් දෙන්න මට air port එකට ආවම....හාද...

- හ්ම්ම්.....

අනිවාරෙන් කියන්නේ අනිවාරෙන් හොන්ද අයියේ....

- හරි හරි පැටියෝ..... මම තියන්නම්....උම්ම්මා.....

හ්ම්ම්.....

- උම්මා කියල කියහන්කො බන්.....නැත්තම් කට හපනවා ආ....

අනේ අයියේ..... ඔයා නම් ..... උම්ම්ම්මා...

- හ්ම් හ්ම්ම්.....ඇහැරන් ඉන්නැතුව නිදාගන්න....අයියා දැන් එනවනේ....අනික හෙට බබාට ෆ්ලයි එක.... ම්ම්......

හ්ම්ම්............bye....."

මේ තීන ප්‍රශ්න එක්ක හිතේ සැනසීමෙන් මම කොහොම ඇස් පියාගන්නද අයියේ... ඔයා පරිස්සමෙන් එන්න දෙයියනේ ... ඔයාට කරදරයක් උනොත්.... මට පිස්සු හැදෙයි දෙයියනේ ..

පෝන් එක පැත්තකට දාපු මම එයාගෙ කොට්ටෙ බදාගෙන ඇස් පියාගත්තා....

නත්තලට පොඩි උන්ට තෑගි අරන් දෙද්දි එයා මටත් අරන් දුන්න පොඩි ටෙඩියා ටේබල් එක උඩ ඉද්දි මම ඌව අතට ගත්තා....

" මගේ අයියා වගේමයි......."

🌃🌃🌃🌃🌃🌃

ප්‍රශ්න දාහක් හිත හිත ඉදපු මට නින්ද යද්දි පාන්දර එකත් කිට්ටු උනා...ඒත් ඒක හරිහමන් නින්දක් නෙමෙයි සැරෙන් සැරේ මගේ නින්ද කැඩුනා...මගේ සුදු මහත්තයගේ හිනා වෙන මූණ මැවිලා පෙනෙද්දි මාව පිච්චිලා යනව....

" අනෙ පරිස්සමෙන් එන්න මහත්තයෝ....."

පැයෙන් පැයට මම මිමිණුවෙ ඒක වෙනකොට එයා ගෙදරට එන්කන්ම මම ඉදියේ ලොකු හිතෙ බරකින්.....

Ringing.....↘️

" පණ ඔයා ආවද......??

- ඔව් බබා.... මම මේ කාර් පාර්ක් එකට යන ගමන්.....

අනේ පරිස්සමෙන් අයියේ....

- මොකද බබා මේ.....පරිස්සමෙන් පරිස්සමෙන් ගාන්නේ....අද දවසටම ඔයා ඕක ඔය කියන්නේ සිය වෙනි වතාවට වෙන්නැති ....

ආහ්.....ඉතිං අනේ පරිස්සමෙන් කිව්වා කියන්නේ වැරැද්දක්ද ආ.....

- වැරැද්දක් නම් නෙමේ සුදු මැණික .... මම අල්ලගන්නම් ඔයාව.....ඔයා මොකකට හරි බය වෙලා ඉන්නේ....

මො....කක්....මේහ් පිස්සුද අනේ අයියේ...ඔයාට නම් පිස්සු....මොනව කියනවද.....මන්දා....මම .....කාට බය... වෙන්නද අනේ....

- ඒක ආවම බලාගමු පැටියො...ම්ම්...

ඔයා මොනාද කියවන්නේ...ඔයාට ඕනේ රණ්ඩු වෙන්නද....??

- ඇති දැන් .....දැන් ඔය කතාව අමතක කරන්න .....

ඇයි අනේ ඔයාමනේ මෙත....

- ඇති කියල කිව්වේ.....!!!

................

..............

පෝන් එක කට් කරන්න එපා...හ්ම්ම්...

- හ්ම්ම්.....

මට මොනාහරි ගෙනාවද ආ....

- ආයිශ්.....ඒක අමතක උනානේ...සැක්...

අනේ.....ඔයාට මොනාද මතක ඉතිං ... හුහ්.....😒

- දැන් මොක්ද කරන්නේ සුදු මැණික ....ඇත්තටම මට අමතක උනා...

