ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»

Da suqueen_xinugurl

1.2K 312 203

වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විස... Altro

⏳️01⏳️
⏳️02⏳️
⏳️03⏳️
⏳️04⏳️
⏳️05⏳️
⏳️06⏳️
⏳️07⏳️
⏳️08⏳️
⏳️09⏳️
⏳️11⏳️
⏳️12⏳️
⏳️13⏳️
Thank U 🐷🍭

⏳️10⏳️

70 21 9
Da suqueen_xinugurl

°°..Author pov..°°

පැයකට පසු~___

"ජේහු මට නිදිමතයි..."

"තාම පාටි එක පටන් ගත්තේත් නෑ.. දැන්ම නිදි මතයි ද.. අපරාදේ ඔහේව එක්කන් ආවේ..."

"මට බනිනවා නෙහ්.. කමක් නෑ මන් වොෂ් රූම් එකට ගිහින් ඉන්නම්.. මෙතනට වඩා එතන හොදයි.."

"ඔයා ඇයි සූආ වගේ කතා කරන්නේ?"

"න්... න්... නෑ... මන් යොන්හී තේරුනාද.. ඉහ්... ජ්.. ජේ.. කොලුවෝ.."

"යොන්හී තමුන් බීලා ද?මේ දැන්ම වොෂ්රූම් එකට ගිහින් මූණ හෝදගන්නවා..."

"හා හරි හරි මේ දැන් මේ මන් ඉස්සරහ ට යනවා.. මූණ හෝදගන්න..."

ටිකක් මත් වෙලා හිටපු සූආ අන්තිමට ලේඩිස් වොෂ්රූම් එකට ගිහින් මූණ හෝදගත්තා...

"අපෝ මන් ඒ මොනවද බිව්වේ... එක උගුරටම වෙරි වෙනවා නේ... ඌහූ..."

තනියම කන්නාඩිය ට කතා කර කර හිටපු සූආ ට දකින්න හම්බුනේ තමන් දිහා බලන් ඉන්න නිශා ව..

"හෙලෝ යොන්හී.. මන් නිශා.. ජේ ගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක්.."

"හ්ම්ම්.."

සූආ නිශා කියන්නේ කව්ද කියලා දන්න නිසාම කට පියන් හිටියා. ඒත් නිශා ආයෙමත් යොන්හී ව අවුස්සන්න කියලා අනං මනං කියන්න ගත්තා..

"ඔයා දන්නවා ද ජේ කියන්නේ මන් ගොඩක් ලගින් ආශ්‍රය කරපු කෙනෙක් කියලා..."

ලිප්ස්ටික් තමන්ගේ තොල්මත තවරන ගමන් නිශා තවත් යොන්හී ගේ ඉවසීම නැති වෙන විදිහට කතා කරා...

"ජේ ගොඩක් වෙලාවට ඔයා වගේ මිඩ්ල්
ක්ලාස් ග'ර්'ල්ස්ලව ආශ්‍රය කරන්නේ නෑ.. පුදුමයි ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන එකත්.."

ඉවසීමේ අන්තිම සීමාවට ආපු සූආ නිශා ගේ බෙල්ල තද කරලා අල්ලගත්ත..

"තමුසේ තාමත් එහෙමය්.. එදත් තමුසේ ඔහොම දේවල් කිව්වම මන් ඒක පිළිගත්තා.. එතකොට මන් මෝඩයි ඒත් දැන් තමුන් මොනා කිව්වත් මන් ඒවා අහන්නෙත් නෑ විශ්වාස කරන්නේ ත් නෑ.."

"බෙල්.. ල්. ල.. අත්... තා.. රින්.. න..."

"තමුසේ සූආ ට කරපු දේවල් මන් දන්නේ නෑ කියලා හිතුවද?"

"මන් එයාව මැරුවේ නෑ මට එයාව බයකරන්න විතරයි ඕන උනේ ඒත් එයා එතනින් පනී කියලා මන් හිතුවේ නෑ.."

