ᴛʜᴇ ᴍᴜʀᴅᴇʀ🩸🥀

Por _So_Yun_

1.6K 265 989

මිනීමැරුම් චෝදනාවකට හසුවීම නිසා තම ජීවිතයම වෙනස් වෙන තරුණයෙකුගේ සහ තරුණියකගේ කතාවක්....🥀 Start Date- 2021.12... Mais

Chapter 1🥀
Chapter 2🥀
Chapter 3🥀
Chapter 4🥀
Chapter 5🥀
Chapter 7🥀
Chapter 8🥀
Chapter 9🥀
Chapter 10🥀
Chapter 11🥀

Chapter 6🥀

133 25 104
Por _So_Yun_

Author's Pov...

@Lay's Home

"කායි වැඩකරල තියනව JJ Club එකේ අයිතිකාරය ජෝන් ගාව... අපිට එහෙට ගියා නම් ජෝන් ගෙන් මොනව හරි දැනගන්න පුලුවන් වෙයි... කායිට හියුන්එක්ක තිබ්බ ගනුදෙනුව මොකක්ද කියල දැනගන්න"
Kris කිව්ව...

"අපිට ක්ලබ් එකට යන්න ඕනෙ නෑ Baekhyun තාම එහෙ ඇත්තෙ... එයාට ජෝන් කියන කෙනාව හම්බවෙන්න කිව්ව නම් හරි..."
එහෙම කිව්වෙ Chen...

"අහ් එහෙමද...?"

"ඔව් මිනිහට අපි උඹ මෙහෙට එන්න කියල කතා කරා කියල කියන්න කෝල් කරද්දිත් ක්ලබ් එකේ හිටියෙ..."

"දැන් නම් ඔය ජෝන් ක්ලබ් එකේ නැතුව ඇති... ගොඩක් රෑවෙලානෙ..."

"ඒ ඇත්තටම මේක මොනව කරනවද මන්ද ක්ලබ් එකේ ඉදන් දැන් කීයෙ ඉදන්ද මේ... ඉදපන් මම කෝල් එකක් අරන් එන්න කියන්න..."
සුහෝ එහෙම කියල Baekhyun ට Call එකක් ගත්ත...

"Rings යනව Answer කරන්නෑනෙ..."
සුහෝ කිව්ව...

"ඒමේ බේකට මොකක්ද බන් වෙලා තියෙන්නෙ... එයා ක්ලබ් අස්සෙ රින්ගන් ඔහොම ඉන්නව මම කවදාවත් දැකලනෑ... අපේ Funny කොල්ලට මොකද බන් උනේ..."
එහෙම ඇහුවෙ Lay...

"Mina එක්ක Brakup වෙලා බන්..."
ඒකට උත්තර දුන්නෙ Chen...

"මොකක්... අඩෝ අවුරුද කීයක ඉදන්ද සම්බන්දෙ තිබ්බෙ... ඇයිඑහෙම දෙයක් උනේ..."
Lay ඇහුවෙ පුදුම වෙලා... මොකද Minaයි Baekhyunයි දෙන්න ආදරේ කරල තියෙන්නෙ අවුරුදු පහක ඉඳන්... University කාලෙ දෙන්නගෙ Affair එක පටන් ගත්තෙ...

"ඔව් බන්... Mina කියල එයාව කසාද බඳිනවනම් රස්සාව අතාරින්න කියල... බේක කියල රස්සාව නම් අත අරින්න බෑකියල එතන රංඩුවක් ගිහින්... Mina කියපු දේත් සාදාරනයි ඉතින් මේ රස්සාව හින්ද හරියට පවුලෙ අය එක්කවත් නිදහසේ ඉන්න ලැබෙන්නෑ... කොයි වෙලාවෙ මැරෙන්න වෙයිද දන්නෙ නෑ... Mina බයවෙන්නැද්ද කියන්නකො... අපේ එකාට ඕව තේරෙන්නෑනෙ රස්සාව බදාගෙන නෙ ඉන්නෙ මේක හොඳටම බැනල Mina ට... දැන් Minah ගියාම තමා අගේ තේරිලා තියෙන්නෙ... මුගෙ ලොකුකම කියන්නෙ ආයෙ කෝල් එකක් දීල වත් සොරි කියන්නෑනෙ... එයාම එනකන් බලන් ඉන්නව..."

