🌹𝕄𝕪 𝕝𝕚𝕗𝕖 𝕨𝕚𝕥𝕙 𝕠𝕦...

By sadu_N20

5.7K 972 505

කොයිතරම් කාලයක් ගියත් මේ හිතේ ඔයාට තිබුන ආදරය කවදාවත් නැති වෙන්නෑ මගේ බෝදී..... මම දැන් හුගක් වයසයි ඒත් මීට අ... More

Introduction
01 වන කොටස🌹🌹
02 වන කොටස🌹
03 වන කොටස🌹💔
A/N
A/N
05 වන කොටස❤️‍🔥💔
අවසානයක් නොවන ආරම්භයක්

04 වන කොටස💔

636 126 77
By sadu_N20

ලී කින් සහ යීබෝ දෙදෙනාම එයාර්පෝට් එකට ගියේ තවත් එක දවසක් හරි හිටියොත් ගෙදර කට්ටියට සැක හිතෙන්න පුළුවන් කියලා දෙන්නාටම හිතුන නිසායි..... චාන් යීබෝට කතා කරපු දවසට පස්සේ දවසේම ආපහු යන්න තීරණේ කරේත් ඒ නිසාමයි....

ඒ කෙසේ වෙතත් යීබෝ ආපහු ඇමරිකාවට ආවට පස්සේ චාන්ට නම් ආදරේන් සැලකුවේ නෑ... එයා මේ තාක් දුරටත් මේ දේවල් හංගාගෙන ඉන්නේ චාන්ට දරුවා ලැබෙනකෙනුයි....

මාස තුනකට පමණ පසු සුන්දර දවසකට හිරුත් පෑයුවේ චාන්ට මවු පදවිය උරුම වෙන්න දින ලන්වෙනවත් සමඟයි....

ඒත් මේ ගෙවුනු මාස අට පුරාවටම චාන් බලාපොරොත්තු උන යීබෝගේ ඒ ආදරය ඒ රුකවරණය කිසිලෙසකින්වත් ලැබුනේ නෑ... යීබෝ මොන දේ කියුවා කලත් එවා ඒ හැමදේම කරේ චාන්ට තියෙන ආදරේකට නම් නෙමේ.... චාන්ගේ කුසේ පන ගැහෙන එයාගේම ලේ ගැන තිබුනු අසීමාන්තික ආදරය නිසා පමණයි..... එයා හැමදාම හිතුවේ චාන්ව මරලා හරි චාන්ගෙන් වෙන් වෙලා හරි එයා පණටත් වඩා ආදරේ කරන එයාගේ පෙම්වතිය ලී කින් වගේම තව ටික දවසකින් මෙලොව එලිය දකින්න ඉන්න එයාගේ දරුවත් එක්කම මේ රටින් ඉක්මනටම යන්නයි... ඒ නිසාම එයාගේ දරුවා ආරක්ෂා කරගන්න නම් චාන්ව හොඳින් තියාගන්න ඕනේ කියන එකත් එයාට හිතුනා.... යීබෝ චාන්ට වෙනස්කම් කරත් චාන් ඉල්ලන්නේ මොනවද ඒ හැමදේම ගෙනත් දුන්නා..... ඒ වුනත් එයාගේ ආදරේ කවදාවත් චාන්ට දුන්නේ නෑ ....

යීබෝගේ මේ වෙනස්වීම් මේ හැසිරීම් නිසා චාන්ට ගොඩාක් අවස්ථාවලදී කියාගන්න බැරි තරම් ආපහසුතා සිත් වේදනා ආවත් එයා ඒ හැමදේම ඉවසගෙන හිටියේ එයාගේ කුසේ පන ගැහෙන එයාගේම දරුවා ගැන හිතලයි....

💚මේ.... මේ..... ඒයී.... චාන් නැගිටිනවා....

❤️බෝ....දී...... ම්....ම්.... ඇයි මේ උදේම කෑගහන්නේ......

