Black Eyes - 23
( අරුන් කෙයාන් වගේ සැනසෙන්න පුළුවන් කොටස් තාම නෑ...ඉදිරියට තියනවා...
ඒ නිසා Emotional අය මේක ටිකකට බලන එක නවත්තන්න . )
" හිරූ නැඟිටපන්.... හිරූ..............කෝ නැඟිටපන්.......!!!"
අවසිහියෙන් වගේ මට මගේ නම කවුරුහරි කියනවා ඇහෙද්දී මම අමාරුවෙන් මගේ ඇස් දෙක ඇරියා....මට දැනුනේ ඇහි පිහාටුවල කවුරුහරි නැගගෙන ඉන්නවා තරම් තද ගතියක්.... ඒත් මම අමාරුවෙන් ඇස් අරිනකොටම මට මතක් උනේ මගේ කහ රෝස මලව.....
මගේ රන් බබා... මගේ මැණික... මගේ වස්තුව....මගේ ජීවිතේ.....අන්තිමට මට මතක මගේ මැණිකගේ අවසාන හුස්ම පොද මැකිලා යන සද්දේ..
ඒත් එක්කම මම හිතුවේ මම හීනයක් දැකලාවත් ද කියලා....
" නෙ....තු...ම්...........!"
වචන පිට කරගන්න බැරි තරමට මගේ උගුරෙන් වේදනාවක් දැනුනම මම ඊයේ කෑගැහුව ද කියලා කල්පනා කරා...
" කෝ බන්.... මගේ.... අභී.......????"
" අභීව බලන්න තමයි බන් අපි යන්න හදන්නේ... උඹ නැගිටපන්කෝ......උඹ දවස් දෙකක් මෙහෙම නිදාගත්තා බන්.. දැන් මදැයි නේද..???"
නෙතුම් කියද්දී මට කිසි දේක නිනව්වවක් නෑ... මම හිමීට ඇදෙන් බහින්න හදද්දී මම දැක්කේ මගේ අත් කකුල් දෙකම බැන්ඩේජ්වලින් ඔතලා කියලා..
ඒත් මට කිසිම දෙයක මතකයක් තිබුණේ නෑ.... මට මතක එකම දෙයයි.... ඒ මැෂින් එකෙන් ආපු බීප් සද්දේ....
" නෙතු...ම්... මගේ අභීට මුකුත් උනේ නෑ නේද.....? අපි හොස්පිටල් ද යන්නේ...??"
" උඹ ගිහින් මූන මූන සෝදගනින්කෝ...අත තෙමෙනවනේ ඒත්..හිටපන් හසිත් හිටියා.... "
" නෙතුමෝ මම මේ කොහෙද බන්.... ???"
" ඒවා වැඩක් නෑ හසියා එක්ක ලෑස්ති වෙයන්කෝ.. ඊට පස්සේ මේක ඇඳගනින්....!"
නෙතුම් සුදු ෂර්ට් එකකුයි නිල් ඩෙනිම් එකකුයි තිබ්බා... පිස්සුද මංදා.. මලගේක යන්න වගේ මුං සුදුත් ඇදගෙන....
" මේ ඔය සුදු තියලා තියෙන්නේ තොපිට පිස්සුද...?? හොස්පිටල් එකට යන්න සුදු මොකටද... කෝ ගනින් වෙන ඇඳුමක්... මං යන්නම් තනියම මට පුළුවන් .. මේ කොහෙද කුස්සිය... මගේ කොල්ලට මම සුප් එකක් හදාගෙනවත් යන්න ඕනි.... "
නෙතුමයි යසියයි බලාගෙන ඉන්නේ සෑහෙන්න අවුලකින් වගෙයි.. මම උන්ට බැන්නා වගේ උන් මූනු හදාගෙන දෙක කරන් මගේ දිහා බලාගෙන ඉන්නේ.. පිස්සු මුං ඔක්කොටම.. මගේ රන් බබා කේන්ති ගත්තම මුන් ද මාව බේරන්නේ.... පොඩ්ඩ ඇති මිරිස් කරලට...
මගේ මූනේ ඉඹේටම හිනාවක් ඇඳුනා....
" මේ කෝ බන් මේ කුස්සියේ බඩු ... ????"
මම ෆ්‍රිජ් එක ඇරියම මුකුත්ම නෑ... ඒක හිස්.... හරියට මොකද්දෝ වගේ... මගේ පපුවත් එතකොට මොකද්දෝ හිරියකින් පිරිලා ගියා....
