ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONH...

由 Bisiz_Grapey

29.3K 4.5K 1.5K

හොදම යාලුවව බඳින්න වුනොත් මොකද වෙන්නෙ?😂😂 ඒ බැදීම.....ආදරයකට පෙරලන්න ගොඩක් අමාරු වෙයිද? මේ ඒ යාලුකමත් ආදරයත්... 更多

intro
01.
02.
03
04
06.
07.Best wedding 😂
08.
09.
10.
11.
12.
13.
14.
15.
16
17
18.
19.
20.
AUTHOR NOTE ⚠️⚠️

05.

1K 193 26
由 Bisiz_Grapey

"අප්පා මං මේකට කැමති නෑ එච්චරයි"

"තමුන්ට පිස්සුද.....හැමදාම ඔහොම ඉන්නද කල්පනාව මිනිහො."

"අප්පා මං හොදාකාරවම දන්නවා ඔයා ඔය සල්ලි වලට කෑදරකමට හැමදෙයක්ම කරන්නෙ කියලා. මට බෑ එච්චරයි"

ජිමින් තමන්ගෙ අප්පටත් කෑ ගහලා දොරත් දඩාස් ගහලා වහගෙන කාර් එකට නැගලා වේගෙන් drive කරන් ගියා.

Jimin- "මොන කෙහෙල්මලක්ද යකෝ මේක. තාම හිතන් ඉන්නෙ එයාගෙ පදේට නටන ඉස්සර හිටිය පොඩි එකා කියලද දන්නෑ."

ජිමින් තනියෙන් කියව කියව තරහින් වාහනේ එලවන් ගිහින් ආයෙත් එකපාරට Break ගැහුවෙ phone එක රින්ග් වෙනවා ඇහුන නිසා. Call Id එක දැක්ක ජිමින් ඒක කට් කරලා සීට් එකට විසි කලා. ඒත් ජිමින්ගෙ ඇවිස්සිලා ඉන්න යකා එලියට ආවෙ ආයෙත් Phone එක ring වුන නිසා.

"APPA!! DON'T CALL ME "

  "SHUT UP YOUR MOUTH JIMIN. මේකෙන් තමුන්ගෙ Company එකටමයි හොදක් වෙන්නෙ."


"මගෙ company එක.....හහ්....අප්පා මේක හොදට අහගන්න. මං අප්පගෙ company එක භාරගත්තේ අප්පා ඒක හදන්න ගොඩක් මහන්සි වුන නිසා. ඔයා කිව්ව විදියටම මං ඒක හොද තැනකට ගෙනාවා. දැන් ඒක කලින්ටත් වඩා හොද තැනක තියෙන ඒකේ තවත් මොනා කරන්නද. "

"ජිමින් තමුන්ට මේවා තේරේන්නෙ නෑ. Company එක වැටෙනකම් ගොඩක් අය බලාගෙන ඉන්නවා.  ඒවගේම ඒක බිමට ඇදලා දාන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඉතින්....."

"Enough appa.... මං ඒක ගැන බලාගන්නම්. මට අරක කරන්න කියලා බල කරන්න එපා චේබල්"

"තමුසෙට පිස්සු හැදිලද ජිමින්....තමුන් මේකට කැමති වෙන්න ඕනෙ. තමුන් තව මොනා කිව්වත් මට වැඩක් නෑ "

"අ....."

Beep beep

"අයිෂ්"

කොල්ලා තරහින් phone එකත් සීට් එකට විසක් කරලා  wheel එකට අත මිටමොලවලා ගහලා සීට් එකට හේත්තු වුනා. පණ්ඩිතයා වගේ Wheel එකට ගැහුවත් එක තදින් අතට වැදුන නිසා කොල්ලා ඒ අත අරන් අතගාන්න ගත්තා.

ඒත් එක්කම කොල්ලා ඇස් කොනින් වගේ දැක්කෙ මහ රෑ කව්ද මංදා මිනිස්සු පහක් හයක් විතර කෙල්ලෙක්ව වට කරන් ඉන්න විදිය. කෙල්ල ජිමින්ට පිටුපාලා හිටිය නිසා එයාගෙ මූණ ජිමින් දැක්කෙ නෑ. කවුරු වුනත් කෙල්ලෙක්නෙ කියලා හිතලා ජිමින් කාර් එකෙන් බැහලා ගියෙ කෙල්ලට උදව් කරන්න.

Jimin- "ආ මල්ලිලා මොකද මේ කෙල්ලෙක්ව වට කරන්" ජිමින් ඇහුවෙ ඒ කෙල්ලගෙ එහාපැත්තෙන් හිටගන්න ගමන්.