💚කෑගහන්නේ..... ඇයි තමුසෙට අමතකද අද හොස්පිට්ල් යන්න ඕනේ කියලා....

❤️තමුසේ..... ඇයි බෝදී මට හොදින් කතා කරන්නම බැරි ඔයා එදා අර චීනේ ගිහින් ආව දවසේ ඉඳන් හරිම වෙනස් .....මම අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ..... ඒ ගැන හිතලාවත් මට ආදරෙන් කතා කරන්න බැරිද.....

චාන් ඇස් දෙකේ කදුළුත් පුරවගෙන එහෙම ඇහුවේ යී⁣බෝගේ මේ වෙනස්කම් තවත් එයාට දරගන්න බැරි නිසායි....

💚අනේ මගුල මම වෙනස් වෙලා නෑ.... ඒ තමුසෙට හිතෙන විදිය චාන්.... ඒ දේවල් වලින් වැඩැක් නෑ.... දැන් තමුසේ ඉක්මනටම නැගිටලා ලෑස්ති වෙලා පහලට එනවා මට පරක්කු වෙනවා...

කට කොනකින් හිනා වුන යීබෝ එසේ කියාගෙනම පහලට ගියේ චාන් දෙස එකදු බැල්මක්වත් නොහෙලමින්....
ඒත් යීබෝට එයාගේ පෝන් එක අරගෙන යන්න අමතක වුනා....

චාන් ඇස්දෙකේ කඳුළුත් පුරොගෙන වොෂ්රෑම් එකට ගියේ යීබෝගේ මේ හැසීරිමට හේතුව මොකද්ද කියලා හිතාගන්න බැරුවයි....

චාන් වොෂ් රෑම් එකේ ඉඳන් එනකොට තමා දැක්කේ යීබෝ එයාගේ පෝන් එක දාලා ගිහින් කියලා..... චාන් ලෑස්ති වෙලාම ගිහින් දෙනවා කියලා හිතාගෙනම හොස්පිට්ල් යන්න ඇඳුමක් තේරුවා.... ඒත් එක්කම වගේ යීබෝගේ පෝන් එකට කෝල් එකක් එනවා ඇහුනා....

චාන් ඇඳුම් තෝරන එක පැත්තකින් තියෙලා පෝන් එකත් අරන් පහලට යන්න හැදුවේ ඒක යීබෝට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුන නිසා.....

ඒත් ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම දැක්ක පාර චාන් හිටි තැනම ගල්ගැහුනා වගේ පෝන් එක දිහාම බලාගෙන ඉන්න උනේ ඇස්වල කඳුළුත් පුරොගෙනයි......
❤️ 😘MY SWEET LI BABY😘

චාන් හිමින් ඒ නම මිමිණුවා...

යීබෝ කිචන් එකේ ඉදන් ලිවින් රෑම් එකට යනගමන් දැක්කේ චාන් පෝන් එකක් දිහා බලාගෙන ඉන්නවා.....

💚 චාන්.... චාන්.... චාන්.... ඒයී තමුසේ මොන ලෝකෙද ඉන්නේ ආ....

යීබෝ කිහිප සැරයක්ම කතාකරායි පස්සේ තමා චාන් දැක්කේ පහල ඉඳන් යීබෝ රවාගෙන බලාගෙන ඉන්නවා කියලා....

චාන්ට පහලට යන්න බෑ එයාගේ කකුල් වෙවුලනවා..... අනික ඉදිරියට නෙරලා තියෙන මාස අටක කුසත් එක්ක එයාට තවත් හිටගෙන ඉන්න බෑ කියලා තේරුනා....

❤️ බෝ..... දී.........

චාන් බොහොම අමරුවෙන් යීබෝට කතාකරා....

💚 මොකද

යීබෝ පොල්ලෙන් ගහන්නාවගේ කතා කරාම චාන්ට තවත් දුක එකතු වෙලා එයා බිම ඉන්දවිලා ඉකිගහන්න පටන් ගත්තා....

