°DarkSide° || JJK [Completed]

By Gloomy_Bun

8.7K 2.2K 678

කාටවත් නොපෙනුන ඔයාගෙ ලස්සනම ආදරේ දැකපු එකම කෙනා මම උනේ ඔයාගෙ ආදරේ ලැබුන එකම කෙනා මමම විතරක් උන නිසා. ඉතින් ඒක... More

DarkSide
Chap.01
Chap.02
Chap.03
Chap 04
Chap. 05
Chap 06
Chap.07
Chap. 08
Chap. 09
Chap.11
Chap.12
Chap.13
Chap.14
Chap.15
Chap.16
Chap.17
Chap.18
Chap.19
Chap. 20
Chap.21
Chap.22( Last Chapter)
අවසන් පාපොච්චාරණය

Chap. 10

246 75 25
By Gloomy_Bun

පෙර කොටසින්

"මෙයාලා මන් නැතුව මොනාවත් කරනවද?"

තමන්ටම මුමුණ ගත්ත ජන්කුක් බ්ලැන්කට් එකත් අය්න් කරගෙන කෙලින් උනා. ටිකකට කලින් බඩට දාගත්ත කෑම නිසා කොල්ලට සැලකිය යුතු ශක්තියකුත් තිබුනා.

ආයෙමත් ජින්ගෙ අමුතු හිනාව. මේ පාරනම් ජන්කුක් බ්ලැන්කට් එක අස්සට රිංගගත්තෙ මොකක් උනත් එලියට බහින්නැ කියලා හිතාගෙන.

මොකද කොහොම සද්ද දැම්මත් ජන්කුක්ගෙ යටිහිත ජින් එපා කියපු දෙයක් කරන්න ගොඩාක් බයය්. ඊටත් වඩා ජින් ගෙදර ඉන්න වෙලාවක..... හිතන්නවත් ඕනි නෑ!. ඉතින් පණ්ඩිත, නපුරු ජන්කුක් වැඩ පෙන්නුවෙ එයාට බය අයට විතරය්. එයා බය අයට නෙවෙයි.

____________________•••_______________________

Author's pov-

"ටේ, මමත් කනවා"

ටේහ්‍යුන් මේසෙන් වාඩි උන ජින් දිහා මූණ අමුතු කරගෙන බැලුවත් මුකුත්ම කියන්න ගියෙ නෑ. මේ ටිකකට කලින්නෙ ජින් හිගන්නෙක්ට දානයක් දුන්න ගානින් ගිලලා දැම්මෙ. සමහරවිට ජන්කුක් එක්ක වලි අල්ලද්දි කටවල් දෙක තුනක් ජින්ගෙ බඩට අඩුපාඩු වෙන්නැති. ඒමත් නැත්තම් දැනට ඇවිදපු ටිකට දහනය දිරවපු කෑම ටික ආපහු බඩට දාගන්න ජින්ට අදහසක් ආවද දන්නෙත් නෑනෙ. එහෙම හිතලා ටේහ්‍යුන් කොල්ලගෙ හිත හදාගත්තා.

මින්‍යොල්, සොහා දෙන්නම වාඩි උන විදියට එහෙම්ම හිටියා. මින්‍යොල් හිටියෙ ගේ වටපිටාව බලන ගමන්.එතකොට සෝහා, තවමත් හිතට දැනෙන බය නිසා කෑම මේසෙන්වත් අත තියන්න බය වෙලා හිටියේ.

ඒත් පුංචි කොල්ලටනම් ඒකෙ වගේ වගක් තිබුනෙ නෑ. දැකලාවත් නැති අමුතු අමුතු කෑම ගොඩක් මැද්දෙ ඩෙසට් වර්ගම හතරක් පහක් දකිද්දි කොල්ලගෙ හුස්ම හිරවෙන්න ආවා.

සේවිකාවොන්ට කෑම බෙදන්න අණ කරලා ටේහ්‍යුන් ටිකක් පස්සට උනා. එක එක කෑම ජාති තමන්ගෙ ඉස්සරහ තියන ප්ලේට් එකට වැටෙද්දි මින්හු බබා තව තව එබි එබි බැලුවා. කවුද දන්නේ සෙවිකාවො කොල්ලට පොඩි එකා කියලා හිතලා අඩුපාඩුවක්වත් කලොත් එහෙම.

