Black Eyes-Season One (BL-✔️�...

By BantiPrabu

31.3K 5.6K 1.9K

මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁 More

01- අභිරු
02- ඔයා මගේ
03 - මගේ හීනය
04 - ඔහු සමඟ
05 - නිහඬතාවය
06 - මං ආදරෙයි
07 - රන් බබා
08 - අමනාපය
09 - ආදරේ තරම
11 - ඉරිසියාව
12 - පලිගැනීම
13 - බුලත් හෙප්පුව
14 - නැවත කොළඹට
15 - නුඹේ ප්‍රේමය
16 - මගේ රන් බබා
17- දින ගෙවී යාම
18- බන්ධනය
19 - අවාසනාව
20 - දරා ගැනීම
21 - වන්දිය
22 - දැක්ක ද මගේ අභී
23 - උණු කඳුලු වැල්
24 - අවසන් මොහොත
25 - පලිගැනීම (1st book Last Capture )

10 - අමුතු හැසිරීම

1.1K 232 67
By BantiPrabu

Black Eyes - 10

" ආයේ මොකෝ අපිට මතක නැත්තේ.. එන්න පුතා ඇතුලට.....පුතා ඉතින් අපේ එකා එක්ක ඇවිල්ලම නැති නිසා අප්පච්චියි මායි ටිකක් පුදුම උනා...!"

අම්මා අප්පච්චිගේ දිහා බලල ඇවිත් අභීගේ අතින් අල්ල ගත්තම අභී හොරෙන් මගේ අප්පච්චි දිහා බලලා අම්මා එක්ක අහිංසක විදියට හිනා වුනා...
අප්පච්චිගේ මූනෙත් ලාවට හිනාවක් ඇදෙද්දී මෙච්චර වෙලා හිත බරෙන් පිස්සු වැටිලා හිටපු මට සැනසුම් හුස්මක් හෙලුනා...
අපි හතර දෙනා එක්කම ගෙට ගොඩ වෙද්දි අප්පච්චි මං එක්ක කතා කරන්න වගේ අඩිය මන්දගාමී කලා....
සුදුපාටයි නිල් පාටයි කොටු තියන සරමකට තවත් ලා නිල් පාට Shirt එකක් ඇදලා මහ ආඩම්බරකාර විදියට කොණ්ඩෙත් පැත්තට පොල් තෙල් ගාලා පීරලා අප්පච්චි එළියට යන්න හදනව ඇත්තේ කියලා මට හිතුනා...
ගියොත් මටයි අභීටයි සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.
එච්චරයි මට හිතුනේ. පොඩිකාලේ ඉදලම අප්පච්චි ගැන මට ආදරේකට වඩා තිබ්බේ බයක්....
එයා කවදාවත් මට ආදරේ පෙන්නලාවත් ආදරෙයි කියලාවත් නෑ.. චූටිම කාලේ මම එයාගේ සරම් බොක්කට පැනලා වාඩි වෙලා ඉන්න මතකය විතරමයි මට අප්පච්චි ගැන තිබුණේ...අනිත් සේරම එයා නීති දාන ඒවා බනින ඒවා සැර කරන ඒවා විතරමයි...
ඒ සේරම දේවල් මම ගෙදරින් දුරස් වෙන්න හේතු පිට හේතු උනා...


" උඹ යාලුවෙක් එක්කගෙන ආවේ මොකෝ කවදාවත් නැතුව..??"

අප්පච්චිගේ ප්‍රශ්නයට මාව ගැස්සුනත් මම සාමාන්‍ය වෙන්න උත්සහ කලා...

"එක්සෑම් ලගයිනේ අප්පච්චි මමයි එයයි එකට පාඩම් කරන්නේ.. එතකොට ලේසී.. ඉතින් මේ සතියත් අපි නිකන් කාලය කන්න ඕනි නෑනේ.. ඉතින් මම අභී එක්ක ආවා. අනික ගමේ පරිසරය හිතටත් නිදහසක් ගේනවා.. කොළඹ ක්‍රොන්ක්‍රීට් වනාන්තරයේ කාමරයක් අස්සේ පාඩම් කරනවට වඩා මෙහෙ කොච්චර හොඳයි ද...??"

මම අප්පච්චි ඉස්සරහා හොඳම තුරුම්පු ඇද්දේ අප්පච්චිගේ හිත ගැන දන්න නිසයි...
මගේ කතාවට අප්පච්චිගේ මූන එළිය වැටුනා කියලා මම දැක්කා...