ඔයා මහ නරකයි අයියේ... ඔයා කිව්වා එනකොට මට මොනාහරි ගේන්නම් කියල ....

- වැඩේ කියන්නේ ඒක මට අමතක උනානේ පැටියෝ....

හරි හරි දැන් කමක් නෑ .....එන්නකො ඔයා .....දැන් වෙලාව පාන්දර පහටත් කිට්ටුයි.....

- හ්ම්ම්....... "

එයා පෝන් කෝල් එකේ ඉද්දිම මම ආර්ම් කට් එකකට යටට පෙනෙන නොපෙනන ගානට පොඩි ශෝටක් විතරක් ඇදන් කිචන් එකට ගියා....එයා ඩ්‍රයිව් කරන ගමන්ම මාත් එක්ක කතා කරනව..... ඒක භයානකයි කියල හිතුනත් අද මට එහෙම නෑ....

" - බබී........

ඕ........

- මල්ලිව හෙට එක්කන් යන්න ඕනේ සුදු මැණික .... ඩෑන් කිව්වෙ ඉක්මනට ම්ල්ලිව ක්ලිනික් එකට දම්මවන්න එයා ඔක්කොම බලාගන්නම් කියල ......

ඉතිං හෙට ඒ වැඩේ කරගමු අයියේ...ඔයා අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙන්න යන්නෙපා මහත්තයෝ.. අපි හැම දෙයක්ම හෙමීට විසදගමු....."

එයාගෙ කතාව අස්සෙම මම ,මට එයාගෙ අම්මා කියල දුන්න පොඩි කෑමක් එයාට හදන්න ගත්තා....

මුලින්ම පෑන් එක ලිපේ තියල සෝස් දාලා ලොකු ළූණු කෑලි එක්ක සොසේජස් කරල් හතරක් පහක් බැදගත්ත මම පෙති පාන් වල වටේ දාරේ පැති හතරම පිහියකින් කපලා අයින් කරපු මම මගෙ ගෙදර කේක් රෝලක් නැති නිසා මේස හැන්දක් අරන් ඒ පාන් පෙත්ත ගානට තුනී කළා...( තලනව වගේ.....) පස්සෙ ඒක මැදට සෝස් දාලා සොසේජස් කරලකුයි ළූණු කෑල්ලකුයි තියල ඒක ගානට එතුවා.....තුන හතරක් ඔතල පැත්තකින් තියපු මම පොල් කිරි වලට කහයි පාම් පිටියි ලුණු පොඩ්ඩකුයි දාලා ( කොකිස් / පෑන් කේක් බැටර් එක ) අර ඔතපු සොසේජස් කරල එක්කම පාන් පෙත්ත ඒකේ පොගවල බටර් ටිකක් දාපු පෑන් එකේ පරිස්සමට ත්ිබ්බා.... දෙපැත්ත මාරුවෙන් මාරුවට වෙනස් කරපු මම අන්තිමට දෙවෙනි සොසේජස් බන් එක බාද්දිම එයා දොරට තට්ටු කළා....

මම උඩ පැන පැන ගිහින් දොර ඇරියා...

" අයියේ......"

" බබා......"

මම දොර ළග ඉද්දිම එයාගෙ පපුවට තුරුල් වෙද්දි එයා මගේ හිස් මුදුන ඉම්බා...

" ම්ම්....සුවදයි....මොනාද හදන්නේ ආ...."

" කෑමක්....."

මම එයාගෙ පපුවට තුරූල් වෙලා ගැලවුන බට්න්ස් අස්සෙන් පේන පපුවට හාදු තිබ්බා.....සමහර විට රස්නෙ නිසා එයාම ගලවගන්නැති...

" කෝ ඉතිං ....අයියට ගෙට එන්න දෙන්නැද්ද....ම්ම්......"

එයා මගේ කම්මුලකට හාදු තියද්දි මම එයාට ගෙට එන්න දීලා දොර වහල ලොක් කරල යතුර අරන් බුදු කණුව උඩින් තිබ්බා....

" මහන්සී......"