"ආහ් ඒකයි එහෙනම් මේ... හැබැයි ඉතින් මට gf කෙනෙක් හිටියනම් එයා මගෙන් ඇහුවොත් රස්සාවද මාවද තෝර ගන්නෙ කියල මමත් Baekhyun වගේ රස්සාව කියල කෙලින්කියනව... මගෙ කෙල්ල මගෙ රස්සාවටත් කැමති වෙන්න ඕනෙ... නැත්තම් මට එපා..."
Lay කිව්ව...

"හාහා අපි බලමුකො..😂"

"මේ සුහෝ ආයෙ අරන් බලන්නෙ බේකට..."

"ආ ඉන්න..."
සුහො ආයෙත් Call එකක් ගත්ත... ඒපාර නම් Baekhyun Answer කලා...

"කියන්න සුහෝ..."

"යාආආ... Baekhyun... තමුසෙ තාම ක්ලබ් එකේද ආ... ඔක්කොම බලන් ඉන්නව උඹ එනකන්... Lay ගෙ ගෙදර එන්නැද්ද ආ...?"
සුහෝ කෑගැහුව...

"ඳපන් මම එන්නම්... ඒත් පොඩි වැඩක් කරන්න තියනව... ඉක්මනට එන්නම්..."

"මොකක්ද වැ- ආයිශ් මේක කට් කලා ෆෝන් එක..."

"මොකද උනේ සුහෝ...?"
Kris එහෙම ඇහුව...

"අනේ මන්ද වැඩක් තියනව ඉක්මනට එන්නම් කිව්ව... නිකන් හදිස්සියෙන්වගේ එයා කතාකලේ... බලමුකො එයිනෙ දැන්..."

🩸🥀

@JJ Club

"ශිබල් මුන් දෙන්න පැනගත්තනෙ... සුහෝගෙ කෝල් එක හින්ද තම ඔක්කොම..."
Baekhyun සුහෝ ටත් බැන බැන ආයෙ ක්ලබ් එක ඇතුලට ගියෙ ජෝන් මැරිල හිටපු Room එකට...

"මොකක්...! මේක කොහොමද වෙන්නෙ?"
Baekhyun කෑගැහුවෙ එතන බිම වැටිල තිබුනු ජෝන් ගෙ බොඩි එක එතන නැති හින්ද... එලියට ගිහින් ආපු ටිකට ජෝන් මෙතන වෙඩි වැදිල මැරුණ කියල කියන්න කිසිම සාක්ෂියක් ඉතුරුවෙලා තිබුනෙ නෑ...

"ඒක වෙන්නෙ කොහොමද... ජෝන් ගෙ බොඩි එක මෙතන තිබ්බනෙ... මම Drinks අරන් ඉන්න හින්දවත්ද එහෙම දෙයක් දැක්කෙ...? නෑනෑ ඒක එහෙම වෙන්න බෑ... එයා මෙතන හිටිය..."
Baekhyun Room එක වටේටම එයාගෙ ඇස් ගෙනිච්ච... එතකොට එයා දැක්කෙ ඇඳගාව බිම වැටිල තියන බොත්තමක්... එයා ඒක අතට ගත්ත...

"මේක ජෝන් ගෙ ඇඳුමෙ තිබුනු බොත්තමක් නේද...? ඔව් මට මතකයි මේ ඒක තමා... ඒකියන්නෙ ජෝන් මෙතන ඇත්තටම හිටිය... කවුද එහෙනම් ජෝන්ගෙ බොඩි එක අරන්ගියෙ...?"
Baekhyun කල්පනාකරන්න ගත්ත...

Yunmi's Pov...

"ඒ මනුස්සය කවුද...😰"
පස්සෙන් පන්නපු මනුස්සයගෙන් බේරිලා කායි එක්ක ඇවිත් Car එකට නැග්ගම මම ඇහුව...

"මන් දන්නෙත්නෑ..."
Kai Car එක Start කරගෙන Drive කරන ගමන් කිව්ව...

"ඒ ජෝන් ගෙ කෙනෙක් වෙන්න බැරිද...?"

