"ඇයි ඔයා එයාට ඒක කිව්වේ නැත්තේ??"
"ඔහ්...." ඇහුන හඬත් එක්ක ටේහියුන් ගැස්සිලා පිටිපස්ස බැලුවම දැක්කේ තමන්ගේ beanch එකට උඩ ඉදගෙන ඉන්න යුන්ගිව.
"ඇයි ඔයා එදා වුන දේ කිව්වේ නැත්තේ?" යුන්ගි ආයේත් ඒ ප්‍රශ්නෙම ඇහුවා. ටේහියුන් යුන්ගිගේ ඇස් මගැරලා අත් දෙක දිහා බලගත්තේ උත්තරයක් හිතන ගමන්. යුන්ගි ලොකු සුසුමක් පිට කරනව ඇහුනත් එක්කම තමන්ගේ එහා පැත්තෙන් ඉදගත්ත යුන්ගි දිහා ඇස් කොනින් බැලුවා.
"කොල්ලො....ඔයා-"
"මගේ නම ටේහියුන්..."
"අහ්..හ්ම්ම්... ඔයා.. ඔයාගේ කොල්ලට වුන දේ කිව්වේ නැත්තං... මම කියනවා..." යුන්ගි එක සැරේ කියපු දේට ටේහියුන්ගේ ඔලුව එකසැරේ හැරුනා.
"ක-කොල්ලාට??" ටේහියුන්ට දැනුනේ තමන්ගේ කම්මුල් රත් වෙනවා වගේ. ටේහියුන්ට තේරූනා යුන්ගිගේ ඇස් දෙක තිබ්බේ වෙන දිහාවක කියලා. හිතුවා වගේම යුන්ගි බලන් හිටියේ ජන්කුක් එක්ක ඉන්න ජිමින් දිහා.
"ඔයා ඔයාගේ හැගීම් බොරු වලින් හැංගුවට ඔයාගේ ඇස්වල එයාට තියෙන හැගීම් හංගන්න බෑ ටේහියුන්... "
"යුන්ගි හියුන්..."
"ටේ!!!!" ජන්කුක් දුර ඉදන් අත වනලා කතා කලා, raven කොල්ලාගේ මූණේ ලොකු හිනාවක් ඇදුනා ටේහියුන් අනිත් පැත්තට අත වැනුවම.
"මම හරි වෙලාවක් ආවාම කියනවා හියුන්..." ටේහියුන් දුක්මුසු හිනාවකින් කිව්වේ දුර ඉදන් ජිමින්ගේ කොණ්ඩේ අවුල් කර කර හිනාවෙන ජන්කුක් දිහා බලාගෙන.
"හ්ම්... හැබැයි ඔයා කිව්වේ නැත්තං මම කියනවා... අනික ඔය බෝගම් කොල්ලා හොදකට නෙමී එන්නේ..." යුන්ගිගේ හඩේ නොසංසුන්භාවයක් තිබ්බ නිසා ටේහියුන් හිමීට එයා දිහා බැලුවා. ටේහියුන්ගේ මනසට අවේ බෝගම් එදා තමන්ගේ කනට කරලා කියපු දේ;
"මොකද බෙබී බෝයි...ජියොන් ගාව හැසිරෙනවා වගේ මාත් එක්ක ඒම හැසිරෙන්න ආස නැද්ද.."
බෝගම් පල් හිනාවක් පෙන්නලා ටේහියුන්ගේ කන ගාවට ලං වුනේ ටේහියුන් ඇස් තද කරන් වහගෙන ඉද්දි,
"ජියොන් ඔයාව use කරනවා විතරයි..." ටේහියුන්ගේ ඇස් එක සැරේ ඇරුනේ බෝගම් කොදුරපු දේට,
"I could fuck you better than him..බේබී බෝයී..." බෝගම් deep chuckle එකකුත් එක්ක කොදුරපු විදිහට ටේහියුන්ගේ ඇස් වල හිර කරන් හිටපු කදුලු එක දිගට වැටෙන්න ගත්තා, ඒ අසරණ කමටද, නැත්තං ඇත්ත මොකක්ද කියලා තේරූම් ගන්න බැරි කමටද කියලා තමන්වත් දැනන් හිටියේ නෑ.
"ටේ..."
ටේහියුන් ගැස්සිලා ඉස්සරහ බැලුවම ජන්කුක් හිටගෙන හිටියා;
"බෙල් එක ගැහුවා...යන්නේ නැද්ද??🙁"
ජන්කුක්ගේ මූණ දිහා තාම ව්‍යාකූල විදිහට බලන් හිටපු ටේහියුන් ජන්කුක්ගේ මූණේ පොඩි වදවෙන හැගීමකුත් පේන්න තිබ්බ නිසා, සිහින් හිනාවක් දීපූ ටේහියුන් එතනින් නැගිටලා යුන්ගිට ආචාර කලා,
"මම ඒනම් යන්නම් sunbaenim☺ "
ටේහියුන් ජන්කුක්වත් පහල bleachers ටික බැහැගෙන ගියේ කෝට් එකෙන් එලියට යන ගමන්.
