ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»

By suqueen_xinugurl

1.2K 312 203

වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විස... More

⏳️01⏳️
⏳️02⏳️
⏳️03⏳️
⏳️04⏳️
⏳️05⏳️
⏳️06⏳️
⏳️07⏳️
⏳️08⏳️
⏳️09⏳️
⏳️10⏳️
⏳️12⏳️
⏳️13⏳️
Thank U 🐷🍭

⏳️11⏳️

61 21 10
By suqueen_xinugurl

"සේහි මන් කියන්න යන දේ හොදින් අහගන්න.."

"යනවා මගේ ගෙදරින් එලියට!"

මන් කියන්න යන දේ කියාගන්නවත් වෙලාවක් හම්බුනේ නෑ සේහි මගේ අතින් ඇදන් මාව එලියට දැම්මා. වැටෙන්න ගිය මාව කවුරු හරි අල්ලගත්තා..

"සේහි තමුන් මොනාද මේ කරන්නේ!"

මාව අල්ලගත්තේ වෙන කවුරුත් නෙවෙයි ජේහු.. එයා කොහොමද මන් මෙහෙ ආවා කියලා දන්නේ?

"ජේහු අය්යේ..."

"එලියට ඇදලා දාන්න මේ ඉන්නේ තමුන්ගේ අක්කා නෙවෙයි සේහි.. තමුසෙගෙ මහා ලොකු ළමයා නිසා මැරුණ සූආ යි මේ ඉන්නේ..."

ජේ කියපු දේ ඇහුණම මගේ ඇස් දෙක පුදුමෙන් ලොකු වෙන්න එච්චර වෙලා ගියේ නෑ..

"ජේහු ඔයා කොහොමද මේවා ගැන දැනගත්තේ?"

මගේ ඇස් කදුළු වලින් පිරුණේ ලොකු නිහඩබවක ආරම්බයත් එක්කමයි..

"ජේහු අය්යේ අක්කා මන් නිසා මැරුණේ දැන් කොහොමද කියන්නේ මේ යොන්හී මගේ සූආ අක්කා කියලා..."

"එයාගේ ආසාව ඉෂ්ට කරන්න සේහි එයාට යන්න දෙන්න..."

"ජේහු අය්යේ එතකොට එදා මන් දැක්ක දේ ඇත්ත ද? මගේ යොන්හී අක්කා මගේ සූආ අක්කා හැමෝම දැන් මාව දාලා ගියාද?"

Author pov...

බේරෙන කදුළු එක්ක සූආ ඉස්සරහ දනගහගත්ත සේහි මුලින්ම කරේ සමාව ගත්ත එක..

"මට සමාවෙන්න සූආ අක්කේ... ඒ දේ උනේ මන් නිසා මට සමාවෙන්න..."

හය්යෙන් කෑ ගහලා අඩපු සේහි ගේ සද්දෙට එයාගේ ළමයි දෙන්නත් බය වෙලා ආවා...

"අම්මා මොකද්ද උනේ.."

කදුළු පිහිදන් නැගිට්ට සේහි මුකුත් නෑ කියලා ළමයි ව ඇතුලට යැව්වා..

"මන් හැමදේම කියන්න ම්.. ඒත් මෙතන බෑ.. ජේහු අය්යේ අපි වෙන නිදහස් තැනකට යමු.."

ජේහු ත් සූආ ව ඇදන් ගිහින් කාර් එකේ දාල වාහනේ ස්ටාට් කරන් කවුරුත් නැති පාර්ක්‌ එකකට ආවා... ඒත් සූආ මේ වෙච්ච කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ.. ඒ වගේම සේහි ගෙන් වැටෙන කදුළු එයාට පාලනය කරගන්න බැරුව හිටියේ..

කාර් එක නවත්තපු ජේ සේහි පාර්ක්‌ එක ඇතුලට ගියත් සූආ තාමත් ගල් වෙලා කාර් එක ඇතුලේ හිටියේ එයාගේ හදවත යන්න එපා කියලා බල කරනකොට.. එකපාරටම සීට් එක එහා පැත්තෙන් ඒන්ජල් මතු උනා..

"සූආ යන්නේ නැද්ද?"

"ඒන්ජල් මන් දැන් මැරුණ විදිහ දැනගත්තොත් මන් දැන්ම අතුරුදහන් වෙයි ද?"

"සූආ!"

ඒන්ජල් කියන්නේ හැගීම් නොදැනෙන මායාවක් උනත් පලවෙනි වතාවට එයාගේ ඇස්වලින් කදුළු පිට උනා..

"ඒන්ජල් මට යන්න බෑ.. ඒන්ජල්.."

"සූආ ඔයාගේ අන්තිම ආසාව ඉටු වෙලා පැය විසිහතරක් යනකම් ඔයාට යොන්හී ගේ ඇගේ ඉන්න පුළුවන්.. ඊටපස්සේ ඔයා ඔයාට අය්ති තැනට යය්."

