༺ ආයෙමත් ආදරෙන් ༻...

By Madhu_96

13.6K 2.3K 467

හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුර... More

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25

Episode 11

512 95 11
By Madhu_96

❤️ එයා පස්සෙන්ම ❤️

ජාන් පැය දෙකක් විතර හොඳට නිදාගත්තා ගෙට ගිහින්.. ආව ඇඳුම ගලවලා වොශ් දාලා කොල්ලා එහෙම්ම දොයි..

යීබෝත් කාර් එක නවත්තලා ජාන්ගේ ගේ ඉස්සරහ බලන් උන්නෙ කොයිවෙලේ හරි ජාන් එලියට එනකල්..

බනී පැටියෝ දැක්කද මැනික ඔයාගේ අයිතිකාරයා ඉන්නේ ආන් අර ගෙදර..

අපි දැන් මොකද පැටියෝ කරන්නේ.. මන් ගිහින් කතා කරොත් මන් ගුටි කනවා සත්තයි..

ගුටි කෑවත් කරන්න දෙයක් නෑනේ මම් නෙහ් ගොන් වැඩ කරේ.. මගේ පැටියා ගෙට වෙලා හොඳට දොයි වගේ නේද..

යීබෝ මේ කතා කරන්නේ ජාන්ගේ ටීශර්ට් එකත් එක්ක.. යීබෝට ඉතින් කතා කරන්න වෙන බනියෙක් නෑනේ..

යීබෝ ඉතින් කතා කර කර ජාන්ගේ ගේ ඉස්සරහම බලන් උන්නේ කොල්ලා කොයි වෙලේ හරි එලියට එයි කියලා හැබැයි ඉතින් කොල්ලා නෙවෙයි එලියට ආවේ..

මේ අතරේ යීබෝ දැක්කේ පොඩි කොල්ලෙක් ජාන්ගේ ගේ පැත්තට යනවා.. පොඩි එකා දොරට හෝ ගාලා තට්ටු කරනවා.. අයියෝ පව් පොඩි එකා.. යීබෝට හිතුනේ එහෙමයි..

පොඩි එකා සෑහෙන්න වෙලාවක් දොරට ගැහුවට පස්සේ ජාන් දොර ඇරන් එලියට ආවා.. නිදිමරගාතෙම ආව ජාන්ව දැකලා යීබෝටත් හිනා ගියා.. ජාන්ගේ ඔලුවට කරන්ට් එක වැදිලා වගේ..

ජාන් පොඩි කොල්ලා එක්ක කතාවක්..

ජන්ගා මොකෝ අනී මේ..

දොයියන් උන්නේ ඉතින්..

අයියෝ පිස්සා.. පාර්ක් යන්කෝ..

අනී අම්මෝ අනිද්දා තරඟේ මේ කොල්ලා පාර්ක් යන්න කතා කරනවා..

අනී ඔයා නැතුව අද එපා වෙලා හිටියේ.. දැන් පාර්ක් යන්න එන්නේ නැද්ද..

බ්ලෑ..

ජන්ගා අර බලන්න..

ජාන් යුආන් පෙන්නපු පැත්ත බැලුවා විතරයි යිආන් ජාන්ගේ පස්සට පාරක් දීලා දුවගෙන ගියා.. ඕක දැක්ක යීබෝ නම් හොඳට හිනා උනා.. හැබැයි පොඩි එකා එක්ක ජානුත් යීබෝ ඉන්න පැත්තට දුවන් එද්දි යීබෝට හුස්ම ගන්නත් අමතක උනා..

ඔහේ හිටූ යුආන්..

මන් පාර්ක් යනෝ.. එන්නෝ ජන්ගෝ..

දෙනවා අද හිටුකෝ.. අහ් හුටා..

ජාන් කෙලින්ම නතර උනේ යීබෝගේ කාර් එක ගාවමයි.. ජාන්ට මතක් උනේ ගෙදර දොර වැහුවේ නෑ කියලා.. එයා යීබෝගේ වාහනේ ගැන සැලකිලිමත් උනේ නෑ.. ඒ ජාන්ගේ හැටි.. කිසි දෙයක් ගැන හොයන්නේ නෑ දැන්..

යුආන්..

ඕඕ..

ගෙදර දොර වහලා එන්නම්.. පරිස්සමෙන් යන්නෝ.. මන් ඉක්කන්ට එනෝ හොඳේ..