"මොකක්!තමුසේ මොනාද සූආ ට කරේ.. කියනව නැත්තම්..."

සූආ මේ අලුත් ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න ඕන නිසා නිශා ගේ බෙල්ල තවත් තද කරා..

"බෙල්.. ල.. අත්.. තාරි.. න්න.. ම්.. මන්.. කියන්න ම්.."

"දැන් කියනවා..."

නිශා ගේ බෙල්ල අතඇරපු සූආ නිශා දිහා ගොඩක් කුතුහලෙන් බලන් හිටියා..

"දවසක් මන් මගේ යාළුවො එක්ක සූආ ට බැනපු එක ජේහු දැකල තියනවා.. ඊටපස්සේ සූආ ජේහු ව මග ඇරපු නිසා ජේහු ට ගොඩක් කේන්ති ගිහින් හිටියේ.. දවසක් ජේහු ගුවේන් ට කියලා තිබ්බා මාව එයාට හම්බෙන්න ඕනේ කියලා මාත් එයා කියපු තැනට කියපු වෙලාවට ගියා.. ඒත් ඒ වෙලේ මන් කොය්ම වෙලාවකවත් හිතපු නැති දෙයක් උනේ.. ජේහු හැමදේම දැක්කා කියලා කිව්ව ඒ වගේම ආයෙත් එහෙම දෙයක් උනොත් මාව පණපිටින් තියන්නේ නෑ කියලත් කිව්වා.. මට තරහ ගියපු නිසා මන් ඊට එහා දවසේ සූආ ව ෆලෝ කරා.. එදා එයා තනියම බස් හෝල්ඩ් එකේ හිටියේ මන් මගේ කට්ටිය ට කිව්වා එයාව පැහැරගන්නවා වගේ බයකරන්න කියලා.. ඉතින් එයාලත් සූආ ව වෑන් එකක දාන් ගිහින් අර පරණ බිල්ඩිම ගාවට තල්ලු කරා.. මන් එච්චරයි කරේ..ඒත් ඊලග දවසේ සූආ බිල්ඩිමෙන් පැනලා තිබ්බා කියලා මට‍ දැනගන්න ලැබුනා... මන් හිතුවේ නෑ එයා එහෙම දෙයක් කරගනී කියලා.."

තවත් ප්‍රශ්නයක් මතු වෙලා තියනකොට සූආ ට කරගන්න දෙයක් තිබ්බේ නෑ.. ඔලුවට දැනුන වේදනාව නිසා සූආ කරේ හොටෙල් එකෙන් එලියට ඇවිත් පිස්සියක් වගේ පාර දිගේ දුවපු එක..

පුළුවන් තරම් ඈතට දුවපු සූආ නතර වුනේ මීට අවුරුදු ගානකට කලින් තමන්ගේ ජීවිතේ අන්තිම හුස්ම හෙලපු බිල්ඩිම ළගට..

"මන් කොහොමද මෙතනට ආවේ!"

පුදුමයෙන් ඇස් ලොකු වුන සූආ ඉස්සරහට ආවේ එයා කොය්ම වෙලාවකවත් බලාපොරොත්තු නොවුන කෙනෙක්..

"ඔයා!"

"මමයි ඔයාව ගෙන්නුවේ.."

ඒ වෙන කවුරුත් නෙවෙයි අර දම් පාට ඇදුමක් ඇදගත්ත ඒ ගෑනු කෙනා..

"ඉතින් යොන්හී.. ආ නෑ සූආ අපි තැනකට යමු ද?"

"කොහෙට ද?"

"මාත් එක්ක එන්නකෝ..."

සූආ ගේ අතින් අල්ලගත්ත ඒ ගෑනු කෙනා සූආ ව ඒ බිල්ඩිම උඩට එක්කන් ගිහින්  වාඩි වුනා.මුළු නගරේම ඒ තැනට ලස්සන ට පෙනුනා.ඒ ලස්සන දිහා ආසාවෙන් බලන් ඉන්න සූආ ගේ ඇස්වලට කදුළු එක්‌ වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

"මේ තැන ඔයා දන්නවා ද සූආ?"