" හිරූ.......ඕක නවත්තපං........!!!"
යසියා ඇස් දෙකෙන් වැටෙන කඳුළු පිහිදගෙන කියද්දී මගේ හිතට මහ මූසල හැඟීමක් ආවා.. ඇගේ වැදුණු සීතල හුළං පාරක් මගේ ඇගම කිලිපොලාගෙන ගිහින් අතේ තිබුණ ඇලුමිනියම් භාජනය අපි තුන්දෙනාගෙ නිහඩ බව බිඳගෙන සරාන් ගාලා බිමට වැටුණා....
" හිරූ........හ්..........""
නෙතුම් මං ලගට දුවගෙන එද්දී මම දැක්කේ මගේ කකුල උඩ පෑරුණු තුවාලයක් .. වෙනදට සීරීමකටත් දැනෙන මගේ ඇගේ මොකද්දෝ හැඟීම් දැනීම් නැති ගතියක් තියනවා කියලා මට හිතුනත් මම ආපහු හැරුණේ සුප් එකක් නැත්නම් බත් කැඳ එකක් හරි හදාගෙන යන්න... මම කබඩ් ඇරියම හාල් තිබ්බා ලුණු තිබ්බා.... මම දෙකම අරන් මේසේ උඩිත් තියලා හාල් ටික ගත්තේ හෝදන්න....
ඒත් එක්කම මට දැනුනේ මගේ ඇගට උණුසුම් වෙලා යනවා වගෙයි... උණුසුම් අත්වලට මාව කොටු වුන නිසා මම හැරිලා බැලුවා....
නෙතුමුයි යසියයි දෙපැත්තෙන් මාව බදාගද්දී මගේ හිත අමුතු හැඟීමකින් පිරිලා ගියේ මටත් හිමි නැති කඳුළු මගේ ඇස් දෙකෙන් ගලාගෙන යද්දී... මොන මගුලකට මම අඩනව ද මංදා..
" අයින් වෙයල්ලා යකෝ.... මගේ කොල්ලා දැක්කොත් උඹලගෙ කොණ්ඩ ගහකටවත් මම ඉන්ෂුවරන්ස් එකක් දෙන්නේ නෑ...."
" හිරුවා............ඕක නවත්තපං.... උඹ දන්නවා අභීට මොකක්ද උනේ කියලා... උඹ ඔහොම පිළිගන්නේ නැතුව හැසිරුනා කියන්නේ උඹ පිස්සෙක් වෙන එක බං... යථාර්ථය තේරුම් ගනින් මචං... අභීගේ අම්මලා අද හවස 3.00 ට කොල්ලගේ අවසන් කටයුතු කරනවා කිව්වා බන්... ඒ නිසා ඉක්මනින් ලෑස්ති වෙයන්... අවසන් මොහොතේ හරි උඹ අභී ලඟ ඉන්න ඕනි.. අභීට හිත හදාගෙන හොඳ ආත්මයකට යන්න කියලා ප්‍රාර්ථනා කරපං බන්... නැත්නම් කොල්ලාගේ ආත්මයට සැනසීමක් නැතුව යයි හිරුවෝ.........ප්ලීස්.............!!"
" කටවහපං............උඹ කොහොමද මගේ මැණික මැරුණා කියන්නේ.... දෙයියනේ උඹේ ඔය කට වහගනින්... !"
Yasith' S POV......
එදා හිරූ හොස්පිටල් එකේ ඉන්න දවසෙමයි මම තේරුම් ගත්තේ අභීගෙයි හිරූගෙයි අතරේ තිබුණේ යාලුකමට වඩා වැඩි බැඳීමක් කියලා.. හිරුජ අභී දිහා බලද්දී ඒ ඇස්වලින් ආදරෙය උතුරනවා.. අභී හිරූ දිහා බලද්දී ඒ ඇස් ලැජ්ජාවෙන් උනත් දිලිසුනා...
එදා සමිත අභීව අල්ලද්දී හිරූගේ ඇස් ඉරිසියාවෙන් කේන්තියෙන් පිස්සු වැටෙද්දී මම තේරුම් ගත්තා ඒ ආදරේට සීමා මායිම් නෑ.. ඒ වැටකඩොළු සේරම එයාලා බිඳගෙන ආදරේ කරනවා කියලා...