අන්තිමට සේවිකාවො එයාලට ආචාර කරලා පස්සට වෙද්දිත් ජින් ඇරෙන්න එක්කෙනෙක්වත් ප්ලේට් එකට අතක්වත් තිබ්බෙ නෑ. ජින්නම් හිමින් සීරුවෙ එයාගෙ කෑම වේල රසවිදින්න පටන් ගත්තා.

ඉවසලා බැරිම තැන මින්හු බබා අම්මා දිහා බලන් ඉන්න එක පැත්තක තියලා ටේහ්‍යුන් දිහාට හැරුනා.

"බෙයා.... මේ ඔක්කොඕඕඕම කන්නද?"

"ඔහ්?.. ඕහ්හ්හ්හ් දේහ්. මින්හු බබාට පුලුවන් ඔය ඔක්කොම කන්න"

ටේහ්‍යුන් එයාගෙ පෙට්ටි හිනාව එක්ක කියද්දි මින්හු බබා එයාගෙ ගෑරුප්පුව මැදින්ම අතට මිටිමොලවගෙන අමාරුවෙන් පිගානෙ තිබුනු නූස්ල්ස් ටිකකට ඇන්නා. කොල්ලගෙ කරුමෙටදො ගෑරුප්පුව උස්සලා කටේ ඔබාගද්දි ගෑරුප්පුවෙ රැදිලා තිබුනෙ එකම එක නූඩ්ල්ස් කෑල්ලක් විතරය්.

ඒකෙ කොනක් අමාරුවෙන් කටේ ඔබාගත්ත පුංචි එකා සුරුස් ගාලා තොල දිගේ එල්ලුන ඉතුරු බාගෙත් කට ඇතුළට ඇදලා ගත්තා. ආයෙමත් ගෑරුප්පුව ගහලා බර තියලා ගත්තට මොකද ඒ පාර එක නූඩ්ල්ස් රැල්ලක්වත් ගෑරුප්පුවෙ රැදිලා තිබුනෙ නෑ. ආයෙ ආයෙමත් ගෑරුප්පුව ඇන්නා උනත් ම්ම්හූ කෝ කන්න බෑනෙ ඉතින්.කොල්ලට ඇඩෙන්නත් වගෙ දැන්‍ තරහටම.

කන එක පැත්තක තියලා ඒ දිහා බලන් ඉදපු ජින් කොල්ලගෙ උරහිසකට තට්ටු කලා.

"ඒ බබා... මෙන්න මෙහෙම කල්ලා ඉස්සෙල්ලම ගෑරුප්පුව පැත්තකින් තියන්න. ඊටපස්සෙ ඇගිලි මෙහෙම කරලා මෙහෙම අරන් මෙහෙම කටේ ඔබලා.. මෙම්ම්මේමකන්බෝඕබේ."

ගෑරුප්පුව පැත්තකින් තිබ්බ කොල්ලා මින්හු බබාට පේන්න අතේ ඇගිලි විසුරුවලා පිලිවලට ප්ලේට් එකට බෙදපු නූඩ්ල්ස් එකෙන් අහුරක්ම අතට පුරෝගත්තෙ අල්ලෙ පවා ගෑවෙන්න. ඊටපස්සෙ ඒක කටේ දාගෙන හපන ගමන්ම ජින් තව මොනාදෝ කිව්වා උනත් ඒක අනිත් අයටනම් තේරුනේ නෑ.

ජින් දිහත් බලලා නූඩ්ල්ස් එක දිහා බලල ඔම්මා දිහා බලපු මින්හු බබා ආයෙමත් නූඩ්ල්ස් එක දිහා බැලුවා. කමක් නැද්ද එහෙම කෑවට?

කොල්ලා ආයෙමත් ඔම්මා දිහා බැලුවෙ නූඩ්ල්ස් කටේ පුරොගෙන ඉන්න ජිනුත් මින්‍යොල් දිහාවට බැල්මක් දානකොට.