"එයා කියලා නැද්ද??"
"Nope" යුන්ගි තමන්ගේ එහා පැත්තෙන් ඉදගත්ත කෙනා කවුද කියලා දන්න නිසා ටේකූක් ඩබල යන දිහා බලන් කිව්වා. යුන්ගිට සුසුමක් පිට කරන සද්දේ නිසා එහා පැත්ත බැලුවා, වෙන කවුරුත් නෙමී ජිමින් හිටියේ.
"හ්ම්ම්... ඔයා කාලාද ඉන්නේ" ජිමින් ඇහුවේ අතේ ඇගිලි වලින් සෙල්ලන් කර කර, යුන්ගි කට කොනින් හිනා වුනේ ජිමින් කියන්න හදන දේ තේරූන නිසා.
🌧
Changing room වල ඉදන් ටේහියුන් සහ ජන්කුක් දෙන්නම hallway එකේ ඇවිද ඇවිද හිටියේ ගෙදර යන්න, ඒත් එක්කම ජන්කුක් එක තැන නතර වෙලා ඔලුවට අත ගහගත්තා.
"ඔහ්...ෂූට්..."
"ඇයි??" ටේහියුන් ඇහුවා,
"මගේ gym clothes ටික ගන්න බැරි වුනා..."
"ඔහ්...."
"ටේ.. ඔයා මෙතනට වෙලාම ඉන්න.. මම ඒ ටික අරගෙන ටක් ගාලා එන්නම්...හරිද..." ජන්කුක් එහෙම කියලා දුවන්න ගත්තේ ටේහියුන්ට බෑග් එක අතට දෙන ගමන්,
"මාත් එන්-....ආෂ්...මේ කොල්ලා..." ජන්කුක් සොනික් වගේ දුවපු දිහා බලන් හිනාවුන ටේහියුන් ලොකර් එකකට හේත්තු වුනේ ජන්කුක් එනකන්; hallway එකේ කොනකනින් කොල්ලො ටිකකගේ හිනා වෙන සද්දෙ ඇහුනත් ටේහියුන් ඒකට වැඩි අවධානයක් දුන්නේ නැත්තේ ඒ කොල්ලො ෆුට්බෝල් ගැන කතා කරන දේවල් ඇහුන නිසා;
"ආ....මේ ඉන්නේ ෆ්ලවර්බෝයි..." ඒ හඬට ටේහියුන් ගැස්සිලා ඉස්සරහ බැලුනේ ඇගට හීන් දාඩිය දාද්දි, බෝගම් එක්ක තව කොල්ලො පස් දෙනෙක්, නෑ... එතන අට දෙනෙක් හිටියා, සමහර අය තාම sports ඇදුමින් හිටියේ, සමහර අය තාම ආරක්ෂක හිස්වැසුම දාගෙන හිටපු නිසා ටේහියුන්ට එයාලාව අදුන ගන්න බැරි වුනා. ලොකර් එකට හේත්තු වෙලා හිටපු ටේහියුන් එතනින් යන්න කලින්ම බෝගම් එයාව වටකරගත්තේ වටේ ඉන්න අයගෙන් හිනාවෙන සද්දේ ඇහෙන කොට.
"කොල්ලනේ....meet Kim Taehyung..." බෝගම් කට කොනකින් හිනාවෙන ගමන් ටේහියුන් දිහාත් ආයේ කොල්ලො ටික දිහාත් බැලුවා. "ටේහියුන්... මෙයාලාව දන්නවා ඇතිනේ... our school pride.." ටේහියුන් වෙව්ලන තොල් එක්ක ඔලුව වැනුවේ ඔව් කියන්න, ඇස් කොනින් වම් පැත්ත බල බල ටේහියුන් හිතුවේ දැන් ජන්කුක් ආවෝත් මේ ඔක්කොම එක්ක ගහගනියි කියලා,
"හ්ම්ම්...." බෝගම් ටේහියුන්ගේ බෙල්ලට කරලා දිග හුස්මක් ගත්තා, "අද රෑට හම්බෙමු බෙබී බෝයී..." බෝගම් පල් හිනාවකුත් එක්ක ටේහියුන්ගෙන් ඈත් වෙලා කොල්ලො එක්ක හිනා වෙන ගමන්.