මම කැම්පස් එකේදී අභීගේ සිද්දිය ටිකක් අහලා තිබ්බත් මේ තරම් සීරියස් කේස් එකක් කියලා දැනගෙන හිටියේ නෑ.. උන් ආදරේ කරපු තරමට මේක දෛවයේ තනිකරම සරදමක්.....
අපි කෙල්ලෙක්ට ආදරේ කරනවට වඩා උන් දෙන්නට දෙන්නා ආදරේ කරද්දී තිබුණා..
ඒ ආදරේට අපිට ලං වෙන්නවත් බෑ..
එහෙම එකේ මෙහෙම දෙයක් උනාම අපිට හිතාගන්න බැරුව ගියා..
නෙතුම් අභීගේ ඛේදවාචකය ගැන කියද්දි මම කැම්පස් එකෙන් වේලාවසන දුවගෙන ආවේ හිරූ යාලුවෙක්වත් ආශ්‍රය කරේ නැති නිසා. උගේ ලෝකයම උනේ අභී අභී අභි.. ඒ නිසා මේ වෙලාවේ ඌට හයියක් වෙන්න පුළුවන් එකම කෙනා මම කියලා දන්න නිසා මම ඌව අරන් මගේ Apartment එකට ආවේ.. මොකද හිරුවා ඒ වෙද්දිත් පිස්සෙක් වගේ පාරවල් ගානේ දුවගෙන ගහක් යට වැටීගෙන පිස්සෙක් වෙලා ඉද්දි නෙතුම් ඇදගෙන ගෙනත්.. ඒ එනකොටත් වේදනාව දාරාගන්න බැරුව සිහියත් නැතුව ගිහින්...
තවත් මට හිරුවා විඳවනවා බලාගෙන ඉන්න බැරි නිසා මම ඌව යථාර්ථයට ගේන්න උත්සහ කලේ....
ඒත් ඌ තවත් පිස්සුවෙන් හැසිරෙද්දි අපි දෙන්නම එකතු වෙලා මිනිහව අල්ල ගත්තා...
" හිරුවා යමන් දැන්වත්..................!!!"
මම කෑ ගහලා කිව්වම හිරූ අමුතු විදියට මං දිහා බලලා රැක් එකේ තිබ්බ ටවල් එකක් අරන් Bathroom එකට රිංගුවා...
" යසියා දොර ලඟ හිටපන්.. ඕකා මොනවා කරගනීද දන්නේ නෑ බන්...."
End POV....
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
හිරුජව Bathroom එක ඇතුලට යවලා යසිත් දෙර ලගින් හිටියේ හිරුජ එයාටම මොකක් හරි දෙයක් කරගනී කියලා දැනුන බිය නිසයි.... ටික වෙලාවකින් Shower එකත් on කරගෙන හිරූ එයාගේ T shirt එකත් ගලවලා පැත්තකට විසි කලා..දැවෙන හදවතකට වැටෙන වතුරත් රස්නෙයි කියන්නාක් සේ හිරූගේ ඇගට වැටෙන මද උනුසුම් වතුරත් එයාට දැනුනේ තුවාලයකට දමන ලුණු වගේ.. ඒත් ඒකින් හිරූගේ ඇගට ගෙනාවේ සතුටක්... එයාගේ හදවතේ තුවලවලට ලගින්වත් යන්න ගතේ තුවාලවලට ඉඩක් ලැබුණේ නෑ.. හිරුජ එයාගේ අකීකරු කොණ්ඩේ වතුරට ඇල්ලලා අත් කකුල්වල තිබ්බ බැන්ඩේජ් ඔක්කොම ඇදලා විසිකලා... හිරූගේ ඇගේ තිබ්බ තුවාලවලට වතුර වැටිලා තවත් පෑරුණාම ඒ වේදනාව පිට දාලා එයා ඔලුවත් බදාගෙන අඩන්න පටන් ගත්තා....
" ආ..............හ්.................................................................................මගේ රන්.........................................අහ්....................දෙවියනේ.................මගේ මැණිකේ..................අහ්..........මට බෑ..........උඹව මගේ ඇස්වලින් මකපන් බන්.........ඇයි මාව දාලා යන්න ගියේ............දෙයියනේ.........ඇයි..........ඇයි...........ඇයි.....................කියපන් අභී..............මේක අසාධාරණයි බන්............අහ්............."
