Black Eyes-Season One (BL-✔️�...

By BantiPrabu

31.4K 5.6K 1.9K

මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁 More

01- අභිරු
02- ඔයා මගේ
03 - මගේ හීනය
04 - ඔහු සමඟ
05 - නිහඬතාවය
06 - මං ආදරෙයි
07 - රන් බබා
08 - අමනාපය
09 - ආදරේ තරම
10 - අමුතු හැසිරීම
11 - ඉරිසියාව
12 - පලිගැනීම
13 - බුලත් හෙප්පුව
14 - නැවත කොළඹට
15 - නුඹේ ප්‍රේමය
16 - මගේ රන් බබා
17- දින ගෙවී යාම
18- බන්ධනය
19 - අවාසනාව
20 - දරා ගැනීම
21 - වන්දිය
22 - දැක්ක ද මගේ අභී
23 - උණු කඳුලු වැල්
25 - පලිගැනීම (1st book Last Capture )

24 - අවසන් මොහොත

1K 206 120
By BantiPrabu

Black Eyes - 24

සුදු කියන්නේ පිරිසිදු නිර්මල පාටක් උනාට මට ඒක ඇගට දාගත්තම දැනුනේ මගේ රන් බබාගේ ජීවිතේ සුදු රෙද්දට අරන් වගේ බරක්... වේදනාවක්.. ඇඳුමකට මේ තරම් වේදනාවක් එකතු කරන්න පුළුවන් කියලා මම දන්නේ අදයි....
දැන් දැන් දුක් වෙලා වැලපිලා හැපිලම මගේ පනත් මට ඉතුරු වෙලා නෑ වගේ...  දෙයියනේ ඇත්තටම අභී නැතුව මං කොහොමද ඉන්නේ...  මගේ මැණික නැති අනාගතයක් මට කොහෙන්ද දෙයියනේ....
ඇයි...........ඇයි මටම මෙහෙම දෛවය කලේ.... 
මට අභීව අතාරින්න කිව්වනම් මම අතාරිනවා.. ඒත් මට අතාරින්න උනේ මැණික එයාගේ ජීවිතේ අතෑරියට පස්සේ....
මට පුළුවන් නම් පන දෙන්න මගේ පනව මම පපුවට තුරුළු කරගෙන ඉන්නවා හැමදාටම.....
මට දැනෙන්නේ මගේ කකුල් ඔහේ යනවා වගෙයි.... ඒවගෙ අන්ත දශමෙකවත් පනක් නැති කොට අභී වෙනුවෙන් ගෙදර වත්තේ දාපු සුදු කොඩිය දැක්කම ආපු වේදනාව මගේ පපුව හාරගෙන ඇතුලට කිදා බැස්සා...

" අහ්..................."

පපුව අස්සෙන් ආවේ කීරක් ඇනෙන තරම් වේදනාවක්.....

" හිරුවා.......මචං........ශක්තිමත් වෙයන්.......ප්ලීස්........!"

මගේ කකුල් තවත් ඉස්සරහට ගියේ නැති කොට නෙතුම්ලා මාව ඇදගෙන වගේ අභීලගේ ගෙදරට අරගෙන ගියා... ඒ දොරෙන් ඇතුලු වෙනකොට ඒ පොළොවෙම මාව කඩාගෙන වැටුණෙ ඉවසගෙන දරාගන්න පුළුවන් අවසාන සීමාවත් මට නැති කරලා දාලයි.. නෙතුම්ලා මාව උස්සගෙන වගේ ඇතුලට අරගෙන යද්දී  නහයට දැනුනු මල් සුවඳත් එක්ක අභීගේ අම්මයි තාත්තයි ලී පෙට්ටියක් ලඟ හිටියා..

( මේක අනිවාර්යයෙන් බලන්න )

SehasnaKariyawasam මෙන්න මෙයා තමා මේක හැදුවේ....

හුරතලෙන් පපුතුරට තුරුළු වුණු පෙර එදින..
සැනසුමයි මං වින්ඳෙ පෙම් හැඟුම් පුරවගෙන..
රැකගත්තමුත් නුඹව ආදරෙන් මලක් මෙන..
මා නිසා නොවෙද නුඹ විඳෙව්වෙම මේ ලෙසින..

මැවෙනවිට නුඹෙ සොඳුරු රුව රනින් දිස්න දෙන..
කෑගසා හඬයි සිත වේදනා උහුලගෙන..
ළය පිරෙන්නට සෙනෙහෙ හදවතේ දරාගෙන..
නික්මුණේ ඇයි මාව හැර දමා මගේ පණ..

පෙර වගෙම උණුහුමට නුඹව ගුලි කරගන්න..
කහ රෝස මල් කැකුළෙ මෘදු සිපුම් තවරන්න..
කෝලකම් මැද නුඹව ප්‍රේමයෙන් නහවන්න..
නැවත එනවද මැණික බැහැ රිදුම් ඉවසන්න..

