ꜰᴏᴜɴᴅ yᴏᴜ «ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ»

De suqueen_xinugurl

1.2K 312 203

වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විස... Mai multe

⏳️01⏳️
⏳️02⏳️
⏳️03⏳️
⏳️04⏳️
⏳️05⏳️
⏳️06⏳️
⏳️07⏳️
⏳️09⏳️
⏳️10⏳️
⏳️11⏳️
⏳️12⏳️
⏳️13⏳️
Thank U 🐷🍭

⏳️08⏳️

78 23 17
De suqueen_xinugurl

ඇත්තටම මට ඕන උනේ මගේ මරණේ ගැන ඇත්ත දැනගන්න ජේ ගෙන් උදව් ඉල්ලන්න.. මේක හොද අවස්ථාවක් වෙයි.. මට උදව් කරන්න ජේහු...

ජේහු ගේ කාමරේට ගිහින් ඇද උඩට වෙලා කොහොමහරි ජේ ගෙන් උදව් ඉල්ලන්න විදිහක් හිත හිත හිටියේ.. දවල් මන් මලාද ඇහුවම ඒකට කේන්ති ගියපු විදිහට දැන් මැරුණේ කොහොමද කියලා හොයන්න උදව් කරන්න කිව්වම මාව ජනේලෙන් එලියට විසි කරයි...

"අපරාදේ මට මේ කාමරේට තඩි සෝෆා එකක් ගේන්න තිබ්බේ.. එතකොට ඔය එක එක අයට මගේ කාමරේ ඇද උඩ ඉන්න බෑ නේ..."

"ඔයාගේ හින්ට් මට වැදෙන්නේ නෑ.. මට ඔයාගෙන් උදව්වක් ඕනේ ඒකය් මන් ආවේ.."

"මොනාද වෙන්න ඕනේ.."

"ඊට කලින් මෙතනින් ඉදගන්න කෝ.."

මන් මට එහා පැත්ත පෙන්නන ගමන් කිව්වම ජේ සද්දයක් නැතුව මන් ළග ඉදගත්තා... එකපාරටම මන් ජේ ගේ අත් දෙක තද කරලා අල්ලගෙන කතා කරන්න ගත්තා....

"ජේ අහන්න සූආ සියදිවිනසාගත්තේ නෑ.. එයා එච්චර මෝඩ නෑ.. එදා වෙන මොකක් හරි දෙයක් වෙලා තියනවා.. මට ඒක හොයාගන්න උදව් කරන්න.. ප්ලීස්.."

මන් ඒ හැමදේම කියලත් ජේ ගේ අත නම් අතඇරියේ නෑ... වැරදිලා හරි යකා නැගල මට ගැහුවොත්.. ජේ ගේ සද්දයක් නැති තැන මන් ජේ දිහා බැලුවම ඒ මනුස්සයා කිසිම ගානක් නැතුව හිටියා..

"අත අතාරිනවා.. දෙයක් දෙන්න.."

"ගහන්න නෙවෙයි නේද හදන්නේ?"

"නෑ නෑ.."

මන් ජේ ගේ අත අතඇරියා ම එයා ළග තිබ්බ ලාච්චුවෙන් ෆයිල් එකක් අරන් මට දුන්නා..

" මේ මොකද්ද? "

"සූ ගේ මරණ පරීක්ෂණ වාර්තාව.."

මන් ඒක කියවන්න ගත්තා.. මරණය ට හේතුව මානසික ආතතිය නිසා සිදු වකරගත් සියදිවිනසා ගැනීමක්..

"මේක වෙන්න බෑ.. කොහොමද එයාලා මේක සියදිවිනසා ගැනීමක් කියලා කියන්නේ.. මේවට සාක්ෂි කෝ?"

"සූආ බිල්ඩිමෙන් වැටෙනකොට වැටිලා තියෙන්නේ මුනින් අතට ඒ කියන්නේ එයාගේ මූණ පාර මතට වැටුනේ කවුරු හරි එයාව තල්ලු කරොත් එයාගේ මූණ උඩ අතට හිටින්න යි වැටෙන්නේ.. අනික එයා වමත් කාරියක් නිසා එයා වැටෙන්න කලින් එතන තිබුන කණුවක් අල්ලලා තියනවා එතන තිබුන ඇගිලි සලකුණු එයාගේ වම් අතේ ඇගිලි සලකුණු එක්ක මැච් වෙලා තියනවා... පොලිසියේන් කිව්වේ පනින්න කලින් එයා ඒ කනුව අල්ලලා බිම එබිලා බලලා ඇති කියලා.."