වැඩිහිටියො අතර තියෙන්නෙ මොන මොන ප්‍රශ්න උනත් මින්‍යොල්ට ඕනි උනේ මේ වෙලාවෙ දරුවො දෙන්නගෙ මනස නිදහසේ තියනවා දකින්න. එයා මෙතනින් ගැලවෙන්න මොකක්ම හරි ක්‍රමයක් ඉක්මනින්ම හොයා ගනීවි. එහෙමත් නැත්තම් සූබින් උනත් එයාලා වෙනුවෙන් එයි. මින්‍යොල් දන්නවා මොනදේ කලත් තමන්ගෙ දරුවො දෙන්නට සූබින් කොය්තරම් ආදරේද කියන එක. ඒත් තවත් අතකින් මින්‍යොල් මේ වෙලාවෙ වැඩියෙන්ම බලාපොරොත්තු උනේ සූබින් නොදැක ඉන්න. ජන්කුක් සූබින් දැක්කොත් මොනවගේ හැසිරේවිද කියලා එයාට හොද අදහසක් තිබුනෙම නෑ.

"ඔයාට පුලුවන් විදියට කන්න මැණික ඒකට කමක් නෑ"

මින්‍යොල්ට උනුහුම් හිනාවක් දීපු මින්හු බබා ජින්ව අනුකරණය කලා. ඊටපස්සෙ ජිනුය්, ජින්ගෙ පොඩි ගෝලයයි වගේම ටිකකින් කෑම මේසෙට එකතු උන ටේහ්‍යුනුය් තුන්දෙනාම කෑවෙ පිස්සො තුනක් ගානට.

හියෝන් කන හැටි බලබල කෙල ගිලපු ටේහ්‍යුනුත් අන්තිමට නැවතුනෙ කෑම මේසෙම තමයි.

"මැණික... මොනාහරි කන්න. බය වෙන්නෙපා. ඔම්මා මේ අයව දන්නවා. මුකුත් වෙන්නෑ."

මින්‍යොල් සූහාට කවන්න උත්සාහ කලා. කෙල්ල මින්හු බබාට වඩා දැනුම් තේරුම් තිබුන නිසාම හැමමොහොතකම හිටියෙ බයෙන්. හැමවෙලාවෙම කෙල්ලගෙ පුංචි ඇගිලි තුඩු අම්මගෙ ඇදුමෙ කොනක පැටලිලා තිබුනා. ඔම්මගෙ බලේටම කෑවත් ඒ තරම් කෑම ගැන පිරියක් කෙල්ලට තිබුනෙ නෑ. ඒ හිත ජින්ගෙ හිනාවට පවා ගැස්සෙන තරම් බය වෙලා තිබුනෙ.
.
.
.

ටේහ්‍යුන් තමන්ගෙ කිට්ටුවෙන්ම තිබුන රෝස පාට පුඩිමට අත ඔබලා අත පුරා ගාගෙන දබරැගිල්ල කටේ ඔබාගත්තා.

"ම්ම්හ්හ්..."

කොල්ලගෙ ඇසුත් තද වෙලා පිය උනා ඒකෙ රසට. ඒ ක්ශනිකවම ටේහ්‍යුන් ලෙවකාපු දබැරැගිල්ලත් එක්කම ඇගිලිටික නවාගෙන මැදැගිල්ල විතරක් දික් කරගෙන ඒක ජින්ගෙ පැත්තට දික් කලේ කෑගහලා.

"හියෝන්.. මේ මේක බලනෝකො. ඔක්කොටම වඩා රසයි"

ජිනුත් හිටියෙ නිකම් නෙවෙයි. ජිනුයි මින්හු බබයි දාගෙන චොක්ලට් අය්ස්ක්‍රීම් එකකට වැඩෙ දුන්නෙ ටේහ්‍යුන් වගේම විනාශකාරි විදියට භාජනේ ඇතුළට මුළු අතම ඔබාගෙන.

ටේහ්‍යුන්ගෙ කටහඩට ඒ පැත්ත බලපු ජින් එකපාරම සද්දෙට කහින ගමන් ටේහ්‍යුන්ගෙ ඇගිල්ල අල්ලලා නවලා දැම්මා.

"අය්ගෝ ඔය ඉතින් කැත හිතනෙ ඔයාගෙ. කන්න අනේ කිව්වෙ"

ආයෙමත් පුඩිමෙ අත ඔබපු ටේහ්‍යුන් ඒක ජින්ගෙ පැත්තට දික් කලා.