ඒ සද්දෙට මිසිස් වැන්ග් වගේම මිස්ට වැන්ග්ත් ආවා....

👩 චාන්.... මගේ මැණික ඇයි මේ....

මිසිස් වැන්ග් ඉක්මනින් චාන් ගාවට ගියේ ගොඩාක් බයවෙලයි..... එයාගේ පිටිපස්සෙන්ම යීබෝයි මිස්ට වැන්ග්ත් ආවා....

❤️ මා...මා....මේ.....බල....න්න....

චාන් යීබෝගේ පෝන් එකෙන් දැන් ආපු කෝල් එක පෙන්නුවා....

ඒ නමත් එක්ක තිබ්බ පොටෝ එක දැක්ක පාර මිසිස් වැන්ග් කලබලෙන් වගේ චාන්ගේ අතින් පෝන් එක ගත්තා....

මිසිස් වැන්ග්ට තාම හිතාගන්න බෑ ලී කින් ඇයි යීබෝට කෝල් ගන්නේ කියලා ඒත් එක්කම මෙහෙම නමක් දාලා සේව් කරන්න තරම්.....

චාන් ලගින් නැගිට්ට මිසිස් වැන්ග් යීබෝ ලගට ගිහින් පෝන් එක පෙන්නුවේ ඇස් වලින් "මේ මොකද්ද කියලා"අහන්න වගේ...

යීබෝ පෝන් එක අතට අරන් බැලුවේ මොකද්ද කියලා.... ලී කින්ගේ පොටෝ එක දකිද්දි යීබෝට මතක් වුනේ කාමරේ ඉඳන් එනකොට පෝන් එක දාලා ඇවිල්ලා කියලා.....

❤️ බෝ....දි..... ක...වු....ද....ඒ....

චාන් ඉකිගහන ගමන්ම එහෙම ඇහුවේ ඒ මගේ යාළුවෙක් කියලා යීබෝ කියයි කියලා එයා බලාපොරොත්තු වුන නිසා....

කටකොනකින් හිනාවුන යී⁣බෝ ඊළඟට කියපු කතාවට චාන්ට දැනුනේ එයාගේ මුළු ලෝකයම එයාගේ ඉස්සරහාම කඩා වැටුනා වගේ හැඟිමක්.....

💚ඒ මගේ girlfriend 😏

ඒ කියනවත් එක්කම කවුරුත් හිතුවේ නැති විදියට මිස්ට වැන්ග් යීබෝට කන රත්වෙන්න කම්බුල් පාරක් ගැහුවේ තොලත් පැලිලා ලේ එන්න....

👨 මොකද්ද තමුසේ කියුවේ ආයේ කියනවා බලන්න

මිස්ට වැන්ග් කෑගහලා යීබෝගේ කොලර් එකෙන් අල්ලලා ආයෙත් කම්මුල් පාරක් ගැහුවා....

💚 ඔයාලා හිතුවද මම sweet li ව අතෑරියා කියලා..... මම එයාව කවඳාවත් අතෑරියේ නෑ.... ඒත් එයාගෙන් වෙන්වුනා කියලා මම ඔයාලට පෙන්නුවා....college එකෙන් අවුට් වෙලා university එකට ගියාට පස්සේත් sweet li එක්ක තිබ්බ සම්බන්දේ තවත් වැඩි වුනා.... ඒත් ඒක දෙවෙනි පාරටත් මට නවත්තන්න උනේ පපාගේ බිස්නස් කිසි දෙයක් මට දෙන්නෑ කියලා කියපු නිසා....
ඊට ටික කාලෙකට පස්සේ මට චාන්ව මීට් වුනාම තමා මට හිතුනේ මේකව බැඳලා මගේ දේපල ටිකත් ලියාගෙන මේ කුණුගොඩෙන් නිදහස් වෙලා sweet li එක්ක ආපහු chaina යන්න පුළුවන් කියලා..... ඒත් මන් හිතුවෙවත් නැති විදියට චාන්ව බැඳලා මාස තුනක් වගේ යනකොට පපා මට දේපල ටික ලියලා දුන්නානේ..... ඒත් ඉතින් කවුද හිතුවේ මේකාට ලමයෙකුත් ලැබෙයි කියලා..... ඒත් ඒකත් හොඳයි දැන් ඉතින් මගේ පවුල සම්පූර්ණයි...... චාන් තමුසේ දැන් හැමදේම දන්න එකේ මට ඩිවෝස් එකයි මගේ පුතාවයි දීලා පැත්තකට වෙනවා.... කෝහොමත් තමුසේට ඉතින් ආයෙත් කසාදයක් බැඳලා ලමයෙක් හඳාගන්න බැරිකමක් නෑනේ...