Man1- "මල්ලි!? හහ්....ඔය මහත්තයා මෙතනින් ගියොත් හොදයි. මොකද තමුන්ට මෙතන වැඩක් නෑ. "

Jimin- "සිරාවට.....මට මෙතන වැඩක් නැද්ද. අවුලක් නෑ බ්‍රෝ මට මේ ගැණු ලමයව දෙන්නකො දැන් ඕගොල්ලො යන්න" ජිමින් ඒ කෙල්ලගෙ අතින් අල්ලගන්නවා දැක්ක එක මිනිහෙක් ජිමින්ව පිටිපස්සට තල්ලු කරද්දී කෙල්ලත් පිටි පස්සට ඇදිලා ගියෙ ජිමින්ගෙ පපුවෙ වදිද්දී.

Jimin- "AVA"

කෙල්ල ජිමින් දිහා ඔලුව උස්සලා බලද්දී තමයි දැක්කෙ කව්ද ඒ කියලා. වෙන කවුරුවත් නෙමෙයි ඒ Ava.

Ava දත් තිස් දෙකම දාලා ජිමින්ට හිනාවුනා. කෙල්ල දිහා රවලා බලපු කොල්ලා පස්සෙ බලාගන්නම් වගේ බැල්මට් එකක් දැම්මා. මොනා බලාගන්නත් කලින් මෙතනින් බේරිලා ඉන්න ඕන නිසා ජිමින් තොලත් හපාගෙන ගියෙ තමන්ව තල්ලු කරපු මනුස්සයා ලගට.

Jimin- "මචං මේ අහපන්කො.....මේ කෙල්ලව අත ඇරපන්. මේකි කිසි වැඩක් නෑ. බලපන් ඇගේ හැටි පණුවෙක් වගෙයි."

Ava's mind- "පණුවා....මූ මටද පණුවා කිව්වෙ. ඉදපන්කෝ මෙතනින් යනකම්. හමගහනවා මූව"

Man2- "මේ අහනවා තමුන් දැන් මෙතනින් ගියොත් හොදයි "

Jimin- "යන්න බෑ සුදු මල්ලියෙ....කෙල්ලව දුන්නොත් මං යන්නම්"

Man3- "දුන්නැත්තන් මොන කරන්නද"

ඒ මිනිහා Avaගෙ අතින් අල්ලගන්න ගමන් කිව්වා. ඒක දැකපු ජිමින් නම් කන් වලන් දුන් දාන එක අමාරුවෙන් පාලනේ කරගත්තා.

Jimin- "තමුසෙලට මෙහෙම කියලා හරියන්නෙ නෑ වගේ"

ජිමින්  Avaව අල්ලන් හිටිය ඒ මිනිහගෙ අත අරන් අඹරලා ගත්තෙ ඒකා මරලතෝනි තියලා කෑ ගහද්දී.

Jimin- "මොනාද බං තමුසෙලා පොඩි කාලේ ත්‍රිපෝෂ කෑවෙ නැද්ද. කිසිම හයියක් නෑනෙ"

ජිමින් අල්ලගෙන හිටිය මිනිහව තල්ලු කරන ගමන් කිව්වා. කොල්ලා දැක්කෙ තමන් දිහාට දුවගෙන එන මිනිහව. ජිමිනත් ඒකා ලගට දුවගෙන ගියෙ ගහන්න වුනත් ගහන්න ආපු එකාවත් පාස් කරන් ඉස්සරහට දුවල ගහින් එතන තිබ්බ ගඩොල අරන් ඒ මිනිහගෙ නහය චප්ප වෙන්නම ඒකෙන් දමලා ඇරියා. 

ඒත් එක් Avaගෙ අතින් අල්ලගත්ත ජිමින් කෙල්ලව ඇදෙගෙන දුවලා ගහින් පොඩි හට් එකක් ඇතුලට රිංග ගත්තා. දෙන්නා දුවනවා දැක්ක ඒ මිනිස්සු ටික ඒ දෙන්නගෙ පස්සෙන් යන්න හැදුවත් එතනම නතර වුනේ පොලිස් වාහනේක සද්දෙ ඇහුන නිසා.

"තමුසෙලා ආයෙත් මහපාරෙ මගුල් නටන්න ගත්තද" පොල්සියෙ කෙනෙක් ඇවිත් එයාගෙ පොල්ල මිනිහෙක්ට දික් කරන ගමන් ඇහුවා.

"අනේ බුදුසර්.....අපි මොකුත් කලේ නෑ සර්.....අදට අපිව අත අරින්න සර්"

"අත අරිනවද නැද්ද කියලා පස්සෙ බලාගන්න පුලුවන්. දැන් නගිනවා වාහනේට.....හා හා නගිනවා" පොලිසියෙ කෙනා කට්ටියව වාහන වලට තල්ලු කරන ගමන් කෑ ගැහුවා.