" ඒක නම් ඇත්ත තමා බන්... මම ඉතින් උඹව කොළඹ යැව්වේ වැඩි හොඳටනේ..එහෙනම් ඒ දරුවා එක්ක මේ සතියේ පාඩම් කරපන්.. කොල්ල එක්කගෙන ගමෙත් පොඩ්ඩක් ඇවිදලා එහෙම වරෙන්... අම්මා අන්න රසට කෑම හදලා ඇති උඹ ආසම කෑමත් එක්ක... අර දරුවා එක්ක නාලා කරලා ඇවිල්ලා කාපන්කෝ එහෙනම්.. මම යනවා අපේ පොලීසියේ ඕඅයිසී මහත්තයාලගේ ගෙදර.. මොකද්දෝ ගමේ ප්‍රශ්නයක්ලු.. දැන් ඉන්න ග්‍රාමනිලධාරී මහත්තයා අවුරුදු 26 ක කොල්ලෙක්... එයාට බෑ මේවා එක්ක ගනුදෙනු කරන්න.. අත්දැකීම් නෑලු..පලවෙනි පත්වීම කියන්නේ.. "

අප්පච්චි ආපහු මං දිහා බලලා ගෙට ගිහින් කුස්සියේ හිටපු අම්ම එක්ක කුටු කුටු ගානවා මට ඇහුනා.. අභී නම් ඒ වෙනකොටත් අම්මා පෙන්නපු කාමරේට ගිහින් ඇති කියලා මට හිතුනා....
පස්සේ අප්පච්චි ඇවිත් මට යනවා කියලා එලියට ගියා...
මෙච්චර වෙලා හුස්ම හිර වෙලා වගේ හිටපු මම පිම්මේ දුවගෙන ගිහින් අම්මව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා...

" ඔය ඉතින් ......අප්පච්චි ගියා විතරයි උඹ මගේ මූනෙම කෙල ගානවා...!"

" ඉතින් අම්මා මං ආදරෙයි නේ...!"

" පලයං නාකි හුරතල්.. මෙන්න මේක අර පුතාට ගිහින් දීලා උඹත් බීපන්.. මම හැලප වගයක් හදලා තිබ්බේ කොල්ලටත් දීලා ගිහින් කාපන්..."

ආයෙ ඉතින් ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු.... මම හැලපයි ඉඟුරු දාපු සුවඳ ගහන ප්ලේන්ටි දෙකයි අරන් කාමරේට රිංගුවා....
වටපිට බලලා සේප් එකේ දොර අඩවල් කරලා ට්‍රේ එකත් මේසෙන් තියලා බලද්දී අභී අපේ ඇඳුම් අස් කරනවා අල්මාරියට..
මම ඇතුලට යද්දී ලස්සනට හිනා වුන මගේ රන් බබාට මම ලාවට හිනාවක් දාලා එයාට හිතන්නත් කාලයක් නොදී අතින් ඇදලා ගත්තේ කෙලින්ම දොරමුල්ලට....
අස් කර කර නවලා ඇදේ පැත්තක තිබුණු රෙදි ගොඩත් වට්ටගෙන අභී මගේ ලගට ඇදිලා ආවා...

" අහ්...හිරූ ඔයාට පිස්සු හැදිල ද.?? "

ඒ ඇස් බයෙන් ගැහෙන්න පටන් ගත්තම මම එයාගේ ඉනවටෙන් අත දාලා මගේ පපුවට තවත් තද කරගෙන ඒ කහ පාට මාස්මොලෝ කම්මුලක් එබෙන්නට හාද්දක් තිබ්බා...
ඒ ඇස් බය අස්සෙන් දිලිසුනා කියලා මට තේරුනාම මම හිමීට මගේ කොල්ලා අතෑරියේ අම්මවත් කාමරේට එබුනොත් කියලා..

" කෝ ඔයාගෙ හිට්ලර්...???"

" අහ්...???"

මට එකපාරටම මොකක්ද කියන්නේ කියලා තේරුනේ නැති නිසා එයා කිව්ව දේ මම දෙපාරක් කල්පනා කලා...

" ඒයි මැට්ටෝ... අප්පච්චිට ඇහුණොත් කෙලින්ම නාසි දඩුවම් තමා...."

" ඉතින් ඒ රැවුලත් එක්ක පැත්තට පීරපු කොණ්ඩෙයි... හිට්ලර් වගේනේ.."

නැවතිල්ලේ හිතලා බැලුවම ඒකේත් පොඩි ඇත්තක් තියනවා...

" පණ්ඩිතකම් ඇති. යමු හැලප කාලා තේ බොමු....!"

" ආව්....මරුනේ..."