"වෙන්න බෑ.. සූ ට එච්චර ලොකු දෛර්යක්‌ තියෙන්න විදිහක් නෑ.."

"මාත් මේ ගැන හෙව්වා ඒත් කිසිම දෙයක් හොයාගන්න බෑ මොකද ඒ බිල්ඩිම ට යන්න විදිහක් නෑ.. ඒ බිල්ඩිම සීල් කරලා ඒ මදිවට CCTV කැමරා තියනවා.."

"මට තව දවස් නවයයි අනේ තියෙන්නේ..."

"ඒ කිව්වේ.. ඔයා යනවා ද ආයේ.."

"හ්ම්ම්ම්.. හැබැයි මන් ඊට කලින් සූආ ගේ මරණෙට හේතුව හොයාගන්න ඕනේ.."

"මන් උදව් කරන්නම්.. ඒ වගේම අම්මා කිව්වා සූ ඔයාගේ යාලුවෙක් කියලා.. හෙට එයාව බලන්න අපි එයාගේ සොහොනට යමු.."

ජේ එහෙම කියලා ඇදෙන් හාන්සි උනා.. මාත් කාමරෙන් එලියට ඇවිත් මගේ කාමරේට ගිහින් නිදාගත්තා...

පසුදින-____

උදෙන්ම නැගිටලා මන් ජේ එක්ක මගේ සොහොනට ගියා..

"ජේ මට ටිකක් තනියම ඉන්න ඕනේ ඔයාට යන්න පුළුවන් ද?"

"හ්ම්ම්... මන් විනාඩි පහෙන් ආයේ එනවා.."

"තෑන්ක්ස්..."

ජේ ගියාම මන් මගේ සොහොන් කොත දිහා බලලා ලොකු හුස්මක් ගත්තා...එතන තිබුනේ මන් හිනා වෙලා ඉන්න පින්තුරයක්.. ඒත් මැරුණ කෙනෙක් උනත් මගේ ආත්මය තාමත් පණපිටින් ඒ මදිවට මන් තව කෙනෙක් ගේ ඇග ඇතුලේ හිර වෙලා.. මන් කරන කියන හැමදේම මගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවා..

මගේ හිතෙ තිබුන හැමදේම මන් මගේ ම සොහොන් කොත ඉස්සරහ කියලා දැම්මා..

"යොන්හී මන් එන්නද?"

"එන්න ජේහු.."

"දැන් ඔයා යන්න.. මට මගේ සූ එක්ක කතා කරන්න දේවල් තියනවා.."

මමත් මුකුත් නොකියම සොහොනේන් එලියට ඇවිත් කාර් එක ළග හිටියා..එතකොට තමයි මන් දැක්කේ ජේ ගේ කාර් එකේ අපි ඉස්කෝලේ යන කාලේ ගත්ත ෆොටෝ එකක් තිබ්බා.. ඒක අරන් බැලුවම මගේ ඔලුව රිදෙන්න අරන් එක එක රූප මැවෙන්න ගත්තා..

"අතාරිනවා මාව...."

"අක්කේ මෙතනින් යන්න.."

"මන් මැරෙන්න ම්.. හැබැයි එයාට යන්න දෙන්න..."

"ඕකිව ඉවරයක් කරපන්.."

"සොන්යී මගේ මැණික ඔයා හොදින් ද?"

"මගේ දරුවා එයා නිසා අක්කා..."

මට එක එක හඩවල් ඇහෙන්න ගත්තා ඒ වගේම රූප රාමු ගොඩකුත් පේන්න ගත්තා.. එතන ගොඩක් මිනිස්සු හිටියා.. තව ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි හිටියා එතන මාත් හිටියා...

"අහ්හ්.. මගේ ඔලුව..."

"ඒයි යොන්හී හොදින්ද?"

_____________________♪__________________

*මගේ සිටුවේෂන් එක මේ වගේ දැන් 🌚😂

*Hope u will enjoy my story 💌

Continuă lectura

O să-ți placă și

3M 235K 52
ဝိညာဉ်လွင့်ပြီးပရလောကကို ရောက်သွားတဲ့ ကောင်‌ငယ်လေးရဲ့ အချစ်ဇာတ်လမ်း started date - 26.1.2023 ended date - 31.3. 2023
4.2K 765 40
🍃Life is a game and true love is a trophy 🌟 My love💘 for you is a journey that knows no ending 💫 I hope to be the last one you will love❤️ I lov...
6K 1.1K 23
එයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ...
234K 25.8K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...