o⊙ -අභිමෙවන් -⊙o

By Bulbz_D

25.2K 3.8K 2.1K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා... More

囧- පළමු වෙඩිල්ල -囧
囧- දෙවන වෙඩිල්ල -囧
囧- තෙවන වෙඩිල්ල -囧
囧- සිව්වන වෙඩිල්ල -囧
囧- පස්වන වෙඩිල්ල -囧
囧- හයවන වෙඩිල්ල -囧
囧- හත්වන වෙඩිල්ල -囧
囧- අටවන වෙඩිල්ල -囧
囧- නමවන වෙඩිල්ල -囧
囧- දසවන වෙඩිල්ල -囧
囧- එකළොස්වන වෙඩිල්ල -囧
囧- දොළොස්වන වෙඩිල්ල -囧
囧- දහතුන්වන වෙඩිල්ල -囧
囧- දාහතරවන වෙඩිල්ල -囧
囧- අවසන් වෙඩිල්ල -囧
A/N
_අනේ මල්ලියේ මගේ නාඩන්_
~ 00 ~

- ~ - ~ -

710 113 38
By Bulbz_D

අර්ධ ශතකයද ඉක්මවින් විවිධ ශානරයන් ඔස්සේ , නොයෙක් නොයෙක් කතාපුවත් රචනා කොට තිබුණද , ඒ සියල්ල අතරේ මාගේ ද හෘදය කම්පිත කරලූ කතාංගයක් තිබේ නම් , ඒ

අභිමෙවන්මය. 

දගකාර සෙල්ලක්කාර පෞර්ශයකට හිමිකම් කී කිසිම දේක බරක් පතළක් නැති  #මෙවන්...

යුධ පිටිය දැඩි කළ , රුදුරු ස්වරූපයකට හිමිකම් කී හිතක් පපුවක් නැති #දේවන්ත

මගහැරුණු දහසකුත් දේ යළිත් දේවන්තගේ දිවියට දායාද කළ දුවණිය #අභිමෙව්නි..

* ආරම්භයේ පටන්ම මෙවන්ට වධ හිංසා පමුණුවීමෙන් මා වින්දේ අප්‍රමිත සතුටක් වග කිව යුතුමය.

* මෙවන්ගේ හැගීම් , දේවන්ත ප්‍රතික්ෂේප කරන අකාරය අතිශයින් දරුණු ලෙසින් මෙවන්ට රිදවීමද මා සිතා මතා සැලසුම් කලෙමි.

* අවසානයේ , මෙවන්ගේ මරණයද සියලු වධහිංසා සමගින් පමුණවූ මා , අවසාන ටයර් සෑය මොහොත අකුරු කරන විට හඩා වැටුනේ දේවන්ත ද පරයමිනි.

* මෙවන්ගේ සියලු ලක්ෂණ දරා අභිමෙව්නී ලෙස උපත ලැබුවේ මෙවන් ද යනවග බොහෝ පාඨකයන්ට වූ ගැටලුවකි... එය පාඨකයන් වෙතම ඉතිරි කරමින් මම සමුගන්නෙමි.

පින්න නිලන දියතලාව - තවම උදේ සීතලින් ය.
ස්ටේසම කලබලෙන් ය - ට්‍රන්ක පෙට්ටි කරමතින් ය.
වතු තේ දළු වත් ඔපමණ - සිතින් එලෙස දග කරනුද
පුහුල් දෝසිවල නැති රස නුඹේ සිනහවට කොහින්ද ?

බිමට වැටෙන වැහිපොද වත් ඔයතරම්ම අකීකරුද ?
වාන් දාන කොත්මලයත් නුඹේ මුකරි කට වගේද ?
හිතට යනෙන සියලු දේම එලෙස ඔහේ පවසනවාද ?
කරදර වෙත ඔතරම් නුඹ , කුමට ප්‍රේම කරනුයේ ද ?

මදුරාපුර නොවේ මෙදෙස , සෙබළු තනන යුද්ධ පිටිය..
උබට මෙමට ඕන විදිය , නෙවේ මෙහේ එක නීතිය..
වදින වදින හැම පාරට , ඔය බෙරිහන් දෙනු කුමට ද ?
වැරදි පිටම වැරදි කරන් , දසන් විළිස්සන මායම...

උබට මෙහේ හරි නෑ බං , ගෙදර ඉදන් සැප විදපන්..
අත පය හැම හිරි වට්ටන් , ඔය බෙරිහන් නොදී ඉදින්..
පණ්ඩිතකම උබේ හිතින් අහක් කරන් ගෙදර යමන්...
හිතන මගුල් වෙන්නෑ බං, ඕවා හිතින් අස් කරපන්...

මල්ලියේ කොහේ හැංගුවා ද සූකිරි වගේ ඒ හිනාව.
කෝ උබෙ අර දාංගලේ කිරි පනු ගායත් පැරදුව ?
මෙච්චර බරපතළ කතා උබට ඉගැන්නුවේ මොකාද ?
අරන් වරෙන් පරණ මෙවන්, ඒකාව කොහේ හැංගුවාද

කටු කම්බිත් නෑ රිදෙන්නේ උබව මෙහෙම පේනා විට..
අඩන්න බෑ මල්ලි මෙමට, කදුළු විසයි තුවාලයට...
රිදෙනවා නම් අඩපන් බං බලන්න බෑ ඒ වධයන්...
උබේ සුවද නොදැනෙන්ට ටයර්සෑය නපුරු කිම ද ?

විසි වසරක් තිස්සේ මං මැරි මැරි ඉපදුනා මෙවන්..
දූ අභිමෙව්නී අසළයි සිත මොහොතක් නිව්වේ ගිමන්
කෙලෙසන රට දැක දැක මං කෙලෙසක පතනුද නිවන්
මේ අපාය නොදකින්නට උබ නැති එක සැපක් මෙවන්.

එදා උබවගේ කොල්ලන් දිවිදුන්නට යුද්ද බිමේ...
රටේ උන්ගේ කතිරේ ගන්න මෙදා ඒක පෝස්ටරේ ..
මැරිලා රැකපු මව්බිම අද කොටස් කරලා වෙළදපොළේ
බිම්අගලක් නැතුව අපේ කොල්ලෝ ගොඩක් මහපාරේ

අභිමෙවන් වෙනුවෙන්...

දෙව්දාරා...

Continue Reading

You'll Also Like

526K 96.7K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
382K 55.3K 152
ආස හිතෙන ආදරණීය කතාවක්
5.2M 710K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...