HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮)...

By Bulbz_D

43.8K 7.3K 1.9K

LOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තී... More

- HIKIZ 1 -
-HIKIZ 2 -
- HIKIZ 3 -
-HIKIZ 5-
-HIKIZ 6-
-HIKIZ 7-
-HIKIZ 8-
HIKIZ 9
HIKIZ 10
HIKIZ 11
HIKIZ 12
HIKIZ 13
HIKIZ 14
HIKIZ 15
HIKIZ 16
Hikiz 17
HIKIZ 18
HIKIZ 19
HIKIZ 20
HIKIZ 21
-HIKIZ 22-
-HIKIZ 23-
- HIKIZ 24 -

- HIKIZ 4 -

2K 362 60
By Bulbz_D

'' චූටිහ්..කෝපි එකක්.. '' සහන්ස මහන්සියටත් එක්කම ගෙදර ආපු ගමන් සෝෆා එක උඩට වැටුනේ කුස්සියේ තේ හද හද ඉදපු චූටිට ඕඩරේ දාන ගමන්...

'' මහන්සි ද ලොකු අය්යේ ? '' චූටි ඇහුවේ වතුර එක උණුවෙන්න තියලා ඩයිනින් එකින් එබිලා... සහන්ස මහන්සියට ඔළුව වැනුවේ කතා කරගන්නවාත් හරියට පණක් නැති නිසා.. දවස පුරාම ඇවිදලා හොද ගණන් එයාට.. එයා සෝෆා එකේ දාඩිය පිටින්ම හරිබරි ගැහිලා හාන්සි උනේ කකුලත් උඩට ගන්න ගමන්...

'' පොඩි අය්යා කො ? නිදිද ? '' සහන්ස මහන්සිය පැත්තකින් තියලා ඇහුවේ කෙයාන් දවල් කෝල් කරපු නිසාමයි... රණ්ඩු අල්ලලා ගියාට මොකද කෙයාන්ට විනාඩියෙන් අමතක වෙනවානේ රණ්ඩු සේරම...

'' ආහ්... පොඩි අය්යා එක්ක නෙවේද ඔයා ගෙදර ආවේ ?  කො ? '' චූටි ඇහුවේ උරිස් දෙකත් අකුලලා...

'' මාත් එක්ක ? මං යුනි ඉදලා කෙළින්ම මේ ආවේ...  '' සහන්ස අකුණක් ගැහුවා වගේ කෙලින් උනේ සේරම මහන්සිය බල්ලට දාලා...

'' පොඩි අය්යා ආවේ නෑ.. මං හිතුවේ ඔයා එක්ක ඇති කියලා.. '' චූටිත් කිව්වේ කරකියාගන්න දෙයක් හිතාගන්න බැරුව...

'' ඒ මොකද ? දැන් අටටත් ළගයිනේ... සතීශ් එක්ක ගියාද ? '' සහන්ස කලබලෙන් ඇහුවේ එයාගේ ෆෝන් එක අතට අරගෙන.

'' සමහර විට යන්නැති... '' චූටි කිව්වේ හරියටම විශ්වාසයක් නැති ගානට. ... එත් ඒ වෙනකොටත් සහන්ස කෙයාන්ගේ නම්බරේට කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියාගෙනත් අහවරයි.. ගෙදර එන්නැතුව මක් කරනවා ද ? අද මීටින් එකක්වත් පාටි එකක්වත් කෙයාන්ට නෑ කියලා සහන්සට හොදටම ෂුවර්...

'' ම්හු.. '' සහන්ස ෆෝන් එක ආයේම පැත්තකින් තිබ්බේ කෙයාන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා..

'' සතීශ් අය්යාට කෝල් කරලා බලන්න ද ? '' චූටි අහන පරක්කුවට සහන්ස සතීශ්ට කෝල් කරලා ඉවරයි... බඩු දෙකම එක වල්ලේ පොල්නේ... සතීශ්නුත් ආන්ස කරන්නෑ...

'' ටිකක් බලමුකො.. සතීශ් එක්ක ඇති.. '' සහන්ස මිමිණුවේ ආයේම කෙයාන්ගේ නම්බරේට කෝල් කරන ගමන්... ඔරලෝසුවේ දිග කටුව වට දෙකක් කැරකැවෙනකොට නම් සහන්සගේ ඉවසීමේ සීමාව උපරිමේටම ඇවිත් තිබ්බේ... .

