Little Rose || KTH || Complet...

By Cyra_00

39.5K 7.8K 1K

" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත... More

Intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50
chapter 51
Final Chapter
part 02 💖

chapter 10

684 145 15
By Cyra_00

🐥 ටේ කින්චානා 🥺

🐯 ම..මට නැගිටගන්න බෑ...

ජිමින් මන් ලගට ආවෙම අඩාගෙන...පව්..එයාගේ ඇස්වල කදුලු..මන් නිසා ජිමින්ගේ ඇස්වල හැමවෙලේම කදුලු...ඒ කදුලු දකින හැම වෙලේම මන් මහ පව්කාරයෙක් කියලා හිතෙනවා..

🐥 කෝ එන්න..

ජිමිනුයි අයේශුයි එකතු වෙලා මාව අමාරුවෙන් උස්සලා බෙන්ච් එකෙන් තිබ්බා..දෙන්නාම කොට උනාට මොකද මාව උස්සන් ගිහින් පරිස්සමින් වාඩි කරවන්න පුලුවන් උනා..

කොහොමත් කොට ඩයල්වලට ඉක්මනට කේන්ති ගියාට හිත හොදයි කියනවානේ..

🐥 මොකක්ද උනේ ටේ...කකුල නිල් වෙලා..ලේත් එනවා..

🐯 මාව ලිස්සුවා..ටයිල් එකේ කොනකට කකුල කැපුනේ..🥺

🐥 අයේශ් මේ ශර්ට් එක අන්දවන්න..මන් කලිසම අන්දවන්නම්..මෙහෙම නැත්තන් අරන් යන්න බැහැනේ..

අයේශ් මට ශර්ට් එක අන්දනකොට ජිමින් මට ශෝර්ට ඇන්දුවා..ජිමින් කොච්චර පරිස්සමින් ඇන්දුවත් තුවාලෙ ශොර්ට වදිනකොට මට දැනුන වේදනාව වැඩි..ඒක ඉවසන් ඉන්න ඕනම නිසා මන් ලග හිටපු අයේශ්ගේ අත තද කරලා අල්ලගත්තා.

🐥 දැන් හරි...මන් සෝයොන්ග් නූනාට කෝල් කරන්න කියලා ජින් හ්‍යුන්ග්ට කියලා ආවෙ...

ජිමිනුයි අයෙශුයි මාව එක්කගෙන අනිත් අය ඉන්න තැනට ගියාම කට්ටියගේ ඇස්වල කදුලු..මන් ගියපු ගමන් අඩ අඩ ඉන්න කුකියාවත් තුරුල් කරන් ජින් හ්‍යුන්ග් ලගට ආවා..පව් එයාගේ ඇස්වල කදුලු..ජුන් හ්‍යුන්ග්නුයි යූන්ගි හ්‍යුන්ගනුයි මට බැන්නාට මන් දන්නවා එයාලා දුක හංගන්නයි එහෙම කෑ ගහන්නේ කියලා..එයාලගේ කදුලු දකින හැම වෙලේම මට හිතෙනවා මන් මටම රිද්දගෙන එයාලට තවත් රිද්දනවා නේද කියලා.

🌼 කෝ..මොකක්ද උනේ ??

ටිකක් වෙලා ගිහින් සෝයොන්ග් නූනා කඩාගෙන බිදගෙන ඇතුලට ආවා..හම්මේ අද නම් තඩි දේශනයක් තමයි..

නූනා බෙහෙත් දාන ගමන් මොන මොනවදො කියෙව්වා..මට ඒවා මුකුත්ම ඇහුනේ නෑ..ඔක්කොටම වඩා වේදනාව වැඩි..ලග හිටියේ මොකාද බැලුවේ නෑ මන් එයාව තද කරලා අල්ල ගත්තා...

නූනා මට රිදෙනවා කියලා කියන්න ඕන උනත් ඕක කිව්වොත් නූනාගෙන් ආයි අහගන්න වෙන නිසා මන් සද්ද නැතුව හිටියා..

නූනා බෙහෙත් දාලා ඉවර උනාට මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ අනිද්දා පර්ෆෝමන්ස් එක ගැන..මට තේරෙන්නේ නෑ මේ කකුල එක්ක මන් කොහොමද නටන්නේ කියලා..ඒත් මට නටන්න ඕන..මේක මගේ හීනේ..

🦄 නූනා..අනිද්දා ටේට ඩාන්ස් කරන්න පුලුවන් ද ??

