General's Partner (Yizhan Co...

By __arouza__

35.3K 6.9K 1.9K

ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14 More

හැඳින්වීම...💚❤️
පළමු කොටස....❤️💚
දෙවන කොටස....❤️💚
තෙවන කොටස....❤️💚
සිව් වන කොටස....❤️💚
පස් වන කොටස....❤️💚
හය වන කොටස....❤️💚
හත් වන කොටස....❤️💚
අට වන කොටස....❤️💚
නව වන කොටස....❤️💚
දස වන කොටස....❤️💚
එකලොස් වන කොටස....❤️💚
දොලොස් වන කොටස....❤️💚
දහතුන් වන කොටස....❤️💚
දාහතර වන කොටස....❤️💚
පහළොස් වන කොටස....❤️💚
දහසය වන කොටස....❤️💚
දාහත් වන කොටස....❤️💚
දහ අටවන කොටස....❤️💚
දහ නමවන කොටස....❤️💚
විසිවන කොටස....❤️💚
විසි දෙවන කොටස....❤️💚
විසි තුන්වන කොටස....❤️💚
විසි හතරවන කොටස....❤️💚
විසි පස්වන කොටස....❤️💚
විසි හයවන කොටස....❤️💚
විසි හත්වන කොටස....❤️💚
විසි අටවන කොටස....❤️💚
විසි නවවන කොටස....❤️💚
🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰
තිස්වන කොටස....❤️💚
තිස් එක්වන කොටස....❤️💚
තිස් දෙවන කොටස....❤️💚
තිස් තුන්වන කොටස....❤️💚
තිස් හතරවන කොටස....❤️💚

විසි එක්වන කොටස....❤️💚

657 161 35
By __arouza__

"යීබො....යීබො....නැගිටින්න....මං දිහා බලන්න...."

ශාන් යීබොගෙ කම්මුල් වලට තට්ටු කරමින් කෑ ගසයි.....නමුත් යීබො හට නැවත සිහිය පැමිණුනේ නම් නැහැ.......

"මා....මා ඔහුට ඉක්මනින් බෙහෙත් කල යුතුයි....."

ශාන් කලබලයෙන් තුවාලයෙහි විස නැසීමට එයට බෙහෙත් යොදා ඔහුගේ ඇඳුමෙන් රෙදි පටි ඉරා තුවාලය වෙලුවා........

ටික වේලාවකින්......

"මොහුගේ ශරීරයෙන් එන්න එන්න සීතල වනවා....මා දැන් කුමක් ද සිදු කරන්නේ....මොහුව උණුසුම් කල යුතුයි......"

ශාන් යීබොව තදින් වැළඳගෙන සිටියේ යීබොට සීතල නොදැනෙන්නටය....

ශාන් එසේ සිටියදී නොදැනුවත්වම නින්දට යෙදුනා...

උදෑසන.....

වනාන්තරයේ සතුන්ගේ ඝෝෂාව මොවුන්ගේ නින්දට බාධා කළ නිසා යීබො මුලින්ම අවදි වුනා....නමුත් තවමත් ඔහු සිටින්නේ දෑස් වසාගෙනයි....

"කුමක් ද මේ ශබ්දය....වෙනදා මෙතරම් ශබ්දයක් මාගේ කුටිය වෙත ඇසුනේ නැහැනේ...."😴😴

යීබො හට ඔහු සිටිනා ස්ථානය අමතක වීලා....යීබො සෙමෙන් ඇස් ඇර බලන විට ශාන් අවදි වුනා.....

"ඔබට දැන් කෙසේද....සුවයක් දැනෙනවා ද...."🙄🙄

ශාන් එසේ ඇසුවේ කුතුහලයෙනි....

"ඔබේ ඔය විශාල හිස මාගේ පපුව උඩ තබා ගෙන සිට දැන් අසන්නේ මංද මා සුවෙන්ද කියා...මා හට හරිහමන් නින්දකුත් නැති වූවා.....නමුත් මා හට කුමක් ද සිදු වූයේ සුවයක් දැනෙන්න....ඔබ මාගේ උඩු වස්ත්‍ර ඉවත් කර මා හට යම් නරක දෙයක්වත් සිදු කරාද..."😨😨

යීබො දෑස් විශාල කර ශාන් දෙස බලා අසයි.....

"ඔබට විස හීයක් වැඳුනා...ඔබට අමතකද...මා ඔබට කුමක් කරන්නද..."

ශාන් එසේ අසන්නේ යීබොගෙ තුවාලය දෙසට අත දික් කරමිනි...

යීබො එවිට තම තුවාලය දෙස බැලුම් හෙලා.....

"ආ....ආ....ඒක රිදෙනවා...ඔබ නේද එය සිදු කලේ...මා මියැදේවිද....මා හට නොහැකී අඩු වයසින් මිය යාමට....මා තවම විවාහ වෙලත් නැහැ...කා හටවත් ප්‍රේම කරලත් නැහැ...."

යීබො කෑ ගසයි....ශාන්ට එය ඇසුනු විගස....

"කට වහනවා....ඔබ දන්නවාද මා කවුරුන් ද කියා...."

ශාන් එසේ ඇසුවේ කෝපයෙනි...

"මා නම් ඔබව අදමයි දුටුවේ සහෝදරයා...."

යීබො එසේ පවසා ශාන්ගේ උරහිසට තඩිබෑවා....