එයා ලැගේජ් එක පැත්තකින් තියල වාඩිගද්දි මම එයාට ශර්ට් එක ගලවන්න උදව් කළා...

" වොශ් එකක් දාන් එන්න අයියේ....මම කොෆී එකක් හදන්නම්......"

එහෙම කියන ගමන් මම එයගේ උකුළෙන් වාඩිගෙන එයාගෙ මූණ පුරාවටම හාදු තිබ්බා...

" දාඩිය සුදු මැණික ..... වොශ් එකක් දාගන්නකන් ඉන්න....."

" අනේ මේ...දාඩිය දාන්න ඔයා පොළව යට ඉදන් ආවා යැ.....අනික driving room එක Ac....හුම්ම්...."

" පණ්ඩිත රාළ..... "

එයා මගේ නළලට එයාගෙ තොල් තද කරද්දි මම ඇස් පියාගත්තා.... මේ ආදරේ .......මේ සෙනහස මම අහිමි කරගන්නේ කොහොමද .....ඔයා වෙනුවෙන්.....ඕනි දෙයක් මගේ අයියේ....

එයාගෙ අත් දෙක අරන් මම සිපගත්තා...

" අන්න බෑග් එකේ ඇති පගාව....ගිහින් ගන්න....."

" ඈ...... එතකොට අමතකුනා කිව්වේ...."

" අවුස්සන්න කිව්වේ....."

එයා මගේ නහය කොනිත්තලා මාව සෝපා එකෙන් උස්සල තියල ලැගේක් එක අවුස්සලා පොඩි පෙට්ටියක් අතට ගත්තා....පොඩි කිව්වට ඒක පොඩිමත් නෑ.....

සෝපා එකේ වාඩිගෙන ඉදපු මගේ උකුළෙන් ඒක තියලා එයා මන් ළගින්ම වාඩි වෙලා මගේ කර වටේ අතක් දාගත්තා....

" මන් දන්නව මගේ පැටියා..... ගොඩක් විච්චූරණ දේවල් වලට ආස නෑ කියල .... ඉතිං මම මගේ පැටියට චාම් දෙයක් ගත්තා......"

මම ඒ බොක්ස් එක ඇරල බැලුවා....

අනේ......චූටි ස්ට්‍රෝබෙරි පැළයක්.... සුදු පාට ලස්සන වාස් එකක ඉන්දපු ස්ට්‍රෝබෙරි .... ඒක පොඩි පැළයක්මත් නෙමෙයි....ඒක වටේට රතූ පාට ගෙඩි තියෙනව.... හරිම කියුට්....

" ඒක හොදයි ද සුදු මැණික ...."

" අනේ ඒක.....හරිම හුරු බුහුටියි අයියේ....."

මම ඒ පොට් එක වටේ කැරකුවා.... තද රතු පාට ස්ට්‍රෝබෙරි ගෙඩි තුනක් හතරක්ම හැදිලා...

" පැයක් දෙකක් හීනි අව් රැල්ලෙ තියල ගෙයින් තියන්න....එතකොට හරි ....."

එයා මගේ ඔළුව අතගෑවා...

මම රතු පාට ගෙඩියක් ඇගිලි දෙකෙන් කඩල කටට දාගත්තා.... ඇත්තටම ඒක රසයි .....අලුත් පිටමනේ....

ඒ ගෙඩිය කටට දාගන්නකන් ඉදලා එයා මගේ තොල් වලට බර වෙද්දි අර ස්ට්‍රෝබෙරි ගෙඩියෙන් බාගෙට බාගයක්ම එයාගෙ කටට යද්දි මට ඉතුරු උනේ හුළං විතරයි ....

" එහෙම තමයි රසම....."

මගේ නහයත් මිරිකගෙන එයා කාමරේට යද්දි මම ඒ පොට් එක මගේ රව්ම් කෑම මෙසෙ උඩින් තිබ්බා...

චොක්ලට් වගේ පැණි රස වලට වඩා මට මේක වටිනව...

" දෙයියනේ මගේ බන් එක කරවෙනෝ.....!!!!"

මම ඉක්මනට පෑන් එක ළගට දිව්වා....