"නෑ ඒක වෙන්න බෑ... ජෝන්ගෙ අයව මම අඳුරනව... මෙයාව මම කවදාවත් දැකල නෑ... හැබැයි සාමාන්‍ය කෙනෙක් වෙන්නත්බෑ... එයාගෙ අතේ ගන් එකකුත් තිබුන..."

"පොලීසියෙන්ද ඒ...?"

"කියන්න බෑ..."

"එයා ජෝන් මැරිල කියල දැක්කනෙ... දැන් ඕක Tv එකෙත් පෙන්නයි... ආයෙත් අපි මිනීමැරුමක් කලා කියල News වලට කියයි😫..."

"එහෙම දෙයක් වෙන්නෑ අනේ... ඔය අදෝනාව නවත්තගන්නවකො... Tao ජෝන්ගෙ body එක අයින් කරයි..."
Kai කෑගැහුව... එයාට ඒක හිමීට කියන්න බැරිද... මහම මහ නපුරෙක්... මම එයාට ඔරෝල අනිත්පැත්ත බලාගත්ත...

.

.

.

.

.

.

.

.

.
කාර් එකෙන් කායිගෙ ගෙදරට එනකන් ම මම එයා එක්ක වචනයක්වත් කතාකලේනෑ... කායිත් ඔරෝගෙනමයි හිටියෙ😑..

"ඒයි..."
Kai මට කතාකලා...

"මොකද...?"

"ඔය ඇඳුම මාරුකරගන්නව... මම ඔයාට ඇඳුම් ටිකක් ගෙනත් දෙන්නම් එතකන් මම දීපු මගෙ ඇඳුම් ටික අදින්න... ඕකනම් ආයෙ අදින්න එපා..."
කායි එහෙම කියල Kitchen එක පැත්තට ගියා... කොහොමත් මාත් කැමැත්තකින් නෙමේ මේ ඇදුම ඇදන් හිටියෙ🙂... ඒකෙ කොට... මම ඉක්මනට ගිහින් ඇදුම් මාරු කරගත්ත...

.

.

.

.

.

.

"Kai...?"
රෑ කෑම කනගමන් ඉද්දි මම කායිට කතාකලා...

"මොකද...?"

"ඔයාගෙ ඇත්තම නම Kai නෙමේ නේද...?"

"හ්ම්...."

"ඇත්ත නම මොකක්ද...?"

"ඔයාට මොකටද ඒක ආ..."

"අනේ කියනකො..."

"Jong In..."

"අනේනම ලස්සනයි😀... මම ඔයාට Jong in කියන්නම්..."

"නෑ ඕන්නෑ Kai කියලම කියන්න..."
එයා කිව්වෙ එයාගෙ සුපුරුදු කේන්තිකාර මූන මට දාගෙන...

"බෑ... මම ඒකමයි කියන්නෙ..."
කායි ව අවුස්සන්න මම එහෙම කිව්ව... එයා මුකුත් කියන්නෙ නැතුව කෑම කන්න ගත්ත...

"Jong in..."

"........"

"Jong in..."

"........"

"Jong in........"

"මොකද මගෙ නම කටපාඩම් කරනවද...? පාඩුවෙ කන්න දෙනවකෝ..."

"සොරි Jong in😂..."
මම එහෙම කියල හයියෙන් හිනා උනා... මෙන්න බොලේ මෙයත් හිනාවෙනව🙂... Jong in ඔයවගේ ලස්සනට හිනාවෙනව දැක්ක පලවෙනි වතාව...🙂❤️

"එතකොට ඔයාගෙ ඔම්මයි අප්පයි කොහෙද ඉන්නෙ...? සහෝදරයො කවුරුත් නැද්ද..?"
මම එහෙම අහපු ගමන් කායි ගෙ ලස්සන හිනාව මැකිල ගියා...🙂 ආයිශ් මෝඩි ඔයා වැරදි ප්‍රශ්නයක්ද කොහෙද අහල තියෙන්නෙ🤧...

"එහෙම අයනෑ..."
Jongin එච්චරයි කිව්වෙ ඒත් එක්කම එයා ඒ ප්‍රශ්නෙ මග ඇරල මගෙන් වෙන ප්‍රශ්නයක් ඇහුව...
"ඒකනෙමේ... අර ඔයාගෙ මොන ඔප්පද... මොකක්ද එයාගෙ නම...?"