"ඒන්ජල් මන් ගියාම මාව අමතක කරන්න එපා.. මන් කොහෙට ගියත් මාව බලන්න එන්න.."

"ඔයාගේ කැමත්තක් සූආ.."

බේරෙන කදුළු එක්ක කාර් එකෙන් බැහැපු සූආ පාර්ථනා කරේ මේ වෙලාව මොහොතකට හරි නැවතුනා නම් කියලා...

"ජේහු ඔයා කොහොමද මේවා දැනගත්තේ?"

"මන් දන්නේ නෑ සූආ එදා හොස්පිටල් එකේ ඉදන් ඔයාව එක්කන් ආවම මට ඔයා හිතන හැමදේම ඇහුනා ඒ වගේම එදා මන් ඔයාගේ කාමරේට එනකොට යොන්හීව දැක්කා එයා ඔයා එක්ක කතා කරපු හැමදේම මට ඇහුනා මට මුලින්ම මේ දේවල් විකාරයක් කියලා හිතුනත් පස්සේ..."

සූආ කරේ හිර කරන් හිටපු කදුළු නිදහස් කරපු එක විතරයි.. වෙව්ලන කකුල්වලින් හිටන් ඉන්න එයාට තවත් හය්යක් තිබුනේ නෑ... පුළුවන් හය්යෙන් කෑ ගහලා සූආට අඩන්න ඕන උනත් එයාට එහෙම කරන්න බැරි උනා..

"ඊටපස්සේ සේහි ළගට යොන්හී ඇවිත් තියනවා... සේහි හිතලා තියෙන්නේ ඒ හැමදේම නිකන් පේන සිතුවිල්ලක් කියලයි... එයා ඒ දේ මට කිව්වම මාත් එයාට මන් දැක්ක දේවල් කිව්වා.. එදා මන් ඔයාව සේහි ගේ ගෙදර එක්කන් ආවේ මට මගේ සැකේ හරියටම දැනගන්නයි... එදා මන් දැනගත්තේ ඔයා යොන්හී නෙවෙයි සූආ කියලා..."

"සූආ අක්කේ ඔයා මැරුණ විදිහ දැනගත්තොත් ඔයා අපිව හැමදාටම දාලා යනවා ද?"

"හ්ම්ම්.."

සූආ ගේ උත්තරේ උනේ එච්චරයි...

"මට එදා වෙච්ච දේවල් කියන්න සේහි..."

ජේහු ගේ මූණ දිහා බලපු සේහි කතාව පටන්ගත්තා...

"සීනියර් කිසිම වැරද්දක් කරේ නෑ.. ඒ ෆොටෝස් ඔක්කොම එයාගේ යාළුවගේ වැඩ... ඒත් ඒ යාළුවා මේ ඉස්කෝලේ නෙවෙයි නිසා මට ඕන උනේ කොහොම හරි ඒ ෆොටෝස් අය්න් කරන්න..ඒකය් මන් අක්කගෙන් උදව් ඉල්ලන්න ආවේ ඇත්ත හේතුව නොකියා.. එදා ඒ ප්‍රශ්නේ ඉවර උනාම...

2021.02.27 දින~____

"ඒය් සේහි..."

"මොකෝ ආ පස්සෙන් එන්නේ?"

"මන් මුකුත් කරේ නෑ කියලා දන්නවා නේද.. තමුසෙට ඕනේ මාත් එක්ක බ්‍රේකප් වෙන්නද? දැනගන්නවා මලාටත් මන් ඔහෙට යන්න දෙන්නේ නෑ..."

"තමුන් වගේ සෙල්ලක්කාරයෙක් මට එපා.. අනික ඔහෙටත් හොද වැඩේ ඒ වගේ යාළුවො තියන් ඉන්නවා ට.."

"තමුන් හිතනවා ද කනේ පාරක් නිසා මන් ඔහේව දාල යයි කියලා.. හීනෙන් තමයි.."

"මන්.."

තවත් දෙයක් කියන්න සේහි ට හම්බුනේ නෑ එයාට වමනෙ ගියා..

"ඒය් සේහි.. මොකද්ද උනේ? එන්න හොස්පිටල් යමු.."

"ඕනේ නෑ මගේ ඔලුව රිදෙනවා මන් ගෙදර යන්නම්.."

"ඒය් මෙන්න මෙහේ එනවා.."

හොස්පිටල් ගියපු සේහි ටයි සීනියර් කොල්ලටයි දැනගන්න හම්බුනේ සේහි ප්‍රෙග්නට් කියලා...

"තමුසේ.. බලනවා මන් දැන් කොහොමද ජීවත් වෙන්නේ.. මාව ගෙදර මිනිස්සු මරලා හන්ගය්.."

"මෙහෙම කරමු.. අපි දැන් ගිහින් තාත්තා ව හම්බෙමු.. ඊටපස්සේ ඔයාලගේ ගෙදර අයව හම්බෙමු.."