*****

එයා වොශ් එකක් දාන් එද්දි මම එයාගෙ අතට කොෆී කෝප්පේ එක්ක සොසේජස් බන් එකක් දුන්නා...

" ම්ම්ම්......නැන්දම්මාද කියල දුන්නේ...."

" හ්ම්ම්.....රසද....."

" ඔව් සුදු මැණික ..... මල්ලි කෝ..."

" නිදි ....."

" ම්ම්.....හෙටම එයාව ඩෑන්ට පෙන්වමු.... අපිට පුලුවන් මල්ලිව ගොඩ ගන්න......"

" ම්ම්......"

එයා කොෆී එක බොනකන් මම එයාගෙ උරහිසට හේත්තු උනා... අද උන සිදුවිම් මතක් වෙද්දි මගේ පපුව පැළෙන්න ආවත් මොන දේ උනත් මම එයාගෙ ළග...එයා මගේ ළග ඉන්නව කියල දැනෙද්දි හිත මාරම විදියට සන්සුන් වෙනව..... මගේ පණ එයා.....

" නිදාගන්න යන් බබා...දැන් වෙලාව හයටත් කිට්ටුයි......"

" හ්ම්...."

මම සාලෙ ලයිට් ඕෆ් කරද්දි එයා මාව හරහට වඩාගත්තා....

" ඇයි මේ....."

" අද too sexxy..... ඇයි ඒ....??"

" ආහ්.....දැන් මට Sexxy වෙන්නත් හේතුවක් තියෙන්න ඕනිද සුදු මහත්තයෝ.. ..??"

එයා මාව උස්සන් ඇවිත් ඇදෙන් තියලා දණ හිසෙන් අගල් ගානක් උඩින් තිබ්බ ශෝටෙන් පැහැදිලි එළියට නිරාවරණය වෙන මගේ සුදූ පාට උකුළට තෙත හාදු තියලා මාව පපුවට තුරුල් කරගත්තා....

" දැන් නිදාගමු සුදු මැණික ....අයියට හුගාක් මහන්සී....."

"හ්ම්ම්....ඔයා එනකන් මටත් නින්දක් නෑ......"

මම එයාගෙ පපුව කූරු ගාන ගමන් එයාගෙ මූණ දිහා බලන් ඉද්දි එයා මගේ ඉන වටේ අතක් දාලා තුරුල් කරන් මගේ ඇගට කකුළකුත් දාගත්තා.....

මගේ ඇස් දිහා බලාගෙනම දෙතොල් අල්ලගත්ත එයා හෙමීට මගේ දෙතොල් රසවින්දැද්දි එයාගෙ හිරි වැටෙන ස්පර්ශයන් එක්ක රළු අත් මගේ උකුළ පුරා දුවන් ගිහින් හීනියට ස්පර්ශ කළා.... සිපගැනුම අතරතුර එයාගෙ ඇස් තිබ්බේ මගේ ඇස් වල වෙද්ද් විටෙන් විට පියවෙන්න එන ඇස් අමාරුවෙන් ඇහැරවගෙන ලොකූ කතාවක් කියන ඒ ඇස් දෙක දිහා මාත් බලන් ඉදියා....

" දෝගන්න වස්තුව .....ඔයා අද රෑ යන්නත් එපැයි..."

එයා මාව පපුවට තුරුල් කරගද්දි මම එයාගෙ තුරුලෙම ඇස් පියාගත්තා.... අවටින් ඉර නැගීගෙන එන්න ඔන්න මෙන්න තියෙද්දි අපි දෙන්නටම නින්ද ගියා...මමත් මගේ එකම සැනසීම ළග දෑස් පියාගත්තා...ඔයා අහිමි ජිවිතයක් ගැන මම හිතන්නේ වත් කොහොමද සුදු මහත්තයෝ.... ඔයා ....වෙනුවෙන්...ඕනි දෙයක්....

ඉර පායන්න ඔන්න මෙන්න් ඇදට ආව එයා සුව නින්දක වෙද්දි මම මගේ ඇගේ තිබ්බ එයාගෙ කකුළක් අයින් කරල අත් වලට කොට්ටයක් හේත්තු කරල දිග ශෝටක් ඇදන් කිචන් එකට ආවා....වෙලාව නවයටත් කිට්ටුයි...අරූ දැන් යක්ශාවේශ වෙලා ඇති .....

