අත් දෙකෙන් තමන්ගේ කට වහගත්ත සේහි සූආ ව තද කරලා බදාගත්තේ සමාව ඉල්ලන ගමන්..
"සේහි යොන්හී ඔයාට ගොඩක් ආදරෙයි.. එයා මට කිව්වා ඒ ගැන ඔයාට කියන්න කියලා.. මට තවත් පැය විසි හතරයි තියෙන්නේ.. ඒ නිසා මන් දැන් යනවා මට යන්න කලින් කරන්න වැඩ ටිකක් තියනවා.. ජේහු පුළුවන් ද අදට විතරක් කාර් කී එක මට දෙන්න.."
"මන් දන්නේ නෑ හැබැයි තමුන් අන්තිම පැය පහ මන් ලගයි ඉන්න ඕනේ.. මෙන්න යතුර..."
"තෑන්ක්ස්..."
යතුර ගත්ත ගමන් සූආ කරේ කාර් එක අරන් හය්යෙන් ගිය එක.. සූආ ට දැනුනේ පුදුම සතුටක්... හය්යෙන් හිනා උන සූආ මුලින්ම කරේ යන්න කලින් තමන්ගේ අම්මවයි තාත්තාවය් හම්බෙන්න ගියපු එක..
දොරේ බෙල් එක ගහපු සූආ ඉස්සරහට ආවේ හම රැලි වැටුන වයසක ගෑනු කෙනෙක්..
"දුව කව්ද?"
"සූආ ගේ අම්මද?"
"ආ ඔව්.. දුව?"
"සූආ ගේ යාලුවෙක්.. මන් ඇතුලට එන්නද අම්මේ.."
තමන්ගේ දෙමව්පියෝ එක්ක හිනා වෙවී කාලෙ ගත කරපු සූආ තමන්ගේ අම්මටයි තාත්තාටයි තමන්ව බලාගත්ත එකට ස්තුති කරලා ඊළගට ගියේ ඉපදුන දවසේ ඉදන් තමන්ගේ දුක සැප හැමදේටම ලගින් හිටපු තමන්ගේ මල්ලිව හම්බෙන්න..
"ඒය් මොකෝ දොරේ බෙල් එක කඩන්නේ ආ..."
"ඔයා වෙන්න ඇති චූටි සූආ.. මගේ මල්ලි ගේ දුව.."
"ඔව් ඇයි? තාත්තේ මෙන්න හොලෙක් ඇවිත් මගේ පත්න අහනෝ ගුටියක් දීලා යවන්න..."
සූආ කොය්මවෙලාවකවත් තමන්ගේ සහෝදරයා මෙච්චර කඩවසම් තරුණයෙක් කියලා හිතුවේ නෑ... සූආ ගේ යාලුවෙක් කියලා ඇතුලට ගිය සූආ තමන්ගේ මල්ලි ගැන එයාගේ ජීවිතේ වෙච්ච දේවල් හැමදේම අහගත්තා.. මොකක්දෝ හේතුවකට මේ ආගන්තුක තරුණිය එක්ක තමන්ගේ පෞද්ගලික දේවල් කියන්න ඔහු පැකිලුනේ නෑ..
"සූආ කියන්න කිව්වා ඔයා කුණු කානුවෙන් නෙවෙයි ඇහිදගත්තේ කියලා..."
"මන් දන්නවා.. මට කවදාවත් එයාට ආදරෙයි කියලා කියන්න බැරි උනා... මගේ අක්කා හම්බුනොත් කියනවා ද ලබන ආත්මෙදි හරි මට පස්සේ මැරෙන්න කියලා.. එයාට මන් ගොඩක් ආදරෙයි කිව්වා කියලත් කියන්න..."
මේ විදිහට තමන්ගේ ජීවිතේ වටින අයව හම්බුන සූආ අන්තිමට ඉතුරු පැය පහ පොරොන්දු උන විදිහට ජේ එක්ක ගත කරන්න සූදානම් උනා...
පාන්දර තුනට ලං වෙලා තියන කොට ජේහු ගේ කාමරේට ඇවිත් තට්ටු කරපු සූආ ට ඇතුලට එන්න කියලා ජේ කිව්වා..
"හෙලෝ ජේහු.."