🌼 එයාගේ කකුල හුගක් ඩැමේජ් වෙලා හොබි..
එයා කොහොමද මෙහෙම ඩාන්ස් කරන්නේ ?? අනිද්දා ඩාන්ස් කරොත් එයාට ආයි ඩාන්ස් කරගන්න බැරි වෙයි..මෙහෙම ඩාන්ස් කරන්න බැහැනේ..

මට තිබ්බ ප්‍රශ්නේ හොබි හ්‍යුන්ග් එහෙම ඇහුවාම නූනාගෙන් ලැබුන උත්තරේ මට නිකන් ඇහුනේ හීනෙන් වගේ..

ඩාන්ස් කරන්න බෑ !! නෑ ඒක හීනයක්..

අවුරුදු ගානක් මන් මේ වෙනුවෙන් බලාගෙන හිටියේ.. කොරෝනා නිසා අපිට පර්ෆෝමන්ස් කරන්න හම්බුනේ නෑ..ඒ නිසා අපි හැමෝම පුලුවන් ඉක්මනට අපිට ආර්මිලා ඉස්සරහ පර්ෆෝමන්ස් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා..

ඒත් මන් දැන් මොකක්ද මේ කරේ...මගේ නොසැලකිල්ල නිසා මන් අපේ හැමෝගෙම හීන විනාස කරා..ගෲප් එකක් විදියට අපි එකට ප්‍රැක්ටිස් කරේ..එකට හැම දේම කරේ...ඒත් දැන් මන් නටන්නේ නැතුව කොහොමද අපි අපේ පර්ෆෝමන්ස් ආර්මිලා ඉස්සරහ කරන්නේ...

ඇයි මටම ?? ඇයි හැම දෙයක්ම මටම වෙන්නේ ??

මන් මොකක්ද කරපු පව..?? මේ තරම් මට දඩුවම් දෙන්න තරම් මන් කරපු පව මොකක්ද ??

ඇයි මන් ආදරේ කරන දේවල් මන් කැමති දේවල් මගෙන් ඈත් කරන්නේ ??

ඇයි මන් නිසා හැමෝටම දුක් විදින්න වෙන්නේ...ඇයි මන් නිසා හැමෝගෙම ඇස්වල කදුලු පිරෙන්නේ..මන් මහ පව්කාරයෙක්..

සැරින් සැරේ කිම් ටේහ්‍යුන් කියන්නේ මහ කාලකන්නියෙක්..පව් කාරයෙක් කියලා මට පෙන්නන්නේ ඇයි...

ඇයි මටම ??

හ්‍යුන්ග්ලාගේ කුකීගේ ජිමින්ගේ ඇස්වල කදුලු දැක්කාම මට මැරෙන්න හිතෙනවා...මන් එයාලගේ හීන එක්ක සෙල්ලම් කරන්නේ..එයාලා හුගක් ආසාවෙන් හිටියේ ගෲප් එක පිටින් ආර්මිලා ඉස්සරහ හුග කාලෙකට පස්සේ පර්ෆෝමන්ස් කරන්න..ඒත් මන් මොකක්ද කරේ ??

මන් කරේ එයාලගේ හීන විනාස කරපු එක..

මට තවත් දරාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...මගේ ඇස්වලින් කදුලු බේරෙනකොට මෙච්චර වෙලා හංගන් හිටපු ඉකිය ටිකෙන් ටික වැඩි වෙනකොට මට ඕන උනේ කෑ ගහලා අඩන්න..මට ඕනේ මගේ දුක නැති වෙනකම් කෑ ගහලා අඩන්න..

ගතේ වේදනාවට වඩා හිතේ වේදනාව නැති වෙනකම් කෑ ගහලා අඩන්න..

ඉතින් මන් ඇඩුවා..මගේ ලග හිටිය කෙනාව ඇදලා අරන් එයාගේ ඉන වටේ අත දාලා බඩට මූන තියාගෙන කෑ ගහලා ඇඩුවා...මගේ කොන්ඩේ අස්සෙන් හීනි ඇගිලි වගයක් යනකොට නුපුරුදු උනුහුමක් එයා ලගින් දැනෙනකොට මන් අඩන ගමන් බැලුවේ මන් කාවද බදන් ඉන්නේ කියලා..

අයේශ්...!!!