" තවුසෙ අරූ ආව ගමන් බර වැඩ කරන්න ගියාද ආ...... නැගිටින්න මෙච්චර වෙලා ගියේ.....??"

" මල්ලි මේ....තමුසෙගෙ කට වහගන්නව....තමුසෙ මතක තියාගන්නව තමුසෙ ඔය කතා කරන්නේ අයියට කියල ......"

" හුම්....ඉතිං වැරැද්දක් කිව්ව යැ.... මම මෙතන බඩගින්නෙ නේ....."

" ඉතිං මොකටද බඩගින්නේ ඉන්නේ... ෆ්‍රිජ් එකේ කිරි තීනව....බීම ජාති තීනව....කබඩ් එකේ cereal පැකට් එකකුත් තීනව...ඒව හරි නැත්තම් හාලුත් තීනව පොලුත් තීනව ගෑසුත් තීනව....."

" ලොකූ මේ....තමුසෙ මට කියන්නේ උයන් කන්න කියල ද.....??"

" ඇයි තමුසෙගෙ අත පය තීන්නේ වෙන වැඩ වලට විතරයිද..... "

" අනෙ මේ අ......."

මං කියපු එකට මල්ලි ආයෙත් ඇනුම් පදයක් කියන්න හැදුවත් ඒක මගින් නතර කරද්දි මම හෝද හෝද ඉදපු හාල් එක පැත්තට දාලා කාමරේ දිහා බැලුවා...

" මොකද උඹේ සද්දෙ ආ කාමරේට ඇහෙනව......."

අයියා කෑ ගහගෙනම එද්දි මල්ලි මීක් නෑ ..... එක අතකට ඇත්ත.....ඌ මගේ මල්ලි වෙලත් ඌව පාලනය කරන්න පුලුවන් එයාට විතරයි ....

" ඔයාට කොෆී එකක් හදන්නද......?"

" ම්හ්..... "

" ගිහින් නිදාගන්න අයියේ..... ඔයාට මහන්සීනේ.....??"

එයා ඒකට මුකුත් නොකියද්දි පෝන් එක ඔබ ඔබම ඇවිත් පැන්ට්‍රිය උඩින් වාඩි උනා....

" මල්ලි ඔයාට කොෆි එකක් හදන්නද....?"

" එපා.....!!"

මම ආයෙත් මුකුත් නොකියා හාල් ටික රයිස් කුකර් එකේ ගහලා beef stroganoff එකක් හදන්න ගත්තා....රුසියන් කෑමක් උනත් අයියා ආස නිසා නත්තලට එහෙ ගිය පාර එයාගෙ අම්මා මට ඒක හදන විදිය කියල දුන්නා.....

ඒක ගෑස් ලිපෙන් තියපු මම ඒකත් එක්ක කන්න පරිප්පු හොද්දක් ඇට ඇට හැපෙන විදියට ලෑස්ති කළා...

" මල්ලි , මල් ටිකක් කඩල පහන තියන්නකො අනේ......."

" අනේ මේ..තමුසෙ ඕ......"

" pre.......m......!!! මොකද්ද තමුන්ට අයියා කිව්වේ......."

" අහ්....හා යන්නම් ඉතිං ....."

මම වචන දාහක් කිව්වත් නාහෙට අහන්නැති ඌ අයියා නම කිව්වා විතරයි වට්ටිය අරන් බැල්කනියට දිව්වේ උසේන් බෝල්ඩ්වත් පරද්දන සයිස් එකෙන්....ඌට කියල දෙයක් කරගන්න එක්කො මගෙ ඇස් වල කදුලු තියෙන්න ඕනේ...එහෙම නැත්තන් මට උන් වෙනුවෙන් මම කරපු දේවල් මුල ඉදන් කියවෙන්නෝනේ......පුදුම වැඩක් මේක...

.............................

උදේට කාලා අපි තුන් දෙනා shanghai city hospital එකට ආවා.... අයියා ඩොක්ටර් ඩෑන්ව හොයන් යද්දි මමයි මල්ලියි පුටුවක වාඩි වෙලා බලන් ඉදියා....

