Black Eyes - 19
" අහ් වරෙන් ඇතුලට.. මේ සද්ද කරන්න එපා කොල්ලට තව ටිකක් නිදියන්න දෙමු..."
මම නෙතුම්ව ඇතුලට අරන් කුස්සියේ මේසෙ ලග වාඩි වෙන්න දීලා කිරි එකක් හදලා දුන්නා මං නාලා එනකන් බොන්න... නෙතුම් අභීගේ කාමරේ දිහාත් බලලා දිග හුස්මක් අතෑරියා කියලා මම හොඳටම දැක්කා...
" හිරුවො...?"
" කියපන් බං...
" උඹ බලනවා ඇති නේද ඇයි මම මෙහෙම කරන්නේ කියලා...?"
ඇත්තටම මගේ හිතේ කැකෑරි කැකෑරි තිබ්බ ප්‍රස්නයක් නෙතුම් අතෑරියා....
" හ්ම්ම්..."
" මම කැම්පස් ආව මුල් දවස්වල මගේ ID එක එක්ක පර්ස් එක නැති වුනා.. ඒ දවස්වල අර ගුටි කෙල ගත්ත සීන් එක නිසා හැමෝවම චෙක් කරලා ගත්තේ....
මට යන්න දුන්නෑ බන් ගේට් එකෙන්..
පස්සේ අභියා ඉදලා කියලා කියලා මාව අරන් මට කන්නත් අරන් දීලා ඌ ගියේ....
උඹට එතකොට මොකක් හරි Presentation එකක වැඩක් කියලා කිව්වා..
ඉතින් බන් එතකොට මට කැම්පස් එකේ එක යාලුවෙක්වත් හිටියේ නෑ..
ඌ එදා කරපු උදව්ව මට කවදාවත් අමතක වෙන්නෑ මචං..."
මට එතකොටම එදා සිද්දිය මතක් උනා.. රන් බබා කැන්ටින් එකට එනකන් මම වැඩිපුර විනාඩි 10ක් බලාගෙන හිටියම කොල්ලා හති දදා ආවේ.. මම ඇයි ඇහුවම ඔය වගේ සිද්දියක් මට කිව්වා...
" අහ්.. මට මතකයි.. රන්බබා මට කිව්වා.."
මම අභීගේ ලවින් නේම් එකෙන් කතා කරද්දී නෙතුම්ට හිනාවක් ගියා.. ඒත් එක්කම මගේ මූනෙත් හිනාවක් ඇදුනේ මගේ ලැජ්ජාව වහගන්නයි...
" හිරුවා ඒක නෙවෙයි එදා සීයා අභියගෙ හොරස්කෝප් එක ඇහුවා නේද..? ඒක අරන් යන්න වෙයි නේද බන්...?"
ඇත්තටම මට ඒක මතක් උනත් ඒක අභීගේ ගෙදර නිසා මට ඒක ඉල්ලන්න යන්න විදියක් නෑ....
" නෑ මචං ඒක අභීගේ ගෙදර.. මට කොල්ලගේ අම්මගෙන් ඒක ගන්න මේ හදිසියේ බොරුවක් මතක් වෙන්නෑ බන්.. ඒ නිසා වෙලාව දීලා මොකක් හරි කරගන්න බලමු..."
" හ්ම්ම්... "
නෙතුමුත් බැරෑරුම් මූනකින් කිරි එක අතට අරන් බොන්න පටන් ගත්තා...
" ශා.........පට්ට රසයිනේ මචෝ...."
මම හිනාවක් දාලා Bathroom එකට රිංගුවා.... ඇත්තටම මගේ මැණිකව මට සනීප කරගන්න පුළුවන් වෙයි ද..? අසනීප උන දා ඉදලා ඊයේ තමයි මගේ කොල්ලා සැනසීමෙන් නිදාගත්ත පලවෙනි වතාව...
ඒ නිසා මගේ හිතේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඇදිලා තිබුනා...වෙනදට වඩා මගේ හිත සතුටෙන් පිරුණත් හිත් කොනක පැටලුනු බියක් නැතුවාම නෙවෙයි....
මම ඉක්මනින් නාලා කුසියට යද්දී නෙතුවා පෝන් එකේ ගේම් එකක් ගහනවා..මම ගියාම පොර ඒක නවත්තලා මගේ දිහා බැලුවා...