ඔව් මන් අයේශ්ව බදාගෙන හිටියේ...මට ඕන උනේ නෑ එයාව ඈත් කරන්න..ඒ නිසා මන් එයාව තව ටිකක් තද කරලා බදාගත්තා..එයාගේ උනුහුම ලග මට ලොකු සැනසීමක් දැනුනා..එයා ලග ඉන්නකොට මට දැනුනේ නායොන්ග් ලග ඉන්නවා වගේ..

ආයේ පාරක් මට මගේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් වෙනකොට ඕනම දෙයක් වෙච්ච දෙන් කියලා දුක නැති වෙනකම් මන් අයේශ්ව බදාගෙන ඇඩුවා..එයාගේ චූටි ඇගිලි මගේ කෙස් අතරින් ගිහින් මගේ ඔලුව අතගානකොට මට දැනුනේ පුදුම සැනසීමක්..මට දැනුනා මන් අයේශ්ගේ තුරුලෙම නින්ද යනවා කියලා...

ඇගේ වේදනාවටයි හිතේ වෙදනාවටයි ඇඩුව නිසායි මට දැන් නිදිමතයි..වේදනාව අඩු වෙන්න දීපු බෙහෙත් එක්ක තවත් ඇස් ඇරන් ඉන්න බැරි නිසා මන් එහෙම්ම අයේශ්ට තුරුල් වෙලා නිදාගත්ත.

.

.

.

🐰 හ්‍යුන්ගී..ඔයාට දැන් කොහොමද 🥺🥺

මන් නින්දෙන් ඇහැරෙනකොට මන් හිටියේ කුකීගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන...අයේශ් මන් ලග දැන් නෑ කියලා දැනුනාම මට දැනුනේ ලොකු පාලුවක්..තනිකමක්...ඇයි එහෙම දැනෙන්නේ ??

නායොන්ග් මට මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් කරල දෙනවාද ?? මන් ඔයාට ආදරෙයි නායොන්ග්..

ඒත් ඇයි මට කොල්ලෙක් ගැන මේ වගේ හැගීම් එන්නේ ??

මට පිස්සු හැදීගෙන එනවද කොහෙද ?? එච්චරයි මට අඩු උනේ..

දෙයියනේ මන් පිස්සෙක්...

හම්මේ...කිම් ටේහ්‍යුන් පිස්සා...🙂🙂

🐰 හ්‍යුන්ග් 🥺🥺 හ්‍යුන්ග් !!
ඔහොම බලන් ඉන්න එපා අනේ...මට බය හිතෙනවා..ජින් හ්‍යුන්ග් එන්නකෝ....

🐹 මොකද කුකී...ආහ්...ටේ බෙයාර්..නැගිට්ටද ඔයා..??

🐰 එයා කතා කරන්නේ නෑ හ්‍යුන්ග් 🥺🥺
ඇස් ඇරපු වෙලේ ඉදන් පිස්සෙක් වගේ බලාගෙන ඉන්නවා..

ටිකක් ඉන්න මේ හා තඩියා මටද පිස්සා කිව්වේ.. දෙයියනේ මන් හිතුවා විතරයි මන් පිස්සෙක් වෙන්න යනවා කියලා..දැන් මට මුන් පිස්සා කියලාත් කියනවා..

🐹 ටේ බෙයාර්...මේ බලන්න...කෝ...මාව ඇහෙනවාද ඔයාට ??

මේ පිස්සාට ඔයාව හොදට ඇහෙනවා හ්‍යුන්ග්..ඇයි යකෝ මුන් මන් මැරිලා වගේ කදුලු පෙරන් මන් දිහා බලාගෙන ඉන්නේ..

හ්‍යුන්ග් මන් හොදින් කියන්න ඕන උනත් මන් ටිකක් ඔහේ බලන් ඉන්නවා..අයෙශුත් නැති එකේ ඔන්න ඔහේ ඉන්නවා..හුග කාලෙකින් හ්‍යුන්ග්ලව ඇවිස්සුවේත් නෑ...කොට ජිමිනා මොකද දන්නේ නෑ පේන්න නැත්තේ ??

🦄 ටේ බෙයාර්...ඔයාට මාව ඇහෙනවාද ?? ඔහොම බලන් ඉන්න එපා ටේ..බය හිතෙනවා..

🐱 කතා කරපන් මිනිහෝ...ඔහොම ඉන්න එපා..
ටේහ්‍යුන්...ටේහ්‍යුන්...

යකෝ ඔහොම මාව හොල්ලන්න එපා..ඇතුලේ කාපු බීපුවත් හෙල්ලෙනවා..හ්‍යුන්ග්ලාව හුග කාලෙකට පස්සේ බය කරන්නේ මන්..පව් කියලාත් හිතෙනවා.. කමක් නෑ..කොට ජිමිනා එනකම් වැඩේ ඇදගෙන යනවා...