" අපි යමු බෝයීස්...." බෝගම් සහ ඒ කොල්ලො ටික ගියාට පස්සේ ටේහියුන් තම අතේ තිබ්බ බෑග් එක අතින් අතෑරුනේ වෙව්ලන අත් ටික පපුවට තියන ගමන්, හයියෙන් හුස්ම ඉහල පහල ඇදපු ටේහියුන් පුලුවන් තරම් සන්සුන් වෙන්න බැලුවා.
'අද රෑට හම්බෙමු එකෙන් අදහස් කලේ මොකක්ද..'
ටේහියුන් හිතන ගමන් දුර ඉදන් දුවන අඩි සද්ද ඇහුන නිසා බිම වැටුන බෑග් එක ගත්තේ ඒ දුවන් එන්නේ ජන්කුක් කියලා දන්න නිසා, ටේහියුන් ගේ ලඟ නතර වෙලා දණිස් දෙකට අත තියලා නැමුන ජන්කුක් හති ඇර ඇර ටේහියුන් දිහා බැලුවේ පුංචියට හිනා වෙන ගමන්,
"මේ....ඔයාටත් ඔයාගේ ටී එක ගන්න අමතක වෙලා..." ජන්කුක් අතේ තිබ්බ ඇදුම් ටික පෙන්නන ගමන් කිව්වා.
"ඔහ්... මට නෝට් වුනේ නෑ.." මුකුත් නොවුන ගානට ටේහියුන් කිව්වා මොකද ජන්කුක්ට සැක හිතන්න දෙන්න බැරි නිසා.
"කෝ..." ජන්කුක් ටේහියුන්ගේ අතේ තිබ්බ බෑග් එක ගත්තා, " අපි යමුනේ දැන්..." ඇදුම් ටික බෑග් එකට දාගත්ත ජන්කුක් ටේහියුන් එක්ක school parking එකට ගියා. කාර් එකේ යනකන්ම ටේ සහ ජන්කුක් අතර කිසි දෙයක් කතා බහ වුනේ නෑ, ටේහියුන් ගේ ඔලුවේ ගොඩක් ප්‍රශ්න කැරකි කැරකි තිබ්බා.
'අද රෑට හම්බෙමු කිව්වේ...'
"ටේ..."
'එයා මගේ ගෙදර දන්නවා ඇතිද...?'
"ටේ??.."
'අනේ...ඒ කියන්නේ අද රෑ... මාව හොයාගෙන...'
"ටේ!!!" ටේහියුන් එකපාරට ගැස්සුනේ ජන්කුක් තමන්ගේ නම කෑගහනවා ඇහුන නිසා, ගැස්සිලා ටේහියුන් ජන්කුක් දිහා බැලුවා,
"ටේ...ඔයා හොදින්ද... මම කී සැරයක් කතා කරාද??" ජන්කුක් ඇහුවා.
"ආහ්..නෑ..මේ...මං.." ටේහියුන් වචන පටලවගෙන කතා කරන්න හැදුවට ජන්කුක් වාහානේ slow කරන නිසා ටේහියුන් දැක්කේ තමන්ගේ ගෙදර විතරයි. කෙල ගුලියක් ගිලපු ටේහියුන්ට කාර් එකෙන් බහින්න උවමනාවක් තිබ්බේ නෑ..
"ඔන්... අපි ආවා... ඔයා හෙට එනවා නේද.." ජන්කුක් දොර unlock කරන ගමන් ටේහියුන්ගෙන් ඇහුවා. ටේහියුන් තාමත් අතේ ඇගිලි දිහා බලාගෙන ඇස්වල කදුලු පාලනේ කරන් හිටියේ. එයාගේ ඔලුවේ කැරකුනේ එක දෙයයි, ඒ අද එයාට ගෙදර යන්න බැහැ කියලා.