යීබෝ එසේ පැවසුවේ චාන්⁣ දෙස නොරිස්සුම් සහගත බැල්මක් දාන ගමන්මයි.... කඳුළු අතරින් මේ සියල්ල දෙසම බලාසිටි චාන් හැගීම් විරහිත ලෙස යීබෝ දෙස බලා හිමීට නැගි⁣ට්ටේ ම්ස්ට වැන්ග් වගේම මිසිස් වැන්ග් ගාවට යන්නයි.....

❤️ ම.....මා.... ප....පා..... මේ හැ....මදේම....ඔයාලා දැනගෙන හිටියද.... බෝදීට වෙන....වෙන සම්බන්දයක් තියෙනවා කියලා.....

👩👨..........................

❤️ම....ට....මට උත්තරයක් දෙන්නකෝ.....

👩මගේ මැණික මේක අහන්නකෝ....මමාව ඔයාට ව්ශ්වාසයි නේද ආ.....

❤️ ඔව්.... මමා....

👩 එයාට සම්බන්දයක් තිබ්බා ඒත් ඒක ගොඩාක් ඉස්සරයයි තිබුනේ.... අපි.... අපි.... කවුරුත් දැනන් හිටියේ නෑ එයා මේ හැමදේම කරලා තියෙන්නේ පපාගේ බිස්නස් වගේම අර කොහෙවත් යන එකියක් නිසා කියලා.....

මිසිස් වැන්ග් යීබෝ දිහා හැගීම් විරහිත බැල්මක් පාමින් එසේ පැවසුවේ චාන්ගේ ඔළුව හිමිට පිරිමදිමින්මයි....

❤️පපා.... පපාට කියන්න මුකුත්ම නැද්ද....

👨මට.....මට සමාවෙන්න මගේ රත්තරං පුතේ මේ මෝඩ පපා මේවගේ දෙයක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... මට ඕනේ උනේ මගේ එකම පුතා හොඳ එකෙක් කරන්නයි..... ඌ සතුටින් ඉන්නවා බලන්නයි ඒත් එකා අද අපිවත් ඕන්නෑ කියලා අර කොහොවත් යන වේ#$%& ගෑනියක් ගාව නතර වෙලා.... මගේ පුතේ මේ පපාට සමාව දෙනවද.....මම එදා චීනේ ඉඳන් එනකොට අරකි දැක්කට මම හිතුවේ නෑ මගේ රත්තරනේ මෙහෙම දෙයක්.... මේ පපාට සමාව දියන්.... මගේ පුතේ....

කවඳාවත් කොයිම මොහොතකවත් මිස්ට වැන්ග් මේ තරම් සංවේදි වෙලා නෑ.... ඔහුගේ දෑස් වලින් නොනවත්වාම කදුළු කැට වැටෙන්නේ චාන්ට ⁣මේ වගේ ගින්දරක් උහුලන්න උනේ තමන් එදා මීට මාස 10කට පමණ පෙර ගත් වැරදී තීරණයක් නිසා කියලා....

චාන් මිසිස් වැන්ග් වගේම මිස්ට වැන්ග් මතින් මෑත් වෙලා යීබෝ ලගට ගිහින් හිටගත්තේ යීබෝගේ ඇස් දිහා කෙලින් බලාගෙනමයි...