මේක දිහා Ava jiminගෙ අතේ එල්ලිලා බලන් ඉන්න විදිය ජිමින් බලාගෙන  හිටියා.

Ava- "මේ ඇයි ඔයා මෙතනට මාවත් ඇදගෙන ආවෙ" කෙල්ල ජිමින්ගෙ දිහාට හැරිලා ඇහුවා.

Jimin- "පොලීසියට අපිට කට උත්තර දෙන්න වුනොත්. අනික මංනෙ එතන රණ්ඩුව පටන් ගත්තෙ"

Ava- "ඒකත් ඇත්තනෙ......මේ තමුසෙ මොකද මට පණුවා කිව්වෙ....." කෙල්ල ඇහුවෙ ජිමින්ගෙ මූණට එබිලා.

Jimin - "පණුවෙක් නිසානේ.....කියනවා මහ රෑ පාරට ඇවිත් මොන බම්බුවක්ද කරන්නෙ" ජිමිනත් කෙල්ලගෙ මූණට එබිලා ඇහුවහම කෙල්ල ටිකක් පස්සට ගියා.

Ava- "ආ.......මේ.....මුකුත් නෑ හී හී"

Jimin- "හී හී මුකුත් නෑ......තමුසෙ කියනවද නැත්තනම් මං හොයාගන්නද"

Ava- "අනි ජිමින් මුකුත් නෑ කියලා කිව්වනෙ එක සැරයක්....මං නිකන් ආවෙ ඇවිදින්න"

Jimin- "මේ මහ රෑ ඇවිදින්න ආවා....ඔයා කලුවරට බයත් එක්කනෙ.......

ස්ස්....මේ අහන්න දැන් මට කියන්න මොකක්ද වුනේ කියලා. ගෙදර අයත් එක්ක රණ්ඩු වුනාද හ්ම්...."

Ava- "මියානේ ජිමින් මට ඔයාට බොරු කියන්න ඕන වුනේ නෑ.....මං අප්පත් එක්ක රණ්ඩු වුනා ජිමින් ඒකයි මං ආවෙ" Ava කොල්ලට තුරුල් වෙන ගමන් කිව්වා.

Jimin- "මං ආවෙ නැත්තනම් ඔයා අර මිනිස්සුන්ට අහුවෙනවා. පණ්ඩිතයා වගේ ආවට හිතුවෙ නෑනෙ මේ වගේ දෙයක් වෙයි කියලා. බය නැද්ද....කෙල්ලෙක් නේද මහරෑ තනියම මහ පාරවල් වල ඉන්නෙ "

Ava- "මගෙ පැණි කුකුලා ඉන්නකන් මං මොකටද බය වෙන්නෙ හුම්"

Jimin- "මේකිගෙ හුරතලේ බලහන්කො....අරෙස්සෝ අරෙස්සෝ දැන් ගෙදර යමු එන්න"

ජිමින් යන්න හැදුවත් කෙල්ල ජිමින්ව අතින් අල්ලලා නැවත්තුවා

Ava- "මට බෑ....."

Jimin- "දැන් කව්ද කිව්වෙ අපි යන්නෙ ඔයාගෙ ගෙදර කියලා....මගෙ Apartment එකට යමු"

Ava- "ඒත්...."

Jimin- "කට වහගන ඉන්නවා....දැන් එනවා යන්න"

**********

දෙන්නම ආවෙ ජිමින්ගෙ Apartment එකට. ජිමින් password එක ගහලා කෙල්ලත් එක්කම ඇතුලට යද්දී කෙල්ලට පෑගුන එකක් නිසා කෙල්ල බිම බැලුවා. එයා දැක්කෙ කකුලට පෑගිලා තියෙන හිස් වෙච්ච රාමෙන් කප් එකක්.

Ava- "WHAT THE......"

කෙල්ල ඔලුව උස්සලා බලද්දි දැක්කෙ පිස්සන් කොටුවක් වෙලා තියෙන ජිමින්ගෙ Apartment එක.

Ava- "Aish.....what the helll....හැටි බලනවා apartment එකේ. කොරියාවෙ number 1 businessman කෙනෙක්ගෙ apartment එක ෂා....නියමයි......අප්පුඩියක් ගහන්න වටිනවා. කවද්දද අන්තිමට මේක අස් කලේ......වෙන මිනිහෙක් ආවනම් මේක දැකලා පැනලා දුවනවා"

කෙල්ල කොල්ලට බැන බැනම apartment එක අස් කරන්න ගත්තා.

