කටුමෑන්ටික් without සොමෑන්ටික...

By piGGy_vishu

486 82 228

මිතුරියගෙ දැඩි ඉල්ලීම මත සහ ඩීල් එකක් උදෙසා ඇයට උපහාරයක් පිණිසම ලියන ලද්දකි 😌😂 More

විනූට උපහාරයක්ම වේවා 😂

486 82 228
By piGGy_vishu


vinu : ඕයි මිනිහෝ කන් ඇහෙන්නෙ නැද්ද

jk : ඇයි ඇයි මැණික කෑගහන්නෙ මොනාද ඕන 🙂

ඔන්න ඉතින් වෙනදා වගේම අලුත බැදපු කපල් එකේ කන්දොස්කිරියාව පටන් ගත්තා.  අලුත බැදපු කිව්වට අලුතමත් නෙවේ ඉතිම් වැඩේ කියන්නෙ කසාද බැන්දෙ ලගදි බට් කසාදෙට කලින් ලමයි නවයක්ම හදලා හිටියෙ 😌 දැන් දහ වෙනි එකෙක් එන්න ඔන්න මෙන්න .

සුපුරුදු පරිදි කාමරේ ඉදන් වලදක් විසික් වෙලා ආවෙ ( කලින් දවසෙ රෑ jk විනූට කෑම දාගෙන ආව වලද හරියැ 😂 ) හා දතාගෙ දත් දෙකෙන් එක පොල් දතක් භූමිය සිපගනිද්දියි 😌


jk : ඇයි මැණික දැන් මොනාද ඕන 🙂

vino : බර්ගර් එකයි , පීසා එකයි , ජූස් එකයි , පොටෑටෝ චිප්ස් පැකට් පහයි , චොකලට් පෙට්ටි තුනටි 𝙨𝙚𝙚 𝙢𝙤𝙧𝙚...

jk : හරි මැණික මේ දැන්ම ගේනවා 🙂

කොලුවගෙ ඇග අයෝමය පුරුශයෙක් වගේ වුනාට ගෑණි ඉස්සර නම් හාවෙක්ම තමා 😂 බදින්න කලින් නම් මැණික පැටියො බබා ගාගෙන හිටියා බැන්දට පස්සෙ ආමන්ත්‍රණය වුනේ වලං පිගන් හැදි etc. ආදී ගෘහ භාණ්ඩ වලින් තමා 😌 එහෙන් පොඩි උන් අඩනවා තව ලමයි කොට්ටාසයක් සාලෙ මැද කැත කරනවා 😂 එසේ මෙසේ රාජකාරි නෙවේනෙ කරන්න තියෙන්නෙ  😌 අපි කිව්වෑ නේ ඔච්චර ලමයි හදන්න කියලා විනූ කියන එකීගෙ තියෙන වල්කමට අර අහිංසක හා දතා මොනා කරම්නද ඉතින් 🙂 බෑ කිව්වොත් මිනී මරනවනෙ 🙂

jk : ආ මැණික මෙන්න ගෙනාවා ඕන තරම් කන්න 🙂 මන් ලමයි ටිකව බලලා එන්නම්

ආ පයින්ම කෑම ටික දීලා සාලෙට දුවපු කුක්කා බලු පැටව් වගේ එහා මෙහා ගිහින් හිටපු ලමයි ටිකව ඔක්කොම වඩාගෙන ඇරන් ගිහින් නාවලා කරලා කවලා පොවලා දොයි කෙරෙව්වා 😌 කොල්ලා ඒවට දස්සයා 😌 ඊට පස්සෙ ඉතින් සාලෙත් අස් කරලා දෙයියන්ගෙ පිහිටයි කියලා සෝෆා එකෙන් ඇලවුනා විතරයි...

Vinu : ජන්කුකා .. ඕයි මනුස්සයෝ

විදුලි වේගෙන් කාමරේට දුවපු කුක්කා දැක්කෙ බඩත් අල්ලන් රුදාව වැඩි වෙලා ඉන්න විනූව . කෙල්ලවත් හරහට වඩාගෙන හොස්පිටල් එකට ගියා නෙවේ දිව්වා 🙂 මේ ගෙවල් ලග තිබ්බෙ හරියැ 🙂

At dilivery room..