"ඔයා ඇයි සූආ එච්චර මෝඩ උනේ.. ඔයා දන්නවා ද තමුසෙව එදා හොස්පිටල් ඇඩ්මිට් කරේ මන්.. මගේ අත උඩ තමුසේ අන්තිම හුස්ම හෙලුවේ... තමුසේ එනකම් මන් මෙච්චර කල් බලන් හිටියා ඇවිත් කියන්න බැරි උනාද ජේහු ඔයාගේ සූආ ආවා කියලා..."
ඔහේ කියවන් ගිය ජේහු ලගට ආපු සූආ අත් දෙකෙන් ජේහු ගේ කම්මුල් අල්ලන් කතා කරන්න ගත්තා..
"මේ අහන්න ජේහු මන් ආයෙත් එන්නේ නෑ... ඔයා මන් ගැන හිතන්න එපා හොදද!ඔයාගේ ජීවිතේ ඔයාට කරන්න තියන දේවල් කරන්න.. හරියට පොඩි සූආ කෙනෙක් ඉන්නවා වගේ පොඩි ජේහු කෙනෙක්ව මට බලන්න ඕනේ.. තේරුනාද?"
"මන් බදින්නේ නෑ.."
"හැමදාම තනිකඩ වෙන්නද අදහස.."
සූආ ට ජේහු ගේ කතාවට ආපු හිනාව නවත්තගන්න බැරි උනා..
"තමුසෙට ඇත්තටම පොඩි කාලේ වෙච්ච පොරොන්දුව මතක නැද්ද ආ.."
"මොන පොරොන්දුවක් ද ආ.."
"ඇයි එදා මගේ නහය කැඩිච්ච වෙලේ කිව්වේ ඔහේ මාව කවදාවත් දාල යන්නේ නෑ කියලා... දැන් හදන්නේ දාල යන්නද?"
"හැමෝම හැමදාම ඉන්නේ නෑ කොල්ලෝ.."
හිතේ කොච්චර ලොකු දුකක් තිබ්බත් අන්තිම වෙනකම් සූආ ඒ දේ එලියට නොපෙන්වා ඉන්න වගබලාගත්තා...
සූආ ගේ අන්තිම පැය ගෙවෙනකොට සේහි ආවේ සූආ ව බලන්න..
ඒ වෙනකොට ගෙදර සූආ ජේහු සේහි ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ..
"අක්කේ ඔයාට තෑන්ක්ස් එදා ඔයා නොහිටින්න අද මන්වත් මගේ ලමයව ත් පණ පිටින් ඉන්න එකක් නෑ.."
"සේහි දැන් ඇති කෙල්ලේ.. ඔය තෑන්ක්ස් ටික හොදටම ඇති.."
"තමුසේ මගේ අත අතාරින්නෙ එහෙම නෑ හොදද!"
"හරි ජේහු සර්..."
ඒන්ජල් දුන්න ඔරලෝසුව අතේ තියන් කැරකෙන කටු දිහා සූආ බලන් හිටියේ ලෝබ කමින්...
"ඒය් සූආ යන්නම ඕනෙද? තමුසෙට තව දවස් තියනවා නේද?"
"මන් යන්නේ නෑ... හැමදාම ඔයාලගේ හදවතේ ඉන්නවා හොදද!!"
සේහි ත් සූආ ගේ එහා පැත්තෙන් ඉදගත්තේ සූආ ගේ අනික් අත තද කරලා අල්ලන ගමන්..
ජේහු ගේ උරහිස උඩ ඔලුව තියාගත්ත සූආ අන්තිම විනාඩි පහ ගත කරා..
"ජේහු මන් ඔහෙට කැමති..."
ජේහුගෙයි සේහි ගෙයි ඇස්වලින් කදුළු ගලන්න ගත්තා..සූආ ට කියන්න හම්බුනේ එච්චරයි සූආ ගේ අතේ තිබුන ඔරලෝසුව අවුරුදු දාසයක් පස්සට ආවේ යොන්හී ගේ ශරීරය ට සදාකාලික නිදහස ලබා දෙන ගමන්...
"තව දවසක් ඉන්නට හැකිනම්.."
සූආ ට මෙහෙම හිතුනේ නැත්තම් ඒක බොරුවක්.. ඇයත් අපත් මිනිසුන් නොහිදෙන ආශාවන් ඇති...
___________________♪____________________
*Rest In Piece කෙල්ලේ 🙂🏳️ඉවර නෑ අෆ්ෆා තව චැපියක් තියේ.. 🌚😌හරි හරි මැරිච්ච එක්කෙනා ආයේ නැගිටින්නේ නෑ බොරු බලාපොරොත්තු එපා.... 😂
*Hope U will enjoy my story 💌