'' කතා කළාද අය්යේ ?  '' චූටි ඇහුවේ සහන්ස එන්න එන්නම කලබල වෙනවා එයාට හොදටම පේන්න තිබ්බ නිසා.. ඔළුව දෙපැත්තට වනපු සහන්ස කලබලයක් නෑ වගේ නැගිට්ටත් මිනිහාගේ හිත නං මීටර් හාරසීයේ රේස් එකක් දුවනවා... ඇයි මුන්ට බැරි හැටියක් අඩුම තරමේ ෆෝන් එක උස්සන්න !!! ගඩොල් කැටයක් විතර ලොකු ෆෝන් එකක් නං තියේ මහලොකුවට දෙන්නටම...

'' චූටි... මේ මං පොඩ්ඩක් බලලා එන්නම්.. ඔයා පරිස්සමින්... බය වෙන්න දෙයක් නෑනේ මානෙල් නැන්දාත් ඉන්නවානේ... '' සහන්ස හොද හුස්මක් ගන්න ගමන් කතා කළේ එයා කලබල නෑ කියලා චූටිට පෙන්නන්න ...  චූටි ඒකට උත්තර දෙන්නාත් කලින් සහන්සයා දොරින් එළියට පැනලාත් ඉවරයි.. සතීශ්ගේ බයික් එකේ යන්න කියලා හිතාගෙන එළියට බැස්සාත් මොර සූරන වැස්සෙන් මුළු නුවරම තෙමෙනවා.. එයා මුකුත් හිතන්න  කලින්ම සතීශ්ගේ ජීප් එක ඇවිත් ගෙදර ඉස්සරහා නැවැත්තුවේ පැයට කිලෝමීටර් බරගාණක වේගෙන්...

''  ආ.. මෂ්ෂිනා.. බැහැරක් වගේ ? '' සතීශ් ඇහුවේ ජිප් එකේ ඉන්න එයා වෙනුවට අනිත් සීට් පීරන සහන්සගෙන්..

'' කොහෙද කෙයාන් ? ''

'' කෙයාන් ආවේ නැද්ද ? '' සතීශ් නළලත් රැලි කරගෙන ඇහුවේ කලබල වෙලා ඉදපු සහන්සගෙන්.. සහන්ස උත්තර දෙන්නැතුව බිම බලාගත්ත විදියෙන්ම සතීශ් හිතාගත්තා මොකක් ද වෙලා තියන අංජකොරොස් සින් එක කියලා...

'' අපි ටිකක් බලමු.. ඔෆිස් එකේ මීටින් එකක්ද දන්නෑනේ.. නගින්නකො අය්යේ.. '' සතීශ් කිව්වේ ජීප් එක ස්ටාට් කරන ගමන්... සහන්සත් කියන පරක්කුවට ජීප් එකට දාගත්ත සතීශ් ඔෆිස් එක පැත්තේ පාරට ඒක හැරෙව්වේ සැලකිය යුතු වේගෙකින්... සහන්ස ආයේත් ෆෝන් කෙයාන්ට කෝල් කලේ අඩුම තරමේ ෆෝන් එක උස්සපන් මිනිහෝ කියලා මුමුණන ගමන්...

කෙයාන් කොයි ලෝකෙක අතුරුදහන් වෙලාද කියලා එයාට හිතාගන්නත් බෑ... එක්කො වැස්ස නිසා බයික් එකේ එන්න බැරුව ද ? ඒත් කෙයාන් කොච්චර වැස්ස තිබ්බාත් තෙමෙන්න පුදුම ආසයි කියලා සහන්ස හොදටම දන්නවා... සහන්ස ආයේත් කොයාන්ගේ ෆෝන් එකට කෝල් කලේ මූණට හම්බුනොත් අද නං මිනිහාව අච්චාරු කරනවා කියලා බැන බැන..

මූ මෙච්චර රෑ වෙලා ඔෆිස් එකේ මොනා කරනවාද ඇත්තට ? දැන් එකටත් ළගයි  !!.. සහන්ස දැන් කෝල් විස්සක් විතර ගන්නැති.. අන්තිමට සතීශ් ජීප් එකේ බ්‍රේක් තද කළේ කෙයාන්ගේ ඔෆිස් බිල්ඩින් එක ඉස්සරහා වාහනේ නතර කරන ගමන්.. සතීශ් වාහනේ නවත්තන්නත් කලින්ම සහන්ස බිමට පැනලා අහවරයි...  සිකුරුට්ටාව ෂේප් එකේ තියාගෙන ඉදපු එකට පින් දිදී සහන්ස අඩියට දෙකට පඩිපෙළ් ටික නැග්ගේ බිල්ඩින් එකට ලිෆ්ට් එකක් නැති නිසා නෙවේ, ලිෆ්ට් එක පහළට එනකං ඉන්න උට ඉවසීමක් තිබ්බ නැති නිසා... ‍