කුක්කාගේ බලවත් පෙරැත්තය මත ඔහුද ප්‍රිය පතිනිය සමග dilivery room එකට පිය නැගුවා 😌 

........ෆිව් මූමන්ට්ස් ලේටර් 😌.....

bby : හුවෑ   හුවෑ  😭

doca : හනා සීදේවි කොලු පැටියා .. උම්මා කොටේ  . කෝ කෝ  බලන්න අනා සුට්ටං බට්ටිත්තා 😙

jk : ඕයි ඩොකා උබේද ලමයා මගේද ලමයා මෙන්න මෙහෙ දීපන් 🙂
හනා කුක්කු පැටියා උම්මා ...😙 තෝයි බබා කෝ කෝ උම්මා උම්මා ..

doca : හනේ මයෙ කපාපු පලුවමයි 😙

jk : මගෙන් මැරුම් කන්නැතුව පල යන්න 😑 ඩොකා කොකා වෙන්න දෙන්නෙ දැනගනිම්  . එන්න බබා අපි යමු ජ්‍යෝතිශ්‍යවේදියා හම්බෙන්න

....at ජ්‍යෝතිශ්‍යවේදියාස් ඔෆිස් 😌..

jothi : හ්ම් හ්ම් හාරි හාරි හාරි . ජයම් ශිවම් සුභ මංගලම් . උපතේස දේසු වාසාච . කුක්කං බලං විනොං බලං ජයස්සු ජය්‍ය්හං ඒස්වාං පුහ්...

jk : ඇයි ජෝති අන්කල් සුභ මංගලම් කිව්වෙ

jothi : මේ ලමයා එසේ මෙසේ ලමයෙක් නෙවේ ඕං . මේ දරුවා ඉපදිලා තියෙන්නෙ හාවාගෙ රාශිය කොටි රාශිය දක්වා ආගමනය කරපු ඉස්ටෝබෙරි කිරි පාට රතු හදක් පායලා තිබ්බ දවසක ඕං 😌

vinu : එහෙනම් ජෝති අන්කල්ම කියන්නකො බලන්න අපි මොකක්ද මෙයාට දාන නම කියලා ..

එවෙලම වගේ ජෝති අංකල්ගෙ මහයියා ආවා ඔපිස් රූම් එකට . ආවෙ නිකන් නෙවේ අතේ තේ බන්දේසියකුත් තියාගෙන ..

පොඩි එකාස් මයින්ඩ් : හම්මේ මොකක්ද ඒ එන සුවද . එසේ මෙසේ සුවදක් නම් නෙවේ අර ඇන්ටිගේ අතේ තියෙන ඒවගෙන් නේ ඒ සුවද එන්නෙ හමේ කුසුබේ බැරුවා..

jothi wife : හනේ සීදේවි කොලු පැටියෙක් . දෙමාපියෝ වගේම සිරියාවන්ත පාටයි . මෙන්න අපේ මහත්තයගෙ තේ එක ☕

පොඩි එකාස් මයින්ඩ් : ඒවගෙ නම තේ ලු ඔන්න . නරකමත් නෑ  . නමයි සුවදයි වගේම රහත් ඇති . පොඩ්ඩක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නෑ . පොඩි ඇක්ටින් පාරක් දාන්න ඕන.

හුවෑ හුවෑ ... 😭😭😭

vino : ඇයි මගෙ පැටියට බඩගිනි වෙලාද . හනා කුක්කු පැටියා තෝයි නේ අඩන්න එපා

podi eka : තේ ... තේ හුවෑ හුවෑ 😭

jothi : උත්කෘශ්ටයි අතිවිශිශ්ටයි මට අදහගන්න බෑ හිතාගන්න බෑ හිතන්නවත් හිත නෑ දැන් 🙂

jk : මොනාද ජෝති අංකල්ට හිතාගම්න බැරි මේ ලමයව හදපු විදිහද 🙂

vino : අනිත් දතත් ගලවනවා දැනගනිම් හාවා කටවහප් 😑

jothi : තේ ... තේ.... තෙයි තෙයි... තතා. යා යා ... තෙයියා ...

podi ekas mind : තොපිට හොදක් වෙන්නෑ යකෝ මෙච්ව්හර හැන්ඩ්සම් මට තෙයියා කියලා නම දාපු එකට 🙂

jk , vino : තෙයියා

jothi : අද ඉදන් මේ දරුවගෙ නම තමා
" තෙයියා " 😌


( ජෝති අන්කල් 😂 ජින් පිං )

jk : හනා ජෝති අංකල්ගෙ මොලේට ඇස්වහක් වදින්න එපා උම්මා .