🐰 අනේ හ්‍යුන්ගී...නැගිටින්නකෝ...
මට බයයි...

හාපෝ මේ මස්කට් බනියා මගේ ඇගේ හොටු ගානවා..ආර්මිලාත් මේ වගේ අඩන බබෙක්වනේ ශිප් කරද්දි ටොප් කරන්නේ..

අයේශ් එක්ක ඉද්දි කවුරු ටොප් වෙයිද ?? මේ මන් තමයි ඉතින්..මන් නේ මෙතන වැඩ්ඩා...

යාහ් මොනවද මන් මේ හිතන්නේ...මගේ මොලේ හොද නැද්ද ?? ඔයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් ටේහ්‍යුන්..මොනවද ඔයා මේ හිතන්නේ ?? අනේ නායොන්ග් මට පිස්සු හැදිගෙන එනවද මැණික..මන් මේ මොනවද හිතන්නේ..

මන් ඔයාටයි දරුවටයි කරන්නේ වැරැද්දක් නේද...මට කියන්න නායොන්ග්..මන් වැරදි නේද ??

මටත් නොදැනිම ආයෙත් මගෙ ඇස්වලින් කදුලු බේරෙන්න ගන්නකොට මන් උඩ ගියේ කුකියාගේ කෑ ගැහිල්ලට...

🐰 අනේ ජින් හ්‍යුන්ග් මොකක් හරි කරන්නකෝ...
සෝයොන්ග් නුනාට කතා කරන්නකෝ....

මොකක් ?? අර ටකරමීට ආයි එන්න කියන්නද හදන්නේ ?? මන් ඉවරයි..එයා ආවොත් නම් මට පිස්සු බෙහෙත් අනිවාර්යයෙන් දෙයි..දැන් ඇති ටේහ්‍යුන් රගපෑවා..දැන් මුකුත් නොවුන ගානට ශේප් එකේ නැගිටින්න..

🐯 ආහ්..මගේ ඔලුව...

🐰 ජින් හ්‍යුන්ග්..එයා කතා කරනවා..ඉක්මනට එන්න..ටේ හ්‍යුන්ගී...ඔයා හොදින් නේද 🥺🥺

🐯 ම..මන් හොදින් කුකී...ඇයි ඔහොම අඩන්නේ..

🐹 අනෙ පැටියෝ ඔහොම අපිව බය කරන්න එපා..

🐱යාහ්..තමුසෙ ආයි අපිව බය කරොත් අනිත් අන්ඩත් කඩනවා..

🦄 හම්මේ..මගේ හාර්ටුවට දැන් තමයි ලේ යන්නේ.. කෝ මේ ජුනියා තාම නෑ...

මගේ අති සාර්ථක රංගනය ඉදිරියේ හ්‍යුන්ග්ලා ටික කොර වෙලා එක එකා අඩ අඩ මාව බදාගන්නවා.. පව් කියලත් හිතෙනවා..කුකියා හොටුත් ගෑවා මගේ ඇගේ...

එක්කො කමක් නෑ..අවුරුදු තුනකට පස්සේ මන් මෙහෙම හ්‍යුන්ග්ලාගෙන් ආතල් එකක් ගත්තේ..ඒ කියන්නේ මන් වෙනස් වෙලාද ??

රෝස මල වගේම මාත් වෙනස් වෙලාද ??

..............................................................................................

මේ කතාව ලස්සනයිද ලමයි 🥺

මන් ඔහේ ලියාගෙන යනවා...

අපෙ අම්මා බනිනවා කොටනවා කොටනවා ඉවරයක් නෑ කියලා 🙂🙂 කොයි වෙලේක හරි අපේ අම්මා මට මන්නෙන් කොටලා යනවා..🙂🙂

එදාට ඕතරීගේ මල ගෙදර එන්න 🙂🙂

පරිස්සමින් ඉන්න
සරන්හේ ❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

53.9K 248 19
You've been looking for a job all over for the longest time, and finally you find the perfect place. Freddy's Anime Convention, a home to weebs and h...
58.7K 2K 32
We were almost like a modern-day Romeo and Juliet. Nobody wanted us together, but we didn't care. He was mine and I was his.
69.9K 213 36
hii 😨 NOT SEXUALIZING HIM IRL
1.7K 70 7
Шип Рома/Антон НЕ КАНОН!!!