මොහොතකට මා වෙතට සිහිනෙකින් හෝ පැමිණ..
නුඹ නැතිව හිඳින සැටි ඉතින් කියලා දෙන්න..
නැවත එනු නොහැකිනම් රත්තරනෙ මගෙ වෙන්න..
නුඹ සිටින කොතැනකට හෝ මමත් අරගන්න..

නොපෙනෙනා සේ ඔහොම නෙතු පියන් වසාගෙන..
තනිව දුර යන්නදෝ සැරසෙන්නෙ නුඹ මෙදින..
කිසිදාක මා ළඟින් නොයන බව දිවුරාන..
රැවටුවද නුඹ මාව අනේ මට පවසන්න..

බිඳක්වත් දුරස් වී සිටින්නට නොහැකි තැන..
අමතකද හැඬුව සැටි නෙත් කෙවෙනි තෙමාගෙන..
නොසිතු ලෙස ඇස් මානෙ නුඹ ඔහොම පරවෙන්න..
පව් කළේ නුඹ නොවෙයි මා පමණි මගේ පණ..

දිදුලාපු කළු දෙනෙත් විවර කර හිනැහෙන්න..
කෝලයෙන් රතු වෙමින් මා ළඟම දැවටෙන්න..
හුස්ම හැර නොගිය වග මගෙ කනට කොඳුරන්න..
නිසල ඔය ගත ඇහැරවා ඉතින් දුව එන්න..

මගේම ආදරණීය රන් බබාට ආදරෙන්...
හිරූගෙන්... 😭💛

( Mshihara නංගිගෙන් මේ හිතට දැනෙන වචන )


" අභී.........කෝ මගේ මැණික........කොහේද.............ඇයි උඹලා අඩන්නේ....... කොහෙද කියපන් මගේ මැණික......????"

" හිරුවා... වරෙන් බන්...!"

නෙතුම් මාව පෙට්ටිය ලගට ඇදගෙන ගියත් මගේ අභී එකේ ඉන්නවා කියලා මට හිතන්න හදවත ඉඩ දුන්නේ නෑ....

" ආන්ටි අපිට අභීව බලන්න මේක අරින්න...???"

නෙතුම් කියනවා මට හීනෙන් වගේ ඇහුනා... මගේ ඇගම සීතල වෙලා ගිහින් ආපහු මම ඒ පෙට්ටිය උඩ ඔලුව ගහගත්තා....

" මේක අපි අරින්නේ නෑ..  අපිට අපේ කොල්ලව මෙහෙම බලන්න බෑ.. ඒ නිසා අපි මේක සීල් කරලා ගෙනාවේ..."

*******************************

හිරුජ පෙට්ටිය මත ඔලුව තියාගෙන ඔහේ කඳුළු අතෑරියා.. කවුරුත් එයාගේ කඳුළු නවත්තන්න උත්සහ කලේ නෑ..

" මගේ බබා.... මගේ බබා මේකේ නෑ... එයාට මුකුත් වෙන්නේ නෑ.... මගේ පන ඉන්නවා.. උඹලා මට බොරු කරන්නේ.... මගේ කොල්ලා මැරුණනම් ඇරපන් මේක.. ඇරලා මගේ කොල්ලව පෙන්නපන්...  "

එක පාරටම හිරූ නැගිටලා කෑගහලා පෙට්ටිය වටේම තිබ්බ මල් වඩම් ලයිට් කුඩු කරන්න පටන් ගත්තා... අභීගේ අම්මා කඳුළු අලුත් කරගෙන කෑ ගහලා අඩද්දී අභීගේ අයියා ඇවිත් ආපහු හිරුජට ගහන්න අත ඉස්සුවා.. එතකොටම නෙතුම් පැනලා අයියගේ අතින් අල්ලගෙන එයාව තල්ලු කරලා දැම්මා....

" උඹ හිටපන්..................අත තියන්නෑ අපේ කොල්ලට....උඹ හිතන්නේ මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ උඹේ එකා කියලා විතරද.?? ඒ ඉන්නේ අපේ කොල්ලගෙ ජීවිතේ යකෝ.. ඒ මුගේ හැමදේම.. කවුද යකෝ ඌ ලෙඩ වෙලා විඳවද්දි බලාගෙන හිටියේ එතකොට මේ රිපෝට්ස් බලපන්.. උඹලා ඌට දොස් කිව්වේ මේවා බලලද..?? මාසයක් නෑ කොල්ලා නොගිය හොස්පිටල් එකක් නෑ....  උඹලා කොහෙද හිටියේ ඌ ලෙඩ උනාම.. උඹලා රටවල් වල ඇවිද ඇවිද සැප ගත්තා.. අපේ කොල්ල තමයි යකෝ ඌව රැක්කේ මැණිකක් වගේ.. උඹලා නොදැක්කට උගේ ආදරේ අපි දැක්කා... ඒ නිසා මෙතන අපි අතින් මිනීමැරුමක් නොකර පාඩුවේ පැත්තකට වෙයන්.... "