මොන මගුලකට කෙයාන්ට උඩ තට්ටුවක ඉන්න ඕන උනාද මන්දා.. පහළ තට්ටුවක ඉදියා කියල මක් වෙනවා ද ? එකත්‍ එකටම හැමදාම පහළ තට්ටුවල ඉදලා එපා වෙලා ඇති.. සහන්ස ඒ අස්සේ වෙනම විකාර හිතනවා.. ඔව්.. ඔය දාලා තියෙන්නේ ඔෆිස් එකේ ලයිට්ස් ටික සේරම... එම්ප්ලෝයර්ස්ලාත් වැඩ , බොසාත් වැඩ..

'' කෙයාන් ඇතුළෙද ? '' සහන්ස ඇහුවේ එතන ඉදපු වර්කර් කෙනෙක්ගෙන්.. එයා ඔළුව වනනවා විතරයි සහන්ස යන්තං පෙනුනේ.. සහන්ස අදුරන දෙතුන් දෙනෙක් එයා එක්ක හිනා උනත් හිනා වෙන්න සිහියක් තිබ්බේ නැති සහන්ස කෙයාන්ගේ ඔෆිස් රූම් එක පැත්තට ගියේ එතන ඉදපු ඇසිස්ටන්ට් ගර්ල්ට වචනයක්වත් කියන්න පරක්කු නොවී... අද නම් හමගහන්න ඕනා මේ මනුස්සයාව කෝල්ස් ආන්ස්ව(ර්) කරන්නැති එකට...

සහන්ස දොරත් ඇරගෙන කෙයාන්ගේ රූම් එකට කඩාගෙන පැන්නේ මේ මනුස්සයා මොකක් ද මහ රෑ වෙනකං කරන්න තියෙන වැඩේ කියලා බලාගන්න.. ඒත් කෙයාන් නම් ඔෆිස් එක ඇතුලේ පේන්න ඉදියේ නෑ.... මේ මනුස්සයා කොහේ අතුරුදහන් වෙලාද ?

'' For as long as I live , I love you ....
Will have and hold you....
You look so beautiful in white... ''

තමන්ගෙම කටහඩින් ඇහෙන ඒ සිංදුව අදුරගන්න සහන්සට වැඩි වෙලාවක් ගියේ නෑ.. ඒ විනාඩියට එයාගේ ඇස් දෙක ඒ සද්දේ දිහාවට යොමු උනේ එයා බලාපොරොත්තු නොවිච්ච දෙයක් ළග ඇස් දෙක නැවතෙද්දි..

කෙයාන් එයාගේ මේසේ ගාව බිම වැටිලා ගුලි වෙලා ඉදියා... එයාගේ අතේ ගුලි වෙලා තිබ්බ ෆෝන් එක එයා කෙදිරි ගගාම පපුවට තුරුළ් කරගත්තේ සීතලට ද තනිකමට ද කියලා හිතාගන්න බැරි හැගීමකින්...

'' සුදු මැණික !! '' සහන්ස අඩියට දෙකට කෙයාන් ගාවින් දණ ගහ ගත්තේ උනෙ මොකක් ද කියලාවත් හිතාගන්න බැරුව.. කෙයාන් හොදටම සුදුමැලි වෙලා.. තොල් දෙකත් වෙව්ලනවා... සීතලටම ද මන්දා ගුලි වෙලා.. සහන්ස කලබලෙන් කෙයාන්ගේ නළලට අත තිබ්බා.. හිතුවා වගේම ගිනි ගහන රස්නෙට උණ...

'' සුදු මැණික සනීප නැද්ද ? '' සහන්ස හිමින් මිමිණුවේ කෙයාන්ව පරිස්සමට කෙලින් කරවන්න හදන ගමන්.. ඒත් කෙයාන් ෆොන් එක බදාගෙනම තව තවත් ගුලි උනේ අතරින් පතර එයාගේ කටින් ඉකියක් පිට වෙද්දි...

'' සහ-න්-ස අය්-යේ... '' කෙයාන් උණ විකාරෙන්ම වගේ ඉකිගහනවා...

'' මං ඉන්නවා මේ...? උණ හැදිලා මැණික.. අපි බෙහෙත් ටිකක් ගමු හරිද ? අඩන්න එපා..'' කියාගන්න දෙයක් නැති නිසා එයා මොනවා කියනවා ද කියලා සහන්සටවත් තේරෙන්නැති තරම්.. කෙයාන් තාම ඉකිගහනවා... ෆෝන් එක අතින් ගලවන්නම අමාරුයි..