"කුමක් ද....සහෝදරයා...."😒😒

ශාන් දත් මිටි සපමින් බැලුම් හෙලුවේ බෝ දෙසටයි.....

"ආහ්...ඔබ එයට අකමැති නම්....අයියණ්ඩී කියා පවසන්නම්...😁😁"

යීබො සිනා සී එසේ පැවසුවා....

"අවශ්‍ය නැහැ....මා ශාන්...මට එලෙස ඇමතුවොත් ප්‍රමාණවත්...."

ශාන් එසේ පවසා රවා ඉවත බලා ගත්තා....

"ඔබ ඇයි ඔය ලෙස මා හට රවන්නේ...."😂😂

යීබො එසේ ඇසුවේ ශාන්ගේ මුහුණ ඉදිරිපිටටම ගොස්‍ ය...

"යනවා අහකට...ඔබ තවත් කියෙව්වොත් මා ඔබව මරා දමනවා...."😣😣

යීබො දෑස් විශාල කර ශාන් දෙස බැලුවේ මදක් බිය වෙමිනි....

"එන්න අප නිවහනට පිටව යමු..."

ශාන් එසේ පවසා එතනින් එළියට ගියා....

"නවතින්න...."

යීබො කෑ ගසාගෙන ශාන් ළඟට පැමිණියා...

"ඒ පාර කුමක් ද...."

ශාන් නැවතී අසයි....

"ඔබ කෙලෙසද මාගේ නිවහන පිළිබඳව දැනුවත්....ඔබ මාගෙන් කප්පන් ගැනීමටවත් ද පැමිණෙන්නේ....මා හට තනිවම නිවහනට යා හැකී...."

යීබො එසේ පැවසුවේ තමාගේ දෑත් එකිනෙක බැඳ ගනිමිනි..

"ඔබ කුමක් ද පවසන්නේ දැන්....ඔබට සත්‍යය ලෙසම මාව මතක නැතිද....මම ශාන්...හා පැටියා...."☺️☺️

ශාන් එසේ පවසා සිනා වී බෝ දෙස බැලුවේ ඔහුගෙන් සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තුවෙනි....

"නැහැ....මා හට ඔබ වගේ අයෙකු මතකයේ නැහැ...."🤔🤔

ශාන් හට දැන් මෙය ඉවසිය නොහැකී....ශාන් තම කඳුලු පාලනය කර යීබො හට වෙරෙන් පහරක් එල්ල කර වනාන්තරය දෙසට දිව ගියා....ඔහු පිටව ගියේ ඔවුන් කුඩා කල සෙල්ලම් කල විල වෙතයි....

"ඔහුට මා අමතක වීලා...මේ සියල්ල හීයේ තිබූ විස නිසයි...මා දැන් කුමක් ද සිදු කරන්නේ....ඔහුට මා සදහටම අමතක වුවහොත්...මා ජීවත් වීමේ ඵලක් නැහැ....ඔහු නම් මහා පිසාචයෙක්....මෝඩයා...මූසලයා....යක්ෂයා....හදවතක් නැති සිංහයා....මා හට ඔහුව නැවත හමුවුවහොත් මරා දමනවා...මාගේ කෝපය සංසිදුවා ගැනීමට....."😣😣😣

ශාන් හඬමින් කෝපයෙන් යීබො හට බැන වැදෙමින් විල කොනට වී සිටිනවා....

යීබො ශාන්ව සොයන අතරතුර....

"මාගේ රඟපෑම ඕනවට වඩා වැඩි වූ හැඩයි....මා හට දැනෙනවා ඔහු අද මා මරා දැමීමට නියමිත බව...අනේ...මට සමාවෙන්න ශාන්....මා එසේ කලේ ඔබ එවිට කුමක් සිදු කරයිද කියා බැලීමටයි.....ඔහු මේ වන විට මා හට දොස් නඟමින් ඇති හැඩයි...මාගේ නාසයත් දනවා..."😂😂

යීබො එසේ මුමුණමින් කල දෙය පිිළිබඳව පසුතැවෙමින් ශාන්ව සොයයි....

"ඔහු ඇත්තේ විල අසල විය හැකී..."

යීබො වේගයෙන් දිව ගියේ විල වෙතයි.....ශාන් එහි සිටිනු දැක...

"ඔබ මෙතනයි කියා...මා හට සිතුනා.."

යීබො එසේ පවසන විටම....

"ඔබ...කුමකටද මෙහි පැමිණියේ..."

ශාන් එසේ පවසමින් බෝ දෙස හැරෙන විටම ඔහුව පස් කන්ඩිය කඩා වැටී විල තුළට වැටී ගියේ දෙදෙනාටම සිතා ගත නොහැකි ලෙසයි.....

පොඩ්ඩක් අප්ඩේට් දෙන්න පරක්කු උනාට සොරි හොඳේ....මේ දවස් වල පොඩ්ඩක් බිසී...😢😢පුලුවන් විදිහට අප්ඩේට් දෙන්න බලන්නම් පැටවුනේ.....කමක් නෑනේ.....ආදරෙයිනේ......🤗🤗❤️❤️❤️

ඊළඟ කොටසින් හම්බෙමු ❤️

වැරදි තියනවනම් සොරි

Please vote & comment 😘❤️

✍️__arouza__
7.45PM
2022.03.10

Continue Reading

You'll Also Like

169K 36.5K 98
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)
47.9K 12.7K 46
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
61.6K 8.5K 32
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
34.2K 8.7K 51
සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