"ඒක රසයි."

ඒ පාරනම් ටේහ්‍යුන්ගෙ සම්පූර්ණ ඇගිල්ලම ජින්ගෙ තොල් දෙක අතර නොපෙනී ගියා. ඊළගට ටේහ්‍යුන්ගෙ පුඩින් ගෑවුන ඇගිල්ලෙ රස බැලුවෙ මින්හු බබා.

මේසෙටම හිටපු පිරිමි තුන්දෙනාම ඒ විදියට ළාමක හැසිරීම් පෙන්නද්දි මින්‍යොල් එක්කම සූහාත් ඒ දිහා බලාගෙන හිටියෙ කට ඇද කරගෙන.

"ඔයත් කනෝද? ඒවා රසම රසයි."

ටේහ්‍යුන්ගෙ ඇගිල්ලක් සූහාගෙ පැත්තට දික් උනත් සූහා ක්ශනිකවම ඒක ප්‍රතික්ශේප කලා. නිකම් ඔලුව වනලා විතරක් නෙවෙයි ඔලුවට වඩා වේගෙන් කෙල්ල අත් දෙකත් උරහිස ලගට අරන් වේගෙන් දෙපැත්තට වැනුවා 'එපා' කියලා.

මුළු කෑම මේසෙම කොල්ලො තුන්දෙනාගෙ හිනා හඩවල් සැරින් සැරේ එකිනෙකා අභිබවා ගියා. මින්‍යොල්ට පවා සැරින් සැරේ පුංචියට හිනාවක් යද්දි සූහා උනත් නොදැනිම ඔම්මගෙ ඇදුමෙ කොන අතෑරලා මේ නාඩගම දිහා බලන් හිටියෙ කට අප්පිරියාවට ඇද කරගෙන.

කාලෙකින් හිනා හඩවල් එක්ක මැදුර පිරිලා තිබුනා. ඒත් මෙතනට ඕනිම උන තවත් එක්කෙනෙක් හිටියෙ ඇදේ බ්ලැන්කට් එක ඇතුළෙ ගුලි වෙලා එලියෙ සිද්ධවෙන්නෙ මොනවගෙ දේවල්ද කියලා හිතෙන් අනුමාන කරකර. සැරින් සැරේ එකපාර ඇහෙන ජින්ගෙ හිනාව ජන්කුක්ට ඇහුනෙත්, 'මන් උබට ඇවිදින්න නෙවෙයි කිව්වෙ ජන්කුක් ටිකක් නිදාගන්න කියලා' කියනවා වගෙ. ඉතින් කොල්ලා ඕනිම උනත් ඇදෙන් බැස්සෙත් නෑ.

කෑම අරගෙන ඉවර වෙලා ජින් යන්න ලෑස්ති උනේ මින්‍යොල් එක්කම දරුවො දෙන්නා බොඩිගාඩ් කෙනෙක් ආපහු කාමරේට එක්කන් යද්දි.

"ටේහ්‍යුනා. එයාලට ගේ ඇතුළෙ ඇවිදින්න දෙන්න. පුංචි උන් දෙන්නා හිරකරන්නෙපා. ඔය වයසට ඔලුවට වැටෙන පුංචි පුංචි දේවල් උනත් එයාලට ලොකුවට බලපානවා."

"දේහ් හියෝන්"

"අර පණ්ඩිතයා හොදට බලාගන්න ම්ම්ම්... එයාට කෑම මේසෙ මෙයාලා එක්කම කන්න දෙන්න. ඒක මනසටත් හොදයි."

"දෙහ්හ් අරස්සෝ(තේරුනා)"

ටේහ්‍යුන් හිනාවක් දාද්දි ජින් ටේහ්‍යුන්ගෙ උරහිසකට තට්ටු දැම්මා.
.
.
.