නෙතුම් පෙට්ටිය උඩ තිබ්බ මල් වඩමත් අරන් අයියගේ කකුල් දෙකට ගහද්දි සේරම දෙනා තක්බීරි වෙලා නෙතුම් පෙන්නපු රිපෝට්ස් අතට අරන් බැලුවා.... ඒත් කිසිම වෙනසක් නොපෙන්වා අභීගේ අම්මයි තාත්තයි අඩ අඩා අපෙන් මූනවල් හංගගත්තේ හිරූට කරපුවට සමාව ඉල්ලන්න වගෙයි...

" හිරුවා.......යමන් යන්න......... උඹේ කොල්ල ඉන්නේ උඹේ පපුවෙනේ.. තවත් මුං කියන ඒවා අහන්න ඕනි නෑ උඹ.. යමන්...."

" ඔව්... මගේ කොල්ලා මං ලග ඉන්නවා..හැමදාටම... මම මගේ එකාට මෙහෙම කරපු උන්ගෙන් පලි ගන්නවා.. ඒකට මම ශක්තිමත් වෙන්න ඕනි.... "

" අභී...................................මම යනව මැණික.........උඹ මගේ ලඟ නෑ තමයි.......ඒත් මම උඹේ ලග මැරෙනකන්ම ඉන්නවා... මේ ආත්මෙ බැරිනම් ඊලඟ ආත්මෙ හරි මම උඹව මගේ පන දීලා හරි රකිනවා මැණික........"

හිරුජ අභීගේ පෙට්ටිය ලඟ දණ ගහගෙන අඩ අඩා කෑගහලා කිව්වා.. නෙතුම් වගේම යසිත් එකතු වෙලා හිරුජ වත්තම් කරගෙන ගෙදරින් එලියට බැස්සා.. වටේ පිටේ හිටිය සේරම මිනිස්සු කසු කුසු ගාද්දී හිරුජ ආයෙම නෙතුම්ගේ අත් දෙකට කඩාගෙන වැටුනා...

" ඒ අර පිරිමි ළමයා එක්ක හිටපු යාළුවලු.. පව්... එයා ගොඩක් ඒ ළමයට ආදරේයි වගේ... "

" අද කාලේ ඔය ආදරේට කොහෙද බන් ඉඩක්.. ඒක වෙන්න ඇති මේ ළමයට මෙහෙම උනේ...  වටේ පිටේ උන්ගේ සාපම වැදිලා පව්... "

" ඔව්.. අම්මලා මාරයි.. බොඩි එකට කිසිම හානියක් වෙලා නැති දරුවගේ බොඩි එකත් සීල් කරලා ගෙනත්ලු.... ලැජ්ජාවට වෙන්නැති..."

###########################

" රන් බබා..........කෝ අනේ.......නැඟිටින්නකෝ...........

අභී මගේ පපුව උඩට වෙලා සනීපෙට නිදි.... මං ටිකක් වෙලා ඒ කහ මලක් වගේ බබලන මැණිකගේ මූන හිමීට අතගෑවා....

" අනේ හිරූ සුට්ටක් ඉන්න දෙන්නකෝ .. ඔයා සස්නෙයි අනේ... සනීපයි...."

"එහෙම ද...??"

මම එහෙමම මගේ කොල්ලගේ පිට දිගේ අතගාන්න ගත්තා...ඔන්න එත්කොට කිතියේ ඇඹරෙනවා..... මට හිනත් එක්ක....

" කෝ තාම දොයිද..?? සුදු පස්සත් උඩ දාගෙන... "

මම හිමීට පිටිපස්සත් අතගාන්න ගත්තම කොල්ලගේ මූන සතු වුනා....

" කුකුල් නින්ද නේද..?? කෝ මට ගුඩ් මෝනින් කිස් එක දෙන්නකෝ වස්තූ.........??"

" අනේ........ව්.........දොයියන්න දෙනවකෝ කැතවලහා... "

" අඩේ මට කැත වලහා කිව්වා නේද හිටපිය මම වලහගේ හොඳම හරිය පෙන්වන්න...."

මම මගේ රන් බබාව එහෙමම ඇදේ පෙරගෙන බෙඩ් ශීට් එක අයින් කලා.....