"Sang jun oppa ගැනද කියන්නෙ...?"

"හහ් බලන්නකො මෙයා... කොල්ලගෙ නම කිව්ව විතරයි මූනෙ හිනාව..."
Kai එහෙම කිව්වම මගෙ මූන රතු උනා...

"එහෙම එකක්නෑ... ඇයි දැන් ඔයා මගෙන් එයාගැන ඇහුවෙ...?"

"එයාට මොකක්ද ඔයා එක්ක තියන සම්බන්දෙ...?"
කායි එහෙම ඇහුව... මෙයාට මොනා වෙලාදමේ...

"අපි හොඳ යාලුවො එච්චරයි ඉතින්..."

"එයාගෙ පවුලෙ විස්තර කොහෙද ඉන්නෙ කියල දන්නවද...?"

"නෑ..."

"තමුසෙගෙ යාලුවෙක් කිව්ව නේද ආ... ඉන්න තැනවත් දන්නෙ නෑ..."

"අනේමේ... යාලුවෙක් උන පලියට එයාගෙ දෙමව්පියොගැන ඉන්නතැන එක එක ඕපදූප දැනගන්න ඕනෙ කියල නීතියක් නෑ..."
මම එහෙම කිව්වම එයා කලෙ පැත්තට හිනා උන එක...😑

"ඔය Sang jun කියන කෙනා... මේවගේ දෙයක් වෙන්න තියනව කියල දැනගෙන හිතාමතාම ඔයාව මේකට පැටලෙව්වද දන්නෑ..."

"අනේමේ... Sang jun Oppa කවදාවත් එහෙම කරන්නෑ... එයා හරි හොඳයි... ඔයා මොනාද දන්නෙ එයාගැන😑..."
මට තරහ ගිහින් Kai ට ගෑගැහුව...

"මෙයාගෙ ගෑස් බලන්නකො😂... හරිහරි ඔයාගෙ මහලොකු ඔප්ප හරිම හොඳයි... දැන් ඔය කෑම එක කන්න..."
Kai එඋඑම කිව්වම මම එයාට ඔරෝල බිමබලන් කෑම එක කන්න ගත්ත...

Author's Pov...

@JJ Club

"Tao... මම එහෙනම් යනවා... ජෝන්ගෙ බොඩි එක කවුරුහරිදකීද දන්නෑ ඇහැගහගෙන ඉන්න..."
Cara Tao ට කිව්ව...

"හරිහරි බයවෙන්න එපා... කවුරුත් ඔය කාමරේට යන්නෙ නෑනෙ අපි කට්ටිය මිසක්... ඔයා දැන් යන්න..."

"හරි එහෙනම් Byee... පරිස්සමින්..."

"ඔයත් පරිස්සමින්....."
කාරා ක්ලබ් එකෙන් එලියට ඇරලවල Tao ආයෙත් Club එක ඇතුලට ආව... Tao phone එක අතට ගත්තෙ Kai ට call කරන්න කිය්ල හිතාගෙන... එතකොට එයා දැක්කෙ ටිකවෙලාවකටකලින් එයාට කෝල් කරපු කෙල්ලගෙ Number එක... ඒ Number එක දිහා tao ටිකක්වෙලා බලාගෙන හිටිය...

"හුටා... දැන් නෙ මතක් උනේ... මේ යුන්මිගෙ යාලුවගෙ number එකනේද...?"
Tao තනියම කියවන්න ගත්ත...

"ආයිශ් Tao ඔයාගෙ සිහියනම්😑... කොහොමද මේටිකට එයාට කෝල් කරා කියල අමතක උනේ..."
Tao ඒ Number එකට ආයෙ Call එකක් ගත්ත...

📞📞

"Hello..."

"Hello... මේ අර කලින් වැරදිලා Call කරපු කෙනානේද...?"

"ආහ් ඔව් මම තමා... ඒත්වැරදිලා නෙමේ ගත්තෙ..."

"මොකක්...?"

"ඔයා යුන්මිගෙ යාලුව නේද...?"

"ඔයා කොහොමද යුන්මිව දන්නෙ...?කවුද ඔයා...?"