ඉස්සෙක් වගේ අඩියට දෙකට පැනලා හැලපයක් අරන් පුටුවෙනුත් වාඩි වෙලා රස කර කර කන රන් බබාව දැක්කම මට බකස් ගාලා හිනාවක් ගියා.. ඒත් මගේ හිනාව නිසා මටම අනිත් අතට දුකක් ඇති වුනේ කඩ කෑමම කන මටයි බබාටයි මේ වගේ ගෙදර හදපු  ගමේ කෑමක් හරි අඩුයිනේ කියලා මතක් උන නිසයි.. එක අතකට මම බයෙන් හරි ගමේ එක්කන් එන්න ගත්ත තීරණය ගැන මට පලවෙනි වතාවට ලොකු සතුටක් ඇති වුනා...

" හිමින් කන්න....ඔය ප්ලේන්ටියට ඉඟුරු දාලා ඇත්තේ.. සීනිත් අඩුවෙන්.. හැලප එක්ක එකට කන්න මැණික..."

මම එකක් අරන් ප්ලේන්ටි එකක් බොනකොට ඔසරියේ පොටත් එක අතකට අරගෙන අම්මා අපි ලගට ආවා...

"ඇති ද පුතේ... තව ගේන්න ද...??"

" හා තව දෙකක් ගේන්නකෝ අම්මේ..."

මම අම්මට කිව්වම අම්මා හිනාවෙලා ආපහු කුස්සිය පැත්තට ගියා...
අපි තේ බිබී ඉන්නකොට අම්මා ආපහු හැලප අරන් ආවා.ඒ එක්කම වන්ඩු ආප්ප දෙකකුත් ප්ලේට් එකේ තිබුණම මම පැනපු ගමන් අම්මගේ කම්මුල පුරෝලා කිස් එකක් දීලා බෙල්ලේ එල්ලුනා...
අපේ අම්මත් මගේ රන් බබා වගේ කහ පාටයි .. අප්පච්චි තමයි කාක්කෙක් වගේ කළු...
මුලින් මුලින් මම.ඒ ගැන දුක් උනත් පස්සේ අප්පච්චිගේ පාට එක්ක අම්මිගේ පෙනුම මට ආවම මම කඩවසම් වැඩී කියලා අභී මට 09 වසරෙ දි කිව්ව එකක් මගේ හිතේ තදින් ඇදිලා තිබුනා...

" ඔන්න චුට්ටිලාත් හවසට මෙහෙ එනවා කිව්වා...."

මගේ ඔලුවට හෙනයක් කඩන් වැටුනා වගෙයි මට දැනුනේ...

" ඇයි......??"

" උදේ  නුවර පුංචි අම්මා කෝල් කරා.. ඒ වෙලාවෙයි මම කිව්වේ පුතා ආවා කියලා... ඊට පස්සේ ඔයාවත් බලන්න ඕනි කියලා හවස එන්නම් කිව්වා...
තව එයාලගේ වී කොටහත් අරන් යන්න තියනවනේ..."

මගේ හිතෙ අමුතු බයකින් පිරිලා ගියේ චුට්ටිව මතක් උන නිසයි....
අම්මා එහෙම කියාගෙන එලියට ගියාම මගේ මතකය මීට  අවුරුදු 04 ක් පස්සට ඇදුනා...

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

" චූටී අයියේ...???"

" ඔව් චුට්ටි කියන්න...?

වත්ත පහල ඇලේ නනා හිටපු මගේ ලගට දිය රෙද්දක් ඇදගෙන චුට්ටිත් ලං වෙද්දි මගේ හිතට අමුතු බයක් ඇති වුනා..
ඇත්තටම අපි සහෝදරයො උනාට ඒ පුංචි අම්මා අපේ අම්මගේ දුරින් නෑයෙක්...එතකොට අපේ ලේ බැඳීමක් තිබුණේ නෑ...
පොඩි කාලේ ඉදලා චුට්ටි මට ලං වෙන්න ආසයි කියලා මම දන්න නිසා මම හැමවෙලේම චුට්ටිට මතක් කරා මම එයාගේ අයියා කියලා...
ඒත් එයාට ඒක ගානක් නෑ කියලා මම හොදටම දැනගෙන හිටියා...
ඒත් එදා චුට්ටි දිය රෙද්ද පිටින්ම මාව බදාගෙන මට ආදරෙයි කියද්දී මම චුට්ටිගේ අත ගසලා දාලා ගොඩට ආවේ පපුව බයෙන් පිස්සුවෙන් ගැහෙන්න නිසයි...
ඇත්තටම මට චුට්ටි මගේ නංගියෙක් වගෙයි...
එදායින් පස්සේ මම චුට්ටිගේ මූනවත් බලන්න ගියේ නෑ...
ඇත්තටම චුට්ටි සුදුයි ලස්සනයි .. ඇග හැඩයි...දිය රෙද්දට එයා තවත් හැඩයි.. වෙන කොල්ලෙක් නම් ඒ ඇගට ඇලුනු දිය රෙද්ද නිසා ඇවිස්සිලා එතනම මොකක් හරි වෙනවා..
ඒත් මට එහෙම කිසිම හැගීමක් ඇති වෙලා නෑ...ඇත්තටම මට කෙල්ලො ගැන එහෙම ෆීලින්ග්ස් ඇතිවෙන් නෑ කියලා මට ඒ දවස්වලටම තේරිලා තිබුණේ...
ඒත් මට ඒ කාලේ පිරිමියෙක් ගැනත් එහෙම ආසාවක් ඇති වුනේ නෑ...
උනානම් උනේ මගේ අභී ගැනම විතරයි....