එක අතකට මල්ලිව මෙහෙම ගොඩදාගන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්.....පුනුරුත්ථාපන වගේ දේවල් වලට ගෙනිච්චහම වෙන්නේ උගේම වයස අපරාදෙ යන එක... මොනව උනත් වෙන්න ගිය විනාශෙ මෙහෙම හරි බෙරෙගන්න පුලුවන් උනේ එයා නිසා ....එයාට පින්....මගේ මල්ලිගෙ ජිවිතේම ගොඩ දාලා දෙනවට....

ඩොක්ටර් ඩෑන්ව මීට් වෙලා වෛද්‍ය උපදෙස් ගොඩක් අරගත්ත අපි ආයෙත් එන්න ආවෙ දවල් එක කිට්ටු වෙලා........ ආයෙත් මට උයන්න බැරි නිසාම රෙස්ටුරන්ට් එකකින් කාලා අපි තුන් දෙනා ගෙදර ආවා.....

මල්ලි ආව ගමන් කාමරේට යද්දි මම සෝපා එකේ ඉදපු අයියා ළගට තුරුල් උනා...

" මේක කොහොමද බබා.....??"

එයා පෙන්නුවේ වාහනයක්.....Range rover එකක්....

" හොදයි .....ඇයි .....??"

" වාහනේ චේන්ජ් කරන්න හිතුවා.....මේක මගේ හිතේ තිබ්බ හීනයක්.... Range Rover ( check description 👇)....ආයෙ සුපිරි බඩ්ඩක් තමයි ඉතිං ......."

" ම්ම්.....ඒක හොද බුලට් එකක්....මඩ කාගෙන යනව මාත් දැකල තීනව... "

" අයියගෙනුත් අහලම ඉන්නව...."

මම එයාට හේත්තු වෙලා ඉද්දිම එයා ඒකේ පොටෝස් කිහිපයක් එයාගෙ අයියට යැව්වා....

එයා ඉන්නෙ හරිම සතුටින්.... එයාගෙ ඇස් වලින් ඒක පේනව...එයා වාහන වලට හරිම ආදරෙයි ....එයාගෙ ප්‍රාඩෝ එක උනත් එයා පරිස්සම් කළා හුගක්...

එයා ඉන්නේ ලොකු සතුටකින් උනත් මම ඉන්නේ ගින්දරේ...  මොනවැයින් මොනව වෙයිද කියල මම දන්නේ නෑ.... හෙට ටුවර් එක මට එච්චර යහපත් වෙන එකක් නැහැ කියල හිතෙනව... මට තීන ප්‍රශ්නේ මේ දේ නිසා මට රස්සාව දාලා පැනල යන්න වෙයිදෝ කියල ....මොනව උනත් කමක් නෑ මගේ අයියා මන් ළග ආරක්ෂිතයිනේ...

" බබී............"

" ම්ම්........"

" අපි Appartement එකක් ගමූ.... සොමී අක්කගෙ ස්ටඩීස් ඉවර නිසා මගේ appartement එකත් දැන් හිස්... දෙකම විකුණලා දාලා මීට වඩා ටිකක් ලොකු එකක් එක පාර ගෙවල ගමු....."

" හ්ම්ම්.....ඒත් අයියේ සල්ලි....."

" මදි පාඩු ටික මම දාන්නම් සුදු මැණික ..... එහෙම ඕනෙ වෙන එකකුත් නෑ .....මේ දෙකම විකුණ්නම ඒ ගාන සෙට්ල්......."

" ඔයාට සල්ලි දාන්න බෑනේ අයියේ....දැන් වාහනේ වැඩෙත් කරනව නම් ඒකටත් සල්ලි යනවනේ......"

" ඒකට මම ළග සල්ලි තියෙනව බන්... බය නොවී ඉදහන්කෝ...හොද එකක් බලලා කියහන්......"

Appartement එක චේන්ජ් කරන එක නම් ලොකු දෙයක් .....එතකොට වඩාත් ආරක්ෂිතයි ....