"තමුසෙගෙ තාත්තා මට කැමති නැත්තම් මොනාද කරන්නේ ආ.."

"ඒවා ගිහින් බලාගමු.."

සේහි ව ගෙදර එක්කන් ගියත් එයාලට බලාපොරොත්තු උන උත්තරේ නෙවෙයි හම්බුනේ.. ලොකු රණ්ඩුවකට පස්සේ සීනියර් කොල්ලගේ තාත්තා සේහි ට තර්ජනය කරේ මේ ළමයව නැති කරේ නැත්තම් සේහිවය් ලමයවයි දෙන්නවම මරනවා කියලා..

"තාත්තේ ඔයා කොහොමද මෙහෙම කරන්නේ? ඔයාල මේකට අකැමති උනත් මන් සේහි ව මැරි කරනවා.."

සේහි ව එලියට ඇදන් ආපු කොල්ලා කෙලින්ම ගියේ සේහි ගේ ගෙදර.. කරන්න දෙයක් නැති තැන ගෙදර අය එයාලගේ සම්බන්දේට කැමති උනත් සේහි ගේ හිතෙ තිබ්බේ බයකුයි දුකකුයි විතරයි..

2021.03.02

උදෙන්ම සීනියර් කොල්ලා ගෙදර තිබ්බ තමන්ගේ බඩු අරන් ගෙදරින් පිටත් වෙන්න යනකොට කොල්ලව නැවැත්තුවේ එයාගේ තාත්තා..

"තමුන් කොහෙද මේ බඩු උස්සන් යන්නේ?"

"සේහි ගේ ගෙදර.. හෙට අපේ මැරේජ් එක.."

"තමුසේ මන් කියන දෙයක් අහන්නේ නැද්ද ආ.. ඒ කෙල්ල තමුසෙව අච්චර ලැජ්ජ කරා.. ඒ මදිවට මාවත් ලැජ්ජ කරා තමුසෙට මන් මේ කියන අන්තිම වතාව.."

"තාත්තේ සේහි ගේ බඩේ ඉන්නේ මගේ ළමයා.. මන් කොහොමද ඒ කෙල්ලව අතාරින්නෙ.. මටත් ඔයා වගේ වෙන්න ද කියන්නේ..?"

"අද තමුසෙගෙ මහලොකු ලමයය් කෙල්ලයි හුස්ම ගන්න අන්තිම දවස වෙයි.."

ළග තිබුන පෝච්චිය පොලේ ගහපු කොල්ලගේ තාත්තා ගේ තර්ජනය කනකටවත් ගත්තේ නැති කොල්ලා බඩු ටික අරන් එලියට ආවා..

Back to the present ~___

"එදා රෑ මන් ගෙදර යන ගමන් හිටියේ එකපාරටම කව්දෝ කට්ටියක් මාව වාහනයක් ඇතුලට දාගත්ත.. මගේ කට පටියකින් බැදපු ඒ මිනිස්සු මාව අර පාලු බිල්ඩිමෙ උඩ තට්ටුවට ගෙනාව.. එතන ඉන්නකොට සීනියර් ගේ තාත්තා කෝල් කරලා මාවයි ලමයවයි මරන්න කිව්වා.. ඒත් එතනට අක්කා ඇවිත් මගේ බඩට ගහන්න ගිය පාර වද්දගත්තා.. පස්සේ සීනියර් එතනට ආවත් එයාවත් කට්ටිය හිර කරගත්ත... ඒත් අන්තිමට සීනියර් ගේ තාත්තා ඔයාට කතා කරා.. එයාට ඕන උනේ එයාව ලැජ්ජ කරපු කෙනාව මරන්න ඒ නිසා එයා කිව්වා ඔයා මැරුනොත් ළමයවයි මාවයි අතාරිනවා කියලා.. ඔයා දෙපාරක්වත් හිතන්නේ නැතුව ඒකට හා කියලා එතනින්..."

අත් දෙකෙන් තමන්ගේ කට වහගත්ත සේහි සූආ ව තද කරලා බදාගත්තේ සමාව ඉල්ලන ගමන්..

_____________________♪__________________

*එන්න ගලක් බැදන් මුහුදට පනිමු.. 😪තකට තකට තා.... මේක ඉවරයි ඊලග චැපියෙන් එන්න සූආ ට බාය් කියමු.. 😂මල් කලබක්‌ එක්ක එන්න හොදේ... 😂✋️

*Hope U will enjoy my story... 💌💫

Continue Reading

You'll Also Like

55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
43.7M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...
15.4K 4K 18
🥀නුඹ තරම් 🥀 🦋ජීවිතේ දහසකුත් අභියෝග කම්කටොලු අභියස හිඳ ප්‍රේම කරනා ඔය සිත දමා යන්නේ කෙලෙසදැයි මට කියා දෙනවද........🦋 💜 ඇය මව අහිමි, කුඩම්මාගේ ව...
686K 39.8K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...