කොහොම උනත් මින්‍යොල්ලාට හිතේ හැටියට ඇවිදින්න දෙන්නනම් ටේහ්‍යුන්ට කොහොමත් අවසරයක් තිබුනෙ නෑ. ඒ නිසාම ඒ අයව කාමරේම රදවපු කොල්ලා ඒ වෙනුවට පුංචි උන්ට සෙල්ලම් කරන්න එක එක දේවල් කාමරේටම ගිහින් දුන්නා. මින්හු බබා කටට එනවට කියන හැම එකම ටේහ්‍යුන් පුලුවන් ඉක්මනින්ම එයාට ගෙනත් දුන්නෙ කොල්ලව සතුටින් තියන්න.

සූහා මුකුත් නොඉල්ලපු නිසාම ටේහ්‍යුන් එයාට බෝනික්කො කීපයක් එක්ක ලස්සන පුංචි කතාපොත් ටිකකුත් ගිහින් දුන්නා. කොල්ලා ඒක දෙද්දි සූහගෙ මූණෙ ලාවට ඇදුනු පුංචි හිනාවම ඇති උනා ටේහ්‍යුන්ට තමන් ගැනම ආඩම්බර වෙන්න.

_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_+_

නොදැනීම ගියපු තද නින්දකට පස්සෙ ජන්කුක්ට ඇහැරුනේ එකදිගටම රින්ග් වෙන එයාගෙ ෆෝන් එක නිසා. කම්මැලි කමේ කීපසැරයක්ම කෝල් එක ඉබේම කට් වෙන හැටි අහගෙන ඉදපු ජන්කුක් තුන්වෙනි සැරේදි බ්ලැන්කට් එකෙන් එලියට අත විතරක් යවලා බෙඩ් ටේබල් එක උඩ තත්පර කීපයක් එහෙමෙහෙ යවද්දි අතේ වැදුන ෆෝන් එකත් ගුලි කරගෙන අත ආයෙත් බ්ලැන්කට් එක ඇතුළට ඔබාගත්තා.

කොල්ලා ෆෝන් එක කනේ තියා ගන්නෙ කොලර් අය්ඩී එකවත් බලන්න මහන්සි නොවී.

"ජබුසෙයෝ(හලෝ)"

"ජන්කුක්..."

අනිත් පැත්තෙන් ඇහුන කටහඩ කොල්ලා ක්ශනිකවම අදුන ගත්තා. ඒත් සහතික කරගන්නමය් ජන්කුක් ටිකකට කනෙන් ෆෝන් එක අය්න් කරලා කෝලර් අය්ඩී එක බැලුවෙ.

"ම්ම්හ්..කියන්න"

තද හුස්මක් පිටකරන අතරෙම කොල්ලා පැත්තට හැරිලා ආයෙමත් ෆෝන් එක කන උඩින් තියාගත්තේ ෆෝන් එක අල්ලන් ඉන්න තිබුන කම්මැලිකමට.

"ඔයාට පුලුවන්නම් අපි ටිකක් කතාකරමුද?"

"හ්ම්ම්"

"ජන්කුක් ජුන්වුය් මාය් තව මාස හතරකින් මැරි කරන්න ඉන්නෙ."

"ඉතින්? දැන්ම කියන්නෙ මොකටද? ටිකක් දවස් ලන් වෙලා කියන්න. මට ඕවා මතක තියාගෙන ඉන්න බැ."

ජන්කුක්ගෙන් පිට උනේ පුදුම තරම් කම්මැලි කටහඩක්.

"නෑ. ඒක ඔයාට කමක් නැද්ද?. මම අහන්නෙ... මේ... මම.. නැ මට ..මේ..මට හිතුනා ඔයාට මේ ගැන කියලා ඉන්න."

"කොහොමත් මට ඒකෙ ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ ච්‍යුන්හී. කොහොමත් අපි ඩිවෝස් වෙලා ඉවරය්නෙ. ඔයාට ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න පුලුවන්. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ? "

"ඒත් ජන්කුක්-"

"අපි කතාකරලා තීරණේකට ආවනෙ. දැන් මොකක්ද ඒකට මගෙත් එක්ක තියන ප්‍රශ්ණෙ?"

"ප්‍රශ්නේ නිවී ... ඒ නොදරුවා එයාගෙ ඇත්ත අප්පගෙන් වෙන් කරන එකයි මට තියන ප්‍රශ්නෙ ජන්කුක්.! මට කමක් නෑ ඒක මොකක් උනත්. ඒත් මෙතන නැතිවෙන බැදීම ඔයාගෙයි නිවීගෙයි. මම ජන්වූ මැරි කලාම ... නිවී අප්පා වෙන්නෙ ජන්වූ."