" හ්ම්ම්....... "

" සුදු මැණික ..... මට දැන්ම ඔයාට ජොබ් එකෙන් අයින් වෙන්න කියන්න බෑ.....ඒත් අපි කවදහරි මැරි කරපු දවසක ඔයාට මෙහෙම දුක් විදින්න ඕන්නෑ....මගේ පඩිය හොදටම ඇති ඔයාවයි ගෙදර අයවයි ජීවත් කරවන්න....."

" එහෙම බෑනේ අයියේ....මම විතරක් නෙමේනේ....අම්මයි මල්ලිලා දෙන්නයි නන්ගියිත් ඉන්නව..... ඔයාට ඔක්කොගෙම බර කරට ගන්න බෑනේ...."

" ඉතිං මැණික බැදල හුනාන් ගියාම මෙහෙ එන්න කරදරයිනේ......"

" ඉතිං අපි දෙන්නටම හුනාන් air port එකට මාරුවක් හදාගන්න බැරිද....??"

" මට බෑ සුදු මැණික ....මගේ ලොකු ප්ලෑන් එකක් තීනව Amaraites එකට join වෙන්න......"

" එහෙම උනොත් ඔයාට රට යන්න වෙයිනේ අයියේ......??"

" ම්ම්...... කොහොමත් මම තව අවුරුදු පහක් වගේ තමයි මේ ජොබ් එක කරන්න හිතන් ඉන්නේ.....!!"

" ඇයි ඒ.....අපරාදෙනේ.... මම ඕනි තරන් දැකල තියෙනව වයසක pilots ලා.... ඔයා ඇයි ඉක්මනට retire වෙන්න හදන්නේ.....??"

" ඔයා ළග ඉන්න ඕනේ නිසා ....."

.
.
.
.
.
.
.
✈ හිතපු දවසට කලින් කතාව දෙන්න පුලුවන් උනා....😊❤ ඇත්තම කිව්වොත් මම ගොඩක් weak උනා බබාලා 👀 මට ගොඩක් බය හිතුනා ඕතර් උන මගේ අතින්ම මේ කතාවට හානියක් වෙයි කියල .... ඒත් ඔයාලගේ අදහස් එක්ක මම ශක්තිමත් උනා.... මට මේ චැප්ටර් එක මෙහෙම ගැටගහගන්න උදව් කළේ _s_anu_trinky_ අක්කා..❤🥀❤❤ ගොඩක් ස්තූතියි කියල ආයෙම පාරක් කියනව......🌿❤❤

✈ ඔන්න දැන් ඔයාලට වැඩක් තිය්‍ර්නව....වෙන්නෙ මොනාද ගියල ගෙස් කරන්ඩෝ 😌❤ ඊළග චැපියෙන් ඉක්මනට එන්නම්....

✈ Range Rover.....Range Rover කියන්නේ ඔයාලා කවුරුත් දන්න Land Rover එකේ පරිවර්තනයක්.....Land rovers ගොඩක්ම යොදාගත්තා out of runner වලට....එ කියන්නේ ගොවි පොළවල් වලට ...මොකද මේ Land Rover එකට මඩ කාගෙන කපාගෙන යන්න පුලුවන් සුපිරි හැකියාවක් තියෙනව... මේක නිෂ්පාදනය කළේම ඒ ඒ රටවල් වල ( england / americans ) ගොවිතැන් වගේ කටයුතු වලට.....පස්සෙ මේ වාහනේ තියෙන සුපිරි එංජිං තාක්ෂණේ නිසාම මේක මහ පාරෙ ධාවනයට යොදාගෙන තියෙනව....ආරංචියේ හැටියට ඒක ඒ වාහනේ නිර්මාණය කරන්න පාදක උන creator කෙනෙක්ගෙ කනස්සල්ලටත් පාදක උනාලු....

පස්සෙ කාලෙක මේ rover සමාගම BMW වගේම තවත් සමාගම් කිහිපයක් එක්ක එකතු උනා.... ඊට පස්සෙ එයාලා ගොඩක් වාහන අත්හදාබැලීම් කළා වගේම එයාලගෙ මූලිකම උවමනාව උනේ මේ Land Rover එක luxury svb එකක් කරන්න...මොකද land rover එක මඩට වගේ ඕනිම කටුක බාධාවකට every redy උනත් ඒක ඇතුළෙ ගොඩක් සුවපහසු වගේම ඒක සිත් ඇදගන්නා සුළු නැහැ....