" අනෙ........සොරි සොරි සොරි අනේ..........ආයේ කියන්නැ වලහා... මාව අතාරිනකෝ මෝඩ හිරූ.............හ්හ්හ්හ්හා අනේව්........මට කුචි මෝඩස්....."

මම ඒ බෙල්ල පුරාමයි පපුව පුරාමයි බඩෙයි මගේ රැවුල් කොට ගෑවම කොල්ලා හයියෙන් හිනා වුනා.....

************

" හිරුවා..............හිරූ..............නැඟිටපන්................!!!!!"

ඈතින් ඇහෙන හුරු පුරුදු කටහඩක් එක්ක මම ඔලුව උස්සද්දී මගේ ඇත් දෙක යට හිටිය මගේ මැණික ටික ටික බොඳවෙලා යන්න පටන් ගත්තා....

" මැණිකහ්.......එපා..........දෙයියනේ.........ඇයි මේ.........බොඳ වෙන්නේ............අභී................අනේ...............එපා......................................................................"

මාව ගැස්සිලා ගියාම මගේ ඉස්සරහා අසරණ විදියට බලාගෙන හිටියේ  යසිත්.... මං දැක්කේ කැරකෙන සිවිලිම් ෆෑන් එකක්.... නහයට දැනුනේ හොස්පිටල් එකක සැර....
මම ඒ කියන්නේ ඉන්නේ හොස්පිටල් එකක....
එතකොට මම දැක්කේ හීනයක් ද..??
මගේ මැණික එතකොට ලඟ හිටියේ හීනෙන් ද...??

" යසියා........කෝ මගේ මැණික.......???"

"හිරුවා.......ඇති බන් ඔය.......දැන් වත් හිත පොඩ්ඩක් හදාගනින්කෝ....... !"

" හදාගන්න කොහෙද බන් මට හිතක්... ඒක මැරිලා ගිහින්. මට හිතක් වගේම හදවතකුත් නෑ... අභී ඒ සේරම අරන් ගියා බන්... අනේ ඇයි බන් ඌ මාව අරන් ගියේ නැත්තේ...?? ඇයි පොඩ්ඩක්වත් හිතුනේ නැත්තේ මම එයා නැතුව ඉන්නේ කොහොමද කියලා.. පපුව පැලෙන තරම් ආදරයක් හිතේ පුරවලා තියෙද්දී කොහොමද බන් මං ඒ ඇස් ඒ මූන ඒ හිනාව අමතක කරලා හුස්මක් ගන්නේ... මට ඒකට උත්තරයක් දීලා හිටපන් බන්... "

මගේ ඇස් දෙකෙන් වැටෙන කඳුළු පාලනය කරගන්න බැරිකමට මම යසියාගේ බෙල්ල බදාගෙන ඇඬුවා...

" මොනවා කරන්නද බන්... වෙච්ච දේ උනා.. කොල්ලට පන ගන්න අපිට බෑනේ බන් දැන්...."

" උඹ දැන් මොකක්ද කරන්නේ...ආපහු කැම්පස් යනවද..??"

" උඹට පිස්සුද බන්...  දැන් මට හොඳටම ඇති... මම ගමට යනවා.. මගේ කොල්ලට කරපු දේවල්වලට වන්දිය ගන්න ඕනි.... "

මම යසියාගෙන්  එහාටවුනා... මම කොල්ලෙක්ව අභීගෙන් පස්සේ යාළුකමට හරි ඇල්ලුවේ මේ දැන්.. මට තප්පරයකට ඒකේ වරදකාරී බවක් දැනුනා.. මගෙ මැණික මං දිහා බලාගෙන ඉන්නවනම් ...

" මොකද බන්...  ????"

යසියා මං දිහා පුදුම වෙලා බැලුවම මගේ හිතේ වරදකාරී බවක් ඇති වුනා...

" මගේ මැණික බලාගෙන ඉන්නවනම් ඉරිසියාවේ පැලෙයි බන්..."

" අනේ මචං......!!"




ඉදිරියට

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁 කතාව ඊලඟ එපියත් අද දෙන්නම්....  කතාව සෑඩ් එන්ඩින් නෙවෙයි.....

Continue Reading

You'll Also Like

6.5K 1.5K 16
සංසාරගත බැදීමක් එක් ආත්ම භවයකට පමණක් සීමා නොවේ...... ඔවුන් ආත්මයක් ආත්මයක් පාසා හමු වේ.... නමුත් පෙර භවයේ විදි දුක් කම් කටොලු මේ භවයේද විදීමට සිදුවේද...
47.7K 10.6K 85
විහා_ධීෂ | COMPLETED | Historical Bl කතාවකි. විහාධ්‍ය × නුවිධීෂ Started :- 03/10/21 Finished:- 30/01/22 By Day_Dreame_r All rights reserved.
25.1K 4.3K 54
තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි පවති......
982K 35.4K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...