කුකියා ජෝති අංකල්ගෙ තට්ටෙට උම්මා එහෙකුත් දීලා තෙයියා බබාවත් ඇරන් ගෙට ගොඩවුනේ ආයෙ ජීවිතේට ලමයි හදන්නෑ කියන අදහසද තරයේ හිතා ගෙනයි 😌

vino : හනේ කුක්කො බලන්නකෝ අපේ තෙයියා බබාගෙ ලස්සන  උම්මා කොටේ සුට්ටියා

jk : කුචු කුචු කුචු සූට්ටියා 😙😙

















at මෝනින් 😌...

තෙයියා බබා ආව සතුට සමරන්නත් එක්ක අද කෑකෝ ගෙදර සුට්ටං පාටියක් තියෙනෝ .. මනමාලිගේ පාර්ශවය ආ නෑ සොරි සොරි තෙයියා බබාගෙ ඔම්මගෙ පාර්ශවයේ ගුනවත් නැනවත් කරුනාවන්ත නැන්දලා තුන් දෙනයි අප්පගෙ පාර්ශවයෙන් විසේකාර නොසන්ඩාලා සීයලා වගේ මාමලා තුන් දෙනයි ගෙන් සමන්විත වූ මේ සුට්ටං පාටියට තව මේ ඕතරීගේ යාලු මිත්‍රාදීන්ද එකතු වෙන බව දුකෙන් වුවද සතුටෙන් දැනුම් දෙන්න කැමතී 😌

අපි දැන් බලමු නේ නැන්දලා ටික ගැන 😌....

මේ ඉන්නෙ විනූගෙ බෙස්ටි යෙන්ජිනා සූගි 😌 යුන්ගි සුගත් ගෙ වයිෆූ

_______________________________

මේ ඉන්නෙ ජිමිස්සි ලමිස්සි 😌 ජිමින්ගෙ වයිෆූ කාටවත් කියන්නැත්තන් රහසක් කියන්නම් 🙂 මෙයා තමා විනූගෙ හොර ලව් එක හැබැයි ඉස්සර හොදේ 🌚 කෙල්ලෙක් තමා ගණන් ගන්න එපා කුක්කට ඒම කියන්න එපා හොදේ 🌚


_____________________________

මේ තමා හොබීසා හෝපි කෝපි 😌 හොබී ගෙ වයිෆූ 😌


ඇස්වහක් කටවහක් නෑ හරි සීදේවි ගෑණු දරුවො ටික 😌

දැන් බලමු තෙයියගෙ මාමන්ඩිලා සෙට් එක 😌

සුගත් නොහොත් කරෝල පූසා 😌  ගැටයා කාලෙ ගමේ ගෙවල් වල කරෝල හොරකමේ ගිය හින්දා තමා ඔය නම වැටුනේ 😌


_______________________________

ජිමිනා හෙවත් පාත්ත පැණියා 😌 පාත්තයෙක් වගේ ගමේ වැවේ පීන පීන ගෑනු නාන දිහා පැනි පෙර පෙර  බලන් හිටපු නිසා තමා ඔය නම වැටුනෙ 😌

____________________________

හොබී හෙවත් නයි කෝපි හෝපා 😌 කෝපි යායට වෙලා තමන්ගෙ විනෝදාංශෙ යෙදිලා හිටපු වෙලාවක නයෙක්ට බයේ මාසයයි දවසයි පැයයි තප්පරයකුයි කෝපි ගහකට වෙලා හිටපු හින්දා තමා මේ නම වැටුනේ 😌


මේ වගේ නොසන්ඩාල මාමණ්ඩිලා ටිකක ආස්සරයත් එක්ක කලින් ලමයි නවදෙනා කෝම හැදෙන්න ඇතිද කියලා හිතාගම්නම්කෝ 🙂

...
....
.
.
.
.
.

එනිවේ බැක් ටු පාටි 😌

vinu : ජන්කුකෝ ගිහින් බලන්න කට්ටිය ඇවිත් වගේ

jk : හරි මැණික මන් තෙයියවත් ඇරන් යන්නම්

Jk බලන් හිටියෙ කොයි වෙලාවෙ මේ ගෑනිගෙ ෆැශන් ශෝ එක ඉවර වෙලා යන්න පුලුවන් වෙයිද කියලා 😂 අවස්තාව ලැබුන ගමන් ගියා නෙවේ පියෑඹුවා ...