හලි හලී..

පොඩි කොල්ලා එක්ක කතා කරපු ජාන් ආපහු ගෙට දුවනව.. ගෙට ගිහින් ආයෙත් ටිකකින් එලිය ආවේ යීබෝව පිස්සු වට්ටමින්.. ශෝට් එකට ටී ශර්ට් එකක් ඇඳලා කැප් එකකුත් දාන් ජාන් ආවේ.. ඉතින් පිස්සු වැටෙන්නේ නැතුව තියෙයිද.. විශේශයෙන්ම යීබෝට..

ජාන් දොර වහලා ඉක්මන් ගමනින් පාර්ක් එකට යනවා යීබෝ දැක්කා.. යීබෝත් ජාන්ට නොදැනෙන්න ගියේ පාර්ක් එකට.. ජාන් යුආන් එක්ක බංකුවකින් වාඩි වෙද්දි ඊට එහා තිබ්බ බංකුවක යීබෝ වාඩි උනේ ජාන්ගේ පිටුපසට පිටුපස හරවලා.. ජාන්ලා කතා කරන දේවල් හොඳට ඇහෙන විදිහට..

ජන්ගා..

ඕ යුආන්..

අද දුකින්ද.. ඔයා..

නෑ..

බොරු නේද.. ඔයාට ඔයාගේ බෝදිව මතක් උනාද..

යුආන් අහපු දේ එක්ක යීබෝට උනත් කඳුලු ආවා.. ජාන් යීබෝ ගැන මේ පොඩි කොල්ලටත් කියලා..

අනේ මන්ද යුආන් මේ වෙනකල් මට එයාව අමතක උනේ නෑ.. මට අමතක කරන්න ඕනා.. ඒත් බෑනේ..

ඉතින් එයාව හොයන් යමුද ආයේ.. මන් ඔයාගේ තනියට එන්නම්..

අනේ අම්මේ මේ පොඩි එකා.. ලොකු ලොකු කතා නම් තියෙනවා නේද.. මන් එයාව හොයන් යන්නේ නෑ.. ආදරෙයි නම් දවසක එයා එයි.. ලැබෙන්න තියනවා නම් ලැබෙයි..

එයාව වෙන කවුරු හරි උස්සන් ගියාම තේරෙයි ජන්ගා..

දැනටමත් එහෙම තමයිනේ.. ඒවා වැඩක් නෑ..

ජාන්ගේ මේ කතාව අහන් උන්නේ යීබෝ අඬ අඬ.. ජාන් එයාව වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ හරියට මුලදි ජාන්ව යීබෝ වැරදියට තේරුම් ගත්තා වගේ.. ඕන දෙයක් කියලා යීබෝ ජාන්ට කතා කරන්න නැගිටින්න යද්දිම යුආන්ගේ කටහඬ ඇහුන නිසා ආයෙත් ටිකක් එහෙම්ම උන්නා..

මේ ජන්ගා මට බයයී..

ඇයි දැන් අපේ චන්ඩියා බය වෙලා..

මට බයයි තරඟෙට..

ආපූ.. කවුද ඔයාගේ ටීචර්.. මේ මම නේද.. ඉතින් ඇයි බය.. මන් ඔයාටයි මගේ පැටවුන්ටයි ඔක්කොම උගන්නලනේ තියෙන්නෙ.. ඉතින් ඇයි මේ බය.. අනික මන් ඉන්නෙත් ස්ටේජ් එකේ කොනකනේ.. වැරදුනොත් මන් ඉන්නවා කියලා දෙන්න..

අපිට දිනන්න බැරි උනොත්..

මේ අහන්න යුආන්.. ජීවිතේ අපිට කරන්න වෙන තරඟ ඔක්කොම අපි දිනන්නේ නෑ.. හැබැයි ඒමයි කියලා අපි ඔක්කොම පරදින්නෙත් නෑ.. ඉතින් කොල්ලෝ අපි උත්සහ කරන්න ඕනා.. අඩුම අපි සහභාගී වෙන්න ඕනා.. එතනදි අපි සමහරවිට දිනයි.. සමහරවිට පරදියි.. ඒත් කමක් නෑ ඉතින් අපි උත්සහ කරානේ කියලා අපිට සතුටු වෙන්න පුලුවන්.. නිකන් ඔහේ බලන් ඉන්නවට වඩා ඒක හොඳ නැද්ද බෝදී..