හිරූ කෑගහ ගහා ටයිල්වලට මිටමොලවලා ගහගෙන ගහගෙන ගියා... මේ වෙලාවේ කරන්න තියන හොඳම දේ එයාගේ වේදනාව එයාට දරාගන්න ඉඩ දෙන එක නිසා යසිත් අඩ අඩම දොර ලගට වෙලා හිටියා... කාටවත් දරාගන්න බැරි තරමට බර ඛේදවාචකයක් වෙද්දී අභී වෙනුවෙන් කඳුළු හලපු අය ගොඩක් ඇතිවුනා....
" ආහ්.....................අභී...................."
හිරුජ Bathroom එකේ බිම වැටීගෙන එයාගේ පපුව මැදට මිටි මොළවලා ගහගත්තා....
" අනේ බන්......මේ දුක මට බර වැඩී බන්.........ප්ලීස් අභී.........."
ඇති වෙනකන් අඩපු හිරූට එයාගේ ඇස්වලට තවත් උනන්න කඳුළු නැතුව ගියා....
" හිරූවා.............මං එනවා ඔන්න.............උඹ නාලා ඉවරයිනේ......."
යසිත් හිමීට දොර අරිනගමන් කෑගැහුවත් ඇතුලෙන් ඇහුණේ සැරෙන් සැරේට ඇහුණු ඉකි හඩක් විතරයි.....
යසිත් බලද්දී හිරූ හිටියේ බිම... යසිත් ඉක්මනින් ටවල් එකක් අරන් හිරූගේ ඇගවටේ ඔතාගෙන හිරූව වත්තම් කරගෙන එළිය අරන් ගියා... ගිහින් ඇඳුම් අතට දිලාත් හිරූ බලාගත්තු අත බලාගෙන ඉන්න නිසා හිමීට අන්දන්න උත්සහ කලා....
ඒත් ඒ රතු වෙලා ඉදිමිලා තිබ්බ ඇස් දෙකෙන් හිරූ යසිත් දිහා බැලුවා.....
" උඹ පලයං......... මම හොඳින්.. ලෑස්ති වෙලා එන්නම්......!"
හිරූ හැඟීම් විරහිත දෑසකින් හිමීට කිව්වම යසිත් හිරූ දිහා හොඳට බලලා දොරත් ඇදගෙන එළියට ගියා....
ටික වෙලාවකි එළියට ආවේ ඕනෑවටත් වඩා සන්සුන් හිරුජ කෙනෙක්....
හරියට සුනාමියකට කලින් මුහුද වගේ.....
නෙතුම් වගේම යසිත් හිරූ ගැන ඇහැ ගහගෙනම හිටියේ තවත් වටින ජීවිතයක් අකාලයේ අහිමි කරගන්න බැරුව වේදනාවෙන්....
" අපි යමු...........!!"
හිරුජ ඕනිවට එපාවට කියද්දී නෙතුම් හිරුජගේ අතින් අල්ල ගත්තා....
" උඹ ඇයි ඔහොම...???"
"මගේ අභී මැරිලා නෑ.... එයා ඉන්නවා.. එයා මගේ මෙතන ඉන්නවා.. මට දැනෙනවා.. !"
හිරුජ පපුවේ වම් පැත්තට අත තද කරලා කිව්වම නෙතුම් දිගු සුසුමක් හෙලලා හිරුජව වාහනය නඟවා ගත්තා...
" උඹ කලබලයක් කරන්න එපා ගිහින් හොදේ....?"
" මට මොනවා ලබා ගන්න ද බන් දැන්... මගේ හුස්ම ටිකත් නැතිකොට.. මට උන්ගෙන් මොනවා ගන්න ද.? "
" හ්ම්ම්ම්.. යමන්කෝ......... !"
හිරුජ එයාගේ අත් දෙක ඉස්සරහට කරලා බැලුවා... ආපහු ඒ අත් පපුවට තියලා ඇස් දෙක පියාගත්තා..
හිරූගේ මතකයට ආවේ එයාගේ දෑතේ උණුසුමේ පපුවේ උණුසුමේ වෙනදට ගුලි වෙන එයාගේ හුස්ම ටිකයි.....
ඉදිරියට
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🍁 මං කුරිරු වැඩී ද...?? අනේ ඉතින් තව කොටස් ගානක් මේ අදෝනාවම තමා...
🍁 Emotional අය බලන්න එපා... ඊලඟ කොටසත් කොහොමත් බලන්න එපා...