නැන්දනියන්ලා : හානේ ජන්කුක් අයියා 😘

jk : හානේ මයෙ නංගිලා ටික කෝමැයි ඉතිම් 😘

hobi : මොකෝ අයියේ ඔයාගෙ පොල් කුරුම්බා දතට වුනේ

sugi : හන්තික්කේ අපි පුංචි සන්දියේ කුරුම්බා හිල් කරපු දත නේද ඒ

jimissi : මොකෑ අයියගෙ හා දත් දෙකට වුනේ හාවෙක්ටම පූජා කොරාද

jk : ආ ඒක මේ විනූ ගෙ දොලදුක සංසිදවන්න මන් භූමි දෙයියන්න පූජා කරානෙ 🙂 එකක් තෙයියා ඉපදිච්ච සතුටට ඩොකාට පූජා කරා 🙂

අන්න ඒ කතාව කියන්න බැරි වුනානේ එදා ඩිලිවරි එක දවසෙ විනූ ගහපු පාරකට කුක්කගෙ දත ගැලවිලා ඩොකාගෙ බඩටම ගියා 😂 දැන් ඉස්සරහ දත් දෙකම නෑ 😌

ඉස්සරහ දත් දෙකම නැතුව සිරික්කිය පාන ජන්කුක් අයියා දිහා බලන ඕනම කෙනෙක් වසග වෙනවා.. 😌 මේ මාත් වසග වුනා ඕං 😌 එක බැල්මෙන් නුබ මා වසග කලා 😌

jimissi : හානේ අයියා ඒ වුනත් හැන්ඩ්සම්

නැන්දනියන්ලා : උම්මා 😘

එයාලා ඒම තමා මෙයාලා ගණන් ගන්න එපා ජන්කුක්ගේ ex gf ලා තමා ඔය ඔක්කොම 🙂 දවසයි හැබැයි ඔක්කොම තිබ්බෙ 🙂

jimissi : හානේ කෝ අපේ තෙයියා බබා
හනා කූචි කූචි සොෆ්ට්

sugi : හනා කෝ එන්නකෝ කුක්කු බෝලේ නැන්දිගෙ අතට

තෙයියාස් මයින්ඩ් : හම්මේ මාව බේරගනියෝ මෙන්න ඇතින්නියක් එනවා 😭

හුවෑ හුවෑ හුවෑ 😭😭

Hobi : අපෝ මේකා හොට්ටෙක්නෙ

jimin : අපි මුට හොට්ටා කියමුද

sugath : ඔව් ඔව් මේකට තෙයියට වඩා හොට්ටා තමා හොද 😂

tae bby : මන් ලොකු වුනාම තොතේ තත් ඔත්තොම ගලෝනවා 😭 හුවෑ හුවෑ 

suga : මෙන්න මේකා කතා කරනවා

hobi : මේකා මාර යකෙක්නෙ

jk : තාම අප්පා කියලවත් කියපු නැති එකා මෙන්න තොපේ දත් ගලවනවා කියනවා 😭

vinu : නොසණ්ඩාලයා මේ පොඩි එකාට මොනාද ඉගැන්නුවේ 😑

දුම්මල වරම අතට අරගෙන පඩිපෙල බැහැගෙන ආපු විනූ තෙයියා බබාව ඇරගෙන ජන්කුකාගෙ බෙල්ලෙන්ම අල්ලගෙන දෙපාරක් තුන්පාරක් මොලේ පස්සට බහින්නම හෙලෙව්වා 😂🙂

ඩොක් ඩොක් ඩොක් .....

vinu : හෝබි අයියේ සුට්ටක් ගිහින් බලනවද කවුද ආවෙ කියලා

hobi : ඕකත් වැඩක්ද සුදු නංගෝ 😘

පියාපත් සලා එන්නෙමී ඔබ සොයා කියාගෙන දොර දිහාට පියාබපු හෝබා අයියගෙ කකුලෙ සුලැගිල්ල දොර මුල්ලෙ වැදිලා තටු දෙකත් ගැලවිලා බිමට වැටුනා 🙂

hobi : ආ කවුද මේ 🙂

jina : හන්තික්කෙ මයෙ මලයා

hobi : අනා චූන් පාන් අයියේ දැක්ක කල් එන්න එන්න ගේ ඇතුලට ආවඩා ආයිබෝ වේවා ඕං

ඒ ආවේ සෙට් එකේ අයියා වගේ ඉන්න එකා 😌 අයියා නෙවේ හැබැයි කට්ටිය කියන්නෙ අයියා කියලා මොකද උට මොලේ තියෙනවා 😌 මෙයාට කියන්නේ ජූන් චූන් කියල 😌