ඉතිං එයාලගේ ප්‍රතිඵලයක් විදියට Range Rover එක එළියට ආවා... හරිම ගාම්භීර luxury පෙනුමක් තිබ්බ Range Rover එක ඇතුළෙ ඇදයක් නොකියන්න තරම් උපරිම සුවපහසු උනා... ඒ වාහනේ ඇතුළෙ ප්ලාස්ටික් යොදාගෙන තිබ්බේ බොහෝම අඩු ප්‍රමාණයක්...වාහනේ ශීට් කවර පවා අතින් රටාවකට මහපු ලෙදර් එකකින් ආවරණය කරල තින්නේ.....

ලස්සනට කිරිල්ලි වගේ ඉදියට මෙයා සෑහෙන භයානක බඩ්ඩක්... ඒත් වර්තමානෙදි Range Rover යොදාගන්නේ වත්කම් පෙන්වීමේ ක්‍රමයක් විදියට.. සාමාන්‍යයෙන් ලංකාවෙ අපි luxury කියල සලකන ගොඩක් වාහන පිටරට එච්චර ගණන් ගැනෙන්නෑ... ඒත් මේ Range rover කියන්නේ එක වගේ පිළිගෑනීමක් තියෙන වාහනයක්... සුපිරි ඉන්දියානු නිළියො , බ්‍රිතාන්‍ය රජ පවුල පවා පාවිච්චි කරන්නේ මේ Range rover ගනයේ high luxury වාහන...මන් දන්න විදියට පහු ගිය කාලෙ නම් මේක ලංකාවෙ සල්ලි වලින් කෝටි අටක් නවයක් වගේ....🙂 දැන් නම් ඒක ඊට වඩා හයි ලක්සිරි ඇති ...දැන් වාහන ගෙනවන්නෙත් නෑනේ....

ඉතිං හොදම එක තමයි මේ Range Rover කියන luxury වාහනේට පඩිපෙළක් දිගේ යාමට හැකි බව ඔබ දන්නවාද........???? 🙂

Range rover කියන්නේ ෆෝ වීල් වාහනයක්....ඒ කියන්නේ ඩ්‍රයිවර්ට රෝද හතරම එයාගෙ අතින් රිවස් එකට කරකවන්න පුලුවන් .....( අනිත් ගොඩක් වාහන ටූ වීල් වෑන් පවා..... පිටිපස්සෙ රෝද දෙක විතරයි කරකවන්න පුලුවන් .....) ඒ නිසා මේ වාහනේ අව්ලක් නැතුවම පඩිප්‍ර්ල දිගේ පිම්මට දුවන් යනව.....

Range Rover එකට ගහන්න වාහනයක් තාම ලෝකෙ නෑ කියල තමයි කියන්නේ....ඒත් Land cruiser එකත් range rover වගේම එළ බඩ්ඩක්... ඒත් range rover එක වගේ land cruiser එක සුඛෝපභෝගි නෑ කියල තමයි කියන්නේ....ඒත් එංජින් අතින් එයාලා සම මට්ටමේලු.....

Continue Reading

You'll Also Like

726K 112K 130
🍁 I love you..... But....... Why ? But....I ..... I know.... your very beautiful my sweetheart .... ah ? 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05...
22.6K 364 9
Warning❗️သားရဲတိရစ္ဆာန်တွေနဲ့လိင်ဆက်ဆံတဲ့အကြောင်းရေးထားတာပါ ❗️🔞
5.1K 392 3
Semeက ကြမ်းတမ်းပြီး ukeက အလှလေးပါပဲ။
1.5M 30.5K 23
♥ 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ဒီ fic လေးကတော့ system အမျိုးအစားလေးပါ normalအတွဲလဲပါမယ် blအတြဲလဲပါမွာပါ😚 အများကြီးကြမ်းမှာဖြစ်လို့ warnning..ဒီဖက်ကမ္ဘာမှ fuj...