සහන්ස බිම වැටිලා ඉදපු කෙයාන්ව පරිස්සමට එයාගේ පපුවට තද කරගත්තේ එයාගේ සීතල අඩු වෙන්න උණත් සහන්සගේ අතපුරා තැවරුණ සීතල ගතියට එයා තිගැස්සිලා ගියා... කෙයාන්ගේ ඔළුව අල්ලපු අත පුරාම තැවරිලා තිබ්බ ලේ සහන්සගේ සිහි විකල් කළේ නෑ විතරයි...

බිම වැටිලා කුඩු වෙලා තිබ්බේ කෙයාන් ආසාවෙන් එයාගේ ඔෆිස් ටේබල් එක උඩ තියාගෙන ඉදපු ඒ දෙන්නාගේ ෆොටෝ එක..

'' ස-හන්ස-... අ-ය්යේ.... ම්-ම-ාත් එ-ක්ක තර-හා වෙ-න්න එ-ඉ-පා... අ-න්හ්.. - කතා-කරන්නකො.... ම්ම්ම්... '' සහන්සව පියවි සිහියට ගෙනාවේ කෙයාන්ගේ ඉකිගැහිල්ල..
එයා ලේ තැවරිච්ච වෙව්ලන අත දිහා බලාගෙනම කෙයාන්ව අත් දෙකට උස්සගන්න හැදුවේ එයාව ඉක්මනට හොස්පිට්ල් ගෙනියන්න.. කෙයාන් ඉදපු විදිය සහන්සව කොච්චර දුර්වල කරලාද කියලා එයාට තේරුනේ කෙයාන්ව උස්සගන්නවත් බැරි තරමට එයාගේ අත පය ගල් වෙලා කියලා දැනෙද්දි.... අතේ තියන කැටිගැහිච්ච ලේ දකින දකින සැරේට සහන්සට හිතුනේ වීදුරු කටුවලින් එයාගේම අත කපාගන්න තරං දුකක් වගේම තරහක්..

'' ඌහ්... රි-දෙනවා.. ඌහ්.. රි-දෙන-වා... ඔ-යා ම්ම-ට රිද්ද-නවා... ඩැ-ඩ්හ්ත් ම්ම-ට රිද්-දනවා..'' කෙයාන් හය්යෙන් ඉකිගහන්න ගත්තේ ෆෝන් එකත් බදාගෙන... කෙයාන්ගේ වචන පිහියෙන් අනිනවා වගේ ..

'' කෙයාන්.. කො... හොද ළමයා වගේ නැගිටින්නකො... '' සහන්ස බිදිච්ච හඩින් කිව්වේ පුළුවන් තරම් හිත පාලනය කරගන්න ගමන්.. මිනිහාට කෑගහලා අඩන්න බැරි කම නෙවේ.. ඒත් අඩනවා කියන එක සහන්සගේ චරිතෙන් ගොඩක් ඈත දෙයක්.. කොච්චර අසරණ වුනත් එයා අඩලා නැහැ.. ඒත් දැන්... එයාගේ ඇග පුරා දුවන වේදනාවට එයාටම වග කියන්න බෑ වගේ... ඔෆිස් එක ඇතුළේ කලබලේ ඇහුණ වර්කර්ස්ලා ටිකත් වට වෙලා... අමාරුවෙන් තොලත් දත් අස්සට හිර කරගෙන කෙයාන්ව අත් දෙකට උස්සගෙන නැගිටපු සහන්ස කෙයාන්ව අන්තිමේදි උස්ස ගත්තා...

කකුල් දෙක පැටළිලා එයා කෙයාන් එක්කම බිමට ඇදගෙන වැටෙයි ද කියලා මිනිහාට සැකයි... කෙයාන් ඉකි ගගහා සහන්ස අය්යේ  කිය කිය කෑගහන විදියට එයාගේ නම කෙයාන්ට අමතක වෙයි ද කියාලත් සහන්සට අහේතුකවම බයයි... නැතත් කෙයාන් මේ විදියට අඩලාම එයාට මොනා හරි වෙයිද කියාලත් සහන්සට බයයි... ඒත් එයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න පිස්සු කොල්ලා ඉකිගහන් නැතිව යනකොටත් සහන්සට බයයි... ලේවලට තෙමිලා ගිහින් ගල් වෙලා තියන කොණ්ඩේ අතේ ගෑවෙන වාරයක් වාරයක් ගානේ සහන්සට මැරෙන්න තරම් බයයි... කොච්චර අමාරුවෙන් ඉදියාත් ෆෝන් එකේ තාමත් ප්ලේ වෙන සිංදුව ඇහෙනකොට කෙයාන් හිමින් හිනා වෙලා ඒක තුරුල් කරගන්න විදියට සහන්සගේ හුස්ම හිර උනේ නෑ විතරයි.. හැමදේකටම වඩා මෙහෙම වෙන්න හේතුව එයා නේද කියලා හිතනකොට .....