all : හානේ මෙන්න චූන් අයියා ඇවිල්ලා

joon : කෝමැයි ඉතින් කට්ටියටම කෝ කො බලන්න අපේ අලුත් සූටි කුක්කා 😙

jk : තරහා වෙන්න එපා අයියේ මන් මේක කියනවට 🙂 ඔයා තෙයියව අල්ලන්න එපා ගිය පාර මගේ පලවෙනි ලමයව අල්ලන්න ගිහින් ඌව වැට්ටුවා වගේ මූවත් වට්ටන්න දෙන්න බෑ 🙂

joon : ආ ඒමත් එකක්නේ 🙂

jimissi : කෝ කෝ එන්න කට්ටියම කේක් කපන්න

කට්ටිය අන්තිමේදි පුල පුලා බලන් හිටපු මොහොත උදා වුනා 🙂 ඒ තමා ලන්ච් එක 🌚 කනවා නෙවේ ගිලිනවා සුගත් අයියට කරෝල ඕනෙ කිව්ව හින්දා තිරිකුනාමලේට ගිහින් ජන්ක්කුකා හොදම බොම්බෙලි කරෝල ටිකක් ගෙනාවා . 😋 කෑම කාලා ඉවර වෙලා කට්ටිය ජන්කුකාටයි විනූටයි තෑගි දුන්නා 😌

theiya mind :හෑ යකෝ මුන් මට බේබි සබනුයි පවුඩරුයි විතරක් ගෙනත් ඔම්මටයි අප්පටයි එක එක ජාතියේ තෑගි දෙනවා 🙂 හෙන ගහනවා තොපිට මේ කරන අපරාද වලට 🙂

නැන්දලා & මාමලා : එහෙනම් වෙනදා වගේම අදත් ඔයාලා දෙන්නට පොදුවේ දෙන ගිෆ්ට් එක තමා මේ

jk : එපා 😱😱😱

සුගී අක්කා විනූට ඒ තෑග්ග බහාලු කවරෙ දෙද්දි කුක්කා කෑගහගෙන අතත් දික් කරගෙන ඒ මැද්දට පනින්න හැදුවට වැඩක් වුන්නෑ ඊට කලින් තෙයියා කුක්කගෙ ඇගේ මල පහ කරා 🙂

vinu : හනා ස්තූති වේවා මෙයාලා 😙

jk : නෑ නෑ ඒක වෙන්ඩ දෙන්න බෑ 😱

vinu : අනේ මයෙ කුක්කෝ මේන් බලන්ඩකෝ ජේජු වලට ටිකක් දෙකක් 😙

( හිකිස් 😂 )

jk : අවසාන මොහෝත මාගෙ
       පෝරකය දෑස මානේ
       පෙනේවී රූපේ මාගෙ
       මැවීලා මලකදක් සේ 🙂

නැන්දලා & මාමලා : කන්කජලේසන් 😌


































___________________________

මගේ පරම මිත්‍ර විනෝද්‍යා නම් දැරිවියග්වෙ බලවත් පෙරැත්තය මත ලියන ලද්දකි 😂 ඉල්ලගෙන කෑවනෙ බබා ඔයා 😂 රුපියල් එකසිය පනහකට මන් වින්ද දුකක් 😂

සරපරයිස් විනූ 😌

Vinkook කටුමෑන්ටික් without සොමෑන්ටික් ඔන්න ඔය විදිහට ඉවර වෙනවලු ඕං 😌

හිනා ගියේ නැති වුනාට කමක් නෑ වෝට් කරන්ඩලා 😌

Continue Reading

You'll Also Like

34.6K 173 4
Dee Dee 🐑 အပြာစာပေ
118K 16.2K 51
හැගීම් හංගගෙන ජීවත් වෙන දඩබ්බර හිතුවක්කාර නපුරු කොල්ලෙක්....... අතීතයේ සිදු වූ දේ නිසා හිතින් විදවන දගකාර කටකාර අහිංසක කෙල්ලෙක්..... Start : 12/08/2...
4K 757 7
හැමදාම Professor Min දිහා බලාගෙන මනෝපාරක් ගහගෙන ඉන්න ජිමින් එයාගේ හිතේ තියෙන ආදරේ වචන වලට පෙරලා professor Min ට කිව්වොත් ඒ ආදරේ පිලිගනියි ද...? 𝐓𝐨�...
7.8K 822 19
Kartik Is a devil ..😈 Naira is his love