"හ්ම්ම්.. සූආ විදිහට මගේ ජීවිතේ අන්තිම මොහොත ගත කරපු තැන."

ඇතිවුන නිහඩ බව බිදින ගමන් සූආ ආයෙමත් කතා කරා..

"මන් හිතුවේ මන් ආත්මාර්ථකාමී නෑ කියලා ඒත් ඒක වැරදි.."

"ඇයි එහෙම කියන්නේ?"

"මගේ අන්තිම ආසාව!ඇයි මට මගේ පවුලේ අය හැමදාම සතුටින් ඉන්න ඕනේ කියලා පාර්ථනා කරන්න බැරි උනේ.. මට ඕන වෙලා තියෙන්නේ මන් මැරුණ විදිහට සම්පුර්ණ හේතුව දැනගන්න. දැන් මගේ ආත්මාර්ථකාමී කමට මන් දඩුවම් විදින ගමන් ඉන්නේ!"

"මිනිස්සු කියන්නේ ආසාවන් ගොඩකින් පිරුණු අය ඉතින් ඕකත් එහෙම එක ආසාවක් විතරයි!"

"මන් මැරිච්ච විදිහ හොයාගත්තේ නැත්තම් මට මොකද්ද වෙන්නේ?"

"ඔයා එක්කෝ යොන්හී විදිහට හැමදාම රගපාන්න වෙයි. නැත්තම් ආත්මයක් විදිහට මේ තිරිසන් ලෝකේ හිර වෙයි."

ලොකු හුස්මක් හෙලපු සූආ ආයෙමත් මූණට ගත්ත පොඩි හිනාවත් එක්ක කතා කරන්න ගත්තා..

"ඔයාට නමක් නැද්ද?"

"නමක්!"

"ඔව් මට සූආ වගේ ඔයාටත් නමක් ඇති නේ!"

"මට නමක් නෑ.මිනිස්සුන්ට වගේ අපිට ආසාවන් හෝ අවශ්‍යතාවයන් නෑ."

"කමක් නෑ මන් ඔයාට නමක් දාන්නම්. ඒන්ජල් හොදයි නේද?"

"ඔයාගේ කැමැත්තක් සූආ!"

පැය ගණන් ඔහේ කලබලකාරී නගරේ ලස්සන විදින ගමන් සූආ හිටියේ ප්‍රශ්න ගොඩකටත් උත්තර හොයන්න තියෙද්දී.

"යා තමුසේ කොහෙද ආ ගියේ?"

කාමරේ හිටපු යොන්හී එහෙමත් නැත්තම් සූආ ගේ ඇගට සුපුරුදු ලෙස කඩා පැන්නේ ජේ...

"මගේ ඔලුව රිදුන නිසා මන් ටැක්සි එකක නැගල ගෙදර ආවා.."

"යන මගුලක කියලා යනවා මගේ යකා අවුස්සන්නේ නැතුව.."

එහෙම කියන ගමන් හය්යෙන් දොර වහන් ජේ එලියට ගියා.. සූආ ට ගානක් තිබ්බේ නෑ මොකද මේවා දැන් එයාට පුරුදු නිසා...

ඇදට වැටුන සූආ ඇස් දෙක පියාගන්නකොටම එයාට එක දෙයක් මතක් උනා ....

"ඒ ළමයා මොන්ටිසෝරි යන ළමයෙක් වෙන්න බෑ..."

ඉක්මනට ෆෝන් එක අතට ගත්ත සූආ තමන් අවුරුදු කීයක් ඉස්සරහට ඇවිත් ද කියලා බැලුවා..

"මන් අවුරුදු දහසයක් ඉස්සරහ ට ඇවිත්.. එහෙනම් දැන් ඒ ළමයට අවුරුදු පහලවක්‌ හරි දාසයක් වෙන්න ඕනේ..ඒත් ජේ කිව්වේ එයා මොන්ටිසෝරි යනවා කියලා සමහරවිට මන් ගැන සැක හිතුන නිසා එයා බොරු කිව්වද?"