ඒ ඇස්වල තිබ්බේ මං ගැන අනුකම්පාවක් ...
ඇත්තටම මට ඕනිත් ඒකමයි....
" උඹ ආයේ මොනවද බන් කරන්නේ..??"
" අපි මොනාහරි උයාගෙනම යන් බන්.... උදේට කොලට කන්න දේකුත් එපැයි... මාළු ටිකක් තිබ්බ කිරට හදාගෙන සම්බෝලයක් හදන්නම්. හරියට නොකාපු නිසා එක පාරටම සැර කන්න බෑනේ කිරට මොනවහරි ඕනි...."
" දියං මං පොල් ටිකක් ගාලා දෙන්නම්.."
නෙතුවා පොල් බෑයට අත දික් කරද්දී මට අප්සට්ගියා... මොනා උනත් ඌට කියලා පොල් ගාගන්න මට මොකක්ද වගේ....
" පිස්සුද බන්.. මම කරගන්නම්..."
" අනේ මේ දියං හු&%තෝ.... "
නෙතුම් මට යාලුවෙක්ට වගේ කතා කරද්දී මගේ හිත සතුටින් පිරිලා ගියා.. ඇත්තටම අභී හැර කිසිම කෙනෙක් මගේ දුකට සැපට හිටියේ නෑ...අභීටත් වෙනසක් නෑ..
ඒත් නෙතුම් සමීප වෙන එකට මගේ හිතේ තිබුණේ ලොකු සතුටක්... මට මේ වෙලාවේ උගේ සමාගමය මාරම හයියක් උනා...
" හපෝ ගනින්.. උඹට ඔච්චර පොල් ගාන්න ආසනම් කවදාහරි උඹේ ගෑනි සතුටු වෙයි..."
මම එහෙම කියාගෙනම පොරට පොල් බෑය දුන්නා....
" අඩෝ මං දැනටත් ගෑනිට උයන්න සප් එක දෙනවා බන්..."
ඇත්තටම නෙතුම්ගේ පෞද්ගලික ජීවිතේ මම දැනගෙන හිටියේ නෑ...
" අඩෝ නෝ... අම්මපා කියපන්... "
මම රයිස් එකට හාල් හුන්ඩු එකාමාරක් තියන ගමන් ඇහුවා....
" ඔව් බන්.. කෙල්ල ඉන්නේ බෝඩිමක. ඒකි කොළඹ කැම්පස් එකේනේ.. ඉන්නේ තව කෙල්ලෙක් එක්ක.. ඒකිගේ කොල්ලයි මමයි යනවා ඉතින් එහෙ.. ගියාම ඉතින් අපිට කිචන් තමා උරුම වෙන්නේ..."
" හ්හ්හ්හ්හා හොඳ වැඩේ..."
" අඩෝ... ඉතින් එහෙම තමා යකෝ අනාගත ස්වාමි පුරුසයා වෙන්න සුදුසුකම් සපුරන්නේ.."
මට තප්පරයකට හිතුනා නෙතුවා මගේ මූඩ් ෆික්ස් කරන්න ඒ දේවල් කියනවා කියලා.. ඒත් එක්කම ඌට වීඩියෝ කෝල් එකක් ආවා...
" ඔව් වස්තූ... ඔව් එහෙ ඉන්නේ අපි මේ උයනවා..."
" ඇත්ත බන්.. හපෝ හිටාන් පෙන්වන්නම්..."
නෙතුවා වීඩියෝ එක හතර අතේ යවන ගමන් මාවත් සුදු ලස්සන කෙල්ලෙකුට පෙන්නුවා මමත් අත වනලා හිනා වුනා... නෙතුවා පෝන් එක කට් කරේ පොල් ගාන්න ඕනි කියලා... අපි දෙන්නම එකතු වෙලා උයලා කෑම මේසෙට බෙදලා වැහුවා...
" මචං මම කොල්ලව ඇහැරන් එන්නම්..."
මම නෙතුවට ඉන්න කියලා ගියේ අපේ කාමරයට...