එයා කෙයාන්ව හොස්පිට්ල් එක්කගෙන ආවේ කොහොම ද කියන්නවත් සිහියක් සහන්සට තිබ්බේ නැති තරම්... එයා කෙයාන්ව උස්සගෙන එනවා දැකලා ෂොක් වෙච්ච සතීශ්ට කෑගැහුව කියලා සහන්සට යන්තම් මතකයි...අඩුම තරමේ සතීශ් පාරේ කීපාරක් ඇක්සිඩන්ට් වෙන්න ගියාද කියන එක සහන්ස දන්නේවත් නෑ... වාහනේ එනගමන් කෙයාන්ව උකුල උඩ තියාගෙන මොන දේ කිව්වාත් කෙයාන් දිගටම කලේ අඩපු එක... අන්තිමට අඩලා අඩලාම සීතලේට වෙව්ල වෙව්ල ඉදපු කෙයාන් ෆේන්ට් උනාම සහන්සට පිස්සු හැදුනේ නෑ විතරයි... ලොකුවට තුවාල වෙලා නෑ කියලා නර්ස් එයාට කිව්වාත් ඒක ඇහුනෙත් නැහැ.... උණට බෙහත් දුන්නට පස්සේ අඩුවෙයි කියපු එකත් සහන්සට අදාළ නැහැ.. එයාගේ කන් දෙකේ පිරිලා තිබ්බ් කෙයාන් උණ විකාරෙන් කියවපු දේවල් විතරයි... ඇස් දෙක ඉස්සරහා මැවුනේ බිදිච්ච ෆොටෝ එකයි කෙයාන් වෙව්ලපු හැටියි විතරයි.. සහන්ස වෙව්ලන අත් දෙකම එකට අල්ලගෙන මිට මොලව ගත්තේ හිත සන්සුන් කරගන්න හදන ගමන්.. කවුන්ට එකට හේත්තු වෙලා ලේ ගෑවිච්ච අත් දෙක සෝදගන්නවත් එයාට සිහියක් නැහැ.

වම් කම්මුල දිගේ බේරිලා ගියපු පාලනයක් නැති හිතුවක්කාර එකම එක කදුළු බිංදුවක් ඇර සහන්සගේ ඇස්වලින් කදුළු නම් පිට පැන්නේ නැහැ.. ඒ එයාට කෑගහලා අඩන්න බැරි කම නම් නෙවේ,  අඩන්න ගියොත් ඉවර කරන්න බැරිවෙයි කියන බය...

ගත වෙන හැම තත්පරයක්ම එයාට අරගෙන ආවේ ලොකු පීඩනයක් විතරයි... .

.
.
.

~මතු සම්බන්ධයි ~

* හී.. මං නං කෲර නෑ හොදේ ඔන්න..

*ඇත්තටම මේ කතාව ලියන්නේ මං උනාට , තනිකර අයිඩියා ටික දෙන්නේ මගේ මාලු යාළුවා.. ZY_Suki . Lost Eyes වලත් , Hikiz වලටත් දෙකටම තනිකර ගියේ එයාගේ අයිඩියා මිසක් මගේ ඒවා නෙවේ.... මං කරන්නේ ඌ කියන කෲර ප්ලෑන් සේරම අකුරු කරන එක තමා.. එතකොට ඇත්තටම මේක Collab එකක් වගේ හී.. කෲර සැලසුම් සේරම මුගේ තමා.. ඒක නිසා එයාව අල්ලගන්න... අහිංසක මාව නිදහස් කරන්න හී,. 

Continue Reading

You'll Also Like

Drizzle By Monaliza

General Fiction

100K 16.8K 41
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නු...
251K 13.7K 52
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
85.3K 9.6K 101
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
327K 24.4K 89
ဆက္ကဘုံလျှန် (Sakka Bxon Hlxan) နေးလက်ျာ (Nayy Lattyar) (own creation) Starting Date ••• 24/9/2021 Ending Date •••