සූආ ට ඕන උනේ ඉක්මනට තමන්ගේ මරණේ ගැන හේතුව දැනගන්න විතරයි.. ඒ නිසා එයා තනියම සේහි ව හම්බෙන්න තීරණය කරා.. මොකද තවත් ජේ ගෙන් උදව් ඉල්ලන එක අවදානම් වැඩක් කියලා සූආ ට තේරුම් ගියා..

පැයකට පස්සේ හැමෝටම හොරෙන් ගෙදරින් පිටත් උන සූආ අන්තිමට සේහි ගේ ගෙදර ට ආවා... අද ගෙදර දොර ඇරලයි තිබුනේ... එකපාරටම එතනට ආපු කෙනෙක් නිසා සූආ බය උනා..

"මැඩම් ඔයා කව්ද?"

එතන හිටියේ ඉස්කෝලේ යන වයස තියන උස මහත කොල්ලෙක්..

"මන් ආවේ සේහි ව හම්බෙන්න.. මේ එයා නැද්ද ගෙදර.."

"අම්මා නංගි ව එක්කන් එන්න ගිහින් ඉන්නේ.. කමක් නෑ ඇතුලට එන්නකෝ.."

Suah Pov..

ඒ කියන්නේ සේහි ගේ ළමයා මේ.. එතකොට මේ ළමයා නිසා ද මන් එදා බිල්ඩිමෙන් පැන්නේ.. ඒත් ඒ ළමයගේ නම සොන්යී නේ ඒ කියන්නේ ඒ ළමයා කෙල්ලෙක් වෙන්න ඕනේ ඒත් මෙයා කොල්ලෙක් නේ..

"පුතා මන් ආවා නංගි ව එක්කන් යන්න.."

එහෙම කියාගෙන ඇතුලට ආපු කෙල්ලව දැකල මන් ඉබේම නැගිටුනා..

"අක්කා "
"සේහි "

අපි දෙන්නම මූණු දිහා බලන් හිටියා.. මේ සේහි කියන්නේ එදා සීනියර්කාරයා එක්ක වලි දාගත්ත ඒ පුංචි කෙල්ල!එයා දැන් ලොකුය් ඒත් ඒ කටහඩ ඒ පෙනුම එහෙම්මමයි...

"අම්මේ ඔයා මේ ඇන්ටි ව දන්නවා ද? මෙයා ඔයාව හම්බෙන්න ඇවිත් තියෙන්නේ.."

"සොන්හු නංගි ව එක්කන් ඇතුලට යන්න.."

"සේහි මන් කියන්න යන දේ හොදින් අහගන්න.."

"යනවා මගේ ගෙදරින් එලියට!"

__________________♪_____________________

*හී... ගොඩ කාලෙකට පස්සේ... 🙂කාන්තාරෙකට යන්න ඉන්නේ ඒකය් මේ ටික දුන්නේ...ආ මේක ඉවර වෙන්න ලගයි හොදද..

*Hope u will enjoy my story...💌

Continua a leggere

Ti piacerà anche

29.3K 4.9K 51
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
222K 1.7K 2
ကောင်းကင်ဘုံရဲ့ထိပ်သီးမဟေသီတစ်ပါးဖြစ်ဖို့ကလွယ်ကူမယ်ထင်နေသလား ? အဓိကဇာတ်ဆောင် - အဓိပတိရာဇ + ရူစန္ဒာအဏီရာ MAHARVERSE SEASON 2|| Start Date - June 26 20...
766K 33.4K 86
ဉီးရွေးချယ်မှုသေချာပြီးဟုတ်။ဉီးရွေးချယ်မှုသေချာပြီးဆိုရင်လုံးဝနောင်တမရနဲ့နော်။ကျွန်တော်တို့ဒီနေ့ကစပြီးဘယ်တော့မှမသိခဲ့သလိုဘဲနေကြမယ်။ထွဋ်ဝဏ္ဏဉီးနဲ့နှော...
43.7M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...