මම යනකොට මගේ කොට්ටෙත් තුරුළු කරගෙන මගේ වස්‍තුව තද නින්දේ... මම එහෙමම පාත් වෙලා ඒ රෝස පාට දෙතොල්වට බර වුනා...මූන පුරා හාදු තියලා මම කොල්ලව ඇහැරෙව්වා....
" අනේව්....හිරූ......තා සුට්ටක් ඉන්න දෙන්නකෝ...."
කොල්ලා මගේ උකුලේ ඔලුව තියාගෙන මගේ බඩට මූන තද කරන් ඉනවටේ අත් බැඳගත්තා... මම කොල්ලගේ උරහිස් දෙකෙන් අල්ලලා මගේ කරට උස්ස ගත්තා....
" අපිට පරක්කු වෙනවා මගේ වස්තුව... යනගමන් නිදියමුකො.. දැන් යමු මූන සෝදන් ඇදුමක් ඇදෙගෙන කමු...!"
මම එයාව ඉනට උස්ස ගත්තා.. එයාට මගේ ඉනයි උරහිසයි හොඳටම හුරුයි.... පූස් පැටියෙක් වගේ ආපහු මගේ පපුවට ගුලිවෙනකොට මට දැනෙන ලෝබකම අපරිමිතයි ....
මම කාමරයෙන් කොල්ලව කුස්සියත් එක්ක තියන Bathroom එකට අරගෙන යද්දි නෙතුවා ආසාවෙන් අපි දිහා බලාගෙන හිනාඋනා.. මං දැක්කා උගේ ඇස් දිලිසෙනවා..
අපේ අම්මලගේ ඇස් අපි දැක්කම වෛරයෙන් පිරෙද්දි නෙතුම් වගේ උන්ගේ ඇස් අපේ ආදරේ දැකලා දිලිසුනා.. එකම ලෝකයක උනත් ආකාල්ප අතින් අහසයි පොලොවයි තරම් වෙනස් මිනිස්සු දෙගොල්ලක්.. මම Bathroom එකට යනගමන් හිත හිතා ගිහින් කොල්ලට හෝදගන්න උදව් කලා....
" හිරූ........"
ඉස්සර තිබුණු ප්‍රබෝධයෙන් පිරුණු කටහඩ මට තාම අභීගේ කටින් අහන්න ලැබුණේ නෑ... ඒ ගැන මගේ පපුව මතක් වෙන වාරයක් ගානේ රිදුනා....
" කියන්න වස්තුව..??"
" මං මැරෙයිද හිරූ.....???"
මම Toothpaste දාලා අතට ගත්ත එයාගේ brush එක ආපහු සින්ක් එකටම වැටුණා.. මට දැනුනේ මගේ පපුවට ගින්දරක් ඇවිලුනා වගේ වේදනාවක්....
" මොනවද බන් උඹ මේ කියන්නේ..??"
" නෑ......මට නිකන් හිතුනා.... "
එයා සින්ක් එකට වැටුණු Brush එක හෝදලා ආපහු Toothpaste දාල ඒක කටේ ගහගත්තා...
" උඹ ඔය වචන කියලා පුච්චන්නේ මගේ පපුව අභී.... උඹ මැරුණොත් මමත් නෑ කියලා හිතාගනින් මගේ මැණික.. උඹ නැති ලෝකයක් මට නෑ කියලා මම හැමදාම කියනවා.."
මම Bathroom එකෙන් එළියට ඇවිත් දොර ලඟට වෙලා බිත්තියට මගේ ඔලුව පිටිපස්ස තද කරගත්තා....
ටික වෙලාවකින් එයා එලියට ආවම මම එයාගේ අතින් අල්ලගෙන කාමරේට අරන් ගිහින් ඇග පිහිදවලා ඇඳුම් අන්දවලා එයාගේ බේබි ක්‍රීම් කොලොන් සේරම ගාලා එයාව බබෙක් වගේ ලෑස්ති කලා....
අපි යනකොට නෙතුම් කෝල් එකක් කට් කරා...
" නෙතුම් ගුඩ් මෝනින්..."
" ගුඩ් මෝනින් බං..."...
" කමු නේද..?"
මම කෑම පිගානත් අරගෙන අභීට කවන ගමන් මාත් කෑවා... පස්සේ ගන්න ඕනි සේරමත් අරන් අපි 8.00 වෙද්දී බුලත්සිංහල යන්න පිටත් උනා.. ඊයේ ආපු අයියවම අපි කතා කරගත්ත නිසා එයා ඇවිත් හිටියා...