මොකද්ද බෝදී..

ආ සොරි යුආන්..

ජාන් කතාව කිව්වේ යුආන්ට උනාට අන්තිමට කිව්වේ යීබෝගේ නම.. තාමත් ජාන් ඉන්නේ යීබෝගේ මතක එක්ක.. හඬ නෑසෙන්න යීබෝ අඬන්න ලොකු උත්සහයක් ගත්තා..

ජන්ගා.. අපි අනිවා දිනයි.. මට මගේ ටීචර් ව ශුවර්..

මට මගේ පොඩ්ඩෝ ටිකත් ශුවර්.. ඕන් යුආන් හෙට උදෙන්ම මන් ඇකඩමියට යන්න ඕනා.. උදෙන්ම නැගිට්ටොත් මන් එක්ක යනවා.. නැත්තම් ඔයාට වෙන්නේ පපා එක්ක එන්න තමයි..

අපූ පිස්සු නටන්නෙපා.. මන් ආස ඔයාගෙ බයිසිකලේ යන්න.. සින්දුවකුත් කිය කිය..

එහෙනම් උදේම නැගිටින්න..

එහෙමයි සර්.. උදෙන්ම හියින් ඇකඩමියට පිටත් වෙමු..

හියුන් ඇකඩමි.. ඒ නම හොඳටම හුරුයි.. ඒක කොහේද කොහෙද.. ආ මෙහෙදි දැක්ක ඇකඩමිය.. එතකොට ඒකේ තමයි මගේ බනී උගන්නන්නේ.. තරඟයකුත් තියනවලූ.. අනිද්දා.. හරි මන් එන්නම් එදාට.. අපි කතා කරමු බනී.. ආදරෙයි නම් මන් එන්න ඕනා කිව්වනේ එහෙනම් ඔයාගේ හබී ගුටි කන්න හරි එනවා මගේ මැනික..

යීබෝ හිත හිත ඉන්න අතරේ ජාන් යුආන් එක්ක නැගිට්ටේ ගෙදර යන්න හිතන්.. ඒත් එතනට ආවේ අංකල් කෙනෙක්..

ජාන් පුතා..

අංකල් ඇයි..

ආ දරුවෝ.. ඇන්ටි කැවිලි හදලා.. මේ ඔයාගේ පංගුව.. එදා ඇන්ටී වැටෙන්න යද්දී ඔයා බේරගත්තේ නැත්තම් එයා එක්තැන් වෙන්නත් තිබ්බා පුතේ.. ස්තූතීයි ඔයාට..

අනේ ඕක මොකද්ද අංකල් කෝ දෙන්න ආන්ටිට කියන්න මන් ස්තූතියි කරා කියලා..

මන් යනවා පුතා..

හරි අංකල්..

ජන්ගා මේ.. ඕකෙන් භාගයක් මට හොඳේ..

හරි හරි.. පැහිච්ච සීයා.. මේ අද මන් එක්ක ඉන්නොකෝ.. එතකොට උදේට නැගිටින්න කරදරේකුත් නෑනේ..

එල.. මන් යැන්ලිගෙන් අවසර අරන් එන්නම්.. එයාටත් ඉතින් බන්ඩි ගෙඩිය නිසා කරදරයිනේ..

ඒකනේ මමාට කරදර කරන්න එපා හොඳේ පව්නේ..

හලී මන් දුවලා කියල එන්නම් ඇඳුම් අරන්..

පරිස්සමෙන් දුවන්න..

යුආන් ගියාට පස්සේ ජාන් එයාගේ ගෙදරට ගියා.. තවත් වෙලාවක් යීබෝ ජාන්ගේ ගෙදර දිහා බලන් ඉඳලා අනිද්දා ආපහු තරඟේ බලන්න එන්න හිතන් පිටත් උනා..

නිමාවක් නොවේ

Continue Reading

You'll Also Like

108K 22K 52
💚💚 මගෙ හිතට ඔයාව දැනෙන්න ගත්තත් කෝ ඔයාගෙන් ඒකට ඉඩක්....... මේ කාලකණ්නි පවුල් බැදීම නිසාද ඔයා මේ විදිහට ගලක් වගේ ඉන්නෙ....... කවදාවත් ඔය හිත මං වෙන...
77.5K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
30.1K 4.7K 34
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
86.9K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]