Jimin- "හරි හරි ඉතින් සතියට එක පාරක් Maid කෙනෙක් ඇවිත් අස් කරලා යනවා"

Ava- "Maid කෙනෙක් සතියට එක පාරක් නෙමෙයි දවසට එකපාරක් ආවත් මදිවෙයි"  කෙල්ල sofa එක අස් කරන්න ඒකෙ කුෂන් ටික ජිමින්ට දෙන ගමන් කිව්වා.

.
.
.
.

Ava- "හරි ඉවරයි"  ජිමින්ට කිසි වැඩක් කරන්නෙ දෙන්නෙ නැතුව Ava apartment එකේ හැඩි වෙලා තිබ්බ දේවල් අස් කරලා දැම්මා.

Jimin- "කෙල්ල ලස්සනට අස් කරලනේ....දැන් නම් Maidලා ඕනෙ නෑ වගේ" ඒක කිව්වහමනම් Ava jimin දිහා රවලා බැලුවා. ඒක දැක්ක ජිමින්ට නම් පොඩි හිනාවක් ගියා.

Jimin - "වොශ් එකක් දාගන්න ගිහින් යන්න කලින් මගෙ කබඩ් එකේ ඔයාට හරියන ඇදුමක් හොයාගන්න. මං අනිත් බාත්රූම් එකෙන් වොශ් එකක් දාගෙන එන්නම්. ආ... මේ.... තමුසෙ බාත්රූම් එකට ගියාට කමක් නෑ පැය ගානක් ඇතුලෙ පැල වෙන්නෙ නැතුව එනවා ඈ"

කොල්ලා කිව්වෙ එතනින් නැගිටලා යන ගමන්. කෙල්ලත් කොල්ලට රවලා එතනින් නැගිටලා ගියා.

ටික වෙලාවකට පස්සෙ කෙල්ල වොශ් දාලා ඉවර ඇති කියලා හිතලා කොල්ලා ගියෙ කෙල්ලව බලන්න. කාමරෙ දොර ලොක් කරලා තිබ්බෙ නැති නිසා ජිමින් දොර ඇරන් යද්දිම කෙල්ලත්  ටවල් එක විතරක් ඇදෙගෙන බාත්රූම් එකේ ඉදන් එලියට එනවා. කෙල්ලව දැක්කා විතරයි ජිමින්ට ලොකූ කෙල ගුලියක් ගිලුනා.

Ava-"යාහ්!!!!!.....මිස්ටර් පාර්ක් ජිමින්.....මොනාද කාමරේ ඇතුලෙ කරන්නෙ යනවා එලියට....."
කෙල්ල අත් දෙක පපුවට තියාගෙන කෑ ගැහුවා.

Jimin- "මියානේ....මං මුකුත් දැක්කෙ නැතෝ......ඔයා ඇදගෙන එන්න.....මං ගියා" කොල්ලා එහෙම්මම අනිත් පැත්ත හැරිලා අතත් වනලා හිනාවීගෙනම කාමරෙන් එලියට ගියා

Ava pov

මියානෙ ජිමින්....හෙට ඉදන් අපිට මෙහෙම හිනාවෙන්න රණ්ඩු කරන්න එකට ඉන්න බැරිවෙයි....ඔයාව ගොඩක් මතක් වෙයි ජිමින්.....මියානේ මට ඒක කරන්නම වෙනවා....මං ඔයාගෙන් ඈත් වෙයිද කියලා මං දන්නෙ නෑ ජිමින්.....මාව අමතක කරන්න එපා පැණි කුකුලෝ. මට ඔයාව ගොඩක් වටිනවා.....

______________________________________




මගෙ අනිත් පොත Illegal lover පොතත් කියවන්න....

ඒනම් මං ගියා

Bye bye

See you in next chapter

Luv ya ❤❤❤❤

  

                 

繼續閱讀

You'll Also Like

71.5K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
12.5K 2.5K 28
එන්නෙ කවදද බලමින් පෙර මග දෑඟිළි ගැන්නත් බොහෝ කලක් හිත මිය යනකං නෑවිත් ඉඳියේ ආදරෙ නැතුවද බිඳුවක්වත් සුදු අප්පො දරාගන්න බැරි හැඟීම...
254K 45.2K 57
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
147K 11.2K 60
ទោះក្នុងចិត្តអូនគ្មានបងតែសុំត្រឹមតែពួកយើងនៅជាមួយគ្នាបែបនេះរហូតក៏បាន>ជុងហ្គុក Jeon jungkook X kim Taehyung Jugkook >Top Taehyung>Bottom