පැය එකාමාරක ගමනකට පස්සේ අපි පන්සලට ආවා...
නෙතුම් අපිවත් එක්කගෙන ලොකු හාමුදුරුවො බැහැදැක්කා....
"අහ්.. මේ පුතා ගැන වෙන්නැති අපේ පුංචි අප්පු කිව්වේ...??"
අහ් ඒ සීයගේ නම ඒක වෙන්නැති කියලා මම හිතුවා.
" ඔව් හාමුදුරුවනේ..."
අපි තුන් දෙනාම දණ ගහලා වඳින්න උත්සහ කරත් අභීට කොන්ද නවන්න දැනුත් බැරි උනා... එතකොටම පුංචි අප්පු සීයත් එතනට ආවා....
" මෙන්න මෙයාලා ගැන තමයි හාමුදුරුවනේ මම කිව්වේ..."
" හ්ම්ම්.හ්ම්ම්
මම දැක්කා...."
" කෝ මෙ දරුවගේ වේලපත්කඩේ...???
" අනේ සීයේ අපි අභීගේ අම්මලට හොරෙනුයි මේ සේරම කරන්නෙ අනික එයාලා දන්නෑ අභී ලෙඩින් කියලවත්..."
'" හ්ම්ම්ම් කාරි නැ.. උපන් වෙලාව දුන්නනම්.... "
" උදේ 10.03 ට උපන් දිනේ 2000.05.03 "
" හ්ම්ම්ම් මම හදලා දෙන්නම් පුංචි අප්පුට..."
හාමුදුරුවො කියද්දී අපි ආයෙන දණ ගහලා වැදලා පිං දුන්නා...
" ඔය ළමයින්ට පුළුවන් අර කෙලවරේ කුටියේ නවතින්න.. කෑම බීම නම් ඉතින් දානේ කන්න බැරියැ..."
" එහෙමයි හාමුදුරුවනේ..."
අපි ආපහු සීයා එක්ක දේවාලය පැත්තට ගියා....
දේවාල බිමට අඩිය තිබ්බා විතරයි මගේ අභීව දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙන්න ගත්තා....
" අනේ මැණික දෙයියනේ.........අනේ සීයේ ඇයි මේ.............අභී................!!!!"
මම කෑ ගහද්දී නෙතුමුත් ඇවිත් අභීව අල්ල ගත්තා.. අභී සිහිය නැතිවෙලා යද්දී මම දේවාලය ඇතුලට අභීව උස්සගෙන ගියා....
" අනේ සීයේ.....???"
කොල්ලගේ වේලපත්කඩේ ඉක්මනින් ඕනිවෙයි කොල්ලෝ.. මටත් දැන් මේක ගැන තියෙන්නේ බයක්... අපිට ඉක්මන් කරන්න වෙයි.... අපි හවස 4.00 වෙද්දී සෙත් කවි පටන් ගමු... බෝදි පූජාවත් අදම ගමු... ඒත්........"
" ඇයි සීයේ...??"
" මට සැකයි දැන් කොල්ලගේ ජීවිතේ ගැන.."
මට ඒ වචන ඇහුනම මගේ ඇග පන නැති වෙලා මාව වැටෙනවා මට දැනුනා.... ඇගම සීතල වෙලා මගේ පපුව අස්සෙන් මිරිකීගෙන ආපු වේදනාවක් එක්ක මම මගේ පපුව අල්ල ගත්තා....
" හිරූ..............
" හිරූ................නැඟිටපන්.........අඩේ .......හිරූ..........."
මගේ ඇස් දෙකත් බොඳවෙලා යද්දී මම මගේ ඇස් තදකරලා පියාගත්තේ ඒ වචනවලට මට මගේ කන් දෙක වහගන්න බැරි උන නිසයි....
මම එතකොටම මගේ මැණික දිහා බැලුවම එයාගේ මූනත් එක්ක සුදුමැලි වෙලා ගිහින් තිබුණම මගේ පපුවේ වේදනාව තවත් වැඩි උනා....
ඉදිරියට
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🍁 ඕතරී ලෙෆ්ට්...😁