"ආහ් මමත් යුන්මිව අදුරනව... එයා තමා මගෙ phone එකෙන් ඔයාට කෝල් කලේ... ඒත් ඔයා Answer කලේනෑනෙ ඒවෙලාවෙ.... පස්සෙ ඔයා ආයෙ ගද්දි එයා හිටියෙ නෑ... මටත් අමතක වෙලා තිබ්බෙ... දැනුයි මට මත්ක් උනේ Yunmi ගත්තෙ මේ number එකට කියල..."

"ආහ් එහෙමද🥺...? යුන්මි ඔතන ඉන්නවද...?"

"එය දැන් නම් නෑ... හැබැයි හෙට ආයෙ හම්බෙනව... එතකොට මම ඔයාට ගන්නම් කෝල් එකක්..."

"ඇත්තටම ඔයා යුන්මිගෙ යාලුවෙක්ද...?"

"ඔව් ඔව්... විස්වාස නැත්තම් හෙට යුන්මි ගෙන්ම අහන්නකො..."

"එයා හොඳින් නේද ඉන්නෙ...?"

"ඔව් ඔව් යුන්මි හොඳින්... බයවෙන්න එපා ඉක්මනට මේ ප්‍රශ්න විසඳිලා යුන්මි ආපහු එයි..."

"අනේහ් Thank you so much එයාට උදව් කරනවට..."

"ආහ් ඕක මොකක්ද... හරි එහෙනම් මම හෙට ගන්නම්කො..."

"නෑනෑ ඕනෙ නෑ... මමම ගන්නම්... කවුද දන්නෙ ඔයාට අමතක උනොත් එහෙම😂..."

"නෑනැ එහෙම වෙන්නැ😂.."

"හරි එහෙනම් මම තියනව..."

"හරී...."

📞📞

"යුන්මි වගේම අහිංසක කෙල්ලෙක් වගේ... ආයිශ් එයාගෙ නම අහගන්න බැරි උනානෙ... ඊලඟපාර කෝල් කලාම අහගන්න ඕනෙ... මොනව උනත් ලස්සන කටහඬක්..."
Tao Eunji ගැන හිතහිත පල්ලෙහා තට්ටුවෙ තිබුනු කාමරේට ගියා... කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු Tao කාමරේ ඇතුලෙ තිබුනු අනිත් දොරත් ඇරන් ඒක ඇතුලට ගියා.. ඇතුලට ගිහින් වටපිට බලපු කොල්ල එකපාරටම කලබල උනේ John ගෙ body එක එතන නැතිහින්ද...

"මොකක් මේක වෙන්නෙ කොහොමද...?බොඩි ඒක මෙතනනෙ තිබ්බෙ..."
Tao බයවෙලා වටපිට බලබල බොඩි එක හොයන්න ගත්ත...

"බැරිවෙලාවත් ජෝන නැගිට්ටද😰... ඒක වෙන්න බෑනෙමැරුන නෙ..."
ඒත් එක්කම Tao ට Call එකක් ආව... Phone Screen එකේ වැටිල තියන නම දැකල Tao තවත් බය උනා...

"හපොයි දෙයියනේ Kai... දැන් මොකද කරන්නෙ... මෙයාට කොහොමද කියන්නෙ ජෝන්ගෙ බොඩි එක අතුරුදහන් කියල... මාව ඉතුරු කරන එකක්නෑ... ආයිශ් දැන් මොකද කරන්නෙ..."
Tao බයට හොඳටම දාඩියත් දාල... ඕනෙ එකක් වෙන්න කියල Tao call එක answer කලා...

"මොකද මිනිහො Answer කරන්න පරක්කු උනේ...?"
Kai කෑගහනකොට Tao තවත් බය උනා...

"ආ.. ම්- මේ.. මේ... සොරි බන් Silence දාල තිබ්බෙ ඇහුනෙ නෑ..."

"ආහ් ඒකට කමක්නෑ... අරූගෙ බොඩි එක හැංගුවනේද...?"

"ආ... ඔව් ඔව් බයවෙන්න එපාඔක්කොම හරි..."