********

" හිරූ...........හිරූ..........?????"

" අහ්...?? ඕ....."

මම ගැස්සිලා අභී දිහා බැලුවා....ඒ මූනේ තිබ්බේ කේන්තියක් ද මංදා...

" කොයි ලෝකෙද අතරමං උනේ...?? කවුද චුට්ටි කියන්නේ..???"

" අහ්...???"

" මං ඇහුවේ කවුද චුට්ටි කියලා...???"

" අහ්... චුට්ටි ද..? අපේ දුරින් පුංචි අම්මා කෙනෙක්ගේ දුවෙක්...!"

" අහ් එහෙම ද..??"

මට දැනුනා ඒ මූන ඒ තරම් හොද නෑ කියලා....

" රන් බබා මොකෝ....??"

" මුකුත් නෑ.."

එයා වන්ඩුආප්පයකුත් කන ගමන් ප්ලේන්ටි එකේ ඉතුරු ටිකත් බීලා ඇදුමක් එක්ක ටවල් එක අතට ගත්තා...
තව චූටි මල්ලක එයාගේ පැන්ඩා බේබි අයිටම් ටිකත් අරන් මං ඉස්සරහා හිට ගත්තා....

" යන්..."

" හා..."

ඒ මූන හොඳම නෑ.. ශුවර් එකට ඊරිසියාවේ..

මම එයා යන්න ඇරලා පිටිපස්සෙන් ඉන වටේ අත දාලා බදාගත්තා. මම එයාගේ කන් පෙත්ත හිමීට හැපුවම එයා මාව එහාට කරා...

" විකාර කරන්න එපා... අම්මත් ඉන්නවා...!

මම ආයෙම එයාව ලගට අරන් කම්මුලට හාද්දක් තිබ්බා...

" හපෝ මේකගේ ඉරිසියාව.. කෝ නාලා එමු මම විස්තරේ කියන්ම්කො චුට්ටි ගැන.. "

එතකොටනම් මට රවාගෙන ගස්සගෙන ඉස්සරහට ගියා...

"මේ කොල්ලනම් කෙල්ලෙක්ට හපන්..."

අපි දෙන්නා පහල ලිද ලඟට ගියා... වටේ සිමෙන්තියෙන් පොඩ්ඩක් කවර් කරලා තිබ්බ නිසා මම කොල්ලව ඇදලා අරන් වටේට පේන්නේ නැතිවෙන්න බිත්තියට හේත්තු කරන් ඒ රෝසි ලිප්ස් අල්ල ගන්න ට්‍රයි එකක් දුන්නා ඒත් අභී මගෙන් මූන අහකට ගද්දි නම් මම එයගේ මූන අත් දෙකෙන්ම අල්ල ගත්තා...

" ඇයි දැන් මේ...???"

" ඕනි නෑ යන්න අහකට...!"

" ඉතින් ඇයි කියන්නකෝ......???"

එයා මං දිහා දවලා අලුකරවන බැල්මක් බැලුවා...

" චුට්ටි ද හු#$ ද කියන එකීව ඇයි මම දන්නේ නැත්තේ කියනවා..?????"


" අහ්...????"

ඉදිරියට

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁බෝනස් නෑ😁😁😁😁 1250 ඔන්න

Continue Reading

You'll Also Like

2.4K 562 36
මෙතෙක් කල් යැන් වූෂි ගමන් කර තිබුණේ රුධිරය සහ මළ සිරුරුවලින් පිරුණු මාවතකයි . ඔහු මනුෂ්‍යත්වයේ යහපත් ස්වභාවය විශ්වාස කළේ නැත. ඊටත් වඩා ඔහු විශ්වාස නො...
3.7K 815 47
"ශිදි, හඬන්න එපා, ඔබට කරදර කළේ කවුරුන්ද? දා ශිශියොංග් නිසැකවම ඔවුන්ට පාඩමක් උගන්වන්නම්." "දා ශිශියොංග්." "මේ ලෙසටම සිටින්න. නැවත පැරණි දා ශිශියොංග් බ...
1M 43.9K 56
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
3M 251K 66
ကျိန်စာတွေ လှလွန်းတဲ့အခါ အရှုံးပေးသူက ? Start ~24.6.2021💔 End~ 22.11.2021💔