"ටේ..?" ජන්කුක් ටේහියුන්ගේ කකුලක් උඩින් අත තිබ්බම ටේහියුන් කදුලු පිරිච්ච ඇස්වලින් ජන්කුක් දිහා බැලුවා. "ටේ.. මැණික ඇයි මේ..." ජන්කුක් කලබල වුනා මොකද ටේහියුන් මෙහෙම අඩනවා දැකලා තිබ්බ නැති නිසා, බයක් වගේම දුකකුත් ජන්කුක්ට දැනුනා ටේහියුන්ගේ කදුලු දැකලා. ඒත් ටේහියුන් එකපාරට අඩන්න ගත්ත නිසා ජන්කුක්ගේ බය තවත් වැඩි වුනා, සීට් බෙල්ට් එක ගලවලා ටේහියුන්ගේ ලගට ලං වුන ජන්කුක් ටේහියුන්ගේ සීට් බෙල්ට් එක ගැලෙව්වා,
"හේ..හේ...අඩන්න එපා...කෝ.. මං ලගට එන්න..." ජන්කුක් සන්සුන් හඬකින් ටේහියුන්ගේ ඉණ අල්ලලා ටේහියුන්ව තමන්ගේ උකුලට ගන්න උදව් කලේ ටේහියුන් අඩන ගමන්ම ජන්කුක්ගේ බෙල්ල බදාගන්න ගමන්. Brunetteගේ පිට හිමීට අතගාන ගමන් ජන්කුක් sweet, comforting words කිව්වේ ටේහියුන්ගේ ඇඩිල්ල ටිකක් නතර කරන්න. කාර් එක ඇතුලේ නිසාත්, tinted glasses නිසා ටේහියුන්ට අවට ලෝකේ ගැන වද වෙන්න ඕනේ වුනේ නෑ වගේම එයාට දැන් ඕනා වුනේ ජන්කුක්ව විතරමයි.
"ටේටේ...කෝ... දැන් මං දිහා.. බලන්න..." ජන්කුක් ටේහියුන්ව කෙලින් කරන ගමන් කිව්වා.
"අලේ... මගේ ස්ටෝබෙරි ගෙඩිය..සෝසම සෝස පාටයී.." ජන්කුක් ටේහියුන්ගේ ඇස් කොන්වල තියෙන කදුලු ටික පීදලා ටේහියුන්ගේ නහය උඩින් හාදූවක් තිබ්බේ ටේහියුන්ගේ මූණට පුංචි හිනාවක් ගේන්න. ටේහියුන් හිමීට හිනාවෙන ජන්කුක් දිහා ඔරවලා බැලුවේ විහිලු කරන නිසා.
"කෝ.. ඇයි දැන් මේ ස්ටෝබෙරි ගෙඩිය ඇඩුවේ.." ටේහියුන්ගේ නළලට තමන්ගේ නළල තියන් ජන්කුක් ටේගේ ඇස් වලට බර වෙලා ඇහුවා.
"ම්-මට ගෙදර යන්න බෑ..." ටේහියුන් ජන්කුක්ගේ ඇස් දෙක මගහැරලා කිව්වා.
"ඇයි ගෙදර යන්න බැරි...හ්ම්ම්..." ජන්කුක් ටේහියුන්ගේ ඉණ අල්ලගෙන සිනිදුවට පිරිමැද්දේ brunetteට හැමදේම හොදින්, මම ඉන්නවා කියන හැඟීමක් දෙන ගමන්.
"මට තනියම ඉන්න බයයි... මේ ගෙදර මං ඇරෙන්න කවුරුත් නෑ... අම්මලා දැන් එනවත් අඩුයි...එතකොට...එතකොට...ම්-" ටේහියුන්ගේ ඇහ්වලට අලුත් කදුලු උනන්න ගත්තේ ටේහියුන් ඇත්තටම කොච්චර තනිවෙලාද කියන හැගීම ඔලුවට මතක් වුන නිසා.
"ෂ්ෂ්ෂ්.... ඔයා තනිවෙලා නෑ..මැණික... මං ඉන්නවානේ... තේරූනාද...හ්ම්.." ජන්කුක් ලාවට ටේහියුන්ගේ නළලට තම නළලින් තට්ටු කලා, "අපේ ගෙදර යමුද ඒනම්...හ්ම්..." ජන්කුක් ඇහුවම මෙච්චර වෙලා ඇස් මගහැර හිටපු ටේහියුන් ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා. ජන්කුක්ගේ ඇස්වල තියෙන හැගීම් තාම අදුනගන්න බැරි වුනාට ටේහියුන්ට හැමදාම ජන්කුක් ගාව ආරක්ෂාවක් තියෙනවා කියලා විතරයි දැනුනේ. තාම නමක් නැති මේ සම්බන්ධතාවයට නමක් දෙන්න උවමනාවක් තිබ්බාට, ගොඩක් දේවල් නිසා ටේහියුන්ට හිත හදාගන්න බැරි වුනා, ඒත්...ටේහියුන් එක දෙයක් දැනගෙන හිටියා, ඒ ජන්කුක් කවදාවත් ටේහියුන්ව තනි කරන්නේ නෑ කියලා.
"හ්ම්ම්..." ටේහියුන් උත්තරයක් දුන්නේ ජන්කුක් සියුම් විදිහට ටේහියුන්ගේ තොල් සිප ගන්න ගමන්.
"හොද ස්ටෝබෙරි ගෙඩිය... ආයේ අඩන්න බෑ හොදේ..."
ㅡ To Be Continued...
/)/)
( . .)
( づ⭐ one star to keep this story going