❤️ මගේ....බෝ...දී.... මට.... කියන්න.... මේ.... මේ... දැන් කියුව දේවල් ඇත්තද...ඔයා....ඔයා මාව බැන්දේ පපාගේ දේපල ටික ලියාගෙන ඒ...එයාත් එක්ක එකට ඉන්න පුළුවන් නිසාද.... ම්ම්ම්....

යීබෝත් එක එල්ලේම චාන් දෙස බලා පිලතුරු දෙන්න උනා...

💚 ඔව්..... තමුසේ මට දැන් ඩිවෝස් එක දෙනවා....

❤️හා....මගේ බෝදී මම....මම....දෙන්නම්..... ඔයා... ඔයා සතුටින් ඉන්න..... මගේ බෝදී..... ආදරේ බලෙන් ලබාගන්න බෑනේ නේද...අනික ආදරේ කියන්නේ ලබාගැනිමමත් නෙමේනේ නේද මගේ බෝදී.... මගේ මමා කියුවා බෝදී කියන්නේ හොඳ නැති කෙනෙක්ලු....අනික ඒ පවුල අපිට ගැලපෙන්නෑලු අඩු කුලේලු වගේ ගොඩාක් දේවල්... ඒත් මන් ඔයාට ඔයාගේ මමාට පපාට ගොඩාක් ආදරේ කරා.... කුලමල බේද මට වැඩැක් උනේ නෑ.... කවදාවත් ඔයාගේ මමා පපා මට වරදක්වත් වෙනස්කමක්වත් කරේ නෑ....

මගේ බෝදී.....මමාලා ඕන්නෑ කියලා ආව මට ඔයා දුන්න මේ තෑග්ගට ගොඩාක් ස්තූතියි මගේ බෝදී..... ඔයාගේ චාන් ඔයාට හුඟාක් ආදරෙයි😘

චාන් එසේ කියලා යීබෝගේ නළලට දීර්ඝතම උණුසුම් ආදරණීයම හාදුවක් තිලින කරලා යන්න ඇරෙනකොටම යීබෝ චාන්ට කතා කරා....

💚 චාන්.... මට මගේ දරුවවත් ඕනේ ඒ ඉන්නේ මගේ දරුවා.... ඒනිසා මට දරුවගේ වැඩි අයිතියක් තියෙනවා.... අනික දැන් ඔයාලට දරුවෙක් බලාගන්නවා තියා කන්න බොන්නවත් අතේ සතයක්වත් නෑනේ....

යීබෝ කිසිම හැගීමක් නැති මනුස්සයෙක් ව්දියටයි එහෙම දෙයක් කියුවේ....

❤️ අනේ... මගේ....බෝදී..... මම....මම ඔයාට ඩිවෝස් එක දෙනවනේ.... මට මගේ දරුවාව දෙන්න මට ඔයාගේ කියලා ඉන්නේ මෙච්චරනේ..... මම.... මම.... කොහොමද මගේ එකම දරුවාව නැතුව ජිවත් වෙන්නේ.... මගේ.... මගේ දරුවනේ ඔයා මට දීපු තෑග්ග මගේ.... බෝදී....

නැවතුන ඉකිය නැවතත් අලුත් වෙමින් චාන් තමන්ගේ කුස අත්දෙකෙන්ම වැලද ගන්න ගමන් එසේ පැවසුවේ සල්ලි නැති වුනත් හිඟාකාලා හරි තමන්ගේ ලේවලින් ඉපෙදෙන දරුවාව ආදරේන් සෙනහසින් රැකබලාගන්න පුළුවන් කියන දැඩි අධිෂ්ඨානයක් හිතේ හොවාගෙනයි....

💚මට දරුවාව ඕනේමයි චාන් තමුසේ ආයේ කසාද බැදලා ලමයෙක් හදාගන්නවා..... ඉවරයිනේ....