ෆෝන් එකෙන් ඇහුන වචන පේලියෙ අවසානය නොඇහෙන තරම් හීනි කටහඩක් උනා.
ඇස් තද කරගත්ත ජන්කුක් ෆෝන් එක අතට ගන්න ගමන් බ්ලැන්කට් එක අය්න් කරලා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඉදගත්තෙ එක අතකින් නලල මිරිකගන්න ගමන්.

"අහන්න ච්‍යුන්හීශී... අපි මේ ගැන කලින්ම කතාකලා. අපි තීරණයක් ගත්තා. ජුන්වු... ජුන්වු අනික නිවීට ආදරෙය්නේ. ආයෙ ආයෙ කතාකරන්න දෙයක් නෑ මෙතන. අපි ඩිවෝස් වෙලා ඉන්නෙ. ඔයා දැන් ජන්වුගෙ ෆියෝන්සේ. නිවී ගැන උනත්.... දැන් මට කොහොමත් එතන ලොකු බැදීමක් නැ ලේ බැදීම ඇරෙන්න. ඒ ගැන තවතව කිකියා මට වද දෙන එක නවත්තන්න."

ජන්කුක්ගෙ වචන අන්තිම ටිකේදි කැඩිලා ගියා උනත් කොල්ලා ඒක අනිත් කෙනාට නොදැනෙන්න කතා කරන්න උත්සාහ කලා

ඊළග තත්පරේම ජන්කුක් කෝල් එක කට් කරලා දැම්මෙ අනිත් කෙනාට වචනයක්වත් කියන්න නොදී.

කොල්ලට ඇත්තටම අදහසක් තිබුනෙ නෑ පුංචි ගෑනු දරුවෙක් උස්මහත් කරන්න තමන්ගෙම අප්පට වඩා වෙන පිරිමියෙක් හොදද කියන එක ගැන. ඒත් ජන්කුක් දැනගෙන හිටියා මේක තමයි හොදම තීරණෙ කියලා.
කොල්ලා මේ තීරණෙ ගත්තෙ නිකම් හිතට ආපුවට නෙවෙයි අනාගතේ ගැන හිතලා බලලා. ඉතින් ඒක වැරදි වෙන්නෙ කොහොමද?

ආයෙ ආයෙම කීපාරක් ඇහුවත්, ජන්කුක්ගෙ තීරණෙ වෙනසක් වෙන්නෑ. අනාගතේ වෙනස් කරන්න හැකියාවක් ජන්කුක්ට නොලැබෙන තාක්කල් ගත්ත තීරණේ ගැන සතුටු වෙනවා ඇරෙන්න ජන්කුක් කීයටවත්ම ඒ ගැන පසුතැවෙන එකකුත් නෑ.

ටික වෙලාවක් ෆෝන් එකේ වෝල්පේපර් එකේ උන්නු මීපැටියෙක් තරම් පුංචි රෝසමල දිහා බලාගෙන හිටපු ජන්කුක් ෆෝන් එක බෙඩ්ටේබල් එකෙන් තිබ්බා. මොකක්දෝ නොදන්න හැගීම් ගොඩකට පපුව බරවෙලා වගෙ දැනුන නිසාදෝ තද හුස්මක් අරගෙන පිටකරපු ජන්කුක් ආයෙමත් බ්ලැන්කට් එක අස්සට රිංගගත්තෙ කෝල් එක නිසා කැඩුන නින්ද කන්ටිනිව් කරන්න.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

කාලෙකින්...❤️🤓 හායි බෝලස්.

Continue Reading

You'll Also Like

7.3K 1.2K 25
අහම්බයකින් හමුවුනු දියකිදුරෙක් සමග ආදරයෙන් වෙලී අහම්බයකින්ම නැවතත් ඔහුව මුන ගැසී ..................................................ඔක්කොම කියන්න බෑ...
1.2K 360 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
388K 14.8K 41
"Roles have been reversed." A smirk was plastered on her lips as she held the knife against his neck. He was given a mission to go find her, and end...
285K 13.8K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...