"ආ එහෙනම් කමක්නෑ... හරි හෙට අර Myung කියන කෙනාව අල්ලගන්න ඕනෙ කොහොම හරි... හෙට රෑවෙද්දි මම එනව ඔහෙට... ආ ක්ලබ් එකට එනයන හැමෝම ගැන ඇහගහගෙන ඉන්න... මම තියනව එහෙනම්..."

"ආහරි... බායි..."

Kai Call එක Cut කලාම Tao යන්තම් හුස්මක් ගත්ත... ඊටපස්සෙ Tao කලබලෙන් වගේ දුවන් ගියේ ජෝන් හිටපු Room එක ඇතුලට...
"මේකෙත්නෑ... කවුද මිනිය... අරන් යන්න ඇත්තෙ..."
tao room එකෙන් එලියට එනගමන් කල්පනා කලා...

"ඒයි Tao... තමුසෙ මොකද මෙතන කරන්නෙ ආ... අතන මම තනියම ඉක්මනට වරෙම් වැඩ තියනව..."
bar එකේ waiter එතනට ඇවිත් Tao ට කතාකලා...

"අහ් හරි බන් මම එන්නම්..."

"හරි වරෙම් ඉක්මනට..."
Waiter එහෙම කියල අනිත්පැත්ත හැරිල යන්න හැදුව...

"ආමේ... ඔයා දැක්කද පල්ලෙහා තට්ටුවට කවුරුහරි කට්ටියක් යනව..."
Tao waiter ගෙන් ඇහුව...

"මන් නම් දැක්කෙ නෑ..."

"ආ හරිහරි..."

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

"ආ නෑනෑ..."

"ඒකනෙමේ අපේ ජෝන් සර් කෝ... එයා උදේ ඉදන් මෙහෙනෙ හිටියෙ දැන් පේන්න නෑනෙ... Room එකෙත්නෑ..."

"ආහ්.. මේ... ජ්-ජෝන් සර් ගෙදර ගියා... මේ දැන් ටිකකට කලින් ගියෙ..."
tao කිව්ව...

"ආහ් හරි එහෙනම් මම යනව ඉක්මනට වරෙම්..."

"හරි තව ටිකකින් මම එන්නම්..."
Tao එහෙම කියද්දි waiter ඔලුව වනල එතනින් ගියා...

"හපොයි දෙයියනෙ... කොහොම හරි බොඩි එක හොයාගන්න ඕනෙ ඒක අරන් ගිය එකාවත් එක්කම..."

🥀🩸

@Lay's Home

"අන්න අරූ එනව..."
Lay එහෙම කිව්වෙ Car එකක් ගේ ගාව නතරකරන සද්දෙ ඇහිල... ඒත් එක්කම ගෙදර දොර ඇරගෙන Baekhyun ඇතුලට ආව...

"මොකද මනුස්සයො මෙච්චර වෙලා කලේ ආ..."
Suho කෑගැහුව...
ඊටපස්සෙ Baekhyun ක්ලබ් එකේදි උන හැම දෙයක් ම කිව්ව... හැමෝම පුදුම වෙලා baekhyun කියන දේවල් අහන් හිටිය...

"දැන් එතකොට ජෝන් ගෙ බොඩි එක කොහෙද ඇත්තෙ...?"
එහෙම ඇහුවෙ Kris...

"බොඩි එක මගෙ කාර් එකේ..."

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀


හායි ගායිස්🌚

චැපිය කොටයි ගාගෙන එන්න එපා කොටනව සනික🙂🔪

ප්‍රස්න තියේනම් අහම් යම්න🙂

අනේ කතාව විකාරයක් වගේද🙂?
චරිත වැඩීවගේද..?
එන්න එන්න එපාවෙනව වගේ නේ🙂

Vote Comment කරන හැමෝටම කුමාවෝ🥺❤️

ඊලඟ චැපියෙම් හම්බෙමූ😁👋

𝙷𝚊𝚙𝚙𝚢 𝚂𝚞𝚑𝚘 𝙳𝚊𝚢...!🐰🥰💞

Continuar a ler

Também vai Gostar

139K 4.3K 47
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
314K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
261K 8.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
162K 7.8K 53
Four siblings, two elder brothers and two younger sisters living with their rich parents!! Get ready to enter the life of these siblings and their fa...