යීබෝ පොල්ලෙන් ගහනවා වගේ වචන පිට කරනකොට චාන්ට තවත් ඒවා අහන් ඉන්න බැරිතැන එයා ආපහු කාමරේට යන්න ගියා උනත් අඩි දෙක තුනයි යන්න පුළුවන් උනේ....

තමන්ගේ ආදරණීය බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියුවාම ඒ අම්මා තාත්තා කොයි තරම්නම් සතුටු වෙනවද ඒත් යීබෝ චාන් මේ දෙන්නාට ඒ සතුට ලැබුනද..... නෑ.....යීබෝ හැමදාම හිතුවේ ලී කින් ගැනම විතරයි... එයාට චාන්ව ඕන වුනේ ඉත්තෙක් විදියට විතරයි.... මොකද එයාගේ බිස්නස්වල අයිතිය ගන්න හොඳම ව්දිය චාන් නිසා.....
ඒත් චාන් එයා හුඟාක් යීබෝට ආදරේ කරා.... එයාගේ කුසේ පන ගැහෙන යීබෝගේ දරුවා වෙනුවෙන් එයා හුඟාක් කැප කිරීම් කරා..... චාන් ආදරේ අතින් හුඟාක් අවාසනාවන්තයි මොකද එයාට එයාගේ අම්මා තාත්තා නැති වුනා..... ඊට පස්සේ එයා යීබෝට කොයිතරම් ආදරේ කරාද ඒත් එයාට යීබෝගේ ආදරයත් ලැබුනේ හරියටම මාස තුනක් වගේ පුංචි කාලයයි..... ඒකත් ලැබුනේ යීබෝ දේපල ටික තමන් ලඟට ගන්නකම් විතරයි.... තාත්තා කෙනෙක් හැටියට යීබෝ එයාගේ වගකීම් බොහෝ දුරට ඉෂ්ඨ කලත් සැමියෙක් හැටියට එයාගේ ඒ වගකීම් කිසිම දවසක ඉෂ්ඨ කරේ නෑ..... කවදාමහරි දවසක යීබෝ චාන්ට කරන කියන දේවල් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙවීද.... ඒත් එදාට චාන් මේ ලෝකේ ඉදීවිද......

🔹මතු සම්බන්ධයි🔹

💢හායිම් ගොඩාක් කාලෙකින් නේද😁

💢මොකද හිතන්නේ කතාව ගැන

💢චාන්ට මොනවා වෙයිද🙄

💢කතාවේ කිසිම ගැලපීමක් නැත්තම් තේරෙන්නෑති තැනක් තියේ නම් අහන්ඩෝ

A/N

මේකයි යීබෝ නරක නෑ එයා ලී කින්ට අවංකවම ගොඩාක් ආදරෙයි.... ඒකයි එයාට ලී කින්ව අතාරින්න බැරි....

💢හෙටත් කොටසක් දෙන්න බලන්නම් මට හරි කම්මැලි අප්පා මෙහෙම ටයිෆ් කරන්න ගියාම🥱🥱

💢කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙනම යන්න🥰

💢 ආදරෙයි හැමෝටම😘

✍️ Sadu

Continue Reading

You'll Also Like

84.9K 5K 42
សរសេរដោយ : ជុងឈូ Jungguk Top X Jimin Bottom take ur own responsible for reading this.
873K 34.7K 82
မာန်ထက်လွှား ~ မင်းကို ​ဒေါ်​ဒေါ့်​ကြောင့် ငါအ​တော်သည်းခံ​နေရတာ ရွန်း​ဝေလ ​တော်​တော်စိတ်ပျက်ဖို့​ကောင်းတဲ့​ကောင်ပဲ ကျစ်! ရွန်း​ဝေလ ~ မင်းရဲ့ကံဆိုးမှု...
1M 48.2K 100
Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ္ခ်င္ေက်ာ္သြား❗️ Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ်ချင်ကျော်သွား❗️
317K 324 13
စာရေးရမှာ ပျင်းနေသေးလို့ ရေမယ်ဆိုရင် ဘယ်လိုလေးတွေရေးပေးရမလဲ ပြောပြခဲ့နော်